02.11.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සංගම යුගය වාසනාවන්ත වීමේ යුගයයි. මේ යුගය පවතින අතර තුර කාලයේදි ඔබට ඔබේ
වාසනාව නම් වු තාරාකාව අවශ්‍ය ප්‍රමාණයට බැබළවිය හැකිය.
ප්රශ්නය:
ඔබේ උත්සාහය
වැඩිකරලීමට ගත හැකි පහසුම ක්‍රියාමාර්ගය කුමක්ද?
පිළිතුර:
නොකඩවා පියාවම අනුගමනය කරන්න. ඉන් ඔබේ උත්සාහය වැඩි වේ. බාබා දෙස බලන්න. මව
අදෘෂ්‍යමානයි. පියා අනුගමනය කිරීමෙන් ඔබ බාබා මෙන්ම දිව්‍යමය වෙනවා. එමනිසා,
නිරන්තරයෙන්ම ඔහුව නිවැරදිවම අනුගමනය කරන්න.
ප්රශ්නය:
බුධුස්ල
(මෝඩයින්) ලෙස බාබා හඳුන්වන්නේ මොන වගේ දරුවන්වද ?
පිළිතුර:
බාබා හමුවුණා යැයි සතුටක් නොමැති දරුවන් තමයි බුදුස්ල වෙන්නේ. තමන්ව ලෝක පාලකයින්
කරවන කෙනාගේ දරුවන් වීමෙන් පසුවත් සතුටට පත් නොවන අයට තමයි බුධුස්ල කියන්නේ.
ඕම් ශාන්ති.
සුමිහිරි
දරුවන් වන ඔබ තමයි වාසනාවන්ත තාරකාවන්. ඔබ අවබෝධ කර ගන්නවා තමන් සාම දේශය වගේම
බාබාත් සිහිකරනවා කියලා. බාබා සිහි කිරිමෙන් ඔබ පාරිශුද්ධ වී නිවස වෙත යනවා. ඔබ
මෙහේ සිටින විට ඔබ තුළ ඇති වන්නේ මේ වගේ සිතිවිලියි. බාබා ඔබට කිසිම අපහසුකමක්
දෙන්නේ නැහැ. ජීවිතයට සතුට ගැන කිසිවකු දන්නේ නැහැ. මිනිස්සු විමුක්තියට පත්වීමට
උත්සාහ දැරුවත් විමුක්තිය යන්නෙහි නියම අර්ථය කුමක්ද කියා ඔවුන් දන්නේ නැහැ. සමහරු
කියනවා ඔවුන් බ්‍රහ්ම ලෝකයට ගොස් නැවතත් මෙහෙට ආපසු නොඑන බව. ඔවුන් දන්නේ නැහැ
අනිවාර්යෙන්ම හැම කෙනෙක්ම චක්‍රයට යා යුතුයි කියලා. දරුවනි, ඔබ දැන් මේ කරුණු අවබෝධ
කර ගත්තා. ඔබ වටහා ගත්තා ඔබ තමයි ස්වදර්ශන චක්‍රය කරකවන්නන් (ස්වදර්ශන චක්‍රධාරි),
මංගල්‍යමය තාරකාවන් බව. වාසනාවන්ත අය තමයි මංගල්‍යමය වන්නේ. බාබා දැන් දරුවන් වන
ඔබව වාසනාවන්ත කරවනවා. පියා මොන වගේද, දරුවන්ද ඒ ආකාරයම ගත යුතුයි. ඇතැම් පියවරු
දුප්පත්, ඇම් පියවරු පොහොසත්. ඔබ වටහාගෙන තිබෙනවා ඔබට මුණගැසී තිබෙන්නේ අසීමිත
පියායි. ඔබෙන් සෑම කෙනෙක්ම ඔබට ඇති තරම් මංගල්යනීය බවක් ඇති කර ගන්නවා.
මිනිස්සුන්ට ඔවුන්ට ඕන තරම් ධනවත් වෙන්න පුළුවන්. බාබා කියනවා උත්සාහ දැරීමෙන් ඔබට
අවශ්‍ය තරම් දේවල් හිමිකර ගත හැකියි හැම දේම තීරණය වෙන්නේ ඔබ දරණ උත්සාහය මත.
උත්සාහ දැරීමෙන් ඔබට අවශ්‍ය තරම් ඉතා උසස් තත්ත්වයක් ලබා ගත හැකියි. උසස්ම තත්ත්වය
ලක්ෂ්මී සහ නාරායන් වීමයි. ඔබ අනිවාර්යෙන්ම සිහිකිරීම ගැන වාර්තාවක් තබා ගත යුතුයි.
මන්ද, ඔබ තමෝප්‍රධාන් තත්ත්වයේ සිට සතෝප්‍රධාන් බවට පරිවර්ථනය විය යුතුයි. ඔබ
බුධුස්ල වගේ නිකම් ඉඳගෙන ඉඳල වැඩක් නැහැ. බාබා පැහැදිලි කළා පැරණි ලෝකය දැන් අළුත්
විය යුතුයි කියලා. ඔබව අළුත් සතෝප්‍රධාන් ලෝකයකට ගෙන යාමට බාබා පැමිණියා. ඔහු තමයි
අසීමිත පියා, ඔබට අසීමිත සතුට ලබා දෙන්නා. ඔහු පැහැදිලි කරනවා සතෝප්‍රධාන් වීමෙන්
ඔබට අසීමිත සතුටක් ලබා ගත හැකියි. ඔබ සතෝ වුණොත් ඔබ ලබන්නේ ටිකක් අඩු සතුටක්. ඔබ
රාජෝ වුණොත් ලබන සතුට ඊටත් වඩා අඩුයි. බාබා ඔබට සේරම ගිණුම් ඉදිරිපත් කරනවා. ඔබ
අසීමිත ධනයක් ලබනවා ඔබ අසීමිත සතුටක් ලබනවා. සිහි කිරීම හැරණු විට අසීමිත පියාගෙන්
උරුමය දිනා ගැනීමේ වෙනත් ක්‍රමයක් නැහැ. ඔබ කොපමණ දුරට බාබා සිහිකරයිද එපමණටම
අනිවාර්යෙන්ම ඔබ දිව්‍යමය ගුණධර්ම ග්‍රහණය කර ගන්නවා. ඔබට සතෝප්‍රධාන් විය යුතු
නම්, අනිවාර්යෙන්ම ඔබ තුළ දිව්‍යමය ගුණධර්ම තිබිය යුතුයි. ඔබ තමන්මව විභාග කළ
යුතුයි. ඔබට ඔබේම උත්සාහය අනුව තෝරාගත් තත්ත්වයකට ඔබට පත්විය හැකියි. ඔබට උගන්වන
ගුරුවරයා මෙතැන ඉඳගෙන ඉන්නවා. බාබා කියනවා චක්‍රයෙන් චක්‍රයට මා ඔබට කරුණු පැහැදිලි
කර දෙන්නේ එකම විධියටයි. වචන දෙකයි තියෙන්නේ මන්මනභව් සහ මධ්යජිභව්. ඔබ අසීමිත
පියා හඳුනා ගත්තා. ඒ අසීමිත පියා තමයි අසීමිත දැනුම ලබා දෙන්නා. අපිරිසිඳු බවින්
පිරිසිඳු බවට පරිවර්ථනය වීම උදෙසා මාර්ගය පෙන්වන්නා ඔහුයි. එමනිසා, බාබා උගන්වන
දේවල් අළුත් නැහැ. ඒවා ගීතාවෙත් ලියැවිලා තියෙනවා. නමුත් ඒකෙ තියෙන සත්‍යය හරියට
පිටි ගෝනියක ලුණු කැටයක් තිබුණා වගේ. ඔබ තමන් ජීවයක් බව අවධාරණය කරගෙන සියලුම
ශාරීරික ආගම් අමතක කරන්න. ආරම්භයේදී ඔබ සිටියේ ශරීර අවධානයෙන් බැහැරවයි. ඔබ ගොඩක්
නෑදෑ හිතමිතුරන් යනාදී වශයෙන් බැඳීම් සමුහයක් අතරට පැමිණියා. ඔබ සියලුම දෙනා
තමෝප්‍රධාන්. ඔබ සියලු දෙනාම නැවත වරක් සතෝප්‍රධාන් විය යුතුයි. ඔබ අවබෝධ කරගෙන
තිබෙනවා තමන් සතෝප්‍රධාන් වෙනවා එවිට සියලුම නැදෑ හිතමිතුරු සබඳකම් පිරිසිඳු වෙනවා.
පසුගිය කල්පයේ ඒවා සතෝප්‍රධාන් වුණේ කොහොමද, දැන් නැවතත් ඒ ආකාරයටම පත් වෙනවා.
උත්සාහය එකිනෙකට අනුකූලවයි. දැන් ඔබ අනුගමනය කරන්නේ කාවද ? ඉන් සිහිපත් කෙරෙන්නේ
පියාව අනුගමනය කරන්න. මොහු පියාව සිහිකරමින් උත්සාහ දරන්නා සේ ඔබත් ඔහුව අනුගමනය
කරන්න. බාබා තමයි ඔබව උත්සාහ දැරීමට දිරිමත් කරවන්නේ. ඔහු කිසිම උත්සාහයක් දරන්නේ
නැහැ ඔහු ඔබව උත්සාහ දැරීම පිණිස දිරිමත් කරවනවා. ඔහු කියනවා සුමිහිරිතම දරුවනි,
පියාව අනුගමනය කරන්න. මවත් පියාත් අදෘෂ්‍යමානයි. මව අදෘෂ්‍යමානයි. නමුත් පියා
දෘෂ්යමානයි. මේක පැහැදිලිව අවබෝධ කර ගත යුතුයි. ඉතා උසස් තත්ත්වයක් දිනා ගැනීම
උදෙසා, මේ පියා බාබාව සිහිකිරිමෙන් උසස් තත්ත්වයක් දිනුවා සේ, ඔබ බාබාව ඉතා හොඳින්
සිහිකළ යුතුයි. මේ පියා සියල්ලෙන්ම ඉහළම තත්ත්වය දිනාගත්තා. ඔහු ඉතා උසස්ව සිටියා.
දැන් මම ඔහුගේ උපත් ගණනාවකින් අවසාන උපතේදි ඔහුට ඇතුළු වුණා. මෙය ඉතා පැහැදිලි ලෙස
ඔබ සිහිපත් කළ යුතුයි. අමතක කරන්න එපා. මායා ගොඩාක් දේවල් අමතක කරවනවා. ඔබ කියනවා
ඔබ සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිට නාරායන් බවට වෙනස් වෙනවා කියලා. මේ තත්ත්වයට පත්වන
ක්‍රමය බාබා ඔබට පෙන්වනවා. ඔබටත් තේරුම් යනවා හැම කෙනෙක්ම නියම වශයෙන් අවබෝධ කර
ගන්නේ නැහැ කියලා. බාබා ඔබට ඉලක්කය සහ අරමුණ පෙන්වනවා ’පියාව අනුගමනය කරන්න‘. මේ
කාලයේදී ඔබට මෙය සිහිවෙනවා. බාබා දැන් දරුවන් වන ඔබට දැනුම දෙනවා. සන්යාසීන්ට
අනුගාමිකයෝ ඉන්නවා. නමුත් එය වැරදියි මන්ද, ඔවුන් ඔහුව අනුගමනය කරන්නේ නැහැ. ඔවුන්ට
බ්‍රහ්ම ලෝකය හා පදාර්ථයන් ගැන දැනුම විතරයි තියෙන්නේ. දෙවියන් ඔවුන්ට දැනුම දෙන්නේ
නැහැ. ඊට කියන්නේ දීප්තිය නමැති ආලෝකය හෙවත් බ්‍රහ්ම් කියලයි. නමුත් ආලෝකය හෝ
බ්‍රහ්ම් ඔවුන්ට දැනුම දෙන්නේ නැහැ. ඒ සේරම ආගමික ග්‍රන්ථයන්ගේ දැනුමයි. මෙහෙ බාබා
ඔබට දැනුම දෙනවා. ඔහු හඳුන්වන්නේ දැනුම් සාගරය ලෙසයි. මෙය ඉතා පැහැදිලිව සටහන් කර
ගන්න. ඔබ අමතක කළා. මේ කරුණු ඉතා හොඳින් හදවතට ධාරණය විය යුතුයි. හැමදාම බාබා
කියනවා සුමිහිරි දරුවනි, තමන් ජීවයක් බව අවධාරණය කරගෙන මා, ඔබේ පියා සිහිකරන්න. ඔබ
දැන් නිවස බලා යා යුතුයි. අපිරසිඳු අයට ආපසු යන්න බැහැ. ඔබ යෝගා බලයෙන්
පාරිශුද්ධත්වයට පත් වී හෝ දඬුවම් විඳීමෙන් ආපසු යනවා. හැම කෙනාගේම කර්ම ගිණුම්
පියවිය යුතුයි. ඔබ තමන්වම විනිශ්චය කළ යුතුයි. ඔබ ඔබේ දුක් ගිණුම් පියවා ඔබේ අලාභ
ගිණුම් සතෝප්‍රධාන් ගිණුම් බවට පරිවර්ථනය කළ යුතුයි. බාබා පැහැදිලි කළා ජිවයන් වන
ඔබ මුලික වශයෙන් පරම්දාම් වැසියන්, ඉන්පසු ඔබ මෙහෙ සතුටෙහි සහ දුකෙහි ඔබේ චරිත කොටස
රඟපානවා. සතුටේ කොටස තියෙන්නේ රාම රාජ්‍යයේ, දුක් කොටස තියෙන්නේ රාවන් රාජ්‍යයේ.
රාම රාජ්‍යය තමයි දිව්‍යලෝකය ලෙස හඳුන්වන්නේ එහෙ සම්පුර්ණ සතුට තියෙනවා. දිව්‍යලෝක
වාසස්ථානයත් අපායේ වාසස්ථානයත් සිහි කළ යුතුයි. ඔබ මෙය ඉතා පැහැදිලිව ධාරණය කර ගත
යුතුයි. ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන තරමට ඔබ ඇතුළාන්තයෙන් සතුට දත්දකිනවා.
ඔබ රජෝප්රධාන්ව සිටි තඹ යුගයේදීත් සතුට තිබුණා. ඔබ දරුණු ලෙස අසතුටින් හෝ දුෂිත
වෙලා සිටියේ නැහැ. මිනිස්සු දැන් ගොඩක් ගොඩක් දූෂිත සහ නොසතුටු වෙලා. ඔබේ
වැඩිහිටියන් දෙස බලන්න ඔවුන් බොහෝ සෙයින් මත්පැනට ඇබ්බැහි වී දූෂිත වෙලා.
මත්ද්‍රව්‍ය ඉතා අහිතකරයි. ස්වර්ණමය යුගයේ ඉන්නේ පිරිසිඳු ජීවයන් පමණයි. පසුව ඔවුන්
පරිහානියට පත්වීමේදී මුළුමනින්ම කැත වෙලා යනවා. එමනිසා, මෙය හඳුන්වන්නේ ගැඹුරු අපාය
ලෙසින්. ඇල්කොහොල්, ඊට නැඹුරු වු කෙනෙකුට අඩදබර වලට යොමු කර බරපතල හානි සිදු කිරීමට
සමත් වන ආකාරයේ දෙයක්. මේ කාලයේදී මිනිසුන්ගේ බුද්ධිය සම්පුර්ණයෙන්ම දුෂණය වෙලා.
මායා ඉතා බලවත්. බාබා සතුට ලබාදෙන සර්වබලධාරී නමුත් මායා දරුණු ලෙස දුකට ඇද දමනවා.
කලි යුගයේ මිනිසුන්ගේ තත්ත්වයට සිදුවෙලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න. ඔවුන්
සම්පුර්ණයෙන්ම ජරාවට පත් වෙලා. ඔවුන්ට තියෙන්නේ ගල් බුද්ධියක් නම් ඔවුන්ට කිසිවක්ම
තේරුම් ගන්න බැහැ. මේකත් නාටකයේ තියෙන දෙයක්. ඔවුන්ට වාසනාව නොතිබුණහොත් ඔවුන්ගේ
බුද්ධියට අත්වන ඉරණම මෙයයි. බාබා ඉතා පහසු දැනුමක් දෙනවා. ඔහු ඔබට ’දරුවනි‘ යැයි
අමතා දිගටම පැහැදිලි කිරිම් කරනවා. මව්වරුන් පවා කියනවා අපට ලෞකික දරුවෝ හතර දෙනෙක්
ඉන්නවා ශිව බාබා තමයි පැමිණ අපව සතුටු දේශයට ගෙන යන පාරලෞකික දරුවා කියලා. ඔවුන්
ඔහුව පියා වගේම දරුවා ලෙසත් සළකනවා. ඉතින් ඔබලා මැජික්කරුවන්. බාබා මැජික්කරුවා සහ
දරුවනුත් මැජික්කරුවෝ. ඔවුන් කියනවා බාබා අපේ දරුවායි. එමනිසා, ඔබ පියා අනුගමනය කර
දේවත්වයට පත්වෙනවා. ඔවුන්ගේ රාජ්‍යය තියෙන්නේ දිව්‍යලෝකයේ. මේවා ආගමික ග්‍රන්ථවල
සඳහන් වෙලා නැහැ. භක්ති මාර්ගයේ ග්‍රන්ථත් නාටකයේ තීරණය වු දෙයක්. ඒවා නැවත වතාවක්
පවතිනවා. බාබාත් පැහැදිලි කරනවා ඔබට ඉගැන්වීමට ගුරුවරයෙකු අවශ්‍යයි. පොතකට
ගුරුවරයෙක් වෙන්න බැහැ. පොතක් ගුරුවරයෙක් වෙනවා නම්, එතකොට ගුරුවරයෙකුගෙන් ඇති
වැඩක් නැහැ. ස්වර්ණමය යුගයේ මේ ග්රන්ථ නැහැ. බාබා පැහැදිලි කරනවා ඔබ ජීවය අවබෝධ කර
ගත්තා. ඔබ දන්නවා සියලුම ජීවයන්ට අනිවාර්යෙන්ම පියෙක් ඉන්නවා. එන අය කියනවා
හින්දුවරු සහ මුස්ලිම්වරු සහෝදරයින් කියලා. නමුත් ඔවුන් අර්ථය වටහා ගන්නේ නැහැ.
සහෝදරත්වයේ අර්ථය ඔවුන් වටහා ගත යුතුයි. ඉතින්, සියලුම ජීවයන්ට පියෙක් සිටිය
යුතුයි. සතයක් තරම් වටින අවබෝධයක්වත් ඔවුන්ට නැහැ. දෙවියන් කතා කරනවා මේ ඔබේ උපත්
ගණනාවකින් අවසාන උපත. මේ පිළිබඳ යථාර්තය ඉතා පැහැදිලියි. බාබා කිසිවෙකු අගෞරවයට පත්
කරන්නේ නැහැ ඔහු ඔබට මාර්ගය පෙන්වනවා. නොම්මර එකේ කෙනා අවසාන නොම්මරයට පත් වෙනවා.
ලස්සන කෙනා කැත වෙනවා. ඔබත් අවබෝධ කරගෙන තිබෙනවා ඔබ ලස්සනට සිටියා නැවතත් ඔබ ඒ
තත්ත්වයට පත් වෙනවා. බාබා සිහිකිරීමෙන් තමයි ඔබ ඒ තත්ත්වයට පත් වෙන්නේ. මෙයට
කියන්නේ රාවන් රාජ්‍යය කියලා. රාම රාජ්‍යය තමයි ශිව කෝවිල කියන්නේ. සීතාට අයත් රාමා
තමයි රිදී යුගයේ රාජ්‍යය පාලනය කරන්නේ. මෙයද තේරුම් ගත යුතු කරුණක්. ඒ කාලයේදී අංශක
දෙකක් නැති වෙනවා. ස්වර්ණමය යුගය තමයි ඉතා දිව්‍යමය වන්නේ සිහි කළ යුතු කරුණ එයයි.
මිනිස්සු රිදී සහ තඹ යුගයන් එතරම් සිහි කරන්නේ නැහැ. ස්වර්ණමය යුගය නව ලෝකය වන අතර
කලි යුගය පැරණි ලෝකයය 100% ක් සතුට සහ 100% ක් දුක. රිදී හා තඹ යුගයන් මධ්‍යස්ථ
තත්ත්වයකයි තියෙන්නේ. මේ නිසයි ස්වර්ණමය හා කලි යුගයන් ප්‍රධාන යුගයන් ලෙස සිහි
කෙරෙන්නේ. බාබා ස්වර්ණමය යුගය ගොඩනංවනවා. දැන් උත්සාහ දරණ එක ඔබේ රාජකාරිය. ඔබ
ස්වර්ණමය යුගයේ වැසියන්ද රිදී යුගයේ වැසියන්ද වෙන්නේ ? තඹ යුගයේ දී ඔබ පහළට එනවා
නමුත්, ඔබ තවමත් අයිති දේවතා ආගමටයි. කෙසේවෙතත්, ඔබ අපිරිසිඳු වීම නිසා ඔබට
දේවතාවන් යැයි කියන්න බැහැ. ඉතින් බාබා සුමිහිරි දරුවන් වන ඔබට හැමදාම ඉතා
පැහැදිලිව තේරුම් කර දෙනවා. ප්‍රධානම කරුණ ’මන්මනාභව්‘. ඔබ තමයි නොම්මර එකට පත්
වන්නේ. උපත් 84 වටය යාමේදී ඔබ අවසානයටම පත් වී පසුව නැවතත් පළමු තැනට පත් වෙනවා. ඔබ
දැන් අසීමිත පියා සිහිකළ යුතුයි. බාබා අසීමිත පියායි. සංගම යුගයේදී අසීමිත පියා
පැමිණ ඔබට පරම්පරා 21 කට දිව්‍යලෝක සතුට දෙනවා. ඔබේ ආයු කාලය සම්පුර්ණ වු විට
අනිවාර්යෙන්ම ඔබ ශරිරය අතහැර යනවා. එතැන යෝගා බලය තියෙනවා. නීතිය නිර්මාණය වෙන්නේ
මේ විධියටයි. මේක තමයි යෝගා බලය කියන්නේ. එහෙ දැනුම සම්බන්ධ ගැටළුවක් ඇති වන්නේ
නැහැ. ඔබ ස්වභාවිකව වයසට යනවා එහෙ වෙන රෝගාබාධයක් නැහැ. එහෙ කිසිම කෙනෙක් කොර වෙලා
හෝ කුදු වෙලා නැහැ. හැමදෙනාම මුළුමනින්ම සෞඛ්‍යමත්. එහෙ කිසිමාකාරයක දුකක් පවතින්නේ
නැහැ. පසුව කලාවන් ක්‍රම ක්‍රමයෙන් පිරිහෙනවා. දරුවනි, දැන් ඔබ අසීමිත පියාගෙන්
දිව්‍යමය උරුමය දිනාගැනීම උදෙසා උත්සාහ දැරිය යුතුයි. ඔබ ගෞරවයෙන් සමත්විය යුතුයි.
හැම දෙනාටම උසස් තත්ත්වයක් ලබන්න බැහැ. කිසිම සේවයක් නොකරන අය ලබන තත්ත්වය කුමක්ද ?
දරුවන් කෞතුකාගාර වල විශාල සේවයක් කරනවා. ආරාධනා නොලැබුණත් මිනිස්සු එනවා. මේක තමයි
පියාසර වේගයෙන් සේවය කිරීම කියන්නේ. කවුද දන්නේ මීටත් වඩා වේගවත් සේවයක් මතු වෙයිද
කියලා. ඔබ ළඟ අනිවාර්යෙන්ම ප්‍රධාන පින්තූර දෙකක් හෝ හතරක් තිබිය යුතුයි.
ත්‍රිමුර්ති, ගස, චක්‍රය සහ ඉණිමඟෙහි විශාල පින්තූර හැමතැනම තිබිය යුතුයි. දරුවෝ
දක්ෂ වන විට සේවයත් සිදුවෙනවා. සේවය සිදුවිය යුතුයි. ඔබ සෑම ගමකටම සේවය කළ යුතුයි.
මව්වරු ඉගෙනගෙන නොමැති වුවත් බාබගේ හැඳින්වීම ලබාදීම ඉතා පහසුයි. ඉස්සර කාන්තාවන්
ඉගෙනීමක් ලැබුවේ නැහැ. මුස්ලිම් රාජ්‍යය තුළ කාන්තාවන් පිටතට යන්නේ ඔවුන්ගේ ඇස් දෙක
පමණක් පිටතට පෙනෙන ලෙස ආවරණය කරගෙනයි. බාබා හොඳට අත්දැකීම් බහුල කෙනෙක්. බාබා
කියනවා මා මේ මොනවත් දන්නේ නැහැ මා සිටින්නේ ඉහළයි. මේ බ්රහ්මා තමයි ඔබට හැම
දෙයක්ම කියන්නේ. මොහු අත්දැකීම් බහුල කෙනෙක්. මා ඔබට ’මන්මනාභව්‘ ගැන කියල දෙනවා. ඒ
වගේම ලෝක චක්‍රයේ රහස් පැහැදිලි කරනවා මොහු මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. මොහු
ඔහුගේම අත්දැකීම් වෙනමම ඉදිරිපත් කරනවා. මා මේ වගේ දෙවල් වලට යන්නේ නැහැ. මගේ කොටස
දරුවන් වන ඔබට මාර්ගය පෙන්වා දීමයි. මා ඔබේ පියා, ගුරුවරයා සහ ගුරු. ඔබට ඉගැන්වීමට
මා ඔබේ ගුරුවරයා වෙනවා. නමුත් එහිදී ආශීර්වාද හෝ අනුකම්පාව ගැන ගැටළුවක් ඇති වන්නේ
නැහැ. මා ඔබට උගන්වනවා පසුව මා සමඟම ඔබව ගෙන යනවා. මේ ඉගෙනීමෙන් පමණයි ගැලවීමක්
ලැබෙන්නේ. මා එන්නේ ඔබව මා සමඟ ආපසු ගෙන යාමට පමණයි. ’ශිවාගේ මඟුල් පෙරහැර‘ ගැන
කියැවෙනවා. එය ශංකර්ගේ මඟුල් පෙරහැර නොවෙයි. එය ශිවාගේ මඟුල් පෙරහැරයි සියලුම
ජීවයන් මනමාලයාට පිටුපසින් ඔහුව අනුගමනය කරමින් යනවා. ඒ සේරම භක්තිවන්තයින් දෙවියන්
මම පමණයි. ඔබ මට කතා කළා පැමිණ ඔබ පිරසිඳු කර මා සමඟ ගෙන යන්න කියලා. එමනිසා, මා
අනිවාර්යෙන්ම ඔබව මා සමඟ ගෙන යනවා. ඔබ ඔබේ සියලු කර්ම ගිණුම් පියවීමෙන් පසුවයි මා
ඔබව ගෙන යන්නේ. බාබා නැවත නැවතත් කියනවා මන්මනාභව් කියලා. ඔබ බාබාව සිහිකරන විට
අනිවාර්යෙන්ම ඔබගේ උරුමයත් සිහිකරනවා. ඔබ ලෝක රාජ්‍යය දිනාගන්නවා ඉතින්, ඔබ උත්සාහ
දරන්නේ ඊට අනුකූලවයි. මා ඔබට කිසිම අපහසුතාවයක් ඇති කරන්නේ නැහැ. මා දන්නවා ඔබ
ගොඩක් දුක් අත්දැකලා තියෙනවා ඉතින්, දැන් මම ඔබට තවත් අමාරු කරන්නේ නැහැ.
භක්තිමාර්ගයේ ආයු කාලය කෙටියි. ඔවුන්ගේ අකල් මරණ සිදු වෙනවා මිනිස්සු බොහෝ සෙයින්
හඬාවැටෙනවා ඔවුන් බොහෝ දුක ගෙන ඔවුන්ගේ හිස සම්පුර්ණයෙන්ම නරක් කරගන්නවා. බාබා
කියනවා දැන් සරළ ලෙස නිරන්තරයෙන් මා සිහිකරන්න. ඔබට දිව්‍යලෝකයේ පාලකයන් වීමට
අවශ්‍ය නම් ඔබ දිව්‍යමය ගුණධර්ම ග්‍රහණය කර ගත යුතුයි. ඔබ නිරන්තරයෙන්ම දිව්‍යමය
වීමට, ලක්ෂ්මී සහ නාරායන් වීමට උත්සාහ දැරිය යුතුයි. බාබා කියනවා මම සුර්ය සහ
චන්ද්‍ර වංශ ධර්මයන් දෙකම ගොඩනංවනවා. පහළට වැටීමෙන් පසුව ඔවුන්ට කියන්නේ
ක්ෂත්රීයයන්. මෙය යුධ පිටියක්. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සංගම
යුගයේදී සතුටු දේශයට සම්පුර්ණ උරුමයම දිනා ගැනිමට නම්, ආධ්‍යාත්මික මැජික්කරුවෙක්
වී බාබා ඔබේ දරුවා කරගන්න. තමන්ව සම්පුර්ණයෙන්ම කැප කරන්න.
2. ස්වදර්ශන
චක්‍රධාරී කෙනෙකු වී තමන්ව වාසනාවන්ත කෙනෙක් කර ගන්න. ඉතා වේගයෙන් සේවය කරන කෙනෙකු
වී උසස් තත්ත්වයක් ලැබගන්න. සෑම ගමකටම සේවය කරන්න. ඒත් සමඟම ඔබ ඔබේ සිහි කිරීමේ
වාර්තාව ලිවිය යුතුයි.
වරදානය:
අධිෂ්ඨානයේ
ගිනිකූරෙන් ජීවාත්ම අවධානයේ ගිනිකෙළි බෝම්බය දල්වා ඔබ නිරන්තරව ජයග්‍රාහී වේවා.
වර්තමානයේ ගිනිකෙළි
බෝම්බ සාදන නමුත් ජීවාත්ම අවධානයේ ගිනිකෙළි බෝම්බය දල්වා පැරණි සියල්ල අවසන් කිරීමට
ඔබ අධිෂ්ඨානයේ ගිනිකූර භාවිතා කළ යුතුය. ඒ මිනිස්සු ගිනිකෙළි වලට මුදල් නාස්ති කරන
අතරම ඔබ ආදායමක් උපයා ගනී. ඔවුන්ගේ ඒවා ගිනිකෙළි (අටිෂ්භාජි) වන අතර, ඔබේ වන්නේ
පියාසර ස්ථිතියේ ක්‍රීඩාව(බාජි) වන අතර ඔබ එයින් ජයග්‍රහණය කරයි. එබැවින්, මෙම
දල්වාලීමේ සහ ඉපැයීමේ ද්විත්ව ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා, මෙම ක්‍රමය භාවිතා කරන්න.
පාඨය:
විශේෂ කාර්යයක
සහායකයෙකු වීම යනු ආශිර්වාද ලබා ගැනීමයි.