01.08.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පාරිශුද්ධත්වයට පත් නොවී ඔබට නිවස කරා යා නොහැකියි. එමනිසා, ඔබගේ ජීවාත්මය
නම් වු ඒ බැටරිය බාබාගේ ස්මරණයෙන් ජනිත කර තබාගෙන ස්වභාවිකවම පාරිශුද්ධත්වයට පත්
වන්න.
ප්රශ්නය:
ඔබ නිවස කරා
යාමට පෙර බාබා විසින් ඔබට ඉගැන්විය යුතු කරුණ කුමක්ද?
පිළිතුර:
දරුවනි, ඔබ නිවස කරා යාමට පෙර ජීව මරණයක් අත් දැකිය යුතුයි. මෙම තත්ත්වය ලබා ගැනීමට
බාබා ඔබට ඔබගේ ශරීරයෙන් වෙන් වන ආකාරය ගැන කියා දෙනවා. ඒ කියන්නේ ඔහු ඔබට ජීව මරණය
අත්දකින ආකාරය කියා දෙනවා. මේ සියලු දෙයින් වෙන් වීම යනු මරණය අත් දැකීමයි. ඔබට
දැන් මෙහි පැමිණෙන ආකාරයත් එහි යන ආකාරයත් පිළිබඳව හොඳ පුහුණුවක් තිබෙනවා. ඔබ
දන්නවා ඔබගේ ජීවාත්මය මෙහි පැමිණ මෙම ශරීරය මඟින් ඔබගේ චරිත කොටස රඟපානවා කියා.
මුලදී ඔබ එම නිවසෙහි නිවැසියන්ව සිටියා. ඔබ දැන් නැවතත් එම නිවසට යාමටයි සැරසෙන්නේ.
ඕම් ශාන්ති.
ඔබ ජීවාත්මයක්
ලෙස සිතා බාබා සිහිපත් කිරීමෙහි කිසිම අපහසුතාවයක් නැහැ. මෙසේ කරන විට ඔබට කිසි
සේත් නිදිබර ගතියක් දැනිය නොයුතුයි. මෙය ඉතා පහසු ස්මරණයක්. ප්‍රථමයෙන්ම ඔබ
ජීවාත්මයක් බව සැළකිය යුතුයි. ජීවාත්මය එහි චරිත කොටස රඟපෑම උදෙසා ශරීරයක් ලබා ගත
යුතුයි. ජීවාත්මය තුළ එහි සංස්කාර ගැබ් වී තිබෙනවා. ජීවාත්මය සම්පුර්ණයෙන් නිදහස්
වු දෙයක්. බාබා කියනවා : ඔබ ජීවාත්මයක් බව සළකා මා, ඔබගේ පියා පමණක් සිහිපත් කරන්න.
ඔබට මෙම දැනුම මෙසේ ලබා ගත හැක්කේ මේ කාලයේදී පමණයි ඔබ නැවතත් මෙය ලබන්නේ නැහැ.
ලෝකයේ වෙන කිසිම කෙනෙක් ඔබ මෙවැනි නිශ්ශබ්දතාවයක් අත් දකිනවා කියා දන්නේ නැහැ. මෙම
නිශ්ශබ්දතාවය ස්වභාවික වු නිහඬතාවයක්. ඔබගේ ජීවාත්මය ඒ ඈත දනව්වේ සිට ඔබගේ චරිත
කොටස රඟපෑම සඳහා මෙහි පැමිණියා. මුලදී ඔබ වෙසෙමින් සිටියේ එම නිවසේයි. ඔබගේ බුද්ධිය
තුළ දැන් මෙම දැනුම තිබෙනවා. මෙය හතා යෝගා හෝ එවැනි අපහසු යෝගා ක්‍රමයක් නොවේ. මෙය
ඉතා පහසු වූ යෝග ක්‍රමයක්. ජීවාත්මයන් වන ඔබ සියලු දෙනා දැන් නිවස බලා යා යුතුයි.
කොහොමනමුත්, ඔබ පාරිශුද්ධත්වයට පත්වන තුරු ඔබට නිවස කරා යා නොහැකියි. එමනිසා,
පාරිශුද්ධත්වය ලැබීමට නම් ඔබ විසින් බාබා, ඒ උත්තරීතර ජීවාත්මය සිහිපත් කළ යුතුයි.
ඔහු සිහි කිරීම මඟින් ඔබගේ සියලු පාපයන් විනාශ කර දැමීමට ඔබට හැකි වෙනවා. මෙහි
කිසිම ආකාරයක අපහසුතාවයක් නැහැ. ඔබ ගමනක් යන විට වුවත් බාබාගේ ස්මරණයෙන් සිටිය
යුතුයි. දැන් ඔබ මෙම ස්මරණයෙහි සිටිය හොත් පමණයි ඔබට පාරිශුද්ධත්වයට පත් විය
හැක්කේ. එහිදී මුළු ලෝකයම පිරිසිඳුයි. ඒ පිරිසිඳු ලෝකයේදී ඔබට මෙම දැනුම අවශ්‍ය
වන්නේ නැහැ. මන්ද, එහිදී ඔබ විසින් කිසිම පාපයක් සිදු කෙරෙන්නේ නැහැ. මෙහිදී ඔබ
ඔබගේ පාපකාරී කර්මයන් සියල්ල ස්මරණය මඟින් විනාශ කර දැමිය යුතුයි. ඔබ මෙහිදී මෙන්ම
එහිදීත් ස්වභාවික ලෙසම ක්‍රියා සිදු කරනවා. පසුව කෙමෙන් කෙමෙන් ඔබ පසු බසිමින් ආවා.
එහිදී ඔබ විසින් මෙම ස්මරණය පුහුණු කළ යුතු වන්නේ නැහැ. මේ කාලයේදී තමයි ඔබ විසින්
මෙම ස්මරණය කළ යුතු වන්නේ. දැන් ඔබ ඔබගේ බැටරිය නැවතත් ජනිත කළ යුතුයි. නමුත් පසුව
එය කෙමෙන් කෙමෙන් නැවතත් බලය අඩු වී යනවා. මෙම චක්‍රයේ එක් මොහොතකදී පමණයි ඔබ මෙසේ
ඔබ බැටරිය ජනිත කර වීමට ඉගෙන ගන්නේ. සතෝප්‍රධාන් තත්ත්වයෙන් තමෝප්‍රධාන් තත්ත්වයට
පත් වීමට ඔබට කෙතරම් කාලයක් ගත වුවාද ? මෙම චක්‍රය මුල සිටම ඔබගේ බැටරියෙහි ජනිත කළ
බලය කෙමෙන් කෙමෙන් අඩු වී යනවා. ඒ උත්තරීතර දනව්වෙහි සිටින්නේ ජීවයන් පමණයි. එහි
ශරීරයන් නොමැති හෙයින් බැසීමක් ගැන ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ඒ කියන්නේ බැටරිය
ජනිත කිරීමක් එහිදී අවශ්‍ය වන්නේ නැහැ. වාහනය ගමන් කරන විට තමයි එහි බැටරියෙහි බලය
අඩු වෙන්නේ. රථය එක් තැනක තිබෙන විට එම බැටරිය වැඩ කරන්නේ නැහැ. රථය පාවිච්චි කරන
විට තමයි එහි බලය වැය වන්නේ. රථයක බැටරිය නැවත නැවතත් ජනිත කරලිය හැකි වුවත් ඔබගේ
බැටරිය ජනිත කරලිය හැක්කේ මේ කාලයේදී පමණයි. ඔබගේ ශරීරය මඟින් ඔබ නොයෙකුත් කර්මයන්
සිදු කරන විට එහි බලය කෙමෙන් කෙමෙන් නැති වී යනවා. ප්‍රථමයෙන්ම ඔබ, ඔහු තමයි සියලු
දෙනා විසින් සිහිපත් කරන උත්තරීතර පියා බව හඳුන්වා දිය යුතුයි. ඔවුන් කියනවා අහෝ
දෙවියනි! ඔහු තමයි අප සියල්ලන්ගේ පියා අපි ඔහුගේ දරුවන් කියා. මගේ දරුවන් වන ඔබට
මෙහිදී ඔබගේ බැටරිය නැවත ජනිත කර ගන්නේ කෙසේද කියා විස්තර කර දෙනවා. මේ සියල්ලගෙන්ම
කියන්නේ ඔබ කරන ඕනෑම වැඩකදී බාබා සිහි කරන්න. එවිට ඔබ සතෝප්‍රධාන් තත්ත්වයට පත්
වනවා. ඔබට නොතේරෙන යමක් තිබේ නම් එය අසන්න. මෙය සම්පුර්ණයෙන්ම පහසු වු දෙයක්. මෙම
අවුරුදු 5000 අවසානයේ දි ඔබගේ බැටරිය ක්‍රියා විරහිත වී ගොස් තිබෙනවා. බාබා දැන්
නැවතත් ඔබ සියලුම දෙනාගේ බැටරිය ජනිත කරවීම උදෙසා මෙහි පැමිණ සිටිනවා. විනාශයක් වන
අවස්ථාවේදී සියලුම දෙනා දෙවියන් සිහි කරනවා. උදාහරණයක් ලෙස ගංවතුරක් ආදිය හට ගත් කළ
භක්තිවන්තයින් දෙවියන් සිහි කරනවා. කොහොමනමුත්, එම අවස්ථාවේදී ඔවුන් හට එසේ සිහි කළ
නොහැකියි. ඔවුන් ඔවුන්ගේ මිතුරන්, නෑදෑයින්, ධනය හා ඉඩකඩම් ගැන සිහි කරමින්
සිටිනවා. ඔවුන් අහෝ දෙවියනි! කියා කියන්නේ එය එසේ කියැවෙන හෙයිනි. බාබා අපගේ සත්‍යය
බවත් අප සියලු දෙනා ඔහුගේ දරුවන් වන බවත් ඔවුන් දන්නේ නැහැ. ඔවුන් ළඟ තිබෙන්නේ
දෙවියන් සෑම තැනකම සිටිනවා කියන වැරදි දැනුමක් පමණයි. බාබා දැන් නැවත මෙහි පැමිණ
සිටින්නේ නිවැරදි වු දැනුම ඔබ හට ලබා දීමටයි. භක්ති දෙපාර්තමේන්තුව අපෙන්
සම්පුර්ණයෙන්ම වෙනස් වු දෙයක් භක්තියේදී ඔබ අඳුරේ අතපත ගෑම තමයි කරන්නේ. බ්‍රහ්මාගේ
රැය යනු බ්‍රහමින් දරුවන්ගේත් රැයයි. බ්‍රහ්මාගේ හිමිදිරිය යනු දරුවන්ගේත්
හිමිදිරියයි. ඔබ කිසිම විටෙක ක්ෂුද්රාගේ රැය හා ක්ෂුද්රාගේ හිමිදිරිය කියා
කියන්නේ නැහැ. බාබා මෙහි වැදගත්කම ඔබට කියා දෙනවා. මෙය තමයි ඒ අසීමිත රැය හා
හිමිදිරිය. දැන් රැය අවසන් වී හිමිදිරිය පහන් වීමටයි සැරසෙන්නේ. බ්‍රහ්මාගේ රැය හා
බ්‍රහ්මාගේ හිමිදිරිය ආදී වචන පාවිච්චි කර ඇත්තේ නොයෙකුත් ග්රන්ථ වලයි. නමුත්
කිසිම කෙනෙක් මේවායෙහි තේරුම දන්නේ නැහැ. දැන් ඔබගේ බුද්ධිය අසීමිත වූ කරුණු වෙත
යොමු වනවා. ඇත්තෙන්ම දේවී දේවතාවන් හටත් විශ්ණුගේ හිමිදිරිය හා විශ්ණුගේ රැය කියා
හැඳින්විය හැකියි. මන්ද, බ්රහ්මා හා විශ්ණු අතර තිබෙන සබඳතාවයත් ඔබට විස්තර කර දී
තිබෙනවා. වෙන කිසිම කෙනෙක් මේ ත්‍රිමූර්ති විසින් කෙරෙන කාර්යය කුමක්ද කියා දන්නේ
නැහැ. වෙන කිසම කෙනෙක් මෙය කුමක්ද කියා තේරුම් ගන්නේ නැහැ. ඔවුන් කියනවා දෙවියන්
මාළුවකුගේ හෝ කිඹුලකුගේ ශරීරයක් ගෙන, මෙම ඉපදීමෙහි හා මරණයෙහි චක්‍රයට ඔහුත් අයත්
වනවා කියා. රාධේ හා ක්‍රිෂ්ණාත් මනුෂ්‍යයන් වුවත් ඔවුන් හට දිව්‍යමය වූ ගුණාංග
තිබුණා. ඔබ දැන් ඔවුන් වැනි තත්ත්වයට පත් විය යුතුයි. ඔබගේ ඊළඟ උපතේදී සමහර විට ඔබ
දිව්‍ය තත්ත්වයක් ලැබිය හැක. ඔබ දැන් ඔබගේ උපත් 84ක චක්‍රය හමාර කර ඇති නිසා ඔබ
දැන් නැවතත් එය ඒ ආකාරයෙන්ම සිදු කළ යුතුයි. ඔබ දැන් මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබනවා.
බාබා කියනවා සුමිහිරි දරුවනි, ඔබ සියලුම දෙනා ජීවයන් යන විශ්වාසය තබා ගන්න.
මිනිසුන් ඔවුන් නළුවන් ලෙස හඳුන්වනවා. නමුත් ඔවුන් ජීවයන්. ඒ ඈත දනව්වේ සිට ඔවුන්ගේ
කොටස රඟපෑම උදෙසා මෙහි පැමිණෙන්නේ කෙසේද කියා ඔවුන් දන්නේ නැහැ. ඔවුන් ඔවුන්ම
මනුෂ්‍යයන් බව පමණයි දන්නේ. ඔබගේ ජීවය ඒ ඈත දනව්වේ සිට මෙහි පැමිණෙනවා. ඔබ නැවතත්
එහි යන්නේ කවදාද? නැවත එහි යනවා යනු මෙම ශරීරය අත්හැර යාමයි. මෙම ශරීරය අත්හැරීමට
අවශ්‍ය කා හටද? මෙහිදී බාබා ඔබට කියනවා ඔබ විසින් මෙම ශරීරය අමතක කර දැමිය යුතුයි
කියා. ජීව මරණයක් අත්දකින්නේ කෙසේද කියා දැන් ඔබට කියා දී තිබෙනවා. වෙන කිසිම
කෙනෙක් හට මෙය ඉගැන්විය නොහැකියි. ඔබ දැන් මෙහි පැමිණ සිටින්නේ ඔබගේ නිවස කරා යාම
උදෙසායි. ඔබ දැන් ඒ නිවස කරා යන්නේ කෙසේද යන දැනුම මෙහිදී ලබා ගන්නවා. මෙම මරණ
දේශයේ ඔබගේ අවසානම උපත වන්නේ මෙයයි. සත් යුගය හඳුන්වන්නේ අමරණීයත්වයේ දේශය ලෙසයි.
ඔබ ඉතා ඉක්මණින් මෙම ලෝකය අත්හැර යා යුතුය යන හැඟීම ඔබ බුද්ධියෙහි තිබෙනවා.
ප්‍රථමයෙන්ම ඔබ ඔබගේ විමුක්ති දේශය කරා යා යුතුයි. මෙහිදී ඔබ විසින් යොදාගෙන තිබෙන
මේ ශරීරය නැමති ඇඳුම දැන් ලිහා දැමිය යුතුයි. ඉන්පසු ඔබගේ ජීවය ඒ නිවස කරා යනවා.
සාමාන්‍ය නාට්‍යයක සිටින නළුවන් ඔවුන්ගේ කොටස රඟපා අවසන් වූ පසු ඔවුන්ගේ ඇඳුම් ගලවා
ගෙදර යනවා. ඔබත් දැන් ඔබගේ මේ ශරීරය නැමති ඇඳුම ගැලවීමටයි සැරසෙන්නේ. සත් යුගයේ
දේවී දේවතාවන් සිටින්නේ බොහොම ස්වල්පයයි. මෙහි කෙතරම් මනුෂ්‍ය සංහතියක් සිටීද
කියතොත් එය ගණන් කිරීම පවා අපහසු දෙයක්. එහි තිබෙන්නේ ඒ එකම ආදී සනාතන දේවී දේවතා
ධර්මය පමණයි. මේ මොහොතේදී ඔවුන් ඔවුන් විසින්ම හින්දූන් කියා පවසා ගන්නවා. ඔවුන්,
ඔවුන්ගේ ඒ උසස් වූ ධර්මා හා කර්මා යන්න අමතක කර දමා තිබෙනවා. මේ නිසා තමයි ඔවුන්
මෙසේ අසන්තෝෂයට පත් වී තිබෙන්නේ. සත් යුගයේදී නම් ධර්මා හා කර්මා ඉතා උසස් වුවා.
නමුත් මේ කලි යුගයේදී නම් ඔබගේ ධර්මා හා කර්මා ඉතා බාල තත්ත්වයකයි තිබෙන්නේ. ඔබ
මෙසේ බැසගෙන ආවේ කෙසේද කියා ඔබගේ බුද්ධියෙහි තිබෙනවා. ඔවුන්ගේ බුද්ධිය දැන්
තමෝප්‍රධාන් තත්ත්වයට පත් වී තිබෙන නිසා ඔවුන් උපත් මිලියන 8.4ක් ගැන කතා කරනවා.
ඔවුන් කියනවා දෙවියන් සෑම ගලකම, ගසකම සිටිනවා කියා. බාබා කියනවා ඔවුන්ගේ බුද්ධිය
ගල් බවට පත් වී තිබෙනවා. ශිෂ්‍යයන් පාසලෙහි හොඳින් ඉගෙන ගත්තේ නැතිනම්, ඔවුන්ට
කියන්නේ ගල් බුද්ධියකින් යුතු වු අය ලෙසයි. මෙහිදි ඔබට ඒ අසීමිත වු පියාගේ
හැඳින්වීම ලැබෙනවා. ඒ අසීමිත පියා මෙහි පැමිණ ඒ නව ලෝකය නිර්මාණය කරනවා. ඔහු
කියන්නේ මන්මනාභව් තත්ත්වයට පත්වන්න කියායි. මෙය ගීතාවේ පවා සඳහන් වෙනවා. ගීතා යන
නම ඔබ රාජයෝගා දැනුම සඳහා යොදාගෙන තිබෙනවා. මෙය ඔබගේ පාසලයි. දරුවන් මෙහි
පැමිණෙන්නේ අධ්‍යාපනය සඳහායි. එමනිසා, ඔබ කියනවා මෙය බාබාගේ පාසල කියා. පුතෙකුගේ
පියෙකු පාසලක විදුහල්පතිවරයෙක් නම් ඔහු කියන්නේ ඔහු ඉගෙන ගන්නේ ඔහුගේ පියාගේ
පාසලෙහි බවයි. ඔහුගේ මවත් විදුහල්පතිවරයෙක් නම් ඔහු කියනවා තම මවත් පියාත් දෙදෙනාම
විදුහල්පතිවරුන් කියා. ඒ දෙදෙනාම උගන්වන්නේ එම පාසලේ කියා. ඔබ කියනවා මෙය තමයි ඔබගේ
මමාගේත් බාබාගේත් විදුහල. ඒ දෙදෙනාම ඔබට උගන්වනවා. ඒ දෙදෙනාම විසින්ම මෙම
ආධ්‍යාත්මික පාසල, මෙම විශ්ව විද්‍යාලය විවෘත කර තිබෙනවා ඒ දෙදෙනාම විසින් ඔබට
උගන්වනවා. බ්රහ්මා විසින් ඔබ යොදාගෙන තිබෙනවා. මේවා ගැඹුරු දැනුම පිළිබඳ කරුණුයි.
බාබා කිසිම දෙයක් අළුතෙන් උගන්වන්නේ නැහැ. මෙම විස්තරයම මීට පෙර කල්පයේදිත් ලබා
දුන්නා. මෙහි කෙතරම් විශාල දැනුමක් තිබෙනවාද කියතොත් දවසින් දවසම එය ගැඹුරට යනවා.
ජීවය පිළිබඳව ඔබට ලැබී ඇති හැඳින්වීම දෙස මදක් බලන්න. එවන් පුංචි ජීවයක මේ සම්පුර්ණ
උපත් 84ම ගැබ් වී තිබෙනවා. එය කිසිම විටෙක විනාශ වන්නේ නැහැ ජීවය අවිනාශි දෙයක්
වගේම එහි කොටසත් අවිනාශි වු දෙයක්. ජීවය එහි කන් දෙකෙන් ඇහුම්කන් දෙනවා. ජිවයකට
ශරිරයක් තිබෙන තුරු එයට රඟපෑම සඳහා කොටසකුත් තිබෙනවා. ජිවයක් එහි ශරිරයෙන් වෙන්
වුණු කළ එය ඔබට පිළිතුරු දෙන්නේ නැහැ. බාබා කියනවා දරුවනි, දැන් ඔබගේ නිවස බලා යා
යුතුයි. ඔබ එහි යා යුත්තේ මේ බොහෝ ප්‍රයෝජනවත් වු සංගම යුගයේදියි. මේ සඳහා ඔබ
විසින් අධ්‍යනය කළ යුතු ප්‍රධානම විෂය වන්නේ පාරිශුද්ධත්වයයි. සාම දේශයේ වෙසෙන්නේ
පිරිසිඳු වු ජීවයන් පමණයි. එහි කිසිම ශරිරයක් නැහැ ජිවය පිරිසිඳුයි. සාම දේශයත්
සතුටු දේශයත් යන දෙකම පාරිශුද්ධත්වයෙන් යුතු දේශයන්. එහිදි ඔබගේ බැටරියෙහි බලය
අඩුවන්නේ නැහැ. මෙහිදි ශරිරයක් යොදා ගැනීමෙන් ඔබගේ වාහනය ක්‍රියාත්මක වෙනවා.
වාහනයක් නවතා තිබෙන විට එහි පෙට්‍රල් පිච්චෙන්නේ නැහැ. ඔබගේ ජීවයෙහි ආලෝකය දැන්
බොහෝ අඳුරු වී තිබෙනවා. එය සම්පුර්ණයෙන්ම නැති වී ගොස් නැහැ. ජිවයක් එහි ශරිරය
අතහැර යන විට, පොල්තෙල් පහනක් දල්වා එය කිසිසේත් නිවී නොයෑමට ඔවුන් වගබලා ගන්නවා.
ජිවයෙහි ආලෝකය කිසිසේත් නැති වී යන්නේ නැහැ එය අවිනාශී දෙයක්. බාබා මෙම සෑම කරුණක්ම
විස්තර කර දෙනවා. බාබා දන්නවා ඔබ සියලු දෙනා සුමිහිරි වු දරුවන් කියා. ඔහුගේ සෑම
දරුවෙක්ම රාගය නැමැති ගින්න මත හිඳ ගැනීම නිසා දැන් පිච්චී ගොස් තිබෙනවා. මා දැන්
නැවතත් ඔවුන් අවදි කර ලීම සඳහා මෙහි පැමිණ සිටිනවා. ඔවුන් මළ මිනියක ආකාරයට
තමෝප්‍රධාන් තත්ත්වයට පත් වී තිබෙනවා. ඔවුන් බාබා කියන්නේ කවුද කියා හෝ දන්නේ නැහැ.
මනුෂ්‍යයන් දැන් තව දුරටත් වැදගත් වන්නේ නැහැ. වැදගත් මනුෂ්‍යයෙකුගේ අළු හොඳයි කියා
හෝ දුප්පත් අයෙකුගේ අළු වැදගැම්මකට නැතැයි කියා දෙයක් නැහැ. එය කාගේ හෝ වේවා පසුව
දූවිලි බවට පත් වෙනවා. සමහරු සිරුර වළලා දමනවා. තවත් සමහරු එය පුළුස්සනවා. පාසිස්
නමින් හඳුන්වන අය එම ශරීරය ළිඳක් අසල දමා එම මස් කුරුල්ලන් හට කන්නට ඉඩ දෙනවා. එවිට
එම ඉතිරිවෙන මස් ළිඳට වැටෙනවා. එමගින් අඩුම තරමින් යම් ප්‍රයෝජනයක් තිබෙනවා. මේ
ලෝකයේ බොහෝ දෙනා මිය යනවා. ඔබ දැන් ඉතා ලේසියෙන් මෙම ශරිරය අත් හරින තත්ත්වයට
පත්විය යුතුයි. ඔබ මෙහි පැමිණ සිටින්නේ ඔබගේ ශරිරය අතහැර නිවස කරා යාම සඳහායි ඔබ
මෙහි පැමිණ සිටින්නේ එම මරණය අත් දැකිමටයි. ඔබ විමුක්තියෙන් යුතු ජීවිතයක් ලබා
ගැනීමට යන බව ඔබ දන්නා නිසා මෙම ශරිරය අත් හරින්නේ ඉතාමත් සතුටෙනි. මෙම චක්‍රය
මුලදී තම කොටස රඟ පෑ අයම අවසානයේත් ඔවුන්ගේ කොටස රඟපානවා. බාබා නිරන්තරයෙන් ඔබට
උත්සාහ දැරීම සඳහා උපදෙස් දෙනවා. ඔහු සියලු දෙයින් වෙන් වුණු අයෙක් ලෙස මේ සියලු දේ
නරඹමින් සිටිනවා. මෙය ඔබ විසින් හොඳින් තේරුම් ගත යුතු දෙයක්. මේ ගැන කිසිම බයක්
වීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබගේ ශරීරය අත්හැර නිවස කරා යාම සඳහා ඔබ සියලුම දෙනා උත්සාහ
දැරිය යුතුයි. බාබා පමණක් සිහි කරන්න. එවිට ඔබගේ අවසාන සිතිවිලි ඔබගේ ඉලක්කය සඳහා
උපයෝගී වේ. මේ සඳහා ඔබ උත්සාහ කළ යුතුයි. සෑම අධ්‍යාපනයක්ම සඳහා උත්සාහය අවශ්‍යයි.
දෙවියන් අනිවාර්යෙන්ම ඔබට ඉගැන්වීම සඳහා මෙහි පැමිණිය යුතුයි. එමනිසා, මෙම
අධ්‍යාපනය අනිවාර්යෙන්ම උසස් අධ්‍යාපනයක් විය යුතුයි. මෙහිදී ඔබ හට දිව්‍යමය වු
ගුණාංග අවශ්‍ය වෙනවා ඔබ අනිවාර්යෙන්ම ලක්ෂ්මී හා නාරායන් තත්ත්වයට පත්විය යුතුයි.
ඔවුන් සිටියේ සත් යුගයේයි. ඔබ දැන් නැවතත් ඒ සත් යුගයේ දේවී දේවතාවන් බවට පත් වීමට
මෙහි පැමිණ සිටිනවා. ඔබගේ ඉලක්ය හා අරමුණ බොහොම ලෙහෙසි දෙයක්. එය ත්‍රිමුර්ති
පින්තූරයේ ඉතා හොඳින් පෙන්වා දී තිබෙනවා. එය බ්රහ්මා, විශ්ණු හා ශංකර් ලෙස පෙන්වා
තිබුණේ නැති නම් බ්රහ්මා විශ්ණු වන අකාරයත් විශ්ණු බ්රහ්මා වන ආකාරයත් කියා
දෙන්නේ කෙසේද ? අනෙක් මිනිසුන් බ්‍රහ්මාව අත් සතරකින් යුතුව පෙන්නුම් කරනවා.
බ්රහ්මා හට දරුවන් බොහොමයක් සිටින නිසා ඔවුන් අත් සියයකින් එය පෙන්නුම් කරනවා. මේ
නිසා තමයි ඔවුන් එවැනි පින්තූරයක් නිර්මාණය කර තිබෙන්නේ. කොහොමනමුත්, අත් එතරම්
සංඛ්‍යාවක් තිබෙන මිනිසෙක් කිසි සේත් සිටිය නොහැකයි. රාවණ්ගේ රූපය ඔළු දහයකින්
පෙන්වීමෙහි යම් අර්ථයක් තිබෙනවා. එවන් වු කිසිම මිනිසෙක් මෙහි සිටිය නොහැකියි. බාබා
මෙය විස්තර කර දෙනවා. මිනිසුන් මේ කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. මෙයත් ක්‍රීඩාවක්
වැනියි. කිසිම කෙනෙක් මෙය ආරම්භ වුයේ කවදාද කියා දන්නේ නැහැ. ඔවුන් කියනවා කාලය
පටන් ගත් දා සිටම මෙය තිබෙනවා කියා. නමුත් ඒ කවදාද ? එමනිසා, බාබා දැන් සුමිහිරි
දරුවන් වන ඔබ හට උගන්වනවා. බාබා ඔබගේ ගුරුවරයා වෙනවා සේම ඔබගේ ගුරූ වෙනවා. එමනිසා,
දරුවන් මෙහිදී විශාල සතුටක් අත් දැකිය යුතුයි. කාගේ දිශාව යටතේද ඔබ මේ සියලු
කෞතුගාර ආදිය ඉදි කරන්නේ. මෙහි සිටින්නේ මමාත් බාබාත් දරුවනුත් පමණයි ගණන් කළ
නොහැකි තරම් දරුවන් මෙහි සිටිනවා. ඔවුන්ගේ දිශාව මත තමයි ඔබ සියලු දේ විවෘත කරන්නේ.
මිනිසුන් කියනවා ඔබ සත්‍යය කතා කරයි කියා කියනවා නම් මෙම ශරීරය මඟින් අපට යම්
දර්ශනයක් පෙන්නුම් කරන්න කියා. නමුත් ඔබට එම ජීවය පිළිබඳව දර්ශනයක් ලැබී තිබෙනවාද ?
එවැනි පුංචි ජීවයක දර්ශනයක් ඔබට ලැබෙන්නේ කෙසේද ? එය අවශ්‍ය දෙයක් නොවේ ඔබ විසින්
හඳුනා ගත යුතු වන්නේ ජීවයක් යනු කුමක්ද යන්නයි. ජීවය වෙසෙන්නේ මෙම නළල මධ්‍යයේයි.
මෙම මුලධර්මය යටතේ තමයි මුළු ශරිරයම ක්‍රියාත්මක වන්නේ. මේ වන විට ඔබට සැහැල්ලුවේ
ඔටුන්නක් හෝ රනින් තනන ලද ඔටුන්නක් හෝ නැහැ. ඔබ දැන් නැවතත් ඒ ඔටුණු දෙකම නැවත ලබා
ගැනීම සඳහා උත්සාහ දරණවා. ඔබ චක්‍රයක් චක්‍රයක් පාසා බාබාගෙන් ඔබගේ උරුමය ලබා
ගන්නවා. අප මීට පෙර හමු වී තිබෙනවාද කියා බාබා අසන විට දරුවන් මෙසේ පිළිතුරු දෙනවා
ඔව් බාබා අප සෑම චක්‍රයකදීම ඔබ හමු වුවා. ඒ මන්ද ? ලක්ෂ්මී හා නාරායන් තත්ත්වයට
පත්වීම සඳහායි. ඔබ සියලු දෙනා කියන්නේ මේ එකම දෙයමයි. අච්චා. ඔබ විසින් දැන් හොඳ
වචන කියන්න උත්සාහ කරන්න. සෑම කෙනෙක්ම සාමාන්‍ය මනුෂ්‍ය බවින් නාරයන් තත්ත්වයට
පත්වන්නේ නැහැ මේ සඳහා සේවකයන් පවා අවශ්‍ය වෙනවා. සත්‍ය නාරායන් බවට පත් වීමේ
කතාන්දරය ඔබ අසා ඇති. මිනිසුන් මෙම කතාවට සවන් දෙනවා. නමුත් කිසිම දෙයක් ඔවුන්ගේ
බුද්ධිය තුළට යන්නේ නැහැ. ඔබ දන්නවා එය තමයි අශාරීරික වු සාමයේ ලෝකය කියා. එයින්
පිට වී ඔබ පසුව සතුටු දේශය කරා යැවිය හැක්කේ බාබා හට පමණයි. ඔබට හමුවන සෑම කෙනෙක්ටම
ඔබ දැන් ඔබගේ නිවස කරා යාමට සුදානම් විය යුතු බව කියන්න. ඒ අශාරිරික වු පියා හට
පමණයි අප නිවස කරා ගෙන යා හැක්කේ. බාබා මෙහි පැමිණ සිටියා වුවත් මිනිසුන් එය තේරුම්
ගන්නේ නැහැ. බාබා කියනවා මා ඇතුලත් වී තිබෙන ශරිරය කුමක්ද කියා හෝ ඔවුන් තේරුම්
ගන්නේ නැහැ. මේ සඳහා අනිවාර්යෙන්ම ඔබට ශරිරයක් අවශ්‍ය වෙනවා. සෑම ජීවයක්ම වෙසෙන්නේ
නළල මධ්‍යයේයි. බාබා මෙහි පැමිණි විට ඔහු මේ නළල මධ්‍යය තුළට පැමිණෙනවා. ඔවුන් ඉතා
ලෙහෙසි ආකාරයෙන් මෙය කියා දෙනවා. පාරිශුද්ධකරුවා වන්නේ බාබා පමණයි. බාබාගේ සෑම
දරුවෙක්ම සමයි. ඒත් සමඟම සෑම කෙනෙක් හටම ඔවුන් හට අයත්ව ඇති චරිත කොටසක් තිබෙනවා.
කිසිම කෙනෙක් හට එයට බාධා කළ නොහැකියි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ ශරීරය
නම් වූ ඇඳුමට තිබෙන ඇලීම නවතා දමා ජීව මරණයක් අත්දකින්න! ඔබගේ සියලු අතීත කර්ම
ගිණුම් පියවන්න!
2. මෙම අධ්‍යාපනය
සඳහා හොඳින් උත්සාහ කොට ඔටුණු යුගලයකින් යුක්ත වූ අයෙක් බවට පත් වන්න. දිව්‍යමය වූ
ගුණාංග ඇතුලත් කර ගන්න. ඔබගේ ඉලක්කය හා අරමුණ ගැන වූ හොඳ වචන පමණක් කියා ඒ අනුව
උත්සාහ කරන්න.
වරදානය:
ඔබ තමාව
අපකීර්තියට පත් කරන්නන් නගා සිටුවන සහ කිසිම කෙනෙකුට කරදරයක් කිරීමේ සිතිවිලි අවසන්
කරන දැනුමැති ජීවාත්මයක් වේවා.
යමෙක් ඔබව අපකීර්තියට
පත් කළත්, ඔබට කරදර කළත්, ඔබට දිනපතා අපහාස කළත්, ඔබේ මනසෙහි ඒ තැනැත්තා කෙරෙහි
අකමැත්තක් ඇති නොවේවා. ඔබට අපහාස කරන අය නඟා සිටුවීම දැනුමැති ජීවාත්මයන්ගේ
කාර්යයකි. ඔබ දරුවන් උපත් 63ක් තිස්සේ පරමාත්ම පියාට නින්දා අපහාස කළා වුනත්
පරමාත්ම පියා තවමත් ඔබ දෙස බැලුවේ කරුණාවන්ත දැක්මකින්. එබැවින් පරමාත්ම පියා
අනුගමනය කරන්න. දැනුවත් ජීවාත්මයක් වීම යනු සෑම කෙනෙකුටම කරුණාවන්ත හැඟීම් ඇති
කිරීමයි. කිසිවකුට හානියක් කිරීම ගැන අංශු මාත්‍රයක්වත් නොසිතන්න.
පාඨය:
“මන්මනාභව”
අවධියේ ඔබම ස්ථාවර වන විට ඔබට අන් අයගේ සිත් තුළ ඇති චේතනාවන් අවබෝධ වනු ඇත.