02.05.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙම නාටකයේ අනිවාර්යෙන්ම විනාශය නියම වී තිබේ. විනාශය සිදු වීමට පෙර, ඔබ
කර්මතීට් විය යුතුයි.
ප්‍රශ්නය:
ඔබ පෞද්ගලිකවම
ඔහු ඉදිරියේ සිටින විට, පියා පවසන කුමන වදන්ද, ඔබව බොහෝ සේ ආකර්ෂණය කරන්නේ?
පිළිතුර:
ඔබ පියා ඉදිරියේ පෞද්ගලිකවම සිටින විට, ඔහු, ‘ඔබ මගේ දරුවන්ය’ යන වදන් පවසයි, එය
ඔබව බොහෝ සේ ආකර්ෂණය කරයි. ඔබට මෙය පෞද්ගලිකවම ඇසෙන විට, ඔබ ඉන් බොහෝ විනෝදමත්
වෙයි. මෙහි සිටින්නේ පරමාත්ම දෙවියන්ගේ පවුලේ අය නිසා, මධුබාන්, සියලුම දරුවන්ව
ආකර්ෂණය කරයි. මෙය බ්‍රහ්මණයන්ගේ හමුවයි. බ්‍රහ්මණයන් එකිනෙකා සමග හුවමාරු කරගන්නේ
දැනුම පමණයි.
ගීතය:
අපගේ වන්දනා
ගමන අසහායයි.
ඕම් ශාන්ති.
ඔබ අවිනාශී
ආධ්‍යාත්මික වන්දනා ගමනක යන බව, ඔය දරුවන් දන්නවා. ඔබ මෙම වන්දනා ගමන ගොස්, ආපසු
මරණීය දේශයට පැමිණෙන්නේ නැත. අපට නැවතත් මෙහි පැමිණීමට සිදු නොවන අන්දමේ වන්දනා
ගමනක් තිබෙන බව, මිනිසුන් නොදනී. ඔය භාග්‍යවන්ත තාරකාවන් දැන් මෙය දන්නවා. මෙය ඉතා
ස්ථීරව මතක තබා ගන්න. ජීවාත්ම වන අප, අපගේ චරිත කොටස් රඟපානවා. වෙනත් නාටක වලදි, ඔබ
මෙසේ නොකියනු ඇත ජීවාත්මය වන මා, මෙම ඇඳුම පැළඳගෙන, මෙම චරිත කොටස රඟපා, දැන් මා
ආපසු නිවසට යනවා. ඔවුන් තමන් ශරීර බව සලකයි. මෙහිදි, ඔබ ජීවාත්මයන් බවත්, ඔබගේ
සිරුරු නම් ඇඳුම් හලා දමා, වෙනත් ඒවා ගන්නා බවට දැනුම, ඔය දරුවන්ට තිබේ. මෙම ඇඳුම්
ආයිත්තම් උපත් 84ක් පැරණිය. ඔබ ඒවා හලා දමා, නව ලෝකයේදී නව ඇඳුම් කට්ටල ගනීවි.
ලක‍්ෂ්මි සහ නාරායන ඇඳ සිටින්නේ අළුත් ඇඳුම් නොවේද? ඔවුන් අයත් වන්නේ ඔබගේ
රාජධානියටයි. ඔබත් ගොස් එවන් අළුත්, දිව්‍යමය ඇඳුම් පළඳීවි. මෙහිදී ඔබ පවස්නනේ මට
ගුණදම් නැහැ, මා ගුණදම් විරහිතයි. ඔබව එතරම් ගුණවත් කරවන්නේ පරමාත්ම පියා පමණයි.
ඔහු පවසන්නේ ඔබව පාපයන්ගෙන් තොර කිරීම සඳහා පැමිණීමේ, චරිත කොටසද මට තිබේ. මෙම
දේශය, ජීවන-බන්දනයේ දේශයයි, රාවණගේ රාජධානියයි. ඔබ පිවිතුරු බවින් අපවිත්‍ර වන්නේ
කෙසේද, එමෙන්ම අපවිත්‍ර බවින් පිවිතුරු වන්නේ කෙසේද කියා, ඔබගේ බුද්ධිය තුළ තිබේ.
කලි යුගය අන්ධකාර බව ඔය දරුවන් දන්නවා. එය දැන් රාවණගේ රාජධානියේ අවසානය වන අතර
රාමාගේ රාජධානිය ආරම්භ වීමට ඉතා ආසන්නයි එය දැන් සංගම යුගයයි. පරමාත්ම පියා චක්‍රයේ
සංගම යුගයෙදී පැමිණිය යුතුයි. එය දැන් විනාශයේ කාලය බවත්, ස්ථාපනය සඳහා දෙවියන්
කොහේ හෝ ස්ථානයක අදෘෂ්‍යමාන ස්වරූපයකින් සිටින බවත්, ලෝකයේ මිනිසුන්ටද වැටහෙයි. ඔය
ජීවාත්මයන්ද සිටින්නේ අදෘෂ්‍යමාන ස්වරූපයකිනි. ජීවාත්මය, ශරීරයට වඩා වෙනස්ය. එම
මනුෂ්‍ය පැළඳුම, ඔබගේ අදෘෂ්‍යමාන ඇඳුමයි. පරම පියාද මෙය තුළට ඇතුළු විය යුතුයි.
ඔබගේ ශරීර වලට ඔබ නම් දී ඇති අතර, ඔහුට ශරීරයක් පවා නැත. ඔබ ජීවාත්ම වන අතර ඔහුද
ජීවාත්මයකි. ජීවාත්මයට දැන් ජීවාත්ම කෙරෙහි බැඳීම් තිබේ. මෙසේ සිහි කර තිබේ මා සෑම
කෙනෙකුගෙන්ම වෙන් වී ඔබ කෙරෙහි පමණක් මාව සම්බන්ධ කරගනිමි. ඔබ බැඳීම් පරාජය කළ කෙනා
වන සේම, අපද එසේම වන්නම්. බාබා මුළුමනින්ම බැඳීම් පරාජය කළ කෙනාය. රාගයේ කොත මත
අසුන් ගැනීම නිසා පිළිස්සී ගිය දරුවන් බොහෝ දෙනෙක් සිටියි. පරමාත්ම පියා, පරමාත්ම
ජීවය පැමිණෙන්නේ පැරණි ලෝකය විනාශ කිරීම සඳහා පමණයි. එබැවින් ඔහුට බැඳීම් තිබෙන්නේ
කෙසේද? අපවිත්‍ර අය විනාශ වූ පසු පමණයි, සාමයේ රාජධානිය තිබිය හැකි වන්නේ. මෙකල
කිසිවෙකුට සතුට නොමැත. සෑම කෙනෙක්ම මුළුමනින්ම අපවිත්‍ර වන අතර දුක අත් විඳිමින්
සිටියි. මෙය අපවිත්‍ර ලෝකයයි. ශිව බාබා පැමිණ ශිවාලය ලෙස හැඳින්වෙන දිව්‍ය ලෝකය
ස්ථාපිත කරයි. ශිව බාබා, දේවතාවන්ගේ රාජධානිය ස්ථාපිත කරයි, එය ජීවමාන ශිවාලයයි.
ශිවාගේ පිළිරුවක් තිබෙන ශිවාලය, අජීවීය. ලක‍්ෂ්මි සහ නාරායන, සැබැවින්ම දිව්‍ය
ලෝකයේ අධිපතියන්ව සිටි බවත්, ඔවුන් පිදුම් ලබන්නට සුදුසුව සිටි බවත්, දැන් නැවතත්
එසේ වෙමින් සිටින බවත්, ඔබට දැන් වැටහෙයි. ඔබට දැන් දැනුම තිබෙන බැවින් ඔබ තව
දුරටත් ඔවුන්ට හිස නැමීම සඳහා, ලක‍්ෂ්මි නාරායනගේ දේවාලයකට නොයයි. ඔබ ජීවමාන
ස්වරූපයෙන් ඔවුන්ගේ රාජධානියට යයි. ඔබ දේවතාවන්ව සිටි බවත් ඔබ තව දුරටත් එසේ නොවන
බවත් ඔබ දන්නවා. ප්‍රතිමා නිර්මාණය කෙරෙන්නේ, අතීතයේ පැවතුණු අයගේය. ලක‍්ෂ්මි සහ
නාරායනට වැඩියෙන්ම දේවාල තනා ඇත්තේ බිර්ලාය. එබැවින් ඔබ ඔහුටත් සේවය කළ යුතුයි.
ඔහුට පවසන්න ඔවුන් වෙනුවෙන්, ඔබ එම දේවාල ගොඩනැගූ, ලක‍්ෂ්මි සහ නාරායනගේ උපත් 84හි
කතාපුවත, අපි ඔබට කියන්නම්. ඔවුන්ට උපක්‍රමශිලීව මෙම තිළිණය ලබා දෙන්න. බාබා ඔබට
සේවය කරන විදි කියා දෙයි. මව්වරුන් ගොස් ඔවුන්ට මෙසේ පැවසිය යුතුයි ඔබ ඔවුන්
වෙනුවෙන් දේවාල තනන නමුත් ඔබ ඔවුන්ගේ ජීවිත කතාව නොදනී. අප මෙය දන්නා අතර අපට ඔබට
මෙය විස්තර කළ හැක. විස්තර කරන අය, එය බොහෝ සිත්ගන්නා ආකාරයෙන් කළ යුතුයි. පියාද
මෙහි අසුන් ගෙන ඔබට විස්තර කරයි. බාබා පවසන්නේ ඔබට පැමිණීමට අවසර නොමැති නම්, නිවසේ
අසුන් ගෙන මා සිහි කරන්න. ඔබ ශිව බාබාගේ දරුවන් බව, ඔබ දන්නවා. ඔබට කොහොමත් මුරලි
ලැබෙනවා. ඔබ මෙහි පැමිණි විට ඔබගේ සිහිපත් කිරීමේ වන්දනා ගමන වඩා හොඳ වන බව හෝ, ඔබ
නිවසේ අසුන් ගෙන සිටින විට එය ඊට අඩු වන්නේවත් නැත. වළාකුළු පැමිණෙන්නේ නැවුම් වීම
සඳහාය. ඔබද මෙහි පැමිණෙන්නේ නැවුම් වීමටයි. ඔබට අවශ්‍ය වන්නේ බාබා වෙතට පෞද්ගලිකවම
පැමිණෙන්නයි. ඔය ජීවාත්ම, ඍජුවම මෙම දැනුමට සවන් දෙන විට ඔබ ඉන් විනෝදයක් ලබන නමුත්
එය එකම දේය. ශිව බාබා මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට මෙසේ කියන්නේ කෙසේද කියා ඔබට දැක
ගත හැක දරුවනි, ඔබ අයත් මටයි. ඔබ ඔබගේ චරිත කොටස් 84 රඟපා තිබේ. ඔබ උපත් සහ මරණය යන
චක්‍රයට පැමිණෙන නමුත් මා එසේ නොකරයි. මා පුනර්භව නොගනී. මා උපත් ඉක්මවා
සිටින්නේවත් නැත. මා පැමිණෙනවා, නමුත් මම ඇතුළු වන්නේ පැරණි සිරුරකටයි. ඔය ජීවාත්ම
ඇතුළු වන්නේ ළදරුවන්ගේ සිරුරු තුළටයි. මම පරම දනව්වේ සිට පහළට පැමිණෙන්නේ මගේ චරිත
කොටස රඟපෑමටයි. මම දූෂිත පුද්ගලයෙකුගේ කුසකට ඇතුළු වන්නේ නැත. ඔබ මට කන්නලව් කරන්නේ
මවත් ඔබයි, පියාත් ඔබයි. කිසි කෙනෙකුට මගේ මව හෝ පියා විය නොහැක. මා මගේ චරිත කොටස
රඟපෑම සඳහා, ශරීරයක ආධාරය ගන්නවා පමණයි. ඔබ මට අඬ ගසන්නේ, ඔබගේ දුක ඉවත් කර, සතුට
ලබා දෙන්නට කියාය. මා දැන් ඔබ ඉදිරියට පෞද්ගලිකවම පැමිණ සිටියි. මම කතා කරන්නේ ඔය
ජීවාත්මයන්ටයි. මෙහි, ඔබ සියලු දෙනාම බ්‍රහ්මින්වරුන්ය. ඔබ පිටතට ගිය විට, ඔබ
හංසයින් සහ කොකුන් වෙයි. මෙහි (මධුබාන් වල) ඔබට තිබෙන්නේ බ්‍රහ්මින්වරුන්ගේ ආශ්‍රය
පමණයි. ඔබ අතරේ ඇති වන කතාබස්, දැනුම පිළිබඳ ඒවා පමණය. ඔබ ඔබගේම රාජධානිය ස්ථාපිත
කරගන්නවා. දිගින් දිගටම පරමාත්ම පියාව සිහිපත් කරන අන්දම, එකිනෙකාට පවසන්නට කියා,
බාබා පැමිණ, ඔබට අවවාද කරයි. ආහාර ගන්නා වෙලාවටද දිගින් දිගටම පරම පියාව සිහි
කරන්නට කියා එකිනෙකාට සංඥාවක් දෙන්න. මෙය බොහෝ විශාල රැස්වීමක්. එහිදී, දූෂිත අය,
ඔබත් සමග වාසය කරයි. එබැවින් එම ආකර්ෂණය තිබේ. මෙහි, කිසිවෙකුගේ ආකර්ෂණයක් නැත.
සටන්කාමීන්, සටන්කාමීන් සමග වාසය කරයි. මෙය ඔබගේ පවුලයි. ඔබට මුණගැසෙන ඕනෑම කෙනෙකුට
පියාගේ හැඳින්වීම ලබා දිය යුතු බව පමණක් ඔබගේ බුද්ධියේ අවධානයේ තිබේ අඛණ්ඩව පරමාත්ම
පියා සිහිපත් කරන්න. පියවරුන් දෙදෙනෙකි. ඔවුන්ට ලෞකික පියවරුන් සිටියත් ඔවුන්
දෙවියන් සිහි කරයි. ඔවුන් ලෞකික පියවරුන්ය ඔවුන්ට දෙවි පියාණන් යැයි කිව නොහැක. මෙම
කෙනා මෙලොවට එපිටින් සිටින පියාය. ඔබ අනිවාර්යෙන්ම දෙවි පියාණන්ගෙන් උරුමයක් ලබා ගත
යුතුයි. අඛණ්ඩව මේ අන්දමින් දැනුම ගුමු නද දෙන්න. ඔබලා බ්‍රහ්මණයින් නොවේද? මේ
ලෝකයේ සතුට, කපුටෙකුගේ අසුචි මෙන් බව කියන දැනුම, සන්යාසීන් පවා ගුමු නද දෙයි. බොහෝ
දුක තිබේ! ඔවුන් හුදකලා මාවතට අයත් වන හතයෝගීන්ය. ඔවුන්ගේ ආගම වෙනස්ය. අපි ස්වර්ණමය
යුගයේ ඉතා සතුටින් සහ පිවිතුරුව සිටින බව ඔබ දන්නවා. එය දේවතාවන්ගේ රාජධානිය වූ
කල්හි, භාරතයේ පිවිතුරු ගෘහ මාවත තිබුණු බව ඔබ දන්නවා. පිවිතුරුව සිටි අය, අපවිත්‍ර
වී ඇත. මිනිසුන් අඛණ්ඩව කන්නලව් කරති අහෝ පාරිශුද්ධකරුවාණෙනි, වඩිනු මැනවි!
කෙසේවෙතත්, ඉන්පසුව ඔවුන් පවසන්නේ, දෙවියන් සෑම තැනකම සිටින බව සහ ඔවුන් ගොස්
ආලෝකයට මුසු වන බවයි. ඔවුන් පුනරුත්පත්තියක් ගැනවත් විශ්වාස නොකරයි. බොහෝ විවිධ මත
තිබේ. දිනෙන් දින, දිගටම ජනගහණය වැඩිවෙයි. සන්යාසීන්ගේ සංඛ්‍යාවද වැඩි වන බව ඔබ
ඔවුන්ට කිව යුතුයි. නිරුවත්ව සිටින සන්යාසීන්ගේ සංඛ්‍යාවද වැඩි වනවා. ඔවුන් අයත් වන
කුමන හෝ ආගමක රැඳී සිටීමෙන්, ඔවුන්ගේ අවසන් සිතිවිලි, ඔවුන්ගේ අරමුණ කරා ඔවුන්ව ගෙන
යයි. නිදසුනක් ලෙස, ආගමික ග්‍රන්ථ හැදෑරීම පුහුණු වන අයගේ අවසන් සිතිවිල්ල, ඔවුන්ව
තම අරමුණ කරා ගෙන යයි. එවිට ඔවුන්ගේ මතු උපතෙදී, ළදරු වියේ සිටම ඔවුන්ට කට පාඩමින්
ග්‍රන්ථ ඉගෙනගැනීමට හැකි වෙයි. පරම පියා දැන් පවසන්නේ මම අහවලා හෝ මෙය හෝ තවත්
දෙයකි, යන ශරීර අවධානයේ සියලු දේවල් අත්හරින්න. තමන් අශාරීරික ජීවාත්මයක් බව සළකා,
පරමාත්ම පියාව සිහි කරන්න. මෙම සිරුර දකින අතර එය නොදකින්න! තම ශරීරය ඇතුළු සියලුම
ශාරීරික නෑදෑයින් අත්හරින්න. තමන් ජීවාත්මයක්, යන විශ්වාසය ඇතිකරගෙන, පරමාත්ම
දෙවියන්ව සිහි කරන්න. මෙයට බොහෝ කල් ගත වෙයි. මායා, ඔබට සිහිපත් කිරීමේ සිටීමට ඉඩ
නොදෙයි. එසේ නැත්නම්, විශ්‍රාමික තත්ත්වයේ සිටින අයට එය ඉතා පහසු විය යුතුයි. පියාම
පවසන්නේ ඔබ තරුණ වුවත් මහළු වුවත්, එය දැන් ඔබ සෑම කෙනෙකුගේම විශ්‍රාමික අවදියයි.
එක් අතකින් විනාශය සිදුවන අතර අනෙක් අතට, සමහරුන් දිගටම ඉපදෙයි. උපත් ගැනීමට ඇති
අය, දිගටම පැමිණෙයි. දරුවන් උපදින අතර විනාශයද සිදුවන බව, ඔබට වැටහෙයි. ඇතැම් අය
මව් කුසක් තුළ සිටින අතර තව සමහරුන් වෙනත් ස්ථානයක සිටියි, නමුත් සෑම කෙනෙක්ම විනාශ
වෙයි. ඔවුන් සෑම කෙනෙක්ම තම ගිණුම් පියවා, ආපසු නිවසට යයි. කිසියම් කර්ම ගිණුම්
ඉතිරිව තිබෙයි නම්, දැඩි දඬුවම් විඳීමට සිදුවෙයි. ඉන්පසුව එය සැහැල්ලු වෙයි. ඔබ
යෝගාවේ සිටින අතරම දිගටම පාපයන් සිදු කිරීම සිදු නොවිය යුතුයි. සමහර දරුවන් ඔවුන්ගේ
දින වාර්තාව දිගටම ලියන අතර මායා ඔවුන් ලවා, ඔවුන්ගේ මුහුණේ දැලි ගෑමට සැලැස්වූ බවද
ඔවුන් කියයි. මායා ඔවුන්ව පරාජය කළේ නම්, ඔවුන්ට දුර්වල අය යැයි කියයි. පරම පියා
විස්තර කරන්නේ ඔබ මෙහි සිටින්නේ තව ටික දවසකට පමණක් බවත් ඉන්පසුව ඔබ ආපසු නිවසට යන
බව පමණක් සිතන්න. සෑම දෙයක්ම විනාශ වීමටයි යන්නේ. පරමාත්ම පියා පවසන්නේ මා සිහිපත්
කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී යයි. දිගටම ඔබගේ දින වාර්තාව පරීක‍්ෂා කරන්න. මා
කී දෙනෙකුට මාර්ගය පෙන්වනවාද, එමෙන්ම කී දෙනෙක්ව උත්සාහ දරන ලෙස දිරිමත් කරනවාද?
ඔබගේ ශරීරය, මනස සහ ධනය තුළින් ආධ්‍යාත්මික සේවයේ උදව්කරුවෙක් වන්න. ඇතමුන් පවසන්නේ
ඔවුන්ට තම මනස පාලනය කිරීමට නොහැකි බවයි. ජීවාත්මය, සාමකාමීය. ජීවාත්මය වන මා, ගොස්
මගේ පරම දනව්වවේ අසුන් ගනිමි. මෙම ලෝකය පිළිබඳ කිසිම සිතිවිල්ලක් ඇති නොවෙයි. ඔබගේ
දෙනෙත් වසා, ඔබ සිහිය නොමැතිව සිටිය යුතු නැත. බොහෝ දෙනෙක් එවැනි දේ ඉගෙන ගනී.
ඔවුන් දින 10ක් හෝ 15ක් සිහිය නොමැතිව සිටියි. ඔවුන් මෙය පුහුණු වී, ඉන්පසුව බොහෝ
දින ගණනක් ගෙවී ගිය පසු අවදි වෙයි. ඔවුන්ට කාල බෝම්බයක් තිබෙනවා වැනිය මෙපමණ පැය
ගණනාවකට පසුව, ක්‍රියාත්මක වීම සඳහා, කාලය පෙර සකසා තබයි. ඔබ යෝගාවේ සිටින බව, ඔය
දරුවන් දන්නවා. තමෝප්‍රධාන් අපද්‍රව්‍ය ඉවත් වී, ඔබ සතෝප්‍රධාන් වූ විට, ඔබ ඔබගේ
සිරුරු අත්හැර යයි. අප දැන් සිටින්නේ සිහිපත් කිරීමේ වන්දනා ගමනේය. අපට මෙපමණ
කාලයක් ලැබී තිබේ. එවිට අපට අපගේ සිරුරු හළා දැමීමට සිදු වන අතර, ඉන්පසුව සෑම
දෙයක්ම විනාශ වෙයි. සෑම කෙනෙක්ම ඔවුන්ගේ සිරුරු හලා දමා, මදුරු රැළක් මෙන් ආපසු
නිවසට යන, අවසානයට, වෙලාව නියම වී ඇති අතර, එවිට විනාශය සිදු වෙයි. ඔබ ඔබගේ
කර්මතීට් තත්ත්වයට ලඟා වන අතර විනාශය ආරම්භ වෙයි. විනාශයේ ජවනිකා ඉතාමත්ම භයංකාරය.
මෙය අනිවාර්යෙන්ම නාටකයේ නියම වී තිබේ. ඔබගේ ස්ථීතිය, අචලව සහ ස්ථාවරව රැඳී තිබිය
යුතු බව ඔබට වැටහෙයි. ඔබ නිරතුරුවම ප්‍රබෝදමත් මෙන්ම සතුටින් සිටිය යුතුයි. මෙම
ලෝකය විනාශ විය යුතුයි. සෑම චක්‍රයකම, සංගම යුගයෙදී විනාශය සිදුවන බව ඔබ දන්නවා.
බෝම්බ මඟින්පමණක් නොවෙයි, ස්වභාවික ව්‍යසනද බොහෝ සේ උපකාර වෙයි. එබැවින් ඔබ දැන්
ආපසු නිවසට යා යුතු බව, ඔය දරුවන්ගේ බුද්ධියේ රැඳී තිබිය යුතුයි. ඔබ පියාව වැඩියෙන්
සිහිපත් කරන තරමට, ඔබගේ පාපයන් වැඩියෙන් දුරු වී, ඔබට ලැබෙන තත්ත්වය උසස් වෙයි.
පුන්‍යකර්ම ආරම්භ වන්නේ තම නිවසින්ය! ඔබ මෙය කිරීමට උත්සාහ දැරිය යුතුයි. කුමාරියක්
යනු, තම දෙමාපිය නිවස මෙන්ම තම නැන්දා-මාමලාගේ නිවසද ඉහළ නංවන කෙනෙකි. මින්
කියැවෙන්නේ, ’පුන්‍යකර්ම වල ආරම්භය, තම නිවසයි.’ සේවයේ නියුතුව සිට, ඔවුන්ට මෙසේ
පවසන්න ශිව බාබා පවසන්නේ මා සිහි කරන්න, එවිට ඔබට උරුමයක් හිමි වෙයි. මෙය ඍජු
කාරණාවකි. ඇල්ෆා වන මා සිහි කරන්න, එවිට දෙව්ලොව උරුමය, ඔබගේය. ඔබ ලෝකයේ අධිපතියන්
වෙයි. එබැවින් ඔබට උරුමයක් ලබා ගැනීමට අවශ්‍ය නම්, මා සිහි කරන්න. මෙම පණිවිඩය ලබා
දීම ඔය දරුවන්ගේ වගකීමයි. ඔබ පෙරද එය ලබා දුන්නා. විනාශය අත ලඟ බව, ඔබ ඔවුන්ට කිව
යුතුයි. කලි යුගයට පසුව, ස්වර්ණමය යුගය පැමිණෙයි. ඔබට ඔබගේ උරුමය, පැමිණ ලබා දෙන්නේ
පරමාත්ම පියා පමණයි. රාවණ, ඔබව අපායේ වැසියන් බවට පත් කරවන නමුත් පරම පියා පැමිණ,
ඔබව දෙව්ලොව වැසියන් බවට පත් කරවයි. කතා පුවත, භාරතය පිළිබඳවයි. භාරතයේ ජනතාව අවදි
කළ යුතුයි. ලෝකය අළුත් කරන කෙනා, පරමාත්ම පියා බව, පළමුවෙන්ම ගොස්, ශිව දේවාල වල
විස්තර කරන්න. ඔහු පවසන්නේ මා සිහි කරන්න එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. මෙම අශාරීරික
බාබා පැමිණ ඇති අතර, ඔහු දිව්‍ය ලෝකයේ ස්ථාපනය, බ්‍රහ්මාගේ මාර්ගයෙන් සිදු කරමින්
සිටිනවා. දැන් පියා සහ උරුමය සිහි කරන්න. ඔබ දැන් ඔබගේ උපත් 84 අවසන් කර තිබේ. අප
ඔබට මෙය පවසන නමුත්, එය විශ්වාස කරන්නේද නැද්ද යන්න, ඔබට අයත් දෙයකි. ඔබ පවසන මෙම
දේවල් බොහෝ හොඳය. දුක ඉවත් කර, සතුට පිරිණමන්නා වන්නේ පරමාත්ම පියා පමණයි. ඔවුන්ට
ටිකක් විස්තර කර, ඉන්පසුව එතැනින් ඉවත්ව යන්න. ඔබගේ ව්‍යාපාරය මෙයයි. එයට උත්සාහයක්
අවශ්‍ය නැත. ඔබ කිව යුත්තේ මෙපමණයි පරමාත්ම පියා පවසනවා මා සිහිපත් කර, ජීවාත්ම
අවධානයට පත් වන්න. ශිවාගේ වන්දනාකරුවන් වෙතට යන්න, ඉන්පසුව ලක‍්ෂ්මි සහ නාරායනගේ
වන්දනාකරුවන් වෙතට යන්න. ගොස් ඔවුන්ට ලක‍්ෂ්මි සහ නාරායනගේ ජීවිත කතාව පවසන්න.
අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ
සිරුර, මනස සහ ධනය තුළින්, ආධ්‍යාත්මික සේවකයෙක් වන්න. සෑම කෙනෙකුටම ඇල්ෆාගේ
හැඳින්වීම ලබා දී, ඔවුන්ගේ උරුමයට අයිතිවාසිකමක් ලබා ගැනීමට ඔවුන්ට මඟ පාදන්න.
විනාශය සිදු වීමට පෙර, කර්මතීට් වීම සඳහා, පරමාත්ම පියාගේ සිහිපත් කිරීමේ සිටින්න.
2. පියා මෙන් බැඳීම්
පරාජය කරන්නෙක් වන්න. ජීවාත්මය, වෙනත් ජීවාත්ම කෙරෙහි ඇති බැඳීම් ඉවත් කර, ඒකායන
පියාට පමණක් සෙනෙහස ඇති කරගන්න.
වරදානය:
ඔබ පරමාත්ම
දෙවියන්ට සෙනෙහස දක්වන අතර සර්වබලධාරීගේ ඇසුර පිළිබඳ අවබෝධයෙන් සිටීමෙන් සියලු
ගැටළු දුරු කරත්වා.
පරමාත්ම දෙවියන්ට
සෙනහස දක්වන දරුවන් නිරන්තරයෙන් තමන් සෙනෙහසින් සිටින ඒකායන තැනැත්තා ඔවුන් සමඟ තබා
ගන්නා අතර මේ නිසා කිසිදු ගැටළුවක් ඔවුන් ඉදිරියේ ඇති නොවේ. සර්වබලධාරී පියා ඔවුන්
සමඟ සිටින අය ඉදිරියේ ගැටළු වලට රැඳී සිටිය නොහැක. ගැටළු ඇති වූ විට, ඒවා එතැනින්
අවසන් කරන්න, එවිට ඒවා වැඩි නොවේ. දැන්, ගැටළු මත උපත් පාලනය තබා ගන්න. ඔබ
පරිපූර්ණත්වය සමීප කර, දුර සිට ගැටළු පලවා හැරිය යුතු බව නිරන්තරව මතක තබා ගන්න.
පාඨය:
සෙනෙහෙවන්ත
වීමට උත්සාහ නොකරන්න, නමුත් නොබැඳි වීමට උත්සාහ කරන්න, එවිට ඔබට ඉබේටම සෙනෙහස
ලැබෙනු ඇත.
අව්‍යක්ත සංඥාව:
නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.
කාලයෙන් කාලයට, බොහෝ
ආකාරයේ බාධක පැමිණේ, එය: හොඳ විශේෂ ශිෂ්‍යයෙකු මායාගේ බලපෑමට යටත් වී විරුද්ධ වී
සේවයේ බාධාවක් ඇති කරන ආකාරයේ එවන් අවස්ථාවක් විය හැක. එවැනි අවස්ථාවලදී, ඔබ බිය
වන්නේ නැහැ නේද? යහපත සැළසීමේ හැඟීම් ඇතිව ඔවුන් කෙරෙහි දයාවන්ත වීම එක් දෙයකි,
නමුත් ඒ නිසා ඉහළ පහළ යන වෙනස්වීම හෝ නිෂ්ඵල සිතිවිලි තිබීම සෙලවීම ලෙස හැඳින්වේ.
නොබැඳි නිරීක්ෂකයෙකුගේ මනෝ ස්ථීතියෙන් සෑම ජීවාත්මයකම චරිත කොටස නිරීක්ෂණය කරන අයට
නොසැලී, අචලව සහ ස්ථාවරව සිටිය හැකිය.