02.05.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, හුදෙකලාව අසුන් ගෙන, තමන්ටම කතා කරන්න. පුහුණු වන්න, “මා අවිනාශි ජීවාත්මයක් වන අතර, මා පියාට සවන් දෙනවා”.

ප්‍රශ්නය:
සිහිපත් කිරීමේ නොසැලකිලිමත් වන දරුවන්ගේ මුවින් පිටවන වදන් මොනවාද?

පිළිතුර:
ඔවුන් පවසන්නේ: “මා කොහොමත් ශිව බාබාගේ දරුවෙක්මි. මා සිටින්නේ සිහිපත් කිරීමේය”. කෙසේවෙතත්, බාබා පවසන්නේ : ඒ සෑම දෙයක්ම මුසාවන් මෙන්ම නොසැලකිලිමත්කමයි. ඔබ සිහිපත් කිරීමේ සිටීමට උත්සාහ දැරිය යුතුයි. උදේ පාන්දරින්ම අවදි වී, තමන් ජීවාත්මයක් බව සලකමින්, සිහිපත් කිරීමේ අසුන් ගන්න. තමන් සමඟම ආධ්‍යාත්මික කතා බහක යෙදෙන්න. කතා කරන්නේ ජීවාත්මයයි. ඔබ දැන් ජීවාත්ම අවධානයට පත් වෙමින් සිටිනවා. ජීවාත්ම අවධානයෙන් සිටින දරුවන් පමණයි, සිහිපත් කිරීමේ වාර්ථාවක් තබා ගන්නේ. ඔවුන් දැනුමේ මුසා බස් පමණක් ගොතා නොකියයි.

ගීතය:
ඔබගේ හදවත් කැඩපතේ තම මුහුණ දෙස බලන්න!

ඕම් ශාන්ති.
සෑම ජීවාත්මයකටම, සජීවි ජීවයක් කියා කියන බව, ඔය ආධ්‍යාත්මික දරුවන්ට පවසා තිබේ. පියා දැන් ජීවාත්මයන්ට පහදා දෙයි. එම ගීතය අයත් වන්නේ භක්ති මාර්ගයටයි; එහි සාරය පමණක් ඔබට විස්තර කෙරෙයි. ඔබ මෙතැන අසුන් ගෙන සිටින අතර තමන් ජීවාත්මයක් බව සලකන්න. ශරීරයේ අවධානය අත්හරින්න. ජීවයක් වන මා, ඉතාමත්ම කුඩා තිතකි. මා මෙම සිරුර තුළින් මගේ චරිත කොටස රඟ පාන්නෙමි. ජීවය ගැන මෙම දැනුම වෙන කිසිවෙකුටත් නොමැත. පියා පවසන්නේ තමන් ජීවයක් බව සලකන්න. මා ඉතාමත්ම කුඩා ජීවයකි. ශරීරය තුළින් මුලු චරිත කොටසම රඟපාන්නේ ජීවයයි. එවිට ශරීර අවධානය ඉවත් වෙයි. දැරිය යුතු උත්සාහය මෙයයි. මුලු නාටකයේම නළුවන් වන්නේ ජීව වන අපයි. උසස්ම නළුවා වන්නේ උත්තරීතර පියා, උත්තරීතර ජීවයයි. ඔහුද ඉතා කුඩා ජීවයක් වන නමුත් ඔහුගේ ප්‍රශංසාව ඉතාමත්ම ඉහළ බව, බුද්ධියේ රැඳී තිබෙයි. ඔහු දැනුමේ සාගරය මෙන්ම සතුටේද සාගරය වන නමුත් ඔහු ඉතාමත්ම කුඩා තිතකි. ජීව වන අපත් ඉතා කුඩා තිත්ය. දිව්‍යමය දර්ශනයකින් තොරව ජීවයක් දැකගත නොහැක. ඔබ මෙම අලුත් කරුණු අසන්නේ මෙකලයි. මේ පිළිබඳව ලෝකය දන්නේ මොනවාද? කෙසේවෙතත්, ඔබ අතරින්ද ඔවුන් ඉතා කුඩා තිත්, ජීව, බව නිවැරදිව වටහාගෙන, ඔවුන්ගේ බුද්ධියේ මෙය තබා ගන්නේ ටික දෙනෙක් පමණයි. මෙම නාටකයේ ප්‍රධාන නළුවා වන්නේ අපගේ පියාය. සැමටම වඩා උසස්ම නළුවා වන්නේ පියාය. ඉන්පසුව, පැමිණෙන සියලුම දෙනා සිටියි. පියා, දැනුමේ සාගරය වුවත්, සිරුරක් නොමැතිව ඔහුට දැනුම පැවසිය නොහැකි බව ඔබ දන්නවා. ඔහුට සිරුරක් ඇති විට පමණයි ඔහුට කතා කළ හැකි වන්නේ. ජීව, අශාරීරික වන විට, ඔවුන්ගේ අවයව වලින් ඔවුන් වෙන් වෙයි. භක්ති මාර්ගයේ අය, නිරතුරුවම සිහි කරන්නේ ශාරීරික ජීවයන්වයි. ඔවුන් උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මයේ නම, ස්වරූපය, දේශය හෝ කාලය නොදනී. ඔහු නාමයකට සහ ස්වරූපයකට, ඔබ්බෙන් සිටින බව ඔවුන් නිකමට පවසයි. පියා විස්තර කරන්නේ නාටකයේ සැලසුමට අනුව, අංක එකේ සතෝප්‍රධාන් අයව සිටි ඔබ, නැවත වතාවක් සතෝප්‍රධාන් විය යුතුයි. තමෝප්‍රධාන් බවින් නැවතත් සතෝප්‍රධාන් වීම සඳහා, ඔබ ඔබගේ ස්ථීතිය ශක්තිමත්ව තබා ගත යුතුයි මම ජීවයක්මි. මෙම සිරුර තුළින් කතා කරන්නේ ජීවයයි. ජීවයට දැනුම තිබේ. සෑම ජීවයක් තුළම අවිනාශී චරිත කොටසක් පටිගත වී ඇත, යන දැනුම, කිසිම කෙනෙකුගේ බුද්ධියේ නොමැත. මේවා ඉතාමත්ම අලුත් කරුණුය. හුදෙකලාව අසුන් ගෙන තමන්ටම මෙසේ කතා කරන්න ‘මම ජීවයක්මි. මා සවන් දෙන්නේ පියාටයි. ජීවය වන මා, මෙම දැනුම ධාරණය කරගන්නවා. මෙම ජීවය, මෙම චරිත කොටසින් පිරි ඇත. මම අවිනාශී ජීවයක්මි.‘ ඔබ මෙය, තමන් තුළ ගැඹුරින් සනිටුහන් කළ යුතුයි. අපි තමෝප්‍රධාන් බවින්, සතෝප්‍රධාන් බවට පරිවර්ථනය විය යුතුයි. ශරීර අවධානයෙන් සිටින මනුෂ්‍යයින්හට, ජීවයක් යනු කුමක්ද, යන දැනුම වත්, නොමැත. ඔවුන් තමන් ලඟ ඉතා විශාල පොත් තබා ගනි. ඔවුන්ට බොහෝ අහංකාරකම තිබේ. මෙය තමෝප්‍රධාන් ලෝකයයි. මෙහි උසස්ම-උසස් ජීව නොමැත. ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පරිවර්ථනය වීම සඳහා උත්සාහ දැරිය යුතු බව ඔබ දැන් දන්නවා. මෙම කරුණ තමන් තුළ තදින් සනිටුහන් කරගන්න. ඔබගෙන් බොහෝ දෙනෙකුට දැනුම කියා දීමට හැකි නමුත් එම සිහිපත් කිරීම නොමැත. එම අභ්‍යන්තරය දෙස බැලීම තිබිය යුතුයි. පියාගේ සිහිපත් කිරීම තුළින් ඔබ අපවිත්‍ර බවින් පිවිතුරු බවට පරිවර්ථනය විය යුතුයි. නිකම් පණ්ඩිතයෙක් නොවන්න. මව්වරුන් කිහිප දෙනෙකුට ගඟකින් එගොඩ වීමට හැකි වීම සඳහා ‘රාමා, රාමා‘ කියා පැවසීමට ඔවුන්ට කියූ, පණ්ඩිතයාගේ නිදසුන තිබේ. එවන් මුසාබස් නොකියන්න. එවන් බොහෝ දෙනෙක් සිටිනවා. ඇතැම් අය ඉතා හොඳින් විස්තර කරන නමුත් ඔවුන් යෝගාවේ සිටින්නේම නැත. ඔවුන් දවස පුරාවටම ශරීර අවධානයෙන් සිටියි. එසේ නැත්නම් ඔවුන් අවදි වූයේ කීයටද, ඔවුන් කොපමණ වේලාවක් සිහිපත් කිරීමේ සිටියාද, කියමින් ඔවුන්ගේ වාර්ථාව බාබාට එවනු ඇත. ඇතමෙක් කිසිම ප්‍රවෘත්තියක් එවන්නේ නැත. ඔවුන් අනවශ්‍ය දැනුම බොහෝ කතා කරන අතර, යෝගාවේ සිටින්නෙම නැත. ඔවුන් වැදගත් මිනිසුනට දැනුම ලබා දෙන නමුත් ඔවුන්ම යෝගාවේ දුර්වලය. උදේ පාන්දරින් අවදි වී, පියාව සිහිපත් කරන්න බාබා වඩාත්ම ආදරණීය වන්නේ ඔබයි. මෙය බොහෝ අසහාය, පෙර නියම වූ නාටකයකි. කිසි කෙනෙකුට මෙම නාටකයේ රහස් වැටහෙන්නේ නැත. ජීවයක් යනු කුමක්ද හෝ උත්තරීතර ජීවය යනු කුමක්ද, කියා ඔවුන්ට වැටහෙන්නේ නැත. මනුෂ්‍යයින් දැන් තිරිසනුන්ටත් අන්තය. අපද එසේ විය. ඔබ මායාගේ රාජධානියේ බොහෝ නරක තත්ත්වයකට පත්වූයේය. ඔබට ඕනෑම කෙනෙකුට මෙම දැනුම ලබා දිය හැක. ඔවුන්ට කියන්න ඔබ දැන් තමෝප්‍රධාන් වී ඇති ජීවයකි. ඔබ නැවතත් සතෝප්‍රධාන් විය යුතුයි. පළමුවෙන්ම තමන් ජීවයක් බව සලකන්න. දුප්පත් අයට එය වඩාත් පහසුයි. ධනවත් අයට බොහෝ සංකීර්ණතා තිබේ. පියා පවසන්නේ මා සාමාන්‍ය සිරුරකට ඇතුලු වන්නෙමිත ඔහු බොහෝ දුප්පත් නොවන අතර බොහෝ ධනවත්ද නැත. පියා සෑම චක්‍රයකම මෙම කාලයේ පැමිණ, අපට පිවිතුරු වන අන්දම ගැන අවවාද කරන බව ඔබ දැන් දන්නවා. බාබා ඇවිත් සිටින්නේ ඔබගේ ව්‍යාපාරයේ සංකීර්ණතා ගැන ඔබට අවවාද දෙන්න නොවේ. ඔබ අඬ ගැසුවේය ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! එබැවින් බාබා ඔබට පිවිතුරු වන අන්දම කියා දෙයි. මෙම බ්‍රහ්මා පවා කිසිම දෙයක් දැන සිටියේ නැත. ඔබ නලුවෙක් වී, නාටකයේ මුල, මැද සහ අවසානය නොදන්නේ නම්, ඔබට කුමක් කියයිද? මෙම ලෝක චක්‍රයේදී ජීව වන අප, නළුවන්ය, නමුත් මෙය වන්නේ කෙසේද කියා කිසිවෙකු නොදනී. ජීව, අශාරීරික ලෝකයේ වාසය කරන බව, ඔවුන් පවසන නමුත්, ඔවුන් එය කියන්නේ අත්දැකීමෙන් නොවෙයි. ඔය ජීව, ඔබ අශාරීරික ලෝකයේ වැසියන් බව, ප්‍රායෝගිකවම දනී. ජීව වන ඔබ අවිනාශීය. මෙය ඔබගේ බුද්ධියේ තබාගන්න. යෝගාව කිසිසේත් නොමැති බොහෝ දෙනෙක් සිටින අතර, ඉන්පසුව ඔවුන්ගේ ශරීර අවධානය නිසා ඔවුන් බොහෝ වැරදීමි සිදුකරයි. ප්‍රධානතම දෙය වන්නේ ජීව අවධානයට පත් වීමය. ඔබ සතෝප්‍රධාන් වීම ගැන සැලකිලිමත් විය යුතුයි. සතෝප්‍රධාන් වීමට සැලකිලිමත් වන දරුවන් කිසිම විටෙක ඔවුන් ගේ මුවින් ගල් මතු වීමට ඉඩ නොදෙයි. ඔවුන් වරදක් සිදුකළේ නම්, සැනෙකින් එය පියාට වාර්ථා කරයි බාබා මා අතින් මෙම වරද සිදුවිය. කරුණාකර මට සමා වන්න! ඔවුන් එය නොසඟවයි. එය සැඟවූ විට, තවත් වැඩි වනු ඇත. ඔබගේ පුවත් බාබාට දිගටම කියන්න. බාබා මෙසේ පිළිතුරු දෙනු ඇත ඔබගේ යෝගාව නිවැරදි නැත. ප්‍රධානතම දෙය වන්නේ පිවිතුරු වීමය. උපත් 84හි කතා පුවත ඔය දරුවන්ගේ බුද්ධියේ තිබේ. හැකිතාක් පමණින් සතෝප්‍රධාන් වීම ගැන සැලකිලිමත් වන්න. ශරීර අවධානය අත්හරින්න. ඔබ රාජ ඍෂිවරුන්ය. හත යෝගීන්ට කිසිම විටෙක රාජයෝගාව ඉගැන්විය නොහැක. රාජයෝගාව ඉගැන්විය හැක්කේ පියාට පමණයි. මෙම දැනුම ලබා දෙන්නේ පියා පමණයි. මෙකල භක්තිය තමෝප්‍රධාන්ය. මෙම දැනුම ලබා දීමට පියා පැමිණෙන්නේ සංගම යුගයෙදී පමණයි. දැන් පියා පැමිණ ඇති බැවින් භක්තිය අවසන් විය යුතු අතර, මෙම ලෝකයද අවසන් විය යුතුයි. ස්වර්ණමය යුගය ස්ථාපිත වන්නේ මෙම දැනුම සහ යෝගාව තුළිනි. භක්තිය ඉන් සම්පූර්ණයෙන්ම වෙන් වූවක්. මිනිසුන් කියන්නේ, සතුට සහ දුක යන දෙකම, මෙහි පවතින බවයි. ඔය දරුවන්ට විශාල වගකීමක් තිබේ. දිගටම තමන්ට යහපතක් සිදු කරගැනීමට ක්‍රම නිර්මාණය කරන්න. පිවිතුරු ලෝක වන්නේ සාම දේශය සහ සතුටු දේශය කියාද විස්තර කර තිබේ. මෙය අසාමයේ දේශයයි, දුක් දේශයයි. පළමුවන සහ ප්‍රධානතම දෙය වන්නේ යෝගාවයි. ඔබට යෝගාව නොමැති නම්, පණ්ඩිතයන් මෙන් ඔබ අනවශ්‍ය ලෙස බොහෝ දැනුම කතා කරනු ඇත. මේ දිනවල බොහෝ සේ ගුප්ත බල තිබේ. දැනුම සමඟ එහි කිසිම සම්බන්ධයක් නැත. මිනිසුන් බොහෝ සෙයින් බොරුව තුළ සිරගත වී සිටියිත ඔවුන් අපවිත්‍රයි. පියාම පවසන්නේ මා අපවිත්‍ර ලෝකයේ අපවිත්‍ර සිරුරක් තුළට පැමිණෙන්නෙමි. මෙහි කිසිවෙකු පිවිතුරු නැත. මෙම කෙනා දෙවියන් බව ඔහු නොකියයි. ඔහු පවසන්නේ මමද අපවිත්‍රයි. මා පිවිතුරු වූ විට මම සුරංගනාවක් වනු ඇත. ඔබද පිවිතුරු සුරංගනාවන් වෙයි. ප්‍රධානතම දෙය වන්නේ අප පිවිතුරු වන්නේ කෙසේද යන්නයි. මේ සඳහා සිහිපත් කිරීම අනිවාර්යෙන්ම අත්‍යාවශ්‍යයි. සිහිපත් කිරීම ගැන නොසැලකිලිමත් වන දරුවන් කියන්නේ අප කොහොමත් ශිව බාබාගේ දරුවන්ය. අප බාබාව සිහි කරනවා. කෙසේවෙතත්, බාබා පවසන්නේ ඒ සෑම දෙයක්ම බොරුවක්! එය නොසැලකිලිමත්කමයි! ඔබ මෙම සිහිපත් කිරීම සඳහා උත්සාහ දැරිය යුතුයි. උදේ පාන්දරින් අවදි වී, තමන් ජීවයක් බව සලකා, සිහිපත් කිරීමේ අසුන් ගන්න. හදවතට සමීපවී කතා බහ කරන්න. කතා කරන්නේ ජීවයයි. ඔබ දැන් ජීව අවධානයට පත් වනවා. අන් අයට යහපතක් සිදු කරන අයගේ ප්‍රශංසාව ගැයේ. එය සිරුරේ ප්‍රශංසාව වන අතර, මෙම ප්‍රශංසාව අශාරීරික කෙනා, උත්තරීතර පියා, උත්තරීතර ජීවයේ ප්‍රශංසාවයි. ඔබට මෙය වැටහෙයි. ඉනිමගේ දැනුම සහ අප උපත් 84 ක් ගන්නා අතර, පහළට පැමිණෙන අන්දම, වෙනත් කිසිවෙකුගේ බුද්ධියේ නොමැත. පාපයේ කලස දැන් පිරි ඇත. එය පිරිසිදු කරන්නේ කෙසේද? මේ නිසයි ඔබ පියාට අඬ ගසන්නේ. ඔබ අයත් වන්නේ පාණ්ඩව සමාජයටයි. ඔබ ධාර්මික දේශපාලකයන්. බාබා සෑම ආගමකම දේවල් විස්තර කරයි. වෙනත් කිසිවෙකුට මෙම දේවල් ඔබට මෙසේ විස්තර කළ නොහැක. සියලුම ආගම් ස්ථාපනය කරන අය කරන්නේ මොනවාද? ඔවුන්ගේ අනුගාමිකයන් ඔවුන් පසු පස පහළට පැමිණිය යුතුයි. ඔවුන්ට කිසිවෙකුට සදාතනික විමුක්තිය ලබා දිය නොහැක. පියා අවසානයේදී පැමිණි විට පමණයි, සෑම කෙනෙක්ම පිවිතුරු කර, ආපසු නිවසට ගෙන යා හැකි වන්නේ. මේ නිසයි, ඔහු හැර, වෙනත් කිසිවෙකුගේ ප්‍රශංසාව නොමැත්තේ. බ්‍රහ්මා හෝ ඔබලාගේ ප්‍රශංසාවක් නැත. බාබා නොපැමිණියේ නම් ඔබ කුමක් කරයිද? පියා දැන් ඔබව ඔබගේ නැගීමේ තත්ත්වයට ගෙන විත් ඇත. මෙසේ ගැයේ ඔබගේ ස්ථීතිය නගින විට, සෑම කෙනෙකුටම සෙත සැලසෙයි. කෙසේවෙතත්, මෙහි අරුත කිසිවෙකුටත් නොවැටහෙයි. ඔවුන් නිකමට බොහෝ ප්‍රශංසාවන් ගයති. අමරණීය වන්නේ ජීවය බවත්, මෙය, එහි සිහසුන බවත් පියා විස්තර කර තිබේ. ජීව අවිනාශීයත ඔවුන්ට කිසි විටෙක මිය යා නොහැක. ජීවයක් ඔහුගේ සිරුර අතහැර වෙනත් චරිත කොටසක් රඟ පෑමට වෙනත් සිරුරක් ගනී. මරණයේ රකුසන් පැමිණ ඔහුව රැගෙන යනවා නොවෙයි. කෙනෙක් ඔහුගේ සිරුර අත්හරින විට ඔබ දුක් නොවිය යුතුයි. එම ජීවය එක් සිරුරක් අතහැර වෙනත් චරිත කොටසක් රඟ පෑමට ගොසින්ය. එහි හැඬීමට ඇත්තේ කුමක්ද? අප සියලුම ජීව, සහෝදරයන් වන්නේ කෙසේද කියා, ඔබට දැන් වැටහෙයි. මෙසේ ගැයේ ජීව, බොහෝ කාලයක් උත්තරීතර ජීවයෙන් වෙන් වී සිටියා. පියා ඔබව මුණ ගැසීමට පැමිණෙන්නේ කොහාටද? ඔවුන් මෙයවත් නොදනී. සෑම දෙයක්ම දැන් ඔබට පහදා දෙනු ලබනවා. ඔබ එම දේවල් බොහෝ කාලයක් අසමින් සිටියා! එම කෙනාට පොත් ආදිය නොමැත. ඔහු ඒවා ගැන සඳහන් කරන්නේ ඔබට විස්තර කර දීමට පමණයි. පියා සත්‍යය නිසා ඔහු සත්‍ය නිමැවුම, නිර්මාණය කරයි. ඔහු ඔබට සත්‍යය පවසයි. සත්‍යය තුළින් ජයග්‍රහණය ඇතිවන අතර බොරුව තුළින් පරාජය ඇතිවෙයි. සත්‍ය පියා, සත්‍ය දේශය ස්ථාපනය කරයි. ඔබ රාවණ මඟින් බොහෝ වාර ගණනාවක් පරාජය වී තිබේ. ඒ සෑම දෙයක්ම නාටකයේ පෙර නියම වී තිබේ. ඔබගේ රාජධානිය දැන් ස්ථාපනය වන බව ඔබ දන්නවා. එවිට මේ සෑම දෙයක්ම නොපවති. මේ සෑම දෙයක්ම පැමිණෙන්නේ පසුවයි. මෙම ලෝක නාටකය බුද්ධියේ තබා ගැනීම ඉතාමත්ම පහසුයි. ඔවුන් හොඳින් දැනුම පවසනවා, යන කරුණෙන් පමණක්, උත්සාහ දරණ දරුවන් සතුටට පත් වන්නේ නැත. ඒ සමඟම ඔවුන් යෝගාවේද සිට, යහපත් ආචාරශීල ධාරණය කරගනී. ඔබ බොහෝ මිහිරි විය යුතුයි. ඔබ කිසිවෙකුට දුක් නොදිය යුතුයි. බොහෝ සෙනෙහසින් යුතුව අන් අයට විස්තර කර දෙන්න. පාරිශුද්ධත්වය නිසා බොහෝ කැලඹීම් තිබේ. මෙය සිදුවන්නේ නාටකයට අනුවයිත එය නාටකයේ පෙර නියම වී තිබේ. කෙසේවෙතත්, එය නාටකයේ තිබේ නම්, ඔබට යමක් ලැබෙනවා නොවෙයි. නැත, ඔබ ඒ සඳහා උත්සාහ දැරිය යුතුයි. දේවතාවන්ට තිබෙන සේ, ඔබ දිව්‍යමය ගුණධර්ම ධාරණය කර ගත යුතුයි. ඔබ ලුණු වතුර මෙන් නොවිය යුතුයි. ඔබ නරක අන්දමින් හැසිරී, පියාගේ ගෞරවය නැති කරන්නේද කියා පරීක‍්ෂා කර බලන්න. සත්ගුරුට අපහාස කරන කිසි කෙනෙකුට උසස් තත්ත්වයක් හිමි කර ගත නොහැක. එම කෙනා සත්‍ය පියා මෙන්ම සත්‍ය ගුරුවරයාය. පියා දැනුමේ සාගරය මෙන්ම සතුටේ සාගරය බවත්, ඔය ජීවයන්ගේ අවධානයේ දැන් තිබේ. ඔහු අනිවාර්යෙන්ම පෙරද මෙම දැනුම ලබා දී, පිටව ගියේය. මේ නිසයි ඔහුව සිහි කෙරෙන්නේ. මෙම කෙනාගේ ජීවයට පෙරකල දැනුම තිබුණේ නැත. ජීවයක් යනු කුමක්ද, එමෙන්ම නාටකය යනු කුමක්ද, කියා කිසිවෙකු නොදනී. මනුෂ්‍යයන්ට මෙම දැනුම ලබා දිය යුතුයි. මිනිසුන් රුද්‍රාගේ යාග ගින්නක් නිර්මාණය කර, ඔවුන් ජීවාත්මයන්ව වන්දනා කරයි. ජීවාත්මයන්ව වන්දනා කිරීම, දිව්‍යමය ජීවාත්මයන් ගේ සිරුරු වන්දනා කරනවාට වඩා හොඳද? ශරීර නිර්මාණය කෙරෙන්නේ පංච මහා භූතයන් ගෙනි. මේ නිසයි ශිව බාබාගේ වන්දනාව පමණක් අමිශ්‍ර වන්දනාවක් වන්නේ. ඔබ දැන් එම ඒකායන කෙනාට පමණක් සවන් දිය යුතුයි. එබැවින් මෙසේ කියැවෙයි නරක දේට සවන් නොදෙන්න! අපහාසාත්මක දේට සවන් දීම නවත්වන්න. මාහට පමණක් සවන් දෙන්න. මෙම දැනුම අමිශ්‍රයි. ප්‍රධානතම දේ වන්නේ - ඔබගේ ශරීර අවධානය බිඳුණු විට පමණයි, ඔබට නිවි සන්සුන් විය හැකි වන්නේ. ඔබ පියාගේ සිහිපත් කිරීමේ සිටින්නේ නම්, ඔබ කිසිම විටෙක වැරදි දේ නොකියනු ඇත. නරක ද්‍රිෂ්ඨියක්ද නොතිබෙනු ඇත. සෑම දෙයක් දෙසම බලන අතර, ඔබ කිසිවක් නොදුටුවා සේය. අපගේ දැනුමේ තෙවැනි නෙත්, දැන් විවෘත වී තිබේ. පියා පැමිණ, අපව ත්‍රිනේත්‍රී සහ ත්‍රිකාලදර්ශි කර තිබේ. ඔබට දැන් තුන් කාලය සහ තුන් ලෝකය පිළිබඳ දැනුම තිබේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දැනුමට සවන් දීමත් සමඟම යෝගාවේද සිටින්න. යහපත් ආචාරශීලී හැසිරීම් ධාරණය කරගන්න. බොහෝ මිහිරි වන්න. ඔබගේ මුවින් කිසිම විටෙක ගල් මතු වීමට ඉඩ නොදෙන්න.

2. හුදෙකලාව අසුන්ගෙන, තම ඇතුලාන්තය දෙස බලා, තමන්ටම කතා කරන්න. පිවිතුරු වීමට, ක්‍රම නිර්මාණය කරගන්න. උදේ පාන්දරින් අවදි වී, බොහෝ සෙනෙහසින් පියාව සිහිපත් කරන්න.

වරදානය:
ඔබ පාපයෙන් තොර වී, ඒ අනුව විනාශ කාලයේ ඔබගේ රැහැන් නොමැති ගුවන් විදුලි යන්ත්‍රයෙන් අවසන් උපදෙස් හසුකර ගනිත්වා.

විනාශ කාලයේ අවසන් උපදෙස් හසුකර ගැනීමට, ඔබට පාපයෙන් තොර බුද්ධියක් අවශ්‍යයි. ඒ මිනිසුන් වෙන අය සමග රේඩියෝවකින් සන්නිවේදනය කරන සේම, මෙහිද, ඔබට පාපයෙන් තොර වීමේ රේඩියෝව තිබේ.මෙම රේඩියෝව මාර්ගයෙන් ඔබට විශේෂිත වූ ආරක්ෂිත ස්ථානයකට යාමට හඩක් ඇසෙයි. පියාගේ ස්මරණයේ සිට පාපයෙන් තොර වන දරුවන් සහ අශාරීරික වීමේ පුහුණුව ඇති අය, විනාශ කාලයේ විනාශ නොවන අතර ඔවුන් තමන්ගේම ආශාවට අනුව ශරීර හැර දමා යයි.

පාඨය:
යෝගාව පසෙකට දමා, ක්‍රියා සිදු කිරීමේ පමණක් කාර්යබහුල විම, නොසැලකිල්ලයි.

අව්‍යක්ත සංඥාව: ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.

පාරිශුද්ධත්වයේ රාජකීයත්වය යනු, ඒකායන කෙනාට අයත් වීමයි. මෙම බ්‍රහ්මින් දිවියේ සම්පූර්ණයෙන් පිවිතුරු වීම සදහා, ඒකායන කෙනාට අයත් වීමේ පාඩම බොහෝ සෙයින් ස්ථිර කරගන්න.ඔබගේ ආකල්පයේ සහ දැක්මේ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් තිබිය යුතුයි. සෑම කෙනෙක් දෙසම ඔවුන්ගේ ජීවාත්ම අවධාන හෝ සුරදූත ස්වරූපයෙන් බලන්න. ඔබගේ ක්‍රියා තුළින් සෑම ජීවාත්මයකටම සතුට දී සතුට ලබා ගන්න. යම් කෙනෙක් ඔබට දුක් දෙන්නේ හෝ අපහාස කරන්නේ නම්, එවිට දරා ගැනීමේ දෙවගනක් හෝ දේවතාවක් වන්න.