01.12.24 Avyakt Bapdada
Sinhala
Murli 18.01.2003 Om Shanti Madhuban
ඔබගේ බ්‍රහ්මින් උපත
ඔබගේ අවධානයේ තබා ගෙන බලවත් වී,
සියලු දෙනාව බලවත් කරන්න.
අද දින අම්රිත්
වේලාවට පෙර, සියලුම ආදරණීය දරුවන්ගේ ආදරණීය ස්මරණයේ විවිධ මිහිරි වදන් සහ සෙනෙහසේ
මුතු මාල බාප්දාදා වෙතට ලගා විය. දරුවන්ගේ සෙනෙහස, බාප්දාදාවත් සෙනෙහස් සාගරය තුළ
ගිල්වනවා. සෑම දරුවෙකුටම නොබිදි සෙනෙහස් බලයක් ඇති බව බාප්දාදා දුටුවා. මෙම සෙනෙහස්
බලය, සෑම දරුවෙක්වම පහසු යෝගීවරයෙක් බවට පත් කරවනවා. සෙනෙහසේ පදනමට අනුව, ඔබ සියලු
ආකර්ෂණ ඉක්මවා යන අතර හැකි පමණ ඉදිරියට ගමන් කරනවා. බාප්දාදාගෙන් සහ විශේෂ
ජීවාත්මයන්ගෙන් අසහාය සෙනෙහස සහ සුන්දර සෙනෙහස ලැබීම අත්විද නොමැති, එකදු දරුවෙක්
වත් බාප්දාදා දුටුවේ නැහැ. සෑම බ්‍රහ්මින් ජීවාත්මයකගේ බ්‍රහ්මින් ජීවිතයේ ආරම්භය
තිබුණේ සෙනෙහසේ බලයෙන්ය. මෙම බ්‍රහ්මින් උපතේ මෙම සෙනෙහස් බලය, ආශිර්වාදයක් වී, ඔබව
ඉදිරියට ගමන් කරවනවා. එබැවින් අද පියා සහ දරුවන් අතර ඇති විශේෂ සෙනෙහසේ දිනයකි. ඔය
සෑම කෙනෙක්ම බොහෝ බොහෝ සෙනෙහසේ මුතු වලින් ඔබගේ හදවතින් බාප්දාදාට මල්දමක් දමා ඇත.
මෙදින අනෙක් සියලු බල මුසු වී ඇති නමුත් සෙනෙහස් බලය ඉස්මතු වී තිබේ. බාප්දාදාද
දරුවන්ගේ සෙනෙහස් සාගරයේ කිමිදී සිටියි.
අද, සිහි කිරීමේ දිනය
(අවධානයේ දිනය) ලෙස හැදින්වෙයි. සිහි කිරීමේ දිනය, බ්‍රහ්ම පියාගේ සිහි කිරීමේ දිනය
පමණක් නොවෙයි, නමුත් බාප්දාදා පවසන්නේ : ඔබ බ්‍රහ්මින් උපත ලද මොහොතේ සිට මේ දක්වා,
බාප්දාදා ඔබට මතක් කර දුන් විවිධ අන්දමේ අවධානයන් සියල්ලක්ම අද සහ නිරන්තරයෙන් සිහි
කරන්න. එම අවධාන ස්වරූප වල මාලාව සිහි කරන්න, එවිට එය ඉතා දිග මාලාවක් වෙයි. ඔබ
සියලු දෙනාටම ලැබුණු ප්‍රථම අවධානය වුනේ කුමක්ද? ඔබට පළමු පාඩම මතකයි නේද? මම කවුද?
මෙම අවධානය ඔබට නව උපතක් ලබා දී එය ඔබගේ ආකල්පය, ද්‍රිෂ්ඨිය සහ අවධානය පරිවර්ථනය
කළා. ඔබට එම අවධානය සිහි වූ සැනින්, ඔබගේ මුහුණේ සහ දෑස්වල ආධ්‍යාත්මික සතුටේ
දීප්තිය තිබෙයි. ඔබ අවධානය සිහි කරන අතර බැතිමතුන් මාලාවක පබුළු මතුරමින් කරකවයි.
අම්රිත් වේලාවේ සිට ඔබ කර්ම යෝගීවරයෙක් වන තුරු ඔබ නැවත නැවතත් එක අවධානයක් හෝ සිහි
කරන්නේ නම්, මෙම අවධානය ඔබව බලවත් කරවයි, මන්ද, ඔබගේ අවධානය කෙබදු වන්නේද, ඔබ ඉබේටම
එම බලය වර්ධනය කර ගනී. මේ නිසයි අද සිහි කිරීමේ දිනය මෙන්ම බලයේ දිනය ලෙසත්
හැදින්වෙන්නේ. බ්‍රහ්ම පියා ඔබ ඉදිරියට පැමිණි සැනින් සහ පියාගේ ද්‍රිෂ්ඨිය ඔය
ජීවාත්ම මත පතිත වූ සැනින් ඔබට බලය ලැබෙයි. ඔබ සියලු දෙනාම අත්දැකීම් ඇති අයයි. ඔබ
සියලු දෙනාටම අත්දැකීම් තිබෙනවා නේද? ඔබ ඔහුව භෞතික ස්වරූපයෙන් දුටුවත්, අව්‍යක්ත
ස්වරූපයෙන් පෝෂණය ලබන අතර ඔහුව අව්‍යක්ත ස්වරූපයෙන් අත්වින්දත්, ඔබ තත්පරයකදි ඔබගේ
හදවතින් “බාප්දාදා” පැවසූ සැනින්, ඔබට ඉබේටම බලය ලැබෙයි. එබැවින්, හේ බලවත්
ජීවාත්මයනේ, දැන් ඔබගේ බලයෙන් අන් ජීවාත්මයන්ව බලවත් කරන්න. ඔබට මෙම උද්යෝගය
තිබෙනවා නේද? ඔබට උද්යෝගය තිබේ. ඔබ බලය නොමැති ජීවාත්මයන්ව බලවත් කළ යුතුයි නේද?
දුර්වල ජීවාත්ම, බලවත් කිරීමට සෑම තැනකම ඉතා හොද උද්යෝගයක් තිබෙන බව බාප්දාදා දැක
තිබේ.
ඔබ ශිව රාත්‍රිය
වෙනුවෙන් බොහෝ අලංකාර සහ ශෝභනයකින් යුතු වැඩසටහන් සැලසුම් කරනවා. ඔබ සියලු දෙනාටම
උද්යෝගය තිබෙනවා නේද? ඔබට මෙම උද්යෝගය තිබෙනවාද? මෙම වසරේ ශිව රාත්‍රියේ විශ්මයන්
සිදු කිරීමට උද්යෝගය ඇති අය, අත් ඔසවන්න! සියලු කැලඹිලි අවසන් වී, ජයග්‍රහණය ඇති වන
එවන් ආශ්චර්යයක් සිදු කරන්න: අපූරුයි! අපූරුයි බලවත් ජීවාත්ම! අපූරුයි! සියලු කලාප
වල වැඩසටහන් සැලසුම් කර තිබේ. පන්ජාබයද එසේ සැලසුම් කර තිබෙනවා. එය හොදයි. සැරිසරන,
පිපාසාවෙන් සිටින සහ අසාමයෙන් සිටින ජීවාත්මයන්ට අඩු තරමින් බිදක් හෝ දෙන්න. ඇත්ත
වශයෙන්ම ඔවුන් ඔබගේ සහෝදර සහෝදරියන්ය. ඔබගේ සහෝදර සහෝදරියන් කෙරෙහි ඔබට අනුකම්පාවක්
දැනෙනවා නේද? මෙකල, මෙම කැලඹිලි කාලවල, ඔවුන් පරමාත්ම දෙවියන් සිහි කරයි, නමුත්
ඔවුන් ශක්තීන් සහ ගණදෙවියන්, හනුමාන් වැනි දේවතාවන් සහ වෙනත් දේවතාවන්ව ඊට වඩා බොහෝ
සේ සිහි කරයි. එබැවින් ඔවුන් කවුරුන්ද? ඔවුන් ඔබලා නේද? ඔවුන් දිනපතා ඔබව සිහි
කරයි. ඔවුන් කන්නලව් කරමින් සිටියි: “දයාවෙන් පිරි කෙනා, කරුණාබර කෙනා, අනුකම්පා
කරන්න! කාරුණික වන්න! සාමය සහ සතුටේ කුඩා බිංදුවක් හෝ දෙන්න!” ඔබගෙන් එක බිදකට
ඔවුන් පිපාසාවෙන් සිටියි. අහෝ ශක්තීන්, අහෝ දේවතාවනේ, දුකින් සහ පිපාසාවෙන් සිටින
ජීවාත්මයන්ගේ හඬ ඔබ වෙතට ළඟා නොවන්නේද? එය ඔබ වෙතට ළඟා වෙනවා නේද? බාප්දාදාට
කන්නලව්ව ඇසෙන විට ඔහුට ශක්තීන් සහ දේවතාවන්ව සිහි වෙයි. ඉතිං, දාදිජී හොද
වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා. බාබා එයට කැමතියි. දිනපතාම එය සිහි කිරීමේ දිනයකි,
නමුත් අද, සිහි කිරීමේ සිටීමෙන් ඔබට විශේෂයෙන් සියලු බල ලැබුණා. බාප්දාදා දැන් සෑම
තැනකම සිටින සියලුම දරුවන්ට පවසන්නේ, හෙට සිට ශිව රාත්‍රිය දක්වා, එක් හෝ වෙනත්
ක්‍රමයකට, ඔබගේ සිතිවිලි, වචන සහ නෑ සම්බන්ධතා තුළින් උපරිම ජීවාත්ම සංඛ්‍යාවකට
බිදක් සහ පණිවිඩය ලබා දෙන බවට විශේෂ අරමුණ අනිවාර්යෙන් ඔබගේ හදවත් වල තබා ගන්න. ඔබට
එරෙහිව ඇති පැමිණිල්ල අවසන් කරන්න. ඔය දරුවන් සිතන්නේ, විනාශයේ දිනය තවම දිස් නොවන
බවත්, එබැවින් ඔබට ඕනෑම වෙලාවක ඔබට එරෙහි පැමිණිල්ල අවසන් කළ හැකි බවයි, නමුත්
නැහැ! ඔබ දැන් එම පැමිණිල්ල අවසන් නොකරන්නේ නම්, ඔබට මෙසේ විමසමින් මිනිසුන්ගෙන්
පැමිණිල්ලක් ලැබෙයි: “ඔබ අපට මින් පෙර නොකීවේ ඇයි? අපටත් යමක් කරන්නට තිබුණා.” දැන්
ඔවුන් මෙසේ කියයි: “ඕ ප්‍රභූ!” එබැවින් ඔවුන්ට උරුමයෙන් යම් බිදක් ලබා දෙන්න.
ඔවුන්ටද ටිකක් දෙන්න. එක බිදකින් හෝ ඔවුන්ගේ පිපාසාව සංසිදවන්න. පිපාසාවෙන් සිටින
අයට එක බිංදුවකට වුවද විශාල වැදගත්කමක් තිබේ. එබැවින් වැඩසටහන මෙය නේද? බාප්දාදා
ඔබට කොළ කොඩිය පෙන්වනවා පමණක් නොවෙයි, නමුත් හෙට සිට ඔය තෘප්තිමත් ජීවාත්ම සියලුම
ජීවාත්මයන්ට පණිවිඩය ලබා දිය යුතු බවට බෙර හඩ වාදනය කරනවා. අඩු තරමින් ශිව
රාත්‍රියට, පියාගේ උපන් දිනය දවසේ, ඔවුන්ටත් පණිවිඩය ලැබී, සියලු දෙනාගේ මුව මිහිරි
කරගත යුතුයි. මෙම දිල්කුෂ් තෝලි සියලු දෙනාටම පවසන්න, එය ඔවුන්ට කවන්න. ශිව
රාත්‍රිය සාමාන්‍ය ලෙස සමරන්න එපා, නමුත් යම් ආශ්චර්යයක් පෙන්වන්න. ඔබට මෙම උද්යෝගය
තිබෙනවාද? පළමු පේළියේ සිටින අයට එය තිබෙනවාද? බොහෝ ශෝභාවක් ඇති කරන්න. ශිව
රාත්‍රියට විශාල වැදගත්කමක් තිබෙන බව වත් ඔවුන්ට අඩු තරමින් වැටහී යා යුතුයි. “ එය
අපගේ පියාගේ උපන් දිනයයි.” ඔවුන්ට මෙය ඇසී ඔවුන් සතුටින් සැමරිය යුතුයි. අච්චා.
අම්රිත් වේලාවේ
ඔබගෙන් වැඩි දෙනෙකුට සිහි කිරීමේ ඉතා හොද කුල්මත් බවක් සහ දේවමය ලැබීම් තිබෙන බව,
බාප්දාදා දුටුවා. කෙසේවෙතත්, ඔබට අම්රිත් වේලාවේ තිබෙන කුල්මත් බවේ සහ ඔබ කර්ම යෝගී
ස්ථිතියේ සිටින විට ඇති කුල්මත් බව අතර වෙනසක් තිබෙනවා. මෙයට හේතුව කුමක්ද? ක්‍රියා
සිදු කරන අතර ඔබ ජීවාත්ම අවධානයෙන් මෙන්ම කර්ම අවධානයෙන්ද සිටියි. මෙයට ක්‍රමවේදය
වන්නේ: “ක්‍රියා සිදු කරන අතර මා වන මෙම ජීවාත්මය....” කුමන ජීවාත්මයද? ඔබ දැනටමත්
එය දන්නවා. ඔය ජීවාත්මයන්ගේ විවිධ ස්වරූපයේ ස්ව-අභිමන් ඔබට ලැබී තිබේ. එවන්
ජීවාත්මයක් කරවන්හාර් වී, ඔහුගේ භෞතික ඉන්ද්‍රියන් ක්‍රියා කරවන කෙනෙකි. “මෙම භෞතික
ඉන්ද්‍රියන් මගේ සේවකයන්, නමුත් සේවකයන් මගින් ක්‍රියා සිදු කරන මා කරවන්හාර්ය. මා
නොබැදි සිටියි.” ලෝකයේද, අධ්‍යක්ෂකවරයෙක් තම වගකීම් ඉටු කරන අතර ඔහුගේ සමකාලීනයන්ට
හෝ වචන කතා කිරීමට උපකරණ වන අයට උපදෙස් ලබා දෙන විට, ඔහු අධ්‍යක්ෂක බව ඔහුට අමතක
වෙනවාද? ඔහුට මෙම අවධානය තිබෙනවා: මා, බලවත් කරවන්හාර් ජීවාත්මයක්. ජීවාත්මය සහ
සිරුර - එක්කෙනෙක් කරන්හාර් සහ අනෙකා කරවන්හාර් වීමේ අවධානය තිබීම - යටපත් වෙයි.
බ්‍රහ්ම පියා ඔහුගේ මුල් දිනවල පුහුණු වුනේ කුමක්ද කියා ඔය සියලුම පැරණි දරුවන්ගේ
මතකයට නැගෙනවාද? ඔබ ඔහුගේ එක දින පොතක් දුටුවා නේද? මුළු දින පොතේම තිබුණේ මෙම වදන්
පමණයි: “මම ජීවාත්මයක්, ජශෝදා (ලෞකික බිරිද) ජීවාත්මයක්, මෙම දරුවා ජීවාත්මයක්. මේ
කෙනා ජීවාත්මයක්. අර කෙනා ජීවාත්මයක්.” ඔහු නිරන්තරයෙන් මෙම අත්තිවාරම පුහුණු කළා.
එබැවින් ඔබ නිරන්තරයෙන් ප්‍රථම පාඩම පුහුණු විය යුතුයි: “මම කවුද?” ඔබ තමන්ව
පරීක්ෂා කළ යුතුයි. මෙසේ නොසිතන්න : “මා කොහොමත් ජීවාත්මයක්.” ජීවාත්මයක් වන මා,
කරවන්හාර් ලෙසින්, කාර්යය සිදු කරන බව අත්විදින්න. කරන්හාර්, කරවන්හාර් ගෙන් වෙනස්.
ඔහුගේ භෞතික ඉන්ද්‍රියන්, තම සේවකයන් බවට බ්‍රහ්ම පියාගේ අත්දැකීම ගැනත් ඔබට අසන්නට
ලැබුණා. දිනපතා රාත්‍රියේ පැවුත්වූ අධිකරණය ගැනත් ඔබට ඇසුණා නේද? එබැවින් ඒවායේ
පාලකයා ලෙසින්, ඔහුගේ සේවකයන් වන භෞතික ඉන්ද්‍රියන්ගෙන් ඔවුන්ගේ දුක සැප ගැන ඔහු
විමසුවා. එබැවින්, බ්‍රහ්ම පියා මෙම අත්තිවාරම ඉතා දැඩිව පුහුණු කළා. එබැවින් ඔහුගේ
අවසන් දිනයන්හි ඔහු සමග ගත කළ දරුවන් අත්දුටුවේ කුමක්ද? ක්‍රියා සිදු කරමින් තම
සිරුර තුළ සිටිමින් සහ එහෙ මෙහෙ යන එන අතර පියා අශාරීරික බවට අත්දැකීම ලැබුණා. ඔහුට
කර්ම ගිණුම් පියවීමට තිබුණු නමුත් ඔහු එය කළේ නොබැදි නරඹන්නෙක් ලෙසයි. ඔහුගේ කර්ම
වල බලපෑමට ඔහු හසු නොවූ අතර ඔහු තම කර්ම ගිණුම පියවනවා, යන අත්දැකීම ඔහු අන් අයට
ලබා දුන්නේද නැහැ. බ්‍රහ්ම පියා අව්‍යක්ත වෙමින් සිටින බව ඔබගේ අවධානයේ තිබුණද? ඔබට
එම අවධානය තිබුණේ නැහැ නේද? නොබැදී සිටීම, නරඹන්නෙක් වීම, අශාරීරික වීම, එනම්,
කර්මතීට් ස්ථිතිය ඔහු දීර්ඝ කාලයක් පුරා පුහුණු කළ නිසයි, අවසානයේ එම ස්වරූපයේ
අත්දැකීම ලැබුණේ. දීර්ඝ කාලයක් පුරා මෙම පුහුණුව තිබීම, බොහෝ සේ ප්රයෝජනවත්ය.
අවසානයේ ඔබගේ ශරීරය පිළිබද අවධානය ඔබ අත්හරියි කියා නොසිතන්න. නැහැ. අශාරීරික වීම
සහ ශරීරයෙන් වෙන්ව සිටීමේ, කරවන්හාර් ස්ථිතියේ අත්දැකීම අවශ්‍යයි. ඕනෑම කෙනෙකුගේ
අවසන් නිමේශය - තරුණ, මහළු, නිරෝගී හෝ රෝගී - ඕනෑම වෙලාවක පැමිණිය හැක. එබැවින්
දීර්ඝ කාලයක් පුරා නොබැදි නරඹන්නෙක් වීමේ පුහුණුවට අවධානය යොමු කරන්න. ස්වාභාවික
අනතුරු කෙතරම් පැමිණියත්, මෙම අශාරීරික ස්ථිතිය, ඔබට පහසුවෙන් නොබැදී සිටීමට සහ
පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ලබා ගැනීමට මග පාදයි. එබැවින් මෙම ව්‍යවහාරය වැදගත් බව
බාප්දාදා ඔබට පවසයි “දීර්ඝ කාලයක් පුරා” කුමක් සිදුවුණත් කම් නැත, නැවත නැවතත්
නොබැදි නරඹන්නෙකුගේ ස්ථිතිය, කරවන්හාර් වීමේ සහ අශාරීරික ස්ථිතිය අත්දකින්න. එවිට
අවසන් නිමේශයන්හි ඔය සුරදූතයන්, දේවතාවන් වීම සහතිකයක්. ඔබට පියා මෙන් වීමට අවශ්‍ය
නම්, එවිට පියා අශාරීරිකයි එමෙන්ම සුරදූතයෙකි. බ්‍රහ්ම පියා මෙන් වීම යනු සුරදූත
ස්ථිතියේ සිටීමයි. ඔබ භෞතික ස්වරූපය තුළ සුරදූත ස්වරූපය දුටු සේම, ඔහුගේ ශරීරය
තුළින් පියා සවන් දෙමින්, කතා කරමින් හෝ ශරීරයෙන් ක්‍රියාකාරකම් සිදු කරන අතර ඔහු
නොබැදී සිටි අන්දම ඔබ අත්දුටුවා. ඔබගේ කාර්යයන් පසෙකට දමා අශාරිරික වීම කෙටි කාලයකට
කළ හැක. කෙසේවෙතත්, ඔබගේ ක්‍රියාකාරකම් සිදු කරන අතර බලවත් අශාරීරික ස්ථිතියක්
නොකඩවා අත්විදීමට ඔබ කාලය සොයා ගත යුතුයි. ඔබ සියලු දෙනාම සුර දූතයන්ය. පරම
පියාගෙන් මෙම බ්‍රහ්මින් උපතේ ආධාරය ගැනීමෙන්, පණිවිඩය ලබා දීම සදහා ඔබගේ භෞතික
ස්වරූප වලින් ඔබ කාර්යය සිදු කරමින් සිටියි. සුරදූතයෙක්, සිරුර තුළ සිටින අතරම
සිරුරෙන් වෙන්ව සිටියි. බ්‍රහ්ම පියා තුළින් ඔබ මෙම නිදසුන දුටුවා. එය කළ නොහැකි
දෙයක් නොවේ. ඔබ එය දැක, අත්වින්දා. ඔබ සියලු දෙනාම දැන් උපකරණයි. දැන් බොහෝ
ව්‍යාප්තිය තිබෙන නමුත් මෙම නව දැනුමට, නව දිවියට සහ නව ලෝකය නිර්මාණය කිරීමට,
බ්‍රහ්ම පියාට තිබුණු තරම් වගකීමක් ඔබගෙන් කිසිවෙකුට නොමැත. එබැවින් සියලු දෙනාගේම
අරමුණ වන්නේ, බ්‍රහ්ම පියාට සමාන වීමයි, එනම්, සුරදූතයෙක් වීමට. ශිව පියාට සමාන වීම
යනු තමන්ව අශාරීරික ස්ථිතියේ ස්ථාවර කරගැනීමයි. මෙය අපහසුද? ඔබ තුළ බාප් සහ දාදාට
සෙනෙහස තිබෙනවා නේද? එබැවින් ඔබ සෙනෙහස දක්වන කෙනා මෙන් වන්න. ඔබ පියාට සමාන විය
යුතුයි යන සිතිවිල්ල ඔබට තිබෙන විට, එය අපහසු නැත. සරළව නැවත නැවතත් අවධානය යොමු
කරන්න. මෙය සාමාන්‍ය ජීවිතයක් නොවෙයි. සාමාන්‍ය ජීවිත ගත කරන බොහෝ දෙනෙක් සිටිනවා.
ශ්‍රේෂ්ඨ කාර්යයන් සිදු කරන බොහෝ දෙනෙක් සිටිනවා. කෙසේවෙතත්, ඔය බ්‍රහ්මින් ජීවාත්ම
හැර, ඔබ සිදු කරන කාර්යන්, සිදු කළ හැකි වෙනත් කිසිවෙකු නොමැත.
එබැවින් අද මෙම සිහි
කිරීමේ දිනයේ , බාප්දාදා ඔබට මෙම වරදානය ලබා දෙනවා : සමීප වන්න! සමීපයට එන්න!
සමීපයට එන්න! සියලුම සීමිත ආධාරක වලින් ඔබගේ මනසේ ඔරුව මුදවා ගන්න, සිතිවිලි, වචන,
ක්‍රියා, නෑ සබදතා යන සියලුම සීමිත ආධාරක වලින්. ඔබ දීර්ඝ කාලයක් ජීවන-මුක්තිය ලබා
ඇතිවාක් මෙන් දැන් සිට ජීවන මුක්තියේ සිටීමේ අලෞකික අත්දැකීම ලබා ගන්න. අච්චා.
බාබාට සෑම තැනකින්ම
බොහෝ ලිපි ලැබුණා. මධුබන් නිවාසීන් කෝපයෙන් නිදහස් වීම පිළිබද පුවත් සහ වාර්ථාද
බාප්දාදාට ලැබුණා. ඔවුන්ගේ එඩිතරකම ගැන බාප්දාදා සතුටු වනවා. අනාගතයේ නිරන්තරයෙන්
නිදහස්ව සිටිම සදහා, දරා ගැනීමේ බලයේ ආරක්ෂක පළිහ නිරන්තරයෙන් පැළද සිටින්න. එවිට
කෙනෙක් ඔබව කෙතරම් පෙලඹුවත්, ඔබ නිරන්තරයෙන් ආරක්ෂිතව සිටිවි. අච්චා.
අධිෂ්ඨානය ඇති සහ
නිරන්තර ස්මරණයේ ප්‍රතිරූ වන එවන් අයට, ඔවුන්ගේ සියලු බල, නිවැරදි වෙලාවට
නිරන්තරයෙන් භාවිතා කරන විශේෂ ජීවාත්මයන්ට, සියලු ජීවාත්ම කෙරෙහි සානුකම්පිත අයට,
පියාට සමාන වීමේ සිතිවිල්ල භෞතික ස්වරූපයකට දමන අයට, එවන් බොහෝ, බොහෝ බොහෝ ආදරණීය
සහ අසහාය දරුවන්ට බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.
ද්විත්ව විදේශිකයන්ට:
ද්විත්ව විදේශිකයන්ට දෙගුණයක කුල්මක් බවක් තිබේ, මන්ද, පරම පියා දුර ඈත දේශයක සිට
පැමිණ ඇති සේම, ඔවුන්ද දුර සිට පැමිණ ඇති බව ඔවුන්ට හැගෙයි. ද්විත්ව විදේශික
දරුවන්ගේ එක විශේෂත්වයක් බාප්දාදා දැක තිබෙනවා, ඔවුන් එක පහනකින් තවත් පහනක් දල්වන
බව සහ මේ අන්දමින් ඔවුන් බොහෝ රටවල බාප්දාදාගේ දැල්වුණු පහන් වල දීපාවලිය සමරා ඇති
බව. පණිවිඩය ලබා දීමට ද්විත්ව විදේශිකයන්ට බොහෝ උනන්දුවක් තිබෙනවා. සෑම කණ්ඩායමක
රටවල් 35ක් හෝ 40කින් පැමිණි දරුවන් සිටින බව බාප්දාදා දැක තිබෙනවා. සුබ පැතුම්!
නිරන්තරයෙන් නොකඩවා පියාසලා, පියාසලන අතර නොකඩවා පණිවිඩය ලබා දෙන්න. එය හොදයි.
බාප්දාදා දකින්නේ රටවල් 35ක ඔබලාව පමණක් නොවෙයි, නමුත් ඔබ සමගම වෙනත් දේශ වල අයවත්
ඔහු දකිනවා. එබැවින් පියාට සමාන වන අංක එකේ ජීවාත්ම ඔබ නේද? ඔබ අංක එකද නැත්නම්
අංකානුරූප වන අයද? ඔබ අංක එකේ අයද? ඔබ අංකානුරූප නැද්ද? අංක එක වීම යනු සෑම මොහොතකම
ජය ගැනීමයි. ජය ගන්න අය අංක එක හිමි කර ගනී. ඔබ එවන් අය නේද? ඉතා හොදයි. ඔබ
ජයග්‍රාහී අය වන අතර නිරන්තරයෙන් ජයග්‍රාහීව සිටින අයයි. අච්චා. ඔබ කොහේ ගියත්
සියලුම ද්විත්ව විදේශිකයන් අංක එක විය යුතු බව, සියලු දෙනාට මතක් කර දෙන්න. අච්චා.
බාප්දාදා සියලු
මව්වරුන්ට, ගවුපාල් වල සියලු ආදරණීය මව්වරුන්ට ඔහුගේ හදවතින් බොහෝ බොහෝ සෙනෙහස සහ
ස්මරණය ලබා දෙනවා. පාණ්ඩවයන්ද, තරුණ හෝ ගෘහවාසීන් වුවද, සෑම විටම පාණ්ඩවයන්ගේ
ස්වාමීගේ සහකරුවන් වී ඇත. සහකරුවන් වන එවන් පාණ්ඩවයන්ට බාප්දාදා බොහෝ බොහෝ සෙනෙහස
සහ ස්මරණය ලබා දෙනවා.
දාදිජීට:
ඔබ අද සිහි
කරන්නේ කුමක්ද? ඔබට අධිෂ්ඨාන බලය ලැබුණා නේද? ඔබට අධිෂ්ඨාන බලයේ ආශිර්වාදය තිබෙනවා.
ඔබ ඉතා හොද චරිත කොටසක් රගපා තිබේ, එබැවින් සුබ පැතුම්! ඔබට සියලු දෙනාගෙන් බොහෝ
ආශිර්වාද ලැබී ඇත. ඔබ කතා කළත් නැතත්, ඔබව දකින විට සියලු දෙනාම සතුටට පත් වනවා.
ඔබට යමක් සිදු වූ විට, සියලු දෙනා සිතන්නේ එය ඔවුන්ට සිදුවුණා කියා. සියලු දෙනා තුළ
බොහෝ සෙනෙහස තිබේ. සියලු දෙනාටම සෙනෙහස තිබේ. ඔබ තුළ සියලු දෙනා කෙරෙහි බොහෝ
සෙනෙහස තිබේ. සියලු දෙනාව චලනය කරවන්නේ මෙම සෙනෙහසයි. ධාරණය අඩුවෙන් තිබුණත්
වැඩියෙන් තිබුණත් ඔවුන්ව චලනය කරවන්නේ සෙනෙහසයි. ඉතා හොදයි.
ඉෂූ දාදි:
මේ කෙනාත් ඇගේ
ගිණුම් පියවා ඇත. (ඉෂූ දාදී වැටුණු අතර ඇයට විවේක ගැනීමට සිදු විය). එයට කමක් නැහැ.
මේ කෙනාගේ උත්සාහ පහසුයි. ඇගේ ගිණුම් පහසුවෙන් පියවෙනවා. ඔබ සැතපී හිද එය ඉතා
පහසුවෙන් සිදු විය. ඔබට විෂ්ණුට මෙන් සැප පහසුකම් ලැබුණි. අච්චා. ඇත්ත වශයෙන්ම
සකාර් දින වල සිට මේ දක්වා ඔබ යග්යාවේ ආරක්ෂකයෙක් වී ඇත. යග්යාවේ ආරක්ෂකයෙක් වීමේ
දි බොහෝ ආශිර්වාද ලැබෙයි.
ඔය සියලුම දාදීලා
බාප්දාදාට ඉතාම සමීපයි. ඔබ සමීප මැණික්ය. සියලු දෙනාම දාදීන්ව බොහෝ අගය කරයි.
සමූහයද හොදයි. ඔය දාදීන්ගේ සමූහය බොහෝ වසර ගණනාවක් යග්යාව ආරක්ෂා කර ඇති අතර එය
දිගටම සිදු වෙයි. සියලු සාර්ථකත්වයේ පදනම මෙම එකමුතුකමය. ඔබ පියාව මැදින් තබා ඇත.
ඔබ තබා ඇති මෙම අවධානය ඉතා හොදයි. අච්චා. ඔබ සියලු දෙනාම හොදින්ද?
වරදානය:
ඔබ සහකරුවෙක්
විලසින් ඒකායන පියා සමග සියලු සම්බන්ධතා පැවැත්වීමෙන් පහසු උත්සාහ දරන්නෙක් වේවා.
සියලු සම්බන්ධතා වල
සහකාරිත්වයේ වගකීම ඉටු කිරීමට පියාම ඉදිරිපත් වනවා. වෙලාවට අනුව, සෑම
සම්බන්ධතාවයකින් පියා සමග රැදී සිටිමින්, ඔහුව ඔබගේ සහකරු කරගන්න. ඔබට ඔහුගේ
නිරන්තර ඇසුර තිබෙන විට සහ ඔහු ඔබගේ සහකරු වන විට, අපහසු කිසිවක් තිබිය නොහැක. ඔබට
තනිකමක් දැනෙන විට පියාව තිතක ස්වරූපයෙන් සිහි නොකරන්න, නමුත් ඔබගේ ලැබීම්
ලැයිස්තුව ඔබ ඉදිරියට ගෙන එන්න. විවිධ කාල වලදි විවිධ විනෝදජනක අත්දැකීම් වල
කතාපුවත් ඔබගේ සිහියට නගා ගෙන, සියලු සම්බන්ධතාවන්හී මිහිරියාව විඳ ගන්න. සියලු
අපහසු කාර්යන් එවිට අවසන් වී ඔබ පහසු උත්සාහ දරන්නෙක් වෙයි.
පාඨය:
විවිධ ස්වරූප
ඇති කෙනෙක් වී, මායාගේ විවිධ ස්වරූප හදුනාගන්න, එවිට ඔබ මාස්ටර් මායා ස්වාමියෙක්
වෙයි.