02.09.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා පැමිණ සිටින්නේ, උපත් 21කට ඔබට ආධිපත්‍යයේ උරුමය හිමි කරගෙන, අචල සහ
නොබෙදි රාජධානියේ පාලකයන් වීම සඳහා, උසස් ක්‍රියා කිරීමට ඔබට ඉගැන්වීමටයි.
ප්‍රශ්නය:
ගෘහවාසීන්ගේ
කුමන විශ්වාසයද, සන්යාසීන්ගේ විශ්වාසයට බොහෝ වෙනස් වන්නේ?
පිළිතුර:
ගෘහවාසීන් විශ්වාස කරන්නේ, දෙවියන් නියත වශයෙන්ම එක් හෝ තව වේශයකින් පැමිණෙන බව වන
අතර සන්යාසීන් විශ්වාස කරන්නේ, බ්‍රහ්ම පදාර්ථය සිහි කිරීමෙන්, ඔවුන් එය තුළට මුසු
වන බවයි. පියා විස්තර කරන්නේ, කිසි කෙනෙක් බ්‍රහම් පදාර්ථයට මුසු නොවන බවයි.
ජීවාත්ම අමරණීය බැවින් ඔවුන් කිසිවක් තුළ මුසු වන්නේ කෙසේද? පරමාත්ම දෙවියන් පැමිණි
විට, ඔහු නියත වශයෙන්ම ගුරුවරයා ලෙසින් ඔබට ඉගැන්වීම් ලබා දෙයි. සිතිවිලි මඟින් ඔහු
ඔබට ඥානය ලබා නොදෙයි.
ගීතය:
ඔබව
හමුවීමෙන්, අපට මුළු ලොවම හමුවී තිබේ. අහස, පොළව, සියල්ල අප සතුය.
ඕම් ශාන්ති.
ඔය මිහිරිතම,
ආධ්‍යාත්මික දරුවන්ට මෙම ගීය ඇසුණා. ’බාබා!‘ කියන්නේ, ආධ්‍යාත්මික දරුවන් පමණයි.
අසීමිත පියා, අසීමිත සතුට ලබා දෙන බවත්, ඔහු සියල්ලන්ගේම පියා බවත්, ඔය දරුවන්
දන්නවා. සියලුම අසීමිත දරුවන්, ජීවාත්ම, ඔහුව සිහි කරයි. ඔවුන් එක් හෝ තව අන්දමකින්
ඔහු සිහි කරන නමුත් එම පරම පියා, පරමාත්ම ජීවයෙන්, ඔවුන් ආධිපත්‍යය හිමි කර ගත යුතු
බව, ඔවුන් නොදනී. පියාගෙන් ඔබ හිමි කරගන්නා ස්වර්ණමය යුගී ලෝක ආධිපත්‍යය, අචල,
නොබෙදි, එමෙන්ම නොසෙලවෙන බව, ඔබ දන්නවා. ආධිපත්‍යය, උපත් 21කට ස්ථීර ලෙසින් අපගේ
ලෙසින් රැඳී තිබෙයි. අපගේ රාජ්‍යය මුළු ලොව පුරාම පවතින අතර, කිසිවෙකුට එය අපගෙන්
උදුරා ගත නොහැක කිසිවෙකුට එය කොල්ලකෑමට නුපුළුවනි. අපගේ රාජධානිය නොසෙලවී පවතින්නේ,
එහි එක් ධර්මයක් පමණක් තිබෙන නිසාය එහි ද්වන්දයක් නැත. එම රාජධානිය නොබෙදී තිබෙයි.
ඔය දරුවන්ට මෙම ගීතය ඇසෙන විට, ඔබගේ බුද්ධියේ, ඔබගේ රාජධානියේ කුල්මත්භාවය තිබිය
යුතුයි. ඔබට විගසින් පියාව සහ උරුමය සිහිවන සේ, එවන් ගීත ඔබගේ නිවසේ තබාගත යුතුයි.
පියාගේ සිහිපත් කිරීමේ කුල්මත්භාවය ගෙන දෙන ගීත වලට ඔබ සවන් දිය යුතුයි. ඔබගේ සෑම
දෙයක්ම අදෘෂ්‍යමානයි. වැදගත් මිනිසුන්ට බොහෝ සෝබනය තිබේ ඔබට කිසි සෝබනයක් නැත. පියා
ඇතුළු වූ කෙනා, තමන්ගේ ආටෝපයක් නොපෙන්වන බව, ඔබට දැකගත හැක ඔහු පෙර ඇන්ද එම ඇඳුම්
ආදිය, ඔහු දිගටම පළඳියි. අපට අපගේ රාජධානියේ භාග්‍යය ලබාදීම සඳහා, බාබා, මෙම කෙනා
තුළට ඇතුළු වී ඇති බව, ඔබගේ බුද්ධියෙන් වටහාගත හැක. මේ මුළු ලෝකය පුරා සිටින සියලුම
මනුෂ්‍යයන්, ශරීර අවධානය තුළින්, අධර්මිෂ්ඨ ක්‍රියා සිදුකරන බව, ඔය දරුවන් දන්නවා.
නුවණ නොමැත්තන් යැයි ඔවුන්ට කියන්නේ මේ නිසාය. සෑම කෙනෙකුගේම බුද්ධියට අගුල් දමා
ඇත. ඔබ, බොහෝ නුවණ ඇති, ලෝකයේ අධිපතියන් විය. මායා දැන් ඔබව මුළුමනින් නුවණ නැති,
කිසි ඵලක් නොමැත්තන් බවට පත් කර තිබේ. පියා වෙතට යෑමට, මිනිසුන් බොහෝ යාගහෝම
පවත්වා, තපස් ආදිය රකියි, නමුත් ඔවුන්ට කිසි දෙයක් ලැබෙන්නේ නැත. ඔවුන් දිගින්
දිගටම වැටි වැටී සැරිසරයි. කිසි කෙනෙක් දෙවියන්ව හඳුනන්නේ නැත. ඔහු සර්ව ව්‍යාප්තික
බව ඔවුන් නිකමට පවසයි. එය සම්පූර්ණයෙන් වැරදියි. ’පියාණන්‘ යන වචනය, ඔවුන්ගේ
බුද්ධිය තුළට ඇතුළු වන්නේ නැත. සමහර මිනිසුන් ’පියාණන්‘ යන වචනය භාවිත කළත්, එයත්
නිකමට කියනවාට කියයි. ඔහු, පරම පියා, පරමාත්ම ජීවය බව, ඔවුන් සැබවින්ම වටහාගත්තේ
නම්, ඔවුන්ගේ බුද්ධිය දීප්තිමත් වන්නට පටන් ගනී. පියා ඔබට ඔබගේ දෙව්ලොව උරුමය
ලබාදෙයි. ඔහු දෙව්ලොව දෙවි පියාණන්ය. එසේනම්, අපි කලි යුග අපායේ අසුන්ගෙන සිටින්නේ
ඇයි? ඔවුන්ට දැන් විමුක්තිය සහ ජීවන-මුක්තිය ලබාගත හැක්කේ කෙසේද කියා, කිසිවෙකුගේ
බුද්ධියට ඇතුළු වන්නේ නැත. ඔබට දැන් අවබෝධය ලැබී තිබේ. එය නව ලෝකය සහ නව භාරතය වූ
කල්හි, එය අපගේ රාජධානිය වූ බව, බාබා අපට මතක් කර දී තිබේ. එක් උපදෙසක්, එක්
භාෂාවක් සහ එක් අධිරාජයෙක් සහ අධිරාජිණියක් විය. ස්වර්ණමය යුගයේ අධිරාජයන් සහ
අධිරාජිණියන් සිටින අතර රිදී යුගයේ රජවරුන් සහ රැජිණියන් සිටියි. පසුව, තඹ යුගයෙදී
පාපයේ මාර්ගය ආරම්භ වන විට, සෑම දෙයක්ම එකිනෙකාගේ කර්මය මත රඳා පවති. සෑම
ජීවාත්මයක්ම තම සිරුර හළා දමා, ඔහුගේ කර්මයට අනුව තවෙකක් ගනී. පියා පවසන්නේ උපත්
21කට ඔබට අඛණ්ඩව ආධිපත්‍යය ලැබෙන අන්දමේ එවන් ක්‍රියා සිදු කිරීමට, මා දැන් ඔබට
උගන්වනවා. ඔබට එහිදීද සීමිත පියවරුන් සිටින නමුත්, රාජධානියේ ඔබගේ උරුමය, අසීමිත
පියාගෙන් ඔබට ලැබී ඇත, යන ඥානය, ඔබට එහිදී නොමැත. තඹ යුගයෙදී රාවනගේ රාජධානිය ආරම්භ
වූ විට, සම්බන්ධකම් වල පදනම වන්නේ පාපයන් වන අතර, ඔබ සිදුකරන ක්‍රියා වලට අනුව එහි
ඵල ලැබෙයි. දේවතාවන් පාපයේ මාර්ගයට යන අතර, ස්වර්ණමය යුගයේ සෑම දෙයක්ම අවසන් වෙයි.
ඉන්පසුව ඔබගේ කර්මයට අනුව ඔබ තව උපතක් ගනී. භාරතයේ, පිදුම් ලබන්නට සුදුසු රජවරුන්
මෙන්ම, වන්දනාමාන කරන රජවරුන්ද සිටියා. ස්වර්ණමය යුගයේ රජු, රැජිණ, සහ පුරවැසියන්
යන සියල්ල, පිදුම් ලබන්නට සුදුසුය. ඉන්පසු, තඹ යුගයේ භක්තිය ආරම්භ වන විට, රජු,
රැජිණ සහ පුරවැසියන් යන සියලු දෙනාම වඳින්නන් වෙයි. මහා සූර්ය-රජ පෙළපතේ රජවරුන්,
වඳින්නන් වී, ඉන්පසුව වෛශ්‍ය රජ පෙළපතේ කොටසක් බවට පත් වෙයි. ඔබ දැන් පාපයෙන් තොර
බවට පත් වනවා. එහි ප්‍රතිලාභය උපත් 21කට පැවතෙන අතර ඉන්පසුව භක්ති මාර්ගය ආරම්භ
වෙයි. ඔවුන් පැවතුණු, පිදුම් ලබන්නට සුදුසු සියලුම දේවතාවන්ට දේවාල තනා, ඔවුන්ට
වන්දනාමාන කරති. මෙය සිදුවන්නේ භාරතයේ පමණයි. පියා පවසන මෙම උපත් 84හි කතාපුවත
බලපාන්නේ භාරතයේ ජනතාවටයි. වෙනත් ආගම්වල අය පැමිණෙන්නේ පසුවයි. ව්‍යාප්තිය සිදුවන
විට ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිටියි. දේවතාවන්ට විවිධ සම්ප්‍රදා සහ චාරිත්‍ර තිබේ.
එය, භාරතයේ ගුරූන්ට තිබෙන සම්ප්‍රදායන් නොවීය. චක්‍ර භාගයකට පසුව රාවනගේ රාජධානිය
ආරම්භ වන විට, සම්ප්‍රදායන් සහ චාරිත්‍ර සියල්ල වෙනස් වී පිදුම් ලබන්නට සුදුසුව
සිටි අය, වඳින්නන් බවට පත් වෙයි. ප්‍රථමයෙන් ඔවුන් අමිශ්‍ර වන්දනාව, ශිවාට පමණක්
සිදු කළා. ඔවුන් ඔහු වෙනුවෙන් දේවාල තැනූ අතර පසුව ලක‍්ෂ්මි සහ නාරායන වෙනුවෙන්
දේවාල තැනුවා. එක් පුද්ගලයෙක්, ලක‍්ෂ්මි සහ නාරායන වෙනුවෙන් දේවාලයක් තැනූ විට,
තවත් කෙනෙක් එයම සිදුකරයි. ඉන්පසුව ඔවුන් රාමා සහ සීතා වෙනුවෙන් දේවාල තැනීම ආරම්භ
කරන අතර පසුව කලි යුගයේ ඔවුන් දිගින් දිගටම ගනේශ්, හනුමාන්, චන්දිකා දේවතාවිය ආදි
සියලුම විවිධ දේවතාවන්ගේ ප්‍රතිමා නිර්මාණය කරයි. භක්ති මාර්ගය වෙනුවෙන් එම මෙවලම්
අවශ්‍ය වෙයි. බීජයක් ඉතා කුඩා වන අතර ඉන් වැඩෙන ගස, ඉතා විශාලය. ඒ ආකාරයෙන්ම
භක්තියේ බොහෝ ව්‍යාප්තිය සිදුවෙයි. ඔවුන් බොහෝ ග්‍රන්ථ නිර්මාණය කර තිබේ. පියා ඔය
දරුවන්ට පවසන්නේ භක්ති මාර්ගයේ ඒ සියලුම මෙවලම් අවසන් විය යුතුයි. දැන් ඔබගේ පියා
වන මා සිහි කරන්න! භක්තියේ බලපෑම බොහෝ සේ තිබේ. එය ඉතා අලංකාරයි. ඔවුන් නැටුම්,
සංදර්ශන, භක්ති ගී ගායනා ආදිය සඳහා බොහෝ වියදම් කරයි. පියා පවසන්නේ දැන් ඔබගේ
පියාණන් වන මාව සහ ඔබගේ උරුමය සිහිපත් කරන්න! ඔබගේ ආදි සනාතන ධර්මය සිහි කරන්න! ඔබ
උපතින් උපතට බොහෝ විවිධ මාදිලියේ භක්තියේ යෙදී ඇත. භක්තිය සිදු කිරීම ආරම්භ කරන්නේ,
ගෘහස්ත ධර්මයට අයත් අයයි. සන්යාසීන් භක්තියේ යෙදෙන්නේ නැත. යාගහෝම පැවැත්වීම, තපස්
රැකීම, දන් දී පුණ්‍ය කටයුතු සිදු කිරීම සහ වන්දනා ගමන්වල යාම ආදි සියල්ල,
සන්යාසීන්ගේ නොව, ගෘහවාසීන්ගේ ක්‍රියාවන්ය සන්යාසීන් අයත් වන්නේ හුදකලා මාවතටයි.
ඔවුන්ගේ චාරිත්‍රය වන්නේ, තම නිවෙස් සහ පවුල් අතහැර වනගත වී, බ්‍රහම් පදාර්ථය සිහි
කිරීමය. ඔවුන් පදාර්ථ ගැන, බ්‍රහම් පදාර්ථය ගැන, දැනුම තිබෙන අයයි. ඔවුන් එම ආලෝක
පදාර්ථය (බ්‍රහම්) දෙවියන් ලෙස හඳුන්වයි. භාරතයේ ජනතාව මුලින්ම අයත් වන්නේ ආදි
සනාතන දෙවි දේවතා ධර්මයටයි, නමුත් ඔවුන් හින්දුස්ථානයේ වාසය කරන බැවින්, තමන්
හින්දු ආගමට අයත් බව සලකයි. ඒ ආකාරයෙන්ම, සන්යාසීන් පදාර්ථය, එනම් ජීවාත්මයන්ගේ
වාසස්ථානය, දෙවියන් බව සලකයි. ඔවුන් සිහි කරන්නේ බ්‍රහම් පදාර්ථයයි. ඇත්ත වශයෙන්ම
සන්යාසීන් සතෝප්‍රධාන් වූ කල, ඔවුන් ගොස් වනාන්තර ආදියේ සාමයෙන් වාසය කරයි. ඔවුන්
ගොස් බ්‍රහ්ම පදාර්ථයට මුසු වනවා නොවෙයි. පියා පවසන්නේ එය, ඔවුන්ගේ ව්‍යාජ දැනුමයි.
කිසිවෙකුට එම පදාර්ථයට මුසු විය නොහැක. ජීවාත්ම අවිනාශීය, එබැවින් ඔවුන් කිසිවක්
තුළට මුසු වන්නේ කෙසේද? ඔවුන් භක්ති මාර්ගයේ දිගින් දිගටම බොහෝ සේ ඔවුන්ගේ ඔළුව ගසා
ගනී. ඉන්පසුව ඔවුන් පවසන්නේ, දෙවියන් කුමන හෝ වේශයකින් පැමිණ, ඔවුන්ව හමුවන බවයි.
දැන් නිවැරදි වන්නේ කවුරුන්ද? ඔවුන් පවසන්නේ ඔවුන් බ්‍රහම් පදාර්ථය සමඟ යෝගාවේ සිට,
එය තුළට මුසුවන බවයි. ගෘහවාසීන් පවසන්නේ, දෙවියන් එක් හෝ තව වේශයකින් පැමිණ,
අපවිත්‍ර අයව පිවිතුරු කරන බවයි. ඔහු ඉහළ සිට, සිතිවිලි වලින් උගන්වනවා නොවෙයි.
ගුරුවරයෙක් නිවසේ අසුන්ගෙන, සිතිවිලි මාර්ගයෙන් දිරිමත් කරයිද? සිතිවිලි වලින්
දිරිගැන්වීම කියා දෙයක් නැත. සිතිවිලි මඟින් දිරිගැන්වීමෙන් කිසිවක් සිදුවන්නේ නැත.
ශංකර් සිතිවිලි මඟින් දිරිගැන්වීමෙන් විනාශය සිදුවන බව පැවසෙන නමුත්, එයත් නාටකයේ
නියමිත වී තිබේ. ඔවුන් මිසයිල ආදිය නිෂ්පාදනය කළ යුතුයි, එය සිතිවිලි මඟින් දිරිමත්
කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මිනිසුන් පවසන්නේ, සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ
සිතිවිලි මඟින් කියාය. එසේ නැත්නම් ඔවුන් පවසන්නේ ශංකර්, ඔහුගේ ඇස විවර කළ විට,
විනාශය සිදු වූ බවයි. ඒ සියල්ල කතන්දරයි ඔවුන්ට එහි අරුත කිසිසේත් වැටහෙන්නේ නැත.
ඔබ කාගේ හෝ දේවාලයකට ගිය විට, ඔවුන් ගීත ගායනා කරන නමුත්, ඔවුන්ට ගයන දේහි අරුත
වැටහෙන්නේ නැත. කිසිවෙකු ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨයන්ගේ ප්‍රශංසාව නොදනියි. ඔවුන්ගේ ආගමේ
ප්‍රාරම්භකයාව ඔවුන් ගුරූ ලෙස අමතයි. ඇත්ත වශයෙන්ම ඔහුට ගුරූ යැයි ඇමතීම වැරදියි.
ක්‍රිස්තු තුමා ගුරූ කෙනෙක් නොවීය ඔහු කළේ ආගමක් ස්ථාපිත කිරීම පමණයි. ගුරූ කෙනෙක්
යනු විමුක්තිය පිරිනමන කෙනෙකි. ඒ මිනිසුන් පැමිණෙන්නේ ඔවුන්ගේ ආගම් ස්ථාපිත
කිරීමටයි. ඔවුන්ගේ පෙළපත, ඔවුන්ගේ පසුපස, මෙහි පහළට එයි. ඔවුන් කිසිම කෙනෙකුට
විමුක්තිය පිරිනමන්නේ නැත. එබැවින් ඔවුන්ට ගුරූන් කියා අමතන්නේ කුමකටද? සිටින්නේ
එක් ගුරූ කෙනෙක් පමණක් වන අතර, ඔහුට, සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා යැයි කියයි.
පියාණන් වන පරමාත්ම දෙවියන් පමණයි, පැමිණ, සියලු දෙනාටම විමුක්තිය පිරිනමන්නේ. ඔහු,
ඔවුනට විමුක්තිය සහ ජීවන-මුක්තිය ලබාදෙයි. කිසි කෙනෙකුට ඔහු සිහි කිරීම, නතර කළ
නොහැක. මිනිසුන් ඒකායන පියාව සිහිකර මෙසේ කියයි අහෝ දෙවියනේ! අහෝ ඊෂ්වර! මන්ද ඔහු
සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා බැවින්. පියා පහදා දෙන්නේ ඒ සියල්ලම නිර්මාණයයි.
පියාණන්, නිර්මාණකරු, වන්නේ මා පමණමයි. සියල්ලන්ටම සතුට සහ උරුමය ලබා දෙන්නේ ඒකායන
පියා පමණයි. සහෝදරයෙකුට, තවත් සහෝදරයෙකුට උරුමයක් දිය නොහැක. සෑම විටෙකම උරුමයක්
ලැබෙන්නේ පියෙකුගෙන්ය. මම සියලුම අසීමිත දරුවන්ට, අසීමිත උරුමයක් ලබා දෙමි, සෑම
කෙනෙක්ම මා සිහි කරන්නේ මේ නිසාය අහෝ දෙවියනේ, මට සමාවන්න! ඔවුන්ට කිසි දෙයක්
වැටහෙන්නේ නැත. පියා පවසන්නේ මා පැමිණෙන්නේ ඔවුන් මට අඬ ගසමින් සිටි නිසා නොවෙයි එය
නාටකයේ පෙර නියම වූවක්. මගේ පැමිණීමේ කොටසද නාටකයේ නියම වූවකි. සියලුම අනේක ආගම්
විනාශ කර, එක් ධර්මය ස්ථාපිත කළ යුතුයි. කලි යුගය විනාශ කර, ස්වර්ණමය යුගය ස්ථාපිත
කළ යුතුයි. මමම, මගේම කාලයේදී පැමිණෙන්නෙමි. භක්ති මාර්ගයේ මෙම කොටසද, නාටකයේ නියම
වී ඇත්තක්. දැන් භක්ති මාර්ගයේ එම කොටස අවසන් වන අතර, මා පැමිණ සිටිමි. බාබා, ඔබ
පෙර කල්පයේදීද බ්‍රහ්මගේ සිරුර තුළට ඇතුළු වුණා. ඔබට මෙම ඥානය මෙකල ලැබෙයි. ඔබට මෙය
නැවත නොලැබෙයි. මෙය ඥානය වන අතර එය භක්තියයි. ඥානයේ ප්‍රතිලාභය වන්නේ ඉහළ නැඟීමේ
ස්ථීතියයි. ඔබට තත්පරයකදී ජීවන-මුක්තිය ලැබෙන බව කියැවෙයි. ජනක් රජුට තත්පරයකදී
ජීවන-මුක්තිය ලැබුණි. රාධේ ඉන්පසුව අනුරාධේ (නැවත රාධේ වන කෙනා) වන බව, කියමනක්
තිබේ. ජනක්ද ඉන්පසුව අනු ජනක් (නැවත ජනක් වන කෙනා), සීතාගේ පියා වෙයි. මෙම ඥානය
තුළින් බොහෝ නිදසුන් දී ඇති නමුත් මිනිසුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. ජනක්ට
තත්පරයකදී ජීවන-මුක්තිය ලැබුණු බව ඔවුන් පවසයි. ජීවන-මුක්තිය ලැබුණේ එක් ජනක්ට
පමණද? සෑම කෙනෙකුටම ජීවන-මුක්තිය ලැබෙයි. මුළු ලෝකයටම එය ලැබෙයි. ’විමුක්තිය‘ සහ
’ජීවන-මුක්තිය‘ යන ව්‍යවහාර එකමය. ’ජීවන-මුක්තිය‘ යනු ඔබ මෙම රාවනගේ රාජධානියෙන්
ජීවත්ව සිටියදී මිදීම යන්නයි. ඔය දරුවන් කෙතරම් පහත් වී ඇද්ද කියා, බාබා දන්නවා. ඔබ
බොහෝ දුකට පත්ව සිටියි. ඔබට දැන් විමුක්තිය ලැබීමට තිබේ. ඔබ ප්‍රථමයෙන්
විමුක්තියටත් ඉන්පසුව ජීවන-මුක්තියටත් යයි. ඔබ සාම දේශයටත් ඉන්පසුව සතුටු දේශයටත්
යයි. පියා ඔබට මෙම චක්‍රයේ රහස් විස්තර කර දී ඇත. පියා පවසන්නේ මෙකල ලෝක වෘක‍්ෂය
මුළුමනින්ම පරිහාණියට හා තමෝප්‍රධාන් වී තිබේ, කිසිම කෙනෙක් තමන් ආදි සනාතන දෙවි
දේවතා ධර්මයට අයත් බව නොසලකන්නේ මේ නිසාය. ඔබ අයත්ව සිටියේ ආදි සනාතන දෙවි දේවතා
ධර්මයටයි, මන්ද දේවතාවන් පාරිශුද්ධ බැවින්. අපවිත්‍ර අය, තමන් දේවතාවන් යැයි
කියාගන්නේ කෙසේද? මෙසේ කියැවෙන්නේ මේ නිසාය අඛණ්ඩව මෙම පාපයන් අත්හරින්න. මෙම
පාපයන් චක්‍රයෙන් භාගයක්ම පැවතී ඇත. දැන් එක් උපතකට ඒවා අත්හරින්න. කෙසේවෙතත්, මේ
සඳහා උත්සාහයක් අවශ්‍ය වෙයි. උත්සාහ නොදරා ඔබට ලෝකයේ පාලකයන් විය නොහැක. ඔබට තමන්ට
ආධිපත්‍යයේ තිලකය ලබා දිය හැකි වන්නේ, පියා සිහිපත් කරන විට පමණයි. ඔබට රාජධානියට
අයිතියක් හිමි කරගත හැක්කේ එවිට පමණයි. ඔබ කෙතරම් පියා සිහිපත් කරන්නේද, එමෙන්ම
කෙතරම් ශ්‍රීමත් අනුගමනය කරන්නේද, ඒ අනුව ඔබ රජවරුන්ගෙත් රජවරුන් බවට පත් වෙයි. ඔබට
ඉගැන්වීමට ගුරුවරයා පැමිණ ඇත. මෙය මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය වීමට ඇති
පාසැලයි. සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන බවට පරිවර්ථනය වීමේ කතාපුවත, ඔහු ඔබට පවසයි.
මෙම කතාපුවත ඉතා සුප්‍රසිද්ධයි. මෙයට අමරණීයත්වයේ කතාපුවත, සත්‍ය නාරායනගේ කතාපුවත
සහ තෙවැනි ඇසේ කතාපුවත යැයිද කියයි. මෙම ගීතය කෙතරම් ලස්සන ද කියා බලන්න. බාබා අපව
ලෝකයේ අධිපතියන් බවට පත් කරන අතර කිසිවෙකුට අපගෙන් එම ආධිපත්‍යය ඉවත් කළ නොහැක.
කිසිම භූමිකම්පාවක් ආදිය නොතිබෙයි. එහි බාධක පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබට පෙර
චක්‍රයේදී මෙන්ම, නොසෙලවෙන, නොබෙදුනු, පාරිශුද්ධත්වයේ, සාමයේ සහ සතුටෙහි රාජධානියක්
ලැබෙනවා. භාරතය, සෑම වසර 5000කට වරක්ම දිව්‍ය ලෝකය බවට පත් වෙයි. ඔබ දේවතාවන්ව සිටි
බවත්, ඉන්පසුව උපත් 84ක් ගැනීමෙන් ඔබ කවුරුන් බවට පත් වූයේද කියා, ඔබ දන්නවා. ඔබ
දැන් දේවතාවන් වීමට යනවා. මෙයට ස්ව-දර්ශන චක්‍රධාරියෙක් වීම යැයි කියයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ආධිපත්‍යයේ
තිලකය තමන්ට ලබා දීම සඳහා, සිහිපත් කිරීමට උත්සාහ දරන්න. සියලුම පාපයන් අත්හරින්න.
2. බ්‍රහ්ම පියා මෙන්
සාමාන්‍ය ලෙස සහ අදෘෂ්‍යමානව රැඳී සිටින්න. කිසිම බාහිර ආටෝපයක් තබා නොගන්න. ඔබගේ
අනාගත රාජධානියේ කුල්මත්භාවය පවත්වාගන්න.
වරදානය:
ඔබ ශ්‍රේෂ්ඨ,
වගකීමක් ඇති ජීවාත්මයක් වීමෙන් ඔබගේ දඟගකාර ආකල්පය පරිවර්ථනය කර, වාතාවරණය
සතෝප්‍රධාන් කරත්වා.
තම දඟකාර ආකල්පය
පරිවර්ථනය කරන දරුවන්ට වාතාවරණය සතෝප්‍රධාන් කළ හැක, මන්ද වාතාවරණය නිර්මාණය වන්නේ
ඔබගේ ආකල්පයෙනි. ඔබගේ ආකල්පය දඟකාර වන්නේ මෙම විශාල කාර්යය ඔබගේ අවධානයේ නොමැති
විටයි. බොහෝ දඟ දරුවෙක්, බොහෝ කාර්යබහුල වන විටත් දඟ කිරීම නතර නොකරන විට, ඔහුව බැඳ
තබයි. ඒ අන්දමින්ම, ඔබ මෙම දැනුම සහ යෝගාවේ කාර්යබහුලව සිටින විට පවා ඔබගේ ආකල්පය
දඟකාර වන්නේ නම්, එවිට සියලු සම්බන්ධතා පරම පියා සමග පැවැත්වීමේ බන්දනයෙන් ඔබගේ
ආකල්පය බැඳ ගන්න, එවිට සියලු දඟකාරකම් පහසුවෙන් අවසන් වෙයි.
පාඨය:
නොසැලකිල්ලේ
රැල්ලක් අවසන් කරන අන්දම වන්නේ අසීමිත නිරාශාවේ ආකල්පයක් තිබීමයි.
අව්‍යක්ත සංඥාව: දැන්
ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.
ඔබගේ මනසින් සේවය
කිරීමෙන්, දානපතියෙකුගේ සංස්කාර ඉස්මතු කරගෙන ඔබගේ පුණ්‍යකර්ම ගිණුමේ රැස් කරගන්න.
ඔබගේ වචන වලින් දුර්වල ජීවාත්ම සතුටට පත්කර, අසහනයෙන් සිටින ජීවාත්මයන්ට ඔවුන්ගේ
අභිමානය පිළිබඳ අවධානය ඇති කර දී, අධෛර්යමත් ජීවාත්මයන්ට උනන්දුව සහ උද්යෝගය ලබා
දෙන්න. ජීවාත්මයන්ට ඔබගේ ශ්‍රේෂ්ඨ ඇසුරේ වර්ණය අත්විඳීමට මඟපාදන්න, එවිට ඔබගේ
පුණ්‍යකර්ම ගිණුම නොකඩවා රැස් වෙයි.