02.06.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබලා ආධ්‍යාත්මික මඟපෙන්වන්නත්ය. ඔබගේ ගෙදර දොර දරුපවුල් රැක බලා ගන්නා අතර නෙළුම් මලක් සේ ජීවත් වෙමින් ස්මරණීය වන්දනාවේ යෙදෙන්න, අන් අයටත් එයම කිරීමට දිරි ගන්වන්න.

ප්‍රශ්නය:
පරමාත්ම පියා ඔය දරුවන්ව සරසවන්නේ කෙසේද? ඔහු ඔබට තහනම් කරවන සැරසිල්ල කුමක්ද?

පිළිතුර:
බාබා කියනවා : සුමිහිරි දරුවනි, මා පැමිණ සිටින්නේ ඔබලාව ආධ්‍යාත්මිකව සැරසවීමටයි. ඔබ කිසිම විටෙක භෞතික අලංකාර නොපැළදිය යුතුයි. ඔබලා යාචකයින් වන නිසා මෝස්තර විලාසිතා කිරීමේ ආශාවක් ඔබට නොතිබිය යුතුයි. ලෝකය ඉතාමත් නරකයි. ඒ නිසා ශරිරය සඳහා කරනා කිසිම විලාසිතාවක ගැලෙන්න එපා.

ගීතය:
මෙතෙක් අප මඟ බලා සිටි දිනය අද යාන්තම් උදා වෙලා...

ඕම් ශාන්ති.
අසීමිත පරමාත්ම පියා මෙහි සිට අසීමිත දරුවන්ට පහදා කියා දෙනවා. අසීමිත යනු කිසිම සීමාවක් නොමැති යන්නයි. දරුවන් රැසක් සිටිනවා. අසංඛ්‍යය දරුවන් ගණනාවට සිටින්නේ එකම එක පරමාත්ම පියායි. ඔහුට කියන්නේ නිර්මාණ කරු කියලයි. අන් අය සිමිත, ශාරීරික පියවරුන් වන අතර ඒ කෙනා අසිමිත වු ජීවත්මයන් ගණනාවකගේ පරමාත්ම පියායි. සෑම ජීවාත්මයක්ම භක්ති මාර්ගයේ දී ඔහුව සිහි කරනවා. එය භක්ති මාර්ගය හා රාවත රාජ්‍යය වන බව ඔය දරුවත් දන්නවා. මිනිස්සු කන්නලව් කරනවා: දැන් අපව මෙම රාවණ රාජ්‍යයෙන් රාම රාජ්‍යය වෙතට ගෙන යන්න. පරමාත්ම පියා පහදා කියන්නේ: බලන්න. භාරතීය පාලකවරුන්ව සිටි දේවතාවරුන් දැන් තවදුරටත් නැහැ. ඒ කවුදැයි කියා ඔබ දැන් දන්නේනැහැ. ස්වර්ණමය යුග සූර්ය වංශයේ පාලකවරුන්ව සිටියේ අපියි. රජවරුන් හා රැජිණියන් සිටිනවා. ඔය දරුවන්ට දැන් මෙය මතකයි. වාසනාවන්ත රජ දහනේ උරුමය අප දරුවන්ට උරුම කරදී ලෝක පාලකවරුන් බවට අපව පත් කරවීමට බාබා පැමිණ සිටිනවා. පරමාත්ම පියා කියනවා: සෑම කෙනෙක්ම දැන් සිටින්නේ භක්ති මාර්ගයේයි. භක්ති මාර්ගය. රාවණ රාජ්‍යය කියා හඳුන්වනවා. ඥාන මාර්ගය ගැන ඔය දරුවන්ට කියා දෙන්නේ පරමාත්ම පියා පමණයි. භක්ති මාර්ගයේ සිටිනා සෑම කෙනෙක්ම ඒ අසීමිත පියාව සිහි කරනවා. ඔබලා දැන් උපත් 21කට ඥාන රාජ්‍යය ලබනවා. කල්ප බාගයකටම ඔබට කන්නලව් කිරීමට සිදුවන්නේ නැහැ. ඕ, රාමා, ඕ, ප්‍රභූ කියා කෑ ගැසීමට අව වන්නේ නැහැ. මිනිස්සු දුකින් සිටිනා විට අහෝ රාමා කියා කන්නලව් කරනවා. එහිදී ඔබට කිසිම දුකක් නැහැ. මෙය නිර්මාණය වී ඇති නාටකයක් කියා ඔබ දැන් තේරුම් ගෙන සිටිනවා. කල්ප බාගයකටම ඥානයේ දිනය තිබෙනා අතර කල්ප බාගයකටම ඇත්තේ භක්තියේ රාත්‍රියයි. භක්තිය අපව පහළට ඇද දමනවා. ඔය දරුවන්ගේ බුද්ධියට අනිවාර්යෙන්ම ඉණිමඟ පිළිබඳ වූ ඥානය අවශ්‍යයි. පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙන්නේ: මේ උපත් 84 චක්‍රයයි. මෙම චක්‍රය පිළිබඳව දැන ගැනීමෙන් ඔබ ගෝලය පාලනය කරනා රජවරුන් වේවි. මෙන්න මේ නිසා තමයි බාබා මේ පින්තුර සාදා තිබෙන්නේ: චක්‍රය ගැන දැන ගැනීමෙන් උපත් 21 රාජ්‍යයේ වාසනාව අප දිනා ගත්තේ කෙසේද කියා ඔවුන් පෙන්වනවා. දැන් ඔබලා බොහෝ පිරිසක් සිටිනවා. ආධ්‍යාත්මික ශක්ති සේනාව දැන් ඉතා විශාලයි. ඔබ සෑම කෙනෙක්ම මඟ පෙන්වන්නන්ය. බාබාත් මඟ පෙන්වන්නායි. ඔහුව හඳුන්වන්නේ ද මඟ පෙන්වන්නා කියලයි. මඟ පෙන්වන්නා යන වචනය පිරිසිඳු වචනයක්. අන් අයව ගමනක ගෙන යන්නන් මඟ පෙන්වන්නන් වෙනවා. සංචාරකයින් ගමන් බීමන් යන විට ඔවුන්ට මඟ පෙන්වා සෑම දෙයක්ම කියා දීමට මඟපෙන්වන්නෙක් පත් කරවනවා. වන්දනා ගමන් වලදීත් එවන් මඟපෙන්වන්නන් හමු වෙනවා. පරමාත්ම පියා කියනවා: ඔබ උපතක් උපතක් පාසා වන්දනා ගමන් යමින් සිටියා. අමරනාථයත් අනිකුත් වන්දනීය ස්ථාන වලටත් ඔබ යනවා. ඔබ සෑම තැනකටම යනවා. ඒ යන විට ඔබ සිහි කරන්නේ එයම පමණයි. තම ගෙවල් දොරවල් ව්‍යාපාර ආදියෙන් හිත ඉවත් වෙනවා. මෙහිදී ඔබට කියන්නේ තම පවුලේ අයත් සමඟ නිවසේම ජීවත්වෙමින් සියලු වැඩකටයුතු කරගෙන යන අතරේත් මෙම නොපෙනෙන වන්දනා ගමනේ නිරත වෙන්න කියලයි. මෙය ඉතාමත් හොඳයි. ඔබට අවශ්‍ය පමණට ව්‍යාපාරය දියුණු කර ගත හැකියි. කිසිම කෙනෙකුට එය තහනම් කර නැහැ. ඔබගේ රාජධානිය පවා රැක බලා ගත හැකියි. ජනක් රජුත් එක් තත්පරයකින් ජීවත මුක්තිය ලැබුවා. ලෞකික වන්දනා ගමන් යමින් රස්තියාදුවිය යුත්තේ නැහැ. අනිවාර්යෙන්ම ඔබ තමන්ගේ ගේ දොර දරුපවුල් හොඳින්ම රැක බලා ගත යුතුයි. ඉතාමත් හොඳ ඥානවන්ත දරුවන් තම පවුලේ අයත් සමඟ නිවසේම ජීවත් වන ගමන් තමන් නෙළුම් මලක් සේ ජීවත්විය යුතුය යන්න තේරුම් ගන්නවා. පවුලේ අයත් සමඟ ජීවත් වීම කලකිරීමක් කර ගැනීමට අවශ්‍ය නැහැ. කුමාරයින් හා කුමාරීන් සන්යාසීන් මෙනි: ඔවුන්ට පාප නැහැ. ඔවුන් පස් පව් වලින් ඈත්ව සිටිනා අයයි. තමන්ගේ අලංකාරය අන් අයගේ අලංකාරයට වඩා වෙනස් වූවක් බව ඔබ දැන් දන්නවා. ඔවුන්ගේ එය තමෝප්‍රධාන් මේක්-අප් එකක් වන අතර ඔබට ඇත්තේ සතෝප්‍රධාන් මේක්-අප්ය. එමඟින් ඔබ සතෝප්‍රධාන් සූර්යවංශික රජදහනට යනවා. පරමාත්ම පියා ඔය දරුවන්ට කියන්නේ: කිසිම ආකාරයක තමෝප්‍රධාන් භෞතික විලාසිතාවන්ට යන්න එපා. ලෝකය ඉතාමත් නරකයි. නිවසේ ජීවත් වුණත් විලාසිතාවන්ට හසු වූවෙක් වන්න එපා. එවන් විලාසිතා අන් අයව ආකර්ෂණය කරගන්නවා. මේ කාලයේ ලස්සන එතරම් හොඳ නැහැ. ඔබ අවලස්සන නම් වඩාත් හොඳයි. මන්ද කිසිම කෙනෙක් ඔබව උඟුලේ පටලවා ගැනීමට එන එකක් නැහැ. ලස්සන අයව මිනිස්සු පස්සෙ පන්නනවා. ක්‍රිෂ්ණාව පවා ඔවුන් පෙන්වන්නේ අවලස්සන අයෙක් ලෙසිනුයි. ඔබ ලස්සන විය යුත්තේ ශිව බාබා මඟිනුයි. ඒ මිනිස්සු ලස්සන වන්නේ පියර ගාගෙනයි. විලාසිතා ගණනාවක්. ඒ ගැන අහන්නවත් එපා මුදල් හදල් තිබෙන අය විනාශ වී හමාරයි. දුප්පතුත් හොඳයි. ගම්මාන වලට ගිහින් දුප්පතුන්ට සෙත සලසන්න. කෙසේවෙතත්, යම් හඬක් නැඟිය හැකි ප්‍රභූ පිරිසකුත් අවශ්‍යයි. ඔබ සෑම කෙනෙක්ම දුප්පත්. ධනවත් කෙනෙක් කවුරු හෝ මෙතන සිටිනවාද? බලන්න ඔබ මෙතන හරිම සරළව අසුන් ගෙන සිටින ආකාරය. බොම්බේ නුවර ඇති විලාසිතාවන් දෙස බලන්න. ඇතැම් අය බාබා මුණ ගැසීමට පැමිණි විට මම ඔවුන්ට කියනවා: ඔබලා භෞතික අලංකාර (make - up) දා ගෙනයි ඉන්නේ. දැන් එන්න මම ඔබට උපත් 21කටම දෙව්ලොව සුරදේවතාවරයෙක් විය හැකි ඥාන මේක්-අප් එක දෙන්නම්. ඔබ නිතරම සතුටින් සිටීවි. ඔබ කවදාවත් අඞන එකක් නැහැ. කිසිම දුකකුත් නැහැ. දැන් ඒ භෞතික අලංකාර දැමීම් නතර කරන්න. මම ඔබව ඥාන මිණිමුතු වලින් සරසා ඉහළින්ම ලස්සන කරවන්නම්. මගේ උපදෙස් පිළිපැද්දොත් මම ඔබව රැජිණියන් කරවන්නම්. ඒක හොඳයි නේද? භාරතවාසී ඔය සියලු දෙනාවම මම මෙම තමෝප්‍රධාත් යක්ෂ අපා ලෝකයෙන් ගලවා ගෙන දෙව්ලොව අධිරාජිණියන් කරවන්නම්. අද සුදුවතින් සැරසී සිටිනා ඔබ සෑම කෙනෙක්ම ඊලඟ උපතේදී දෙව්ලොව ඉපදී රන් හැන්දෙන් කිරි බොන බව ඔය සෑම දරුවෙක්ම තේරුම් ගෙන සිටිනවා. මෙම ලෝකය ඉතාමත් අපිරිසිඳුයි. දිව්‍ය ලෝකය. දිව්‍ය ලෝකයමයි. ඒ ගැන අහන්න දෙයක් නැහැ. මෙහි ඔබලා යාචකයින්. භාරතය යාචකයෙක්. ඔබලා යාචක තත්ත්වයෙන් රාජකුමාරවරුන් වුණා කියා සඳහන් වී තිබෙනවා. පසුව ඔබ එම භාරතයේම නැවතත් උපත ලබාවි. පරමාත්ම පියා අපව දෙවිලොව පාලකවරුන් කෙරෙව්වා. දිවා රෑ මෙන් වෙනසක් තිබෙනවා. දානයක් දෙන්නේ ඉතාමත් දිළිඳු අයටයි, කෑමටවත් යමක් නොමැති අයටයි. භාරතය ඉතාමත් දිළිඳුයි. මේ කාලයේදී සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් බව ඒ අසරණයින් දන්නේ නැහැ. දවසින් දවස. ඔවුන් ඉණිමඟේ පහළට බැසගෙන එනවා. කිසිම කෙනෙකුට මේ කාලයේදී මේ ඉණිමඟ නඟින්න බැහැ. එන්න එන්නම පහළට ඇද වැටෙනවා: සොලොස් කලාවත් දාහතරක් වී පසුව දොලසක් වෙනවා. ලක්ෂ්මි හා නාරායන මුලින්ම සොලොස් කලාවන්ගෙන් පිරි අයයි. පසුව ඔවුන් පහළට පැමිණ කලා දාහතරක් ඇති අය වුණා. පහළට බැසගෙන එන අතර සෑම කෙනෙක්ම අපිරිසිඳු වුණු බව ඉතාමත් හොඳින් මතක තබා ගන්න. නැවතත් වතාවක් ඔබලාව දෙවිලොව පාලකවරුන් කරවිය හැක්කේ කාටද? ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවතත් ක්‍රියාත්මක වෙනවා. සෑම කෙනෙක්ම මේ ගැන කතා කරනා නමුත් එසේ නැවත දිගහැරෙන්නේ කුමන ඉතිහාසයදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ග්‍රන්ථ වල ස්ව ර්ණමය යුගයේ කාල පරාසය වසර සිය දහස් මිලියන ගණනක් කියා සඳහන් වී තිබෙනවා. ස්වර්ණමය යුගය උදා වන්නේ කවදාදැයි කියා ඔවුන් ගෙන් ඇසුවහොත් එයට තව වසර 40,000ක් පමණ තිබෙනවා කියා ඔවුන් කියාවි. කල්පයේ කාලපරාසය වසර 5000ක් පමණක් වන බව ඔවුන්ට ඔප්පු කර පෙන්වීමට ඔබලාට පුළුවනි. ස්වර්ණමය යුගය පමණක් වසර සිය දහස් ගණනක් කියා ඔවුන් කියනවා. මේ තමයි ඝණ අන්ධකාරය. ඉතින් පරමාත්ම දෙවියන් පැමිණ සිටිනවායි යන්න මිනිස්සු විශ්වාස කරන්නේ කෙසේද? කලි යුගය අවසානයේ දී පරමාත්ම දෙවියන් පැමිණෙන බවට ඔවුන් විශ්වාස කරනවා. ඔය දරුවන්ට දැන් මේ සියල්ල පැහැදිලියි. විනාශය අත ලඟයි. විනාශය සිදුවීමට පෙර පරමාත්ම පියාගෙන් තම උරුමය දිනා ගන්නැයි කියා ඔය දරුවන්ට කියා තිබෙනවා. කෙසේවෙතත්, සෑම කෙනෙක්ම කුම්භකර්ණ නිද්‍රාවේ නිදි. ඉතින් ඒ අසරණයින් පීඩනයෙන් මිය යන අතර ඔබලා ජයග්‍රහණයේ සතුට විඳීවි. විනාශය සිදුවන මොහොතේ දී වේදනා බර හැඩීම් අසන්න ලැබේවි. එසේ වේදනාවෙන් හැඩීමට සිදුවන්නේ සෙනෙහස නොමැති අයටයි. ඔබලා දැත් පරම සත්‍යය ඒකායනයේ සැබෑ දරුවනුයි. අපායේ විනාශය සිදු නොවී දෙව්ලොව නිර්මාණය වන්නේ කෙසේද? මෙය මහා භාරත යුද්ධය බව ඔබලා කියනවා. දෙව්ලොව දොරටු විවර වන්නේ මෙමඟිනුයි. මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. තමන් දැන් දේව ස්වාධිපත්‍යයේ ඵලය ලබමින් සිටිනා බව ඔබගේ සිහියේ තිබෙනවා. ඔවුන් දිගටම රණ්ඩු වෙවී සිටීවි. ඔවුන් මානව ජීවින් වන අතර ඔබලාත් මානව ජීවීනුයි. නමුත් ඔවුන් යක්ෂ ප්‍රජාවට අයිති වන අතර ඔබලා අයිති වන්නේ දේව ප්‍රජාවටයි. පරමාත්ම පියා ඔය දරුවන් ඉදිරියේම අසුන්ගෙන සියල්ල පැහැදිලි කර කියා දේ. ඔය දරුවන්ගේ ඇතුලාන්තයේ ඇත්තේ සතුටයි. දැන් දිනා ගනිමින් සිටින්නාක් සේ එවන් අධිරාජ්‍යයක් ඔබලා අනේක වාරයක් දිනා ගෙන තිබෙනවා. බළලුන් දෙදෙනා රණ්ඩු වෙවී සිටිනා අතර ඔබලා ලෝක අධිරාජ්‍යය ඵලය දිනා ගන්නවා. ඔබලා මෙහි පැමිණෙන්නේ ලෝක පාලකවරුන් වීමටයි. බාබා සමඟ යෝග වීමෙන් ඔබ ඔබගේ කර්මතීත් තත්ත්වයට ලඟා වන බව දන්නවා. ඔවුන් එකිනෙකා අඞබර වේවි. අපි අනිවාර්යෙන්ම දෙව්ලොව රාජ්‍යය දිනා ගන්නවා. මෙය පොදු දෙයක්. භෞතික බලය තිබෙන්නන්ට දෙව්ලොව රාජධානිය දිනා ගත නොහැකියි. ඔබලා ලෝක පාලකවරුන් වන්නේ යෝග බලයෙනුයි. ඔබගේ පරම දේව ධර්මය අවිහිංසාවයි. එහි කිසිම ආකාරයක හිංසනයක් නැහැ. ආරම්භයේ පටන් අවසානය දක්වාම දුක් ගෙන දෙන රාග අසිපත තමයි දරුණුම දෙය. රාවණ රාජ්‍ය පවතින්නේ කොයි කාලයේද යන්න කිසිම කෙනෙකුට අවබෝධවන්නේ නැහැ. දැන් පැමිණ අපව පාරිශුද්ධ කරවන්නැයි කියා ඔවුන් කන්නලව් කරනවා. එමනිසා, අනිවාර්යෙන්ම අපි එක් කාලයක දී පාරිශුද්ධව සිටියා. භාරතවාසී දරුවන් කන්නලව් කරනවා: අපව දුකින් ගලවා ගෙන සාම දේශයට ගෙන යන්න. අපගේ දුක නැති කර සතුට දානය කරන්න. ක්‍රිෂ්ණාට -හරි- කියලත් කියනවා. හරි-ද්වාරය ක්‍රිෂ්ණාගේ දේශයයි. මෙය යක්ෂ දේශයයි. අපි මේ යක්ෂ දේශයට කැමති නැහැ. මායාගේ සෙල්ලමුත් තිබෙනවා. රාවණ රාජ්‍යෙ ඇරඹෙන්නේ තඹ යුගයෙන් බව ඔබලා දන්නවා. පාරිශුද්ධ දේවතාවරුත් අපිරිසිඳු වීමට පටන් ගත්තා. ජගත්නාථ දේශයේ ඒවායේ සලකුණු තිබෙනවා. ලෝකය හරිම අපිරිසිඳුයි. ඔබලා දැන් ඒ සියල්ලෙන් ඉවත් වී සුර දේවතා දේශයට යමින් සිටිනවා. මේ සඳහා විශාල ධෛර්යයක් හා එඩිතරකමක් අවශ්‍යයි. බාබාට අයිති වීමෙන් පසුව ඔබ අපිරිසිඳු නොවිය යුතුයි. සැමියා හා බිරිඳ එකම නිවසේ වාසය කරතා විට ඒ ගින්න ඇති නොවී තිබිය නොහැකියි කියා තමයි ඔවුන් සිතන්නේ. මෙන්න මේ නිසා තමයි කොතැනකවත් සඳහන් වී නැති මෙවන් කාරණා කියමින් අපි සෑම කෙනෙක්වම සහෝදර-සහෝදරියන් කරවනවායි කියා මිනිස්සු කලබල ඇති කරවන්නේ. අප ලඟ මෙහි ඇති විජ්ජාව කුමක්දැයි කියා ඔවුන්ටත් පුදුමයි. කෙනෙක් බ්‍රහ්ම කුමාරීන් ලඟට ගියොත් ඉතින් ගියාම තමයි කියා කියමින් ඔවුන් කලබල ඇති කරවනවා. මෙයත් නාටකයේ නියමිත දෙයක්. තම චරිත කොටසේ ඇත්තන් මොන දේ වුණත් ඒවි. බිය වීමට කාරණාවක් නැහැ. ශිව බාබා ඥාන සාගරයයි. පාරිශුද්ධකරුයි, සැමට ගැලවීම දානය කරන්නායි. ඔහු බ්‍රහ්මා මඟින් ඔබව අපිරිසිඳු බවින් පාරිශුද්ධ කරවනවා. මේ වවන ලොකු අකුරින් ලියූ විට ඕනෑම කෙනෙකුට එය පහසුවෙන් කියවා ගත හැකියි. ඔවුන් එතරම් බාධක ඇති කරවන්නේ පාරිශුද්ධත්වය සම්බන්ධයෙනුයි. බාබා කියනවා: දරුවනි, කිසිම ශාරීරික කෙනෙක් වෙත කිසිම බන්ධන රැහැනක් නොතිබිය යුතුයි. යම් හෝ බැඳීමක් තිබෙනවා නම් ඔබ එහි පැටලෙනවා. මෙහිදී ඔබට කියන්නේ ඔබගේ මව මිය ගියත් හල්වා කන්න කියලයි. බාබා ඔබව තමා ඉදිරියේ අසුන්ගන්වා ගෙන මෙසේ අසනවා: ඔබගේ ඥාති කෙනෙක් හෙට මිය ගියහොත් ඔබ අඩනවා ද? කඳුළක් සැලුවොත් ඔබ අසමත්. ඒ පුද්ගලයා එක් ශරීරයක් අතහැර තවත් ශරීරයක් ලබලා. අඩන්න තියෙන්නේ මොනවා ද? මෙය අසන කෙනෙක් කියාවි: ඔබලා මේ මොනවා ද කියන්නේ? යම් හොඳ දෙයක් කියන්න, කියලා.... ආනේ අපි ඉතින් කියන්නේ හොඳ දේවල්නේ. ස්වර්ණමය යුගයේ ඇඩීම් නැහැ. ඔබගේ මේ ජීවිතය එයටත් වඩා උසස් ජිවිතයක්. ඔබලා සෑම කෙනෙක්වම ඇඩීමෙන් නිදහස් කරවන්නනුයි. ඉතින් ඔබලා අඩන්නේ කොහොමද? අපව දෙව්ලොවට ගෙන යන සියලුම සැමියන්ගේත් සැමියාව අප සොයා ගෙන තිබෙනවා. ඉතින් එසේනම් අපව අපායට ඇද දමනා අය වෙනුවෙන් අපි අඩන්නේ කුමකට ද? බාබා අපට එවැනි මිහිරි දේ කියන්නේ අපේ උරුමය දිනා ගන්නයි. මේ කාලයේ භාරතය විශාල ප්‍රපාතයකට ඇද වැටිලා. පරමාත්ම පියා පැමිණ එයට උදව් කරනවා. භාරතය පිරිහුණුම දේශය කියලත් කියනවා. සින්දේශයේ අය තරම් විලාසිතාවන්ට හුරුවුණු අය තවත් නැහැ. ඔවුන් ඒවා ඉගෙන ගන්නේ පිටරට වලිනුයි. ගැහැණු දරුවන් කොණ්ඩා මෝස්තර වලටම විශාල මුදලක් වැය කරනවා. ඔවුන්ව හඳුන්වන්නේ අපායේ සුරදුතිකාවන් කියලයි. පරමාත්ම පියා ඔබලාව දෙව්ලොව සුරදුතිකාවන් කරවනවා. අපිට මෙය දෙව්ලොව තමයි කියා ඔවුන් කියනවා. අපි මේ සතුටවත් විඳිමු. හෙට මොනවා වෙයි ද කියා අපි දන්නේ නැහැ. එවන් අදහස් ඇතිව බොහෝ අය මෙහි පැමිණෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සැබෑම ආධ්‍යාත්මික මඟ පෙන්වන්නෙක් වී සෑම කෙනෙකුටම නිවහන වෙත මඟ කියන්න. තම ශාරිරික ජීවිකාව සඳහා ව්‍යාපාරික කටයුතු ආදිය කරනා අතරතුරත් ස්මරණිය වන්දනාවේ නිරත වන්න. ව්‍යාපාරික කටයුතු හා ගනුදෙනු සම්බන්ධයෙන් වෙහෙසට පත් නොවන්න.

2. ඥානයෙන් තමාව සරසා ගෙන දෙව්ලොව සුරදේවතාවරයෙක් බවට තමාව පත් කර ගන්න. මෙම තමෝප්‍රධාන් ලෝකයේ දී කිසිම භෞතික සැරසිල්ලකට නොයන්න. කලි යුගයේ විලාසිතා පසුපස යාම අතහැර දමන්න.

වරදානය:
ඔබ දරුවෙකු සහ මාස්ටර් වීමේ සමබරතාවයක් පවත්වා ගෙන, යුක්තියුක්ත ආකාරයකින් ඉදිරියට ගොස්, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.

හැකිතාක් දුරට, සේවය කිරීම සම්බන්ධයෙන් දරුවෙකු සහ ඔබේ පුද්ගලික උත්සාහ අවධියේ මාස්ටර්වරයෙකු වන්න. සම්බන්ධතා ඇති කර ගනිමින්, සේවය කිරීමේ දී දරුවෙකු වන්න, ස්මරණ වන්දනා ගමනේ සහ මෙම ඥානය මතගෑමේ දී මාස්ටර් වන්න. ඔබේ සහචරයින් සමඟ සමූහයේ දී දරුවෙකු වන්න සහ පුද්ගලයෙකු ලෙස මාස්ටර් වන්න. මෙම සමබරතාවය පවත්වා ගනිමින් ඉදිරියට යාම යනු යුක්තියුක්ත ආකාරයකින් ඉදිරියට යාමයි. මෙය කිරීමෙන්, ඔබ සෑම කාර්යයකදීම පහසුවෙන් සාර්ථකත්වය අත්කර ගනු ඇත, ඔබේ අවධිය නිරන්තරව හා ස්ථාවරව පවතිනු ඇති අතර ඔබ සැමගේ සෙනෙහසට පහසුවෙන් පාත්‍රවනු ඇත.

පාඨය:
ඔබේ සිතිවිලි සහ ක්‍රියා සමාන වන විට, ඔබ ආත්ම ශක්තියෙන් යුතු බලවත් ජීවාත්මයක් යැයි කියනවා ඇත.

අව්‍යක්ත සංඥාව: නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.

සතුටු සිතින් සිටීමේ ගුණය ඔබේ උත්සාහයන් සඳහා ඔබට බොහෝ සෙයින් උපකාරී වේ. ඔබේ මුහුණ සතුටින් තිබෙන සේම, ඒ ආකාරයෙන්ම, ඔබේ ජීවාත්මය ද සතුටින් තබා ගන්න. මෙම ස්වභාවික ගුණධර්මය ජීවාත්මය තුළට කාවැද්දීමට ඉඩ දෙන්න. ඔබ නිරන්තරයෙන් ප්‍රීතියෙන් සිටින්නේ නම්, මායාගේ කිසිදු ආකර්ෂණයකට ඔබව ආකර්ෂණය කර ගැනීමට නොහැකි වනු ඇත. මෙය පරම පියාගේ සහතිකයයි. කෙසේවෙතත්, නිරන්තරයෙන් ප්‍රීතියෙන් සිටීමට නම්, ඔබේ ආධ්‍යාත්මික ගෞරවය පවත්වා ගන්න, දරාගන්නා අතර නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස මායාගේ ක්‍රීඩා නරඹන්න.