02.03.25    Avyakt Bapdada      Sinhala Murli     15.10.2004    Om Shanti    Madhuban


ඒකායන කෙනාව හෙළිදරව් කිරීම සඳහා ඔබගේ මනෝ ස්ථිතිය නිරන්තර සහ ස්ථාවර කරගන්න.
ඔබගේ ස්ව-අභිමානයේ රැඳී සිට සියලු දෙනාට ගරු කරන්න.


අද බාප්දාදා සෑම දරුවෙකුගේම නළල මැද දිලිසෙන භාග්‍යයේ රේඛා තුනක් දකිනවා. පළමුවැන්න පරමාත්ම දෙවියන්ගේ පෝෂණයේ භාග්‍යය, දෙවැන්න පරමාත්ම දෙවියන්ගේ ඉගෙනුමේ භාග්‍යය සහ තෙවැන්න, පරමාත්ම දෙවියන්ගේ ආශිර්වාදයේ භාග්‍යයයි. මේ ආකාරයට ඔහු සෑම කෙනෙකුගේම නළල මැද තාරකා තුනක් දකිනවා. ඔබටත් ඔබගේ භාග්‍යයේ දිලිසෙන තාරකා පෙනෙනවාද? ඔබට ඒවා පෙනෙනවාද? ලෝකයේ වෙනත් කිසිම කෙනෙකුගේ නළලේ මෙවන් ශ්‍රේෂ්ඨ දිලිසෙන භාග්‍යයේ තාරකා ඔබට දැක ගත නොහැක. මේ භාග්‍යයේ තාරකා ඔබ සියලු දෙනාගේ නළගේ බැබලෙනවා. කෙසේවෙතත්, සමහර අයගේ දිස්නයේ වෙනසක් තිබේ. සමහරුන්ගේ දීප්තිය ඉතාම බලවත් වන අතර තව අයගේ දීප්තිය මැද ප්‍රමාණයේය. භාග්‍යය පිරිනමන්නා ඔය සියලුම දරුවන්ට සමාන භාග්‍යයක් ලබා දී ඇත. ඔහු කිසිවෙකුට විශේෂ දෙයක් ලබා දී නැහැ. පෝෂණය එකයි, ඔබ සියලු දෙනාම ඉගෙන ගන්නේ එකටයි, එමෙන්ම ඔබ සියලු දෙනාටම එකම ආශිර්වාදය ලැබී ඇත. ලෝකයේ සෑම කොණකම සෑම තැනකම තිබෙන්නේ එකම ඉගෙනුමයි. එය එකම දිනයේ එකම මුරලිය වීම විශ්මයක් වන අතර එකිනෙකාගේ රටට අනුව, අම්රිත් වේලා කාලයත් එකම වීම විශ්මයකි. ඔබට ලැබෙන ආශිර්වාදයත් එකයි. පාඨයද එක සමානයි. එහි වෙනසක් තිබෙනවාද? අමරිකාව සහ ලන්ඩන් අතර මෙහි වෙනසක් තිබෙනවාද? එසේ නොමැත. එසේ නම් වෙනසක් තිබෙන්නේ ඇයි?

බාප්දාදා අම්රිත් වේලාවේ සියලු දෙනාටම එකම පෝෂණය ලබා දෙයි. නිරන්තර ස්මරණයේ සිටීමේ එක ක්‍රමවේදය සියළු දෙනාටම ලැබෙයි. එසේ නම්, එය අංකානුරූප වන්නේ ඇයි? ක්‍රමවේදය එකම නම්, සාර්ථකත්වය ලැබීමේ වෙනසක් තිබෙන්නේ ඇයි? සෑම තැනකම සිටින සියලුම දරුවන් වෙනුවෙන් බාප්දාදාට තිබෙන්නේ සමාන සෙනෙහසකි. තමන්ගේ උත්සාහයට අනුව කෙනෙක් අවසන් අංකයේ සිටියත්, අවසන් කෙනාට පවා බාප්දාදා තුළ තිබෙන්නේ එක සමාන සෙනෙහසකි. ඇත්ත වශයෙන්, සෙනෙහසට අමතරව අවසන් අංකය වෙනුවෙන් ඔහු තුළ අනුකම්පාවක්ද තිබේ, මෙම අවසානයේ සිටින කෙනා වේගයෙන් ගොස් ප්‍රථමයට පැමිණිය යුතු බව. මෙතරම් දුර සිට පැමිණ ඇති ඔබ සියලු දෙනා මෙහි ළගා වී ඇත්තේ කෙසේද? පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස ඔබව මෙහාට ආකර්ෂණය කර තිබෙනවා නේද? මෙම සෙනෙහසේ රැහැනින් ආකර්ෂණය වී ඔබ මෙහි පැමිණ සිටිනවා. එබැවින් බාප්දාදා තුළ සියලු දෙනා කෙරෙහි සනෙහස තිබේ. ඔබ මෙය විශ්වාස කරනවාද, එසේ නැත්නම් බාබා තුළ ඔබ කෙරෙහි සෙනෙහස තිබෙනවාද, නැත්නම් අඩු සෙනෙහසක් තිබෙනවාද, යන ප්‍රශ්නය ඔබට තිබෙනවාද? සෑම දරුවෙක් වෙනුවෙන් බාප්දාදාගේ සෙනෙහස, ඊළග කෙනාට වඩා වැඩි අතර ඔය දරුවන්ගේ විශේෂ පෝෂණයේ පදනම වන්නේ පරමාත්ම දෙවියන්ගෙන් ලැබෙන මෙම සෙනෙහසයි. ඔය සෑම කෙනෙක්ම සිතන්නේ කුමක්ද? පියා වෙනුවෙන් ඔබගේ සෙනෙහස වඩාත් වැඩිද, නැත්නම් වෙන කෙනෙකුගේ සෙනෙහස වැඩි අතර ඔබගේ සෙනෙහස අඩුද? ඔබ මේ ආකාරයට සිතනවාද? බාබා කෙරෙහි ඔබගේ සෙනෙහස වඩා වැඩි බව ඔබ විශ්වාස කරනවා නේද? එය මෙහෙමයි නේද? පාණ්ඩවයන්? ඔය සෑම කෙනෙක්ම මෙසේ කියයි “මගේ බාබා!” ඔහු මධ්‍යස්ථානය භාරකරුගේ බාබා හෝ ඔහු දාදිගේ බාබා හෝ දාදි ජන්කිගේ බාබා, කියා ඔබ කියන්නේ නැහැ නේද? ඔබ මෙසේ කියයිද? නැහැ! ඔබ කියන්නේ, “මගේ බාබා!”. ඔබ “මගේ” කියා පැවසු බැවින් සහ පියාද “මගේ” කියා පැවසු බැවින්, මෙම “මගේ” යන එක වචනය තුළින්, දරුවන් පරම පියාට අයත් වන අතර පරම පියා, දරුවන්ට අයත් වෙයි. මෙයට කිසියම් උත්සාහයක් අවශ්‍ය වුණාද? එයට කිසිදු උත්සාහයක් අවශ්‍ය වුණාද? ඇතැම් විට සුළුවෙන්? නැද්ද? එය උත්සාහයක් බව ඔබට විටෙක දැනෙනවාද? එය උත්සාහයක් බව ඔබට දැනෙන්නේ නැහැ නේද? ඔබට දැනෙයි. එසේ නම් එයට උත්සාහයක් අවශ්‍ය බව ඔබට දැනෙන විට, ඔබ කරන්නේ කුමක්ද? ඔබ වෙහෙසට පත් වනවාද? ඔබගේ හදවතින් සෙනෙහසින් මෙසේ කියන්න, “මගේ බාබා!, එවිට උත්සාහය, සෙනෙහස බවට වෙනස් වෙයි. ඔබ “මගේ බාබා” කියා පැවසූ සැනින්, එම හඩ බාබා වෙතට ළගා වෙන අතර බාබා අතිරික්ත උදව් ලබා දෙයි. කෙසේවෙතත්, එය හදවතේ ගනුදෙනුවකි. එය වචන වල ගනුදෙනුවක් නොවෙයි. එය හදවතින් සිදු කරන ගනුදෙනුවක්. එබැවින් ඔබගේ හදවතින් ගනුදෙනුවක් කිරීමේ ඔබ දක්ෂයි නේද? ඔබ ගනුදෙනුවක් සිදු කරන අන්දම දන්නවාද? පිටුපස අසුන්ගෙන සිටින අය, ගනුදෙනුවක් සිදු කරන අන්දම දන්නවාද? ඔබ මෙහි ළගා වී ඇත්තේ මේ නිසයි. කෙසේවෙතත්, වැඩිම ඈතින් වාසය කරන්නේ කවුද? ඇමරිකාවේ අයද? ඈතින්ම සිටින්නේ අමරිකාවේ අයද, නැත්නම් පරම පියාද? අමරිකාව තිබෙන්නේ මේ ලෝකයේ. පරම පියා පැමිණෙන්නේ වෙන ලෝකයක සිටයි. එබැවින් වඩාත්ම ඈතින් වාසය කරන්නේ කවුද? අමරිකාවේ අය නොවෙයි. ඈතින්ම සිටින්නේ බාප්දාදාය. එක්කෙනෙක් සූක්ෂම දේශයේ සිට පැමිණෙන අතර අනෙක් කෙනා පැමිණෙන්නේ පරම දනව්වේ සිටයි, එබැවින් එය සමග සසදන විට අමරිකාව කුමක්ද? කිසිවක් නොවේ!

එබැවින් දුර ඈත දේශයේ වාසය කරන්නා වන පරම පියා, මෙම භෞතික ලෝකයේ ඈත වාසය කරන දරුවන්ව මුණ ගැසීමට ඇවිත්. බාප්දාදා අද ඔබ වෙනුවෙන් පැමිණීම ගැන ඔබට කුල්මත් බවක් තිබෙනවාද? භාරතයේ ජනතාව කොහොමත් පියාට අයත්ය, නමුත් ද්විත්ව විදේශිකයන් දැකීමට බාප්දාදා විශේෂයෙන් සතුටු වනවා. ඔහු සතුටු වන්නේ ඇයි? පරම පියා භාරතයේ පැමිණි නිසයි, භාරත ජනතාවට මෙම අතිරික්ත කුල්මත් බව තිබෙන්නේ කියා බාප්දාදා හදුනාගනී. කෙසේවෙතත්, ඔවුන් විවිධ සංස්කෘති වලින් පැමිණියත්, ඔවුන් බ්‍රහ්මින් සංස්කෘතියට පරිවර්ථනය වී ඇති නිසා බාබා තුළ ද්විත්ව විදේශිකයන් කෙරෙහි සෙනෙහස තිබේ. ඔබ පරිවර්ථනය වී තිබෙනවා නේද? මෙය භාරතයේ සංස්කෘතිය බවත් ඔබගේ සංස්කෘතිය ඊට වෙනස් බවට සිතිවිල්ල ඔබට තව දුරටත් නැහැ නේද? නැහැ. බාප්දාදා දුටු ප්‍රතිඵලය වන්නේ, සියලු දෙනාම එකම සංස්කෘතියට අයිති අය බවට පත් වී ඇති බවයි. ඔබ කොහේ සිට පැමිණියත්, ඔබගේ භෞතික ශරීර අනුව රටවල් විවිධයි, නමුත් ජීවාත්මය අයිති බ්‍රහ්මින් සංස්කෘතියටයි. බාප්දාදා දිවිත්ව විදේශිකයන් පිළිබදව බොහෝ ප්‍රිය කරන අනෙක් කාරණාව කුමක්ද කියා ඔබ දන්නවාද? එය කුමක්ද කියා ඔබ දන්නවාද? (ඔවුන් ඉතා විගසින් සේවයේ කාර්යබහුල වනවා). වෙන දෙයක් කියන්න. (ඔවුන්ට රැකියා තිබෙන අතරම සේවයත් සිදු කරයි). ඉන්දියාවේද ඔවුන් මෙය කරයි. ඉන්දියාවේද ඔවුන්ට රැකියා තිබෙන අතර සේවයත් සිදු කරයි. (යමක් සිදු වූ විට ඔවුන්ගේ දුර්වලතා ගැන ඔවුන් අවංකව පවසයි, ඔවුන් බොහෝ අවංකයි). අච්චා. ඉන්දියාවේ අය එතරම්ම අවංක නැද්ද?

ඔබ දුර වාසය කළත්, පියා කෙරෙහි ඇති සෙනහස නිසා, ඔබගෙන් වැඩි දෙනෙක් සෙනෙහස යන විෂයයෙන් සමත් වී ඇති බව, බාප්දාදා දැක තිබේ. භාරතයට කොහොමත් එම වාසනාව තිබේ, නමුත් දුර වාසය කරන අතර සියලු දෙනාම සෙනෙහස අතින් සමත් වී ඇත. ඔබගේ සෙනෙහසේ ප්‍රතිශතයක් තිබෙනවාද කියා බාප්දාදා ඔබගෙන් විමසන්නේ නම්? පියා කෙරෙහි ඇති සෙනෙහස යන විෂයේ ප්‍රතිශතයක් තිබෙනවාද? ඔවුන්ට 100% සෙනෙහස තිබෙන බව විශ්වාස කරන අය, අත් ඔසවන්න. 100% ක ප්‍රතිශතයක්? භාරත වැසියන් ඔවුන්ගේ අත් ඔසවන්නේ නැහැ. බලන්න, භාරතයට මෙම වාසනාව ලැබී තිබෙනවා. එයට ලැබී ඇති ශ්‍රේෂ්ඨතම භාග්‍යය වන්නේ පරම පියා භාරතයට පැමිණීමයි. මේ සදහා පියා අමරිකාව තෝරා ගත්තේ නැහැ; ඔහු තෝරාගත්තේ භාරතයයි. මෙම කෙනා (නිව්යෝක් සිට ගයත්‍රි බෙන්) ඉදිරියේ අසුන් ගෙන සිටිනවා. කෙසේවෙතත්, දුර ඈත සිටත් ඔබ තුළ ගැඹුරු සෙනෙහස තිබේ. ගැටළු පැමිණෙනවා, නමුත් “බාබා, බාබා” කීමෙන් ඔබ එම ගැටළු අවසන් කරයි.

කෙසේවෙතත්, බාප්දාදා සෙනෙහස යන විෂයෙන් ඔබට සමත් වීමේ ලකුණු ලබා දී තිබෙනවා, එසේ නම් ඔබ දැන් තව සමත් විය යුත්තේ කුමකින්ද? ඔබ සමත් විය යුතුයි! ඔබ සමත් වී ඇති අතර ඔබ සමත් විය යුතුයි. වත්මන් කාලයට අනුව, සෑම දරුවෙකුගේම ස්ව-පරිවර්ථන බලයේ ප්‍රතිශතය, සෙනෙහසේ බලයට ඔබ සියලු දෙනා අත් එසවූ ප්‍රමාණයටම තිබීම, බාප්දාදාට අවශ්‍යයි. ඔබ සියලු දෙනාම එයට අත් එසවූවා නේද? ඔබගේ ස්ව-පරිවර්ථනයේද ඒ තරමටම සීඝ්‍ර වේගයක් තිබෙනවාද? මේ සදහා ඔබ අත් ඔසවන්නේ භාගෙට පමණක්ද? සම්පූර්ණයෙන්ද? ඔබ කෙතරම් ප්‍රමාණයකට අත් ඔසවනවාද? ඔබ ස්ව-පරිවර්ථනය සිදු කරන නමුත් එයට කල් ගත වනවා. කාලයේ සමීපතාවයට අනුව ස්ව-පරිවර්ථනයේ බලය බොහෝ වේගවත් විය යුතුයි. කඩදාසියක් මත නැවතීමේ තිතක් තැබීමට කෙතරම් කාලයක් ගත වනවාද? එයට කෙතරම් කාලයක් වැය වනවාද? නැවතීමේ තිතක් තැබීමට කෙතරම් කාලයක් ගත වනවාද? තත්පරයක් වත් නොවෙයි. එය නිවැරදිද? එබැවින් ඔබට එතරම් සීඝ්‍ර වේගයක් තිබෙනවාද? ඔබගේ අත් ඔසවන්න කියා කිව යුතුද? ඔබ අත් ඔසවන්නේ භාගෙට පමණයි. කාලයේ වේගය සීඝ්‍රයි; ස්ව-පරිවර්ථනයේ වේගයත් ඒ තරමටම වේගවත් විය යුතුයි, එමෙන්ම ඔබ පරිවර්ථනය ගැන කතා කරන විට, සෑම විටම “පරිවර්ථනය” යන වචනයට පෙර, “ස්ව” යන වචනය මතක් කරගන්න. පරිවර්ථනය නොවෙයි, ස්ව-පරිවර්ථනයයි. ඔවුන්ගේ සංස්කාර පරිවර්ථනය තුළින් ඔවුන් ලෝක පරිවර්ථනය වසරක් ඇතුලත ගෙන එන බවට දරුවන් ඔහුට පොරොන්දු වූ බව බාප්දාදාට මතකයි. ඔබට මතකද? ඔබ එම වසර සැමරුවා නේද? සංස්කාර පරිවර්ථනය තුළින් ලෝක පරිවර්ථනය. ලෝකයේ වේගය අන්තයට යමින් තිබේ, නමුත් ඔබගේ සංස්කාර වල පරිවර්ථනයත් එතරම්ම වේගවත්ද? සාමාන්‍යයෙන් විදෙස් රටවල විශේෂත්වය වන්නේ, එහි ඇති සෑම දෙයක්ම වේගවත් වීමයි; ඔවුන් සෑම දෙයක්ම වේගයෙන් සිදු කරයි. එබැවින් පරම පියා විමසන්නේ: ඔබගේ සංස්කාර පරිවර්ථනය කිරීම අතින් ඔබ වේගවත්ද? බාප්දාදාට දැන් දැකීමට අවශ්‍ය වන්නේ, ස්ව-පරිවර්ථන වේගය, සීඝ්‍ර වීමයි. ඔබ සියලු දෙනාම මෙසේ විමසනවා නේද, “බාප්දාදාට අවශ්‍ය කුමක්ද?” ඔබ අතරේ සාකච්ඡා පවත්වා එකිනෙකාගෙන් මෙසේ විමසයි: බාප්දාදාට අවශ්‍ය මොනවාද? බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔබට තත්පරයකදි නැවතීමේ තිතක් තැබීමට හැකි වීමය. ඔබ කඩදාසි කැබැල්ලක නැවතීමේ තිතක් තබන ආකාරයටම, මෙය ඊටත් වඩා වේගවත් විය යුතුයි. පරිවර්ථනය ගෙන ඒමේදි නිවැරදි නොවන සියලුම දේට නැවතීමේ තිතක් තබන්න. නැවතීමේ තිතක් තබන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? ඔබ දන්නවා නේද? කෙසේවෙතත්, ඇතැම් විටෙක එය ප්‍රශ්නාර්ථ ලකුණක් වෙයි. ඔබ නැවතීමේ තිතක් තබන අතර එය ප්‍රශ්නාර්ථ ලකුණක් වෙයි. “එය මෙසේ වන්නේ ඇයි?” “මේ මොකක්ද?” “ඇයි?” සහ “කුමක්ද?” යන මෙම ප්‍රශ්න, නැවතීමේ තිත, ප්‍රශ්නාර්ථ ලකුණක් බවට වෙනස් කරයි. බාප්දාදා ඔබට මින් පෙරද පැවසුවේ: “ඇයි? ඇයි?” නොකියන්න. ඒ වෙනුවට ඔබ කිව යුත්තේ කුමක්ද? “පියාඹන්න” (fly) හෝ “අපූරුයි!” “අපූරුයි!” හෝ “පියාඹන්න” කියන්න. “ඇයි? ඇයි?” නොකියන්න. ඔබ “ඇයි? ඇයි?” කියා විගසින් පැවසීමට දන්නවා. එය ඉබේටම එනවාද? මෙම “ඇයි?” පැමිණෙන ඕනෑම විටෙක, ඒ වෙනුවට “අපූරුයි, අපූරුයි!” කියන්න. යම් කෙනෙක් දෙයක් කරන්නේ හෝ පවසන්නේ නම් - “අපූරුයි නාටකය අපූරුයි!” “මේ කෙනා මෙසේ කරන්නේ ඇයි? මේ කෙනා මෙසේ කියන්නේ ඇයි? අනෙක් කෙනා මෙය කළොත් එවිට මාද එය කරන්නම්” නොවෙයි. නැහැ!

මෙකල බාප්දාදා දැක තිබෙන්නේ... මා ඔබට එය කිව යුතුද? ඔබට පරිවර්ථනය ගෙන ඒමට අවශ්‍යයි නේද? එබැවින්, මෙකල, එය ඉන්දියාවේ වුනත් විදෙස් රටවල වුනත්, ප්‍රතිඵලය වන්නේ, ස්ථාන දෙකේම එක දෙයක රැල්ලක් තිබීමයි, එය කුමක්ද? “මෙය තිබිය යුතුයි; මට මෙය ලැබිය යුතුයි; මේ කෙනා මෙය කළ යුතුයි. සිදු විය යුත්තේ, මා සිතන සහ පවසන දේ පමණයි.” ඔබගේ සිතිවිලි වල තවමත් පැන නගින මෙම බලාපොරොත්තුවේ දේවල් නිෂ්ඵල සිතිවිලි වන අතර ඒවා ඔබට හොදම අය වීමට ඉඩ නොදෙයි. බාප්දාදා කෙටි වෙලාවකදි සියලු දෙනාගේ නිෂ්ඵල සිතිවිලි වාර්ථාව සටහන් කරගත්තා. ඔහු එය පරීක්ෂා කළා. බාප්දාදාට බලවත් යාන්ත්‍රණයක් තිබේ. ඔබ සියලු දෙනාට තිබෙන ආකාරයේ පරිගණක ඔහුට නොමැත. ඔබගේ පරිගණකය දූෂිත විය හැක. කෙසේවෙතත්, බාප්දාදාට ඉතා වේගවත් පරීක්ෂණ යාන්ත්‍රණයක් තිබේ. ඔබගෙන් වැඩි දෙනෙකුට දවස පුරා විටින් විට නිෂ්ඵල සිතිවිලි තිබෙන බව, බාප්දාදා දුටුවා. සිදුවන්නේ, නිෂ්ඵල සිතිවිලි වල බර, බරින් වැඩි වන අතර හොදම සිතිවිලි වල බර, අඩුයි. එබැවින් විටින් විට ඔබට ඇතිවන මෙම නිෂ්ඵල සිතිවිලි, ඔබගේ හිසට බරක් ගෙන දෙයි. ඒවා ඔබගේ උත්සාහයන් බරින් වැඩි කරයි. බරක් තිබෙන බැවින් එය ඔබව ඒවා දෙසට ඇද ගනී. මේ නිසයි ස්ව-ප්‍රගතියට - ඉනිමගක් වත් නොවෙයි, සෝපානයක් - වන පිවිතුරු සිතිවිලි අඩු ප්‍රමාණයක් තිබෙන විට, ඔබට එම උත්සාහයේ ඉනිමග නැගීමට සිදු වන්නේ. ව්‍යවහාර දෙකක් සරළව සිහි කරන්න. නිෂ්ඵලත්වය අවසන් කිරීමට, අම්රිත් වේලාවේ සිට රාත්‍රිය දක්වා, ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා සහ හැසීරීම තුළ තව්‍යවහාර දෙකක් සරළව භාවිතා කරන්න. මෙය ප්‍රායෝගික ස්වරූපයකට දමන්න. මෙම ව්‍යවහාර දෙක වන්නේ: ආත්ම-ගෞරවය සහ අන් අයට ගරු කිරීම. ඔබ තමන්‌ගේ ආත්ම ගෞරවයේ රැදී සිටිමින් අන් අයට ගෞරවය ලබා දිය යුතුයි. “යම් කිසි කෙනෙක් කුමන අන්දමේ කෙනෙක් වුනත් කමක් නැහැ, මා එම කෙනාට ගරු කළ යුතුයි. මා ගෞරවය ලබා දී, මගේ ආත්ම-ගෞරව ස්ථිතියේ රැදී සිටිය යුතුයි.” මේ දෙකෙහි සමබරතාවයක් තිබිය යුතුයි. විටෙක ඔබ තම ආත්ම-ගරුත්වය තුළ බොහෝ සේ සිටින නමුත් ඔබ අන් අයට අවශ්‍ය තරම් ගෞරවයක් ලබා නොදෙයි. එම පුද්ගලයා ඔබට ගරු කළොත් පමණක් ඔබ එම පුද්ගලයාට ගරු කිරීම නොවේ. නැහැ. “මා දානපතියෙක් විය යුතුයි.” ශිව ශක්ති පාණ්ඩව සේනාව, දානපතියන්ය, දානපතිගේ දරුවන්ය. “ඒ කෙනා දුන්නොත් මමත් දෙනවා” කියා පැවසීම, ව්‍යාපාරයක් වෙයි. එය දානපතියෙක් වීම නොවෙයි. එබැවින් ඔබ ව්‍යාපාරිකයන්ද, දානපතියන්ද? දානපතියෙක් කිසිම විටෙක ගන්න කෙනෙක් නොවෙයි. ඔබගේ ආකල්පයේ සහ දැක්ම තුළ මෙම අරමුණ තබා ගන්න: “අන් අය නොවෙයි, මා කළ යුතුයි...” මා තුළ සියල්ලන් කෙරෙහි නිරතුරුවම සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් තිබිය යුතුයි, එනම්, සියලු දෙනා කෙරෙහි, ඔවුන් ග්‍යානී වුනත් අග්‍යානී අය වුනත්. ඇත්ත වශයෙන්ම ඔබ තුළ අග්‍යානී අය කෙරෙහි සුබ පැතුම් තිබේ, නමුත්, සෑම මොහොතකම සියලුම ග්‍යානී ජීවාත්ම කෙරෙහිද සුබ පැතුම් තිබිය යුතුයි. ඔබගේ දැක්ම එසේ විය යුතුයි, ඔබගේ ආකල්පය එසේ විය යුතුයි. ඔබගේ ඇස් දෙකේම කළු ඉංගිරියා තිබේ, එම කළු ඉංගිරියා කිසිවිටෙක අතුරුදහන් වනවාද? ඔබගේ දෑසින් කළු ඉංගිරියා අතුරුදහන් වුනොත් ඔබට කුමක් වෙයිද? ඔබට පෙනීම තිබෙයිද? එබැවින් ඔබගේ දෑස් තුළ කළු ඉංගිරියා තිබෙන සේම, ජීවාත්මය සහ තිත වන පරම පියා, ඔබගේ දෑස් තුළ මුසු වී තිබේ. බලන තිත (ජීවාත්මය) කිසිදා අතුරුදහන් නොවන පරිදිම, ජීවාත්මය සහ පරම පියා පිළිබද අවධානයේ කාරණාවට, ඔබ‌ගේ ආකල්පයෙන් හෝ දැක්මෙන් අතුරුදහන් වීමට ඉඩ නොදෙන්න. ඔබ පියාව අනුගමනය කළ යුතුයි නේද? එබැවින් පියාගේ ආකල්පය සහ දැක්ම තුළ සෑම දරුවෙක් වෙනුවෙන් ගෞරවයක් තිබෙන සේම, ඔබගේ දැක්ම සහ ආකල්පය තුළ ආත්ම-ගෞරවය සහ අන් අය කෙරෙහි ගෞරවයක් තිබිය යුතුයි. ඔබගේ මනසේ ඇති සිතිවිලි - මෙම කෙනා වෙනස් විය යුතුයි, ඔහු ඒ දේ නොකළ යුතුයි, මේ කෙනා මේ ආකාරයේ කෙනෙක් - ඉගැන්වීම් ලබා දීමෙන් එය සිදු වන්නේ නැහැ. ඔබගේ මනසේ තිබෙන සිතිවිලි ඔවුන් ඉටු කිරීම ආරම්භ කරන්නේ ඔබ අන් අයට ගෞරවය ලබා දීමෙනි - එම කෙනා වෙනස් විය යුතු බව හෝ අහවල් දේ කළ යුතු බව. ඔවුන් වෙනස් වන්නේ ඔබගේ වචන වලින් නොවෙයි, ඔබගේ ආකල්පයෙනි. එසේ නම් ඔබ කරන්නේ කුමක්ද? ආත්ම-ගෞරවය සහ අන් අයට ගෞරවය ලබා දීම: ඔබට දෙකම මතක් වෙයි නේද, එසේ නැත්නම් ඔබ ආත්ම-ගෞරවය පමණක් මතකයේ තබා ගනීද? ගෞරවය දීම යනු ගෞරවය ලැබීමයි. ගෞරවය දීම යනු, ගෞරවය ලැබීමට සුදුසු වීමයි. ජීව-අවධාන සෙනෙහසේ ලක්ෂණය වන්නේ ඔබගේ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් වලින් අන් අයගේ දුර්වලතා පරිවර්ථනය කිරීමය. අවසන් වර ලබා දුන් පණිවිඩයේද බාප්දාදා පැවසුවේ: වර්ථමානයේ ඔබගේ ස්වරූපය දයානුකම්පිත විය යුතුයි. ඔබගේ අවසන් උපතෙදි පවා ඔබගේ අජීවී ප්‍රතිමා සානුකම්පිත වී බැතිමතුන්ට අනුකම්පා කරයි. අජීවී ප්‍රතිමා මෙතරම් සානුකම්පිත නම්, ජීවමාන ස්වරූප කෙසේ වෙයිද? ජීවමාන ස්වරූප, සානුකම්පාවේ ආකර වෙයි. දයානුකම්පාවේ ආකරයක් වන්න. පැමිණෙන ඕනෑම කෙනෙකුට දයානුකම්පාව පාන්න. මෙය සෙනෙහසේ සලකුණකි. ඔබට එසේ කිරිමට අවශ්‍යයි නේද? එසේ නැත්නම් ඔබට අවශ්‍ය ඇහුම්කන් දීමට පමණයිද? ඔබ එය කළ යුතුයි, ඔබ එය විය යුතුයි! එබැවින් බාබා ඔබට “බාබාට අවශ්‍ය මොනවාද?” යන පැනයට ප්‍රතිචාරය ලබා දෙනවා. ඔබ මෙම පැනය අසනවා එබැවින් බාප්දාදා ඔබට පිළිතුරක් දෙනවා.

වර්ථමානයේ භාරතයේ සහ විදෙස් රටවල සේවයේ ඉතා හොද ව්‍යාප්තියක් තිබේ. බාප්දාදාට අවශ්‍ය වන්නේ, විශේෂ කාර්යයක් නිම කිරීමට, ඔබ යම් කෙනෙක්ව උපකරණයක් බවට පත් කළ යුතු බවයි. යම් කෙනෙක්ව සහයෝගී කරවන්න, යම් දෙයක් කිරීමට මේ වනතුරු උවමනාවක් තිබුණු කෙනෙක්ව, දැන් ප්‍රායෝගිකව සැබවින්ම එය සිදු කරන කෙනෙක් බවට පත් කරන්න. ඔබ බොහෝ වැඩසටහන් පවත්වා තිබේ. ඔබ වැඩසටහන් කොහේ පැවැත්වුවත්, එම වැඩසටහන් පැවැත්වූ සියලු දෙනාට බාප්දාදා සුබ පැතුම් ලබා දෙනවා. ඔබ කරන අන්දමට, ඔවුන්ද ඔබ වෙනුවෙන් පියාව හෙළිදරව් කරන ආකාරයට, දැන් තව වැඩියෙන් නවතාවයක් පෙන්වන්න. ඔවුන්ගේ දෙතොලින් ද මෙසේ මතු විය යුතුයි: “මෙම ඉගෙනුම දේවමය එකක්.” ඔවුන්ගේ හදවත් වලින් “බාබා, බාබා” මතු විය යුතුයි. ඔවුන් සහයෝගී වන නමුත් තවමත් ඉතිරි වන එක දේ වන්නේ, “මේ කෙනා එකම කෙනාය. මේ එම කෙනාය. මේ එම ඒකායන කෙනාය...” මෙම හඩ විහිදි යා යුතුයි. “බ්‍රහ්ම කුමාරීන් ඉතා හොද කාර්යයක් සිදු කරනවා. ඔවුන්ට මෙය කළ හැක.” ඔවුන් එතරම් දුරකට ඇවිත්, නමුත් ඔවුන් දැන් කිව යුත්තේ, “ එකම කෙනා මොහුයි, මෙය පරමාත්ම දෙවියන්ගේ දැනුමයි.” පියාව හෙළිදරව් කිරීමට සිටින අය, මෙය එඩිතරව කිව යුතුයි. පරමාත්ම දෙවියන් මෙම කාර්යය සිදු කරවන බව, එය පරමාත්ම දෙවියන්ගේ කාර්යය බව ඔබ පවසයි. කෙසේවෙතත්, ඔවුන් දැන් කිව යුත්තේ, සියලු දෙනාම අඩ ගසමින් සිටි, පරමාත්ම දෙවියන්ව, පියාව, ඔවුන් හදුනන බවයි. දැන් ඔවුන්ට එම අත්දැකීම ලබා දෙන්න. සෑම මොහොතකම ඔබගේ හදවත් තුළ තිබෙන්නේ කුමක්ද? “බාබා, බාබා, බාබා!” එවන් කණ්ඩායමක් මතු විය යුතුයි. එය හොදයි. ඔබට මෙය කළ හැක. මේ දක්වා සිදු වී ඇති සෑම දෙයක්ම හොද වී ඇත. පරිවර්ථනය සිදු වී ඇත. කෙසේවෙතත්, අවසන් පරිවර්ථනය වන්නේ, “එකම කෙනා මොහුය. එම කෙනා මොහුය. මේ එම කෙනාය.” බ්‍රහ්මින් පවුලට නිරන්තර ස්ථිතියක් තිබෙන විට, එය සිදු වෙයි. වත්මන් මොහොතේ ස්ථිතිය නොකඩවා වෙනස් වෙයි. නිරන්තර මනෝ ස්ථිතියක් ඒකායන කෙනාව හෙළිදරව් කරයි. මෙය හොදද? එබැවින් ද්විත්ව විදේශිකයන් ආදර්ශමත් වන්න. ගෞරවය ලබා දීමේ සහ තමන්ගේ ආත්ම-ගෞරවයේ රැදී සිටීමේ ආදර්ශයක් වන්න. මෙයින් අංකයක් හිමි කරගන්න. ඔවුන් බැදීම් ජයගත් පවුලේ නිදසුන පෙන්වා දෙනවා, පණිවිඩකරුවන්, සේවකයන් සහ සියලු දෙනාම බැදීම් ජයගත් අය වූ අන්දම ගැන. ඒ ආකාරයෙන්ම, ඔබ කොහේ සිටියත් - අමරිකාව, ඔස්ට්‍රේලියාව, සෑම රටකම - නිරන්තර වීමේ, එකම උපදෙසක් අනුගමනය කිරීමේ එක්සත්ව සිටින, තමන්ගේ ආත්ම-ගෞරවයේ රැදී සිටිමින් අන් අයට ගෞරවය ලබා දීමේදි අංකයක් හිමි කරගන්න. ඔබට එය හිමි කරගත හැකියි නේද? එය හිමි කරගන්න. ඔබට අංකයක් හිමි කරගැනීමට අවශ්‍යද?

පරම පියාගේ දෑස් තුළ මුසු වී සිටින සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට, දෑසේ ආලෝකය වන දරුවන්ට, නිරන්තරයෙන් ස්ථාවර ස්ථිතියක රැදී සිටින දරුවන්ට, ඔවුන්ගේ භාග්‍යයේ තාරකා නිරතුරුවම බැබලෙන වාසනාවන්ත දරුවන්ට, නිරන්තරයෙන් ආත්ම ගෞරවය සහ අන් අය කෙරෙහි සමාන ගෞරවයක් ඇති සියලු දරුවන්ට, තම උත්සාහයේ වේගය සීඝ්‍ර කරන දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය, ආශිර්වාද සහ නමස්කාරය.

වරදානය:
ඔබ, ඔබගේ සැබෑ සහකරුවාගේ ඇසුර ලබා ගෙන, ඒ අනුව ආදරණීය වී, බැදීම් වලින් නිදහස් වේවා.

දිනපතාම අම්රිත් වේලාවේ, බාප්දාදා සමග සියලු සම්බන්ධතා පැවැත්වීමේ සතුට ඇති කර එය අන් අයටත් දන් දෙන්න. සියලු අන්දමේ සතුටට අයිතියක් ලැබ, අන් අයටත් මෙම අයිතිය ලබා දෙන්න. ඕනෑම කායික ක්‍රියාවක් සිදු කරන අතර කිසිදු භෞතික සහකරුවෙක් සිහි නොකරන්න, නමුත් පරම පියාව පළමුවෙන් සිහි කරන්න, මන්ද, ඔබගේ සත්‍ය මිතුරා, පියා බැවින්. ඔබ, ඔබගේ සැබෑ සහකරුවාගේ ඇසුර ලබා ගන්න විට, ඔබ පහසුවෙන් ආදරණීය සහ නොබැදී සිටිවි. සෑම කාර්යයකදී, සියලු සම්බන්ධතා සමග ඒකායන පියාව සිහිපත් කරන අය, පහසුවෙන් බැඳීම් වලින් නිදහස් වෙයි. ඔවුන් කිසිම කෙනෙකුට බැඳී නොමැති අතර කිසිවෙකුට යටත්ද නැත, එබැවින් මායාට ඔවුන්ව පරාජය කළ නොහැක.

පාඨය:
මායා හදුනා ගැනීම සදහා ත්‍රිකාලදර්ශී සහ ත්‍රිනේත්‍රී වන්න, එවිට ඔබ ජය ගනීවි.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදාගන්න.

සත්‍යයේ ලක්ෂණය වන්නේ හොඳ ආචාරශීලී බවක් (manners) තිබීමයි. ඔබ අවංක වන විට සහ ඔබට සත්‍යයේ බලය තිබෙන විට, ආචාරශීලී වීම ඔබ කිසි විටෙක නතර නොකරයි. ඔබට සත්‍යය ඔප්පු කිරීමට සිදුවෙයි, නමුත් මෙය ආචාරශීලීව සිදු කරන්න. ඔබගේ ආචාරශීලී බව අතහැර දමා යමක් සත්‍යය බව ඔප්පු කිරීමට තැත් කිරීමෙන්, ඔබට එය ඔප්පු කිරීමට නොහැකි වෙයි. ආචාරශීලී බව නොතිබීමේ සලකුණ වන්නේ මුරණ්ඩුකම වන අතර ආචාරශීලිත්වයේ සලකුණ වන්නේ නිහතමානීකමයි. සත්‍යය ඔප්පු කරන අය නිරන්තරයෙන් නිහතමානීව සිටින අතර සෑම විටම සියලු දෙනා සමග ආචාරශීලිව කටයුතු කරයි.