02.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ මෙහි පැමිණ සිටින්නේ සිහිකිරීමේ නිරත වී තම පාප දවා හළු කර ගැනීමටයි. එමනිසා, සම්පූර්ණ අවධානයෙන් සිටින්න. එවිට ඔබගේ බුද්ධියේ යෝගාව ඵල රහිත නොවනු ඇත.

ප්‍රශ්නය:
අවසාන කාලයේදී අපහසුතාවන් ගෙන එන්නේ කුමන සියුම් පාපය ද ?

පිළිතුර:
තණ්හාව නම් වූ දුර්ගුණය සියුම් ස්වරූපයකින් හෝ ඔබ තුළ තිබෙනවා නම්, කෑදරකම නිසා ඔබ කුමන හෝ දෙයක් එකතු කර ලඟ තබා ගන්නවා නම් අවසාන මොහොතේදී ඔබට එය සිහි වී ඔබව මහත් අපහසුතාවයකට පත් කරවයි. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ: දරුවනි, කිසිම දෙයක් තමා ලඟ තබා ගන්න එපා. සියලුම සිතිවිලි මැඩපවත්වා ගනිමින් පරම පිය සිහියේම පමණක් සිටීමේ පුරුද්ද ඔබ හොඳින් ඇති කර ගත යුතුයි. එමනිසා, ජීවාත්ම අවධානයට පත් වීම පුහුණු කරන්න.

ඕම් ශාන්ති.
බාබා සෑම දිනකම ඔය දරුවන්ට මතක් කරවනවා: ඔබගේ සිහිය එහේ මෙහේ හැම තැනකම යන නිසා ජීව අවධානයට පත් වන්න. අඥාන මාර්ගයේ දී, ආගමික ග්‍රන්ථ වලට ඇහුම්කන් දෙන විට ඔවුන්ගේ සිහිය ඇත්තේ වෙන වෙන තැන්වලයි. මෙහිදීත්, සිහිය හැමතැනකටම යනවා. මෙන්න මේ නිසා තමයි ඔබට දිනපතාම ජීව අවධානයට පත් වෙන්නයි කියා කියන්නේ. ඒ මිනිස්සු කියනවා: අප කියනා දෙයට අවධානය යොමු කර එය ධාරණය කර ගන්න. ග්‍රන්ථ වල ලියා ඇති දේ වලට අවධානය යොමු කරන්න. මෙහි පරම පියා ඔබට පහදා කියනවා: ඔය සියලුම ශිෂ්‍යයින් මෙහි අසුන් ගන්නා විට ජීව අවධානයෙන් සිටිය යුතුයි. ශිව බාබා මෙහි එන්නේ ඔබට ඉගැන්වීමටයි. වෙනත් කිසිම පාසලක කෙනෙක් ශිව බාබා තමාට උගන්වනවාය කියා සිතන්නේ නැහැ. එවන් පාසලක් පිහිටන්නේ අති උතුම් වූ සංගම යුගයේ දීම පමණයි. මෙහි අසුන් ගෙන සිටිනා ඔය සිසුන් තමාට මෙහිදී උගන්වන්නේ පරමාත්ම පියා වන පරමාත්ම ජීවය බව දන්නවා. ශිව බාබා පැමිණෙන්නේ අපට ඉගැන්වීමටයි. ඔහු විසින් උගන්වන පළවෙනිම දෙය නම්: ඔබ පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. එමනිසා, නිරතුරුවම මා පමණක්ම සිහිපත් කරන්න. කෙසේවෙතත්, මායා ඔබට නැවත නැවතත් මෙය අමතක කරවනවා. මෙන්න මේ නිසා තමයි පරම පියා ඔබට අනතුරු අඟවන්නේ. කෙනෙකුට පහදා දීමට යනවා නම්, පළමුවෙන්ම පැහැදිලි කළ යුත්තේ පරමාත්මය යනු කවුද, පාරිශුද්ධකරු. දුක නැති කර සතුට දානය කරනා පරමාත්ම දෙවියන් කොහේද සිටින්නේ යන කරුණුයි. සෑම කෙනෙක්ම ඔහුව සිහි කරනවා. තමන්ට කිසියම් අපහසුතාවයක් ඇති වුණු විට මිනිස්සු: අනේ දෙවියනේ අපට අනුකම්පා කරන සේක්වා! කියා කන්නලව් කරනවා. මිනිසුන් බේරා ගත යුතු වන විට: අහෝ දෙවියනේ. අහෝ දෙවියනේ අපව දුකින් මුදවා ගන්න! කියා කෑ ගසනවා. සෑම කෙනෙකුටම දුක් කරදර තිබෙනවා. සත් යුගය සතුටේ දේශය ලෙසත් කලි යුගය දුක් දේශය ලෙසත් හඳුන්වන බව ඔබ නිසැකවම දන්නවා. ඔය දරුවන් මේ ගැන දන්නවා වුණත් මායා ඔබට මෙය අමතක කරවනවා. ස්මරණයෙහි අසුන් ගෙන සිටීමේ මෙම ක්‍රමය නාටකයකට අනුවම තීරණය වූවක්. මන්ද මුළු දවස පුරාවටම කිසිම ස්මරණයකින් තොරව සිටිනා අයත් බොහෝමයක්ම සිටිනවා. ඔවුන් එක් මිනිත්තුවකටවත් සිහිපත් කරන්නේ නැහැ. ඉතින් එමනිසා, එම ස්මරණය සඳහා උනන්දු කරවීමට ඔවුන්ව මෙහි අසුන් ගන්වනවා. එම සිහි කිරීම සඳහා ඔබට විවිධ මාර්ග පෙන්වා දෙන්නේ එය හොඳින් ඔබ තුළ ස්ථාවර කරවීමටයි. පරම පියාව සිහි කර අප සතෝප්‍රධාන් විය යුතුයි. සතෝප්‍රධාන් වීමේ ඉහළම ගණයේ සැබෑම ක්‍රමයක් පරම පියා ඔබට කියා තිබෙනවා. පාරිශුද්ධකරු වන්නේ එකම එක කෙනා පමණයි. ඔහු පැමිණ ඔබට ක්‍රමය පෙන්වා දෙනවා. පරම පියා සමඟ යෝග වුණු විට ඔය දරුවන් මෙහි ශාන්තව අසුන් ගෙන සිටිනවා. ඔබගේ බුද්ධියේ යෝගාව එහේ මෙහේ යන්න ගියහොත් ඔබට සාමයක් නැහැ. ඔබ නොසන්සුන් වෙනවා. ඔබගේ බුද්ධියේ යෝගාව සෑම විටම එහේ මෙහේ ගිහින් පාප දුරු නොවන නිසා එය අපතේ යාමක් වෙනවා. පාප කපා දැමිය හැක්කේ කෙසේද කියා ලෝකයේ අය දන්නේ නැහැ. මේවා ඉතාමත් සියුම් කරුණුයි. පරම පියා ඔබට කියා තිබෙනවා ; මාගේ සිහියේ සිටින්න. එම ස්මරණ රැහැනේ ඔබ බැඳී සිටිනා මොහොත සාර්ථක මොහොතක් වෙනවා. මද වශයෙන් හෝ ඔබගේ බුද්ධිය එහා මෙහා ගියහොත් එම කාලය අපතේ යන අතර එය ඵල රහිත වෙනවා. පරම පියාගේ උපදේශය නම්: දරුවනි. මා සිහි කරන්න. ඔබ මා සිහි කළේ නැතිනම් එය ඵල රහිත වෙනවා. ඉන් සිදුවන්නේ කුමක්ද ? ඔබට ඉක්මනින් සතෝප්‍රධාන් විය හැකි වන්නේ නැහැ. පසුව එය පුරුද්දක් බවට පත් වී නැවත නැවතත් දිගටම එයම සිදු වෙනවා. මෙම උපතේ දී තමා විසින් කර ඇති පාප පිළිබඳව ජීවයක් දන්නවා. තමන්ට ඒවා මතක නැහැයි කියා ඇතැම් අය කිව්වත් බාබා කියනවා: වයස අවු. 3–4 කාලයේ සිට සිදු වුණු සෑම දෙයක්ම ඔබට මතකයි. පසුකාලයේදී කරනා තරම් පාපකාරී ක්‍රියා මුල්කාලයේදී ඔබ විසින් කරන්නේ නැහැ. දවසින් දවස ඔබගේ ඇස් සාපරාධි වෙන්න පටන් ගන්නවා. රිදී යුගයේ දී අංශක දෙකක පරිහාණීයක් සිදු වෙනවා. පුර හඳ අංශක දෙකකින් පහළ යාමට කෙතරම් කාලයක් ගත වෙනවාද ? ක්‍රම ක්‍රමයෙන් අඩු වීමට පටන් ගන්නවා. ඒ කාලයේ දී සඳත් කලා දහසයකින්ම පිරුණු සඳක්. සූර්යා ගැන මෙවන් සඳහනක් නැහැ. හඳට එක් මසෙක කාලයක් නමුත් මෙය එක් කල්පයක කතාවක්. දවසින් දවස ඔබ පහළට එන්න පටන් ගන්නවා. පසුව ස්මරණ වන්දනාවේ නිරතව සිටීමෙන් නැවතත් නඟින්න පටන් ගන්නවා. ඉන් අනතුරුව ඉහළ නැඟීමට කියා ස්මරණයක් අවශ්‍ය වන්නේ නැහැ; සත් යුගයට පසුව ඔබ පහළට පැමිණෙනවා. සත් යුගයේ දීත් ස්මරණයේ නිරතව සිටියා නම් පහළට වැටෙනා එකක් නැහැ. කෙසේවෙතත්, නාටකයට අනුව ඔබ පහළට පැමිණීය යුතුයි. මේ නිසා තමයි එහිදී ඔබට කිසිම ස්මරණයක් නැත්තේ. ඔබ අනිවාර්යෙන්ම පහළට පැමිණීය යුතුයි. පසුව පරම පියා ඔබට එහි ක්‍රමය කියා දී නැවතත් ඔබ ආරෝහණය පටන් ගන්නවා. ආරෝහණ කාලය දැන් ඇරඹෙමින් පවතින බව පරම පියා සංගමය යුගයේ දී පැමිණ ඔබට කියා දෙනවා. පසුව අප අපගේ සතුටේ දේශයට යා යුතුයි. පරම පියා කියනවා: ඔබ දැන් සතුටේ දේශයට යා යුතු නිසා මා සිහි කරන්න. ස්මරණයෙන් ඔය ජීව සතෝප්‍රධාන් වේවි. ලෝකයේ අයට වඩා ඔබලා වෙනස්. පාරාදීසය මෙම ලෝකයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මීට පෙර පාරාදීසයක් තිබුණා නමුත් දැන් නැහැ. කල්පයේ කාල පරාසය දීර්ඝ කිරීම නිසා ඔවුන්ට මෙය අමතක වෙලා. ඔය දරුවන්ට පාරාදීසය දැන් බොහෝම ලඟින් දැනෙනවා; ඉතිරි වී ඇත්තේ ඉතාමක් කෙටි කාලයක් පමණයි. ස්මරණ වන්දනාවේ කිසියම් දෙයක් අඩු වුණු විට තවත් බොහෝම කාලයක් ඉතිරිව තිබෙනවා කියා ඔබ සිතනවා. අවශ්‍ය තරමේ ස්මරණ වන්දනාවක් තවමත් නැහැ. නාටක සැලැස්මට අනුව ඔබ සෑම කෙනෙක්ටම පණීවිඩය යවනවා. අන් අයට පණිවිඩය දෙන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ඔබ කිසිම සේවයක් නොකරන බවයි. ඔබ මෙම ආරංචිය මුළු ලෝකයට පතුරුවාලිය යුතුයි. පරම පියා කියනවා: නිරන්තරයෙන් මා පමණක්ම සිහි කරන්න. මෙම මහා වාක්‍යය සඳහන්ව ඇත්තේ එකම එක ගීතාවේ පමණක් බව ගීතාව හදාරණ අය දන්නවා. නමුත් ඔවුන් කියා සිටින්නේ ඒවා ක්‍රිෂ්ණා දෙවියන් විසින් කියූ දේවල් කියායි. ඉතින් ඒ නිසා ඔවුන් සිහි කරන්නේ කාවද ? ඔවුන් ශිවාව වන්දනා කළා වුවත් ශ්‍රීමත් අනුගමනය කිරීමට තරම් ඔවුන් තුළ නිවැරදිම අවබෝධයක් නැහැ. දැන් ඔබලාට ලැබෙන්නේ දේව උපදෙසුයි. නමුත් මීට පෙර ඔබලා ලැබුවේ මිනිසුන්ගේ උපදේශයනුයි. ඒ දෙක අතර දිවා රෑ මෙන් වෙනසක් තිබෙනවා. මිනිසුන්ගේ මතයට අනුව දෙවියන් සෑම තැනම සිටිනවා නමුත් දේව මතය කියන්නේ: නැහැ කියලයි. පරම පියා කියනවා: මා පැමිණ සිටින්නේ දිව්‍යලෝකය ස්ථාපනය කිරීමටයි. එමනිසා මෙය අනිවාර්යෙන්ම අපාය වෙනවා. මෙහි සිටිනා සෑම කෙනෙක් තුළම දුර්ගුණ පහම තිබෙනවා. මෙය පාපකාරී ලෝකයක් එමනිසා, මා පැමිණ සිටින්නේ එය පාපයෙන් තොර ලෝකයක් බවට පත් කරලීමටයි. දෙවියන්ගේ දරුවන් වන අය තුළ මෙම පාප තිබෙන්න බැහැ. ඔළු දහයක් ඇති රාවන්ගේ පින්තූර පෙන්වනවා. රාවන්ගේ ලෝකය පාපයෙන් තොර වූ ලෝකයක් කියා කිසිම කෙනෙක්ට කියන්න බැහැ. දැන් මෙය රාවන්ගේ රාජ්‍යය බවත් එහි සිටිනා සෑම කෙනෙක් තුළම දුර්ගුණ පහම ඇති බවත් ඔබ දන්නවා. ස්වර්ණමය යුගයේ ඇත්තේ රාමාගේ රාජ්‍යය වන අතර එහි කිසිම පාපයක් නැහැ. මේ කාලයේ මිනිස්සු සිටින්නේ හරිම දුකින්. ශරීරය විවිධ විවිධ වේදනාවන්ට ලක් වෙනවා. මෙය දුක් ලෝකයයි. සතුටු දේශයේ දී ශරීරය කිසිම දුකක් විඳින්නේ නැහැ. මෙහි රෝහල් ගණනාවක්ම රෝගීන්ගෙන් පිරි ඉතිරිලා. මෙවන් තැනක් දිව්‍යලෝකයක් කියා කීම ලොකු වැරැද්දක්. ඉතින් ඔබ මෙය හොඳින් තේරුම් ගෙන අන් අයටත් පහදා දිය යුතුයි. ඒ අධ්‍යාපනය අන් අයට කියා දීමට ඇති දෙයක් නොවෙයි. විභාග සමත් වී රැකියාවකට පිවිසෙනවා. මෙහිදී මෙම පණීවිඩය ඔබ සෑම කෙනෙක්ටම දිය යුතුයි. එකම එක පියාට පමණක් මෙය කරන්න බැහැ. ඉතාමත් දක්ෂ අය ගුරුවරුන් ලෙස හඳුන්වනවා. අඩුවෙන් දක්ෂ අය ශිෂ්‍යයන් ලෙස හඳුන්වනවා. ඔබ සෑම කෙනෙක්ටම පණීවිඩය දිය යුතුයි. ඔවුන්ගෙන් අහන්න: ඔබ පරමාත්මය ගැන දන්නවා ද ? ඔහු සෑම කෙනෙකුගේම පරම පියායි. ඉතින් ප්‍රධානම දෙය නම් පරම පියාගේ හැඳින්වීම ලබා දීමයි. මන්ද කිසිම කෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. ඉහළම ඉහළ කෙනා පරම පියායි. මුළු ලෝකමය පාරිශුද්ධ කරවන්නේ ඔහුයි. මුළු ලෝකයම පාරිශුද්ධව තිබුණා. එහි තිබුණේ භාරතය පමණයි. වෙනත් කිසිම දහමක කෙනෙක්ට තමන් නව ලෝකයට එනවායි කියා කියන්න බැහැ. තමන්ට පෙර කෙනෙක් සිටි බව ඔවුන් විශ්වාස කරනවා. ක්‍රිස්තුතුමාත් අනිවාර්යෙන්ම කාට හෝ ඇතුල් වෙනවා. ඔහුට පෙර අනිවාර්යෙන්ම කවුරු හෝ හිටියා. පරම පියා මෙහි සිට පහදා දෙනවා: මම බ්‍රහ්මාගේ මෙම ශරීරයට ඇතුළු වෙනවා. ඔහු බ්‍රහ්මාගේ ශරීරයට ඇතුළු වන බව කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් බ්‍රහමින්වරුන් අනිවාර්යෙන්ම අවශ්‍යයි. බ්‍රහමින්වරුන් පැමිණෙන්නේ කොහි සිටන් ද ? ඔවුන් අනිවාර්යෙන්ම පැමිණෙන්නේ බ්‍රහ්මාගෙන්. අච්චා, ඔබ කවදා හෝ බ්‍රහ්ම පියා ගැන අසා තිබෙනවා ද? ඔහු තමයි මී මුත්තා, ඔහුට භෞතික පියෙක් නැහැ. බ්‍රහ්මාගේ භෞතික පියා කවුද ? කිසිම කෙනෙක්ට මෙය කිව නොහැකියි. බ්‍රහ්මා ගැන සඳහන් කර තිබෙනවා. ඔහු ප්‍රජාවගේ පියායි. ඒ ලෙසින්ම ඔබ අශාරීරික ශිව බාබා ගැනත් කතා කරනවා. ඔහුගේ පියා කවුද ? භෞතික ප්‍රජාපිතා බ්‍රහ්මාගේ පියා කවුද? ශිව බාබා පිටින් ගත් කෙනෙක් නොවෙයි. මොහු එසේ ගත් කෙනෙක්. ශිව බාබා මොහුව ගෙන තිබෙනවා. ශිව බාබා විෂ්නුව ගත්තා කියා කියන්නේ නැහැ. ඔහුව ගත්තේ නැහැ. ශංකර් චරිතයක් නැති අයෙක් වශයෙන් පෙන්වා තිබෙනවා. බ්‍රහ්මා විශ්ණු වන අතර විශ්ණු බ්‍රහ්මා වෙනවා. මෙය උපත් 84 චක්‍රයයි. එසේනම් ශංකර් පැමිණීයේ කොහි සිටන් ද ? ඔහුගේ නිර්මාණය කොහි ද ? පරම පියාගේ නිර්මාණය තිබෙනවා. ඔහු සියලුම ජීවයන්ගේ පියායි. නමුත් බ්‍රහ්මාගේ නිර්මාණය වන්නේ සියලුම මානව ජීවයනුයි. එසේනම් ශංකර් කොහේද ? මානව ලෝකය ශංකර් හරහා නිර්මාණය වන්නේ නැහැ. පරම පියා පැමිණ මේ සියල්ල පහදා දුන්නත් ඔය දරුවන්ට නිතර නිතරම මෙය අමතක වෙනවා. එකිනෙකාගේ බුද්ධිය ඇත්තේ එක් එක් මට්ටම් වලිනුයි. ප්‍රඥාව වැඩි වුණු තරමට ගුරුවරයාගේ ඉගැන්වීමුත් ඔබට වඩාත් හොඳින් ධාරණය කර ගත හැකි වෙනවා. මෙය අසීමිත අධ්‍යයනයක්. ඔබගේ අධ්‍යයනයේ තරමට උසස් තැනක් ඔබට ලැබෙනවා. මානවයින් දේවතාවරුන් කිරීමේ මෙම අධ්‍යාපනය සැමටම එකක් වුණත් ඉන් වංශයක් නිර්මාණය වෙනවා. තමන් කුමනාකාරායේ තත්ත්වයක් දිනා ගන්නවා ද යන්නත් ඔබගේ සිහියේ තිබීය යුතුයි. රජවරයෙක් වීමට උත්සාහයක් අවශ්‍යයි. රජවරුන්ට දැසි දස්සන් අවශ්‍ය වෙනවා. දැසි දස්සන් වන්නේ කවුද ? මෙයත් ඔබට අවබෝධ කර ගත හැකියි. එකිනෙකාගේ උත්සාහයේ තරමට සෑම කෙනෙක්ටම දැසි දස්සන් සිටීවි. ඉතින් එමනිසා, උපතක් උපතක් පාසාම දාසයෙක් නොවීමට ඔබ වගබලාගත යුතුයි. ඒ පරිද්දෙන් ඉගෙන ගත යුතුයි. උසස් වීමට උත්සාහයක් අවශ්‍යයි. පරම පියාව සිහි කිරීමෙන් සැබෑම ශාන්තියක් දැනෙනවා. ඔබගේ බුද්ධිය එහේ මෙහේ හැමතැනම යනවා නම්, කාලය අපතේ යන අතර උපයන ආදායමත් අඩුවෙනවා. ඔබට සතෝප්‍රධාන් විය හැකි වනනේ නැහැ. දෑතින් වැඩපල කරනා ගමන් තම හදවතින් පරම පියාවම සිහි කරන්න කියා පහදා දී තිබෙනවා. ශරීරය නිරෝගීව තබා ගැනීමට නම් ඔබට එහේ මෙහේ යා යුතු තැන් වලට යා හැකියි. නමුත් පරම පිය සිහිය නිරන්තරයෙන්ම තම සිහියේ තබා ගෙන සිටිය යුතුයි. තමන් සමඟ තවත් කවුරු හෝ ගමනට එකතු වුණත් ඕපාදුප කතා කරන්න යන්න එපා. තම තමන්ගේම හදවත මෙය හොඳින්ම දන්නවා. බාබා පැහැදිලි කර කියන්නේ ඔබ ගමනක් බිමනක් ගියත් යා යුත්තේ එවන් මට්ටමකිනුයි. පූජකවරුන් සක්මනේ යෙදෙන්නේ හරිම නිහඬවයි. ඔය අය සෑම විටම ඥානය කතා කරන්නේ නැහැ. එමනිසා, තමාව නිහඬව තබා ගෙන ශිව බාබා සිහිකිරීමේ තරඟයේ නිරත වන්න. උදාහරණයක් ලෙස කිවහොත්, කෑම කන විටත්, වාඩි වී බාබා සිහි කර කන්න. ඔබගේ වාර්තාව බලන්න. තමන්ටත් කෙතරම් දුරට අමතක වෙනවා ද කියා බාබා තමාගේම වාර්තාව ගැනත් කියනවා. මම බාබා සිහි කිරීමට උත්සාහ දරනවා. මම බාබාට කියනවා: බාබා. මම දිගටම ඔයාගේ සිහියෙන් සිටින්නම්. ඔයා මගේ කැස්ස නවත්වා ඇඟේ සීනි ප්‍රමාණය අඩු කර දෙන්න. මා වෙනුවෙන් මම දරණා උත්සාහය ගැන මෙසේ කීවත් මටම ස්මරණය අමතක වෙනවා. ඉතින් කොහොමද කැස්ස අඩු වෙන්නේ ? බාබාත් එක්ක මම කතා කරන්නේ මොනවාද කියා මම අවංකවම කියනවා. බාබා ඔය දරුවන්ට මෙසේ කිව්වත් ඔය දරුවන් ලැජ්ජාව නිසා පරම පියාට මුකුත්ම කියන්නේ නැහැ. අතුගාන විට. කෑම උයන විට, ඒ සෑම දෙයක්ම ශිව බාබාගේ සිහියෙන් කරන්න. ඔබට ශක්තිය ලැබේවි. මෙම ක්‍රමයත් අවශ්‍යයි. ඉන් ඔබට සිදු වන්නේ යහපතකි. ඔබ ස්මරණයෙන් සිටිනා විට අන් අයත් එයට ඇදීගෙන ඒවි; එකිනෙකා අතර එවන් ආකර්ෂණයක් තිබෙනවා. වැඩි වැඩියෙන් සිහි කිරීමේ නිරත වුණු තරමට එතරම් ඉහළ මළ නිහැඬියාවක් ඇති වේවි. නාටකයට අනුව එකිනෙකා මත එවන් බලපෑමක් තිබෙනවා. ස්මරණ වන්දනාව හරිම ඵලදායි දෙයක්. මේ සම්බන්ධයෙන් බොරු කීමට අවශ්‍ය නැහැ. ඔබලා සැබෑ පියාගේ දරුවනුයි. එමනිසා, ඔබලා අවංකව හැසිරිය යුතුයි. ඔය දරුවන්ට සියල්ල ලැබෙනවා: ඔබලාට ලෝක ආධිපත්‍යය හිමි වෙනවා. ඉතින් ඇයි ඔබලා කෑදරකමින් සාරි 10, 20 එකතු කර ගන්නේ ? ඒ ලෙසින් එක් එක් දේවල් එකතු කරගත හොත් අවසන් මොහොතේදීත් ඔබට ඒවාම මතක් වේවි. මෙන්න මේ නිසා තමයි මෙම උදාහරණය දෙන්නේ: කෙනෙකුගේ බිරිඳක් කිව්වලු ඔහුට හැරමිටිය පවා අතහරින්න කියලා. නැතිනම් අවසන් මොහොතේදී ඔහු හැරමිටිය ගැනම හිතයි කියලා. කිසිම දෙයක් සිහි නොකළ යුතුයි. නැතිනම් ඔබ ඔබටම අපහසුතාවන් ඇති කර ගන්නවා. බොරු කීමෙන් ඔබට සියවාරයක පව් එකතු වෙනවා. ශිව බාබාගේ ගබඩාව සෑම විටම විවෘතවයි තිබෙන්නේ, ඉතින් ඒ නිසා ගොඩාක් දේවල් ලඟ තබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. කෙනෙකුගේ මුළු දේපලම කවුරු හෝ සොරා ගෙන නම් ඔහුට සියල්ල දෙනවා. ඔය දරුවන් පරම පියාගෙන් රාජ්‍යය ලබනවා, එසේනම් ඔබට ඇඳුම් ලැබෙන්නේ නැතිද ? අනවශ්‍ය වියදම් කරන්න එපා. සත් යුග රාජ්‍යයේ ස්ථාපන කාර්යයට දායක වන්නේ අහිංසක දුබල මව්වරුනුයි. එමනිසා, ඔවුන්ගේ මුදල් නිකම් අපතේ නොහළ යුතුයි. ඔවුන් ඔබව රැක බලා ගන්නවා. එමනිසා, ඔබ ඔවුන්ව රැක බලා ගත යුතුයි. නැතිනම් ඔබ හිස මත සිය ගුණයකින් පාප එකතු වේවි. අච්චා.

සුමිහිරි, ආදරණීය බොහෝ කාලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරම පියාව සිහි කරනා මොහොතේ දී ඔබගේ සිහිය සුළු වශයෙන් හෝ එහේ මෙහේ නොයා යුතුයි. සෑම විටම නොනවත්වාම ඔබගේ ආදායම උපයා ගන්න. මළ නිහැඩියාවක් ඇති වන ආකාරයේ ස්මරණයක් ඔබ තුළ තිබිය යුතුයි.

2. එහේ මෙහේ යන එන අතරතුර තම ශරීරය නිරෝගීව තබා ගැනීමට නම් එම ගමනට එක්වන අන් අය සමඟ ඕපාදුප කතා කරන්න එපා, නිහඬව පරම පියාව සිහි කිරීමේ තරඟයේ නිරත වන්න. කෑම ගන්නා විටත් පරම පියාව සිහි කරන්න.

වරදානය:
ඔබගේ විශ්වසනීය නිශ්චය බුද්ධියෙන් ඕනෑම දුර්වල සිතිවිලි නම් වූ මකුළු දැල අවසන් කර සාර්ථකත්වයෙන්ම පිරීමේ හැකියාව ලබත්වා.

මේ වන තෙක් ඔබ බොහෝ දරුවන් තුළ දුර්වල සිතිවිලි මතු වේ. ඔවුන් සිතන්නේ: යමක් සිදුවේද නැද්ද යන්න හෝ කුමක් සිදුවේද යන්න මා නොදනී. මෙම දුර්වල සිතිවිලි පවුරක් බවට පත්වන අතර සාර්ථකත්වය එම බිත්තිය පිටුපස සැඟවෙයි. මායා නොවැදගත් සිතිවිලි නම් මකුළු දැල කරකවන අතර ඔබ එම මකුළු දැලේ උගුලට හසුවේ. එබැවින්, ඔබගේ බුද්ධියට ජයග්‍රාහී වීමටත්, සාර්ථකත්වයේ ජන්ම අයිතිය ඔබට ඇති බවටත් විශ්වාසයක් ඇති කර ගැනීමටත්, එමගින් දුර්වල සිතිවිලි අවසන් කිරීමටත් ඉඩ දෙන්න.

පාඨය:
ඔබේ තෙවෙනි ඇස, ඔබේ ගිනිකඳු ඇස, විවෘතව තබාගන්න, එවිට මායා බල රහිත වනු ඇත.