02.08.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පාරිශුද්ධත්වයෙන් යුතු වූ සංස්කාර ඔබගේ මුල්ම සංස්කාරයි. රාවණ්ගේ ආශ්‍රයට
යාමෙන් ඔබ අපිරිසිඳු වී තිබෙනවා. දැන් පාරිශුද්ධත්වයට පත් වී ඒ පිරිසිඳු ලෝකයේ
පාලකයන් බවට පත් වන්න.
ප්රශ්නය:
අසමගිය සඳහා
වූ පළවනම හේතුව කුමක්ද? එය අවසන් කළ හැක්කේ කෙසේද?
පිළිතුර:
අසමගිය සඳහා වූ පළවනම හේතුව වන්නේ අපිරිසිඳුභාවයයි. දැන් පරමාත්ම දෙවියන් හට, ඔබගේ
පියා හට ඒ පිරිසිඳු ලෝකය නිර්මාණය කිරීමට ඔබගේ සහාය ලබාදෙන බවට පොරොන්දු වන්න. ඔබගේ
දෑස් පාපකාරී කර නොගනිමින් ඒවා ශිෂ්ට දෑස් ලෙස තබා ගන්නා බවට පොරොන්දු වන්න. මෙසේ
කිරීමෙන් මෙම අසමගිය මඟහරවාලිය හැක. දරුවන් දැන් ඒ සාමය බිහිකර ලීමෙහි පුරෝගාමී විය
යුතුයි. එමනිසා, ඔබ කිසිම විටෙක අසමගි නොවිය යුතුයි. ඔබ නිරන්තර සාමයෙන් සිටිය යුතු
වන අතර කිසිම විටෙක මායාගේ වහල්භාවයට පත් නොවිය යුතුයි.
ඕම් ශාන්ති.
ගීතාව කියන
ලද්දේ සත්‍යය විසින් බව බාබා මෙහිදී ඔබට විස්තර කර දෙනවා. ඔහු මෙම ගීතාව ඔබට ලබා
දුන් පසු ඔහු නැවතත් නිවස බලා යනවා. දරුවනි, ඔබ දැන් ඒ සත්‍යයට සවන් දෙනවා. ඒ නියම
ගීතාවේ දෙවියන් හට සවන් දෙනවා. ඒ කියන්නේ මෙම රාජයෝගා දැනුමට සවන් දෙනවා. නොයෙක්
උගතුන් ඒ ලියා ඇති ගීතාවම අධ්‍යයනය කරනවා ඔවුන් එය හොඳින් මතක ලබා ගනිමින් අන්
අයටත් එසේම එය කියා දක්වනවා. නමුත් ඔවුනුත් අනිවාර්යෙන්ම ඔවුන්ගේ ශරීරය අත්හැර නැවත
ඉපදුණු විට පුංචි බබෙකු විය යුතුයි. ඉන්පසු ඔවුන්ට නැවතත් එම ගීතාව එසේ කීමට
නොහැකියි. නමුත් බාබා ඔබ ඔබගේ ඒ රාජ්‍යය ලබා ගන්නා තුරු මෙම ගීතාවෙහි දැනුම ඔබට ලබා
දෙනවා. ගුරුවරයෙකු වුවත් ශිෂ්‍යයන්ගේ සම්පූර්ණ පාඩම් මාලාවම අවසන් වන තුරුම ඔවුන්
හට උගන්වනවා. පසුව එම පාඩම් මාලාව අවසන් වූ කළ ඔවුන් යම් රැකියාවක් සොයාගෙන ඒ සීමිත
වූ ආදායම් ඉපයීමට පෙළඹෙනවා. ඔවුන් ඔවුන්ගේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්නවා පසුව ආදායමක්
උපයා ගන්නවා පසුව වයසට යනවා. ඉන්පසු ඔවුන් එම ශරීරය අත්හැර ඔවුන්ගේ ඊළඟ උපත ලබා
ගන්නවා. මිනිසුන් එම ගීතාව කටපාඩමින් කිව්වා වුවත් ඔවුන් එයින් ලබන ප්‍රයෝජනය
කුමක්ද? කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ! එම පුද්ගලයා මෙම ගීතාව කටපාඩමින් කිව්වා
වුවත් ඔහුගේ අනෙක් උපතෙහිදී ඔහු පුංචි දරුවකු ලෙස ඉපදුණු කළ මේ කිසිම දෙයක් ඔහුට
මතක නැහැ. ඉන්පසු ඔහුට නැවතත් එය කියවීමට හැක්කේ වයසින් වැඩී නැවතත් ගීතාව අධ්‍යයනය
කළහොත් පමණයි. ඒ සාම දේශයේ සිට බාබා මෙහි පැමිණෙන්නේ මේ එකම යුගයෙහිදී එකම වතාවක්
පමණයි. ඔහු මෙහි පැමිණ ඔබට මෙම අධ්‍යාපනය ලබා දී පසුව නැවතත් නිවස කරා යනවා. බාබා
කියනවා මා ඔබට රාජයෝගා උගන්වා නැවත මාගේ නිවස කරා යනවා. මා විසින් මෙම අධ්‍යාපනය
ලබා ගන්නා ඔවුන් පසුව ඔවුන්ගේ තිළිණය අත් දකිනවා. මා විසින් උගන්වන අය ඔවුන්ගේ නියම
ආදායම ලබා ගන්නවා. ඔවුන් ඔවුන් විසින් දරණ උත්සාහය අනුව අනුපිළිවෙලින් එය ධාරණය
කරගෙන පසුව පිටත්ව යනවා. ඔවුන් යන්නේ කොහේද? ඒ නව ලෝකයටයි. මෙම අධ්‍යාපනය අයත්
වන්නේ නව ලෝකයටයි. අනෙක් මිනිසුන් ඒ නව ලෝකය දැන් නිර්මාණය වීමට යන බවත් මේ පැරණි
ලෝකය විනාශ වීමට යනවා කියාත් දන්නේ නැහැ. ඔබ දන්නවා ඔබ විසින් මෙම රාජයෝගා ඥානය ලබා
ගන්නේ ඒ නව ලෝකය සඳහා කියා. මේ පැරණි ලෝකය හෝ ඔබගේ පැරණි ශරීරය හෝ මෙහි ඉතිරි වන්නේ
නැහැ. ජීවය යනු සදාකාලික දෙයක්. ජීවයන් පාරිශුද්ධත්වයට පත් වී පසුව ඒ පිරිසිඳු ලෝකය
වෙත යනවා. මෙම ලෝකය නව ලෝකයක්ව තිබියදී එහි සිටියේ දේවී දේවතාවන්. එය හැඳින්වූයේ
සත් යුගය ලෙසයි. ඒ නව ලෝකය නිර්මාණය කරන්නේ සත්‍යය විසිනුයි. ඒ එකම ධර්මය මෙහි
ස්ථාපිත කළ හැක්කේ ඔහුට පමණයි. ඔහු කිසිම දේවී දේවතාවක් මඟින් එය නොකරයි. මෙහි දේවී
දේවතාවන් නැති නිසා ඔහු අනිවාර්යෙන්ම මෙම දැනුම ඔබට ලබාදීම උදෙසා ශරීරයක් යොදා ගත
යුතුයි. ඔහු පසුව දේවතාවක් බවට පත්වනවා. ඒ දේවී දේවතාවන් පවා නැවත උපත් ගත් කළ
බ්‍රහමින් තත්ත්වයට පත් වෙනවා. මේ සියලු රහස් තේරුම් ගන්නේ මගේ දරුවන් පමණයි.
සත්‍යය යනු ඒ නව ලෝකය නිර්මාණය කරන්නා වූ අශාරීරික තැනැත්තායි. මෙය රාවන්ගේ
රාජ්‍යයයි. ඔබ මිනිසුන්ගෙන් ඔවුන් කලි යුගයේ සිටින අපිරිසිඳු අයද සත් යුගයේ සිටින
පිරිසිඳු අයද කියා ඇසුවහොත් ඔවුන්ට එය තේරුම් ගත නොහැකියි. බාබා කියනවා මා දැන් මීට
අවුරුදු 5000 කට පෙර කළාක් මෙන් මෙහි පැමිණ ඔබට මෙය විස්තර කර දෙනවා. කල්ප භාගයක්
තිස්සේ සතුටින් සිටීමට මම ඔබව දැනුවත් කරනවා. පසුව රාවන් මෙහි පැමිණ ඔබව අසතුටට ලක්
කරනවා. මෙය සතුටත් දුකත් පිළිබඳ වූ ක්‍රීඩාවක්. සෑම කල්පයකම කාල පරිච්ඡේදය අවුරුදු
5000 යි. ඉතින්, එය භාග දෙකකට බෙදා දැක්විය හැකියි. මේ රාවන්ගේ රාජ්‍යයේ සිටින
සියලුම දෙනා ශරීර අවධානයට පත් වී පාපයෙහි ගැලෙනවා. ඔබට දැන් මේ කරුණු සියල්ලක්ම
තේරෙනවා. මුලදී ඔබ මේ කිසිම දෙයක් තේරුම් ගත්තේ නැහැ. කල්පයක් කල්පයක් පාසා මෙය
තේරුම් ගත් අය දැන් නැවතත් එය හොඳින් තේරුම් ගන්නවා. දේවී දේවතා තත්ත්වයට පත් නොවන
අය මෙහි එන්නේ නැහැ. ඔබ දැන් ඒ දිව්‍ය ආගමෙහි පැළය සිටුවමින් ඉන්නවා. ඒ දේවී
දේවතාවන් දැන් පාපකාරී වී තමෝප්‍රධාන් තත්ත්වයට පත්ව ඇති හෙයින් ඔවුන්ගේ ධර්මය දැන්
මෙම වෘක්ෂයෙහි පවා දක්නට ලැබෙන්නේ නැහැ. මෙම වෘක්ෂය අළුත්ව තිබෙන විට එය
සතෝප්‍රධාන්ව පැවතියා. අපි එම වෘක්ෂයෙහි කොළ වන දේවී දේවතාවන් සේ සිටියා. පසුව අප
රජෝ හා තමෝ යන තත්ත්වයන් පසු කළ නිසා අපිරිසිඳු වූ ක්ෂුද්‍ර තත්ත්වයට පත් වූවා. මේ
පැරණි ලෝකයේ සිටින්නේ ඔබ වැනි පැරණි වූ මනුෂ්‍ය ශරීරයන් පමණයි. ඉතින් මේ පැරණි වූ
ඔබම තමයි නැවත ඒ අළුත් තත්ත්වයට පත් විය යුත්තේ. ඒ දිව්‍ය ධර්මය දැන් අතුරුදන් වී
තිබෙනවා. බාබා කියනවා ආගම අපහාසයට ලක්වනු දක්නට ලැබෙන විට... අපහාසයට ලක්වීම
සිදුවන්නේ මොන ආගමේද ? එය අනිවාර්යෙන්ම, ’මා විසින් ස්ථාපනය කරන ලද ආදී සනාතන දේවී
දේවතා ධර්මය‘ විය යුතුයි. එම ධර්මය දැන් අතුරුදන් වී ඇති අතර දැන් සම්පූර්ණ
අධර්මවාදී තත්ත්වයට වැටී තිබෙනවා. එමනිසා, එම ධර්මය එසේ අධර්මවාදී වන කළ බාබා මෙහි
පැමිණෙනවා. එම ආගම කිසිසේත් ව්‍යාප්ත විය නොහැකියි. මන්ද, එය දැන් අතුරුදන් වූ
ආගමක්. එහි අධර්මවාදී බව පමණයි වැඩි වී තිබෙන්නේ. අනෙක් සෑම ආගමක්ම මේ වන විට වැඩී
ගොස් තිබෙනවා. ඒ ක්‍රිස්තුන් වහන්සේ මඟින් ක්‍රිස්තියානි ධර්මය මෙතරම් දුරට වැඩී
ගොස් තිබෙනවා. නමුත් ඒ දිව්‍ය ආගම මේ වන විට අතුරුදන් වී ගොස් තිබෙනවා. දේවී
දේවතාවන් අපිරිසිඳු වන නිසා ඔවුන් විසින්ම ඔවුන්ව අපහාසයට ලක් කර ගන්නවා. මෙසේ
අධර්මවාදී වන්නේ මෙම ආගම පමණයි. අන් සියලුම ආගම් වල විශාල ව්‍යාප්තියක් දැක ගත හැකි
වනවා. දීර්ඝ කාලයක් තිස්සේ සෑම කෙනෙක්ම ඔවුන්ට අයත් ආගම ඔවුන් අනුගමනය කරනවා. නමුත්
ඒ ආදී සනාතන දේවී දේවතා ධර්මයට අයත් වන අය, ඒ පාපයෙන් තොරව සිටි අය දැන් පාපයට
ගොදුරු වී තිබෙනවා. ඔබ විසින් ඒ පිරිසිඳු ලෝකය ස්ථාපිත කොට පසුව ඒ පිරිසිඳු
තත්ත්වයෙන් වෙන් වී අපිරිසිඳු වූවා. ඔබ ක්ෂුද්‍ර තත්ත්වයට පත් වූවා. ඒ කියන්නේ ඔබ
විසින්ම ඒ ආගම නැති කර ගත්තා. ඔබ අපිරිසිඳු වන කළ ඔබ විසින්ම ඔබ අපහාසයට ලක් කර
ගන්නවා. පාපයෙහි ගැලීම නිසා ඔබ අපිරිසිඳු තත්ත්වයට පත් වනවා. මෙම ලෝකය ඒ පිරිසිඳු
බවින් අපිරිසිඳු වූ කළ සියලුම දෙනා අපිරිසිඳු වන නිසා ඔබ තව දුරටත් ඔබ දේවී
දේවතාවන් ලෙස හඳුන්වන්නේ නැහැ. ඔබ බොහෝ කිලිටි වූ අපිරිසිඳු අය බවට පත් වී තිබෙනවා!
බාබා කියනවා මා ඔබ ලස්සන මල් බවට පත් කළා නමුත් රාවන් පැමිණ නැවතත් ඔබ කටු බවට පත්
කළා. ඔබ පිරිසිඳු බවින් අපිරිසිඳු බවට පත් කළා. ඔබගේම ධර්මය දෙස මඳක් හැරී බලන්න.
මිනිසුන් කෑගසමින් මෙසේ කියනවා අපගේ තත්ත්වය දෙස බලන්න. අප බොහෝ සෙයින් අපිරිසිඳු
වී තිබෙනවා. නැවතත් අප පාරිශුද්ධත්වයට පත් කරන්න! බාබා දැන් නැවතත් ඔබ ඒ අපිරිසිඳු
තත්ත්වයෙන් පිරිසිඳු තත්ත්වයට පත් කිරීම උදෙසා මෙහි පැමිණ සිටිනවා. එමනිසා, ඔබ
අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. ඒ වගේම අන් අයවත් පාරිශුද්ධත්වයට පත්
කළ යුතුයි. මෙසේ විභාග පවත්වමින් ඔබගෙන්ම අසන්න මා සෑම ගුණාංගයකින්ම සම්පූර්ණ වී
තිබෙනවාද? මාගේ චරිතය දේවී දේවතාවන්ගේ මෙන්ද? මෙය දේවී දේවතාවන්ගේ ලෝකයක්ව තිබුණු
කළ මෙහි සාමය තිබුණා. මා දැන් මෙහි පැමිණ එම සාමකාමී ලෝකය නැවතත් මෙහි ස්ථාපිත
කරන්නේ කෙසේද කියා ඔබට කියා දෙනවා. එය එසේ සිදු වීමට නම් ඔබ සාමකාමී විය යුතුයි. මා
ඔබට දැන් එම සාමකාමී තත්ත්වයට පත්වන මාර්ගය හෙළි පෙහෙලි කර දෙනවා. මා සිහිපත්
කරන්න. එවිට ඔබගේ ඒ සාම දේශය කරා යාමට ඔබට හැකි වනවා. සමහර දරුවන් සාමයෙන් සිට අන්
අයවත් සාමයට පත් කරවනවා. නමුත් තවත් සමහර දරුවන් තවමත් එසේ නැහැ. ඔබ අසමගි වුවහොත්
ඔබ අන් අයවත් අසමගියට පත් කරවනවා. මිනිසුන් සාමය කියන්නේ කුමක්ද කියා තේරුම් ගන්නේ
නැහැ. ඔවුන් මෙහි පැමිණ සාමය යනු කුමක්ද කියා ඉගෙනගෙන සාමකාමී තත්ත්වයට පත් වෙනවා.
නමුත් ඔවුන් මෙතැනින් පිටව ගිය කළ නැවතත් අසමගියට පත් වනවා. ඒ අසමගිය ඇති වන්නේ
අපිරිසිඳුභාවය නිසයි. ඔබ මෙහි පැමිණි විට බාබා හට මෙසේ පොරොන්දු වනවා බාබා, මා ඔබටම
අයිති වූ දරුවකු වනවා. මා ඔබගෙන් මා හට අයත් රාජ්‍යය හිමි කර ගන්නවා. මා පිරිසිඳුව
සිට අනිවාර්යෙන්ම මෙම ලෝකයේ පාලකයෙක් බවට පත් වනවා කියා. කොහොමනමුත්, ඔබ පසුව ගෙදර
ගිය කළ මායාගේ නොයෙකුත් කුණාටු වලට හසු වනවා. ඉතින් සටන ආරම්භ වනවා. ඉන්පසු ඔබ
නැවතත් මායාගේ වහලෙක් බවට පත් වී නැවතත් අපිරිසිඳුභාවයට පත් වනවා. පාරිශුද්ධත්වයෙන්
සිටීමට පොරොන්දු වූ අය පසුව ඒ අහිංසක අයට බැට දෙනවා. ඔවුන් එසේ පාරිශුද්ධත්වයෙන්
සිටීමට පොරොන්දු වුවත් මායාගෙන් ඔවුන් බැට කන නිසා ඔවුන්ගේ පොරොන්දුව ඔවුන්ට අමතක
වී යනවා. ඔවුන් දෙවියන්ට නොයෙකුත් පොරොන්දු දෙනවා මා පිරිසිඳු වී පිරිසිඳු ලෝකයේ
උරුමය ලබා ගන්නවා. ශිෂ්ට ඇසක් ඇතිකර ගන්නවා. කිසිම ආකාරයක කිලිටි සිතිවිල්ලක් ඇති
කර ගන්නේ නැහැ. පාපයෙහි යෙදෙන්නේ නැහැ. ඒ පාපකාරී ඇස අහක දමනවා ආදී වශයෙන්.
කොහොමනමුත්, ඔවුන් තවමත් මායා, රාවන්ගෙන් පරාජය වී පාපයෙන් තොර වීමට අවශ්‍ය අන්
අයවත් පීඩාවට පත් කරනවා. මේ නිසා තමයි අහිංසක තැනැත්තන් නිරන්තරයෙන් බැට කනවා කියා
කියන්නේ. මිනිසා බොහෝ බලවත් වුවත් ගැහැණිය තරමක් දුර්වලයි. සාමාන්‍යයෙන් මිනිසා
බොහෝ බලවත් වන නිසා ඔහු තමයි යුද්ධෙට යන්නේ. ගැහැණිය බොහෝ සියුමැලි වන අතර ඔවුන්ගේ
රාජකාරි වෙනස්. ඔවුන් නිවස රැකබලා ගන්නවා. දරුවන් හට උපත ලබා දී ඔවුන්ව හදාවඩා
ගන්නවා. බාබා ඔබට විස්තර කර දෙනවා එහිදී පාපය නොමැති අතර ඔවුන්ට එක පුතෙකු පමණක්
සිටිනවා. මෙහිදී සමහර සන්යාසීන් පවා කියනවා ඔබට එක් පුතෙකු සිටිය යුතුමයි කියා.
පාපකාරී ඇසින් යුතු වූ අය එසේ රවටමින් එවැනි උපදෙස් ලබා දෙනවා. බාබා කියනවා විනාශය
අත ළඟ තිබෙන මේ මොහොතේ දරුවන්ගෙන් ඇති ඵලය කුමක්ද? සියලු දේ විනාශ වනවා. මා දැන්
මෙහි පැමිණ සිටින්නේ මේ පැරණි ලෝකය විනාශ කර දැමීමටයි. සන්යාසීන් ඒ ගැන පවසනවා,
ඔවුන් විනාශය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ අසීමිත වූ පියා විසින් දැන් ඔබට මේ
විනාශය සිදු වීමට යන ආකාරය විස්තර කර දෙනවා. ඔබගේ දරුවන්ට උරුමක්කාරයන් බවට පත්
වීමට නොහැකි වනවා. ඔබ සිතනවා ඔබගේ පෙළපත පිළිබඳව යම් සංඥා තිබිය යුතුයි කියා. නමුත්
මේ අපිරිසිඳු ලෝකයේ කිසිම දෙයක් ඉතිරි වන්නේ නැහැ. ඔබට තේරෙනවා ඔබ සිටියේ මෙම
අපිරිසිඳු වූ ලෝකයේ කියා. සත් යුගය ලෙස හැඳින් වූ පිරිසිඳු ලෝකයක් තිබුණු බව
මිනිසුන් හට මතකයි. කොහොමනමුත්, ඔවුන් දැන් තමෝප්‍රධාන් තත්ත්වයට පත් වී තිබෙන නිසා
ඔවුන්ට මෙය තේරෙන්නේ නැහැ. ඔවුන්ගේ දර්ශනය දැන් පාපකාරී වී තිබෙනවා. ධර්මය අපහාසයට
ලක් වනවා යනු මෙයයි. ඒ ආදී සනාතන දේවී දේවතා ධර්මයෙහි මෙවැනි දේ හට ගන්නේ නැහැ.
දැන් ඔවුන් මෙසේ කෑ ගසනවා අහෝ පාරිශුද්ධකරුවාණෙනි පැමිණෙන්න! අප අපිරිසිඳු වී
අසතුටට පත් වී තිබෙනවා! බාබා විස්තර කරනවා මා ඔබ පාරිශුද්ධත්වයට පත් කළා. පසුව
රාවන් නැවතත් ඔබ අපිරිසිඳු තත්ත්වයට පත් කළා. ඔබ දැන් නැවතත් පාරිශුද්ධත්වයට පත්
විය යුතුයි. ඔබ පාරිශුද්ධත්වයට පත්වන විට මායා ඔබත් සමඟ සටන පටන් ගන්නවා. ඔබ කියනවා
බාබා, අපට නිරන්තරයෙන්ම කුණාටු හමා අපව නැති කර දමනවා කියා. අප පාපයට ඇද හෙළනවා. ඔබ
බාබාගෙන් ඔබගේ උරුමය ලබා ගැනීමට උත්සාහ දැරුවා. නමුත් පසුව නැවතත් ඔබ ඔබගේ මුහුණ
කැත කර ගත්තා. ඔබ ඔබගේ උරුමය ලබා ගන්නේ කෙසේද? බාබා මෙහි පැමිණෙන්නේ ඔබ ලස්සන
කරවන්නයි. ඒ ලස්සන දේවී දේවතාවන් දැන් අවලස්සන ශරීර බවට පත් වී තිබෙනවා. ඒ දේවී
දේවතාවන් දැන් අවලස්සන මුහුණු මඟින් පෙන්වා දී තිබෙනවා. ඔබ කිසිම විටෙක
බුදුන්වහන්සේගේ හෝ ක්‍රිස්තුස්වහන්සේගේ අවලස්සන පින්තූරයක් දැක තිබෙනවාද? නමුත්
දේවී දේවතාවන්ගේ අවලස්සන පින්තූර නිර්මාණය කර තිබෙනවා. සියලුම දෙනා හට විමුක්තිය
ලබා දෙන, සෑම කෙනෙකුගේම පියා වන, සෑම කෙනෙක්ම ’අහෝ උත්තරීතර පියාණෙනි, උත්තරීතර
ජීවය පැමිණ අප සියලු දෙනාම ගලවා ගන්න‘ කියන ඔහු අවලස්සන විය නොහැකියි. ඔහු
නිරන්තරයෙන් ලස්සනයි, නිරන්තරයෙන් පාරිශුද්ධයි. ක්‍රිෂ්ණා තවත් ශරීරයක් ගත්තා වුවත්
ඔහු පිරිසිඳුයි. උසස් ජීවයන් ලෙස හැඳින්විය හැක්කේ දේවී දේවතාවන් පමණයි. ක්‍රිෂ්ණා
යනු දේවතාවක්. දැන් මේ කලි යුගයයි. මෙම කලි යුගයේ උසස් ජීවයන් සිටිය හැක්කේ කෙසේද?
ඒ දිව්‍යමය ගුණාංග වලින් යුතු වූ ශ්‍රී ක්‍රිෂ්ණා තමයි සත් යුගයේ පළවනම කුමරා. දැන්
එවන් දේවී දේවතාවන් මෙහි නැහැ. ඒ නොයෙකුත් සන්යාසීන්, මුනින් ආදීන් පිරිසිඳු වුවත්
ඔවුන් තවමත් උපත ලබන්නේ පාපයෙන්. පසුව නැවතත් ඔවුන් එම පාපයෙන් ගැලවිය යුතුයි. දේවී
දේවතාවන් නිරන්තරයෙන් පිරිසිඳු වූ අයයි. මෙය රාවන්ගේ රාජ්‍යයයි. රාවන් හිස් දහයකින්
පෙන්වා දී තිබෙනවා. ඔළු පහක් ස්ත්‍රී වන අතර අනෙක් ඔලු පහ පුරුෂ වනවා. එයින් අදහස්
කරන්නේ මෙහි සිටින සෑම කෙනෙක් හටම මෙම පාපයන් තිබෙන බවයි. දේවී දේවතාවන් ගැන ඔබට
මෙසේ කිව නොහැකියි. එය සතුටේ දේශයයි. රාවන් එහිද සිටියහොත් එයත් දුක් සහිත ලෝකයක්
බවට පත් වනවා. මිනිසුන් සිතනවා දේවී දේවතාවන් පවා දරුවන් හට උපත් ලබා දිය යුතු නිසා
ඔවුනුත් පාපී අය වෙතැයි කියා. කොහොමනමුත්, මෙසේ සිතන අය, දේවී දේවතාවන් වන්දනාවට
ලක් වන්නේ ඔවුන් පාපයෙන් තොර වන නිසා බව දන්නේ නැහැ. සන්යාසීන් පවා ඔවුන්ගේ ධර්මය
ප්‍රචාරය කරනවා. ඔවුන් මිනිසුන්ව පාපයෙන් ගලවා ගැනීමට ඔවුන්ට උපදෙස් දී තම ප්‍රචාරය
ගෙන යනවා. බාබා දැන් මේ ගෘහ ජීවිත මාර්ගය නම් වූ අළුත් මෙහෙයුම නිර්මාණය කරනවා.
බාබා යුගලයන් වශයෙන් සිටින අය පවා පාරිශුද්ධත්වයට පත් කරනවා. පසුව ඔබ දිව්‍ය
තත්ත්වයට පත් වනවා. ඔබ මෙහි එන්නේ සන්යාසීන් බවට පත් වීමට නොවේ. ඔබ මෙහි පැමිණ
සිටින්නේ මෙම ලෝකයේ පාලකයන් බවට පත් වීමටයි. සන්යාසීන් පවා එක් ශරීරයක් අත්හැර ගිය
කළ නැවත ගෘහ ජීවිතයක් තුළ තවත් ශරීරයක් ගත යුතුයි. පසුව එම පාපය නැවතත් ඔවුන්
විසින් අත්හැර දැමිය යුතුයි. ඔබගේ මුල්ම සංස්කාර තිබුණේ පාරිශුද්ධත්වය පිළිබඳවයි.
ඔබ දැන් අපිරිසිඳු වී තිබෙන නිසා දැන් නැවතත් පිරිසිඳු විය යුතුයි. බාබා ඒ පිරිසිඳු
ගෘහ ජීවිතයට මාර්ගය පෙන්වා දෙනවා. ඔහු ඔබගේ ගෘහ ජීවිතය ආශ්රමයක් (පිරිසිඳු
ස්ථානයක්) බවට පත් කරවනවා. ඒ පිරිසිඳු ලෝකය සත් යුගය ලෙස හඳුන්වන අතර අපිරිසිඳු
ලෝකය හඳුන්වන්නේ කලි යුගය ලෙසයි. මෙහි නොයෙකුත් පාපකාරී ජීවයන් සිටිනවා. එවැනි දේ
සත් යුගයේ නැහැ. බාබා කියනවා භාරතය අපහාසයට ලක්වන කළ, ඒ කියන්නේ ඒ දිව්‍ය ධර්මය
අපිරිසිඳු වූ කළ ඔවුන් අන් අයට ඔවුන්ගේ ධර්මය අපහාසයට ලක් කිරීමට ඉඩ දෙනවා. ඔබ තුළ
කිසිම ගුණධර්මයක් නොමැතිව අපිරිසිඳු වූ කළ මා නැවතත් ඔබ පාරිශුද්ධත්වයට පත් කිරීම
උදෙසා මෙහි පැමිණිය යුතුයි. මෙම නාටක චක්‍රය නොනවත්වා කැරකෙන්නක්. ඒ සත් යුගය කරා
යාමට නම් ඔබට දිව්‍යමය වූ ගුණාංග අවශ්‍ය වනවා. ඔබ කිසිම විටෙක කෝපයට පත් නොවිය
යුතුයි. කෙනෙක් කෝප වනවා නම් ඔහු යක්ෂයෙකු ලෙස හැඳින්විය හැකියි. ඔබගේ තත්ත්වය බොහෝ
සාමකාමී තත්ත්වයක් විය යුතුයි. ඔබ කෝපයට පත් වූ විට ඔබට කෝපය නම් වූ යක්ෂ ගති ගුණය
තිබෙනවා කියා කිව හැකියි. මෙවැනි වූ යක්ෂ ගති ගුණ තිබෙන අයට දිව්‍ය තත්ත්වයට පත්
විය නොහැකියි. ඔවුන්ට සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන් තත්ත්වයට පත් විය
නොහැකියි. දේවී දේවතාවන් පාපයෙන් තොර අයයි. රජත් රැජිනත් අනුව තමයි සේවකයන් හැඩ
ගැසෙන්නේ ඔවුන් සියලුම දෙනා පාපයෙන් තොරයි. සත්‍යය, ඒ ඔබගේ පියා මෙහි පැමිණ ඔබ
සම්පූර්ණ පාපයෙන් තොර තැනැත්තන් බවට පත් කරවනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ දැන්
බාබා හට පිරිසිඳුව සිටිනවා කියා පොරොන්දුවක් වී තිබෙනවා. ඉතින් මායාගෙන් බැට නොකා
සිටීමට සැළකිලිමත් වන්න. කිසිම විටෙක මායාගේ වහලෙක් බවට පත් වන්න එපා. ඔබ දැන් ඒ
පිරිසිඳු වූ ලෝකයට යාමට සිටින හෙයින් කිසිම විටෙක මෙම පොරොන්දුව අමතක කරන්න එපා.
2. දේවී දේවතාවන් බවට
පත් වීමට නම් ඔබගේ තත්ත්වය තවත් බලවත් කර ගන්න. කිසිම ආකාරයක පාපකාරී සිතිවිල්ලක්
ඔබ තුළට ඇතුල් නොවිය යුතුයි. ඔබ අනිවාර්යෙන්ම දිව්‍යමය වූ ගුණාංග උකහා ගත යුතුයි.
වරදානය:
ඔබගේ සුරදූත
ස්වරූපය පිළිබඳව දැනුවත්ව සිටීමෙන් සහ පරමාත්ම පියාගේ ආරක්ෂාවේ වියන අත්විඳීමෙන්
ඔබ බාධක ජය ගන්නෙකු වේවා.
ඔබ අම්රිත් වෙලාවේ
අවදි වූ විගස, මෙම අවධානය ඇති කරන්න: මම සුරදූතයෙක්. බ්‍රහ්ම පියාට ඔහු ආදරය කරන
මෙම තෑග්ග ලබා දෙන විට බාප්දාදා සෑම දිනකම අම්රිත් වේලාහිදී ඔහුගේ දෑතින් ඔබව වැළද
ගනු ඇත, ඔබ බාබාගේ දෑත් තුළ අතීන්දීය ප්‍රීතියෙන් පැද්දෙන බව ඔබට අත්විඳිය හැකිය.
තම සුරදූත ස්වරූපය ගැන දැනුවත්ව සිටින අයට යම් අහිතකර තත්වයන් හෝ බාධාවන් පැමිණියද,
පරමාත්ම පියා ඔවුන්ට ආරක්ෂාවේ වියනක් බවට පත් වනු ඇත. එබැවින්, පරමාත්ම පියාගේ
ආරක්ෂාව සහ ඔහුගේ ආදරය අත්විඳීමෙන්, ඔබ බාධක ජයගන්නෙකු බවට පත් වනු ඇත.
පාඨය:
සන්තෝෂයේ
ප්‍රතිමූර්තියක් වන ජීවාත්මයක් තමාගේම මුල් අවධිය තුළින් අහිතකර තත්ත්වයන්ගෙන්
පහසුවෙන්ම ජයග්‍රහණය ලබා ගනී.