02.07.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ දෙයාකාරයකින් අවිහිංසාවාදී ආධ්‍යාත්මික සේනාවයි. ශ්‍රීමත් අනුගමනය
කිරීමෙන් ඔබගේ දිව්‍යමය රාජධානිය ඔබ ස්ථාපනය කළ යුතුයි.
ප්‍රශ්නය:
ඔය
ආධ්‍යාත්මික සේවකයන්, සියල්ලන්ටම අනතුරු ඇඟවිය යුත්තේ, කුමක් ගැනද?
පිළිතුර:
සියලු දෙනාටම අනතුරු අඟවන්න මෙය, එම මහාභාරත යුද්ධ සමයයි. මෙම පැරණි ලෝකය දැන්
විනාශ වීමටයි යන්නේ. පියා, නව ලෝකය ස්ථාපනය කිරීම දිරිගන්වනවා. විනාශයෙන් පසුව,
ජයග්‍රහණයේ හඬ ඇතිවෙයි. විනාශයට පෙර, සියලු දෙනාටම පියාගේ හැඳින්වීම ලබා දෙන්නේ
කෙසේද කියා, ඔබ සැවොම එකට එකතු වී සාකච්ඡා කළ යුතුයි.
ගීතය:
ඔබ රාත්‍රිය
නිදමින්ද, දහවල කෑම කමින්ද අපතේ හැරියා.
ඕම් ශාන්ති.
දෙවියන් උසස්ම
උසස් කෙනා බව පියා විස්තර කරයි. තවද ඔබ සේනාවක් නිසා, ඔහුට අණ දෙන නිලධාරියා කියාද
කිව හැකිය. ඔබගේ උත්තරීතර අණ දෙන්නා කවුද? සේනා වර්ග දෙකක් ඇති බව ඔබ දන්නවා. ඒවා
භෞතික සේනා වන අතර, ඔබ ආධ්‍යාත්මික සේනාවකි. එම සේනා සීමිත වන අතර ඔබලා අසීමිත
සේනාවක්. ඔබට අණ දෙන්නන්, ජනරාල්වරුන් මෙන්ම ලුතිනන්වරුන්ද සිටිනවා. ශ්‍රීමත්
අනුගමනය කිරීමෙන් ඔබගේ රාජධානිය ස්ථාපනය කරගන්නා බව, ඔය දරුවන් දන්නවා. යුද්ධයක්
ආදිය ගැන ප්‍රශ්නයක් නැත. අප ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්, මුළු ලොව පුරාම නැවත වරක්
අපගේ දිව්‍යමය රාජධානිය ස්ථාපනය කරනවා. අප සෑම චක්‍රයකදීම මෙම චරිත කොටස රඟපානවා.
මේ කාරණා සියල්ලක්ම අසීමිතයි. එම සටන් වලට මෙම දේවල් අදාල වන්නේ නැත. උසස්ම උසස්
කෙනා වන්නේ පියාය. ඔහුට මැජික්කරු, මැණික් වෙළෙන්දා සහ දැනුමේ මහා සයුර යැයිද
කියයි. පියාගේ ප්‍රශංසාව අසීමිතයි. ඔබගේ බුද්ධිය තුළ පියාගේ සිහිපත් කිරීම පමණක්
තිබිය යුතුයි. මායා ඔබට ඔහුගේ සිහි කිරීම අමතක කරවයි. ඔබ දෙයාකාරයකින් අවිහිංසාවාදී
ආධ්‍යාත්මික සේනාවයි. ඔබගේ එකම සැලකිල්ල වන්නේ, ඔබගේ රාජධානිය ස්ථාපිත කරගන්නේ
කෙසේද යන්නයි. නාටකය නිසැකයෙන්ම ඔබ ලවා මෙය කරවයි. ඔබ උත්සාහ දැරිය යුතුයි, එහෙම
නේද? ඔය හොඳ දරුවන්, ඔබලා අතරේ මෙම දේවල් සාකච්ඡා කළ යුතුයි. මායා සමඟ ඔබගේ යුද්ධය,
අවසානය තෙක් තිබෙයි. මහාභාරත යුද්ධය, අනිවාර්යෙන්ම සිදුවන්නට යන බවද ඔබ දන්නවා. එසේ
නැත්නම් පැරණි ලෝකයේ විනාශය සිදුවන්නේ කෙසේද? බාබා අපට ශ්‍රීමත් ලබා දෙනවා. දරුවන්
වන අප, නැවත වරක් අපගේ රාජධානිය ස්ථාපිත කළ යුතු වනවා. මෙම පැරණි ලෝකය විනාශ වූ
පසු, භාරතයේ, ජයග්‍රහණයේ ඔල්වරසන් ඇසෙයි. මේ සඳහා උපකරණ වී ඇත්තේ ඔබයි. එබැවින්
ඔබලා අතරේ හමුවීම් පවත්වා, මෙම ලෝකය විනාශ වීමට යනවා, යන පියාගේ පණිවිඩය, සෑම
කෙනෙකුටම ලබා දෙන සේවයේ යෙදෙන්නේ කෙසේද කියා ඔබලා අතරෙ සාකච්ඡා කරන්න. පියා, නව
ලෝකය ස්ථාපිත කරනවා. භෞතික පියෙක් අළුත් නිවසක් තනන විට, ඔහුගේ දරුවන් බොහෝ සතුටු
වෙයි. එය සීමිත කරුණක් වන අතර, මෙය මුළු ලෝකය ගැන කාරණාවක්. නව ලෝකයට, ස්වර්ණමය
යුගයද, පැරණි ලෝකයට, කලි යුගය යැයිද කියයි. එය දැන් පැරණි ලෝකයයි. එබැවින් පියා
කවදාද, කෙසේද නව ලෝකය ස්ථාපිත කරන්නේ කියා, ඔබ දැන සිටිය යුතුයි. ඔබගෙන් මෙය දන්නා
අය, එය දන්නේ, ඔබ දරන උත්සාහයට අනුව, අංක පිළිවෙලටයි. ශ්‍රේෂ්ඨතම වන්නේ පියාය.
ඉන්පසුව ඉතිරි අය, අංකානුරූප ඇතුන් පිට යන්නන්, අශ්වාරෝහක සහ පාබල සේනාවයි. අණ දෙන
නිලධාරීන් සහ කපිතාන්වරුන් ගැන නිදසුන් වශයෙන් සඳහන් කරන්නේ, ඔබට විස්තර කිරීම
සඳහාය. පියාගේ හැඳින්වීම ලබා දිය හැකි ක්‍රම ගැන ඔය දරුවන් එකට රැස්වී සාකච්ඡා කළ
යුතුයි. මෙය ආධ්‍යාත්මික සේවයයි. අපගේ සහෝදර සහෝදරියන්ට අනතුරු අඟවා, පියා දැන් නව
ලෝකය ස්ථාපිත කිරීමට පැමිණ ඇති බව, අපි කියන්නේ කෙසේද? පැරණි ලෝකයේ විනාශය දැන් ඔබ
ඉදිරියේය. මෙය, එම මහා භාරත යුද්ධයමයි. මහා භාරත යුද්ධයෙන් පසුව සිදුවන්නේ කුමක්ද
කියාවත් මනුෂ්‍යයින් නොදනී. ඔබ දැන් මෙම සංගම යුගයෙදී වඩාත්ම උසස් මනුෂ්‍යයන් බවට
පත් වන බව ඔබට දැනෙයි. ඔබව වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් බවට පත් කිරීමට, පියා පැමිණ
තිබේ. මෙහිදි යුද්ධයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා විස්තර කරයි දරුවනි, මෙම
අපවිත්‍ර ලෝකයේ, එකදු පිවිතුරු මනුෂ්‍යයෙක්වත් සිටිය නොහැකි වන අතර, පිවිතුරු
ලොවෙහි, එකදු අපවිත්‍ර මනුෂ්‍යයෙකුවත් සිටිය නොහැක. මෙතරම් කුඩා කාරණයක්වත් කිසිම
කෙනෙකුට වැටහෙන්නේ නැත! ඔය දරුවන්ට සියලුම පිංතූර ආදියේ සාරය විස්තර කරනු ලබයි.
භක්ති මාර්ගයේ, මන්ත්‍ර ජප කිරීම, තපස් රැකීම, දන් දීම, පුණ්‍ය කර්ම සිදු කිරීම ආදි
කුමක් කළත්, එය ඔවුන්ට ලබා දෙන්නේ කපුටෙකුගේ අසූචි වැනි තාවකාලික සතුටක් පමණයි.
කෙසේවෙතත්, ඔබ මෙහි පැමිණ මෙම දේවල් වටහාගත් විට පමණයි, ඔබගේ බුද්ධියට මෙම දේවල්
රඳවා ගත හැකි වන්නේ. එය දැන් භක්තියේ රාජධානියයි දැනුමෙහි අබ මල් රේණුවක්වත් නැත.
මෙම අපවිත්‍ර ලෝකයේ, පිවිතුරු කිසිවෙකු නොමැති සේම, ඒකායන කෙනා හැර, වෙනත්
කිසිවෙකුට මෙම දැනුම නොමැත. වේද, ග්‍රන්ථ ආදි සෑම එකක්ම අයත් වන්නේ භක්ති
මාර්ගයටයි. ඔබ ඉනිමග දිගේ පහළට පැමිණිය යුතුමයි. ඔබ දැන් බ්‍රහ්මණයන් බවට පත් වී
සිටියි. මෙම සේනාව අංකානුරූපයි. අණ දෙන නිලධාරීන්, කපිතාන්වරුන් සහ ජනරාල්වරුන්
වැනි ප්‍රධාන අය, එකට හමුවී, බාබාගේ පණිවිඩය ලබා දෙන්නේ කෙසේද කියා සාකච්ඡා කළ
යුතුයි. පණිවිඩකරු, ආචාර්යවරයා සහ ගුරු යන සියල්ල එක්කෙනෙක් බව ඔය දරුවන්ට විස්තර
කර තිබේ. අන් සෑම කෙනෙක්ම අයත් වන්නේ භක්ති මාර්ගයටයි. සංගම යුගයේ සිටින්නේ ඔබ
පමණයි. ලක‍්ෂ්මි සහ නාරායන් බවට පත් වීමේ අරමුණ සහ ඉලක්කය සම්පූර්ණයෙන්ම නිවැරදියි.
භක්ති මාර්ගයේ ඔවුන් සත්‍ය නාරායන්ගේ කතා පුවත, තෙවැනි ඇසේ කතාව සහ අමරණීයත්වයේ කතා
පුවත විස්තර කරයි. පියා දැන් ඔබට සත්‍ය නාරායන්ගේ කතා පුවත කියා දෙනවා. භක්ති
මාර්ගයේදී සෑම දෙයක්ම අතීතය පිළිබඳ දෙයකි. ඔවුන් දේවාල ආදිය තනන්නේ, පැමිණ, පිටත්ව
ගිය යම් අය වෙනුවෙනි. ඒ ආකාරයෙන්ම ශිව බාබා ඔබට දැන් උගන්වනවා. පසුව, භක්ති
මාර්ගයේදී මෙහි සිහිවටන එවිට ගොඩනැගෙයි. ස්වර්ණමය යුගයේ, ශිවා හෝ ලක‍්ෂ්මි හෝ
නාරායන් ආදීන්ගේ පිළිරූ නොමැත. දැනුම, භක්තියෙන් සම්පූර්ණ වශයෙන්ම වෙනස්ය. මෙම
දැනුම තිබෙන්නේ ඔබට පමණයි. මේ නිසයි පියා මෙසේ පවසා ඇත්තේ නපුරු දේට සවන් නොදෙන්න,
නපුරු දේ කතා නොකරන්න... නව ලෝකය ස්ථාපනය වීම ගැන ඔය දරුවන් දැන් බොහෝ සතුටට පත්
වනවා. සතුටු දේශයේ ස්ථාපනයට, බාබා දැන් නැවත වතාවක් අපට උපදෙස් ලබා දෙනවා. අංක එකේ
උපදෙස වන්නේ, ඔබ පාරිශුද්ධත්වයට පත් විය යුතු බවයි. සෑම කෙනෙක්ම අපවිත්‍රයි. හොඳ
දරුවන් එකට එකතු වී සාකච්ඡා කළ යුත්තේ, සේවය වැඩි කරන්නේ කෙසේද, එමෙන්ම දුප්පතුන්ට
පියාගේ පණිවිඩය ලබා දෙන්නේ කෙසේද කියාය. පියා, ඔහු පෙර චක්‍රයේ කළාක් මෙන් නැවත
වරක් පැමිණ ඇත. ඔහු පවසන්නේ තමන් ජීවාත්මයක් බව සළකා, මා සිහි කරන්න! රාජධානිය
අනිවාර්යෙන්ම ස්ථාපිත කළ යුතුයි. ඔවුන්ට මෙය අනිවාර්යෙන්ම වැටහෙයි. දේවතා ධර්මයට
අයත් නොවන අයට වැටහෙන්නේ නැත. විනාශ කාලයේදී, දෙවියන් කෙරෙහි සෙනෙහසින් පිරි බුද්ධි
ඔවුන්ට නොමැත. ඔහු ඔබගේ ස්වාමියා සහ අධිපති බව, ඔය දරුවන් දන්නවා. එබැවින් ඔබ පාපයේ
නොගැලිය යුතු අතර, සණ්ඩු සරුවල්ද ඇති නොකර ගත යුතුයි. ඔබගේ බ්‍රහ්මණ ආගම බොහෝ සේ
ශ්‍රේෂ්ඨයි. ඔවුන් ශුද්‍ර ආගමට අයත් අතර, ඔබ අයත් වන්නේ බ්‍රහ්මණ ආගමටයි. ඔබ මුදුන්
ගැටය වන අතර ඔවුන් දෙපාය. මුදුන් ගැටයට ඉහළින් ඇත්තේ උසස්ම උසස්, අශාරීරික දෙවියන්
පමණයි. මෙම භෞතික දෙනෙතින් කිසිවෙකුට ඔහුව නොපෙනෙන නිසා, බහු-රූපි පිළිරුවේ, ශිව
බාබාව පෙන්වා නැත, එමෙන්ම මුදුන් ගැටය (බ්‍රහ්මණයන්) ද පෙන්වා නැත. ඔවුන් කතා
කරන්නේ දේවතාවන්, ක‍්ෂ්ත්‍රියන්, වෛශ්‍යයන් සහ ශුද්‍රයන් ගැන පමණයි. දේවතාවන් වන
අය, පසුව පුනරුත්පත්ති ගැනීමෙන්, ක‍්ෂ්ත්‍රියන්, වෛශ්‍යයන් සහ ශුද්‍රයන් බවට පත්
වෙයි. බහු රූපි පිළිරුවේ සංකේතය ගැන කිසිම කෙනෙකුට වැටහෙන්නේ නැත. ඔබට දැන් එය
වැටහෙනවා. එබැවින් ඔබ පිංතූරය නිවැරදි කළ යුතුයි. ශිව බාබා සහ ඔය බ්‍රහ්මණයන්ද
පෙන්වා ඇත. ඔබ දැන් සෑම කෙනෙකුටම පණිවුඩය ලබා දිය යුතුයි තමන් ජීවාත්මයක් බව සලකා,
පියාව සිහිපත් කරන්න! මෙම පණිවුඩය දීම ඔබගේ වගකීමයි. පියාගේ වර්ණනාව අසීමිත වන
ආකාරයෙන්ම භාරතයද බොහෝ සේ වර්ණනා කර ඇත. යම් කෙනෙක් මෙම දැනුමට දින හතක් සවන්
දෙන්නේ නම්, එය ඔහුගේ බුද්ධිය තුළ පතිත වනු ඇත. ඔවුන්ට කාලය නොමැති බව, ඔවුන්
කියයි. ඔහෝ, නමුත් ඔබ චක්‍ර භාගයක්ම කන්නලව් කරමින් සිට ඇති අතර, ඔහු දැන්
ප්‍රායෝගික ආකාරයෙන් මෙහි පැමිණ ඇත. පියා අවසානයේදී (චක්‍රයේ) මෙහි පැමිණිය යුතුයි.
ඔබ දරන උත්සාහයට අනුව, අංක පිළිවෙලට මෙය වැටහෙන්නේ, ඔය බ්‍රහ්මණයින්ට පමණයි. මෙම
දැනුම හැදෑරිමට ඔබ ආරම්භ කළ සැනින්, ඔබ අඬ ගසමින් සිටි ආදරණීය කෙනා, දැන් පැමිණ ඇත,
යන විශ්වාසය ඔබ තුළ වර්ධනය විය. ඔහු නිසැකයෙන්ම පැමිණිය යුතු වන්නේ කාගේ හෝ සිරුරක්
තුළටයි. ඔහුටම සිරුරක් නැත. පියා පවසන්නේ මා මෙම කෙනා තුළට ඇතුළු වී, ලෝක චක්‍රය,
නිර්මාණකරු සහ නිර්මාණය ගැන දැනුම, ඔය දරුවන්ට ලබා දෙනවා. වෙනත් කිසිවෙකු මෙය
නොදනී. මෙය ඉගෙනුමක්. බාබා එය බොහෝ පහසු කර, ඔබට විස්තර කරයි. බාබා පවසන්නේ මා ඔබව
බොහෝ ධනවත් කරමි! සෑම චක්‍රයකදීම ඔබ තරම් පිවිතුරු හෝ සතුටු වෙනත් කෙනෙක් නොමැත.
මෙකල ඔය දරුවන් මෙම දැනුම සෑම කෙනෙකුටම දන් දෙනවා. පියා ඔබට මිණි මුතු දන් දෙනවා.
ඉන් අනතුරුව, ඔබ ඒවා වෙනත් අයට දන් දෙනවා. ඔබ භාරතය, දිව්‍ය ලෝකය බවට පත් කරනවා.
ඔබගේ සිරුර, මනස සහ ධනය භාවිත කරමින් ඔබ ශ්‍රීමත් අනුගමනය කර, භාරතය දිව්‍ය ලෝකය
බවට පත් කරනවා. මෙය බොහෝ ශ්‍රේෂ්ඨ කාර්යයක්. ඔබ අදෘෂ්‍යමාන සේනාවක්. කිසිම කෙනෙක්
මෙය දන්නේ නැත. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්, ඔබ ලොව මත ආධිපත්‍යය හිමි කරගනිමින්
ශ්‍රේෂ්ඨත්වයට පත් වන බව ඔබ දන්නවා. පියා පවසන්නේ දැන් නිරන්තරයෙන් මා පමණක් සිහි
කරන්න! ක්‍රිෂ්ණාට මෙය කිව නොහැක ඔහු රාජකුමාරයෙක් විය. ඔබ රජකුමරුන් බවට පත්වනවා.
ස්වර්ණමය සහ රිදී යුගවල, පිවිතුරු පවුල් මාවත තිබේ. අපවිත්‍ර රජවරුන්, පිවිතුරු
නාරායන් රජු සහ පිවිතුරු ලක‍්ෂ්මි රැජින ගේ පිළිරූ වලට වන්දනාමාන කරයි. පළමුවෙන්ම
පිවිතුරු පවුල් මාවතේ රාජධානිය තිබෙන අතර, ඉන්පසුව අපවිත්‍ර පවුල් මාවතේ රාජධානිය
තිබෙයි එය භාගයක් සහ භාගයකි, රාත්‍රිය සහ දහවලය. එය වසර සිය දහස් ගණනක කාරණාවක්
වුණේ නම්, එයට භාගයක් සහ භාගයක් විය නොහැක. එය වසර සිය දහස් ගණනක් වුණේ නම්, ඇත්ත
වශයෙන්ම දේවතා ධර්මය වන හින්දු ආගමේ ජනගහණය, මීට වඩා බොහෝ අධික වන්නේය ගණන් කළ
නොහැකි තරම් හින්දූන් සිටිනු ඇත. වර්තමානයේ ඔවුන් තවමත් ජන සංගණන පවත්වයි. එය
නාටකයේ නියම වී ඇති අතර එය නැවතත් සිදුවෙයි. මරණය අත ලඟය. එය එම මහා භාරත යුද්ධයම
වෙයි. එබැවින් එකට හමුවී, සේවා සැලසුම් සාදන්න. ඔබ දිගින් දිගටම සේවය කරයි. ඔබ
අළුත් පිංතූර නිර්මාණය කර ප්‍රදර්ශනද පවත්වයි. හොඳයි, ඔබ දැන් කළ යුත්තේ කුමක්ද?
අච්චා, ආධ්‍යාත්මික කෞතුකාගාරයක් නිර්මාණය කරන්න. මිනිසුන් එය දකින විට, එය වෙනත්
අයටත් නිර්දේශ කරනු ඇත. දුප්පතුන් සහ ධනවත් අය යන දෙපිරිසම, දන් දීම සඳහා මුදල්
වෙන් කරයි. ධනවත් අය වැඩිපුර මුදල් වෙන් කරයි. මෙහිදී සිදුවන්නේද එයමයි. ඇතමෙක්
දාහක් දෙන අතර ඇතමෙක් ඊට අඩුවෙන් දෙයි. සමහරෙක් රුපියල් දෙකක් පවා එවයි. ඔවුන්
පවසන්නේ එක රුපියලක් මගේ නමින් ගඩොලක් දැමීමට භාවිත කර, අනෙත් රුපියල උපත් 21 කට
එකතු කරන්න. මෙය අදෘෂ්‍යමානයි. දුප්පත් කෙනෙකුගේ රුපියල, ධනවතෙකුගේ රුපියල් දාහකට
සමානයි. දුප්පත් අයට ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බැවින් ඔවුන් කුමක් කරන්නද? ගිණුම
තිබේ. ව්‍යාපාරිකයන්ද දන් දීම සඳහා යම් ප්‍රමාණයක් වෙන් කරයි. දැන් කළ යුත්තේ
කුමක්ද? පියාට උපකාර කරන්න! පියා එවිට උපත් 21 කට එහි ප්‍රතිලාභය ඔබට ආපසු දෙයි.
පියා පැමිණ, දුප්පතුන්ට උපකාර කරයි. මෙම ලෝකය තව දුරටත් ඉතීරි වන්නේ නැත සෑම දෙයක්ම
දුහුවිලි බවට හැරෙයි. ගිය චක්‍රයේ සිදු වුණු ආකාරයෙන්ම ස්ථාපනය සිදු විය යුතු බව ඔබ
දන්නවා. අශාරීරික පියා පවසන්නේ දරුවනි, ඔබගේ සෑම ශාරීරික ආගමක්ම අතහැර එක් පියාව
සිහිපත් කරන්න. මෙම බ්‍රහ්මාද, නිර්මාණයේ කොටසක්. බ්‍රහ්මා, කාගේ දරුවෙක්ද? ඔහුව
නිර්මාණය කළේ කවුද? බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් නිර්මාණය වන්නේ කෙසේද? කිසි කෙනෙක් මේ
කිසි දෙයක් දන්නේ නැත. පියා පැමිණ සත්‍යය පහදා දෙයි. බ්‍රහ්මා, අනිවාර්යෙන්ම සිටිය
යුත්තේ මනුෂ්‍ය ලෝකයේය. ’බ්‍රහ්මාගේ රජ පෙළපත‘ සිහි කර ඇත. දෙවියන්, මනුෂ්‍ය ලෝකය
නිර්මාණය කරන අන්දම කිසි කෙනෙක් නොදනී. බ්‍රහ්මා සිටිය යුත්තේ මෙහි නොවේද? පියා
පවසන්නේ මා ඇතුළු වූ සිරුර, අයත් කෙනා, ඔහුගේ උපත් ගණනාවක අවසන් උපතේ දැන් සිටියි.
ඔහු සම්පූර්ණ උපත් 84 ගෙන තිබේ. නිර්මාණකරු, බ්‍රහ්මා නොවෙයි. නිර්මාණකරු වන්නේ
අශාරීරික කෙනා පමණයි. ජීවාත්මද අශාරීරිකයි. ඔවුන්ද සදාතනිකයි ඔවුන්ව කිසි කෙනෙක්
නිර්මාණය කළේ නැත. එබැවින් බ්‍රහ්මා පැමිණියේ කොහි සිටද? පියා පවසන්නේ මා ඔහු තුළට
ඇතුළු වී, ඔහුගේ නම වෙනස් කළා. ඔය බ්‍රහ්මණයින්ගේ නම්ද වෙනස් කෙරුණා. ඔබ රාජ
ඍෂිවරුන්ය. ආරම්භයේදී ඔබ සෑම දෙයක්ම අතහැර, පැමිණ පියා සමඟ සිටියා. එබැවින් ඔබගේ
නම් වෙනස් කෙරුණා. ඉන්පසුව ඔබගෙන් ඇතමෙක්ව, මායා ගිල දැමූ බැවින්, බාබා, මාලාව
නිර්මාණය කිරීම සහ අළුත් නම් දීම නවතා දැමුවා. මෙකල සෑම අංශයකම බොහෝ රැවටීම්
සිදුවනවා. ඔවුන් කිරි වලින්ද රවටයි අව්‍යාජ දෙය කිසිසේත් ලබා ගත නොහැක. ඔවුන්
පියාවත් රවටනවා තමන්ට දෙවියන් යැයි, කියා ගන්නවා. ජීවාත්මයක් යනු කුමක්ද, උත්තරීතර
ජීවාත්මය කවුරුන්ද කියා, ඔය දරුවන්ට දැන් වැටහෙනවා. කෙසේවෙතත්, ඔබගෙන් එක් එක් කෙනා
දරන උත්සාහයට අනුව, මෙය අංකානුරූපයි. ඔබ එක් එක් කෙනා කෙතරම් ඉගෙනගෙන අන් අයට
උගන්වනවාද, එමෙන්ම ඉන්පසුව, ඔබට කුමන තත්ත්වයක් ලැබෙයිද කියා පියා දන්නවා. පියා
විසින් ඔබව ලෝකයේ ඔටුනු හිමි රජ කුමරුන් බවට පත් කරවනවා, යන විශ්වාසය ඔබට තිබේ.
එබැවින් ඔබ එයට අනුරූපිව උත්සාහ දරා, ඔබ ඔටුනු හිමි රජ කුමරුන් බවට පත් වන බව,
සියලු දෙනාටම පෙන්විය යුතුයි. ඔබ උපත් 84 හි චක්‍රය වටා ගොස් ඇති අතර, දැන් නැවතත්
එය බවට පත් වෙමින් සිටිනවා. මෙය අපායයි මෙහි කිසිවක් ඉතිරිව නැත. පියා දැන් පැමිණ,
ඔබගේ නිධන් ගබඩාව පුරවා, ඔබගේ සියලු දුක් ඉවත් කරනවා. සියලු දෙනාගෙන්ම විමසන්න ඔබ
මෙහි පැමිණ සිටින්නේ ඔබගේ නිධන් ගබඩාව පුරවා ගන්න නොවේද? අමරණීය දේශයේ, මරණය සිදු
විය නොහැක. පියා පැමිණ සිටින්නේ ඔබගේ දුක ඉවත් කර, ඔබගේ නිධන් ගබඩාව පිරවීමටයි. එය
අමරණීය දේශය වන අතර, මෙය මරණයේ දේශයයි. නිෂ්ඵල දේ නොව, මෙම මධුර දේවල් වලට සවන් දී,
ඒවා ගැන කතා කරන්න. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබව ලෝකයේ
පාලකයන් බවට පත් කරවන මෙම දැනුම, ඔබට ඉගැන්වීම සඳහා, පරමාත්ම පියා පැමිණ සිටියි.
එබැවින් කිසිම විටෙක, ඔබට කාලය නොමැති බව නොකියන්න. ශ්‍රීමත් අනුගමනය කර, එය
දිව්‍යලෝකය බවට පත් කිරීමට, ඔබගේ සිරුර, මනස සහ ධනයෙන්, භාරතයට සේවය කරන්න.
2. ඔබ අතරේ, දැනුමෙහි
බොහෝ මිහිරි දේවල් වලට සවන් දී, කතා කරන්න. සෑම විටෙකම පියාගේ මෙම උපදෙස සිහි කරන්න
: නපුරු දේට සවන් නොදෙන්න, නපුරු දේ කතා නොකරන්න...
වරදානය:
ඔබ පාප ජය
ගන්නෙකු වී සියලු සීමිත ආශාවන් ජයගෙන ලෝකය ජය ගන්නෙකු වේවා.
සියලුම සීමිත ආශාවන්
පාපයේ සලකුණු වේ. දේවල් සඳහා ආශාවන් ඇත. දෙවනුව, අනෙකුත් මිනිසුන්ගෙන් යම් සීමිත
ලැබීම් වෙනුවෙන් ආශාවන් ඇත. තෙවනුව සබඳතා සපුරා ගැනීමේ ආශාවයි. සිව්වැන්න සේවය
කිරීමේ අභිප්‍රායෙන් ඔබට ඇති සීමිත ආශාවකි. පුද්ගලයෙකුට හෝ වස්තුවකට විශේෂයෙන්
ආකර්ෂණය වී එය ආශාවක් නොවන බවත් ඔබ එයට කැමති බවත් පැවසීම, එයද දුෂ්චරිතයේ සලකුණු
වේ. මෙම සියුම් සලකුණු අවසන් වූ විට, ඔබ පාප ජය ගන්නෙකු බවත් ලෝකය ජය ගන්නෙකු බවත්
කියනු ලැබේ.
පාඨය:
ඔබේ හදවතේ
අවබෝධය ඇති කර ගැනීමෙන්, හදවත් සනසන පියාණන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමට අයිතියක් දිනා
ගන්න.
අව්‍යක්ත සංඥාව:
සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.
ඔබේ මනස, එයම සියුම්
බලයක් වන අතර, එය සියල්ලම එයට අණ කර ඇති පරිදි කළ යුතු අතර එවිට එය ඔබට ගෞරවයෙන්
සමත් වී රාජ්‍යයට අයිතියක් ලබා ගැනීමට හැකි වනු ඇත. ඔබේ සිතිවිලි වල බලය රැස් කර
ගැනීම සඳහා, ඔබ සිතන දේ පමණක් කරන්න. ඔබ "නවත්වන්න" යැයි පැවසූ වහාම, ඔබේ සිතිවිලි
නතර විය යුතුය. ඔබ සේවය කිරීමට සිතන විට, සේවය කිරීමේ කාර්යබහුල වන්න. ඔබ උත්තරීතර
වාසස්ථානය ගැන සිතන විට, උත්තරීතර වාසස්ථානයට යන්න. එවැනි පාලන බලය වැඩි කරන්න.