02.12.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ විසින් ඔබගේ පහන රැකබලා ගත යුතුයි. ඕනෑම කුණාටුවකදී එය නිවී යාමෙන් ආරක්ෂා වීම උදෙසා දැනුම හා යෝගා යන තෙල ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා.

ප්‍රශ්නය:
ඒ සුක්ෂම වු පියා විසින් සුක්ෂම වු උරුමය ලබා ගැනීම උදෙසා ඔබ විසින් දැරිය යුතු වන උත්සාහය කුමක්ද ?

පිළිතුර:
තම ඇතුලාන්තය දෙස හැරී බලන්න. නිශ්ශබ්දතාවයෙන් සිටීමෙන් හා පියා සිහිපත් කිරීමෙන් ඔබට ඒ සුක්ෂම වු උරුමය ලබා ගත හැකි වනවා. ඒ ස්මරණය ඇතිව ඔබට ඔබගේ ශරීරයෙන් ඉවත්ව යාමට හැකි නම් එය ඉතාම හොඳයි. මෙහි කිසිම අපහසුතාවයක් නැහැ. මෙම ස්මරණයෙහි යෙදී සිටීමට නොහැකි අය මෙය පුහුණු කළ යුතුයි. දැනුම හා යෝගා මඟින් ඔබ සේවය කළ යුතුයි. ඔබට මෙය කරන්න බැරි නම් කර්ම යෝගා කරන්න. කොහොමවුවත්, ඔබ විසින් සතුටට පත්කරන සියලුම දෙනාගේ ආශීර්වාදය ඔබට ලැබෙනවා. ඔබගේ වචන හා ක්‍රියා සම්පුර්ණයෙන්ම පිරිසිඳු විය යුතුයි.

ගීතය:
දුර්වලයාගේ හා බලසම්පන්නයාගේ සටන.

ඕම් ශාන්ති.
බාබා ඔබට විස්තර කරදී තිබෙනවා කොතැනකදී හෝ ඔබ එවැනි ගීතයක් අසන අවස්ථාවකදී මෙම දැනුම නම් වූ සාගරය නැවත නැවතත් ආවර්ජනය කළ යුතුයි කියා. දරුවන් දන්නවා කෙනෙක් මියගිය විට එම ජීවාත්මය උදෙසා දවස් 12ක් තිස්සේ නොනිවී දැල්වෙන පහනක් තබා තියෙනවා කියා. මිය යාම සඳහා ඔබ දැන් සුදානම් වන අතර ඔබගේ පහන නොනිවී දල්වා තබා ගැනීම උදෙසා දැන් ඔබ උත්සාහ දරනවා. ඒ මල් දමට අයත් වීමට සිටින අය තමයි මෙම උත්සාහයෙහි යෙදෙන්නේ. සේවකයන් මෙම මල් දාමයට අයත් වන්නේ නැහැ. ප්‍රථමයෙන්ම ඔබ ජයග්‍රහණයේ මල් දාමයට එක් වීමට උත්සාහ කළ යුතුයි. ඒ වගේම ඔබගේ පහන ද නොනිවී යාමට වග බලා ගත යුතුයි. නැති නම් මායා නම් වු ඒ බළලා එය නිවා දමනවා. මේ සඳහා ඔබට යෝගා බලයත් දැනුම නම් වු බලයත් දෙකම අවශ්‍ය වෙනවා. යෝගා සමඟ ඔබට දැනුම ද තිබිය යුතුයි. ඔබ සෑම කෙනෙක්ම ඔබගේ පහන රැකබලා ගත යුතුයි. අවසානය වන තුරුම ඔබ මෙම උත්සාහයෙහි යෙදිය යුතුයි. ඔබ මෙම තරඟයෙහි යෙදෙන විට ඔබගේ පහන සෙලවී නිවී යාමට ඉඩ නොතැබිය යුතුයි. මේ නිසා තමයි සෑම දිනකම ඔබ දැනුම හා යෝගා නම් වු තෙල දිනපතා යෙදිය යුතු වන්නේ. යෝගා ශක්තිය ඔබට නැති වුවහොත් ඔබට දිවීමට අපහසු වී පසු බැසිමට සිදුවෙනවා. පාසැල් වල නොයෙකුත් විෂයන් උගන්වනු ලබනවා. කෙනෙක් යම් විෂයකට එතරම් දක්ෂතාවයක් දක්වන්නේ නැති නම් එය ඉගෙන ගැනීම සඳහා ඔහු විසින් විශාල උත්සාහයක් යෙදිය යුතු වෙනවා. මෙහිදිත් සිදු වන්නේ එයමයි. භෞතික සේවය යන විෂයන් ඉතා හොඳයි. මේ මඟින් ඔබ බොහෝ දෙනාගේ ආශීර්වාද ලබනවා. සමහර දරුවන් දැනුම මඟින් සේවයෙහි යෙදෙනවා. දවසින් දවස, සේවය කෙමෙන් කෙමෙන් වැඩි වෙනවා. එකම අයිතිකරුවෙක් හට සාප්පු 6ක් හෝ 8ක් ගෙන යා හැකියි. නමුත් සෑම සාප්පුවක්ම එකම ආකාරයෙන් ගෙන යා නොහැකියි. සමහර ඒවාට හොඳ පාරිභෝගික සංඛ්‍යාවක් සිටිය හැකියි. තවත් සමහර ඒවායෙහි එසේ නොවිය හැකියි. ඔබටත් රාත්‍රියෙහි නිදා ගැනීමට හෝ නොහැකි දිනයක් පැමිණේවි. සෑම කෙනෙක්ම බාබා, ඒ දැනුම නම් වු සාගරය, මේ අවිනාශී ඥාන මිණිමුතු වලින් අපව සරසාලීමට පැමිණ ඇතැයි දැන ගනීවි. ඒ අවස්ථාවේදී බොහෝ දරුවන් මෙහි එනවා. ඒ ගැන අසන්නවත් එපා! ඉතාමත් හොඳ බඩු ඉතා අඩු මිලකට විකුණන සාප්පුවක් තිබෙන විට මිනිසුන් එකිනෙකා හට ඒ බව පවසනවා. දරුවන් දන්නවා මේ රාජයෝගා දැනුම තේරුම් ගැනීම ඉතා පහසු දෙයක් බව. මෙහිදී ඥාන මිණිමුතු ලබා ගත හැකි යැයි කෙනෙක් දැනගත් විට ඔවුන් දිගටම එනවා. දැනුමෙන් සේවය කරනවා මෙන්ම ඔබ යෝගා වලින්ද සේවය කළ යුතුයි. දැනුමෙන් හෝ යෝගා වලින් සේවය කිරීම ඔබට අපහසු නම් භෞතික සේවයෙහි යෙදීමෙන් ඔබට ලකුණු ලබා ගත හැකියි. මේ සේවය සඳහා ඔබ බොහෝ දෙනාගේ ආශීර්වාද ලබනවා. ඔබ අන් අයට සතුට ලබාදිය යුතුයි. මෙය බොහෝ මිල අධික දෙයක්. මෙය අවිනාශි වූ දියමන්ති හා මිණිමුතු පිළිබඳ වු දෙයක්. ඔවුන් මිණිමුතු අටකින් යුතු වු මල් දමක් සාදා එයට වන්දනාමාන කරනවා. නමුත්, එම මාලාවෙන් පෙන්නුම් කරන්නේ කවුරුන්ද කියා ඔවුන් දන්නේ නැහැ. දරුවන් වන්දනීයත්වයට ලක්වන්නේ කෙසේද, වන්දනාකරුවන් බවට පත්වන්නේ කෙසේද කියා ඔබ දැන් දන්නවා. ලෝකයේ වෙන කිසිම කෙනෙක් නොදන්නා වු මෙම දැනුම විශ්මිත වු දෙයක්. වාසනාවන්ත තාරකාවන් වන, දරුවන් වන ඔබ මේ ලෝකයේ පාලකයන්ව සිටි බවට දැන් විශ්වාසය තිබෙනවා. ඒ වගේම දැන් ඔබ මෙම අපායෙහි පාලකයන් බවත් දන්නවා. ඔබ ඒ සත් යුගයේ පාලකයන් බවට පත් වු විට නැවත නැවතත් උපත් ගන්නවා. ඔබ දැන් නැවතත් ඒ සත් යුගයේ පාලකයන් බවට පත් වීමටයි සිටින්නේ. බ්‍රහ්මිණ් දරුවන් වන ඔබ පමණයි සංගම් යුගය ගැන දන්නේ. ලෝකයේ සිටින අනෙක් අය ඉන්නේ කලි යුගයේයි. සෑම යුගයක්ම වෙනසකින් යුතුයි. ඔබ සත් යුගයේ සිටින විට නැවත ඉපදීම සිදුවන්නේ ඒ යුගයේමය. ඔබ දැන් ඉන්නේ සංගම් යුගයේයි. ඔබ කවුරුන් හෝ ඔබගේ ශරීරය අත්හැර ගියහොත්, ඔබගේ සංස්කාර වලට අනුව නැවතත් මෙහෙම උපදිනවා. බ්‍රහ්මිණ් දරුවන් වන ඔබ අයත් වන්නේ මේ සංගම් යුගයටයි. ඒ ක්‍ෂුද්‍රයන් අයත් වන්නේ කලි යුගයටයි. ඔබ මෙම දැනුම ලබන්නේ මේ සංගම් යුගයෙහිදීයි. බ්‍රහ්ම කුමරුන් කුමරියන් වන ඔබ තමයි මේ සංගම් යුගයෙහි ප්‍රායෝගික වශයෙන් ගලනා දැනුම නම් වු ගංගාවන්. ඔබ මෙම තරඟය දිවිය යුතු අතර සාප්පුවක්ද ගෙන යා යුතුයි. ඔබ දැනුම හා යෝගා හොඳින් ධාරණය කරගෙන නොමැති නම්, ඔබට එම සාප්පුව රැක බලා ගත නොහැකියි. ඔබ විසින් කරන සේවයෙහි ඵලය බාබා ඔබට ලබා දෙනවා. ගිනි පුජාවක් පැවැත්වෙන විට නොයෙකුත් ආකාරයේ බ්‍රහමිණ් පුජකවරු එහි යනවා. සමහරු හොඳ දීමනා ලබන අතර තවත් සමහරු එසේ ලබන්නේ නැහැ. ඒ උත්තරිතර පියා, උත්තරීතර ජීවාත්මය දැන් මෙම දැනුම නම් වු ගින්න නිර්මාණය කර තිබෙනවා. අප බ්‍රහමිණ් දරුවන් වන අතර අපගේ ව්‍යාපාරය වන්නේ සාමාන්‍ය මිනිසුන් දිව්‍ය තත්ත්වයට පත් කිරිමයි. වෙනත් ගිනි පුජාවල ඔවුන් කිසිම විටෙක සාමාන්‍ය මිනිසුන් දිව්‍ය තත්ත්වයට පත් කිරීමක් ගැන කියන්නේ නැහැ. මෙය හඳුන්වන්නේ දැනුම නම් වු ගිනි පුජාව ලෙසයි. ඒ වගේම එය අධ්‍යාපනය කරන ස්ථානයක් ලෙසත් හඳුන්වනවා. (ගීතා පාඨශාලාව). මෙම දැනුම හා යෝගා අධ්‍යයනය කිරිම මඟින් සෑම දරුවෙකුටම දිව්‍යමය තත්ත්වයට පත්විය හැකියි. බාබා ඔබට කියා තිබෙනවා ඔබත් මෙහි පැමිණ තිබෙන්නේ ඒ උත්තරිතර දනව්වේ (පරම්දාම්) සිටයි කියා. එම ස්ථානයෙන්ම තමයි බාබාත් පැමිණියේ. ඔබත් කියනවා ඔබත් පරම්දාම්හි වැසියන් බව. මේ අවස්ථාවේදී ඔබ බාබාගේ උපදෙස් පිළිපැදිම මඟින් ඒ සත් යුගය නිර්මාණය කරනවා. ඒ ලෝකය නිර්මාණය කරන ලද්දවුන් අනිවාර්යෙන්ම එහි පාලකයන් බවට පත්වෙනවා. ඔබ තේරුම් ගන්නවා ඔබ තමයි මේ මුළු ලෝකයෙන්ම වඩාත්ම වාසනාවන්ත වු ජීවාත්මයන් බව. ඒ ඥාන සාගරය විසින් අපව දැනුම නම් වු සුර්යයාත්, දැනුම නම් වු චන්ද්‍රයාත්, දැනුම නම් වු තාරකාවනුත් බවට පත්කරනවා. ඒ සුර්යයාත් චන්ද්‍රයාත් තාරකාවනුත් භෞතික වුවත් අපව ඒ හා සසඳනවා. පසුව අප ඇත්තෙන්ම ඒ දැනුම නම් වු සුර්යයාත් දැනුම නම් වූ චන්ද්‍රයාත් දැනුම නම් වූ තාරකාවනුත් බවට පත්වෙනවා. ඒ ඥාන සාගරය විසින් තමයි අපව මෙම තත්ත්වයට පත් කරවන්නේ. මේ නාමයන් අපහට අනිවාර්යෙන්ම ලැබිය යුතුයි. අප තමයි ඒ ඥාන සුර්යයා, නැතහොත් ඥාන සාගරයෙහි දරුවන් වන්නේ. ඔහු මෙහි වාසය කරන්නේ නැහැ. බාබා කියනවා : මා මෙහි පැමිණ ඔබවත් මා වැනි තත්ත්වයට පත්කරවනවා. ඔබ මෙහිදී, දැන් තමයි ඒ දැනුම නම් වූ සූර්යයාත් දැනුම නම් වූ තාරකාවන් බවටත් පත්විය යුත්තේ. ඔබ තේරුම් ගන්නවා අනාගතයේ දී ඔබ නැවතත් ඒ සත් යුගයේ පාලකයන් බවට පත්වන බව. සෑම දෙයක්ම සිදුවන්නේ ඔබගේ උත්සාහය මතයි. මායා පරාජය කර ජයග්‍රහණය ලබන රණ ශූරයන් වන්නේ අපයි. මිනිසුන් ඔවුන්ගේම මනස පාලනය කිරීමට නොයෙකුත් ආකාරයෙන් කරදර වෙනවා. ඔබ විසින් හතා යෝගා ආදිය කිරිම අවශ්‍ය වෙන්නේ නැහැ. බාබා කියනවා : ඔබ කිසිම ලෙසකින් කරදර විය යුතු වන්නේ නැහැ. මා කියා සිටින්නේ ඔබට මා ළඟට පැමිණීමට අවශ්‍ය නම් මා සිහිපත් කරන්න. මා මෙහි පැමිණ සිටින්නේ දරුවන් නිවහන කරා ගෙන යාම උදෙසායි. වෙන කිසිම මනුෂ්‍යයෙක් මෙය කියන්නේ නැහැ. ඔවුන් සමහරු ඔවුන් ඊශ්වර් (දෙවියන්) ලෙස හැඳින් වුවත් ඔවුන් මාර්ගෝපදේශකයන් බව කියන්නේ නැහැ. බාබා කියනවා : මා තමයි මෙහි ප්‍රධාන මාර්ගෝපදේශකයා වන්නේ. මා තමයි සියලු මරණයන්ගේ මරණය වන්නේ. සත්‍යවාන් සාවිත්‍රි පිළිබඳ කතාවක් තිබෙනවා. ඇය මනුෂ්‍යයෙකුට ආදරය කළ නිසා දුක් අත්දකින්නට සිදුවූවා. මා නැවතත් ඔබ නිවහන කරා ගෙන යන බව ඔබ දන්නා නිසා ඔබ සතුටට පත්වෙනවා. කිසිම විටෙක අසතුටට පත්වන්නේ නැහැ. ඔබ තේරුම් ගන්නවා බාබා පැමිණ සිටින්නේ නැවතත් ඔබව ඒ සුමිහිරි නිවහන කරා ගෙන යාමට බව. එම නිවහන හඳුන්වන්නේ විමුක්තියේ දේශය ලෙසයි, ශබ්දයෙන් තොර ලෝකය. මා සියලු මරණයන්ගේ මරණය කියා පවසා තිබෙනවා. ඒ (මරණය) විසින් ලබා ගන්නේ එක් ජීවාත්මයක් පමණයි. නමුත්, මා තමයි උසස්තම වු මරණය වන්නේ. මීට අවුරුදු 5000කට ප්‍රථම තමයි මා සියලුම දෙනා හට මාර්ගෝපදේශකයා බවට පත් වී ඔවුන් සියලු දෙනා නැවත නිවහන කරා ගෙන යන ලද්දේ. මේ මනමාලයා (බාබා ඔහුව මනමාලයා ලෙසටත් ඔබ මනමාලියන් ලෙසටත් සමාන කරනවා) මනමාලියන් වන ඔබ සියලුම දෙනාව නිවහන කරා ගෙන යනවා. එමනිසා, ඔබ අනිවාර්යෙන්ම ඔහුව සිහිපත් කළ යුතු වෙනවා. ඔබ දැන් තේරුම් ගන්නවා මෙහිදී ඔබ ඉගෙන ගන්නා බවත් පසුව නැවතත් ඔබ මෙහි එන බවත්. ප්‍රථමයෙන්ම ඔබ ඔබගේ ඒ සුමිහිරි වූ නිවහන කරා යන අතර ඉන් පසු නැවතත් මෙහි එනවා. දරුවන් ඒ දිව්‍යලෝකයේ තාරාකාවන් බවට පත් වෙනවා. මුලදි ඔබ නිරයෙහි තාරකාවන් වුවා. දරුවන් හඳුන්වන්නේ තාරකාවන් ලෙසයි ඔබ විසින් කරන උත්සාහය අනුව අනුපිළිවෙලින් වාසනාවත් තාරකාවන් ලෙස හඳුන්වනවා. ඔබ ඔබගේ සීයාගේ උරුමය ලබා ගන්නවා. මෙය ඉතා බලවත් වු පතලක් වැනියි. කොහොමනමුත්, මේ පතලේ වටිනා දේ උපදින්නේ එක් වතාවකදී පමණයි. නිරන්තරයෙන්ම මැණික් උපදින නොයෙකුත් පතල් තිබෙනවා. ඔබ ඒවා සොයා බැලුවොත් එවැනි බොහෝ දේ ඔබට හමුවෙනවා. මේ දැනුම නම් වු මිණිමුතු තිබෙන ආකරය ඔබට හමුවන්නේ එකම අවස්ථාවකදී පමණයි. නොයෙකුත් ආකාරයේ ග්‍රන්ථ තිබෙනවා. නමුත් ඒ සියලුම දේ මිණිමුතු කියා හැඳින්විය නොහැකියි. බාබා හඳුන්වන්නේ ඥාන සාගරය ලෙසයි. මෙය තමයි අභෞතික වු ඥාන මිණිමුතු වලින් සැදි ආකරය. අප සැරසෙන්නේ මේ මිණිමුතු වලිනි. දරුවන් දැන් මෙම සතුට අත්විඳිය යුතුයි. ඔබ සියලු දෙනා හට මෙම කුල්මත් බව තිබිය යුතුයි. හොඳ ව්‍යාපාරයක් ඇති සාප්පුවක් ඉතා ඉක්මණින් ප්‍රසිද්ධියට පත් වෙනවා. ඔබ සේවකයන් මෙන්ම උරුමක්කාරයන් ද නිර්මාණය කළ යුතු වෙනවා. ඔබ මෙහිදි මේ දැනුම මිණිමුතු වලින් සැරසී පසුව අන් අයටත් ඒවා ලබාදිය යුතුයි. ඒ උත්තරීතර පියා, උත්තරීතර ජිවාත්මය ඥාන සාගරය වන නිසා ඔහු ඔබව මේ දැනුම මිණිමුතු වලින් සරසාලනවා. ඔවුන් පෙන්වා ඇති ආකාරයට දේවී දේවතාවන් පිඟානක තබා මෙම මිණිමුතු ඔබට දෙන්නේ නැහැ. ඔබට ඒ මුහුදෙන් මිණිමුතු ලබා ගත නොහැකියි. මේ දැනුම නම් වු මිණිමුතුය. මෙම නාටකයට අනුව ඔබ නැවතත් මෙම ආකර වලින් මිණිමුතු ලබා ගන්නවා. ඔබ භක්ති මාර්ගයෙහි යන විට නැවතත් ඒ සීමිත වු මිණිමුතු, කෝවිල් තැනීමට ගන්නා මිණිමුතු හමුවෙනවා. නමුත් භූමිකම්පාවක් සිදු වු කළ ඒ සියලු දේ වැළලී යනවා. එහි එකක් නොව මාළිගා බොහොමයක් නිර්මාණය වෙනවා. මෙහිදීත්, පාලකයන් එකිනෙකා හා තරඟ කරනවා. එමනිසා, දරුවන් තේරුම් ගන්නවා මෙම ගොඩනැගිලි මීට ඉහත කල්පයේදී මෙන් නැවතත් බිහි වනවා කියා. එහිදී ගොඩනැගිලි ඉතා පහසුවෙන් බිහි වනවා. විද්‍යාව බෙහෙවින් උපකාරී වුවත් ’විද්‍යාව‘ යන වචනය එහිදී පාවිච්චි වන්නේ නැහැ. හින්දි භාෂාවේ ’විද්‍යාව‘ යන වචනයට කියන්නේ ’විග්‍යාන්‘ කියලයි. දැන් කාලයේ විග්‍යාන් භවන් යන නාමය පාවිච්චි කරනවා. ’විග්‍යාන්‘ වචනය අදාල වන්නේ දැනුමටයි. දැනුම හා යෝගා දෙකම එක් කළ විට විග්‍යාන් වෙනවා. අප ඒ ඥාන මිණිමුතු ලබාගෙන යෝගා මඟින් සදා සෞඛ්‍යමත් තත්ත්වයකට පත් වෙනවා. ඒ පාරාදීසයේ විශාල විග්‍යාන් භවන් නිර්මාණය වන දැනුම හා යෝගා පිළිබඳ වු දැනුම මෙයයි. ඔබට දැන් මේ සම්පුර්ණ දැනුම ලැබෙනවා. ඔබ තේරුම් ගන්නවා ඔබ භාරතය දිව්‍යලෝකයක් බවට පත් කරනවා කියා. ඔබ තව දුරටත් ඔබගේ ශරීරයට බැඳිය නොයුතුයි. ඔබ ඔබගේ ශරිරය අතහැර ඒ අළුත් ශරීරය ලබනා සත් යුගයට යා යුතුයි. ඔබ එහි සිටින විට පැරණි ශරීරය අත්හැරිය යුත්තේත් අළුත් ශරීරයක් ලබාගත යුත්තේත් කුමන අවස්ථාවකදීද කියා ඔබ දන්නවා. එහිදී ඔබට කිසිම භීතියක් හෝ දුකක් දැනෙන්නේ නැහැ. ඔබ දන්නවා අළුත් ශරීරයක් ගැනීම හොඳයි කියා. අප සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් දිව්‍ය තත්ත්වයට පත්වෙනවා. බාබා මීට ඉහත චක්‍රයේදී අපව පත්කළ තත්ත්වයටම නැවතත් පත්කරවනවා. දැන් තිබෙනවා මෙන්ම මීට ඉහත කල්පයේදීත් මේ ආකාරයෙන් නොයෙකුත් වර්ගයේ ආගම් තිබුණා. මෙම කරුණු ගීතාවේ සඳහන් වී නැහැ. එහි කියා තිබෙනවා බ්‍රහ්මා මාර්ගයෙන් ඒ ආදී සනාතන දේවී දේවතා ධර්මය බිහි වෙනවා කියා. ඒ සියලු ආගම්වල විනාශය සිදුවන්නේ කෙසේද, ඒ වගේම දැන් සිදුවෙමින් පවතින මේ එකම ආගමේ නිර්මාණය සිදුවන්නේ කෙසේද කියා විස්තර කර දීමට ඔබට හැකියි. බාබා මෙහි පැමිණෙන්නේ ඒ දිව්‍ය ආගම සම්පුර්ණයෙන්ම අතුරුදහන් වු පසුවයි. එමනිසා, ඒ අමරණීය වු කාලයේ සිටම දිගින් දිගටම එය පැමිණියේ කෙසේද ? මෙම ක්‍රමය තේරුම් ගැනීම ඉතා පහසුයි. මෙහිදී විනාශ වුයේ කුමක්ද ? සෑම ආගමක්ම විනාශ වුවා. මේ අවසාන මොහොතේදී, ඔබ මේ සියලු දේ ඔබගේ බුද්ධියෙහි තබා ගත යුතුයි. මෙහිදි ඔබට විස්තර කරන්නේ ශිව බාබා පමණක් නොවේ. මේ බාබාටත් (බ්‍රහ්ම බාබා) යමක් විස්තර කරන්න බැරි ඇයි ? ඔහුටත් ඔහුට වෙන්වුණු චරිත කොටසක් තිබෙනවා. බ්‍රහ්මාගේ ශ්‍රීමත් යන්න මෙහිදී සිහිපත් වෙනවා. ක්‍රිෂ්ණා ඔබට ශ්‍රීමත් දුන්නා කියන්න බැහැ. එහි සිටින සියලු දෙනා ’ශ්‍රී‘ (උසස්) . එමනිසා, ඔවුන් හට උපදෙස් අවශ්‍ය වන්නේ නැහැ. බ්‍රහ්මාගේ උපදෙස් ඔබ ලබන්නේ මෙහිදීයි. එහිදී, රජතුමා විසිනුත් රැජින විසිනුත් සේවකයන් විසිනුත් දෙන උපදෙස් සියල්ල උසස්ය. අනිවාර්යෙන්ම මුලදී ඔවුන් හට කවුරුන් හෝ එම උපදෙස් ලබාදී තිබිය යුතුයි. දේවී දේවතාවන් හට තමයි ඒ උපදෙස් දෙන ලද්දේ. ශ්‍රීමත් වලින් තමයි සත් යුගය නිර්මාණය වන්නේ. එහෙත් මෙම අපාය නිර්මාණය වන්නේ යක්ෂයා විසින් දෙන ලද උපදෙස් වලිනි. ශිව බාබා විසින් තමයි ඔබට ශ්‍රීමත් ලබා දෙන්නේ. මේවා තේරුම් ගැනීම ඉතාම පහසුයි. මේ සාප්පු සියල්ලම අයිති වන්නේ ශිව බාබාටයි. ඒවා ගෙන යන දරුවන් ඔබයි. හොඳින් සාප්පුවක් ගෙන යන අයගේ නාමය ඉතා ඉක්මණින් ප්‍රසිද්ධ වෙනවා. එයත් අනෙක් ව්‍යාපාරවල සිදුවන දේ වැනිය. කොහොමනමුත්, මෙම ව්‍යාපාරය කළ හැක්කේ බොහොම සුළු ප්‍රමාණයකට පමණයි. ඔබ සියලු දෙනා මෙම ව්‍යාපාරය කර තිබෙනවා. පුංචි දරුවන්ට පවා මේ දැනුම හා යෝගා යන ව්‍යාපාරය කළ හැකියි. ඔබ කළ යුත්තේ සාමයේ හා සතුටේ දේශය බුද්ධිය තුළ තබා ගැනීමයි. ඒ මිනිසුන් රාමා රාමා කියා කියනවා. මෙහිදී ඔබ නිහඬතාවයෙන් සිටිය යුතු අතර ස්මරණය තබා ගත යුතුයි. මෙහිදී ඔබ කිසිම දෙයක් පැවසීම අවශ්‍ය වන්නේ නැහැ. විශ්ණුගේ හා ශිවාගේ දේශය හඳුනා ගැනීම ඉතා පහසුයි. ඔබගේ ඒ සුමිහිරි නිවහනත් සුමිහිරි වූ රාජ්‍යයත් පමණක් සිහිපත් කරන්න. ඔවුන් භෞතික වු මන්ත්‍රයක් දෙනවා. නමුත් මෙය සුක්ෂම වු මන්ත්‍රයක්. මෙම ස්මරණය සම්පුර්ණයෙන්ම සුක්ෂම වු දෙයක්. මෙම ස්මරණය මඟින් පමණයි අප ලෝක පාලකයන් බවට පත්වන්නේ. ඔබ විසින් කිසිම මන්ත්‍රයක් ජප කිරීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මෙම ස්මරණය පමණක් කළ යුතුයි. ඔබ විසින් කිසිදු ශබ්දයක් කළ යුතු වන්නේ නැහැ. නිශ්ශබ්දතාවයෙන් සිටීමෙන් හා තම ඇතුලාන්තය දෙස හැරී බැලීමෙන් ඒ සුක්ෂම පියාගේ සුක්ෂම උරුමය ලබා ගැනීමට හැකි වෙනවා. මෙම ස්මරණයේ සිටියදී ශරීරය අත්හැරීම ඉතා හොඳයි. මෙහි කිසිම අපහසුතාවයක් නැහැ. මෙම ස්මරණයෙහි සිටිමට නොහැකි අය එය පුහුණු කළ යුතුයි. බාබා මෙසේ කියනවා කියා සෑම කෙනෙක්ටම කියන්න : මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබගේ අවසාන සිතිවිලි ඔබගේ ඉලක්කය බවට පත්වේවි. මෙම ස්මරණයෙන් පමණයි ඔබගේ සියලු පාපයන් විනාශ කොට ඔබට සත් යුගයට යා හැකි වන්නේ. ශිව බාබා සමඟ ඔබගේ බුද්ධිය සම්බන්ධ කිරීම ඉතා පහසු දෙයක්. මෙහිදී ඔබ සියලු උපදෙස් ලබා ගත යුතුයි. ඔබට සම්පුර්ණයෙන් පාරිශුද්ධත්වයට පත් වීමට (සතෝප්‍රධාන්) අවශ්‍ය නම් ඔබගේ ක්‍රියාකලාපයන් පිරිසිඳු විය යුතුයි. ඒ වගේම ඔබගේ වචන ඇතුළු සියලු දේ පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. මින් අදහස් කරන්නේ ඔබ ඔබටම කතා කළ යුතුයි යන්නයි. ඔබ ඔබගේ සහකරුවන් සමඟ කතාකරන විට ඉතා ආදරයෙන් ඔවුන් හට කතා කළ යුතුයි. මෙවැනි ගීතයක් තිබෙනවා, ’අහෝ පෙම්වත, සෑම විටම වටිනා වචන කතා කරන්න‘. ඔබ රුප් බසාන්ට් (දැනුම් මිණිමුතු අන් අයට ලබාදෙන යෝගී තැනැත්තා) ය. ඔබගේ ජීවාත්මය රුප් තත්ත්වයට පත්වෙනවා. පියා තමයි ඥාන සාගරය. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම ඔබට මෙම දැනුම ලබාදිය යුතුයි. ඔහු කියනවා : මා මේ එකම යුගයේදී පමණක් මෙහි පැමිණ මෙම ශරීරය යොදා ගන්නවා. මෙම මැජික් එක එවන් වු දෙයක්. බාබාත් රුප් හා බසාන්ට්ය. කොහොමනමුත්, ඒ අශාරීරික තැනැත්තාට කතා කළ නොහැකියි, මේ නිසා තමයි ඔහු ඒ සඳහා ශරීරයක් යොදාගන්නේ. නමුත් ඔහු උපතේ හා මරණයේ චක්‍රය තුළට එන්නේ නැහැ. ඔබගේ ජීවාත්මය නැවත උපත් ලබා ගන්නවා. දරුවන් පියා හට ඔබව භාරකරනවා. එමනිසා, බාබා කියනවා : ඔබ කිසිම දෙයකට බැඳීම් තබා නොගත යුතුයි. කිසිම දෙයක් ඔබගේ කියා සිතන්න එපා. ඔබගේ බැඳීම් නවතාලීම උදෙසා ඔහු නොයෙකුත් දක්ෂ ක්‍රම නිර්මාණය කරනවා. සෑම පියවරකදීම ඔබ බාබාගෙන් විමසිය යුතුයි. මායා ඔබට පහර දෙනවා. එය බොක්සිං තරඟයක් වැනිය. බොහෝ දෙනා පහර කනවා, නමුත් නැවතත් නැගිටිනවා. ඔවුන් මෙසේ ලියනවා: බාබා, මායා මා හට පහර දී මාගේ මුහුණ කිලිටි කළා. එය හරියට ඔවුන් සතර මහල් ගොඩනැගිල්ලකින් බිමට වැටුණා වැනියි. මේ කරුණු සියල්ලම ඔබ විසින් තේරුම් ගත යුතුයි. බලන්න, සමහර ළමයින් කැසට් පටි ඉල්ලනවා. ඔවුන් බාබාගෙන් කැසට් පටි ඉල්ලන්නේ එවිට මුරලි එකට නිවැරදිවම සවන්දිය හැකි නිසායි. මෙම පහසුකමත් දැන් සංවිධානය වෙමින් පවතිනවා. බොහෝ දෙනා මෙයට සවන් දෙන විට ඔවුන්ගේ බුද්ධිය විවෘත වී බොහෝ ප්‍රයෝජන ගෙන දෙයි. කෙනෙක් පාසලක් පටන් ගත් විට ඔහු ඔහුගේ ඊළඟ උපතෙහිදී තවත් ඥානය ලබනවා. බාබා කියනවා කැසට් යන්ත්‍රයක් මිලදී ගන්න. එවිට තවත් බොහෝ දෙනෙකුට එය ප්‍රයෝජනයක් බවට පත්වේවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සතෝප්‍රධාන් තත්ත්වයට පත්වීමට නම් සියලු උපදෙස් ලබා ගන්න. ඔබගේ කෑම, බීම, වචන හා ක්‍රියාකලාපයන් ආදී සියලු දේ පාරිශුද්ධත්වයෙන් තබා ගන්න. පියා මෙන්ම රුප් බසාන්ට් බවට පත්වන්න.

2. අශරීරික ආකරයෙන්(Mine) ලැබෙන මෙම අවිනාශී ඥාන මිණිමුතු වලින් ඔබගේ ඒප්‍රනය පුරවාගෙන දිගටම ඔබ මෙම මිණිමුතු අන් අයට දානය කිරීමෙන් අසීමිත සතුටින් සිටින්න.

වරදානය:
ඔබ බැඳීම් විනාශ කරන්නෙකු වී, එමඟින් දුක හා අසාමයේ සියලු නාමරූපයන් අවසන් කිරීමෙන් සිහි කිරීමේ ප්‍රතිමූර්තියක් වේවා.

˝ඒකායනය˝ පිළිබඳ දැනුවත්භාවයේ නිරතුරුවම රැඳී සිටින අයට නිරන්තරව ස්ථාවර අවධියක (ඒක්-රාස්) සිටිය හැකිය. නිරන්තර සහ ස්ථාවර මනෝ ස්ථිතියක් තිබීම යනු සියලු නෑ සබඳතාවල සහ සියලු ලැබීම් වල මිහිරියාව (රාස්) ඒකායනය තුළ අත්විඳීමයි. සියලු නෑ සබඳතාවන්හි දී පරමාත්ම පියා තමන්ට අයිති කර ගන්නා අය සහ සිහි කිරීමේ ප්‍රතිමූර්තීන් ලෙස රැඳී සිටින අය පහසුවෙන් බැඳීම් විනාශ කරන්නන් බවට පත්වේ. බැඳීම් විනාශ කර දමන්නන්හට මුදල් ඉපැයීමේදී, තම ධනය බලාකියා ගැනීමේදී හෝ කිසිවකු රෝගාතුර වූ විට දුක් හැගීම් වල රැළි නොදැනේ. බැඳීම විනාශ කරන්නෙකු යනු දුකක හෝ අසාමයක නමක් හෝ සළකුණක් නොමැති වීම සහ නිරන්තරයෙන් සැහැල්ලු වීමයි.

පාඨය:
සමාව දෙන පුද්ගලයා දයාවන්ත වන අතර සෑම කෙනෙකුටම නොකඩවා ආශීර්වාද ලබා දෙයි.