02.06.24    Avyakt Bapdada      Sinhala Murli     18.01.20    Om Shanti    Madhuban


බ්‍රහ්ම පියා කළ ආකාරයෙන්ම ඔබගේ අත්හැරීමේ, තපස්යාවේ හා සේවාවේ කම්පන දසත පතුරුවන්න.


අද දින බලගතු බාප්දාදා තම බලගතු දරුවන්ව දකිමින් සිටිනවා. අද දින ස්මරණයේ දිනය සේම බලයේ ද දිනයත් වෙනවා. අද දිනය සියලුම බල වල හිමිකම දරුවන්ට පැවරූ දිනයයි. ලෝකයේ නොයෙකුත් ආකාරයේ අන්තිම කැමති පත්‍රයන් තිබෙනවා. නමුත් බ්‍රහ්ම පියා. උත්තරීතර පරමාත්ම පියාගෙන් තමාට හිමිවුණු සෑම බලයක්ම දරුවන්ට හිමි වන ලෙස තම අවසන් කැමති පත්‍රය සැකසූවා. වෙන කිසිම කෙනෙකුට එවන් අලෞකික කැමති පත්‍රයක් සකස් කරන්න බැහැ. පරමාත්ම පියා භෞතික ස්වරූපයෙන් බ්‍රහ්ම බාබාව තම උපකරණය කරවූ අතර බ්‍රහ්ම පියා "ඔබ උපකරණයක් වේවා" යන තම ශුභාශිංසන පැවරුම ඔය දරුවන් මත පැවරුවා. මෙය. ඔය දරුවන්ට සෑම බලයක්ම ඉතාමත් පහසුවෙන් අත්විඳීමට සලස්වනවා. තමන්ගේම උත්සාහයෙන් බල අත්දැකීම එක් දෙයක්. ඒ වගේම දේව කැමැත්තෙන් සෑම බලයක්ම අත්දැකීම තවත් දෙයක්. මෙය පරමාත්ම දෙවියන්ගෙන් ලැබෙනා ත්‍යාගයකි. ශුභාශිංසනයකි. ඔබව වර්ධනය කරවන්නේ පරමාත්ම දෙවියන්ගේ ආශිර්වාද වරම්ය. ඔබට වරමක් ලැබුණු විට, උත්සාහයෙන් වෙහෙස වීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉතාමත් පහසුවෙන් මෙන්ම නිරායාසයෙන්ම ඔබ වර්ධනය වෙනවා. මන්ද, පරමාත්ම දෙවියන් ඔබව උපකරණක් කරවලා. ඒ කාලයේ දී බාබා ඉදිරියේ සිටියේ ඉතාමත් ටික දෙනයි. කෙසේවෙතත්, ඔය විශේෂ දරුවන්ට මෙම කැමැත්ත පැවරුවේ බාප්දාදායි. විශේෂයෙන්ම බ්‍රහ්ම පියායි. පරමාත්ම පියා විසින් මෙම පැවරීම හිමිකර ගත් දරුවන් - ඒ ආදි රත්තයන් හා සේවය සඳහා උපකරණ වන දරුවන්- තමුන්ට පැවරුණු දේ ඉතාමත් හොඳින් යොදවා තිබෙනා බව බාප්දාදා දැක තිබෙනවා. බ්‍රහමිණ් පවුලත් දවසින් දවස වර්ධනය වන්නේ මෙම කැමති පත්‍රය නිසාය. ඔය දරුවන්ගේ විශේෂත්වය තුළින් මෙම වර්ධනය සිදු විය යුතු අතර එය ඉදිරියට ද ක්‍රියාත්මක වෙමින්ම පවතිනවා.

බාප්දාදා දරුවන් තුළ විශේෂතා දෙකක් දකිනවා. උපකරණ කරවා සිටිනා දරුවන්ගේත් සහාය දක්වන දරුවන්ගේත් විශේෂතා සියල්ල හරිම හොඳයි. ඔබලා ස්ථාපනයේ ආදි රත්නයින් වූවත්, සේවයේ රත්නයින් වූවත්, ඔබ කණ්ඩායම තුළ එකිනෙකා අතර ඇති එකමුතුව ඉතාමත්ම හොඳයි. එකම එක කෙනෙක් තුළවත් "ඇයි?" කොහොමද?" කියා ප්‍රශ්න පැන නැඟුනේ නැහැ. ඔබලාගේ දෙවන විශේෂත්වය නම් ඔබගෙන් එක් අයෙක් එක් දෙයක් යෝජනා කළහොත් අනිත් කෙනාත් එය පිළිගන්නවා. මෙන්න මේක තමයි අමතර බල ගැනීමේ වාතාවරයේ විශේෂත්වය. මෙන්න මේ නිසා තමයි ඔය සෑම උපකරණ ජීවාත්මයක්ම "බාබා,බාබා" යන්න පමණක්ම සෑම තැනකින්ම දකින්නේ.

ඒ කාලයේ දී උපකරණ වුණු දරුවන්ට බාප්දාදා තම හදවතින්ම ලොකු ආදරයක් පිරිතමතවා. පරමාත්ම පියාගේ අපූර්වත්වය තිබුණා තමයි. නමුත් ඔය දරුවන්ගේ අපූර්වත්වයත් වෙන කිසිවකට දෙවෙනි වන්නේ නැහැ. ඒ කාලයේ සමූහය තුළ තිබුණු එකමුතුව. සෑම කෙනෙක්ම එකාවන්ව සිටීම. අදටත් සේවය හොඳින් වර්ධනය කරවනවා. ඇයි? ඔය උපකරණ ජීවාත්මයන්ගේ පදනම ශක්තිමත්ව තිබුණා. ඉතින් බාප්දාදා අදටත් ඒ දරුවන්ගේ ඒ අපූර්වත්වයේ ගුණ ගයනවා. සෑම තැනකම සිටිනා දරුවන් බාබාව සෙනෙහස් මාලාවන්ගෙන් සැරසූවා. පරමාත්ම පියා ඔය දරුවන්ගේ අපූර්වත්වයේ ගුණ ගැයුවා. මේ සෑම කටයුත්තක්ම මෙතරම් කාලයක් පුරා දිව යයි කියා ඔබ කවදාවත් සිතුවා ද? කොපමණ නම් කාලයක් ද? සෑම කෙනෙකුගේම දෙතොලින් හදවතින් නැඟ එන හඩ නම්, දැන් අපි නිවහන බලා යා යුතුයි යන්නයි. කෙසේවෙතත්, අව්යක්ත ස්වරූපයේ සේවය තවමත් සිදු විය යුතුයි යන්න බාප්දාදා දැනගෙන සිටියා. සකාර් දින වල මෙතරම් විශාල ශාලාවක් ඉඳිවුණා ද? බාප්දාදාගේ සදාදරණීය ඩබල් විදේශී දරුවන් ඒ කාලයේ පැමිණ සිටියා ද? ඩබල් විදේශී දරුවන්ට තම අලෞකික උපත ගැනීමට සිදු වූයේ අව්යත් පෝෂණයෙනුයි. මෙතරම් දරුවන් ප්‍රමාණයක් පැමිණීය යුතුව තිබුණා. මෙන්න මේ නිසා තමයි බ්‍රහ්ම පියාටත් තම භෞතික ශරීරය අතහැර යාමට සිදු වූයේ. ඔය ඩබල් විදේශී දරුවන් තමාට මෙම අව්යක්ත් පෝෂණය ලැබීමට තරම් සුදුසුව සිටිනවාය යන කුල්මත් බව තිබෙනවා ද?

බ්‍රහ්ම පියාගේ නෛෂ්කර්මය (අත්හැරීම) විශේෂයෙන්ම නාටකයේ නියමිත වූවක්. බ්‍රහ්ම පියාගේ නෛෂ්කර්මයත් ඔය දරුවන්ගේ වාසනාවත් නාටකයේ මුල පටන්ම සනිටුහන් වී තිබෙනවා. බ්‍රහ්ම පියා ඉහළම අත්හැරීමේ ආදර්ෂය වූවා. අත්හැරීම යනු තමා ළඟ සියල්ලම තිබෙන මොහොතේ දී සියල්ල අත්හැරීමයි. වෙලාවේ හැටියට හෝ ප්‍රශ්නයේ තරමට අත්හැරීම උසස් අත්හැරීමක් වන්නේ නැහැ. බ්‍රහ්ම බාබාගේ ජීවිතයේ මුල පටන්ම ඔහුට සෑම දෙයක්ම තිබුණා. කායිකව, මානසිකව, යස ඉසුර, ඥාති හිතමිතුරන් මේ සියල්ලම ඔහුට ඉහළින්ම තිබුණා. ඒත් ඔහු ඒ සියල්ල අත්හැරියා. තම ශරීරය පවා ඔහු අත්හැරියා. සෑම පහසුකමක්ම තිබුණත්, ඔහු ජීවත් වුණේ පැරණී ගොඩනැඟිල්ලේයි. සෑම තැනකින්ම පහසුකම් ගලා එන්න පටන් ගත්තා. ඔහුට හැම සැපක්ම විඳින්න තිබුණා. නමුත් ඔහු තම ආධ්‍යාත්මික උත්සාහයන් මත දැඩි සේ ස්ථාවරව සිටියා. බ්‍රහ්මා විසින් කළ තපස්යාව ඔය දරුවන් මත වාසනාව නිර්මාණය කළා. නාටකයට අනුව, එවන් අත්හැරීමකට ආදර්ෂය වූයේ බ්‍රහ්මා ම පමණයි. මෙම අත්හැරීම තමයි සිතිවිල්ලේ බලයෙන් සේවය කිරීමේ ඔහුගේ සුවිශේෂී චරිත කොටස නිර්මාණය කළේ. ඉතින් බ්‍රහ්ම පියාගේ තෛෂ්කර්මයේ කතාන්දරයට ඔබ ඇහුම් කන් දුන්නා ද?

ඔය දරුවන් තවමත් බ්‍රහ්මාගේ තපස්යාවේ ඵල විඳිනවා. ඔහුගේ තපස්යාවේ බලය තවමත් මධුබත් භුමියේ කිඳා බැස තිබෙනවා. ඒ දරුවනුත් ඔහුත් සමඟ සිටිනවා: දරුවන්ගේ අත්හැරීමත් තිබෙනවා. කෙසේවෙතත්, බ්‍රහ්ම පියා තමයි උපකරණය වූයේ කියා තමයි ඔබ කියන්නේ. බ්‍රහමිණ් දරුවනුත් මධුබන් – තපස් භුමියට පැමිණී සැමත් තමාව පහසු යෝගීන් කරවන වාතාවරණය හා කම්පන අත්වින්දා. මෙහිදී ඔබලාට යෝග වීමට උත්සාහ දැරීමට අවශ්‍ය වන්නේ නැහැ. මන්ද, ඔබගේ යෝගාව පහසුවෙන්ම සම්බන්ධ වෙනවා. කුමනාකාරයක ජීවාත්මයන් මෙහි පැමිණියත්, ඔවුන් සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම කුමන හෝ දෙයක් අත්විඳිනවා. ඔවුන් ඥානය අවබෝධ කර නොගනීවි. නමුත් අනිවාර්යෙන්ම ආධ්‍යාත්මික සෙනෙහස හා සාමය අත්විඳිනවා. ඔවුන් අනිවාර්යෙන්ම නිවෙස් බලා යන්නේ කුමන හෝ ආකාරයක පරිවර්ථනයක් කර ගැනීමේ සිතිවිල්ලෙනුයි. බ්‍රහ්මාගේත් බ්‍රහමිණ් දරුවන්ගේත් තපස්යාවේ බලය මෙයයි. මේත් සමඟම, ඔහු සේවය කළ ආකාරය දෙස බලන්න. නොයෙකුත් මාදිලියේ සේවාවන් රෑසක් කරන්නේ කෙසේදැයි කියා ඔහු දරුවන්ට කරලාම පෙන්වූවා. ඔබලා දැන් මේ සෑම ක්‍රමවේදයක්ම තවත් හොඳින් ක්‍රියාත්මක කරනවා. එය හරියට ඔය දරුවන් බ්‍රහ්ම පියාගේ අත්හැරීමේ, තපස්යාවේ හා ලෝකයට කළ සේවයේ ඵල භුක්ති විඳිමින් සිටිනවා වගේයි. විද්‍යාව තම බලපෑම ප්‍රායෝගිකවම පෙන්වන්නාක් සේ. විද්‍යාවේ නිර්මාණකරු වන්නේ නිහඬතාවයේ බලයයි. දැන් මේ ඇත්තේ නිහඬතාවයේ බලය ප්‍රායෝගිකවම විදහා දැක්වීමේ කාලයයි. නිහඬතාවයේ බලය ඉතාමත් ඉක්මනින්ම පතුරුවා හැරීමේ ක්‍රමය නම් මනස හා බුද්ධිය එක්තැන් කර ගැනීමයි. ඒකාග්‍රතාවයේ පුහුණුව දැන් වැඩි දියුණු කර ගත්ත. එම වාතාවරණය නිර්මාණය කළ හැකි වන්නේ ඒකාග්‍රතාවයේ බලයෙන් පමණී. කලබල ඇති තැනක දී බලවත් කම්පන නිර්මාණය කළ නොහැකියි.

ඒකාග්‍රතාවයේ බලය තව තවත් වැඩිපුර අවශ්‍ය වන බව අද දින බාප්දාදා දැක්කා. ඔබලාගේ සියලුම සහෝදර සහෝදරියන්ගේ අසහනකාරි වාතාවරණයන් පරිවර්ථනය කිරීමේ අධිෂ්ඨානය දැන් ඔය දරුවන් සෑම කෙනෙක් තුළම තිබිය යුතුයි. ඔවුන් කෙරෙහි වන මෙම අනුකම්පාව ඔබගේ හදවත් තුළ මතු වේවා. විද්‍යාවේ බලයෙන් මෙතරම් කලබලයක් ඇති කරවිය හැකි නම්. ඔය සියලුම බ්‍රහමිණ්වරුන්ට, ඔබගේ නිහඬතාවයේ බලයෙන්. ඔබගේ අනුකම්පා සහගත හැඟීම් හා සිතිවිලි මඟින් එම කලබල සියල්ල පරිවර්ථනය කරවිය නොහැකි ද? ඔබ මෙය කළ යුතු නිසා. එය අනිවාර්යෙන්ම සිදු විය යුතු නිසා, මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න. ඔබලා මීමුත්තාගේ දරුවන් වන නිසා, සෑම කෙනෙක්ම ඔබගේ පරම්පරා ගස. ඔබගේ පවුලට අයිති අයයි. ඔබලාගේ බැතිමතුන්ගේ විශේෂ දේවතාවරුන් ඔබලායි. ඔවුන්ගේ විශේෂ දේවතාවරුන් වීමේ කුල්මත් බව ඔබ තුළ තිබෙනවා ද? ඔබගේ බැතිමතුන් ඔබ වෙනුවෙන් කන්නලව් කරනවා. ඔබට ඒවා ඇහෙනවා ද? ඔවුන් කන්නලව් කරනවා. "අහෝ දෙවිදුනී" ඒත් ඔබ ඒවා අහගෙන සිටිනවා පමණයි: කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. එමනිසා, බාප්දාදා දැන් ඔබලාට කියන්නේ " බැතිමතුන්ගේ විශේෂ දේවතාවරුනි, දැන් ඔවුන්ගේ කන්නලව්වට ඇහුම් කන් දෙන්න. අහගෙන පමණක් ඉන්න එපා. ඔවුන්ට ප්‍රතිචාරයක් දක්වන්න" කුමක් ද ඔබලා දෙන ප්‍රතිචාරය? පරිවර්ථනයේ වාතාවරණයක් නිර්මාණය කරන්න. ඔබගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබෙනා නිසා ඔවුන් නොසැලකිලිමත් වෙනවා. ඔබලා වෙනුවෙන් කන්නලව් කර පසුව ඔවුන් නිහඬ වෙනවා.

සෑම කාර්යයක් ම කෙරෙහි බ්‍රහ්ම පියා තුළ තිබුණු උද්යෝගය ඔබ සෑම කෙනෙක්ම දැක තිබෙනවා. මුලදී ඔහු යතුර ගැන උනන්දුවෙන් සිටියා. දැනටත් බ්‍රහ්ම පියා, ශිව පරමාත්ම පියාගෙන් ඉල්ලන්නේ: නිවහනේ දොරටු යතුර මට දෙන්න. ඒත් බාබා සමඟ යා යුතු අයත් සූදානම් විය යුතුයි. ඔහු තනිවම කුමක් කරන්නද? ඉතින් ඔබලා දැන් බ්‍රහ්ම බාබා සමඟ යන්නයි ඉන්නේ නේද? නැතිනම් ඔබලා ඔහුගේ පිටුපසින් යාමට ද සිටින්නේ? ඔබලා බ්‍රහ්ම බාබා සමඟ යාමටයි සිටින්නේ නේද? එමනිසා, බ්‍රහ්ම බාබා කියනවා ශිව බාබාට ඔය දරුවන්ගෙන් අහන්න කියලා: පරමාත්ම පියා ඔය දරුවන්ට යතුර දුන්නොත් ඔබලා ඕනෑම වෙලාවක සූදානම් ද? සූදානම් ද? ඕනෑම වෙලාවක? ඔබලා සූදානම්. නමුත් ඕනෑම වෙලාවක නොවෙයි තේද? ඕනෑම වෙලාවකට සූදානම් වන්න. අත්හැරීමේ, තපස්යාවේ හා සේවයේ ප්‍රශ්න පත්‍ර තුනට ඔබලා සූදානම්ද? ඔබ බොහෝ දෙනා සෙනෙහසේ කඳුළු සලනවා දැක බ්‍රහ්ම බාබා සිනහ වෙවී සිටියා. බ්‍රහ්ම බාබා ඒ සෑම කඳුළක්ම තම හදවතේ මුතු පබළු සේ සඟවා ගත්තත්, ඔහුටත් හිතෙනවා: කවදාද ඔබලා සූදානම් වන්නේ? දිනයක් දෙන්න ද? ඔබලා කියාවි තමත් ඕනෑම වෙලාවක සූදානම් කියලා. නමුත් අඩුම තරමින් ඔබගේ සහායකයින් නිර්මාණය කර ගන්න. නැතිනම් ඔබලා ඒ සගයින් අතහැර දමා තනිවම යන්න ද ඉන්නේ? ඉතින් ඔබලා කියාවි " බ්‍රහ්ම බාබාත් අපිව දාලා ගියානේ" කියලා. ඒත් ඔහුට මෙම නිර්මාණය නිමවිය යුතුව තිබුණා. වේගවත් වර්ධනයක වගකීම ඔහුට තිබුණා. ඔබ සෑම කෙනෙක්ම ඕනෑම වෙලාවක සූදානම් ද? එක් අයෙක් පමණක් නොවෙයි. බාබා තනිවම යාවි ද නැතිනම් ඔබ සෑම කෙනෙක්ම ගෙන යාවි ද? ඔබ සෑම කෙනෙක්ම ඕනෑම වෙලාවකට සූදානම් ද? ඕනෑම වෙලාවකට සූදානම් ද නැතිනම් තවමත් වෙමින් පවතිනවා ද? කතා කරන්න. අඩුම තරමින් 900,000වත් එකට යා යුතුයි. නැතිනම් ඔබලා කවුරුන්ව පාලනය කරන්න ද? ඔබ ඔබලාවම පාලනය කරවන්න ද? ඔය සෑම දරුවෙක්ම කෙරෙහි බ්‍රහ්ම බාබා තුළ තිබෙනා පිරිසිදු ආශාව නම්: ඕනෑම වෙලාවක සූදානම්ව සිටින්න. අන් අයවත් ඕනෑව වෙලාවකට සූදානම් කරවන්න.

අද දින විශේෂ ආදි රත්නයන් හා සේවාවේ ආදි රත්නයන් සූක්ෂම ලෝකයට කැඳවූවා. ඇඩ්වාන්ස් පාටියේ අය කියන්නේ තමන් සූදානම් බවයි. ඔවුන් සූදානම් කුමකට ද? එළිදරව්වේ අණබෙර ගසන්න. අපිට පෙනී සිට නව ලෝකය නිර්මාණය කිරීම සඳහා උපකරණ විය හැකියි. දැන් සියල්ල රඳා පවතින්නේ ඔබලා මතයි. බෙර ගසන්න. අණබෙර ගසා "ඔහු ඇවිල්ලා. ඔහු ඇවිල්ලා" කියා නිවේදනය කරන්න. ඒ වගේ අණබෙර ගසන්නේ කොහොමද කියා ඔබ දන්නවා ද? අනිවාර්යෙන්ම ඔබලා බෙර ගැසිය යුතුයි. බ්‍රහ්ම බාබා දැන් ඔබගෙත් අසන්නේ ඒ දිනයයි. ඔබ සෑම කෙනෙක්ම කියනවානේ දින නියමයකින් තොරව කිසිවක්ම කරන්න බැහැ කියලා. ඉතින් එහෙම නම් දැන් මේකට දිනයක් නියම කරන්න. පුළුවනි ද? පරමාත්ම පියා ඔබගෙන් ඉල්ලන්නේ දිනයක් නියම කරන්න කියලයි. "අදම නියම කරන්න" සම්මන්ත්‍රණ සඳහා ඔබලා දින නියම කරනවා. ඉතින් දැන් මේ වෙනුවෙන් සම්මන්ත්‍රණයක් කරන්න. විදේශයන්ගෙන් පැමිණී අය හිතන්නේ කුමක්ද? දිනයක් නියම කරන්න පුළුවන් ද? දිනයක් නියම කරනවා ද? ඔව් ද නැද්ද? අච්චා. දාදී ජන්කිගෙන් උපදෙස් ගෙන මෙය කරන්න. අච්චා.

දෙස් විදෙස් අති ළබැඳි මුත් නොබැඳි දරුවන් සෑම කෙනෙක්ම බාප්දාදාට ඉතාමත් සමීප දරුවනුයි. සෑම දරුවෙක්ම ආදරයෙන් වෙලී ඒ සෙනෙහසේම කිඳා බැස සිටිනා ආකාරය බාප්දාදාට පේනවා. ඔබලා ඇහුම් කන් දෙන අතර මුණ ගැසීමේ ඔන්චිල්ලාවේ ඔන්චිලි පදිමින් සිටිනවා. ඔබලා සිටින්නේ දුර ඈත නොවෙයි. ළඟමයි. බාබාගේ ඇස් ඉදිරියේමයි. බාබාගේ දෑසේ ඔබලා කිමිදිලා. මේ ආකාරයෙන් බාබාව පුද්ගලිකවම මුණ ගැසෙනා දරුවන්ව, තම තමන්ගේ අව්යත් ස්වරූපයෙන් සෙනෙහසේ වෙලී සිටිනා දරුවන්ව, නිරන්තරයෙන් තම අත්හැරීමේ තපස්යාවේ හා සේවයේ ඵලය පියා කළ ආකාරයෙන්ම කර පෙන්වනා යෝග්‍ය දරුවන්ව, තම ඒකාග්‍රතාවයේ බලයෙන් මුලු ලෝකයම පරිවර්ථනය කරනා ලෝක පරිවර්ථක දරුවන්ව පියා සේම දැඩි උත්සාහයක් දරමින් නිරන්තරයෙන් ඉහළින්ම පියාසර කරනා දරුවන්ව. සෑම කෙනෙක්වම ඉතාමත් සෙනෙහසින් සිහිපත් කරන බාප්දාදා ඒ සෑම කෙනෙකුටම නමස්කාර කරයි.

රාජස්ථාන් සිට පැමිණි සේවාධාරීන්ට: රාජස්ථාන් වලට සේවය කිරීමට ඉතා හොද අවස්ථාවක් ලබා දී ඇත. ඔබගේ දේශයේ නම රාජස්ථාන් වන සේම, (රජවරුන්ගේ දේශය) දැන් එවන් ගුණාත්මක ජීවාත්ම මතු විය යුතුයි. පුරවැසියන් නොවෙයි, දැන් රාජකීය පවුලේ රජවරු මතු විය යුතුයි. නාමය රාජස්ථාන් වන සේම, හොද ගුණාත්මක සේවයක් සිදු කළ හැකි එවන් රාජකීය ජීවාත්ම මතුවෙයි. එහි කවුරු හෝ රජවරු සැගවී සිටිනවාද? එසේ නැත්නම් ඔවුන් තවමත් වළාකුළු පිටුපසද සිටින්නේ? ව්‍යාපාරිකයන්ට සේවය කිරීමට විශේෂ අවධානයක් යොමු කරන්න. ඇමතිවරු සහ ලේකම්වරු නිරන්තරයෙන් වෙනස් වනවා, නමුත් පියා සමග මෙම ව්‍යාපාරය සිදු කිරීමෙන් ව්‍යාපාරිකයන්ට ප්‍රගතියක් ලබා ගත හැක. ඔබ ව්‍යාපාරිකයන්ට සේවය කරන විට ඔවුන්ගේ පවුල්වල ස්ත්‍රීන්ට පහසුවෙන් පැමිණීමට හැකි වෙයි. ස්ත්‍රීන්ට මෙහි තනිව පැමිණිය නොහැක, නමුත් පවුලේ කුළුණ පැමිණෙන විට, මෙම පවුල එවිට ක්‍රම-ක්‍රමයෙන් අඛණ්ඩව වර්ධනය වෙයි. මේ නිසයි රාජස්ථාන් වල අය, හොද ගුණාත්මක ජීවාත්ම මතුකළ යුත්තේ. එවන් ජීවාත්ම අවට නොමැති බව නොකියන්න. ඔවුන් සිටින නිසා ඔබ ඔවුන්ව සොයා ගත යුතුයි. ඔවුන් වෙනුවෙන් ඔබට සුළු කාලයක් වැය කිරීමට සිදු වෙයි. ඔවුන් සෑම විටම කාර්යබහුලයි. ඔවුන්ව සමීපයට ගෙන ඒමට ඔබ යම් ක්‍රමයක් සොයා ගත යුතුයි. එසේ නැත්නම් ඉතිරි සියල්ල හොදයි. සේවය කිරීමට ඔබ හොද අවස්ථාවක් ගෙන තිබේ. සෑම කලාපයකටම මෙම අවස්ථාව ලැබෙනවා. සමීපයට පැමිණීමට සහ ආශිර්වාද ලබා ගැනීමට මෙය ඉතා හොද ක්‍රමයක්. සෑම කෙනෙක්ම ඔබව දුටුවත් නැතත්, සෑම කෙනෙක්ම ඔබව දැන සිටියත් නැතත්, එයට කම් නැත, මන්ද, ඔබ ඉතා හොද සේවයක් සිදු කරන විට, ඔබ වෙනුවෙන් ඉබේටම ආශිර්වාද ඉස්මතු වෙයි. ඒවා හදවතින් නැගෙන ආශිර්වාද නිසා එම ආශිර්වාද ඉතා විගසින් ඔබ වෙතට ළගා වෙයි. ඒවා ඉතා විගසින් ඔබගේ හදවත ස්පර්ෂ කරන්නේ ඒ නිසයි. බාප්දාදා පවසන්නේ: පහසුම උත්සාහය වන්නේ ආශිර්වාද දීම සහ ලබා ගැනීමයි. ඔබගේ ආශිර්වාද ගිණුම පිරී ඇති විට ඔබගේ ගිණුම පිරි ඇති නිසා මායාට ඔබට බාධා කිරීමට නොහැකි වෙයි. ඔබට රැස් කිරීමේ බලය ලැබෙයි. එබැවින් සතුටින් හිද අන් සියලු දෙනාව සතුටට පත් කරන්න. සෑම කෙනෙකුගේම ස්වභාවයේ රහස ඉගෙනගෙන, සියලු දෙනාව සතුටට පත් කරන්න. එවන් අය සෑම විටම සිටින්නේ අසතුටින් බව නොකියන්න. ඔබ ඔවුන්ගේ රහස් දැන සිටිය යුතුයි. ඔවුන්ගේ නාඩි පරීක්ෂා කර බලා ඉන්පසුව ඔවුන්ට ආශිර්වාද වල ඖෂධ ලබා දෙන්න, එවිට සෑම දෙයක්ම පහසු වෙයි. රාජස්ථාන්, මෙය හොදද? රාජස්ථානයේ ගුරුවරු සිටගන්න! ඔබ සිදු කර ඇති සේවයට සුබ පැතුම්. පහසුවෙන් උත්සාහ දරා සියලු දෙනාටම නොකඩවා ආශිර්වාද ලබා දෙන්න. ලබා ගැනීම ගැන නොසිතන්න, ඒ වෙනුවට සරළව නොකඩවා දෙන්න, එවිට ඔබට නොකඩවා ලැබෙයි. දීම යනු ලැබීමයි. මෙය හොදද? එය එහෙමයි, නේද? ඔබ පිරිනමන්නාගේ දරුවන්. වෙන කෙනෙක් ඔබට ලබා දුන් විට ඔබ යමක් දෙන බව නොසිතන්න. ඔබ දානපතියෙක් විලසින් නොකඩා දිය යුතුයි, එවිට ඔබට ඒ අනුව ඉබේටම ලැබෙයි.

මේ කල්පයේ ප්‍රථම වතාවට මෙහි පැමිණි අය, ඔබගේ අත් ඔසවන්න! සාමාන්‍යයෙන් භාගයක් මෙහි ප්‍රථම වතාවට පැමිණි අය වන අතර භාගයක් මින් පෙර මෙහි පැමිණ ඇති අයයි. අච්චා, පැති වල සහ පිටුපස අසුන්ගෙන සිටින ඔබ සියලු දෙනා, ඔබ සියලු දෙනාම පහසු යෝගීවරුන්ද? ඔබ පහසු යෝගීවරුන් නම්, ඔබගේ එක අතක් ඔසවන්න!

සමුගැනීමේ වෙලාවේ: (ප්‍රධාන ශිව ලිංගම ඇති දේවාල වලට යන වන්දනා ගමන් පිළිබද පුවත් බාප්දාදාට පවසන ලදි.) කලින් කලට සෑම තැනකම සිදුවන වන්දනා ගමන් පිළිබද තොරතුරු බාප්දාදා වෙතට ළගා වෙනවා. ඔබ සියලු දෙනාම ඔබගේ සේවයේ චරිත කොටස බොහෝ උනන්දුවෙන් සහ උද්යෝගයෙන් රග දක්වනවා. ඔබගේ බැතිමතුන්ගෙන් ඔබට ආශිර්වාද ලැබෙනවා. ඔවුන්ගේ භක්තිය අවසන් කළ එම බැතිමතුන්ට, බාබාගේ පණිවිඩය ලැබූ විට, පණිවිඩය ලැබුණු අයගෙන් මගේ දරුවන් වන්නේ කවුරුන්ද කියා ඔබට දැක ගැනීමට හැකි වෙයි. මෙම සේවය සදහා ඔබ නිර්මාණය කර ඇති ක්‍රමවේදය සියලු දෙනාව බොහෝ සේ ආකර්ෂණය කරන බැවින් ඉතා හොද සේවයක් සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මතුවන්නේ කුමන වර්ගයේ ජීවාත්මද කියා අපි දැන් බලමු. බැතිමතුන්ටත් ද්‍රිෂ්ඨි සහ ඔබගෙන් හැදින්වීමක් ලැබීම ඉතා හොදයි. දැන්, අනාගතයේ ඔවුන්ට නොකඩවා සේවය කර ඔවුන්ට ඉදිරියට යන්න මග පාදන්න. වෙහෙස නොබලා මෙම සේවය සිදු කරන අය කරන්නේ ඉතා හොද සේවයක්. ඔය සියලුම දරුවන්ට සෙනෙහස සහ සිහි කිරීම. බාප්දාදා දිගටම ඔබ දෙස බලා සිටිනවා. සාර්ථකත්වය කොහොමත් ඔබගේ ජන්ම උරුමයයි!

මුරිසි දූපතේ මධ්‍යස්ථානයට අගමැතිගෙන් ජාතික සමගිය වෙනුවෙන් සම්මානයක් හිමි විය. මුරිසි දූපතේ අය ඔවුන්ගේ ප්‍රභූවරුන් සමග ඉතා හොදින් සම්බන්ධ වී සිටිනවා. ඔබ ඔවුන් මත හොද බලපෑමක් ඇති කරනවා. ඒ නිසයි ඔබගේ අදෘෂ්‍යමාන සේවයේ ඵලය ඔබට හිමි වුනේ. ඔබට විශේෂ සුබ පැතුම්! අච්චා.

වරදානය:
සෑම හුස්මකම ස්මරණයේ සහ සේවයේ තුලනයක් තබා ගැනීමෙන් ඔබ නිරතුරුවම සතුටින් රැදී සිට ආශිර්වාද හිමි කර ගනිත්වා.

ඔබගේ ස්මරණයේ සබැදිය, නිරන්තරයෙන් සම්බන්ධව තබා ගැනීමට ඔබ අවධානය යොමු කරන සේම, සේවයේ සබැදියද නිරන්තරයෙන් සම්බන්ධව තබා ගන්න. සෑම හුස්මකම ස්මරණය සහ සේවය තිබිය යුතුයි; මෙය සමබරතාවය පවත්වා ගැනීම ලෙස හැදින්වෙයි. මෙම සමබරතාවය තුළින් ඔබ නොකඩවා ආශිර්වාද අත්විදින අතර ඔබව පෝෂණය කරන්නේ ආශිර්වාද යන හඩ ඔබගේ හදවත් වලින් මතු වෙයි. වෙහෙස වී වැඩ කිරීමෙන් හෝ සටන් කිරීමට සිදු වීමෙන් ඔබ නිදහස් වෙයි. “කුමක්ද? ඇයි? කොහොමද?" යන ප්‍රශ්න වලින් ඔබ නිදහස් වී, නිරන්තරයෙන් සතුටින් රැදී සිටිවි. එවිට සාර්ථකත්වය ඔබගේ ජන්ම උරුමය බව ඔබ අත්දකියි.

පාඨය:
පරම පියාගෙන්, තමන්ගෙන් සහ ඔබගේ සගයන්ගෙන් සම්මානයක් හිමි කර ගැනීම සදහා, බාධක වලින් නිදහස්ව සිටීමේ සහතිකය ඔබ සමග තිබිය යුතුයි.