02.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරමාත්ම පියාගේ චරිත කොටස හරිම නිවැරදියි. ඔහු පැමිණෙන්නේ ඔහුට අදාල නිවැරදිම වෙලාවටයි; ඔහු පැමිණෙන වේලාවේ කුඩා හෝ වෙනසක් සිදු විය නොහැකියි. ඔහුගේ පැමිණීම, ශිව රාත්‍රිය ඉතාමත් ඉහළින් උත්සවශ්‍රීයෙන් සමරන්න.

ප්‍රශ්නය:
පාප දුර්ගුණ මුළුමණින්ම දුරුවී නොයන්නේ කුමන දරුවන්ගේද?

පිළිතුර:
නිවැරදි යෝගාවක් නොමැති අයගේ. පරමාත්ම පියාව ඔබට සිහි කරන්න බැරි නම්, ඔබගේ පාප කවදාවත් දුරු වී යන්නේ නැහැ. ඔබ නිවැරදි යෝග සම්බන්ධතාවයක නොමැති නම් සම්පූර්ණ ගැලවීමක් ලබන්න ඔබට හැකි වන්නේ නැහැ. පාප කිහිපයක් ඉතිරි වී ඔබගේ තත්ත්වය පහළ බසීවි. ඔබට යෝගා නොමැති නම්, ඔබ කාගේ හෝ නම - රූපයේ පැටලී ඒ කෙනාවම සිහි කරමින් සිටිනා නිසා ජීවාත්ම අවධානයටත් පත් විය නොහැකි වේවි.

ගීතය:
අද උදේ පාන්දරින්ම පැමිණියේ කවුරුන්දෝ...?

ඕම් ශාන්ති.
උදෑසන කියන්නේ කීයටද? උදේ පාන්දරින් ඔහු පැමිණෙන්නේ කීයටද? හරියටම ඔහු පැමිණෙන වේලාව කුමක්ද? (කෙනෙක් පාන්දර තුනට කියා කිව්වා. තවත් කෙනෙක් පාන්දර හතරට කියා කිව්වා. තවත් කෙනෙක් සංගම් යුගයේ දී කියා කිව්වා. තවත් කෙනෙක් මධ්‍යම රාත්‍රියේදී කියා කිව්වා.) හරියටම නිවැරදි වෙලාව බාබාට දැන ගැනීමට අවශ්‍යයි. මධ්‍යම රාත්‍රිය උදෑසනයි කියා හඳුන්වන්නේ නැහැ. මධ්‍යම රාත්‍රියෙන් එක් තත්පරයක් හෝ මිනිත්තුවක් පසු වුණු ගමන් පෙ.ව. කියා කියනවා. ඒ උදෑසනෙහි ආරම්භයයි. ඒක තමයි හරිම උදෑසන. නාටකයේ ඔහුගේ චරිත කොටස හරියටම හරි. එක් තත්පරයක්වත් ප්‍රමාදයක් සිදු වෙන්න බැහැ. මෙම නාටකය සදාකාලිකවම තීරණය වී හමාර දෙයක්. මධ්‍යම රාත්‍රියෙන් එක් තත්පරයක් හෝ පසුවෙන තෙක් පෙ.ව. කියා කියන්න බැහැ. මේවා අසීමිතත්ත්වයේ කරුණුයි. පරමාත්ම පියා කියනවා : මම පැමිණෙන්නේ හිමිදිරි පාන්දරිනුයි. විදේශීය රටවල පෙ.ව. හා ප.ව. කියා නිවැරදිම ක්‍රම රටාවක් තිබෙනවා. ඔවුන්ගේ බුද්ධිය තවමත් හොඳයි. ඔවුන් මුළුමණින්ම සතෝප්‍රධාන් වන්නේත් නැහැ, මුළුමනින්ම තමෝප්‍රධාන් වන්නේත් නැහැ. භාරතයේ මිනිසුන් පමණයි 100% ක්ම සතෝප්‍රධාන් හා 100% ක්ම තමෝප්‍රධාන් වන්නේ. පරමාත්ම පියා හරිම නිවැරදියි. දොළහ පසුවී එක් මිනිත්තුවක් ගිය ද ඒ මොහොත උදෑසනයි. තත්ත්පර වල ගිණුමක් ඔබ තබා ගන්නේ නැහැ. තත්ත්පරයක් පසුවුණු මොහොත ඔබට කියන්න බැහැ. මේ දේවල් තේරුම් ගන්නේ ඔය දරුවන් පමණයි. මුළු ලෝකයම ඇත්තේ ඝන අන්ධකාරයකයි. දෙවියන්ගේ බැතිමතුන් සෑම කෙනෙක්ම දෙවියන්ව සිහි කරන්නේ දුකක් කරදරයකට පත් වුණු මොහොතකදීයි: අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! කෙසේවෙතත්, ඔහු කවුද කවදා ද එන්නේ කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔවුන් මිනිසුන් නමුත් ඔවුන් අපිරිසිඳු හා තමෝප්‍රධාන් නිසා කිසිම දෙයක් හරි හැටි දන්නේ නැහැ. කාමරාගයත් තමෝප්‍රධාන්. අසීමිත පියා දැන් මේ අණ දෙනවා : දරුවනි, කාම රාගය දමනය කර මුළු ලොවම ජය ගන්න. ඔබ පාරිශුද්ධත්වයට පත් වූයේ නැති නම්, විනාශයට ඇද වැටේවි. පාරිශුද්ධ වීමෙන් ඔබ අවිනාශී තත්ත්වයක් දිනා ගන්නවා. ඔබ රාජයෝගාව ඉගෙන ගන්නවා. “පූජනීය වන්න. යෝගී වන්න” කියා ඔබ ආදර්ශ පාඨ ලියනවා. ඇත්තටම කියනවා නම්, ඔබ ලිවිය යුත්තේ රාජයෝගී වන්න කියලායි. යෝගී කියන වචනය පොදු වන අතර බිරිඳක් තම සැමියා සමඟ යෝග වෙනවා. ඔබගේ යෝගාව කෙසේවෙතත්, රාජයෝගාවයි. පරමාත්ම පියා ඔබට රාජයෝගාව උගන්වනවා. මෙන්න මේ නිසා තමයි රාජයෝගා කියා ලිවීම වඩාත්ම නිවැරදි වන්නේ. පූජනීය සේම රාජයෝගී වන්න. දවසින් දවස ඔබ නිවැරදි කිරීම් ලබනවා. පරමාත්ම පියා කියනවා : අද මම ඔබට ඉතාමත් ගැඹුරු සේම හොඳ කරුණු කියා දෙනවා. ශිව ජයන්තිය දැන් එනවා. ඔබ ශිව ජයන්තිය ඉතාමත් හොඳින් සැමරිය යුතුයි. ශිව ජයන්ති දවසේ දී ඔබට ඉතාමත් හොඳින් සේවය කළ හැකියි. ප්‍රදර්ශනය පවත්වනා අය තම තමන්ගේ මධ්‍යස්ථාන වලත් නිවෙස් වලත් ශිව ජයන්තිය හොඳින්ම සැමරිය යුතුයි. ගීතා ඥානය දානය කරන්නේ ශිව බාබායි. එන්න, පරමාත්ම පියාගෙන් ඔබගේ අසීමිත උරුමය දිනා ගත හැක්කේ කෙසේදැයි කියා පැමිණ ඉගෙන ගන්න. ඔබ සෑම කෙනෙක්ම පහන් පත්තු කර ගෙවල් වල දීත් ශිව ජයන්තිය සැමරිය යුතුයි. සෑම නිවසක්ම ගීත පාඨශාලාවක්, මන්ද, ඔබ සෑම කෙනෙක්ම ඥාන ගංඟාවන්. සෑම නිවසකම ගීතාව හදාරණවා. පිරිමි අයට වඩා කාන්තාවන්ගේ ශ්‍රද්ධා භක්තිය වැඩියි. පවුලේ සෑම කෙනෙක්ම ගිතාව හදාරණා පවුල් පවා තිබෙනවා. පැමිණ නැවතත් වතාවක් අසීමිත පියාගෙන් ඔබගේ උරුමය දිනාගන්න කියලා ලියන්න. ශිව ජයන්ති උත්සවය ඔබගේ සැබෑම දීපාවලියයි. පරමාත්ම පියා, ශිවා පැමිණි විට සෑම නිවසක්ම ඒකාලෝක වෙනවා. මෙම උත්සවයේ දී ඔබ හැකි තරම් පහන් පත්තු කර එම උත්සවය ඉතාමත් ඉහළින් සැමරිය යුතුයි. ඔබ සැබෑම දිපාවලිය සමරනවා. අවසාන උත්සවය පැවැත්වෙන්නේ ස්වර්ණමය යුගයේදීය. ඒ සෑම නිවසකම පහනක් දැල්වුණු විටයි. එනම්, සෑම ජිවාත්මයක්ම ආලෝකමත් වුණු විටයි. මෙහි ජීවාත්ම සිටින්නේ අන්ධකාරයේයි ජීවාත්මයන්ට ඇත්තේ පිරිහුණු බුද්ධියක්. නමුත් එහිදී ජීවාත්ම පාරිශුද්ධ නිසා ඔවුන්ට ඇත්තේ දිව්‍යමය බුද්ධියක්. පාරිශුද්ධත්වයට පත් වන්නේත් අපිරිසිඳු වන්නේත් ජීවාත්මයන්මයි. ඔය ජීවාත්ම දැන් පැන්සයක් තරම්වත් නොවටිනා තත්ත්වයෙන් පවුමක් තරම් වටිනා අය බවට පත් වෙනවා. ඔය ජීවාත්ම පාරිශුද්ධ වන විට ඔබලාට පාරිශුද්ධ ශරීර හිමි වෙනවා. මෙහි ජීවාත්ම අපිරිසිඳුයි. ඒ වගේම තමයි ඔවුන්ගේ ශරීරත්. මෙම ලෝකය අපිරිසිඳුයි. ඔබලා අතරිනුත් මේ දේවල් හරි හැටි අවබෝධ කර ගෙන ඇතුලාන්තයේ ඒ සතුට විඳිනා අය සිටින්නේ ටික දෙනයි. ඔබ සෑම කෙනෙක්ම දිගින් දිගටම උත්සාහ දරණවා. එක් එක් ග්‍රහයින් සිටිනවා; එක් එක් කාල වලට රාහු අපල ලබනවා. එවන් ග්‍රහයින් මුලින් මෙම දැනුමින් උද්දාමයට පත් වූවන්ව දැනුම අතහැර දමා යාමට සලස්වනවා. බ්‍රහස්පති කාලය රාහු කාලය වෙනවා. පාපයේ ගැලුණු විට ඔබ රාහුගේ බලපෑමට හසු වෙනවා. බොක්සිං ගහන්න පටන් ගන්නවා. ගෙවල් වල සිටිනා ඔය අම්මලා ඒවා දැක නැතිව ඇති. ගුමු ගුමු නද දෙන මීමැස්සන් නිවහනක් සාදන්නනුයි; ඔවුන් නිවසක් සාදනවා. ගෘහ අලංකරණය හරිම හොඳ කලාවක්. Homemaker කියා වචනයක් ඇත්තේ මේ නිසාය. මී මැස්සන් ඉතාමත් වෙහෙස වෙනවා. ඔවුන් ඉතාමත් හොඳ නිවෙස් සාදන්නන්. කාමර දෙක තුන පවා හදනවා. ඇය තවත් කෘමීන් තුන හතරක් එහි රැගෙන එනවා. ඒ වගේම ඔය බ්‍රහමිණ්වරුනුත් ගුමු ගුමු නද දෙන මී මැස්සනුයි. ඔබලාටත් එක්කෙනෙක් නැති නම් දෙදෙනෙක්, නැතිනම්, දහ දොළොස් දෙනෙක්, ඒත් නැතිනම් එකසිය හෝ පන්සිය ගණන් රැගෙන ආ හැකියි. විශාල ශාලාවක් සාදන්න. එයත් නිවසක් සාදනවා වගේ විය හැකියි. ඒ තුළ ඉඳගෙන දැනුම නද දිය හැකියි. එය අවබෝධ කර ගන්නා අය කූඹින්ගෙන් මී මැස්සන් බවට පත් වේවි. ඇතැම් අය සම්පූර්ණයෙන්ම දිරාපත් වෙලා. ඔවුන් මෙම ධර්මයට අයිති නැහැ. මෙම ධර්මයට හරියටම අයිති අයට පමණයි මෙය හොඳින් ස්පර්ෂ වෙන්නේ. ඔබලා මානව ජීවයන්. ඔබලාගේ ශක්තිය ඔවුන්ගේ ශක්තියට වඩා ඉහළයි. දෙදහසක සෙනගකටම ඔබට දේශනයක් දිය හැකියි. තවත් ඉදිරියට යන විට හාර, පන්දාහේ සෙනඟකට කතා කිරීමට ඔබට සිදුවේවි. ගුමු ගුමු නද දෙන මී මැස්සන්ව සන්සන්දනය කරන්නේ ඔබටයි. මේ දින වල සන්‍යාසීන් විදේශීය රටවලට පවා ගොස් තමන් භාරතයේ පෞරාණික රාජයෝගාව උගන්වනා බව කියනවා. ඇතැම් කාන්තාවන් පවා කහ සිවුරු පොරවාගෙන යනවා. ඔවුන් විදේශිකයින්ව හොඳටම රවටනවා. පෞරාණික යෝගාව ඉගෙන ගැනීමටයි කියා ඔවුන්ට භාරතයටත් ආරාධනා කරනවා. නමුත් මෙය ඉගෙන ගැනීමට භාරතයට පැමිණෙන්නැයි කියා ඔබලා කියන්නේ නැහැ. ඔබ ඒ රට වලට ගොස් ඔවුනුත් සමඟ අසුන් ගෙන ඔවුන්ට කියන්න මෙම රාජයෝගාව ඉගෙන ගන්න. ඔබ දිව්‍යලෝකයේ උපත ලබාවි. ඔබගේ ඇඳුම් පැළඳුම් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. තම ශරීරයත් ශාරීරික ඥානීනුත් අතහැර දමා තමා ජීව සත්තාවක් බව සලකා පරමාත්ම පියාව සිහි කිරීම පමණයි ඔබට කිරීමට ඇත්තේ. විමුක්තිදායකයා හා මඟ පෙන්වන්නා පරමාත්ම පියායි. ඔහු සෑම කෙනෙක්වම දුකින් මුදවා ගන්නවා. ඔබලා දැන් මුළුමනින්ම පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. මීට පෙර ඔබ සිටියේ ස්වර්ණමය යුගයේයි. නමුත් දැන් ඔබ සිටින්නේ කලි යුගයේයි. මුළු ලෝකයමත් සෑම ආගමකම සිටිනා සෑම කෙනෙක්මත් දැන් සිටින්නේ කලි යුගයේයි. අනිකුත් ආගම් වලින් කවුරුන්ව හෝ ඔබට මුණ ගැසුණොත් පරමාත්ම පියා මෙසේ කියනා බව ඔවුන්ට කියන්න : තමා ජීවාත්මයක් බව සලකා මා සිහි කරන්න. ඔබ පාරිශුද්ධත්වයට පත් වේවි. මම පසුව ඔබ මා සමඟ නිවහනට ගෙන යන්නම්. මේ දේ පමණක් කියන්න. වැඩිය කියන්න එපා. මෙය ඉතාමත් පහසුයි. මෙම සංදේශය සෑම නිවසකටම දෙන අතරේ එක් අයෙක්ව පමණක් මඟහැරී පසුව ඔහු පණිවුඩය දුන් කෙනා ගැන මැසිවිලි නඟා තිබුණු බව ග්‍රන්ථ වල සඳහන් වී තිබෙනවා. අණබෙර ගසා පරමාත්ම පියා පැමිණ සිටිනා බව ඔබ කිව යුතුයි. සාම දේශයේත් සතුටේ දේශයේත් උරුමය තමාට දීමට පරමාත්ම පියා පැමිණ සිටිනා බව සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම කවදා හෝ දවසක දැන ගනීවි. දේවතා වංශය තිබුණු කල වෙනත් කිසිම ආගමක් තිබුණේ නැහැ. අන් සෑම කෙනෙක්ම සිටියේ සාම දේශයේයි. එවන් සිතිවිලි ඇතිව එවන් ආදර්ශ පාඨ ඔබ විසින් නිර්මාණය කළ යුතුයි. පරමාත්ම පියා කියනවා ශරීරයත් ශාරීරික ඥාතීනුත් පිළිබඳ වූ සෑම අවධානයක්ම අත්හැර දමන්න. ඔය ජිවාත්මයන් තම තමන් ජීවාත්ම බව සලකා පරමාත්ම පියාව සිහි කළ විට ඔබ පාරිශුද්ධත්වයට පත් වේවි. දැනට සෑම ජීවාත්මයක්ම අපිරිසිඳුයි. පරමාත්ම පියා දැන් පැමිණ සිටින්නේ සෑම කෙනෙක්වම පාරිශුද්ධ කරවා නිවහන වෙත නැවත ගෙන යාමට මඟ පෙන්වන්නෙක් වශයෙනුයි. සෑම කෙනෙක්ම තම තමන්ගේ අංශ වලට යාවි. ඉන් අනතුරුව දේවතා ධර්මයට අයිති අය පිළිවෙලින් පහළට බැස ඒවි. එය හරිම පහසුයි. ඔබගේ බුද්ධිය මේ සියල්ල හොඳින් ග්‍රහණය කර ගත යුතුයි. සේවය කරනා අයව සඟවා තබන්න බැහැ, ඒ වගේම තමයි සේවයේ නාමයේ අනර්ථකාරී ක්‍රියා කරනා අයවත් සඟවා තබන්න බැහැ. සෑම කෙනෙක්ම ආරාධනා කරන්නේ සේවය කරනා අයටයි. කිසිම කෙනෙකුට ඥානය දිය නොහැකි අයට ආරාධනා කරන්නේ නැහැ. ඔවුන් බාබාගේ නම අපහාසයට ලක් කරනවා. එවිට මිනිස්සු කියාවි බ්‍රහ්ම කුමාරීන් කියන්නේ මේ වගේ පිරිසක්ද? අහන ප්‍රශ්නයකටවත් ඔවුන්ට උත්තර දී ගන්න බැහැ. ඉතින් මෙය බාබාට කරන අපහාසයක් නේද? ශිව බාබාගේ නමට අපහාස කරනා අයට ඉහළ තත්ත්වයක් දිනා ගන්න බැහැ. ඇතැම් අය ලක්ෂපතියන්, කෝටිපතියන් වෙද්දී තවත් පිරිසක් සාගින්නේ මිය යනවා. එවන් යාචකයනුත් රාජකුමාරයන් වේවි. එක කාලයකදී දිව්‍යලෝකයේ රජ කුමරු වශයෙන් සිටි ශ්‍රී ක්‍රිෂ්ණා දැන් යාචකයෙක් බවට පත් වී ඇත්තේ කෙසේ දැයි කියා තේරෙන්නේ ඔය දරුවන්ට පමණයි. ඔහු නැවතත් වතාවක් එම යාචක තත්ත්වයෙන් රජකුමරෙක් වෙනවා. ඔහු යාචකයෙක් ලෙසිනුයි සිටියේ. නැත්ද? යන්තම් යමක් උපයා ගෙන තිබුණත් ඒකත් ඔය දරුවන් වෙනුවෙනුයි. නැතිනම් ඔහු කොහොමද ඔබ රැක බලා ගන්නේ? මේ කිසිම දෙයක් ග්‍රන්ථ වල සඳහන් වෙලා නැහැ. මේ දේවල් සියල්ලම කියන්නේ ශිව බාබායි. මොහු ඇත්තටම සිටියේ ගැමි කොල්ලෙක් ලෙසිනුයි. ඔහුගේ නම ක්‍රිෂ්ණා නොවෙයි. එය ජීවාත්මය හා සම්බන්ධ කරුණක්. එනිසාම තමයි මිනිසුන්ට මේ සියල්ල පැටලෙන්නේ. එමනිසා, බාබා කියනවා : ශිව ජයන්ති දවසේ ද පින්තූර භාවිත කර සෑම නිවසකටම සේවය කරන්න. නැතිනම් මෙසේ ලිවිය හැකියි: එක් තත්පරයකින් උපත් 21කට උරුමය දිනා ගන්නේ කෙසේදැයි කියා පැමිණ තේරුම් ගන්න. දීවාලී දවසට මිනිස්සු තම වෙළෙඳසැල් විවෘත කරනවාක් සේ ඔබත් අවිනාශී ඥාන මිණිමුතු වෙළෙඳසැලක් විවෘත කළ යුතුයි. ඔබගේ වෙළෙඳ සැල ලස්සනට සැරසිය යුතුයි. මිනිස්සු දීවාලී දිනයේ දී තම තමන්ගේ වෙළෙඳසැල් ලස්සනට සරසනවා. නමුත් ඔබ මෙය කළ යුත්තේ ශිව ජයන්තියේ දීය. මන්ද, ඔය සියලු දෙනාගේ පහන් නැවතත් දල්වා ඔබව ලෝක පාලකවරුන් බවට පත් කරවන්නේ ඔහුයි. මිනිස්සු විනාශ වන සුළු මුදල් ඉල්ලා ලක්ෂ්මි දෙවඟන වන්දනා කරනවා. ඔහු ළඟ කිසිම ග්‍රන්ථයක් නැහැ. පරමාත්ම පියා කියනවා : මම ඥානයෙන් පිරි කෙනායි. ඔව්, ඔබලාගෙන් ඇතැම් අය ඉතාමත් හොඳින් සේවය කරනා විට ඒ ගැන මට දැන ගන්න ලැබෙනවා. මෙන්න මේ නිසා තමයි මම ඔබව සිහි කරන්නේ. නමුත් ඔබ අභ්‍යන්තරයේ සිදු වන සෑම දෙයක්ම මම දන්නවාමයි කියා දෙයක් නැහැ. ඔව්, ඇතැම් විට ඇතැම් කෙනෙක් අපිරිසිඳු නම් ඒ ගැන මට කිව හැකියි. ඔවුන්ට ගැටළු තිබෙනවා; ඔවුන්ගේ මුහුණු පරවෙනවා. ඒ නිසා බාබා ඉහළින් පණිවුඩයක් එවනවා. ඇතැම් අය වෙනුවෙන් මෙවන් දේවල් ඔහුට කිරීමට සිදු වීමත් නාටකයේ තීරණය වී ඇත්තක්. නමුත් ඔහු හැම හැම කෙනෙක් ගැනම කතා කරන්නේ නැහැ. තමන්ගේ මුහුණේ දැලි ගා ගන්නා දරුවන් රාශියක් සිටිනවා. ඔවුන් මොනවා කළත් තමන්ටම පාඩු විඳගන්නවා. ඇත්ත කියනවා නම් ඔවුන්ට පොඩි ලාභයක් හෝ දිනා ගත හැකියි. ඇත්ත නොකියනා විට තව තවත් පාඩු විඳීමට ඔවුන්ට සිදු වෙනවා. බාබා පැමිණ සිටින්නේ ඔබව ලස්සන කරවීමටයි කියා ඔබට තේරුණත් ඔබෙන් ඇතැම් අය තමන්ගේ මුහුණේම දැලි ගා ගන්නවා. කටු ලෝකයක් වන මෙහි සෑම කෙනෙක්ම මිනිස් කටුවක්. ස්වර්ණමය යුගය අල්ලාගේ වත්ත කියාත් හඳුන්වනවා. නමුත් දැන් මෙම යුගය වනාන්තරයක් වෙලා. මෙන්න මේ නිසා තමයි පියා කියන්නේ : ධර්මය අපහාසයට ලක් කිරීම ඉහළින්ම සිදු වන කාලයේ දී තමයි මා පැමිණෙන්නේ. උපත් 84 ගැනීමෙන් අනතුරුව පළමු ශ්‍රී ක්‍රිෂ්ණාට වුණේ කුමක් දැයි කියා බලන්න. දැනට සෑම කෙනෙක්ම තමෝප්‍රධාන්; ඔවුන් නොනවත්වාම එකිනෙකා සමඟ රණ්ඩු වෙනවා. ඒ සියල්ල නාටකයේ නියමිත දේවල්. ඒ කිසිවක් දිව්‍යලෝකයේ නැහැ. නීතීඥයන් තම පොත් වල කරුණු සටහන් කර ගන්නවා. ඔවුන් ඒවා පරිශීලනය කර එක් එක් අයට අවශ්‍ය කරන ඖෂධය නියම කරනවා. එමනිසා, ඔය දරුවනුත් ඉතාමත් හොඳින් ඉගෙන ගත යුතුයි. ඔබ සේවයත් කළ යුතුයි. බාබා ඔබට ඉහළ ගණයේ මන්ත්‍රය වන “මන්මනාභව” මන්ත්‍රය දී තිබෙනවා. පරමාත්ම පියාවත් ඔබගේ උරුමයත් සිහි කරන්න. ඔබ දිව්‍යලෝකයේ පාලකවරුන් වේවි. මිනිස්සු ශිව ජයන්තිය සමරණවා. නමුත් ශිව බාබා කළේ මොනවාද? ඔහු අනිවාර්යෙන්ම දිව්‍යලෝකයේ උරුමය දෙන්න ඇති. ඒ වසර 5000කට පෙර. ඒ දිව්‍යලෝකය පසුව අපාය බවට පත් වි දැන් එම අපාය දිව්‍යලෝකය බවට පත් වීමටයි තිබෙන්නේ. පරමාත්ම පියා කියනවා : දරුවනි, යෝගාවේ හොඳින් නිරත වුණු විට ඔබට සියල්ල ඉතාමත් පැහැදිලිව තේරුම් ගත හැකි වේවි. කෙසේවෙතත්, ඔබගේ යෝගාව නිවැරදිව පිහිටා නැතිනම් ඔබ පරමාත්ම පියාව සිහි කරන්නේ නැහැ. ඔබට කිසිම දෙයක් තේරුම් ගත නොහැකි වේවි. ඔබගේ පාප දුරු වී යන්නේත් නැහැ. යෝගාවේ පිහිටා නොසිටීම නිසා ඔබට එතරම් සහනයක් ලැබෙන්නේත් නැහැ. ඔබගේ ඇතැම් පාප එහෙම්ම ඉතිරි වී තිබී එමඟින් ඔබ ලද යුතු තත්ත්වයත් බාල වී යාවි. කිසිම යෝගාවක් නැති අය රාශියක් සිටිනවා. ඔවුන් එක් එක් අයගේ නම - රූපයේ පැටලිලා. ඔවුන්වම සිහියේ තබා ගෙන සිටියා නම් ඔබගේ පාප දුරු වන්නේ කෙසේද? පරමාත්ම පියා දැන් කියනවා : ජීවාත්ම අවධානයට පත් වන්න! අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අවිනාශී ඥාන මිණිමුතු වෙළෙඳසැලක් ශිව ජයන්තියේ දී විවෘත කර සේවය කරන්න. සෑම නිවසක්ම ඒකාලෝක කර පරමාත්ම පියාගේ හැඳින්වීම සෑම කෙනෙක්ට ලබා දෙන්න.

2. සත්‍ය පියා හා ඔබ සත්‍යවාදී විය යුතුයි. තමන් විසින් කර ඇති කිසිම පාපයක් පරමාත්ම පියාගෙන් සඟවන්න එපා. කිසිම පාපයක් ඉතිරි නොවී යන තරමට යෝගාවේ ඉහළින්ම පිහිටා සිටින්න. කිසිම කෙනෙකුගේ නම-රූපයේ පැටලෙන්න එපා.

වරදානය:
ඔබ බ්‍රහ්ම පියා මෙන් ශ්‍රේෂ්ඨ අත්හරින්නෙක් වී, “මම” පිළිබද සෑම අවධානයක්ම අවසන් කරත්වා.

නෑ සබඳතා සහ භෞතික සැප පහසුකම් අත්හැරීම මහ ලොකු දෙයක් නොවේ. කෙසේවෙතත්, සෑම කාර්යයකදීම සහ සෑම සිතිවිල්ලකදීම අන් අයව ඔබට වඩා ඉදිරියෙන් තැබීමේ හැඟීම තිබීම, එනම්, “මම” යන සෑම අවධානයක්ම අවසන් කර, පළමුව ඔබ” යැයි පැවසීම, ශ්‍රේෂ්ඨ අත්හැරීමකි. මෙය තමා පිළිබද සෑම අවධානයක්ම අවසන් කිරීම ලෙස හැඳින්වේ. බ්‍රහ්ම පියා සෑම විටම දරුවන්ව ඔහුට වඩා ඉදිරියෙන් තැබූහ. "මම ඉදිරියෙන් සිටිය යුතුයි" යන්න, ඔහු නිරන්තරයෙන් අත්හලේය. මෙම අත්හැරීම නිසා ඔහු සියල්ලන්ටම වඩා ඉදිරියෙන් සිටීමේ, එනම්, අංක එක වීමේ ඵලය ලැබුවේය. එබැවින් පියාව අනුගමනය කරන්න.

පාඨය:
ක්ෂණිකව කෙනෙකුගේ වැරදි සෙවීමත්, ඔහුට හෝ ඇයට දුක් දීමයි.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

ඔබ උස් කුළුණක සිට සකාෂ් ලබා දී ආලෝකය සහ ශක්තිය පතුරුවන්නාක් මෙන්, එලෙසින්ම ඔබ දරුවන් ඔබගේ උසස් මනෝ ස්ථිතියෙහි හෝ උසස් ස්ථානයක අසුන්ගෙන අඩුම තරමේ පැය හතරක් වත් ලෝකයට ආලෝකය සහ ශක්තිය ලබාදීම ද කළ යුතුය. සූර්යයා හට ලෝකයට ආලෝකය දිය හැක්කේ එය උස් වූ විට පමණි, එලෙසම භෞතික ලෝකයට සකාෂ් ලබා දීම සඳහා උසස් ස්ථානයක වාසය කරන්නෙකු වන්න.