01.11.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සාරය: සුමිහිරි දරුවනි, අශාරීරික පියා මේ කාලයේදී ශරීරයකට එනවා. ඒ දෙදෙනාම ඔබව සරසවනවා.

ප්‍රශ්නය:
දරුවන් වන ඔබ සිහිකිරීම නමැති වන්දනා ගමනෙහි යෙදෙන්නේ ඇයි?

පිළිතුර:
1) ඔබ දන්නවා සිහිකිරීමෙහි යෙදීමෙන් තමයි ඔබ දිගු ආයු කාලයක් ලැබ රෝගාබාධයන්ගෙන් මිදෙන්නේ. 2) සිහිකිරීමෙහි යෙදීමෙන් ඔබේ පාපයන් කැපී යනවා මෙන්ම ඔබ නියම රත්තරන් බවට පත්වෙනවා. රජෝ සහ තමෝ මිශ්‍රණ ජීවාත්මයෙන් ඉවත් කළ පසු එය පිරිසිඳු වෙනවා. 3) මේ සිහිකිරීමෙහි යෙදීමෙන් ඔබ පිරිසිඳු වී පිරිසිඳු ලෝකයේ පාලකයින් වෙනවා. 4) ඔබ අලංකාර වෙනවා. 5) ඔබ ඉතා ධනවත් වෙනවා. මේ සිහිකිරීම ඔබව මිලියන වාරයක් වාසනාවන්ත කරවනවා.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන් වන ඔබට පැහැදිලි කරනවා. ඔබ ඉඳගෙන සිටින විට මොකද කරන්නේ? ඔබ නිකම්ම නිකම් නිහඬව සිටිනවා නොවෙයි. ඔබ සම්පූර්ණ දැනුමක් සහිතව අර්ථවත් ලෙසයි මෙතැන ඉඳගෙන ඉන්නේ. දරුවනි, ඔබ දන්නවා ඔබ බාබාව සිහිකරන්නේ ඇයි කියලා. බාබා ඔබට දිගු ආයු කාලයක් දෙනවා. බාබා සිහිකිරීමෙන් ඔබේ පාපයන් කැපී ගොස් ඔබ නියම රත්තරන් බවට පත්වෙනවා ඔබ සතෝප්‍රධාන් වෙනවා. ඔබව ඉතා අලංකාරවත් ලෙස සරසවනවා. ඔබේ ආයු කාලය දීර්ඝ වෙනවා සහ ඔබේ ජීවය පිරිසිඳු වෙනවා. දැන් ඔබේ ජීවයේ මිශ්‍රණ බැඳිලයි තියෙන්නේ. සිහිකිරීම නමැති වන්දනාවේ යෙදීමෙන් සියලුම රජෝ සහ තමෝ මිශ්‍රණ ඉවත් වී යනවා. ඔබ විශාල යහපතක් අත්දකිනවා ඔබේ ආයු කාලය දීර්ඝ වෙනවා. ඔබ දිව්‍යලෝකයේ වැසියන් වෙනවා. එහිදී ඔබ ගොඩක් ධනවත්. ඔබ මිලියන වාරයක් වාසනාවන්ත වෙනවා. මේ නිසයි බාබා කියන්නේ මන්මනභාව්! දිගින් දිගටම මා පමණක් සිහිකරන්න. බාබා මෙහෙම කියන්නේ මනුෂ්‍යයෙක් වෙනුවෙන් නොවෙයි. බාබාට ශරීරයක් නැහැ. ජීවයන් වන ඔබත් අශරීරිකයි. කෙසේවෙතත්, නැවත උපත් ලැබීමේදී දිව්‍යමය ලෙස තිබූ ඔබේ බුද්ධිය ගල් වගේ වෙනවා. ඔබ දැන් නැවත වරක් පිරිසිඳු විය යුතුයි. ඔබ දැන් පිරිසිඳු වෙනවා. ඔබ උපත් ගණනාවක් වතුර නාමින් සිටියා. ඔබ හිතුවා එහෙම නෑමෙන් පිරිසිඳු වෙනවා කියලා. කෙසේවෙතත්, පිරිසිඳු වීම වෙනුවට ඔබ ඊටත් වඩා අපිරිසිඳු වී ඔබ තමන්වම අහිමි කර ගත්තා. මේ මායාගේ අසත්‍යවාදී ලෝකය නිසා හැම කෙනෙකුටම බොරු කීමේ සංස්කාරය ඇතිවෙලා. බොරු දේවල් කියන එක හැම කෙනෙක්ගේම සංස්කාරයක් වෙලා. බාබා කියනවා ඔබව පිරිසිඳු කිරීමෙන් පසුව මා නිවස වෙත ආපසු යනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ව නැවත අපිරිසිඳු කරවූයේ කවුද? ඔබට දැන් දැනෙනවා ඔබ කොච්චර ගංගා වල නෑවත් ඔබ පිරිසිඳු වුණේ නැහැ. පිරිසිඳු වීමෙන් පසුව, ඔබ පිරිසිඳු ලෝකයට ආපසු යා යුතුයි. සාම දේශය සහ සතුටු දේශය පිරිසිඳු දිවයින්. මේ, දුක් දේශය ලෙස හඳුන්වන රාවණ් රාජ්‍යයයි. මෙය තේරුම් ගන්න ඉතා පහසු කරුණක් එහි අමාරු කිසිවක් නැහැ. අන්‍යයන්ට පැහැදිලි කර දීමටත් අමාරු නැහැ. ඔබට මිනිස්සු මුණගැසුනහම ඔවුන්ට කියන්න තමන් ජීවයන් බව අවධාරණය කරගෙන අසීමිත පියා සිහිකරන්න. උත්තරීතර පියා, උත්තරීතර ජීවය, ශිවා සෑම ජීවයකගේම පියායි. හැම කෙනෙකුටම වෙනස් ශාරීරික පියෙක් ඉන්නවා. ජීවයන්ට ඉන්නේ එකම එක පියායි. ඔහු හැම දේම ඉතා පැහැදිලිව තේරුම් කර දෙනවා. ඔහු පැහැදිලි කරන්නේ හින්දියෙන් පමණයි. හින්දි භාෂාව තමයි ප්‍රධානම. ඔබ කියනවා දේවතාවන් මිලියන වාරයක් වාසනාවන්තයි කියලා. ඔවුන් ඉතාමත් වාසනාවන්තයි. තවමත් කවුරුත් දන්නේ නැහැ ඔවුන් දිව්‍යලෝකයේ පාලකයින් වුණේ කොහොමද කියලා. බාබා දැන් අපට මේ ගැන කියනවා. ඔවුන් ඒ තත්ත්වයට පත් වෙන්නේ මේ මංගල්‍ය සංගම් යුගය පවතින කාලවකවානුවේ මේ පහසු රාජයෝගා මාර්ගයෙන්. මේ, නව ලෝකය සහ පැරණි ලෝකය සංගම් වන යුගයයි. පසුව ඔබ නව ලෝකයේ පාලකයින් වෙනවා. බාබා දැන් කියනවා අර්ථයත් සමඟින් මා සිහිකරන්න. ගීතාවේ කියා තිබෙනවා මන්මනාභව්! මිනිස්සු වචන කියවනවා නමුත් ඔවුන් ඒ කිසිම දෙයක අර්ථය දන්නේ නැහැ. බාබා කියනවා මා සිහිකරන්න මන්ද, මම පාරිශුද්ධත්වයට පත්කරන්නායි. මෙහෙම කිව හැකි කිසි කෙනෙක් නැහැ. බාබා පමණයි කියන්නේ මා සිහිකරන්න ඔබ පිරිසිඳු ලෝකයේ පාලකයින් බවට පත්වෙනවා. ආරම්භයේදී ඔබ සතෝප්‍රධාන්ව සිටියා පසුව නැවත උපත් ගැනීමේදී ඔබ තමෝප්‍රධාන් වෙනවා. දැන් උපත් 84 ගැනීමෙන් පසුව නැවත ඔබ නව ලෝකයේ දේවතාවන් වෙනවා. ඔබ නිර්මාපකයාත් නිර්මාණයත් තේරුම් ගත්තා. එනම්, ඔබ දැන් දේවවාදීන් බවට පත්වුණා. ඉස්සර උපත් බොහෝ ගණනක් ඔබ අදේවවාදීන්ව සිටියා. බාබා පැහැදිලි කරන මේ දේවල් දන්න කිසි කෙනෙක් නැහැ. ඔබ කොහේ ගියත් මේ දේවල් කිසි කෙනෙක් කියන්නේ නැහැ. පියවරු දෙදෙනාම දැන් ඔබව සරසවනවා. ඉස්සර බාබා හිටියේ තනියම ඔහු හිටියේ ශරීරයක් නැතිව. උඩ ඉහළ ඉඳන් ඔහුට ඔබව සරසවන්න බැහැ. කියමනක් තියෙනවා (1) සහ (2) දෙපසින් තැබූ විට, ඉන් පෙන්නුම් කරන්නේ (12) කියලා. කෙසේවෙතත්, එහිදී කිසිම දිව්‍යඥානයක් හෝ විශේෂිත බලයක් දීම සම්බන්ධව ගැටළු ඇතිවන්නේ නැහැ. ඉහළින් දිව්‍යඥානය ලබා ගැනීමෙන් ඔබට බලයක් ලබන්න බැහැ. ඔබව සරසවන්න අශාරීරික කෙනා ලෞකික ශරීරයක උපකාරය ලබා ගත්තා. ඔබ අවබෝධ කරගෙන සිටිනවා බාබා ඔබව සතුටු දේශයට යවන බව. නාටක සැළැස්මට අනුව, මේක කිරීමට බාබා බැඳිල සිටිනවා ඔහුට මේ රාජකාරිය පැවරී තියෙනවා. සෑම වසර 5000ටම සැරයක්ම ඔහු දරුවන් වන ඔබ වෙත එනවා. මේ යෝගා බලයෙන් ඔබ බොහෝ පාරිශුද්ධත්වයට පත්වෙනවා. ශරීරය සහ ජීවය දෙකම පිරිසිඳු වෙනවා. ඊට පසු ඔබ අපිරිසිඳු වෙනවා. ඔබට දැන් දර්ශනයක් තියෙනවා, මේ විශේෂිත උත්සාහය දැරීමෙන් තමන් සැරසුණු දේවතාවන් වගේ වෙනවා කියලා. එහෙ දූෂිත දැකීම් නැහැ ඔවුන්ගේ සියලුම අවයව ආවරණය කරගෙනයි ඉන්නේ. රාවණ් රාජ්‍යයේදී බලන්න මිනිස්සු කොච්චර කැත දේවල් ඉගෙන ගන්නවාද කියලා! ලක්ෂ්මී සහ නාරායන් දෙස බලන්න, ඔවුන්ගේ ඇඳුම් පවා හරි ලස්සනයි! මෙහෙ හැමෝම ශරීර අවධානයෙන්. එහෙත් ඔවුන් (ලක්ෂ්මී සහ නාරායන්) ශරීර අවධානයෙන් ඉන්නවා කියන්නේ නැහැ. ඔවුන්ට ස්වභාවික අලංකාරය තියෙනවා. බාබා ඔබව ඔවුන් මෙන් ස්වභාවික අලංකාරත්වයක් ඇති අය බවට පත් කරවනවා. ආද කාලයේ මිනිස්සුන්ට නියම ආභරණ පළඳින්න පවා බැහැ. කවුරුහරි පැළඳුවොත් ඔහුගෙන් ඒවා හොරකම් කර ගන්නවා. එහෙ ඒවගේ දේවල් වෙන්නේ නැහැ. ඔබට එවන් වූ පියෙක් මුණගැසුණා. ඔහුගෙන් තොරව ඔබට දේවත්වයට පත්විය නොහැකියි. ගොඩක් අය කියනවා ඒගොල්ලො ශිව බාබාගෙන් කෙලින්ම ගන්නවා කියලා නමුත් ඔහු දෙන්නේ කොහොමද? ඒක කරල බලන්න. ඔබ යමක් කියා, පසුව ඔබට යමක් ලැබුණාද කියල බලන්න. බොහොමයක් අය කියනවා අපි උරුමය ලබන්නේ ශිව බාබාගෙන් ඉතින්, ඒක බ්‍රහ්මාගෙන් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ශිව බාබා මොනවා හරි දෙන්නේ දිව්‍යඥානයෙන්. හොඳ පරණ දරුවන් පවා මායා හපා කනවා. ඔවුන් පිළිගන්නේ එකම එක්කෙනාවයි, නමුත් ඒ එක්කෙනාට කරන්න පුළුවන් මොනවාද? බාබා කියනවා මම තනියම එන්නේ කොහොමද? කටක් නැතිව මම කතා කරන්නේ කොහොමද? මුඛයත් සිහිකළ යුතුයි. ගව මුඛයෙන් (එළදෙනාගේ කටින්) අමෘතය ගැනීමට මිනිස්සු බොහෝ සෙයින් අන්ධකාරයේ අතපතගෑවා. ඊට පසුව ඔවුන් පිළිමයන්ගේ ක්ෂණික දර්ශන දැකීමට ශ්‍රීනාථ ද්වාරයට යනවා. කෙසේවෙතත්, ක්ෂණික දර්ශන වලින් ලැබෙන්නේ මොනවාද? ඒකට කියන්නේ භූතාවේශ වන්දනාව කියලයි. ඒ තුළ ජීවයක් නැහැ. එය පංච මහාභූතයන්ගෙන් සැදුම්ලත් රූකඩයක් ඉතින් ඒ කියන්නේ ඔවුන් සිහිකරන්නේ මායාව. පංච මහාභූතයින්, පදාර්ථයන්. ඒවා සිහිකිරීමෙන් ඇතිවන යහපත කුමක්ද? හැමකෙනෙක්ම පදාර්ථ වල උපකාර ගන්නවා. නමුත්, එහෙ පදාර්ථයන් සතෝප්‍රධාන්. මෙහෙ පදාර්ථයන් තමෝප්‍රධාන්. බාබා සතෝප්‍රධාන් පදාර්ථ වලින් උපකාර ගන්නේ නැහැ. මෙහෙ සතෝප්‍රධාන් පදාර්ථ තියෙන්න බැහැ. පරම පියා කියනවා මා මෙම සෘෂිවරුන් හා පූජකවරුන් සියලුම දෙනා ඉහළ නැංවිය යුතුයි. හුදෙකලා මාර්ගය වෙත මා යන්නේ නැහැ. මේක ගෘහ වාසීන්ගේ මාර්ගය. මා හැමෝටම කියනවා පිරිසිඳු වෙන්න කියලා. එහෙ, නම, ස්වරූපය හැම දේම වෙනස් වෙනවා. ඉතින්, බාබා පැහැදිලි කරනවා මේ ක්‍රීඩාව නිර්මාණය වී ඇති ආකාරය දෙස බලන්න. එක්කෙනෙක්ගේ ලක්ෂණ තවත් කෙනෙකුට සමාන වෙන්නේ නැහැ. බිලියන ගාණක් ඉන්න අති විශාල ජනකායේත් ලක්ෂණ එකිනෙකාට වෙනස්. කවුරු හෝ මොනවහරි කරන්න උත්සාහ කළත්, එක්කෙනෙක්ගේ ලක්ෂණ අනෙක් කෙනාට සමාන වෙන්න බැහැ. මෙයට තමයි ස්වභාවධර්මයේ ආශ්චර්යය කියන්නේ. දිව්‍යලෝකයත් පුදුමසහගතයි. එය ඉතා ලස්සනයි! මායාගේ පුදුමයන් හතක් තියෙනවා. එහෙත් බාබාගේ පුදුමයන් තියෙන්නේ එකයි. ඔබ ඒ පුදුම හතම තරාදියේ එක් කෙළවරකට දමා අනෙක් කෙළවරට එක් පුදුමය දාල බලන්න. මේ පැත්ත තවමත් බරින් වැඩියි. ඔබ එක් පැත්තකට දැනුමත් අනෙක් පැත්තට භක්තියත් දාල බැලුවොත් පෙනෙයි දැනුම් පැත්ත බර වැඩි බව. ඔබට වැටහෙනවා, භක්ති ඉගැන්වීමට ගොඩක් අය ඉන්නවා නමුත් බාබා පමණයි දැනුම ලබා දෙන්නේ. ඉතින්, බාබා මෙතැන සිට දරුවන් වන ඔබට උගන්වනවා. ඔහු ඔබව සරසවනවා. බාබා කියනවා පාරිශුද්ධත්වයට පත්වෙන්න! එවිට ඔවුන් කියනවා නෑ අපි අපවිත්‍ර වෙනවා! ගරුඩපුරාණයේ පාප ගංගාව පෙන්වන්නේ ගෝණුස්සො, කැරපොත්තො සහ නයි එකිනෙකා සපාකන ආකාරය පෙන්නුම් කෙරෙන විධියටයි. බාබා කියනවා ඔබ එවන් අනාථභාවයකට පත්වුණා. බාබා පමණයි දරුවන් වන ඔබට පැහැදිලි කර දෙන්නේ. මේව මොනවහරි ඔබ පිට අයට කිව්වොත්, එක පාරටම ඔවුන් නොසන්සුන් වෙනවා. ඔබ ඉතා උසස් උපක්‍රම යොදා පැහැදිලි කළ යුතුයි. සමහරුන්ට, කොහොමද කතා කරන්නේ කියලා හිතන්න තරම්වත් හැඟීමක් නැහැ. කුඩා දරුවො සම්පූර්ණයෙන්ම අහිංසකයි. ඔවුන්ට කියන්නේ මහාත්මා කියලා. ක්‍රිෂ්ණා, උසස්ම ජීවය (මහාත්මා) සහ මහත්මාවරුන් කියා කියාගන්නා හුදෙකලා මාර්ගයේ සිටින මේ සන්යාසීවරුන් අතර තියෙන වෙනස බලන්න. පෞරාණිකත්වය අයත් වන්නේ ගෘහ ජීවිත මාර්ගයටයි. දේවතාවන් දූෂිත ලෙස උපත ලබන්නේ නැහැ ඔවුන් දිව්‍යමයයි. ඔබ දැන් දිව්‍යමය වෙමින් පවතිනවා. ඔබ තේරුම් ගත්තා, බාප් සහ දාදා දෙදෙනාම එකට මෙතැන ඉන්නවා. ඔවුන් අනිවාර්යෙන්ම ඔබව හොඳින් සරසවනවා. මේ ආකාරයට ඔබව සරසවන කෙනා ළඟට යෑමේ දැඩි ආශාවක් හැමෝටම තියෙනවා. මේ නිසයි නැවුම් බවකට පත්වීම උදෙසා ඔබ මෙහි පැමිණියේ. බාබා වෙත පැමිණෙන්නට හදවත තල්ලු කරන හැඟීමක් දැනෙනවා. ස්ථාවර විශ්වාසයක් තියෙන අය කියනවා ඔබ අපට මොනව කළත්, අපව පීඩාවට පත් කළත් අපි ඔබ අතහැර යන්නේ නැහැ. සමහරු කිසිම හේතුවක් නැතිවත් බාබා අතහැර යනවා. නාටකයේ මේ ක්‍රීඩාවත් තීරණය වූ දෙයක්. සමහර දරුවො අයින්වෙලා ඉඳලා බාබාගෙන් වෙන්වෙලා යනවා. බාබා දන්නවා කවුද රාවණ්ට අයිති වෙන්නේ කියලා. සෑම චක්‍රයකදීම මෙය සිදුවනවා සමහරු නැවතත් ආපසු යනවා. බාබා පැහැදිලිව කියනවා බාබාගේ දෑත අතහැර යාමෙන් ඔබේ තත්ත්වය පහත වැටෙනවා. දරුවො බාබා ළඟට ඇවිත් පොරොන්දු වෙලා කියනවා අපි බාබාව අතහරින්නෙ නැහැ. නමුත් මායා, රාවණ් දුර්වල නැහැ ඇය ඉතා ඉක්මනින්ම ඔබව තමා වෙත ඇදල ගන්නවා. පස්සේ, ඔවුන් බාබා ඉදිරිපිටට ආවහම ඔවුන්ට විස්තර කරල දෙන්න බාබාට සිද්ධ වෙනවා. බාබා ඔවුන්ට වේවැලින් පහර දෙන්නේ නැහැ. බාබා තවම පැහැදිලි කරන්නේ ඉතා ආදරයෙන් මායා, කිඹුලා ඔබව කාල අවසන් කරලම දාන්න පුළුවන්, ඒ නිසා ඔබ ප්‍රවේසම් වී මෙහි පැමිණෙන එක හොඳයි. ඔබ හැම තැනම ඉබාගාතේ යන්න ගියොත් ඔබේ තත්ත්වය පහත වැටෙනවා. නිරන්තරයෙන් ස්ථාවරව ඉන්න අය බාබාව අතහැර යන්නේ නැහැ ඔවුන් බාබාගේ දෑතින් පැන යන්නේ නැහැ. ඔවුන් බාබා අතහැර මායා, රාවණ්ගේ අච්චුවට වැටී මායාට අයත් වුණොත් ඇය පෙරටත් වඩා සැරෙන් ඔවුන්ව කා දමනවා. බාබා ඔබව ඉතා හොඳින් සරසවනවා. ඔහු පැහැදිලි කරනවා හොඳ කෙනෙකු ලෙස හැසිරෙන්න, කිසි කෙනෙකුට දුක නොදෙන්න. සමහරු ලේ වලින් ලියල පොරොන්දු වෙනවා. නමුත් ඔවුන් නැවතත් කලින් හිටපු තත්ත්වයටම වැටෙනවා. මායා ඉතා බලවත්. ඇය ඔබව ඔබේ නහයෙනුත් කන් වලිනුත් ඇද පීඩාවට ලක්කරනවා. දැන් බාබා ඔබට දැනුම නමැති තෙවැනි ඇස පාදා දුන්නා. එමඟින් දූෂිත දැකීම් ඇතිවන්නේ නැහැ. ඔබට ලෝක පාලකයින් විය යුතු නම්, ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබේ ජීවයත් ශරීරයත් දෙකම දැන් තමෝප්‍රධාන් ජීවයට අපවිත්‍ර දෑ මිශ්‍ර වෙලා. මේ අපවිත්‍ර දෑ පුළුස්සා ඉවත් කිරීමට නම්, බාබා කියනවා මා සිහිකරන්න. ඔබට බාබා සිහිකරන්න නොහැකි වීම ගැන ඔබට ලැජ්ජා නැත්ද? ඔබට සිහිකිරීම නොතිබුණහොත් භූතාවේශයන් නම් වූ මායා ඔබව ගිල දානවා. රාවණ් රාජ්‍යයේදී ඔබ බොහෝ සෙයින් ජරා වුණා! එහෙ එක්කෙනෙක්වත් පාපයෙන් උපත ලබන්නේ නැහැ. එහෙ පාපයක නමක් හෝ සළකුණක්වත් නැහැ එහෙ රාවණ් නැහැ. රාවණ් රාජ්‍යය පිහිටන්නේ තඹ යුගයේ සිටයි. බාබා පමණයි ඔබව පිරිසිඳු කරන්නේ. බාබා කියනවා දරුවනි, මේ උපතේදී පමණයි ඔබට පිරිසිඳු විය හැක්කේ. පසුව ස්වර්ණමය යුගයේදී පාපය සමඟ ගැටළුවක් නැහැ, එය පාපයෙන් තොර ලෝකයයි. දේවතාවන් පිරිසිඳුයි ඔවුන් පිරිහීමට ලක්වන්නේ උපත් 84 ගැනීමේදී බව ඔබ අවබෝධ කර ගන්නවා. දැන් ඔවුන් අපිරිසිඳුයි. ඔවුන් කතා කරල කියනවා ශිව බාබා, අපව අපිරිසිඳු ලෝකයෙන් ගළවා ගන්න. දැන් බාබා පැමිණියා. ඔබ අවබෝධ කර ගත යුතුයි රාගය අපිරිසිඳු බව. ඉස්සර ඔබ සිටියේ රාවණ් රාජ්‍යයේ බැවින් ඔබට මේවා තේරුනේ නැහැ. දැන්, බාබා කියනවා ඔබ සතුටු දේශයට යාමට කැමති නම්, ජරා වීමෙන් වලකින්න. කල්ප භාගයක් ඔබ ජරා වෙමින් සිටියා. ඔබේ හිස පව් තොගයකින් බරවෙලා තිබුණා පමණක් නොව ඔබ බාබාවත් අවමානයට ලක් කළා. බාබාව අවමානයට ලක් කිරීමෙන් ඔබ බොහෝ පාපයන් එක්රැස් කරගත්තා. මෙය නාටකයේ කොටසක්. ජීවයන් වන ඔබටත් උපත් 84ක කොටසක් රඟපෑමට තියෙනවා. ඔබ එය රඟපෑ යුතුයි. ඔබ එක් එක්කෙනෙක් ඔබේම චරිත කොටස රඟපෑ යුතුයි. ඉතින් ඔබ හඬාවැටෙන්නේ ඇයි? ස්වර්ණමය යුගයේ කිසි කෙනෙකු හඬන්නේ නැහැ. දැනුම නමැති ශුභ නිමිත්තේ අවසානය සිදුවන විට කඳුළු සැලීම් සහ වැලපීම් පටන්ගන්නවා. බැඳීම් පරාජය කළ රජ කෙනෙකුගේ කථාවක් ඔබත් අහල තියෙනවා. ඔවුන් මේ බොරු උදාහරණ නිර්මාණය කළා. ස්වර්ණමය යුගයේ කිසි කෙනෙකු අකල් මරණ අත්දකින්නේ නැහැ. බැඳීම් පරාජය කරන්නෙක් බවට ඔබව පත්කරවන්නේ එකම බාබා පමණයි. ඔබව ලෝක පාලකයින් කරවන උත්තරීතර පියා, උත්තරීතර ජීවයේ උරුමක්කරුවන් බවට ඔබ පත් වෙනවා. තමන්ගෙන්ම අහන්න ජීවය වන මම ඔහුගේ උරුමකරුවෙක්ද? ලෞකික ඉගෙනීමක් ඉගෙන ගැනීමෙන් වෙන්නේ මොකක්ද? අද කාලයේ ඔබ අපිරිසිඳු මනුෂ්‍යයෙකුගේ මුහුණ දෙසවත් නොබලනවා පමණක් නොව ඔබේ දරුවන්ටවත් පෙන්වන්න එපා. නිරන්තරයෙන්ම ඔබේ බුද්ධියෙහි තබාගන්න, මා සංගම යුගයෙහි සිටින්නෙක් බව. එකම පියා පමණක් සිහිකරන්න අන් අයව දකිද්දී පවා නොබලා සිටින්න. ඔබ දකින්නේ නව ලෝකය පමණයි. ඔබ දේවතාවන් වෙනවා ඔබ දකින්නේ අළුත් නෑ සබඳකම් පමණයි. පැරණි නෑ සබඳකම් දකින විට පවා නොබලා සිටින්න. මේ සේරම විනාශය කරා යනවා. ඔබ එන්නේ තනියමයි ඔබ යන්නේත් තනියමයි. බාබා ඔබව ඔහු සමඟ ගෙන යාමට එන්නේ එකම එක වතාවයි. මෙය තමයි ශිව බාබාගේ මඟුල් පෙරහැර. හැමෝම ශිව බාබාගේ දරුවෝ. බාබා ඔබට ලෝක රාජ්‍යය ලබා දෙනවා. ඔහු ඔබව මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් කරවනවා. ඉස්සර ඔබ වස බිව්වා, දැන් ඔබ අමෘතය පානය කරනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සංගම යුග වැසියෙක් යන අවධානයෙන් ඉදිරියට යන්න. පැරණි නෑ සබඳකම් දුටුවද, නොබලා සිටින්න. මා ආවේ තනියම, යන්නේත් තනියමයි යන්න බුද්ධියෙහි රඳවා ගන්න.

2. ජීවාත්මය සහ ශරීරය පිරිසිඳු කිරීම උදෙසා, දැනුම නමැති තෙවැනි ඇසින් බලන්න පුහුණු වන්න. දූෂිත දැකීම් අවසන් කරන්න. ගියාන් සහ යෝගා වලින් තමා සරසවා ගන්න.

වරදානය:
“මන්මනාභව” යන අලෞකික ක්‍රමයෙන් විනේද වීමෙන් ඔබ පරමාත්ම පියාට සමාන වේවා.

සංගම යුගයේ දී ස්මාරකයක් සැමරීම යනු පරමාත්ම පියාට සමාන වීමයි. එය සංගම යුගයේ උත්සවය සැමරීම සඳහා ය. ඔබට අවශ්‍ය තරම් සැමරීමට හැකිය, නමුත් පරමාත්ම පියා හමුවීම සමරන්න, විනෝදාස්වාදය පමණක් නොව, “මන්මනාභව” ට පත්වී විනෝද වීම සදහා. අලෝකික් ආකාරයෙන් සමරන අධ්‍යාත්මික විනෝදාස්වාදය සදාකාලික වේ. සංගම් යුගයේ "දීපමලා" (ආලෝක මාලයේ) ක්‍රමය වන්නේ පැරණි ගිණුම් අවසන් කිරීමයි, එබැවින් සෑම සිතිවිල්ලක්ම සෑම මොහොතක්ම අලුත් වේවා, එනම්, ආලෝකමත් වේවා. පැරණි සිතිවිලි, පැරණි ස්වභාවය, පැරණි සංස්කාර සහ පැරණි හැසිරීම් යනාදී සියල්ල රාවණට ඇති ඔබේ ණයයි. ඒ නිසා ඒ සියල්ල අධිෂ්ඨානශීලීව අවසන් කරන්න.

පාඨය:
සිදුවීම් දෙස බලනවා වෙනුවට ඔබ සහ පරමාත්ම පියා දෙස බලන්න.