02.03.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ස්මෘතියේ සිට අන් අයටද ස්මෘතියේ සිටීම පුහුණු කරවන්න. යෝගා හසුරුවන අයගේ බුද්ධිය එහෙ මෙහෙ නොයා යුතුයි.

ප්‍රශ්නය:
බොහෝ විශාල වගකීමක් තිබෙන්නේ කුමන දරුවන්ටද? ඔවුන් වැඩිපුරම අවධානය යොමුකළ යුත්තේ කුමකටද?

පිළිතුර:
අන් අය සඳහා යෝගා හසුරුවන උපකරණ ගුරුවරු වන දරුවන්ට විශාල වගකීමක් ඇත. යෝගා හසුරුවන අවස්ථාවලදී ඔබේ බුද්ධිය එහෙ මෙහෙ යා නම්, ඔබ සේවය වෙනුවට සේවා විරෝධී දෙයක් කරයි. එම නිසයි ඔබ පුණ්‍ය ක්‍රියා පමණක් කරනවාදැයි අවධානයෙන් සිටිය යුතු වන්නේ.

ගීතය:
ඕම් නමෝ ශිවාය..!

ඕම් ශාන්ති.
බාබා මෙහි සිට පළමුවෙන්ම ඔබ දරුවන්ට දෘෂ්ඨි දෙමින් ඔබේ අරමුණ වෙත ස්ථාවර කර තබයි. මා ද මෙතැන ශිව බාබා පිළිබඳ ස්මෘතියෙන් සිටිනවා මෙන්ම ඔබ ද ශිව බාබා පිළිබඳ ස්මෘතියෙන් සිටිය යුතුය. මෙවැනි ප්‍රශ්නයක් මතුවේ ඔබ ඉදිරියේ භාවනා හසුරුවන අය නිරන්තරයෙන් ශිව බාබා පිළිබඳ ස්මෘතිියෙන් සිට අන් අයටද එම ආකර්ෂණය පිළිබඳ හැඟීම ලබා දෙනවාද? ස්මෘතියේ සිටීම මගින් ඔබ ඉතා සාමකාමී වෙයි. ඔබ අශරීරික වී ශිව බාබා ස්මරණයේ සිටින විට අන් අය සාමයට පත් කරවීමට හැකි විය යුත්තේ ඔබ එහි සිටින්නේ ගුරුවරයෙක් ලෙස නිසාය. ගුරුවරයා ස්මෘතියේ නිවැරදි නැත්නම්, අන් අයටද ස්මෘතියේ සිටිය නොහැකි වේ. පළමුකොටම, ඔබ ඔබම පරීක‍්ෂා කර බලන්න ශිව බාබාගේ ආදරවන්තයා වූ ඔබ බාබාගේ ආදරයේ ස්මෘතියෙන්ම සිටිනවාද කියා. ඔබ හැම කෙනෙක්ම මේ පිළිබඳ ඔබගෙන්ම අසා ගත යුතුයි. ඔබේ බුද්ධිය වෙනත් පැති වල යා නම්, ශරීර අවධානයට පත් වේ නම් ඔබ එහි සිටින්නේ සේවය කරමින් නොව, සේවා විරෝධී ලෙසය. මෙය තේරුම් ගත යුතු එක්තරා දෙයකි. ඔබ හරි සේවාව නොකරම නිකම්ම වාඩි වී සිටීම ඔබට කර ගන්නා පාඩුවකි. ගුරුවරයාගේ හෝ ගුරුවරියගේ බුද්ධියේ යෝගය ඉබාගාතේ යා නම්, ඔහු හෝ ඇය අන් අයට උදව් කරන්නේ කෙසේද? මෙහි ගුරුවරයෝ වශයෙන් සිටින අය ඔවුන්ගෙන්ම මෙසේ අසා ගත යුතුයි මා කරන්නේ පුණ්‍ය ක්‍රියාමද? ඔබ යම් පාපයක් කරන්නේ නම්, එය පිරිහීමට හේතු වන අතර තත්ත්වය විනාශ වෙයි. එවැනි කෙනෙක් ගධියේ සිටින්නට සලස්වනවා නම්, ඊට ඔබ ද වගකිව යුතුයි. ශිව බාබා හැම කෙනා ගැනම දනී. මේ බාබාද හැම කෙනෙක්ගේම තත්ත්වය දනී. ශිව බාබා මෙසේ කියයි එවැනි ගුරුවරු ද මෙහි සිටින අතර ඔවුන්ගේ යෝගාව ද ඉබාගාතේය. ඔවුන් කෙසේ අන් අයට උදව් කරන්නද? ඔබ බ්‍රහ්මින් දරුවන් උපකරණ බවට පත් වෙයි. ඒ ශිව බාබාට අයත් වී ඔහුගෙන් උරුමය ලබා ගැනීමටයි. බාබා මෙසේ කියයි ජීවාත්ම සත්තාවනි, මා පමණක් නිරතුරුව සිහි කරන්න! ඔබ ගුරුවරයෙක් වශයෙන් මෙහි වාඩි වී සිටින විටද, එම තත්ත්වයේ ම හොඳින් සිටින්න. ඇත්තෙන්ම, හැම කෙනෙක්ම පරම පියා සිහි කළ යුතුයි. සිසුන්ට පුළුවන් ඔවුන්ගේ තත්ත්වය තේරුම් ගන්න, ඔවුන් පාස් වෙයිද නැත්ද කියා. ඔවුන්ගේ ගුරුවරයාද දනී. පෞද්ගලික ගුරුවරයාද දනී. අනෙකුත් අධ්‍යයන වල නම් කාට හරි අවශ්‍ය නම් විශේෂ ගුරුවරයෙක් තබා ගත හැකිය. මෙහිදී, සමහරු මෙසේ කියයි අප වෙනුවෙන් භාවනාව හසුරවන්න! එමනිසා, ඔබ පරම පියා පිළිබඳ ස්මෘතියෙන් වාඩි වී සිටිය යුතුයි. පරම පියාගේ අණ කිරීම නම් මෙසේය නිරතුරුවම මාව පමණක් සිහිකරන්න! ඔබ ආදරවන්තයින්ය. එහෙ මෙහෙ යත්දීත් ඔබේ ආදරවන්තයා සිහිකරන්න. සන්‍යාසීන් සිහි කරන්නේ බ්‍රහ්ම ධාතුවයි. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන් බ්‍රහ්ම ධාතුව හා ගිලී යනවා කියාය. ස්මෘතියේ බොහෝ සෙයින් සිටින අයට හොඳ තත්ත්වයක් ලැබේ. ඔබ හැම කෙනෙකුටම එකක් හෝ වෙනත් විශේෂත්වයක් ඇත. මෙසේ කියැවේ ස්මෘති වන්දනාවේ ම සිටින්න. ඔබ ද එසේ සිටිය යුතුය. සමහරු බාබාට සත්‍යය ම වන අතර අන් අය එසේ නොවේ. ඔවුන් නිරන්තර ස්මෘතියේ සිටින්නේ ඉතා අපහසුවෙනි. සමහරු පරම පියාට සත්‍යගරුක වෙයි. මේ බාබාද ඔබ දරුවන්ට ඔහුගේ අත්දැකීම් මෙසේ කියයි මම ටික වේලාවක් බාබා පිළිබඳ ස්මෘතියෙන් සිට, අනතුරුව ඔහුව අමතක වෙයි. මේ ඔහු මත බොහෝ බර පැටවී ඇති නිසයි. එහෙ බොහෝ දරුවන් සිටිනවානේ. ඔබ දරුවන් ද දන්නෙ නැහැ බ්‍රහ්ම බාබා ද ශිව බාබාද මුරලි පාඩම කරන්නේ කියා. මක් නිසාද යත් දෙදෙනාම එකට සිටින නිසාය. මොහු මෙසේ කියයි මා ද ශිව බාබා සිහිකරනවා. මේ බාබා ද ඔබ දරුවන්ට භාවනාව හසුරුවයි. ඔහු මෙහි වාඩි වී සිටින විට, ඔබට දකින්න පුළුවන් ඉතා හොඳ මළ නිහැඬියාවක් තිබෙන බව. බොහෝ අය ඊට ඇදී යයි. කොහොමනමුත්, ඒ පියානේ! ඔහු මෙසේ කියයි දරුවනි, ස්මෘති වන්දනාවේ සිටින්න! ඔබද ස්මෘති වන්දනාවේ සිටින අතර නිකම්ම පණ්ඩිතයෙක් නොවන්න. ඔබ ස්මෘතියේ නොසිටී නම් අවසානයේ දී ඔබ අසමත් වේ. බාබාටත් මමාටත් ඉහළ තත්ත්වයක් ඇති මුත්, තවම ඇට මාලය නිම කර නැත. එකම ඇටයක්වත් තවම සම්පූර්ණයෙන් සූදානම් නැත. මුල් දින වල, ළමුන්ට දිරි දීමට ඇට මාලයක් හැදුවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා මායා ගිල දැමූ බව පෙනිණි. සියල්ල රඳාපවතින්නේ සේවය මතයි. එමනිසා, ඔබ ඉදිරියේ භාවනා හැසිරවීමට වාඩි වන අය දත යුතුයි ඔවුන් අවංක ගුරුවරුන් සේ එහි වාඩි විය යුතු බව. නැත්නම්, ඔබ කිව යුතුයි ඔබේ බුද්ධිය අයාලේ යන බවත් ඔබ එහි වාඩි වීමට සුදුසු නැති බවත්. ඔබ ඔබම එය පිළිගත යුතුයි. කිසිවෙකුට ඔහු විසින්ම එහි වාඩි විය නොහැකියි. සමහර අය ඥානය අන් අයට නොදුන්නත් ඔවුන් හොඳ ස්මෘතියකින් සිටී. කොහොමනමුත් ඔබ මෙහිදී ඒ දෙකෙන්ම දක‍්ෂ විය යුතුය. මනමාලයා ඉතා සුන්දර වන අතර ඔහු බොහෝ සෙයින් සිහිකළ යුතුය. මේ සඳහා උත්සාහය අවශ්‍යයි. යටත් වැසියන් නිම කිරීම ඉතා පහසුය. සේවිකාවක් හෝ සේවකයෙක් වන එක ලොකු දෙයක් නොවේ. ඔවුන් ඥාන මාර්ගයේ යා නොහැකි අයයි. එය හරියට මෙම බන්ධාරී (කුස්සිය බලා ගන්නා අය) හැම කෙනෙක්ම සතුටු කරවයි. ඇය කිසිවෙකුට දුක නොදෙයි. හැම කෙනෙක්ම ඇයව පසසයි. ඒ තරම්ම ශිව බාබාගේ හොඳ බන්ධාරී ඇයයි! ඇය අංක එකය! ඔහු බොහෝ අයගේ හදවත් පිනවයි. බාබාද බොහෝ දරුවන්ගේ හදවත් දිගටම පිනවයි. පරම පියා මෙසේ කියයි මාව සිහි කරමින් මෙම චක්‍රය බුද්ධියේ තබා ගන්න. දැන් ඔබ ඔබම ඔබේ යහපත සළසා ගත යුතුය. ගැඹුරු සෙනෙහසින් යුතුව හැකි උපරිම අයුරින් සේවය කරන්න. අනුකම්පා සහගත වන්න. විමුක්තියත් ජීවන මුක්තියත් ලබා ගැනීමට මිනිසුන් බොහෝ මහන්සි වෙයි. කිසිවෙක් ගැලවීමේ ක්‍රියාව ගැන කිසිවක් නොදනී. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන් සිට ආ තැනටම නැවත යා යුතු බවයි. ඔවුන් මෙය නාටකයක් ලෙස දුටුවත් එය පිළිගන්නේ නැත. බලන්න, තැන් තැන් වල මුස්ලිම් අයද පංති වලට එයි. ඔවුන් මෙසේ කියයි අප මුලින් දෙවි දේවතා ආගමට අයත් ව සිට පසුව ඉස්ලාම් ආගමට වෙනස් විය. අප උපත් 84 ක් රැගෙන ඇත. සින්ද් පලාතෙන්ද මුස්ලිම් පහක් හයක් පැමිණ සිටියහ. ඔවුන් දැනුදු තාම එයි. මායා හැම කෙනෙක්ම පරීක‍්ෂාවට ලක් කරන නිසා දැන් අපි බලමු ඔවුන් දිගටම එයි ද කියා. ඇතැම් අය ඉතා ස්ථීරව මෙහි සිටින අතර, අනෙක් අයට මෙහි සිටිය නොහැකි වේ. සත්‍යයෙන්ම බ්‍රාහ්මණ ආගමට අයිත් වන උපත් 84 ම ගන්නා අය කෙදිනකවත් දිගටම නොවෙනස්ව සිටී. කුමක් හෝ කරුණක් නිසා අන් අය මෙය අතහැර යයි. බොහෝ සෙයින් ශරීර අවධානය ද ඇත. ඔබ බොහෝ අයට යහපත සැලසිය යුතුය. නැත්නම් ඔබ ලබන තත්ත්වය කුමක්ද? ඔබ ඔබේ ගෙවල් සහ පවුල් අතහැරියේ ඔබේ යහපතටයි. ඔබ පරම පියාට හොඳක් නොකරයි. දැන් ඔබ පියාට අයත්ව සිටින නිසා රජ දහන නම් වූ පදක්කම ලබා ගැනීමට හැකි වන සේවයක් කළ යුතුය. ඔබ උපත් 21 කටම නිරතුරු සතුට ඇති රජදහන ලබයි. ඔබ මායා ජයගත යුතු අතර අන් අයටද එය කිරීමට උදව් කළ යුතුය. සමහරු අසමත් වේවි. ඔවුන් සිතන්නේ රජ දහනක් ලැබීම අසීරු ලෙසයි. පරම පියා මෙසේ කියයි එසේ සිතීම දුබලකමකි. පරම පියාත් උරුමයත් සිහි කිරීම ඉතා පහසුය. දරුවන්ට රජ දහනක් ලැබීමේ ධෛර්යය නැති විට ඔවුන් බියගුල්ලන් සේ සිටියි. ඔවුන් එය නොදන්නා අතර අන් අයටද උදව් නොකරයි. ඉතින් ප්‍රතිඵලය කුමක් වෙයිද? පරම පියා මෙසේ කියයි දවල් රාත්‍රී සේවයම කරන්න! කොංග්‍රස් පක‍්ෂයද බොහෝ උත්සාහ දරා ඇත. ඔවුන්ට බොහෝ අරගල කළ යුතුව තිබුණා මක් නිසාද පිටරැටියන්ගෙන් ආණ්ඩුව ලබා ගැනීම කළ හැක්කේ එවිට පමණක් නිසා. ඔබ රජදහන නැවත ලබා ගත යුතුව ඇත්තේ රාවණ්ගෙනි. ඔහු හැම කෙනෙකුගේම සතුරාය. රාවණ්ගේ උපදෙස් පිළිපැදීමෙන් හැම කෙනෙක්ම අසතුටට පත්ව ඇති බව ලෝකය නොදනී. කිසිවෙකුට ඔවුන්ගේ හදවත් තුළ සැබෑ නිරතුරු සතුට නැත. ශිව බාබා මෙසේ කියයි මා පැමිණියේ ඔබ දරුවන් නිරතුරුව සතුටින් තැබීමටයි. රජත් රැජිණියත් ලෙසම යටත් වැසියන් ද වෙති. දැන් ශ්‍රීමත් පිළිපැද උසස් බවට පත් වන්න. භාරතයේ සියලු දෙනාට ඔවුන්ගේ ආගම අමතක වී ඇත. ඔබ දරුවන්ට දැන් ලෝක චක්‍රයේ කරකැවෙන ආකාරය ගැන අවබෝධය ලබා දී ඇත. එසේ වුවත්, ඔබ නැවත නැවතත් එය අමතක කරයි. ඔබේ බුද්ධිය තුළ එය නොපවතී. බොහෝ අය බ්‍රහ්මින්වරු වුවත්, සමහර අය දුර්වල නිසා දිගටම පාපයේ ගැලේ. ඔවුන් බීකේ බව කියා ගත්තත් ඔවුන් ඇත්තෙන්ම එසේ නැත. සම්පූර්ණයෙන් උපදෙස් පිළිපදින දිගටම අන් අය ඔවුන් හා සම බවට පත් කරවන අය ඉහළ තත්ත්වයක් ලැබීමට හැකියාව ලබයි. බාධා සිදුවෙයි. අමෘතය පානය කිරීමේ දීද පසුව බාධා ඇති වේ. එයද සිහි කෙරේ. ඒ නිසා ඔවුන්ගේ තත්ත්වය කෙසේ වෙයිද? ඇතැම් දරුවන් පාපය වෙනුවෙන් පහරකෑම් ද ලබයි. ඔවුන් මෙසේ කියයි බාබා, මම පොඩි වේදනාවක් දරා ගන්නම්. බාබා මගේ ආදරවන්තයාය. පහරකන විට ද මම ශිව බාබා සිහිකරනවා. ඔවුන් බොහෝ සතුටින් සිටී. ඔබට අනන්ත වූ සතුට ලැබිය යුතුයි. අපි පරම පියාගෙන් උරුමය ලබන අතර දිගටම අන් අය අප හා සමාන කරවමු. බාබාගේ බුද්ධියේ මේ ඉණිමගේ පිංතූරය බොහෝ සෙයින් ඇත. ඔවුන් බොහෝ සතුටින් සිටී. එයට බොහෝ වැදගත් කමක් ද දෙයි. බාබා ඥානය මතගා එවැනි පිංතූර නිර්මාණ කරන අයට ස්තූති කරයි. මෙසේ කිව හැකියි බාබා ඒ දරවාගේ බුද්ධිය ස්ඵර්ෂ කර ඇත. ඔහු ඉණිමගේ ඉතා හොඳ පිංතූරයක් සාදා ඇත. උපත් 84 ක් තේරුම් ගැනීම මගින්, ඔබ දැන් මුළු ලොව මුල, මැද, අග තේරුම් ගෙන සිටී. මෙය පළමු පංතියේ පිංතූරයකි. ත්‍රිමූර්ති සහ චක්‍රයේ පිංතූර වලට වඩා මේ පිංතූරයේ වඩා හොඳ ඥානයක් ගැබ් වී ඇත. අප දැන් ආරෝහණ මඟ ගෙන ඇත. එය එතරම්ම පහසුය! පරම පියා පැමිණ ඔබව ඔසවා තබයි. අප ඉතා සාමකාමී ලෙස පරම පියාගෙන් උරුමය ලබමු. ඉණිමගේ ඥානය ඉතා හොඳය. මෙසේ විස්තර කරන්න ඔබ හිංදුන් නොවේ ඔබ අයත් වන්නේ දේවි දේවතා ධර්මයටයි. ඔවුන් උපත් 84 ක් ගෙන නොමැති බව කියයි නම්, මෙසේ කියන්න ඔහෝ! ඔබ උපත් 84 ක් ගෙන ඇති බව විශ්වාස නොකරන්නේ ඇයි? ඔබ නැවතත් හරි හැටි ස්මෘතියේ සිටී නම්, නැවතත් අංක එකට ආ හැකියි. ඔවුන් ඔබේ වංශයට අයත් නම්, හැම කෙනෙක්ම උපත් 84 ක් ගන්නා බවක් ගැන ප්‍රශ්න කරන්නේ නැත. ඇයි ඔබ සිතන්නේ ඔබ ප්‍රමාද වූවා කියා. පරම පියා සියලුම ළමයින්ට මෙසේ කියයි භාරතයේ මිනිසුන් වන ඔබ උපත් 84 ක් ගෙන ඇත. දැන් නැවතත් දෙව්ලොව උරුමය ලබන්න. ඔබ දරුවන් ඉණිමඟ සිහිකරමින් යෝගාවේ සිටින විට විශාල ප්‍රීතියක් ඇති වේ. අපි අපේ උපත් 84 සම්පූර්ණ කර ඇත. දැන් අපි නැවත ගෙදර යා යුතුව ඇත. එතරම්ම සතුටක් අත්විඳින්න. සේවය කිරීමට ද උනන්දුවක් තිබිය යුතුය. අන් අයට විස්තර කර දීමට විවිධ ක්‍රම ලබා දී ඇත. ඉණිමඟ පිංතූරය ද විස්තර කරන්න. සියලු පිංතූර අවශ්‍යය. ත්‍රිමූර්ති ද අවශ්‍යය. බාබා මෙසේ කියයි ඔබට මගේ භක්තිවන්තයින්ට මෙම ඥානය දිය හැකියි. සිද්ධස්ථාන වල ඔවුන් සොයා ගත හැකියි. ඒවායේදී ද ඉණිමඟේ පිංතූරය විස්තර කරන්න. මුළු දවස පුරාම ඔබේ බුද්ධිය තුළ තිබිය යුතුයි බාබාව හඳුන්වා දී අන් අයගේ යහපත කළ යුතු බව. දිනෙන් දින, ඔවුන්ගේ බුද්ධියේ අගුළු දිගටම විවෘත වේ. ඔවුන්ගේ උරුමය ලබා ගැනීමට අවශ්‍ය අය ඒවි. දිනෙන් දින ඔවුන් දිගටම යමින් ඉගෙන ගනීවි. සමහරුන්ට රාහු ලැබූ විට බාබාට සිදුවෙයි ඔවුන්ට තව විස්තර කියා දීමට. ඔවුන්ට සේවය කළ නොහැක්කේ රාහු අපලය නිසා බව ඔවුන් නොදනී. සම්පූර්ණ වගකීම ඇත්තේ ඔබ දරුවන් අතය. දිගටම ඔබ හා සමාන බ්‍රහ්මින්වරු සාදන්න. සේවයේ යෙදී සිටීමෙන් මහා සතුටක් ලැබෙන අතර බොහෝ අයට යහපත සිදුවේ. බාබා බොම්බේ හි සේවය කරමින් විශාල ප්‍රීතියක් ලැබුවා. බොහෝ අළුත් අය ආවා. එහි සේවය කිරීමට බාබා මහා කැමැත්තකින් පසුවූවා. ඔබ දරුවන් ද එලෙසම අනුකම්පා සහගත විය යුතුයි. ඔබේ සේවයේ ම යෙදෙන්න. ඔබ හදවතින් ම හැඟීමක් ගත යුතුයි තවෙකෙක් ඔබ හා සමාන නොකර කෑම නොගත යුතුයි කියා. පළමුව පිංදහම් කරන්න. පළමුව පාපී ජීවාත්ම සත්තාවක් පුණ්‍යවන්තභාවයට ගෙන ඉන්පසුව ඔබේ චපාතිය කන්න. එමනිසා, සේවයේ ම යෙදෙන්න. ඔබ ඔබට සමාන බ්‍රහ්මින්වරු සෑදීමට උත්සාහ කළ යුතුයි. දරුවන්ට සඟරාවක් ප්‍රකාශයට පත් කර ඇතත්, බීකේවරු එතරම් එය නොකියවයි. ඔවුන් හඟින්නේ ඔවුන් එය කියවිය යුතු නැතැයි කියාත්, එය පිට මිනිසුන්ට නිසාත් කියාය. බාබා මෙසේ කියයි පිටස්තර අය ගුරුවරයෙක් නැතිව කිසිවක් තේරුම් නොගනී. ඒවා ඇත්තේ බ්‍රහ්ම කුමරුන් හා කුමරියන්ට කියවා ප්‍රබෝධමත් වීමටයි. කොහොමනමුත්, ඔවුන් කියවන්නේ නැත. මධ්‍යස්ථාන හැමෙකකම දරුවන්ගෙන් ඇසුවා ඔවුන් එය සම්පූර්ණයෙන් කියවනවාද එය කොතරම් සුදුසු ද එයින් කුමක් තේරුම් ගන්නවාද කියා. එම සඟරාව ප්‍රකාශ කළ අයට ස්තුති කළ යුතුයි. ඔබ ඉතා හොඳ සඟරාවක් ප්‍රකාශනය කර තිබෙනවා. අප බොහෝ ස්තුතිවන්ත වෙනවා. එය කියවීමට උත්සාහ ගන්න. මෙයින් දරුවන් ප්‍රබෝධමත් වුවත් ඔබ එය කියවන්නේ නැත. බොහෝ ප්‍රසිද්ධ අය හැම කෙනෙකුගේ ම ආරාධනා ලබයි. ඔවුන් බාබාගෙන් ඉල්ලනවා අහවලා ඔවුන්ගේ ස්ථානයේ දේශනයකට එවන්න කියා. බාබා එවිට තේරුම් ගන්නවා ඔවුන්ට දේශන පැවැත්විය නොහැකි බවත් ඒ නිසයි වෙනත් අය ඉල්ලන්නේත් කියා. එමනිසා, සේවාධාරී දරුවන්ට බොහෝ සැලකිලි දිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. රජදහනකට පදක්කමක් ලැබීම සඳහා, හැම කෙනෙකුගේම හදවත සතුටු කරවන්න. බොහෝ අනුකම්පා සහගත වී ඔබටත් අන් අයටත් යහපතක් සලසා ගන්න. ඔබේ ඇට මිදුළු වලින් උපරිම සේවය කරන්න.

2. ශරීර අවධානයට පත් නොවී සහ සේවා විරෝධී වැඩ නොකරන්න. නිරතුරුවම පුණ්‍යවන්ත ක්‍රියා කරන්න. අන් අය ඔබ හා සමාන බ්‍රහ්මින්වරු බවට පත් කිරීමේ සේවය කරන්න. සේවාධාරීන්ට සැලකිල්ල දක්වන්න.

වරදානය:
ඔබේ කසළ බර, මතගෑමේ බලයෙන් අඩු කරගැනීමෙන් ඔබ නිරන්තරයෙන් බලවත් වේවා.

සමහර ජීවාත්ම කසළ බර උසුලයි: නිෂ්ඵල සිතුවිලි, නිෂ්ඵල වචන, නිෂ්ඵල ක්‍රියා; නිසා ජීවාත්ම බර වේ. දැන්, මෙම බර අඩු කරන්න. මෙම බර අඩු කර ගැනීම සඳහා, සේවය කිරීමේ නිරන්තරයෙන් කාර්යබහුල වී ඔබේ මතගෑමේ බලය වැඩි කරන්න. මතගෑමේ බලයෙන් ඔබ ජීවාත්ම බලවත් වනු ඇත. ආහාර ජීර්ණය කිරීමෙන් රුධිරය නිෂ්පාදනය කර ශක්තිය ලෙස ක්‍රියා කරන ආකාරයෙන්ම, ඔබගේ මතගෑමේ බලයෙන් ජීවාත්මයේ බලය වැඩි වේ.

පාඨය:
තම ගති ස්වභාවය සරළ පහසු කර ගන්නා අයගේ කාලය නාස්ති නොවේ.

අව්‍යාක්ත සංඥාව: ඔබේ ශද්ධා විශ්වාසයෙ අත්තිවාරම ශක්තිමත් කර නිරන්තරයෙන් නිර්භීතව සහ බාධක වලින් නිදහස්ව සිටින්න.

බුද්ධියෙ ශද්ධා විශ්වාසය ඇති අය බාධක වලින් නිදහස්ව සිටිති. ඔවුන්ට කිසිදු ආකාරයක සිතුවිලි හෝ කරදර නොමැත. "මොකද වුණේ?", "එය සිදු වූයේ ඇයි?" සහ "එය එසේ සිදු නොවූයේ නම්" වැනි සිතුවිලි සියල්ලම නාස්තිකාර සිතුවිලි වේ. බුද්ධියෙ විශ්වාසය ඇති අය සැලකිලිමත් වන අතර ඔවුන්ට කිසි විටෙකත් නිෂ්ඵල සිතුවිලි ඇති නොවේ. තමන් පිළිබඳ මුල් සිතුවිලි නිරන්තරයෙන් පවත්වා ගන්නා අය, තමන්ගේම පෞද්ගලික අවධියෙන් ඕනෑම බාහිර තත්වයකට එරෙහිව ජයග්‍රහණය ලබා ගනී.