01.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සාමයේ දේශය පිරිසිඳු ජීවයන්ගේ නිවහනයි. ඒ නිවහන වෙත යාමට අවශ්‍ය නම්, සම්පූර්ණ පාරිශුද්ධත්වයට පත් වන්න.

ප්‍රශ්නය:
පියා දරුවන් වන ඔබලාට දෙන සහතිකය කුමක්ද ?

පිළිතුර:
සුමිහිරි දරුවනි, මා සිහිපත් කරන්න, දඬුවම් විඳීමෙන් තොරව ඔබට නිවහන වෙත යාමට හැකි වේ යැයි කියා මම සහතික වෙනවා. එකම එක පියා වෙත ඔබගේ හදවත බැඳ තබා ගන්න. මෙම පැරණී ලෝකය දකිනා නමුත් ඒ දෙස නොබලා සිටින්න. මෙම ලෝකයේ ජීවත් වෙමින් සිටිනා අතර පාරිශුද්ධව සිටින්නේ කෙසේද යන්න ප්‍රායෝගිකවම කර පෙන්වන්න. එවිට බාබා ඔබට අනිවාර්යෙන්ම ලෝක ආධිපත්‍යය ලබා දෙනු ඇත.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ගෙන් අසනවා : පියා පැමිණ සිටින්නේ දරුවන් වන ඔබලාව නැවත නිවස වෙත ගෙන යාමට කියා ඔබලා දන්නවා. ඉතින් නිවහන වෙත යාමට ඔබලා කැමති ද ? ඒ. සියලුම ජීවාත්මයන්ගේ නිවහනයි. මෙහි ශරීර ගත වුණු ජීවයන්ට ඇත්තේ එක නිවහනක් නොවෙයි. පියා දැන් පැමිණ සිටිනවා කියා ඔබලාට දැන් තේරෙනවා. ඔබ පියාට මෙහි පැමිණ අපව නිවස වෙත ගෙන යන්න කියා ආරාධනා කළා. සාමයේ දේශය වෙත ගෙන යාමට එන්න කියා ආරාධනා කළා. පියා දැන් කියනවා : දැන් තමන්ගේම හදවතින් අසා බලන්න ඔබ කොහොම ද අපිරිසිදුවට නිවස වෙත යන්නේ කියලා. ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ විය යුතුයි. නිවස වෙත ආපසු යා යුතුයි. ඔහු ඔබට වෙන කිසිම දෙයක් කියන්නේ නැහැ. භක්ති මාර්ගයේ දී ඔබ සෑහෙන උත්සාහයක් දැරුවා. ඒ කුමක් සඳහා ද ? මුක්තිය සඳහා. ඉතින් ඒ නිසා බාබා දැන් ඔබගෙන් අසනවා : ගෙදර යන්න ඕනේ වගේ දැනෙනවා ද ? දරුවත් කියනවා : බාබා, අපි එපමණ කාලයක් භක්තිය කළේ ඒ සඳහාමනේ කියලා. සෑම මානව ජීවයක්වම නැවතත් ආපසු ගෙන යා යුතුයි කියලත් ඔබලා දන්නවා. කොහොමනමුත්. ඔබ නිවස වෙත යා යුත්තේ පාරිශුද්ධත්වයට පත් වෙලයි. පළමුවෙන්ම එන්නේ පිරිසිඳු ජීවයනුයි. අපිරිසිඳු ජීවයන්ට නිවසේ ඉන්න බැහැ. බිලියන ගණනක ජීව සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම නිවස බලා යා යුතුයි. ඒ නිවහන හඳුන්වන්නේ සාමයේ දේශය කියලයි. එය විශ්‍රාමික අවධියයි. ජීව වන අප පාරිශුද්ධත්වයට පත් වී සාමයේ දේශය වෙත යා යුතුයි. එපමණයි. මේක ඉතාමත් පහසු දෙයක්. ඒක ජීවයන්ගේ ඉතාමත් පිරිසිඳු සාමයේ දේශයයි. අනික ශරීර ගත වුණු මානව ජීවයන්ගේ සතුටේ දේශයයි. නමුත් මෙය ශරීර ගත වුණු මානව ජීවයන්ගේ දුකින් පිරි අපිරිසිදු දේශයයි. මේ සම්බන්ධයෙන් කිසිදු පටලැවිල්ලක් අවශ්‍ය නැහැ. සාමයේ දේශය සියලුම පිරිසිඳු ජීව ජීවත් වන ස්ථානයයි. එය ජීවයන්ගේ පිරිසිඳු ලෝකයයි. පාපයෙන් තොර වූ අශාරීරික ලෝකයයි. මෙය අපිරිසිඳු ජීව සිටිනා පැරණී ලෝකයයි. පියා දැන් පැමිණ සිටින්නේ ජීව වන ඔබලාව පාරිශුද්ධත්වයට පත් කරවා සාමයේ දේශය වන පිරිසිඳු ලෝකය වෙත ඔබලාව නැවත ගෙන යාමටයි. පසුව රාජයෝග හැදෑරූ අය පිරිසිඳු සතුටින් පිරි දේශය වෙත යනවා. මෙය ඉතාමත් පහසුයි. මේ ගැන කිසිවක් හිතන්න ඕනේ නැහැ. බුද්ධිය පාවිච්චි කළ යුත්තේ අවබෝධය සඳහායි. ජීව වන අප සෑම කෙනෙකුගේම පියා අප සෑම කෙනෙක්වම පිරිසිදු සාමයේ දේශය වෙත ගෙන යාමට පැමිණ සිටිනවා. එහි යන්නේ කොහොමද කියන එක දැන් අපට අමතක වෙලා. පියා ඇවිත් අපට පාර කියා දෙනවා. මම සෑම කල්පයකදීම පැමිණ ඔබලාට දරුවනි. ශිව බාබා වන මාව සිහි කරන්න කියා කියනවා. සැමට මුක්තිය ලබා දෙන්නේ එකම එක සත්ගුරුයි. දරුවන් වන ඔබලා දැන් කළ යුත්තේ කුමක්ද කියන උපදේශය එනම් ඒ පණීවිඩය දරුවන් වන ඔබලාට දෙන්නේ ඔහුම පමණයි. කල්ප බාගයක් පුරාවටම ඔබලා සෑහෙන භක්තියක් කර සෑහෙන දුකක් විඳ තිබෙනවා. දැඩි වියදම් දරන්න වීමෙන් ඔබලා දරිද්‍රතාවයට පත් වෙලා තිබෙනවා. ජීව සතෝප්‍රධාන් තත්ත්වයෙන් තමෝප්‍රධාත් තත්ත්වයට පත්ව සිටිනවා. මේ කරුණු කිහිපය පමණක් අවබෝධ කර ගත යුතුයි. දැන් ඔබට ආපසු නිවස වෙත යාමට අවශ්‍ය ද නැද්ද ? ඔව්, බාබා, අපිට අනිවාර්යෙන්ම නිවස වෙත යන්න ඕනේ. ඒ අපගේ ඉතාමත් මිහිරි නිහඬ නිවහනයි. තමන් දැන් ඇත්තටම අපිරිසිඳුයි ඒ නිසා තමයි නිවස වෙතත් ආපසු යාමට නොහැකි වී සිටින්නේ කියා ඔබටත් දැන් තේරෙනවා. පියා දැන් කියනවා : මා සිහිපත් කරන්න ඔබලාගේ පව් කැපී යාවි. මම සෑම කල්පයකදීම මෙම පණීවිඩය ඔබලාට දෙනවා. තමන් ජීවයක් වශයෙන් සලකන්න. මන්ද එම ශරීරය විනාශ වී යාමටයි යන්නේ. ජීවාත්ම දැන් කොහොමත් නිවස බලා යා යුතුයි. එය හඳුන්වන්නේ අශාරීරක ලෝකය කියලයි. සෑම අශාරීරික ජීවයක්ම සිටින්නේ එහියි. එය ජීව නිවහනයි. අශරීරික පියා සිටින්නේත් මෙහියි. පියා එන්නේ අවසාන කාලයේ දීයි. මන්ද ඔහු සෑම කෙනෙක්වම නිවස වෙත ගෙන යා යුතුයි. අපිරිසිඳු ජීව එක් අයෙක්වත් මෙහි නැහැ. පටලැවිලි හෝ අපහසුතාවන් කියා දෙයක් මෙහිදී නැහැ. මිනිස්සු කියනවා : අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණ අපව පාරිශුද්ධත්වයට පත් කර නැවතත් ඔබ සමඟ ආපසු ගෙන යන්න. ඔහු සැමගේම පියායි. පසුව නව ලෝකයේ දී අපගේ චරිතය රඟපෑමට පැමිණී විට එහි ජීවත් වන්නේ ඉතාමත් ටික දෙනයි. ජීව බිලියන ගණනම ගිහින් ඉන්නේ කොහිද ? සත් යුගයේ සිටියේ මානව ජීව ටික දෙනයි කියා ඔබත් දන්නවා. ගස මුලදී පොඩිවට තිබුණු නමුත් පසුව වැඩුණා. ගසේ විවිධ ආගම් ගණතාවක් සිටිනවා. කල්ප වෘක්ෂය යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. ඔබට කිසිම දෙයක් තේරෙන්නේ නැතිනම්, බාබාගෙන් අහන්න පුළුවන්. ඇතැම් අය කියනවා : කල්පයේ කාල පරාසය වසර 5000ක් කියා කොහොමද අපි පිළිගන්නේ ? ඔබට ඇත්ත කියන්නේ පියා පමණයි. චක්‍රයේ ගිණුම ගැනත් ඔහු ඔබට කියා තිබෙනවා. පියා මෙම කල්පයේ සංගම යුගයේ දී මෙහි පැමිණ දැනට නැති දේවතා ධර්මය මෙහි ස්ථාපනය කරනවා. සත් යුගයේ දී එවිට තිබෙන්නේ එක දේවතා රාජ්‍යයක් පමණයි. දැන් මේ මොහොතේදී ඔහු ඔබලාට නිර්මාපකයා හා නිර්මාණය පිළිබඳ වූ ඥානය ලබා දෙනවා. පියා කියනවා : මම සෑම කල්පයකම සංගම යුගයේ දී පැමිණෙනවා. මම නව ලෝකය ස්ථාපනය කරනවා. පැරණී ලෝකය අවසන් වීමටයි යන්නේ. නාටක සැලැස්මට අනුව නව ලෝකය පැරණී වන අතර පැරණී ලෝකය අළුත් වෙනවා. ස්වස්තිකයේ එක සමාන කොටස් හතරිනුත් මෙය පෙන්වා තිබෙනවා. නමුත් ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. භක්ති මාර්ගයේ දී, එය නිකම් හරියට බෝණීක්කන් සමඟ සෙල්ලම් කරනවා වගේයි. පින්තූර ගණනාවක්ම තිබෙනවා. දීපමාලාවේ දී, ඔවුන් ඒවා විශේෂයෙන්ම වෙළඳසැල් වල තබනවා. පින්තුර ගණනාවක්ම තිබෙනවා. නමුත් දැන් ඉන්නේ එකම එක ශිව බාබාත් දරුවන් වන ඔබලාත් පමණයි කියා ඔබලාට තේරෙනවා. ඔබ මෙහි පැමිණෙනවා. පසුව එය ලක්ෂ්මි නාරායන්ගේ රාජ්‍යය වන අතර පසුව රාමා සීතා රාජ්‍යය ආරම්භ වෙනවා. ඉත් අනතුරුව අනිකුත් ආගම් ස්ථාපනය වෙනවා. දරුවත් වන ඔබලාට ඒ කිසිවක් සමඟ කිසිදු සම්බන්ධතාවයක් නැහැ. ඔවුන් ඔවුනොවුන්ට අයිති කාල වල දී පැමිණෙන අතර පසුව සෑම කෙනෙක්ම නිවස වෙත යා යුතුයි. දරුවන් වන ඔබලා දැන් නිවහන වෙත යා යුතුයි. මෙම මුළු ලෝකයම විනාශ වී යාමටයි ඇත්තේ. තව දුරටත් මෙහි ඉන්න එකේ තේරුම කුමක්ද ? ඔබගේ හදවත් මෙම ලෝකයට කිසිසේත්ම බැඳිලා නැහැ. ඔබගේ හදවත සම්බන්ධ විය යුත්තේ එකම එක ආදරවන්තයා වෙතටයි. ඔහු කියනවා : ඔබගේ හදවත මා වෙතට පමණක් යොමු කර ගන්න එවිට ඔබලා පාරිශුද්ධත්වයට පත් වේවි. සෑහෙන කාලයක් ගෙවී අවසන්. තව ඉතිරි වී ඇත්තේ ටික කලක් පමණයි. කාලය ගෙවී යනවා. ඔබ යෝගාවේ සිටියේ නැති නම්. අවසානයේ දී සෑහෙන්න පසුතැවිලි වෙන්න සිදු වේවි. දඩුවම් විඳින්නත් සිදු වන අතර ඔබගේ තත්ත්වයත් විනාශ වී යාවි. නිවස දමා ඇවිත් දැන් කොපමණ කාලයක් ද කියා ඔබලා දැන් දන්නවා. මිනිස්සු නිවස වෙත යාමට සෑහෙත්ත වෙහෙසෙනවා. ඔබට ඒ නිවසේ දී පියාව මුණ ගැසේවි. සත් යුගයේ දී ඔබට ඔහුව මුණ ගැසෙන්නේ නැහැ. මුක්ති දේශය වෙත යාමට මිනිස්සු සෑහෙන්න වෙහෙස වෙනවා. එය හඳුන්වන්නේ භක්ති මාර්ගය කියලයි. නාටකයට අනුව භක්ති මාර්ගය දැන් අවසන් වීමටයි යන්නේ. මා දැන් පැමිණ සිටින්නේ ඔබව ආපසු ගෙන යාමටයි. මම අනිවාර්යෙන්ම ඔබව ආපසු ගෙන යනවා. කෙනෙක් පාරිශුද්ධ වුණු තරමට, ඔහු ලබනා තත්ත්වය උසස් වෙනු ඇත. මේ සම්බන්ධයෙන් කිසිම පටලැවිල්ලකට පත් වීමට අවශ්‍ය නැහැ. පියා කියනවා : දරුවනි. මා සිහිපත් කරන්න, දඬුවම් නොවිඳ නිවස වෙත යාමට ඔබට හැකි වේ යැයි කියා මා සහතික වෙනවා. ස්මරණය තුළින් ඔබගේ පාප දුරු වී යාවි. ඔබ මා සිහි කළේ නැතිනම්, දඬුවම් විඳීමට සිදු වන අතර ඔබගේ තත්ත්වය විනාශ වී යාවි. මම සෑම අවුරුදු 5000කට වතාවක්ම පැමිණ මෙය ඔබට පැහැදිලි කර කියා දෙනවා. ඔබ සියලු දෙනාවම නැවත නිවස වෙත ගෙන යාමට මම වාර ගණනාවක්ම පැමිණ තිබෙනවා. ජය පරාජය චරිත සියල්ලම රඟපාන්නේ දරුවන් වන ඔබලා පමණයි. පසුව ඔබලාව නැවත ගෙන යාමට මා පැමිණෙනවා. මෙය අපිරිසිඳු ලෝකයයි. ඒනිසා තමයි මිනිස්සු : අහෝ පාරිශුද්ධකරුවාණනි. පැමිණෙන්න. පව්කාරයින් වන අපව පාපයෙන් තොර පිරිසිඳු අය බවට පත් කරවන්න කියා කන්නලව් කරන්නේ. මෙය විෂ සහිත ලෝකයකි. දරුවන් වන ඔබලා දැන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර අය බවට පත් විය යුතුයි. පසුව එන අය එන්නේ දඬුවම් විඳලායි. මෙන්න මේ නිසා තමයි ඔවුන් කලා දෙකක් අඩුවෙන් මේ ලෝකයට එන්නේ ; ඔවුන් සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ අය කියා කියන්න බැහැ. මෙන්න මේ නිසා තමයි දැන් ඔබලා සම්පූර්ණ උත්සාහය දැරිය යුත්තේ. ඔබගේ තත්ත්වය අඩු කරගෙන හරි යන්නේ නැහැ. එය රාවන්ගේ රාජ්‍යය නොවුණත් තත්ත්වය එන්නේ උත්සාහයේ පිළිවෙලටයි. ජීවයකට කහට බැඳුණු විට, ඔහුට ලැබෙන ශරිරයත් ඒ වගේමයි. ජීවය රිදී යුගයේ හෝ ස්වර්ණමය යුගයේ ජීවයක් බවට පත් වෙනවා. රිදී නම් වූ ලෝහය ජීවයේ බැඳී තිබෙනා නිසා පසුව දවසින් දවස කිලිටි කහට ජීවයේ බැඳෙන්න පටන් ගන්නවා. බාබා ඉතාමත් හොඳින් ඔබට මේවා පැහැදිලි කර කියා දෙනවා. කිසියම් දෙයක් තේරුම් ගන්න අපහසු නම්, අත ඔසවන්න. බාබා පැහැදිලි කර කියා දෙන්නේ කල්පයේ උපත් 84ක් ගෙන පැමිණී අයටයි. පියා කියනවා : මම මොහුගේ උපත් 84 අවසානයේ දී මොහු තුළට ඇතුළු වෙනවා. පසුව ඔහු පළවෙනි තැනට යා යුතුයි. අංක එකේ සිටි කෙනා දැන් අවසන් අංකයට පැමිණීලා. තමාගේ උපත් ගණනාව අවසානයේ අපිරිසිඳු වූ කෙනා තමයි පළවෙනියටම එන්නේ. පාරිශුද්ධකරු වන මා, ඇතුළු වන්නේ මොහුගේ ශරීරයට පමණී. මම ඔහුව පාරිශුද්ධත්වයට පත් කරවනවා. මම ඉතාමත් පැහැදිලිව ඔබට පහදා දෙනවා. පියා කියනවා : මා සිහිපත් කරන්න එවිට ඔබගේ පාප දැවී යාවි. ගීතාවේ දැනුමට ඔබ හොඳින් ඇහුම්කන් දී තිබෙනවා. අන් අයටත් එය කියා දී තිබෙනවා. නමුත් ඉන් ඔබට මුක්තිය ලැබුණේ නැහැ. සන්යාසීන් බොහෝ දෙනෙක්ම හරිම මිහිරි ලෙස ඔබට ආගමික ග්‍රන්ථ කියා දී තිබෙනවා. ඒ හඬට ඇහුම් කන්දී ප්‍රභූවරුන් පවා ගණනාවක් එකට ඒකරාෂී වී සිටිනවා. එය කන්කළුයි. භක්ති මාර්ගය ඇත්තේ කන පිනවීමට පමණයි. මෙහිදී, ජීවාත්ම සෑම කෙනෙක්ම සත්‍යය සිහිපත් කළ යුතුයි. භක්ති මාර්ගය දැන් අවසත් වෙමිනුයි යන්නේ. පියා කියනවා : වෙත කිසිම කෙනෙක් දන්නේ නැති දැනුමක් දීමටයි මා දැන් පැමිණ සිටින්නේ. ඥාන සාගරය වත්තේ මා පමණයි. ගියාන් යනුවෙන් හැඳින්වෙන්නේත් ඥානයයි. මම සියල්ල කියා දෙනවා. මම ඔබට උපත් 84 චක්‍රය පිළිබඳවත් පහදා දෙනවා. සම්පූර්ණ ඥානය ඔබ තුළ තිබෙනවා. ඔබ භෞතික ලෝකයෙන් සූක්ෂම කලාපය පසු කර ගොස් අශාරීරික ලෝකය වෙතට යනවා. පළමුවෙත්ම ඇත්තේ ලක්ෂ්මි නාරායන් වංශයයි. එහි කිසිම පව්කාර දරුවෙක් නැහැ. රාවන්ගේ රාජ්‍යයක් නැහැ. සෑම දෙයක්ම සිදු වන්නේ යෝගා බලයෙන්. ගර්භ මාළිඟයට දරුවෙක් ඇතුළු වෙනවාය යන දර්ශනය ඔබට පහළ වෙනවා. ඔහු පිට වෙන්නේ සතුටින්. මෙහිදී නම් මිනිස්සු සෑහෙන්න වැලපෙනවා. මෙහි යන්නේ ගර්භය නම් වූ සිරකුටියටයි. එහි දී නම් ඇඬීම් වැලපීම් කියා දෙයක් සිදු වන්නේ නැහැ. ශරීරය අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුයි. ගැරඩියාගේ කතාව වගේ. කොහොමනමුත්, කිසිදු පටලැවිල්ලක් අවශ්‍ය නැහැ. ඕනෑවට වඩා ප්‍රශ්න අහන්න අවශ්‍ය නැහැ. පාරිශුද්ධත්වයට පත් වීමේ උත්සාහයේ සම්පූර්ණයෙන්ම නිරත වී සිටිය යුතුයි. පියාව සිහිපත් කරන්න අමාරුද ? ඔබ අසුන් ගෙන සිටින්නේ පියා ඉදිරියේමයි. ඔබගේ පියා වන මා සතුට නම් වූ උරුමය ඔබට ලබා දෙනවා. මෙම අවසන් උපතේ දී පමණක් ඔබට මාව සිහිපත් කරන්න බැරිද ? දරුවන් වන ඔබලාට මෙහිදී නම් මෙය හොඳින්ම තේරෙනවා. නමුත් ආපසු ගෙවල් වලට ගිහින් තම බිරිඳගේ මුහුණ එහෙම දැක්කාම මායා ඔබව කන්න පටන් ගන්නවා. පියා කියනවා : කිසිම කෙනෙක්ට බැඳීමක් තබා ගන්න එපා. ඒ සියල්ල අනිවාර්යෙන්ම විනාශ වීමටයි යන්නේ. එකම එක පියාව පමණක් සිහිපත් කරන්න. වැඩපල කරනා ගමන් වුවත් පියාවත් අධිරාජ්‍යයත් සිහිපත් කරන්න. ඔබ දිව්‍යමය ගුණධර්මත් උකහා ගත යුතුයි. සත් යුගයේ දී මස්මාළු වගේ අපිරිසිඳු දේවල් නැහැ. පියා කියනවා : දුර්ගුණ පවා අත්හැර දමන්න. මම ඔබට ලෝක ආධිපත්‍යය ලබා දෙනවා. ඒ තුළ විශාල ආදායමක් තිබෙනවා. ඉතින් ඇයි අපි පිරිසිඳු වෙන්නේ නැත්තේ ? එක උපතකට පමණක් පාරිශුද්ධව සිටිමෙන්, ඔබට විශාල ආදායමක් හිමි වෙනවා. ඔබලාට එකට ජීවත් විය හැකියි. නමුත් ඔබ දෙදෙනා අතර ඥාන අසිපත තබා ගන්න. පාරිශුද්ධව සිටීම ප්‍රායෝගිකවම කර පෙන්වුවහොත් ඉහළම තත්ත්වයක් ඔබට හිමි වෙනවා. මන්ද, එවිට ඔබලා උපතින්ම බ්‍රහ්මචාරී අය වෙනවා. ඥානයත් අවශ්‍යයි. අන් අයවත් ඔබ හා සම අය බවට පත් කරවිය යුතුයි. එකටම ජීවත් වුණත් පාරිශුද්ධව සිටින්නේ කොහොමද කියන එක සාදු සන්යාසීන්ට පවා ඔබලා පෙන්විය යුතුයි. ඔබට කිසියම් ශ්‍රේෂ්ඨ බලයක් තිබෙනවා කියා එවිට ඔවුන් අවබෝධ කර ගනීවි. පියා කියනවා : මෙම එකම එක උපතේ දී පාරිශුද්ධව සිටීමෙන්. උපත් 21කටම අධිරාජ්‍යවරුන් බවට පත් වීමට ඔබට හැකි වෙනවා. එච්චර ලොකු තෑග්ගක් ලැබෙන්න තිබෙද්දී ඇයි පාරිශුද්ධව සිටින්නේ නැත්තේ ? ඉතිරිව ඇත්තේ ඉතාමත් ටික කාලයයි. අඛණ්ඩවම හඬ පැතිරෙන අතර පුවත් පත් වලත් ඒවා පල වේවි. පෙර පුහුණු හොඳින් දැක තිබෙනවා. එක න්‍යෂ්ටික බෝම්බයකින් මොකද වුණේ කියා බලන්න. මිනිස්සු තවමත් රෝහල් වල. මේ දවස් වල. කිසිම අපහසුවකින් තොරව එක සැනකින් සියල්ලම මිය යන ආකාරයේ බෝම්බ ඔවුන් හදනවා. මෙම පෙර පුහුණු දිගටම සිදු වී පසුව සියල්ල අවසන් වී යාවි. මිනිස්සු එක පාරම මැරී වැටෙනවා ද නැද්ද කියා ඔවුන් ටෙස්ට් කර බලනවා. තව තවත් මාර්ග සොයා ගනීවි. කිසිම රෝහලක් තිබෙන එකක් නැහැ. කාටද පුළුවත් අනිත් අයට සලකන්න ? ඔබට දත් පූජා කරන්න කිසිම බ්‍රාහ්මනයෙක් ඉතිරි වෙන එකක් නැහැ. බෝම්බය දැමූ සැනකින්, සියල්ල එතනම අවසන්. භුමිකම්පා වලින් සියල්ල වැළලී යාවි. ඒකට එපමණ කාලයක් යන්නේ නැහැ. මෙහි මිනිස්සු බුරුතු පිටින් ඉන්නවා. සත් යුගයේ දී නම් සිටින්නේ ඉතාමත් ටික දෙනයි. ඒ සියලු දෙනා එහෙනම් විනාශ වෙන්නේ කොහොමද ? ඉදිරියට යනකොට සියල්ල පැහැදිලිව පෙනේවි. මුලදී 900,000 දෙනෙක් සිටිනවා. ඔබලා සත්‍යයට ආදරය කරනා තාපසවරුනුයි. ඔබ දැන් සියල්ල අතහැර තමන් ජීවයන් වශයෙන් සලකනවා. එවන් තාපසවරුන්ට පියා ආදරෙයි. සත් යුගයේ තිබෙන්නේ පොඩි ගසකුයි. බාබා ඔබට විවිධ දේ පැහැදිලි කර දෙනවා. සෑම නළුවෙක්ම අවිනාශී ජීව වන අතර තම තමන්ගේ චරිතය රඟපෑම සඳහා ඔවුන් මෙහි පැමිණෙනවා. පියාගේ ශිෂ්‍යයින් බවට පත් වී ඉගෙන ගැනීමට ඔබ සෑම කල්පයකදීම මෙහි පැමිණෙනවා. බාබා තමාව පාරිශුද්ධත්වයට පත් කරවා ඔහු සමඟ නිවස වෙත ගෙන යන බව ඔබ දන්නවා. නාටකයට අනුව සෑම කෙනෙක්වම නැවත නිවස වෙත ගෙන යාමට බාබා බැඳී සිටිනවා. මෙන්න මේ නිසා තමයි පාත්දව හමුදාව යන නම තිබෙන්නේ. පාන්දවයින් වන ඔබලා කරන්නේ මොනවාද ? ඔබලා තම අධිරාජ්‍යයේ වාසනාව පියාගෙන් ලබා ගන්නවා, හරියටම මීට පෙර කල්පයේ දී කළ ආකාරයෙන්ම තම උත්සාහයේ අනුපිළිවලට. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාල්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට තමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියාගේ සෙනෙහසට ලක් වීමට අවශ්‍ය නම් සම්පූර්ණ හිඟන්නන් බවට පත් වන්න. හිඟන්නෙක් බවට පත් වෙනවා යනු තම ශරීරය අමතක කර දමා තමා ජීවාත්මයක් වශයෙන් සැලකීමයි. පියාගෙන් ලොකුම තෑග්ග දිනා ගැනීමට නම්, සම්පූර්ණ පාරිශුද්ධත්වය ලබා ගන්නේ කෙසේදැයි කියා කර පෙන්වන්න.

2. ඔබ නිවස බලා යා යුතුයි. මෙන්න මේ නිසා තමයි මෙම පැරණී ලෝකය වෙත ඔබගේ හදවත අලවා තබා නොගත යුත්තේ. එකම එක ආදරවන්තයා වෙතට පමණක් ඔබගේ හදවත සම්බන්ධ කර ගන්න. පියාවත් අධිරාජ්‍යයත් සිහිපත් කරන්න.

වරදානය:
~ywid y¡udcV prëlw/d or Zdkeldåkb mfÏwcVd VfjVdljw/Vd h¡rlfcld wcVdc h¡wêmäkejrb mfÎVdwVkd wêbe.

AVsc mfEëck or ~ywid mlgwÍ mdbYeb/ wbVmd wbVbe Vä Z/ mdLebj mlg‡kd wVewb/f. ~ywid y¡udcV prëlw/d or VfjVdljw/Vd h¡rlfcld ue h¡wêmäkejrb mfÏVdV. cVwmd mdbYeb/ wbVmd kj iVdV Zhe. Z/ Zwmd wbVmd bV ë‡ Do cwid ufl‡ ujf Vzuz Zd Vfme lVf/c FVdV AwVd bzVf wod kf/V¦ Dzlf. cVm wbVmd bVdwVdld lVf/cc mfÏV ë‡/f. VfjVdljw/Vd Zk‡ Zklg ë mfÏVdV Zë‡ cVm wbVmd wVewbV¦ Dzl.

පාඨය:
Gldmb/kd mcjCbe /V¦ mdcjC/ ue wmdbeb Godw/ediw/Vd kfjrc/f.