02.02.25 Avyakt Bapdada
Sinhala
Murli 31.12.2003 Om Shanti Madhuban
මේ වසරේ නිරහංකාර
උපකරණයක් වී, ඔබගේ රැස් කිරීමේ ගිණුම වැඩ කර, නිරන්තර මහා දානපතියෙක් වන්න.
අද දින, බොහෝ බාහු
ඇති කෙනා වන බාප්දාදා, සෑම තැනකම සිටින ඔහුගේ සියළුම බාහු දකිනවා. සමහර බාහු
ඔවුන්ගේ ශාරීරික ස්වරූපයෙන් ඔහු ඉදිරිපිට පෞද්ගලිකවම අසුන්ගෙන සිටින අතර සමහරු
ඔවුන්ගේ සූක්ෂ්ම ස්වරූප වලින් දිස්වෙයි. ඔහුගේ සියළු බොහෝ බාහු දැකීමට බාප්දාදා
සතුටු වනවා. සියළුම බාහු අංකානුරූපයි; සෑම දෙයක්ම කරන (all-rounder), නිති සූදානම්
සහ කීකරු බාහු. බාප්දාදා සංඥාවක් ලබා දුන් සැනින් දකුණත් පවසන්නේ: “එහෙමයි බාබා.
ඉන්නවා බාබා. මේ දැන්ම බාබා.” එවන් විශේෂ ආදරණීය දරුවන් දැකීමෙන් බොහෝ සතුට ඇති
වෙයි. බාප්දාදාට හැර, මෙතරම් බොහෝ සහයෝගී ජීවාත්ම, කිසිම ධර්මාත්මයකට හෝ මහාත්මයකට
(ශ්‍රේෂ්ඨ ජීවාත්මයකට) නොමැති බවට ආධ්‍යාත්මික කුල්මත්බවක් බාප්දාදාට තිබේ. මුළු
චක්‍රය වටා ගොස් කිසිවෙකුට මෙවන් බාහු ලැබී තිබේද කියා ටිකක් බලන්න. එබැවින් සියළුම
බාහුවල විශේෂතා දෙස බාප්දාදා බලමින් සිටියා. මුළු ලෝකයෙන්ම තෝරාගත් විශේෂ බාහු
ඔබයි; පරමාත්ම දෙවියන්ට සහයෝගය ලබා දෙන බාහු ඔබයි. බලන්න අද මෙම ශාලාවට බාහු කෙතරම්
පැමිණ සිටිනවාද කියා! (අද ශාන්තිවාන් ශාලාවේ සහෝදර සහෝදරියන් 18,000ට වැටි සංඛාවක්
අසුන්ගෙන සිටිනවා). ඔබ සියළු දෙනාම තමන් පරමාත්ම දෙවියන්ගේ බාහු බව අත්දකිනවාද? ඔබට
එම කුල්මත්බව තිබෙනවා නේද?
ඔබ සියළු දෙනා නව වසර
සැමරීමට සෑම තැනකින්ම මෙහි පැමිණ සිටීම ගැන බාප්දාදා සතුටු වනවා. කෙසේවෙතත් නව වසර
ඔබට මතක් කර දෙන්නේ කුමක්ද? නව යුගය සහ නව උපත. ඔබගේ පෙර භවය උපරිම ලෙස පැරණි වන
තරමට, ඒ හා සමානව නව, ප්‍රථම උපත බොහෝ සුන්දරයි. මේ කෙනා ශ්‍යාම් (අවලස්සණ) වන අතර
ඒ කෙනා සුන්දරයි. (ලස්සණයි). අද, වසරේ අවසන් දවස, පැහැදිලි වන ආකාරයට සහ ඔබ ඉදිරියේ
ඇති නව වසරත් ඒ තරමටම පැහැදිලි වන සේම, නව යුගය සහ නව උපතත් ඒ තරමටම පැහැදිලිව ඔබ
ඉදිරියේ දිස් වනවාද? අද ඔබ අවසන් උපතේ සිටින අතර හෙට දිනයේ ඔබ ප්‍රථම උපතේ සිටියි.
මෙය පැහැදිලිද? එය ඔබ ඉදිරියේ පෙනෙනවාද? ආරම්භයේ දරුවන්ට බ්‍රහ්ම පියා ගැන මෙම
අත්දැකීම තිබුණි. ඔහුගේ නව උපතේ රාජකීය ශරීරයේ ඇදුම, ඔහු ඉදිරියේ රාමුවක එල්ලා
තිබෙන ආකාරය බ්‍රහ්ම පියා සෑම විටම දුටුවා. ඔහුව මුණ ගැසීමට ගිය සියළුම දරුවන්,
බ්‍රහ්ම පියාගේ අත්දැකීම වුනේ කුමක්ද කියා අත්දුටුවා: “අද මම මහළු මිනිසෙක් වන අතර
හෙට දින මා කුඩා දරුවෙක් වනවා.” ඔබට එය මතකද? වැඩිමහල් අයට එය මතකද? එය අද සහ හෙට
පිලිබද ක්‍රීඩාවක් පමණයි. ඔබගේ අනාගතයත් ඒ හා සමානව පැහැදිලිව අත්දැකිය යුතුයි. අද
ඔබ ස්ව-අධිරාජයන් වන අතර හෙට, ඔබ ලෝකයේ අධිරාජයන් වෙයි. ඔබට මෙම කුල්මත්බව
තිබෙනවාද? බලන්න, අද, සමහර දරුවන් ඔටුනු පැලදගෙන මෙහි අසුන් ගෙන සිටිනවා.
(වැඩමුළුවකට පැමිණි කුඩා ද්විත්ව විදේශික දරුවන්, ඔටුන්නක් පැලද අසුන්ගෙන සිටියා).
ඔබට තිබෙන්නේ කුමන කුල්මත්බවක්ද? ඔටුන්නක් පැලද සිටීමෙන් ඔබට ඇත්තේ කුමන
කුල්මත්බවක්ද? ඔවුන්ට සුරදූතයන් වීමේ කුල්මත්බව තිබේ. ඔවුන් කුල්මත්ව සිටින බව
පෙන්වමින් අත් වනයි.
එසේ නම් ඔබ මේ වසරේ
කරන්නේ කුමක්ද? නව වසරේ ඔබ ගෙන එන්නේ කුමන නවතාවයද? ඔබ කිසියම් සැලසුම් සාදා
තිබෙනවාද? ඔබ ගෙන එන්නේ කුමන නවතාවයක්ද? ඔබ අඛණ්ඩව වැඩසටහන් පවත්වයි. ඔබ 100,000ක
සහ 200,000ක වැඩසටහන් පවා පවත්වා තිබේ, නමුත් ඔබ ගෙන එන්නේ කුමන නවතාවයක්ද? එක
අතකින් මිනිසුන්ට මෙකල අවශ්‍ය වන්නේ තමන් වෙනුවෙන් යම් ලැබීමක්, නමුත් ඔවුන්ට
එඩිතරකමක් නොමැත. ඔවුන්ට එඩිතරකමක් නොමැත. ඔවුන්ට සියල්ලට සවන් දීමට අවශ්‍ය නමුත්
ඔවුන්ට එසේ වීමට එඩිතරකමක් නොමැත. එවන් ජීවාත්ම පරිවර්ථනය කිරීම සදහා ප්‍රථමයෙන් ඔබ
එම ජීවාත්ම මතට එඩිතරකමේ අත්තටු දැමිය යුතුයි. එඩිතරකමේ අත්තටු වල පදනම වන්නේ
අත්දැකීම්ය. ඔවුන්ට අත්දැකීමක් ලබා දෙන්න. අත්දැකීම් කෙබදු වන්නේද යත්, ඔවුන්ට
බිදක් පමණක් වුවද ලැබී, යම් කිසි දෙයක් අත්වින්ද විට, එය අත්දැකීම් වල අත්තටු හෝ
අත්දැකීම් වල දෙපය ලෙස හැදින්වුවද, ඔවුන්ට ඒ මගින් එඩිතරව ඉදිරියට ගමන් කිරීමට හැකි
වෙයි. මේ සදහා විශේෂයෙන් මේ වසරේ ඔබ නිරන්තරයෙන් මහා දානපතියන් විය යුතුයි;
නිරතුරු. ඔබගේ මනසින් ඔවුන්ව බලයේ ප්‍රතිමූර්ති බවට පත් කරන්න. මහා දානපතියන් වී,
ඔබගේ මනසින් සහ චිත්ත තරංග වලින් නිරන්තරයෙන් ඔවුන්ට බලයන්ගේ අත්දැකීම ලබා දෙන්න.
ඔබගේ වදන් වලින් මෙම දැනුමේ දානය ඔවුන්ට ලබා දෙන්න. ඔබගේ ක්‍රියා තුලින් ඔවුන්ට
ගුණදම් දන් දෙන්න. දවස පුරාම, ඔබගේ සිතිවිලි, වචන හෝ ක්‍රියා තුලින්, ස්වරූප
තුනෙන්ම නිරන්තර දානපතියන් වන්න. කාලයට අනුව ඔබ ඇතැම් විට පමණක් දන් දෙන අය නොවිය
යුතුයි. නැහැ, නිරන්තර දානපතියන් වන්න, මන්ද, ජීවාත්මයන්ට මෙය අවශ්‍යයි. එබැවින්
එවන් මහා දානපතියන් වීම සදහා, පලමුව, ඔබගේ රැස් කිරීමේ ගිනුම පරීක්ෂා කර බලන්න.
විෂයයන් සතරින්ම මා කුමන ප්‍රතිශතයක් රැස් කර තිබේද? ඔබගේ ගිනුමේ ඔබ කිසිවක් රැස්
කර නොමැති නම්, ඔබ මහා දානපතියන් වන්නේ කෙසේද? ඔබගේ රැස් කිරීමේ ගිනුම පරීක්ෂා
කිරීමේ සලකුණ කුමක්ද? ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුලින් ඔබ සේවය කළ නමුත් ඔබ
රැස් කළ බවට සලකුණ වන්නේ, සේවය කරන අතරතුර, ප්‍රථමයෙන් තමන් සමග තෘප්තිමත් වීම
තිබිය යුතුයි. එයට අමතරව, ඔබ සේවය කළ එම ජීවාත්මයන්ට, සතුටේ තෘප්තිය තිබුණාද?
පාර්ශව දෙකේම තෘප්තිය නොමැති නම්, එවිට ඔබගේ සේවයේ ඵලය, ඔබගේ සේවා ගිනුමේ තැන්පත්
වී නොමැති බව, ඔබට වටහාගත හැක.
විටෙක බාප්දාදා
දරුවන්ගේ තැන්පත් ගිනුම් දෙස බලයි. ඇතැම් අවස්ථාවල, වැඩි වෙහෙස වීමක් සහ අඩු රැස්
කිරීමේ ඵලයක් ඇත. එයට හේතුව කුමක්ද? දෙපාර්ශවයේම තෘප්තියේ අඩුවක් තිබේ. තමන් තුල හෝ
අන් අය තුල තෘප්තියේ අත්දැකීම නොමැති නම්, එවිට තැන්පත් ගිනුම අඩුවෙයි. ඔබගේ
තැන්පත් ගිනුම පහසුවෙන් වැඩි කර ගැනීමට බාප්දාදා ඔය සෑම දරුවෙකුටම රත්තරන් යතුරක්
දී තිබේ. එම යතුර කුමක්ද කියා ඔබ දන්නවාද? ඔබට එය ලැබී තිබෙනවා නේද? ඔබගේ තැන්පත්
ගිනුම පහසුවෙන් පිටාර ගැලීම සැලැස්වීමට ඇති රත්තරන් යතුර වන්නේ, ඔබගේ සිතිවිලි, වචන
හෝ ක්‍රියා තුලින් ඔබ සේවය කරන ඔනෑම විටෙකදි, ප්‍රථමයෙන් ඔබ උපකරණයක් වීමේ අවධානය
තිබීමයි. උපකරණයක් වීමේ හැගීම, නිරහංකාරකමේ හැගීම, පිවිතුරු චේතනා සහ ජීව අවධාන
සෙනෙහස තිබීම - මෙම මනෝ ස්ථිතියේ හිදිමින් ඔබ සේවය කරන්නේ නම්, එවිට මෙම හැගීම්
තුලින් සියළු ජීවාත්මයන්ගේ ආශාවන් ඉබේටම ඉටුවෙයි. මෙකල, සියළු දෙනාට ඇත්තේ කුමන
චේතනාද කියා, මිනිසුන් සටහන් කරගනියි. ඒ පුද්ගලයා යමක් කරන්නේ උපකරණයක් ලෙසින්ද,
නැත්නම් අහංකාරකමේ චේතනාවෙන්ද? උපකරණයක් වීමේ චේතනාව ඇති තැන, නිරහංකාරකමේ හැගීම
ඉබේටම ඇති වෙයි. එබැවින් පරීක්ෂා කරන්න: මා රැස් කර ඇත්තේ කුමක්ද? මා කෙතරම් රැස්
කරගෙන තිබෙනවාද? මන්ද, මේ වෙලාවේ, මෙම සංගම යුගයෙදි පමණයි, එය රැස් කර ගැනීමේ යුගය
වන්නේ. පසුව, ඔබ රැස් කරගෙන ඇති දේහි ප්‍රතිලාභය, මුළු චක්‍රයේම තිබෙයි.
එබැවින් ඔය සෑම
කෙනෙක්ම මේ වසරේ විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ කුමකටද? තමන්ගේම තැන්පත් ගිනුම
පරීක්ෂා කර බලන්න. පරීක්ෂකයෙක් මෙන්ම සාදන්නෙක්ද වන්න, මන්ද, කාලයේ සමීපත්වයේ
ජවනිකා ඔබට පෙනෙනවා. ඔබ සමාන වන බව, ඔබ සියළු දෙනාම බාප්දාදාට පොරොන්දු වී ඇත. ඔබ
මෙම පොරොන්දුව වුණාද? මෙය පොරොන්දු වූ අය අත් ඔසවන්න. මෙය ස්ථිරද? එසේ නැත්නම් ඔබ
එය පොරොන්දු වුනේ යම් ප්‍රතිශතයකට පමණද? ඔබගේ මෙම පොරොන්දුව ස්ථිරද? එබැවින්,
බ්‍රහ්ම පියාට සමාන තැන්පත් ගිනුමක් ඔබට තිබිය යුතුයි නේද? ඔබ බ්‍රහ්ම පියාට සමාන
විය යුතුයි. ඉතිං, ඔබ බ්‍රහ්ම පියා තුල දුටු විශේෂ දිව්‍යමය ක්‍රියාකාරකම් මොනවාද?
සෑම සිදුවීමකදීම ආරම්භයේ සිට අවසානය දක්වා, ඔහු පැවසුවේ, “මම” කියාද, “බාබා” කියාද?
“මා මෙය සිදු කරනවා” නොවෙයි, නමුත් “බාබා මා ලවා මෙය සිදු කරවනවා”. ඔබ පැමිණියේ
කවුරු මුණ ගැසීමටද? ඔබ පැමිණ සිටින්නේ බාබා මුණගැසීමටයි. “මම” යන අවධානය පිලිබද
දැනුම ගැන, හැගීමක් නොතිබුණි. ඔබ මෙය දුටුවා නේද? සෑම මුරලියකම ඔහු කී වතාවක් ඔබට
“බාබා, බාබා” මතක් කර දුන්නාද? එබැවින් සමාන වීම යනු, ප්‍රථමයෙන්ම “මම” යන සුළු
හැගීමක් පවා නොතිබීම බව ඔබට පවසන ලදි. බ්‍රහ්මින්වරු තුල ඇති “මම” යන අවධානය, බොහෝ
රාජකීය බව, ඔබට පෙර කියන ලදි. ඔබට එය මතකද? ඔබට ඒ ගැන පැවසුවා නේද? බාප්දාදාගේ
හෙලිදරව්ව සිදුවීම, සියළු දෙනාටම අවශ්‍ය වී ඇත. “අප බාප්දාදාව හෙලිදරව් කරමු!” ඔබ
බොහෝ සැලසුම්ද සෑදුවා. ඔබ ඉතා හොද සැලසුම් සාදනවා. බාප්දාදාට ඒවා ගැන සතුටුයි.
කෙසේවෙතත් ඔබගේ සැලසුම් වල ඇති මෙම “මම” යන රාජකීය ස්වරූපය, යම් ප්‍රතිශතයකින්
සාර්ථකත්වය අඩු කරයි. ඔබගේ සෑම සිතිවිල්ලක, වචනයක සහ ක්‍රියාවකම “බාබා, බාබා” යන
ස්වාභාවික අවධානය තිබිය යුතුයි - “මම” යන අවධානය නොවෙයි. “බාප්දාදා, කරවන්හාර්, මා
ලවා එය සිදු කරනවා.” ජගදම්බාගේ විශේෂ ධාරණාව වුනේ මෙයයි. ඔබට ජගදම්බාගේ පාඨය මතකද?
පැරණි අයට එය මතක ඇති. ඔබට එය මතකද? එය කියන්න. “හුකම් හී හුකම් චලා රහා හේ.” (ඔබට
නියෝග කරන ඒකායන කෙනා ඔබව චලනය කරවනවා.) ජගදම්බාගේ විශේෂ ධාරණය වුනේ මෙයයි. එබැවින්
ඔබට අංකයක් හිමි කරගැනීමට සහ සමාන වීමට අවශ්‍ය නම්, “මම” පිලිබද සෑම අවධානයක්ම
අවසන් කරන්න. ඔබගේ දෙතොලගින් “බාබා, බාබා” පමණක් ඉබේටම මතු විය යුතුයි. ඔබගේ
ක්‍රියා තුලින් සහ මුහුණින් පරම පියාගේ ප්‍රතිරුව හෙලිදරව් විය යුතුයි, එවිට
හෙලිදරව්ව සිදුවෙයි.
මෙම “මම” හි රාජකීය
ස්වරූපයේ ගීතය බාප්දාදාට බොහෝ ඇසෙයි. “මා කළ දේ හොදයි. මා සිතූ දේ හොදයි. සිදු විය
යුත්තේ මෙයයි.” මෙම “මම” යන අවධානය ඔබව මුලා කරයි. ඔබට යම් දෙයක් ගැන සිතිය හැක, ඒ
ගැන කතා කළ හැක, නමුත් නිරහංකාර උපකරණයකගේ චේතනාවෙන් එය සිදු කරන්න. බාප්දාදා ඔබට
දැනටමත්, මින් පෙර, ආධ්‍යාත්මික අභ්‍යාසයක් උගන්වා තිබේ. එය කුමන අභ්‍යාසයද? එක
මොහොතක පාලකයෙක් වන්න, ඊලග මොහොතේ දරුවෙක් වන්න. ඔබගේ අදහස් ලබා දීමේදි පාලකයෙක්
වන්න. පසුව වැඩි දෙනෙක් විසින් තීරණයක් ගැනීමෙන් පසුව, දරුවෙක් වන්න. පාලකයෙක් සහ
දරුවෙක් වීමේ මෙම ආධ්‍යාත්මික අභ්‍යාසය බොහෝ සේ අවශ්‍යයි. බාප්දාදාගේ ඉගැන්වීම් වල
එම වදන් තුන සරලව සිහි කරන්න. ඔබ සියළු දෙනාටම එය මතකද? ඔබගේ සිතිවිලි වලින්
අශාරීරික වන්න, ඔබගේ වදන් වලින් නිරහංකාරී වන්න. ඔබගේ ක්‍රියාවෙන් දුර්ගුණ වලින්
තොර වන්න. ඔබට ඔනෑම විටෙක සිතිවිලි ඇති වන විට, ඔබගේ අශාරීරික ස්ථිතියේ ස්ථාවරව
රැදී සිට එම සිතිවිලි ඇති කරන්න. ඔබට ඉතිරි සියල්ලම අමතක වුණත් මෙම වදන් තුන අමතක
නොකරන්න. මෙම වදන් තුනේ ඉගැන්වීම්, සකාර් ස්වරූපයන් ලද තිලිණයකි. සකාර් ස්වරූපයේ
බ්‍රහ්ම පියා කෙරෙහි ඔබ තුල සෙනෙහස තිබුණා. දැන් පවා ඔවුන් තුල බ්‍රහ්ම පියා කෙරෙහි
බොහෝ සෙනෙහස තිබෙන බව කියමින් සමහර ද්විත්ව විදේශිකයන් ඔවුන්ගේ අත්දැකීම් පවසයි.
ඔවුන් ඔහුව දැක නොමැති නමුත්, ඒ තිබියදි ඔවුන් තුල සෙනෙහස තිබේ. ද්විත්ව
විදේශිකයන්, ඔබට බ්‍රහ්ම පියා කෙරෙහි වැඩි සෙනෙහසක් තිබෙනවාද? එබැවින් ඔබ කාට හෝ
සෙනෙහස දක්වන්නේ නම්, ඒ කෙනාගෙන් ලැබුණු තිලිණයක් ඔබ ඉතා ප්‍රවේසමින් රැක ගන්නවා.
එය කුඩා තිලිණයක් පමණක් වුනත්, ඔබ තුල යම් කෙනෙක් වෙනුවෙන් ගැඹුරු සෙනෙහසක් තිබෙන
විට, එම කෙනාගෙන් ඔබට ලැබුණු තෑග්ගක් ඔබ ප්‍රවේසමින් සගවා තබනු ඇත. බ්‍රහ්ම පියා
කෙරෙහි ඔබ තූල සෙනෙහස තිබේ, එබැවින් ඉන් අදහස් වන්නේ මෙම ඉගැන්වීම් වල වදන් තුන
කෙරෙහි ඔබ තුල සෙනෙහස ඇති බවයි. පරිසමාප්ත සහ සමාන විමට මේවා මගින් ඔබට ඉතා පහසු
වෙයි. බ්‍රහ්ම බාබා පැවසු දේවල් මතකයේ තබා ගන්න.
එබැවින් නව වසරේ ඔබට
වදන් වලින් සේවය කළ හැක. එය විශාල ශෝභාවකින් කරන්න, නමුත් අත්දැකීමක් ලබා දීමේ සේවය
කිරීමට නිරන්තරයෙන් අවධානය යොමු කරන්න. සහෝදරයෙක් හෝ සහෝදරියකගෙන් බොහෝ බලය ලැබීමේ
අත්දැකීමක් ලැබීමට සියළු දෙනාට මග පාදන්න, හෝ ඔවුන්ට සාමය අත්දැකීමට මග පාදන්න,
මන්ද අත්දැකීමක් කිසිදා අමතක නොවෙයි. ඇසූණු ඔනෑම දෙයක් ඔබට අමතක විය හැක. ඔබ ඉන්
විනෝදයක් ලබයි, නමුත් එය අමතක විය හැක. අත්දැකීමක් කෙබදු වන්නේද යත්, ඔවුන් ඔබගේ
සමීපයට ඇදී එයි. ඔබ සමග සම්බන්ද වී සිටින අය, ඔබ සමග නොකඩවා සබදතාවයක් ගොඩ නගා ගනි,
මන්ද සබැදියාවක් නොමැතිව ඔවුන්ට උරුමයකට හිමිකම් කිව නොහැක. එබැවින් අත්දැකීම්
ඔවුන්ව සබැදියාවකට ගෙන එයි. අච්චා.
ඔබට වැටහෙනවාද? ඔබ
දැන් කුමක්ද කිරීමට යන්නේ? පරීක්ෂා කර බලා පරීක්ෂකයෙක් මෙන්ම සාදන්නෙක්ද වන්න.
අත්දැකීමක් ලබා දෙන සාදන්නෙක් වන්න. ඔබගේ තැන්පත් ගිනුමේ පරීක්ෂකයෙක් වන්න. අච්චා.
සියළු දෙනාම දැන්
කිරීමට යන්නේ කුමක්ද? ඔබ නව වසර වෙනුවෙන් බාප්දාදාට තිලිණයක් ලබා දෙනවාද නැත්ද? නව
වසරේ මිනිසුන් කරන්නේ කුමක්ද? ඔබ එකිනෙකාට තෑගි දෙනවා නේද? ඔබ කාඩ් පතක් හෝ තෑග්ගක්
දෙයි. එබැවින් බාප්දාදාට කාඩ්පත් අවශ්‍ය නැහැ, ඔහුට අවශ්‍ය වාර්ථාවක්. සියළුම
දරුවන් අංක එක බවට පත් වීමේ වාර්ථාව සටහන් කර ඇති වාර්ථාවක් බාප්දාදාට අවශ්‍යයි.
ඔවුන් බාධක වලින් නිදහස් විය යුතුයි. දැන් යම් බාධක ගැන බාප්දාදාට ඇසෙන විට,
බාප්දාදාට හාස්‍යජනක ක්‍රීඩාවක් මතක් වෙයි. එය කුමන හාස්‍යජනක ක්‍රීඩාවද කියා ඔබ
දන්නවාද? එය මහළු අය, බෝනික්කන් සමග ක්‍රීඩා කිරීමයි. ඔවුන් මහළුයි, නමුත් ඔවුන්
බෝනික්කන් සමග සෙල්ලම් කරයි, එබැවින් එය හාස්‍යජනක සෙල්ලමක් නොවේද? එබැවින් ඔබට
දැන් අසන්නට සහ දකින්නට ලැබෙන සුළු සිදුවීම්, ඒ ආකාරයටයි හැගෙන්නේ. ඔවුන් සිටින්නේ
ඔවුන්ගේ විශ්‍රාමික අවදියේ නමුත් ඔවුන් කරන දේවල් දෙස බලන්න! එබැවින් එම වාර්ථාවට
පියා ප්‍රිය නොකරයි. එය වෙනුවට, කාඩ්පත් වෙනුවට, බාධක වලින් නිදහස්ව සිටීමේ
වාර්ථාවක් ලබා දෙන්න. ඔබගේ සියළුම සුළු කාරණා අවසන් කරන්න. විශාල දේවල් කුඩා කිරීමට
සහ සියළු සුළු කාරණා අවසන් කරන අන්දම ඉගෙන ගන්න. බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔබ සෑම
දරුවෙකුගේ මුහුණ, බාප්දාදාගේ මුහුණ දිස්වන කැඩපතක් බවට පත් කිරීමටයි. ඔබගේ කැඩපතෙන්
බාප්දාදාව පෙන්වන්න. එබැවින් එවන් අද්විතීය කැඩපතක්, බාප්දාදාට තෑග්ගක් ලෙස දෙන්න.
ලෝකයේ, පරමාත්ම දෙවියන්ව දැක ගත හැකි එවන් කැඩපතක් ඔවුන්ට නොමැත. එබැවින් ඔබ
අද්විතීය කැඩපතක් වී, නව වසරට එම තිලිණය ලබා දෙන්න. ඔබව දකින අය, ඔබගෙන් ඔනෑම දේකට
සවන් දෙන අය, දැකිය යුත්තේ සහ ඇසිය යුත්තේ බාප්දාදාව පමණයි. ඔවුන් ඇසිය යුත්තේ පරම
පියාගේ හඩයි. එසේ නම් ඔබ මෙම තිලිණය ලබා දෙනවාද? ඔබ එය කරනවාද? මෙය ලබා දීමට
අධිෂ්ඨානයක් ඇති අය අත් ඔසවන්න! අධිෂ්ඨානය තිබීමට අත් ඔසවන්න. ද්විත්ව විදේශිකයන්
පවා අත් ඔසවනවා. සින්දි කණ්ඩායමත් අත් ඔසවනවා. ඔබ එය ප්‍රවේසමින් සලකා බැලීමෙන්
පසුව අත් ඔසවනවා. එම සලකා බැලීමෙන් පසුව සින්දි කණ්ඩායම අත් ඔසවනවා.
එය හොදයි. සින්දි
කණ්ඩායම ගැන බාප්දාදා තුල බලාපොරෙත්තු තිබේ. බාබා ඔබට ඒ ගැන කිව යුතුද? බාබාට
තිබෙන්නේ කුමන බලාපොරොත්තුද? බාබාට තිබෙන බලාපොරොත්තු වන්නේ, ඔහු පෙර සිටියේ කෙසේද,
එමෙන්ම ඔහු දැන් පත්ව ඇත්තේ කවුරුන් බවටද කියා, සියළු දෙනාටම අභියෝග කළ හැකි,
සින්දි අයව අවදි කළ හැකි, මයික් එකක් වැනි කෙනෙක්, සින්දි කණ්ඩායමෙන් මතු විය යුතු
බව. එම අසරණ අයට පිහිටක් නොමැත; ඔවුන් පරමාත්ම දෙවියන් හදුනන්නේ නැහැ. ඔවුන්ගේ රටේ
අවතරණය වත් ඔවුන් හදුනන්නේ නැහැ. එබැවින් සියළු දෙනාට අභියෝග කර, සත්‍යය කුමක්ද
කියා පැවසිය හැකි මයික් ගණයේ අයෙක්, සින්දි කණ්ඩායමෙන් මතු විය යුතුයි. මෙය හොදද?
ඔබ මෙම බලාපොරොත්තු ඉටු කරනවාද? අච්චා.
සෑම තැනකම සිටින
නිරන්තර මහා දානපති දරුවන්ට, පියාගේ සියළුම දකුණත්, කීකරු බාහු වලට, සෑම තැනකම
සිටින සියළුම ජීවාත්මයන්ට එඩිතරකමේ අත්තටු ලබා දෙන සියළුම එඩිතර ජීවාත්මයන්ට, සෑම
ක්‍රියාවකින්ම නිරන්තරයෙන් බ්‍රහ්ම පියාව අනුගමනය කරන සෑම තැනකම සිටින සියළුම
දරුවන්ට, බ්‍රහ්ම පියාගේ සහ ජගදම්බාගේ ඉගැන්වීම් ඔවුන්ගේ ප්‍රායෝගික ජීවිතයට
නිරතුරුව දමන සියළුම දරුවන්ට, බොහෝ, බොහෝ සෙනෙහස, ස්මරණය, ආශිර්වාද සහ නමස්කාරය.
සියළුම ද්විත්ව
විදේශික දරුවන්ට සහ භාරතයේ දරුවන්ට, සුබ රාත්‍රියක් සහ සුබ උදෑසනක්. ඔබට දැන්
සතුටුයි නේද? එබැවින් ඔනෑම සිදුවීමක් පැන නගින විට මේ දවස සිහිකර සතුටින් නර්ථනය
කරන්න. නිරන්තරයෙන් සතුටේ ඔංචිල්ලාවේ නොකඩවා පැද්දෙන්න. කිසිම දුක් රළකට පැමිණෙන්න
ඉඩ නොදෙන්න. දුක් සිදු කරන බොහෝ ජීවාත්ම ලෝකයේ සිටිනවා. ඔය දරුවන් සතුටේ
ප්‍රතිමූර්ති, සතුට පිරිනමන්නාගේ දරුවන්, සතුට දකින සහ සතුට ලබා දෙන අයයි. විටෙක
සතුටු ඔංචිල්ලාවේ පැද්දෙන්න, විටෙක සෙනෙහස් ඔංචිල්ලාවේ පැද්දෙන්න, විටෙක ශාන්තියේ
ඔංචිල්ලාවේ පැද්දෙන්න. නොකඩවා පැද්දෙන්න, එපමණයි. ඔබගේ දෙපා මඩේ නොතබන්න. නොකඩවා
පැද්දෙන්න. සතුටින් සිට, සියළු දෙනාව සතුටට පත් කර, සියළු දෙනාට සතුට බෙදා හරින්න.
අච්චා.
වරදානය:
ඔබගේ සුරදූත
ස්ථිතිය තුලින් ඔබ පරම පියාට ඔහුගේ සෙනෙහසේ ප්‍රතිඋපකාරය ලබා දී, ඒ අනුව විසදුම් වල
ප්‍රතිමූර්තියක් වේවා.
ඔබගේ සුරදූත ස්ථිතියේ
ස්ථාවරව රැදී සිටීම යනු, පරම පියාට ඔහුගේ සෙනෙහසේ ප්‍රතිඋපකාරය ලබා දීමය. එවන්
ප්‍රතිඋපකාර ලබා දෙන අය, විසදුම් වල ප්‍රතිමූර්ති වෙයි. විසදුම් වල ප්‍රතිරුවක්
වීමෙන් ඔබගේ ගැටළු සහ අන් අයගේ ගැටළු ඉබේටම අවසන් වෙයි. එබැවින් එය දැන් එවන්
සේවයක් සිදු කිරීමේ කාලයයි; එය දැන් දීමට මෙන්ම ලබා ගැනීමට කාලයයි. එබැවින් දැන්
පියා හා සමානව, සියළු දෙනාව ඉහල නංවන කෙනෙක් වන්න. ඔවුන්ගේ හඩට සවන් දී, ඔබගේ
සුරදූත ස්වරූපයෙන් එවන් ජීවාත්ම වෙතට ලගා වී, ඔවුන්ගේ ගැටළු නිසා වෙහෙසට පත්ව සිටින
ජීවාත්මයන්ගේ වෙහෙස නිවා දමන්න.
පාඨය:
විනය රීති
වලින් නොව, නිෂ්ඵල දේ ගැන සැහැල්ලු වන්න.
හුදකලාවට ප්‍රිය කර,
එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.
අප එකිනෙකා අතර ඇති
විවිධ සංස්කාර වල එකමුතුකමක් අප ඇති කළ යුතුයි. එකමුතුකම වෙනුවෙන් වත්මන් කාලයේ
වෙනස්කම් අවසන් කර, අප කාරණා දෙකක් ධාරණය කරගත යුතුයි: අ) ඒකායන කෙනාට අයත් සහ
ඒකායන කෙනාගේ නම පමණක් ගන්නා කෙනෙක් වන්න. ආ) සිතිවිලි, කාලය සහ දැනුම යන ඔබගේ
සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න. එවිට “මම”, පරම පියා තුල මුසු වී, සියළු
වෙනස්කම් අවසන් වෙයි.