01.07.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැන් සම්පූර්ණ දැනුමේ සාරය, ඔබගේ බුද්ධිය තුළ තිබෙන නිසා, ඔබට පිංතූරවත් අවශ්‍ය නැත. පියාව සිහිපත් කර, අන් අයටත් ඔහුව සිහිපත් කරන ලෙස මතක් කර දෙන්න.

ප්‍රශ්නය:
අවසන් කාලයේදී ඔය දරුවන්ගේ බුද්ධියේ කුමන දැනුම රැඳී තිබෙයිද?

පිළිතුර:
ඒ වෙලාවේදී ඔබ ආපසු නිවසට යන දැනුම පමණක් ඔබගේ බුද්ධිය තුළ තිබෙයි. ඉන්පසුව එහි සිට ඔබ පහළට, චක්‍රය තුළට යයි. ඔබ ක්‍රම ක්‍රමයෙන් ඉනිමග දිගේ පහළට බසින අතර ඉන්පසුව පියා ඔබගේ තත්ත්වය ඉහළ නඟින එකක් බවට පත් කිරීමට පැමිණෙයි. ඔබ පළමුවෙන්ම සූර්ය රජ පෙළපතට අයත්ව සිටි බවත් ඉන්පසුව චන්ද්‍ර රජ පෙළපත ආදියේ කොටසක් වූ බව, ඔබ දැන් දන්නවා. මේ සඳහා පිංතූර වල අවශ්‍යතාවයක් නැත.

ඕම් ශාන්ති.
දරුවනි, ඔබ මෙතැන අසුන්ගෙන සිටින්නේ ජීවාත්ම අවධානයෙන්ද? උපත් 84 හි චක්‍රයේ දැනුම ඔබගේ බුද්ධියේ, එනම්, ඔබගේ විවිධාකාර වූ උපත් වල දැනුම ඔබට තිබේ. බහු-රූපී පිළිරුවේ පිංතූරය තිබේ. ඔබ උපත් 84 ක් ගන්නා අන්දම පිළිබඳ දැනුමද ඔය දරුවන්ට තිබේ. ඔබ පළමුවෙන්ම අශාරීරික ලෝකයෙන් දේවතා ධර්මයට ඇතුළු වෙයි. මෙම දැනුම ඔබගේ බුද්ධිය තුළ තිබෙන නිසා, පිංතූර වල අවශ්‍යතාවයක් නැත. අප කිසිම පිළිරුවක් යනාදි සිහි කළ යුතු නැත. අවසානයේදී, ඔබට සිහිවන එකම දේ වන්නේ ඔබ ජීවාත්මයක් බවත්, අශාරීරික ලෝකයේ වැසියෙක් බවත්, ඔබ මෙහි ඔබගේ චරිත කොටස රඟදක්වන බවත්ය. ඔබ මෙය අමතක නොකළ යුතුයි. මනුෂ්‍ය ලෝකයේ චක්‍රය පිළිබඳ මෙම කරුණු ඉතාමත්ම සරලයි. මේ සඳහා පිංතූර වල කිසිම අවශ්‍යතාවයක් නොමැත, මන්ද ඒ පිංතූර ආදි සියල්ල අයත් වන්නේ භක්ති මාර්ගයටයි. දැනුම මාවතේ තිබෙන්නේ ඉගෙනුමයි. දැනුම මාවතේ එම පිංතූර වල අවශ්‍යතාවයක් නැත. කර ඇත්තේ එම පිංතූර නිවැරදි කිරීම පමණයි. නිදසුනක් වශයෙන්, ඔවුන් කියන්නේ, ගීතාවේ දෙවියන් ශ්‍රී කිෂ්ණා බවයි, නමුත් අප කියන්නේ එය ශිවා බවයි. මෙයත් බුද්ධියෙන් වටහාගත යුතු දෙයක්. අප උපත් 84 හි චක්‍රය වටා ගොස් තිබේ, යන දැනුමද ඔබගේ බුද්ධිය තුළ රැඳී ඇත. අප දැන් පිවිතුරු විය යුතුයි. අප පිවිතුරු වී ඉන්පසුව නැවතත් චක්‍රය වටා ගමන් කිරීම ආරම්භ කරයි. ඔබගේ බුද්ධියේ තබා ගත යුතු දැනුමේ සාරය මෙයයි. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය, සහ උපත් 84 හි චක්‍රය බ්‍රමණය වන ආකාරය ගැන දැනුම, පියාගේ බුද්ධියේ තිබෙන සේම, ඔබ පළමුවෙන්ම සුර්ය රාජ පෙළපතටද, ඉන් පසුව චන්ද්‍ර රාජ පෙළපතටද යන දැනුම, ඔබට තිබේ. පිංතූර අවශ්‍ය නැත. ඒවා නිර්මාණය කර තිබෙන්නේ වෙනත් මනුෂ්‍යයින්ට විස්තර කර දීමට පමණයි. දැනුම මාවතේ පියා පවසන්නේ මෙපමණයි මන්මනභව! අත් සතරේ පිළිරුව සහ රාවන ආදීන්ගේ පිළිරූ තිබේ. ඒවා විස්තර කරදීම සඳහා පෙන්විය යුතුයි. ඔබගේ බුද්ධිය තුළ නිවැරදි දැනුම තිබේ. ඔබට පිංතූර නොමැතිව වුවද විස්තර කළ හැක. උපත් 84 හි චක්‍රය ඔබගේ බුද්ධිය තුළ ඇත. පිංතූර වලින් විස්තර කර දීම පහසුයි, නමුත් ඇත්ත වශයෙන්ම ඒවායේ අවශ්‍යතාවයක් නැත. ඔබ මුලින් අයත් වූයේ සූර්ය රජ පෙළපතට බවත් පසුව චන්ද්‍ර රජ පෙළපතට බවත් ඔබගේ බුද්ධිය තුළ ඇත. එහි බොහෝ සතුට තිබේ එයට කියන්නේ දිව්‍ය ලෝකය කියාය. මෙය පිංතූර භාවිත කරමින් විස්තර කර දෙනු ලබයි. අවසානයේදී ඔබගේ බුද්ධිය තුළ මෙම දැනුම තිබෙයි අප දැන් ආපසු නිවහනට යන අතර, ඉන්පසුව අපි නැවත වරක් චක්‍රයට ඇතුළු වනවා. ඔබ ඉනිමගේ පිංතූරය භාවිත කරමින් මිනිසුන්ට විස්තර කරන්නේ ඔවුන්ට වටහා ගැනීමට පහසු කරවීම සඳහාය. ඔබ ඉනිමඟ දිගේ පහළට පැමිණෙන්නේ කෙසේද කියන දැනුමද ඔබගේ බුද්ධිය තුළ ඇත. ඉන්පසුව පියා පැමිණ, ඔබගේ තත්ත්වය ඉහළ නඟින එකක් බවට පත් කරවයි. පියා පවසන්නේ මා මෙම පිංතූර වල සාරය ඔබට විස්තර කර දෙනවා. චක්‍රයේ පිංතූරය ඇත. මෙම චක්‍රය වසර 5000 ක් බව ඔබට විස්තර කළ හැක. එය වසර සිය දහස් ගණනක් වූයේ නම්, ජනගහණය බොහෝ සේ වැඩි වනු ඇත. ක්‍රිස්තුස්වහන්සේ පැමිණි දින සිට, වසර 2000ක් ගත වී ඇති බව ක්‍රිස්තියානුවන්ට පෙන්වා ඇත. එහි බොහෝ මනුෂ්‍යයින් සිටියි. වසර 5000කදී බොහෝ මනුෂ්‍ය සංඛ්‍යාවක් සිටියි. ඔබ මුළු ගණනයම පෙන්වයි. ස්වර්ණමය යුගයෙදී, ඔවුන් පිවිතුරු නිසා, සිටින්නේ මිනිසුන් සුළු පිරිසකි. දැන් බොහෝ සිටියි. ස්වර්ණමය යුගයේ කාල වකවානුව වසර සිය දහසක් වූයේ නම්, එම ජන සංඛ්‍යාව අසංකේය වනු ඇත. හින්දූන්ගේ ජනගහණයට වඩා, ක්‍රිස්තියානුවන්ගේ සංඛ්‍යාව වැඩි බව ඔවුන් ගණනය කරයි. හින්දූන් බොහොමයක් ක්‍රිස්තියානුවන් විය. හොඳ නුවණැති දරුවන්ට, පිංතූර නොමැතිව, මෙය විස්තර කිරීමට හැකිය. වර්තමානයේ කොපමණ මිනිසුන් සිටිනවාද, ස්වර්ණමය යුගයේ කෙතරම් සුළු මනුෂ්‍ය සංඛ්‍යාවක් සිටියිද කියා ටිකක් සිතා බලන්න. මෙය දැන් බොහෝ විශාල මනුෂ්‍ය සංඛාවක් සිටින පැරණි ලෝකයයි. එවිට නව ලෝකය ස්ථාපනය කෙරෙන්නේ කෙසේද? නව ලෝකය ස්ථාපනය කරන්නේ කවුද? මෙය විස්තර කරන්නේ පියා පමණයි. දැනුමේ මහා සයුර වන්නේ ඔහුම පමණයි. ඔය දරුවන්ට තිබෙන්නේ උපත් 84හි චක්‍රය, ඔබගේ බුද්ධිය තුළ තබා ගැනීම පමණයි. අප දැන් අපායෙන් දිව්‍ය ලෝකයට යනවා. එබැවින් ඔබගේ අභ්‍යන්තරයේ එම සතුට තිබිය යුතු නොවේද? ස්වර්ණමය යුගයේ දුක පිළිබඳ ප්‍රශ්නයක් නැත. ලබා ගැනීම සඳහා උත්සාහ දැරීමට සිදුවන, කිසිම අඩුපාඩුවක් ඔබට එහිදි නොමැත. මෙහිදී, ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ කියන්නේ මට මෙම මැෂිම අවශ්‍යයි. මට අර දේ ඕනෑ ආදිය. මෙහි මහාරාජාවරුන්ට සියලු ආකාරයේ සතුට තිබෙන සේම, එහි සියලුම ආකාරයේ සතුට තිබේ. දුප්පතුන්ට සෑම ආකාරයකම සතුට නැත. කෙසේවෙතත්, මෙය කලි යුගයයි. එබැවින් සියලුම විවිධාකාර රෝග ආදිය තිබේ. ඔබ දැන් නව ලෝකයට යෑමට උත්සාහ දරනවා. දිව්‍ය ලෝකය සහ අපාය තිබෙන්නේ මෙහිය. සූක‍්ෂ්ම කලාපයේ ඔබට තිබෙන ප්‍රීතිය සහ ක්‍රීඩා ආදිය, කාලය ගත කිරීම සඳහාම පමණයි. ඒ සියලුම සතුට සහ ක්‍රීඩා තිබෙන්නේ, ඔබගේ කර්මතීට් අවස්ථාවට පත් වන තුරු, කාලය ගෙවා දැමීමටය. ඔබ ඔබගේ කර්මතීට් තත්ත්වයට පත් වූ පසු, එපමණයි! ඔබට සිහි වන්නේ, ජීවාත්මය වන ඔබ, ඔබගේ උපත් 84හි චක්‍රය අවසන් කර, දැන් නිවහනට යන බවය. ඉන්පසුව ඔබ සතෝප්‍රධාන් ලෝකයට ගොස්, ඔබගේ සතෝප්‍රධාන් චරිත කොටස රඟපායි. මෙම දැනුම ඔබගේ බුද්ධියේ තිබේ. එබැවින්, පිංතූර ආදියට අවශ්‍යතාවයක් නැත. නීතඥයෙක්, නීතිඥයෙකු වීම සඳහා බොහෝ ඉගෙනගත්හ. ඔහු ඉගෙනගත් පාඩම් සියල්ලම ඉන්පසුව අවසන් වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ප්‍රතිලාභයක් උපයාගනී. ඔබද ඉගෙනගෙන, ඉන්පසුව එහි ගොස් පාලනය කරයි. එහිදී මෙම දැනුමට අවශ්‍යතාවයක් නොමැත. මෙම පිංතූර ගැන, නිවැරදි දේ සහ වැරදි දේ කුමක්ද කියා ඔබගේ බුද්ධියට දැන් දැනෙයි. ලක‍්ෂ්මි සහ නාරායන් යනු කවුරුන්ද එමෙන්ම විෂ්ණු යනු කවරෙක්ද කියා, පියා මෙතැන අසුන්ගෙන පහදා දෙයි. මිනිසුන් විෂ්ණුගේ රූපය දැකීමෙන් ව්‍යාකූලත්වයට පත් වෙයි. කෙනෙක් ගැන නොදැන, ඔහුට වන්දනාමාන කිරීම, නුවණ නොමැති දෙයකි. ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. ඔවුන් විෂ්ණුව නොදන්නා සේම, ඔවුන් ලක‍්ෂ්මි සමඟ නාරායන් යන දෙදෙනාවත් නොදනී එමෙන්ම ඔවුන් බ්‍රහ්ම, විෂ්ණු හෝ ශංකර් ගැනවත් නොදනී. බ්‍රහ්මා මෙහි සිටින නමුත්, ඔහු පාරිශුද්ධත්වයට පත් වූ පසු, ඔහුගේ සිරුර අතහැර, එහි යයි. මෙම පැරණි ලෝකය ගැන නිරාශාවක් තිබේ. මෙහි කර්ම බන්දන, දුක ඇති කරයි. පියා දැන් පවසන්නේ ආපසු ගෙදර යන්න! දුකක නාමයක් හෝ සළකුණක්වත් නොතිබෙයි. පළමුවෙන්ම ඔබ සිටියේ ඔබගේ නිවසේය. ඉන්පසුව ඔබගේ රාජධානියට ඔබ ඇතුළු විය. පියා දැන් නැවත වරක් ඔබව පිවිතුරු කිරීමට පැමිණ ඇත. මෙකල මනුෂ්‍යයින්ගේ කෑම, බීම බොහෝ සේ අපිරිසිදුයි! ඔවුන් දිගටම කෑමට ගන්නේ මොනවාද කියා බලන්න! එහි දේවතාවන් මෙතරම් අපිරිසිදු කෑම ආහාරයට ගන්නේ නැත. භක්ති මාර්ගය කෙසේද කියා බලන්න. ඔවුන් මනුෂ්‍යයින්වත් බිල්ලට දෙනවා. පියා පවසන්නේ මෙම නාටකය පෙර නියම වූවක්. පැරණි ලෝකය අනිවාර්යෙන්ම නැවතත් අළුත් විය යුතුයි. ඔබ දැන් සතෝප්‍රධාන් වන බව ඔබ දන්නවා. ඔබගේ බුද්ධියට මෙය වැටහෙනවා නේද? මෙහි පිංතූර නොතිබුණේ නම්, එය වඩාත් හොඳයි. එසේ නැත්නම් මනුෂ්‍යයින් ඕනවට වඩා ප්‍රශ්න අසයි. පියා ඔබට උපත් 84 හි චක්‍රය විස්තර කර ඇත. අපි, සුර්ය රජ පෙළපත බවට පත් වී, ඉන්පසුව චන්ද්‍ර රජ පෙළපත බවටත්, පසුව වෛශ්‍ය රජ පෙළපත ආදිය වෙයි. එක් එක් රජ පෙළපතක අපි බොහෝ උපත් ගණනාවක් ගන්නවා. මෙය ඔබගේ බුද්ධියේ තබා ගන්න! සූක‍්ෂ්ම කලාපයේ රහස ඔය දරුවන්ට වැටහෙනවා. ඔබ ධ්‍යානයෙන් සූක‍්ෂ්ම කලාපයට යන නමුත්, එහි යෝගාවේ හෝ දැනුමේ කිසිවක් නොමැත. එය ක්‍රමවේදයක් පමණයි. ජීවාත්මයක් කැඳවන ආකාරයත්, එම ජීවාත්මය පැමිණි විට, ඔහු මෙහි සිටියදී, පියාට සවන් නොදීම ගැන, හඬා වැලපී පසුතැවෙන ආකාරය විස්තර කර දී තිබේ. මේ සෑම දෙයක්ම ඔය දරුවන්ට විස්තර කරන්නේ, ඔබ නොසැලකිලිමත් නොවී, උත්සාහ දැරීමේ නියැලී සීටීම පිණිසයි. ඔබගේ කාලය වටිනා අන්දමකින් භාවිත කර, එය අපතේ නොහැරීමට, ඔය දරුවන් සෑම විටෙකම අවධානය යොමු කළ යුතුයි. මායාට එවිට ඔබ ලවා වැරදි කරවීමට නොහැකි වෙයි. බාබා තවද දිගින් දිගටම විස්තර කරයි දරුවනි, කාලය අපතේ නොහරින්න! බොහෝ දෙනෙකුට මෙම මාවත පෙන්වීමට උත්සාහ දරන්න. මහා දානපතියන් වන්න. පියා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරුවෙයි! මෙහි පැමිණෙන ඕනෑම කෙනෙකුට විස්තර කර, උපත් 84 හි චක්‍රය පිළිබඳව ඔවුන්ට කියා දෙන්න. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවත නැවතත් සිදුවීම පිළිබඳ දැනුම සහ උපත් 84 හි චක්‍රය බ්‍රමණය වන ආකාරය, යන සියල්ල සාරංශයක් ලෙසින් ඔබගේ බුද්ධියේ තිබිය යුතුයි. මෙම අපිරිසිදු ලෝකයෙන් ඔබ දැන් නිදහස් වීම ගැන ඔය දරුවන් සතුටින් රැඳී සිටිය යුතුයි. මනුෂ්‍යයන් විශ්වාස කරන්නේ, දිව්‍ය ලෝකය සහ අපාය යන දෙකම එකට මෙහි පවතින බවයි. බොහෝ ධනය ඇති අය විශ්වාස කරන්නේ ඔවුන් දිව්‍ය ලෝකයේ සිටින බවයි. ඔවුන් යම් හොඳ ක්‍රියා සිදු කර ඇති බැවින් සතුට ලබා ඇත. ඔබ දැන් ඉතාමත්ම යහපත් ක්‍රියා සිදු කරනවා. එබැවින් ඔබ උපත් 21 කට සතුට ලබා ගනියි. එම මිනිසුන් විශ්වාස කරන්නේ ඔවුන් දිව්‍ය ලෝකයේ එක් උපතකට සිටින බවය. පියා පවසන්නේ ඔවුන්ගේ සතුට තාවකාලිකයි. ඔබගේ සතුට උපත් 21කට පවති. මේ සඳහයි පියා පවසන්නේ අඛණ්ඩව මෙම මාවත සියලු දෙනාටම පෙන්වන්න. පියාගේ සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි ඔබ රෝග වලින් නිදහස්ව සිට, ලෝකයේ පාලකයන් බවට පත් වන්නේ. දෙව්ලොව, රාජධානියක් තිබේ. එයද සිහිපත් කරන්න. එම රාජධානිය පැවතුණු නමුත් එය දැන් නොමැත. මෙය බලපාන්නේ භාරතයට පමණයි. අන් සියල්ලම අතුරු ජවනිකාය. අවසානයේදී සෑම කෙනෙක්ම ආපසු නිවසට යයි. ඉන්පසුව අපි නව ලෝකයට යයි. මෙය විස්තර කිරීමට පිංතූර වල අවශ්‍යතාවයක් නැත. අශාරීරික ලෝකයේ සහ සූක‍්ෂ්ම කලාපයේ පිංතූර නිර්මාණය කර තිබෙන්නේ, ඒවා විස්තර කිරීම සඳහාය. එම පිංතූර නිර්මාණය කළේ භක්ති මාර්ගයේ සිටි අය බව, පහදා දී තිබේ. එබැවින් අප ඒවා නිවැරදි කළ යුතුයි. එසේ නැත්නම් අප අදේවවාදීන් කියා ඔවුන් පවසාවි. මේ නිසයි අපි නිසියාකාර නිවැරදි කිරීම් සහිතව ඒවා නිර්මාණය කරන්නේ. බ්‍රහ්මා මඟින් ස්ථාපනයත්, ශංකර් මඟින් විනාශයත්, ඇත්ත වශයෙන්ම නාටකයේ නියම වී තිබේ. කිසි කෙනෙක් සැබවින්ම කිසි දෙයක් නොකරයි. විද්‍යාඥයින් ඔවුන්ගේම බුද්ධියෙන් සෑම දෙයක්ම නිර්මාණය කරයි. තවත් බෝම්බ නිපදවන්න එපා කියා, කෙනෙක් ඔවුන්ට කොපමණ කීවද, ඔවුන් එය කිරීම නතර කරන්නේ, බොහෝ බෝම්බ ඇති අය, ඒවා මුහුදේ බැහැර කළ පසුව පමණයි. එම බෝම්බ තබාගෙන සිටින නිසා, වෙනත් අය විසින් තව බෝම්බ නිසැකයෙන්ම නිපදවනු ඇත. ලෝකය දැන් අනිවාර්යෙන්ම විනාශ වීමට යන බව, ඔය දරුවන්ට වැටහෙනවා. යුද්ධය අනිවාර්යෙන්ම සිදුවනවා. විනාශය සිදුවී, ඔබ තමන්ගේම රාජධානිය හිමි කරගනි. පියා පවසන්නේ දැන් සෑම කෙනෙක් වෙනුවෙන්ම හිතකාමී වන්න. ඔබගේ භාග්‍යය ශ්‍රේෂ්ඨ කරගැනීමට, පියා ඔය දරුවන්ට ශ්‍රීමත් ලබා දෙනවා. ඔහු පවසන්නේ සුමිහිරි දරුවනි, ස්වාමියාගේ නාමයෙන් ඔබට තිබෙන සෑම දෙයක්ම වටිනා අන්දමකින් භාවිත කරන්න. ඇතැම් අයගේ ධනය පොළව යට වැළලී යයි ඇතැම් අයගේ ධනය, රජය විසින් පැහැර ගනියි. ස්වාමියාම (පියා) පවසන්නේ දරුවනි, ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලයක්-සහ-රෝහලක් මෙහි විවෘත කිරීමට ඔබගේ මුදල් භාවිත කරන්න, එවිට බොහෝ දෙනෙකුට යහපතක් සිදුවෙයි. ස්වාමියාගේ නමින් එය භාවිත කරන්න, එවිට එහි ප්‍රතිලාභය ඔබට උපත් 21 කට ලැබෙයි. මෙම ලෝකය විනාශ වීමටයි යන්නේ. එබැවින් හැකිතාක් පමණින්, ස්වාමියාගේ නාමයෙන් වටිනා අන්දමකින් සෑම දෙයක්ම භාවිත කරන්න. ස්වාමියා, ශිව බාබායි. භක්ති මාර්ගයේදීද ඔබ ස්වාමියාගේ නමින් දන් දුන්නේය. ඔබ දැන් මෙය ඍජුවම කරනවා. ස්වාමියාගේ නමින් විශාල විශ්ව විද්‍යාල අඛණ්ඩව විවෘත කරන්න, එවිට බොහෝ දෙනෙකුට සෙත සැලසෙයි. රාජධානියේ ඔබගේ භාග්‍යය, ඔබ උපත් 21 කට හිමි කරගනියි. එසේ නැත්නම් ඒ සියලුම ධනය සහ සමෘද්ධිය විනාශ වී යනු ඇත. භක්ති මාර්ගයේ එය කිසි විටෙක විනාශ වන්නේ නැත. දැන් සෑම දෙයක්ම විනාශ වීමටයි යන්නේ. එය දැන් භාවිත කරන්න, එවිට ඔබට එහි ප්‍රතිලාභය ලැබෙයි. ස්වාමියාගේ නාමයෙන් සෑම කෙනෙකුටම යහපතක් සළසන්න, එවිට ඔබ උපත් 21 කට උරුමයක් ලබාවි. ඔබට ඉතා පැහැදිලිව විස්තර කරනු ලබයි. කෙසේවෙතත්, එය ඔවුන්ගේ භාග්‍යයේ ඇති අය, දිගින් දිගටම එය මේ අන්දමින් භාවිත කරනු ඇත. ඔබගේ ගෘහයද ඔබ බලා ගත යුතුයි. මෙම කෙනාගේ (බ්‍රහ්මා) චරිත කොටස එසේ විය. ඔහුට බලවත් කුල්මත්භාවයක් තිබුණා බාබා මට ආධිපත්‍යය ලබා දෙනවා. එබැවින් මා මෙම ’බූරුකමින්‘ මොනවා කරන්නද? ඔබ සෑම කෙනෙක්ම මෙහි අසුන් ගෙන සිටින්නේ ආධිපත්‍යය හිමිකර ගැනීමටයි. එබැවින් ඔහුව අනුගමනය කරන්න! ඔහු සියලු දේ අත්හළ අන්දම ගැන ඔබ දන්නවා. එම ආධිපත්‍යය ඔහුට හිමි වීමට යෑම ගැන ඔහුට විශාල කුල්මත් බවක් තිබුණා. පළමුවන හවුල්කරුට අල්ලා හමුවුණා. එබැවින් ඔහුගේ රාජ්‍යය (ව්‍යාපාරය) ඔහුගේ ව්‍යාපාරික හවුල්කරුට ඔහු දුන්නා. ඔහුට රාජ්‍යයක් තිබුණා ඔහු ඊට අඩු නොවීය! ඔහුගේ ව්‍යාපාරය බොහෝ සාරවත්ව (සමෘද්ධිමත්) තිබුණා. ඔබට දැන් ඔබගේ ආධිපත්‍යය හිමිවීමට යනවා. එබැවින් බොහෝ දෙනෙකුට යහපතක් සිදුකරන්න. බත්තිය නිර්මාණය කරනු ලැබුවා. සමහරු සම්පූර්ණයෙන්ම තැම්බී, සූදානම්ව පිටතට පැමිණි අතර, අන් අය දුර්වලව රැඳී සිටියා. රජය විසින් සාදන ලද, කඩදාසි මුදල් නෝට්ටු, නිසියාකාරව සකස් නොවුණේ නම්, ඒවා සියල්ලම පුලූස්සා දැමීමට සිදුවෙයි. මුල් දවස් වල, රිදී රුපියල් තිබුණා රත්තරන් සහ රිදි බොහොමයක් තිබුණා. දැන් සිදුවන්නේ කුමක්ද කියා බලන්න! ඇතැම් අයගේ ධනය, රජය විසින් සූරා ගනු ලබනවා. වෙනත් අයගේ ඒවා සොරුන් විසින් පැහැර ගන්නවා. බලන්න කෙතරම් පැහැර ගැනීම් සහ සොරකම් සිදුවනවාද කියා! සාගතද ඇතිවෙයි. මෙය රාවනගේ රාජධානියයි. ස්වර්ණමය යුගයට, රාම රාජ්‍යය කියා කියයි. පියා පවසන්නේ ඔබව බොහෝ සේ ශ්‍රේෂ්ඨත්වයට පත් කෙරුණා! එබැවින් ඔබ මෙතරම් දිළිඳුභාවයට පත්වූයේ කෙසේද? ඔය දරුවන්ට දැන් බොහෝ දැනුම ලැබී ඇත. එබැවින් බොහෝ සතුට තිබිය යුතුයි. දවසින් දවස ඔබගේ සතුට වැඩි වනු ඇත. ඔබගේ වන්දනා ගමනේ, ඔබ සමීපයට පැමිණෙන තරමට, ඔබට දැනෙන සතුට වැඩි වනු ඇත. සාමයේ දේශය සහ සතුටෙහි දේශය අත ලඟ තිබෙන බව ඔබ දන්නවා. පාරාදීසියේ ගස් ඔබට දැකිය හැක. එපමණයි! අපි දැන් එතැනට ඉතා සමීපව ළඟා වී ඇතිවාක් මෙනි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ කාලය වටිනා අන්දමකින් ගත කිරීමට අවධානය යොමු කරන්න. මායා ඔබ ලවා වැරදි කරවීම සිදු නොවීම සහතික කිරීම සඳහා, මහා දානපතියෙක් වී, තව බොහෝ දෙනෙකුට මාර්ගය පෙන්වීමේ කාර්ය බහුල වී සිටින්න.

2. ඔබගේ භාග්‍යය උසස් කිරීම සඳහා, ඔබට තිබෙන සෑම දෙයක්ම ස්වාමියාගේ නමින් වටිනා අන්දමකින් භාවිත කරන්න. ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලයක් විවෘත කරන්න.

වරදානය:
ඔබ පිවිතුරු හා උසස් ක්‍රියාවන් සිදුකර, එමඟින් ඉහළම ඉහළ පියා හෙළිදරව් කරත්වා.

ඔබ සෑමවිටම ඔබේ දකුණු අත පිවිතුරු හා උසස් ක්‍රියාවන් කිරීමට භාවිත කරනවා සේම, නිරන්තරයෙන් පිවිතුරු හා උසස් ක්‍රියා සිදුකරන දකුණත් දරුවන් වන්න. ඔබේ සෑම ක්‍රියාවක්ම ඉහළම ඉහළ පියා හෙළිදරව් කරන ක්‍රියාවක් වේවා, මන්ද, ඔබේ සිතිවිලි සහ වචන වල සත්‍යය හෙළිදරව් වන්නේ ඔබේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගිනි. ඔබේ ක්‍රියාකාරකම් දකින සෑම කෙනෙකුටම එවිට ඒ තුළින් අත්දැකීමක් ලබා ගත හැකිය. එබැවින්, ඔබේ ආධ්‍යාත්මික දෘෂ්ටිය සහ ඔබේ මුහුණේ ආධ්‍යාත්මික සතුට තුළින් පරම පියාව හෙළිදරව් කරන්න. මෙයද කර්මයකි.

පාඨය:
ආධ්‍යාත්මිකත්වයේ අරුථ නම් ඔබේ ඇස්වල පාරිශුද්ධත්වයේ දීප්තියත් ඔබේ තොල් මත පාරිශුද්ධත්වයේ සිනහවකුත් තිබීමයි.

අව්‍යක්ත සංඥාව: සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.

අද කාලයේ සූර්ය බලය රැස් කර බොහෝ කාර්යයන් ඉටු කිරීමට භාවිතා කරයි. ඒ හා සමානව, ඔබ තුළ සිතිවිලි වල බලය රැස් කර ගන්න, එවිට ඔබට අන් අය බලයෙන් පුරවා ඔවුන්ගේ කාර්යය සාර්ථක කර ගැනීමට හැකි වනු ඇත. කිසිදු ධෛර්යයක් නොමැති අය ඔබේ වචන වලින් මෙන්ම ඔබේ උසස් සිතිවිලි වල සියුම් බලයෙන් ධෛර්යමත් කරන්න. මෙය වර්තමාන කාලයේ අවශ්‍යතාවයයි.