01.06.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියාගේ ශ්‍රීමත් වන්නේ : ඔබගේ මුහුණ මෙම පැරණි ලෝකයෙන් ඉවතට හරවන්න. ජීවන-මුක්තිය අත්කර ගැනීමට දිව්‍යමය ආචාරධර්ම ධාරණය කරගන්න.

ප්‍රශ්නය:
පරම පියා හැර වෙනත් කිසිවෙකුට ඔබට ඉගැන්විය නොහැක්කේ කුමන ආචාරධර්මද?

පිළිතුර:
පිවිතුරු වී අන් අයව පිවිතුරු කිරීම; ශ්‍රේෂ්ඨතම, දිව්‍යමය ආචාරධර්ම මේවාය. ඔබගේ පවුලේ අය සමඟ තම නිවසේ වාසය කරන අතර පිවිතුරුව රැඳී සිටින්න. ඒකායන පියා පමණක් හැර වෙනත් කිසිවෙකුට මෙම ඉගැන්වීම් ලබා දිය නොහැක. ඔය දරුවන්ට අසීමිත අත්හැරීම තිබේ. ඔබ මෙම පැරණි ලෝකය ඔබගේ බුද්ධියෙන් ඉවත් කරගනී. ඔබ පාරිශුද්ධත්වය ධාරණය කරගන්නා විට අනෙක් සියලු ආචාරධර්ම ඉබේටම පැමිණෙන බව ඔබ දන්නවා.

ගීතය:
වත්මන් ලෝකයේ මිනිසුන් වන අප සිටින්නේ අන්ධකාරයේ.

ඕම් ශාන්ති.
ඔය දරුවන් ගීතයේ පේළියකට සවන් දුන්නා. එක් පසෙකින් මුළු ලෝකයම, භක්ති මාර්ගයේ සිටින අය, සිටින අතර අනෙක් පස, ඥාන මාර්ගයේ ඔය දරුවන් සිටියි. ඔවුන් නොකඩවා භක්තියේ ඉනිමඟ නඟින අතර ඔය දරුවන් භක්තියේ ඉනිමඟ දිගේ පහළට විත් ඥාන ඉනිමඟේ ඉහළට නඟී. කල්ප භාගයක්ම ඔබට භක්තියේ ඉනිමඟ නැඟීමට සිදු වූ බව ඔබ දන්නවා. භක්තියද ආරම්භයේ නොකිලිටි වන අතර පසුව එය මිශ්‍ර වෙයි. මිනිසුන් අන්ධ විශ්වාසය තුළ මුළුමනින්ම සිර වී සිටියි ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත! ඔවුන් ගායනා කරන්නේ අප ඉන්නේ අන්ධකාරයේ. සත්ගුරූ නොමැතිව සම්පූර්ණ අන්ධකාරය තිබේ. මෙහි බොහෝ ගුරූන් සිටියි. සත්‍ය ගුරූ කවුරුන්ද? පැවිද්දන්, පූජකයන්, මහාත්මයන් සහ බැතිමතුන් ආධ්‍යාත්මික උත්සාහ වල යෙදෙයි, එනම්, ඔවුන් දෙවියන් සිහි කරයි. ඔවුන් වේද, ග්‍රන්ථ, උපනිෂාද් ආදිය හදාරයි. ඒ වුවද, දෙවියන් පැමිණි විට පමණයි, ඔහුට අපහට විමුක්තිය ලබා දීමට හැකි වන්නේ, කියා ඔවුන් පවසයි. පාරිශුද්ධකරු ලෙස හැඳින්විය හැක්කේ විමුක්තිය පිරිනමන්නා පමණයි. ඔය දරුවන් තව දුරට උපරිම අන්ධකාරයේ නැත. ඔබ ඥාන ආලෝකය තුළට ඇවිත්. ඔබ, පාරිශුද්ධකරුව හඳුනන අතර ඔබ ඔහුව සිහිකරයි. ඔය දරුවන් පරම පියාව වැඩියෙන් සිහිකර, ඥානය ධාරණය කරගන්නා තරමට, ඔබ තුළින් අවිදු අන්ධකාරය වැඩියෙන් ඉවත් වෙයි. ඔබව ආලෝකයට ගෙන එන්නේ ඒකායන පියා පමණයි. සත්ගුරු, ඥානයේ තෙල ලබා දෙයි. මෙය භෞතික ඇස් වල ගල්වන අඳුන් ගැන නොවෙයි, නමුත් ඥාන කාරණා පිළිබඳවයි එමෙන්ම ඥාන මිණි මුතු සමඟම යෝගාවද තිබේ. භක්තිය උගන්වන මිනිසුන් සමඟ ද අනිවාර්යෙන් යෝගාව තිබේ. ඔය දරුවන්ගේ බුද්ධියේ යෝගාව, දැන් සම්බන්ධ වී තිබෙන්නේ අශාරීරික පරම පියා, පරමාත්ම ජීවය සමඟයි. ඔබ අතරේ එය අංකානුරූපයි. ඔය දරුවන් හැර වෙනත් කිසිම මනුෂ්‍යයෙක් පරම පියා, පරමාත්ම ජීවය, සර්ව බලධාරි සමඟ යෝගාවේ සිටින්නේ නැත. ඔබ පරම පියා සමඟ මෙන්ම මුක්ති දේශය සහ ජීවන-මුක්ති දේශය සමඟත් යෝගාවේ සිටිය යුතුයි. ජීවන-මුක්තිය සඳහා ඉතා හොඳ දිව්‍යමය ආචාරධර්ම අවශ්‍යයි. මෙකල, සියලු දෙනාටම තිබෙන්නේ රකුසු ගතිය. පරම පියා, පරමාත්ම ජීවයේ ගුණධර්මද සිහි කෙරෙනවා. ඔහු මනුෂ්‍ය ලෝක වෘක‍්ෂයේ බීජයයි, සත්‍යයයි, ජීවමාන ජීවයයි, ආනන්ද සාගරය මෙන්ම ඥාන සාගරයයි. ඔහු සදාකාලික පාරිශුද්ධත්වයේ සාගරයයි. ඔහුගේ තත්ත්වය අවිනාශීය. කිසිම මනුෂ්‍යයෙකුට මෙම අවිනාශී තත්ත්වය තිබිය නොහැක. ඔබ දැන් ඥාන සාගර සහ පාරිශුද්ධත්වයේ සාගර වන නමුත් ඔබ මෙය වන්නේ සීමිත ආකාරයකටයි. පරම පියා පවසන්නේ මා අසීමිතයි. මට ඔබව අසීමිත කළ නොහැක. මට එය කළ හැකි නම්, ලෝක නාටකය අඛණ්ඩව පැවතෙන්නේ කෙසේද? ඔබ උපත් 84ක් අත්විඳින්නේ කෙසේද? ඔබට සදාකාලිකව කිසිම දෙයක් විය නොහැක. මා ඔබව මෙය බවට සීමිත අන්දමකින් පත්කරනවා. ඔබ උපත් 21කට මෙය වනවා. ’පරම්පරා 21ක්’ ද සඳහන් කර තිබෙනවා. ඔබ සදාකාලයට මෙය වීම, නාටකයේ නීතිය නොවෙයි. මා සදා පිවිතුරුයි. මා වාසය කරන්නේ පරම දනව්වේය. මට සෑම විටම ඥානය සහ පාරිශුද්ධත්වය තිබේ. ඔබට මෙය අමතක වනවා, එබැවින් පරම පියා මෙකල පැමිණ ඔය දරුවන්ව උපරිම අන්ධකාරයෙන් ගලවා ඔබව ඥානයෙන් සහ යෝගාවෙන් පිවිතුරු කරයි. වෙනත් කිසිවෙකුට මෙසේ පැවසිය නොහැක මා පරම දේශයේ සිට පැමිණියෙමි. දැන් මා සිහි කරන්න! මගේ මේ ශ්‍රේෂ්ඨ වදන් වෙනත් කිසිවෙකුට අනුකරණය කළ නොහැක. මා එන්නේ ඔය දරුවන්ව උපත් 21කට රජවරුන්ගෙත් රජවරු කිරීමට පමණයි. එබැවින් ඔබ එය බවට පත් විය යුතුයි, එහෙම නේද? එය බවට පත්වන්නේ, පෙර කල්පයේ එය බවට පත් වූ අය පමණයි. දරුවන් කී දෙනෙක් පිවිතුරු වන්නේද, කී දෙනෙක් අජාමිල් මෙන් පාපතරයන් වන්නේද කියා ඔබ දන්නවා. බොහෝ දෙනෙක් කිලිටි සහ අපවිත්‍ර වෙයි. කිලිටි අපවිත්‍ර ඇඳුම් සේදීමට පරම පියා පැමිණිය යුතුයි. කිලිටි වන්නේ ජීවාත්මයි. ඔය ජීවාත්මයන්ට පහදා දී තිබෙන්නේ මායා ඔබව බොහෝ අපිරිසිඳු කර තිබේ! එය මෙම එක් උපත පිළිබඳ කාරණයක් නොවෙයි, නමුත් උපතින් උපතට, ගැන කාරණයකි. මා දැන් ඔබට ජීවාත්මය සේදීමට ලක්ස් (අරමුණ) සබන් ලබා දෙනවා. මා සිහි කරන්න, එමෙන්ම මෙම යෝගාවෙන්, නිවී ගොස් ඇති ඔබගේ ජීවාත්ම දැල්වෙයි. එය රඳා පවතින්නේ ඔබගේ පියා වන මාව ඔබ කෙතරම් සිහි කරන්නේද මතයි. බාබා ඔබට සිහිකර වන්නේ මා ඔබව දෙව්ලොව ඇරියා. පසුව මායා ඔබව අපිරිසිඳු කළා. මා දැන් ඔබව නැවත වරක් දෙව්ලොව පාලකයන් බවට පත් කිරීමට පැමිණ සිටිමි. මා ඔබට බ්‍රහ්මගේ සිරුර මඟින් ඉගැන්වීම් ලබා දෙනවා. බාබා කතා කරන්නේ ජීවාත්මයන්ටයි අහෝ දරුවනේ, ඔබගේ භෞතික පියවරු අමතක කරන්න. ඔබගේ සිරුරු සහ සියලු ශාරීරික නෑදෑයන් අමතක කර ඔබගේ පියා වන මා සිහි කරන්න, එවිට ඔය ජීවාත්ම නොකඩවා පිරිසිඳු වෙයි. එවිට අනාගතයේදි ඔබට නව සිරුරු ලැබෙයි. පදාර්ථ ආදිය පවා අළුත් සහ සතෝප්‍රධාන් වෙයි. බාබා පවසන්නේ දැන් මෙම පැරණි ලෝකය නොකඩවා අමතක කරන්න! මා සිහි කරන්න, එවිට ඔබ මා වෙතට පැමිණ ඉන්පසුව දෙව්ලොව යයි. මෙම ලෝකය පැරණියි. කෙනෙක් යම් අළුත් දෙයක් සාදන විට එයට අළුත් නමක් ලබා දෙයි, ඔවුන් නව දිල්ලිය සහ පැරණි දිල්ලිය ගැන කතා කරන ආකාරයෙන්. කෙසේවෙතත්, පැරණි ලෝකය තවමත් පැරණියි. ඔය දරුවන් දැන් ඔබගේ බුද්ධියේ යෝගාව මුළුමනින්ම මෙම පැරණි ලෝකයෙන් ඉවත් කළ යුතුයි. ජීවාත්ම වන අප අපගේ මිහිරි නිවහනට, නිර්වාණ දේශයට යා යුතුයි. ඔබ සෑම කෙනෙක්ම ජීවාත්මයක්ය, යන විශ්වාසය තබාගන්න. පරම පියා පවසන්නේ මා සිහි කරන්න, එවිට ඔබගේ අවසන් සිතිවිලි ඔබගේ ගමනාන්තයට ඔබව ගෙන යයි. මනුෂ්‍යයන් බොහෝ දෙනෙක්ව සිහි කරයි. සමහරු එක හෝ තව ගුරූ කෙනෙක්ව සිහි කරන අතර වෙනත් අය ක්‍රිෂ්ණා ආදීන්ව සිහි කරයි. කෙසේවෙතත්, ක්‍රිෂ්ණා ගියේ කොහාටද? කිසිවෙක් මෙය නොදනී. සියළු දෙනාම පුනර්භව ගත යුතු බව, ඔවුන්ට වැටහෙන්නේ නැත. ලෝකයේ ආරම්භයේ සිට මෙම ක්‍රමවේදය පැවතී ඇත. ස්වර්ණමය යුගයේ ආරම්භයේ දේවතාවන් සිටි අතර එබැවින් එම කාලයේ සිට පුනර්භව දිගටම සිදුවන්නට ඇති. ප්‍රථමයෙන්ම, පළමුවන පිවිතුරු මනුෂ්‍යයා වන ශ්‍රී ක්‍රිෂ්ණා සිටියි දරුවන් පිවිතුරු සහ සතෝප්‍රධාන් නිසා, එතරම් ප්‍රශංසාවට ලක් නොවන ලක‍්ෂ්මි සහ නාරායනට වඩා ප්‍රශංසාවක් ඔහු හිමි කරගනී. දරුවන් ප්‍රශංසාවට ලක් වන්නේ ඒ නිසයි. ක්‍රිෂ්ණාගේ ප්‍රශංසාව බොහෝ සේ තිබෙන නමුත් ක්‍රිෂ්ණාගේ දේශය තිබෙන්නේ කොහේද කියා ඔවුන් නොදනී. ඔවුන් ස්වර්ණමය යුගය ලෙස වයිකුන්ත් ගැන කතා කරයි. එසේ නම් ඔහු සිටියේ තඹ යුගයේ කියා ඔවුන් කියන්නේ ඇයි? එකම ජීවය වෙනත් නමක, ස්වරූපයක සහ දේශයක සිටිය නොහැක. එකම නම සහ ස්වරූපය වෙනත් උපතක තිබිය නොහැක. ක්‍රිෂ්ණා සිටියේ ස්වර්ණමය යුගයේ. ජගදම්බා සහ ජගත් පිතා ගොස්, ලක‍්ෂ්මි සහ නාරායන වන බව ඔබ දන්නවා. ස්වර්ණමය යුගය, ක්‍රිෂ්ණාගේ දේශය ලෙස හැඳින්වෙනවා. එය දැන් කාන්ස් රකුසාගේ දේශයයි. ඒ සියලුම නම් රකුසුයි. එහි තිබුණේ දේවතා සමාජය වන අතර මෙහි තිබෙන්නේ රකුසු සමාජයයි. පරම පියා මෙහි, සංගම යුගයේ අසුන්ගෙන ඔය දරුවන්ට පහදා දෙයි නිර්මාණකරු, පියාය. ඔහු මනුෂ්‍ය ලෝක වෘක‍්ෂයේ බීජය ලෙස හැඳින්වෙනවා. එබැවින් ඔහු සැබවින්ම නව මනුෂ්‍ය ලෝකයක් නිර්මාණය කරනවා ඇති. ඔබ මෙසේ පවා ගායනා කරයි බාබා, පාරිශුද්ධකරු ඔබයි! පැමිණ මෙම අපවිත්‍ර ලෝකය පිවිතුරු කරන්න! පිවිතුරු ලෝකයක් නිර්මාණය කර, මෙම අපවිත්‍ර ලෝකය විනාශ කරවන්න! ඔහු සැබවින්ම බ්‍රහ්ම මාර්ගයෙන් නව ලෝකයක් නිර්මාණය කර, ශංකර්ගේ මාර්ගයෙන් අපවිත්‍ර ලෝකය විනාශ කරවයි. වෙනත් කිසිවෙක් මෙම දේවල් නොදනී. ඔය දරුවන් දැන් පරම පියා සමඟ යෝගාවේ සිටියි. බාබා කිලිටි ඇඳුම් වලට පහර දෙන බව ඔබට දැකිය හැක. සමහරක් දෙපළු වී ඉරී යන අතර සමහරක් කැඩී යයි. සමහරු ඉතා අපිරිසිඳු, අජාමිල් වැනි මහා පාපතරයන් වන අතර ඔවුන්ට කිසිම දෙයක් ධාරණය කරගැනීමට නොහැක. පරම පියා බොහෝ සුන්දර දේවල් පවසයි මිහිරිතම, ආදරණීය දරුවනේ, ඔබගේ වඩාත්ම ආදරණීය පියා වන මා සිහි කරන්න! වඩාත්ම ආදරණීය සතුටේ දේශය සිහි කරන්න! ඔබ මෙය දන්නේ මේ කාලයෙදි පමණයි. ලෝකයේ වෙනත් කිසිම කෙනෙක් මෙය නොදනී. මෙය උපරිම දුක් දේශයයි. මිනිසුන් අසරණ වී හඬා වැටෙමින් නොකඩවා එකිනෙකාව මරා දමමින් ඉන්පසුව මෙසේ පවසයි දෙවියනේ මාව ආරක්ෂා කරන්න! මෙම වචන ඔවුන්ගේ මුවගින් නියත වශයෙන්ම මතු වෙයි. පරම පියා විමුක්තිදායකයාය. පරම පියා පැමිණ ඇත්තේ විශේෂයෙන් ඔය දරුවන්වත් පොදුවේ ලෝකයාවත් සතුටු දේශයට ගෙන යාමට බව ඔය දරුවන් දන්නවා. මෙම කුල්මත්භාවය ඔය දරුවන් තුළ තිබෙන්නේ අංක පිළිවෙලටයි. මෙම ඉගෙනුම සුළුපටු දෙයක් නොවෙයි. බලන්න, බාබා උගන්වන්නේ කාටද කියා! ඔහු අජාමිල් තරම් පාපකාරී ජීවාත්මයන්ට උගන්වා ඔවුන්ව දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් කරවනවා. සියලු දෙනාම තමෝප්‍රධාන්. ඔහු සතෝප්‍රධාන් ලෝකයට ඔවුන්ව ගෙන යා යුතුයි. ඔය දරුවන්ට නැවත නැවතත් පවසා තිබෙන්නේ මෙහිදි දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්න. ඔබගේ අරමුණ සහ ඉලක්කය මෙහිදි ඔබගේ බුද්ධිය තුළ තිබේ. වෙනත් කිසිවෙකුට මෙම පාරිශුද්ධත්වයේ ආචාරධර්ම ඉගැන්විය නොහැක. සන්යාසීන් මිනිසුන් ලවා ඔවුන්ගේ නිවෙස් සහ පවුල අත්හැර යාමට සලස්වයි. මෙහි, පියා පවසන්නේ ඔබගේ නිවෙස් සහ පවුලේ අයව අත්හැර නොයා යුතුයි. ඔබ මෙම පැරණි ලෝකය අත්හල යුතුයි. එම අත්හැරීම සීමිත වන අතර මෙම අතහැරීම අසීමිතයි. ඒ සන්යාසීන්ට බොහෝ ගෞරවය ලැබෙයි. පූජක සමාජය රජයට අවවාද සහ අදහස් ලබා දෙයි. ඔය මව්වරුන් තව ප්‍රගතිය ලබන විට, එම සන්යාසීන් පවා ඔබගේ දෙපා මුල වැටෙයි. ඔබ ඔවුන්ට ඥාන මිණි මුතු ලබා දෙන බැවින් ඔය මව්වරුන් නොමැතිව ඔවුන්ව ඉහළ නැංවිය නොහැක. කිසිවෙකුගේ දෙපා මුල වැඳ වැටීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔව් කෙනෙක් ’නමස්තේ’ හෝ ’රාමා, රාමා’ කියන්නේ නම්, ඔබ ප්‍රතිචාර දැක්විය යුතුයි. බාබා පවා පවසන්නේ දරුවනේ, නමස්තේ! මා ඔය දරුවන්ව මටත් වඩා ශ්‍රේෂ්ඨ කරවනවා. මා ඔබව බ්‍රහ්මාන්ද් වල මෙන්ම ලෝකයේද පාලකයන් බවට පත් කර, ඉන්පසුව මා විශ්‍රාම යනවා. කෙසේවෙතත්, ඔබ ශ්‍රීමත්ද අනුගමනය කළ යුතු අතර ඔබගේ මුහුණු මෙම පැරණි ලෝකයෙන් ඉවතට හැරවිය යුතුයි. රාමා, රාවණ සහ සීතාගෙන් සැදි සෙල්ලම් භාණ්ඩයක් තිබේ. සීතා, රාවණට පිටුපා ඇගේ මුහුණ රාමා වෙතට හරවයි. ක්‍රිෂ්ණා දිව්‍ය ලෝක ගෝලය අත දරා, අපායට පයින් ගැසීමේ පිංතූරයක්ද තිබේ. පරම පියා ඔබට ඉතා හොඳින් පහදා දෙයි. කෙසේවෙතත්, තම පැරණි සිරුර, මනස සහ ධනය පියාට දී ඒ වෙනුවට සියල්ල අළුතින් හිමිකර ගැනීමේ ව්‍යාපාරය කරන ව්‍යාපාරිකයන් ඉතාමත්ම විරලයි. මෙය ඉතා හොඳ, අංක එකේ රක‍්ෂණයකි. පරම පියා පවසන්නේ ඔය ජීවාත්ම පිවිතුරු වන විට, ඔබට පිවිතුරු සිරුරු ලැබී ඉන්පසුව ඔබ දිව්‍ය ලෝකයේ පාලනය කරයි. මේ නිසයි ඔහු ව්‍යාපාරිකයා සහ විජ්ජාකරු ලෙස හැඳින්වෙන්නේ. අපවිත්‍ර අය පිවිතුරු කිරීම පරමාත්ම දෙවියන්ගේ විජ්ජාවයි. පියා පවසන්නේ අපායේ වැසියන්ව දෙව්ලොව වැසියන් බවට වෙනස් කරන්න. මෙය බොහෝ අංක අකේ විජ්ජාවක්! මෙය තුළින් බොහෝ ලැබීම් තිබේ. පියා පවසන්නේ රජවරුන්ගෙත් රජුන් වන්න! පියාව අනුගමනය කරන්න. පරම පියා මෙහි අසුන්ගෙන සිටිනවා. මේ කෙනා අර්ධ කුමාර් කෙනෙක් වන අතර මමා කුමාරි කෙනෙක්. එබැවින් ඔබ අනුගමනය කළ යුතුයි. ඔබගේ උරුමය ඔබට පියාගෙන් හිමි වීමට තිබේ. ඔය සහෝදර සහෝදරියන් පවසන්නේ ඔබ පරම පියාගෙන් තම උරුමය හිමි කරගන්නා බවයි. සාමාන්‍යයෙන් ලෞකික අන්දමකින් සහෝදරියකට උරුමයක් නොලැබෙන අතර එය ලැබෙන්නේ සහෝදරයාටයි. මෙහිදි ඔබ සියලු දෙනාම ජීවාත්ම නිසා, ඔය සියලු දෙනාටම එය හිමි වීමට තිබේ. පියා පවසන්නේ ඔබ සියලු දෙනා මා වෙතට පැමිණ සිටියි. එවිට සහෝදරයා සහ සහෝදරිය යන සබඳතාවයද බිඳී යයි. එහි, නිර්වාණ දේශයේ, තිබෙන්නේ පියා සහ දරුවන් යන සබඳතාවය පමණයි. මෙසේ පැවසෙන්නේ එනිසාය ’අප සියල්ලෝම සහෝදරයන්.’ ඔවුන් කියන අන්දමට පරමාත්ම දෙවියන් සෑම තැනකම සිටින්නේ නම්, එය පීතෘත්වයක් වෙයි. මෙම සර්ව ව්‍යාප්තියේ මතය, විශාල හානියක් සිදුකර ඇත! ඔය දරුවන් දැන් පරම පියාගේ ස්මරණයේ සිටියි. පියාව සිහි කිරීමට විශාල උත්සාහයක් දැරීමට අවශ්‍යයි. විශේෂයෙන් සැලසුම් කරන ලද භාවනාවේ ඔබව අසුන් ගැන්වීමට අවශ්‍ය වන්නේ නැත. ඔබට අරමුණක් ලබා දී තිබේ. මෙහි, ඔබ අසුන්ගෙන මුරලිය කියනවා පමණයි. ඔබ නිරන්තරයෙන් යෝගාවේ සිටියි. මුරලියට සවන් දීමෙන් පසුව ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන අතර ඔබ සිහිකිරීමේ සිටිය යුතුයි. අප වන්දනා ගමනක යනවා. හැකි තරම් දුරට සිහි කිරීමේ සිටින්න! පැය 8කට තමන්ගේ වැඩ කිරීමට ඔබට අවසර තිබේ, නමුත් ඉන්පසුව මේ සඳහා කාලය සාදාගන්න. ප්‍රධාන දේ වන්නේ පිවිතුරු බවයි. මෙය කටු කැලෑවක් බව ඔබ දන්නවා. ඔවුන් නොකඩවා එකිනෙකාට අනියි. පරම පියා පවසන්නේ දැන් ශ්‍රීමත් පිළිපදින්න! ශිව බාබා ඔබට කතා කරන අතර බ්‍රහ්මද ඔබට කතා කරයි, නමුත් ඔබට ශිව බාබා උගන්වන බවත් ඔබ ශිෂ්‍යයන් බවත් ඔබ දන්නවා. ඔහු ඔබගේ පියාණන්, ගුරවරයා සහ ගුරූ බව ඔබ පවසයි. ඔබව මා සමඟ ආපසු ගෙන යන බවට මා සහතික වෙනවා. වෙනත් කිසිවෙකුට මෙය සහතික කළ නොහැක. මෙසේ පවසන්නේ පරම පියා පමණයි. පියා වන පරමාත්ම දෙවියන් මෙය පවසයි. සතුට ලබා දෙන ධර්මය ස්ථාපනය කරන්නේ, පියා වන පරමාත්ම දෙවියන්ය. එම පියාව කිසිවෙක් නොදනී. ඔවුන් පියාව හඳුනන්නේ නම්, ඔවුන් පියාගේ දේපළද හඳුනා ගනී. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ අරමුණ සහ ඉලක්කය නිරන්තරයෙන් ඔබ ඉදිරියේ තබාගෙන දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්න. සතෝප්‍රධාන් ලෝකයට යාම සඳහා පාරිශුද්ධත්වයේ ආචාරධර්ම ධාරණය කරගන්න. ඔබගේ බුද්ධියේ අසීමිත අත්හැරීම තිබිය යුතුයි.

2. ඔබගේ වඩාත්ම ආදරණීය පියාව සහ ඔබගේ සතුටු දේශය සිහි කරන්න. මෙම දුක් දේශයෙන් ඔබගේ බුද්ධිය ඉවත් කරගන්න.

වරදානය:
සෑම කෙනෙකුගේම ගුණධර්ම දැකීමට සහ සෑම කෙනෙකුම තෘප්තිමත් කිරීමට ඇති ආශාවෙන්, ඔබේ උද්‍යෝගය තුළ නිරන්තරයෙන් ස්ථාවර වන ඔබ ගුණධර්ම වල ප්‍රතිමූර්තියක් වේවා.

නිරන්තර උනන්දුව සහ උද්‍යෝගය ඇති කර ගැනීම සඳහා, ඔබ හා සම්බන්ධ වන සෑම කෙනෙකුම තෘප්තිමත් කිරීමට උනන්දු වන්න. ඔබ කවුරුන් දුටුවත්, සෑම මොහොතකම ඔවුන්ගෙන් ගුණධර්ම ලබා ගැනීම දිගටම කරගෙන යන්න. සෑම කෙනෙකුගේම ගුණධර්ම වල බලය ලබා ගැනීමෙන්, ඔබට සැමවිටම උද්‍යෝගය ඇති වේ. ඔබ විවිධ ස්වරූප සහ විවිධ තත්ත්වයන් දෙස බලන විට හෝ ඒවා ගැන අසන විට උද්‍යෝගය අඩු වේ. කෙසේවෙතත්, ඔබට ගුණධර්ම දැකීමට ආශාව තිබේ නම්, ඔබේ උද්‍යෝගය නියත හා ස්ථාවරව පවතිනු ඇත. එවිට සෑම කෙනෙකුගේම ගුණධර්ම දැකීමෙන්, ඔබ ගුණධර්මවල ප්‍රතිමූර්තියක් වනු ඇත.

පාඨය:
අසීමිත නිරාශාවේ ආකල්පයක පදනම ශක්තිමත් නම්, තත්පරයකින් අශරීරික වීම පහසුය.

අව්‍යක්ත සංඥාව: නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.

ඔබේ මුහුණ නිරන්තරයෙන් ප්‍රීතිමත්ව තබා ගැනීම සංගම් යුගයේ විශාලතම ත්‍යාගයයි. ඔබේ මුහුණේ කිසි විටෙකත් දුකෙහි රේඛා ඇති වීමට ඉඩ නොදෙන්න. පුරසඳ ඉතා ලස්සනට පෙනෙන සේම, ඔබේ මුහුණ නිතරම ප්‍රබෝදමත් වේවා. අන් අයට ඔබේ මුහුණෙන් ඔවුන්ගේ ස්වරූපය දැකගත හැකි වන තරමට බැබළෙන්නට ඉඩ හරින්න. මේ සඳහා, පහසු ස්වභාවයක් ඇතිව දරා ගන්න.