03.01.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, අශරීරික පියා ඔහුගේම වූ උපදෙස් දෙමින් ඔබව සත්‍යවාදීන් බවට පත් කරවයි.
එයින් පමණයි ඔබට පියාගෙන් උරුමය ලබා ගත හැක්කේ.
ප්රශ්නය:
ඔබේ අසීමිත රජ
දහන ලබා ගැනීම සඳහා පූර්ණ අවධානය යොමු කළ යුතු කාරණා දෙක මොනවාද?
පිළිතුර:
මේ අධ්‍යයනය සහ සේවයයි. සේවය කිරීම සඳහා ඔබේ චරිතය ඉතා යහපත් විය යුතුය. ඔබට රජ දහන
ලබා දෙන මෙම අධ්‍යයනය ඉතා විශ්මිත වූවකි. තඹ යුගයේ සිට ඔබට රජ දහන හිමි වූයේ දාන
මාන පිංකම් මඟිනි. කොහොමනමුත්, ඔබ දැන් මෙම අධ්‍යයනය තුළින් කුමර හා කුමරියන් බවට
පත් වේ.
ගීතය:
අපේ වන්දනා
ගමන අසහායය...
ඕම් ශාන්ති.
ඔබ මිහිරිතම
අධ්‍යාත්මික දරුවන් ගීතයේ පේළියකට කන් දුන්නා. ඔබේ වන්දනා ගමන වන්නේ ගෙදරදීම නිහඬව
හිඳ විමුක්ති දේශයට යාමයි. ලෝකයේ ඇති සියළු වන්දනා ගමන් පොදුවේ සාමාන්‍ය වන අතර ඔබේ
ගමන අසහායයි. අසම සමයි. මනුෂ්‍යයකුගේ බුද්ධි යෝගය ගමන් කරන්නේ ශුද්ධ මිනිසුන් හා
මුණිවරුන් වෙතයි. ඔබ දරුවන්ට දෙන උපදේශය වන්නේ පියා පමණක් සිහිකිරීමයි. ඔහු වූ කලී
අශරීරික පියාය. අශරීරික පියා ගැන විශ්වාසය ඇති අය අශරීරික කෙනාගේ මඟපෙන්වීම්
පිළිපදිනවා නොවන්නට පුළුවනි. ලෝකයේ විවිධ මතිමතාන්තර ඇත. අශරීරික උපදෙස් අශරීරික
පියා විසින් දෙනු ලබන අතර ඒවා පිළිපැදීමෙන් විමුක්තිය හා ජීවන්මුක්තිය යන ඉහළම
තත්ත්වයන් මිනිසාට ලැබේ. අන් අය මේ කිසිවක් දන්නේ නැත. ඔවුන්ගේ සරළ ප්‍රකාශය වන්නේ
අශරීරික කෙනා විශ්වාස කරනවා යන්න පමණි. නොගිනිය හැකි තරම් උපදේශන ඇත. ස්වර්ණමය
යුගයේ දී ඇත්තේ එකම උපදේශනයක් පමණක් වන අතර කළි යුගයේ දී බොහෝ උපදේශන ඇත. නොගිනිය
හැකි තරම් ආගම් ඇත. ලක්ෂ ගණනින් උපදේශන ඇත. හැම ගේකම ඊට අදාල උපදේශනයක් ඇත. මෙහිදී
පියා පමණක්ම දෙන ඉහළම දේශනය මඟින් ඔබ ඉහළම මනුශ්‍යයින් බවට පත්වේ. ඔබේ පිංතූරය දකින
බොහෝ අය මෙසේ අසයි ඔබ මේ නිර්මාණය කර ඇත්තේ කුමක්ද? මෙහි ප්‍රධාන දේ කුමක්ද? ඔවුන්ට
මෙසේ කියන්න මේ ඥානය වනාහි නිර්මාණකයා සහ නිර්මාණයේ මුල, මැද, අග පිළිබඳවයි. අප
සත්‍යවාදීන් වන්නේ මේ ඥානය තුළිනි. එසේ වීමෙන් අපි පියාගේ උරුමය ලබයි. අසත්යවාදීන්
වීමෙන් අපට එය අහිමි වේ. දැන් ඔබ දරුවන්ගේ කාර්ය වන්නේ අසත්යවාදීන්ගේ සිට
සත්‍යවාදීන් බවට වෙනස් වීමයි. ඔබ දැන් පියාගෙන් මෙම උපදේශනය ලබයි. ත්‍රිමූර්ති
පිංතූරය ඉතා පැහැදිලිය. බ්රහ්මා තුළින් නිමවෙන බ්‍රහ්මිණ්වරු නියත ලෙසම අවශ්‍ය
වෙයි. මේ යග්යාව ක්‍රියාත්මක වන්නේ ඔබ බ්‍රහ්මිණ්වරු තුළිනි. මේ යග්යාව ඉතා
වැදගත් එකකි. පළමුවෙන්ම ඔබ විස්තර කර දිය යුතුයි මෙම පියා සියල්ලන්ට ඉහළ බවත්,
සියළු ජීවාත්ම සත්තාවන් සහෝදරයන් බවත්. ඔවුන් සියල්ලෝම එකම පියා සිහිකරයි. ඔහු
පියාණන් නමින්ම හැඳින්වේ. ඔබ නිර්මාණකරුවන පියාගේ උරුමය ලබයි. ඔබට එය නිර්මාණයෙන්
ලබා ගත නොහැකිය. හැම කෙනෙක්ම ඉහළම දෙව් පියා සිහිකරන්නේ මේ නිසාය. පියා දෙව්ලොව
නිර්මාණකයා වන අතර ඔහු එන්නේ භාරතයටම පමණයි. ඔහු මෙහි එන්නේ ඔහුගේ කාර්යය කිරීමටයි.
ත්‍රිමූර්ති පිංතූරය ඉතා අගනේය. එම කෙනා බාබා වන අතර, මෙම කෙනා දාදාය. බාබා,
බ්රහ්මා තුළින් සූර්ය වංශික රජදහන ස්ථාපිත කර ඇත. පියා මෙසේ කියයි මා සිහිකළ විට
ඔබේ පව් දුරුවී යයි. ඔබේ අරමුණ සහ ඉලක්කය සම්පූර්ණයෙන් පැහැදිලිය. මේ නිසයි බාබා
පදක්කම් සාදා ඇත්තේ. ඔවුන්ට මෙසේ කියන්න අපි වචන දෙකකින් ඉතා කෙටියෙන් සියල්ල
විස්තර කරමු. ඔබ තත්ත්පරයක ඇසිල්ලකින් පියාගෙන් උරුමය ලබයි. පියා වූ කලී දෙව්ලොව
නිර්මාණකයාය. මේ පදක්කම් ඉතා හොඳය. එසේ වුවද බොහෝ ශරීර අවධානය ඇති ළමුන් මේවා
තේරුම් නොගනී. මේ පදක්කම් තුළ එම ඇසිල්ලේ සියළු ඥානය ගැබ් වී ඇත. බාබා පැමිණ භාරතය
දෙව්ලොව බවට පත් කරයි. පියා පමණි ලෝකය අළුත් කරන්නේ. ‘උසස්ම සංගම් යුගය‘ යන්න
සිහිපත් කෙරේ. මේ සියළු ඥානය ඔබේ බුද්ධිය තුළට කාන්දු විය යුතුය. සමහරුන්ට යෝගා
තිබුණත් ඥානයට ඇහුම්කන් නොදීම නිසා කිසිවක් උකහා ගැනීමට නොහැකිවේ. සේවය කරන දරුවන්
මෙම ඥානය ඉතා හොඳින් උකහා ගනී. පියා පැමිණ මනුෂ්‍යයන් දෙවි දේවතාවුන්ට හරවන සේවය
කරන නමුත්, සමහර දරුවන් කිසිම සේවයක් කරන්නේ නැත. ඒ දරුවන්ගෙන් ඇති ප්‍රයෝජනය
කුමක්ද? ඔවුන් බාබාගේ හද සිහසුනට නගින්නේ කෙසේද? පියා මෙසේ කියයි නාටකය තුළ මගේ
කොටස වන්නේ සෑම කෙනෙක්ම රාවණ්ගේ රජ දහනින් මුදා ගැනීමයි. රාම රාජ්‍ය සහ රාවණ්
රාජ්‍ය යන්න භාරතයේ සිහිපත් කෙරේ. දැන්, රාමා යනු කවුද? මිනිසුන් මෙයවත් දන්නේ නැත.
ඔවුන් ‘භක්තිමතුන්ගේ දෙව් පියා වන පාරිශුද්ධකරුවා වන්නේ ඔහුයි.‘ යනුවෙන් ගයයි. ඒ
නිසා, පළමුවන වරට එන ඕනෑම කෙනෙකුට පියාව හඳුන්වා දෙන්න. පළමුව එම අය ගැන විනිශ්චය
කර ඒ අනූව විස්තරය කරන්න. අසීමිත පියා පැමිණ ඔබට ඔබේ අසීමිත සතුට නම් වූ උරුමය ලබා
දෙයි. ඔහුටම කියා ශරීරයක් නැති අතර ඔබට උරුමය දෙන ක්‍රමය කුමක්ද? ඔහුම මෙසේ කියයි
බ්‍රහ්මාගේ ශරීරය තුළින් මම ඔබට රාජයෝගා උගන්වා එම තත්ත්වය ලබා ගැනීමට හැකියාව ලබා
දෙමි. මෙම පදක්කම තේරුම් කිරීමට තත්ත්පරයක් සෑහේ. මෙම පදක්කම ඉතා කුඩාය! කොහොම
නමුත් එසේ විස්තර කරන අය ඉතා හොඳින් ජීවාත්ම සත්තා අවධානයෙන් සිටින අය විය යුතුයි.
එවැනි අය ඉතා දුර්ලභය. මෙම උත්සාහය කිසිවෙක් නොකරන නිසා බාබා මෙසේ කියයි ඔබේ සටහන
ලියා දවස පුරා ඔබ ස්මෘතියෙන් සිටින කාලය කොතෙක් දැයි සටහන් කර බලන්න. ඔබ නොයෙක්
ක්‍රියාවල යෙදිය යුතුයි. ඔබේ කාර්යාලයේ වැඩ කරන අතර තුර දීත් ස්මෘතියෙන් සිටිය
යුතුය. මෙහිදී පියා සිහිකරමින් ඔබ යෝගාවේ වාඩිවී සිටීමට සලස්වනු ලැබේ. එවිට වෙන
ක්‍රියාවන් කරන්නේ නැත. ක්‍රියාවන් කරමිනුත් ඔබ බාබා සිහි කළ යුතුය. නැත්නම්
ස්මෘතියෙන් සිටීමට ඔබ විශේෂයෙන් වාඩි වීම පුරුද්දක් බවට පත්වේ. ක්‍රියාවන් කරත්දීත්
ඔබ ස්මෘතියේ සිටිනවා නම් පමණයි ඔබ කර්මයෝගීන් සේ හැඳින්වෙන්නේ. ඔබ නියතයෙන්ම ඔබේ
කොටස් රඟපෑ යුතුයි. මෙන්න මෙවැනි ස්මෘතියට පමණයි මායා බාධා පමුණුවන්නේ. ඔබ
කිසිකෙනෙක් අවංකවම සටහන තබන්නේ නැත. ඔබෙන් සමහරු පැය භාගයක් හෝ පැය තුන් කාලක්
ඉන්නවා යැයි ලියයි. එයද උදේ පාන්දර ස්මෘතිය විය යුතුයි. භක්ති මාර්ගයේ පවා මිනිසුන්
උදෙන්ම අවදිවී ඇට මාලය ගණිමින් රාමාගේ නම උච්චාරණය කරයි. ඒ වේලාවේ දී ඔවුන් ඔහු හා
මුසපත් වී යැයි කිව නොහැකියි. ඔවුන්ට වෙනත් සිතිවිලි පහළ වෙයි. නොසෙල්වෙන
භක්තිවන්තයෝ ඔවුන්ගේ බුද්ධිය නිශ්චල කරගත හැකි අයයි. මෙය නිහඬ මන්ත්‍රයයි. මෙය
අළුත් දෙයකි. ගීතාවේ සඳහන්ව ඇත්තේ ‘මන්මනභාව්‘ යන පදයයි. එසේ වුවත් ක්‍රිෂ්ණාගේ නම
සඳහන් වන නිසා ඔවුන් සිහිකරන්නේ ක්‍රිෂ්ණාය. ඔවුන්ට කිසිවක් නොතේරේ. ඔබ නියතයෙන්ම
පදක්කම් කිහිපයක් තබා ගත යුතුයි. ඔවුනට මෙසේ කියන්න පියා, බ්‍රහ්මාගේ ශරීරය තුළින්
විස්තර කරන අතර අපේ සෙනෙහස පියාටයි. ජීවාත්ම සත්තාවන් ගැන හෝ උත්තරීතර පරමාත්මය ගැන
මිනිස්සුන්ට ඥානයක් නැත. පියාට මිස වෙන කෙනෙකුට මෙම ඥානය දිය නොහැකියි. ත්‍රිමූර්ති
පියාගේ පිංතූරය ප්රදානය - පියා හා උරුමයයි. මෙම චක්‍රය තේරුම් ගැනීමටද අපහසුයි.
ප්‍රදර්ශන වලදී ලක්ෂ ගණන් යටත් වැසියන් නිර්මාණය වේ. රජුන් ඇත්තේ ඉතා සුළු දෙනෙක්
වන නමුත් වැසියන් මිලියන ගණන් සිටී. බොහෝ අය යටත් වැසියන් වන නමුත් ඔබ උත්සාහ දැරිය
යුත්තේ රජුන් තැනීමටයි. වැඩියෙන්ම සේවය කරන අය නියතයෙන්ම ඉහළ තත්ත්වයක් ලබයි. ඇතැම්
දරුවන් සේවය කිරීමට ඉතා උනන්දුයි. ඔවුන් මෙසේ කියයි මම රස්සාව අතහරින්නම්. කොහොමත්
මට කෑමට තියෙන දේ ඇති. මා දැන් බාබාට අයිති අතර ශිව බාබා මාව බලා ගනීවි. කොහොම
නමුත් බාබා මෙසේ කියයි මා මෙයාගේ ශරීරයට ඇතුළු වූයේ ඔහුගේ විශ්‍රාමික අවධියේය.
මව්වරුන් තරුණ නම්, ගෙදර සිටියදීම ඔවුන්ට දෙවර්ගයේම සේවය කළ හැකිය (ගෙදර බලා ගැනීම
සහ ආධ්‍යාත්මික සේවය කිරීම). ඔබේ තත්ත්වයන් අනූව බාබා අවවාද දෙයි. ඔවුන්ට විවාහ
වීමට අවසර නැති කළ බොහෝ ප්‍රශ්න ඇති වේ. මේ නිසයි අවවාද කිරීමට පෙර බාබා බලන්නේ
ඔවුන්ගේ කර්ම ගිණුම් ගැන. කුමරුන්ට ඔහු මෙසේ කියයි ඔබට සේවය කර අසීමිත පියාගෙන් එම
සේවය තුළින්ම ඔබේ උරුමය ලබා ගත හැකිය. අනිත් පියාගෙන් ඔබ ලබන්නේ කුමක්ද? දූවිලි
පමණයි! සෑම දෙයක්ම අළු දූවිලි බවට පත්වේ. දිනෙන් දින කාලය කෙටි වේ. බොහෝ ළමුන්
හිතනවා ඔවුන්ගේ පියාගේ දේපළ ගැන නමුත් බාබා මෙසේ කියයි ඒවාගෙන් කිසිඳු උරුමයක්
නොලැබේ. ඒ සියළු දේපළ අළු බවට පත්වේ. ඔවුන් හිතන්නේ ඔවුන්ගෙන් පසු ඉතිරි වෙන අය එම
උරුමයෙන් අනුභව කරයි කියාය. පෝසතුන්ගේ ධනය විනාශ වීමට ගත වන්නේ කෙටි කාලයයි. මරණය
ඔබ ඉදිරියේ ඇත. අර උරුමය ලැබීමට කිසිවෙකුට නොහැකිය. මෙය හොඳින් පැහැදිලිව විස්තර කළ
හැකි අය ඉතා අල්පය. බොහෝ ලෙස සේවය කරන අය පමණක් ඉහළ තත්ත්වය ලබයි. ඒ නිසා, ඔවුන්ට
ගරු කළ යුතුයි. ඔවුන්ගෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. උපත් 21 කටම ඔවුන්ට ගරු කළ යුතුයි.
ඔවුන් නිරායාසයෙන්ම ඉහළ තත්ත්වයක් ලබන අතර ඔවුන් යන හැම තැනකම ගෞරවයට පාත්‍ර වේ.
ඔවුන්ම තේරුම් ගනී, ඔවුන් ලබන දේ උසස්ය කියා. ඔවුන් සතුටු වන්නේ එයිනි. අසීමිත රජ
දහන ලැබීමට නම් ඔබ අධ්‍යයනයට සහ සේවයට පූර්ණ අවධානය යෙදිය යුතුය. මෙම අධ්‍යයනය
අසීමිතය. රජදහන ස්ථාපනය වේ. ඔබ මෙහිදී අධ්‍යාපනය ලබා එහිදී කුමාරවරුන් බවට පත් වේ.
මිනිසුන් ධනය දුන් කල රජෙකුට හෝ ධනවතෙකුට දාව උපදී. කොහොම නමුත් එම සතුට තාවකාලිකය.
ඔබ මෙම අධ්‍යයනයට බොහෝ අවධානය යෙදිය යුතුය. සේවය කරන්න සැලකිලිමත් විය යුතුයි. ඔබ
ගම් වලට ගොස් සේවය කළ යුතුය. එවිට බොහෝ අයට යහපත සිදුවේ. එවැනි සේවාවන් කිරීමට තවම
කෙනෙක් නැති බව බාබා නොදනී. යහපත් චරිතයක්ද අවශ්‍යය. ඔබ සේවයට පිටුපා යග්යාවේ නාමය
කෙලෙසා ඔබට පාඩුවක් අයහපතක් නොකර ගත යුතුයි. බාබා සියල්ල පැහැදිලිව විස්තර කරයි.
පදක්කම් ආදියට බොහෝ සැලකිලි ඇත. නාටකය අනූව ඒ සඳහා කාලය ගත වේය යන්න සැබෑය. මේ
ලක්ෂ්මි නාරායන්ගේ ආලෝක පුවරුව ඉතා හොඳය. අද ඔබ දරුවන්ට බ්‍රහස්පති ලබා ඇතත්, හෙට
රාහු අපලයට හසු විය හැකියි. ඔබ නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස නාටකයේ ඔබේ කොටස දෙස බැලිය
යුතුයි. ඉහළ තත්ත්වයක් ලබන්නේ ඉතා සුළු දෙනෙක් පමණි. ඔබේ අපල දුරු විය හැකියි. එවිට
මහ පිම්මක් පැනිය හැකිය. ඔබට හොඳ ජීවිතයක් ලබා ගැනීමට උත්සාහවන්ත වන්න. නැත්නම්,
හැම චක්‍රයේම විනාශ වේ. ඔබට අපල පැමිණෙන්නේ ගිය චක්‍රයේ පැමිණිය ලෙස යැයි සිතේ.
ශ්‍රීමත් නොපිළි පැද්දොත් ඉහළ තත්ත්වයක් ලැබිය නොහැකිය. දෙව් පියාගේ ශ්‍රීමත්
සියල්ලටම වඩා උසස්ය. මෙම ලක්ෂ්මි නාරායන් පිංතූරය තේරුම් ගත හැක්කේ ඔබට පමණි. අන්
අය එය හොඳ යැයි ඔහේ කියයි. ඔබ මේ පිංතූර දකින කල ඔබේ බුද්ධියට අශරීරික ලෝකයත්,
සූක්ෂම කලාපයත්, ශාරීරික ලෝකයත් සමඟ මුළු ලෝක චක්‍රයම ඇතුල්වේ. ඔබේ උත්සාහයට අනූව
අනුපිළිවලින් ඔබ ඥානයෙන් පිරී යයි. මෙම පිංතූර දැකීමෙන් බාබා ඉතා සතුටු වෙයි. ඔබ
සිසුන් මෙසේ සතුට අත්දැකිය යුතුයි මේ අධ්‍යයනයෙන් අප ලබන්නේ මේ තත්ත්වයයි! ඔබ මෙම
අධ්‍යයනය තුළින් ඉහළ තත්ත්වයක් ලබයි. ඔබ මෙසේ නොකිය යුතුයි ඒ මගේ වාසනාවේ
ප්රමාණයනේ! ඔබට අනුහස් ලැබෙන්නේ උත්සාහයෙනි. උත්සාහය ලබාදෙන පියා ඔබට හමු වී ඇත.
ඔහුගේ උපදෙස් නොපිළිපැද්දොත් ඔබේ තත්ත්වය නරක අතට හැරේ. සියල්ලට පළමු එන අයට මේ
පදක්කම් ගැන විස්තර කරන්න. වටිනා අයට ඉන් එකක් ක්ෂණිකවම ලබා දෙන්න අවස්ථාව එයි.
ඔව් ඇයි එසේ නොවන්නේ? මෙම ආගමට අයත් අයට මෙම දුන්න වදියි. ඔවුන්ට යහපත සිදුවේ. පියා
ඔබට අතැඹුලක්සේ පැහැදිලිව තත්ත්පරයක ඇසිල්ලෙන් දෙව්ලොව ලබා දේ. ඔබ මේ ගැන බොහෝ
සතුටු විය යුතුයි. ශිවාගේ භක්තිවන්තයින්ට මෙම ඥානය දිය යුතුයි. ඔවුන්ට මෙසේ කියන්න
ශිව බාබා මෙසේ කියයි මා සිහිකිරීමෙන් ඔබ රජුන්ගෙත් රජුන් බවට පත්වේ. දවස පුරාම මෙම
සේවයම කරන්න. බරණැසේ විශේෂයෙන් ශිව කෝවිල් ඇති නිසා හොඳ සේවයක් කළ හැකියි. කවුරු හෝ
මතුවේ. එම සේවය කිරීම ඉතා පහසුයි. උත්සාහ කර බලන්න! ඔබට ආහාර ද ලැබේ. සේවය කර
බලන්න. කොහොම වුනත් එහි මධ්‍යස්ථාන ඇත. උදේම එහි ගොස් රෑට ආපසු එන්න. මධ්‍යස්ථාන
කීපයක් විවෘත කරන්න. වැඩියෙන්ම සේවය කළ හැක්කේ ශිව කෝවිල් වලයි. ශිව කෝවිල් ඉතා
උසස්ය. මුම්බායි හි බබුල්නාත්ට (කටුවල ස්වාමියා) කෝවිලක් ඇත. එහිද ගොස් මුළු දවස
සේවය කර බොහෝ අයට යහපත ලබා දෙන්න. මේ පදක්කම් හොඳටම ඇති. එය උත්සාහ කර බලන්න! බාබා
මෙසේ කියයි පදක්කම් ලක්ෂයක් නොවේ, මිලියනයක් උත්සාහ දරන්න. වැඩිහිටි අයට හොඳ
සේවයක් කළ හැකියි. බොහෝ යටත් වැසියන් හැදේ. පියා කියන්නේ මා සිහිකිරීමට කියා පමණි!
ඔබට ‘මන්මනභාව්‘ කියන වචනය අමතක වී ඇත. දෙව් පියාණෝ මෙය කියයි ක්‍රිෂ්ණා දෙවියන්
නොවේ. ඔහු උපත් 84ම ගනී. ක්‍රිෂ්ණාට එම ස්ථානය ලබා දෙන්නේ ශිව බාබාය. ඉතින් අතපත
ගාන්නේ කුමකටද? පියා මෙසේ කියයි මාව සිහිකරන්න. එපමණයි! ශිව කෝවිලේ දී ඔබට හොඳම
සේවය කළ හැකියි. සේවයේ සාර්ථකත්වය ලැබීමට නම් ජීව සත්තා අවධානය ඇතිව ස්ථීරව
සිටිමින් සේවය කරන්න. ඔබේ හදවත පිරිසිඳු නම් සියළු අභිලාශයන් සපිරේ. බාබා විශේෂයෙන්
බරණැසට උපදෙස් දෙන්නේ එහි විශ්‍රාමිකයින්ට ආශ්‍රම ද තිබෙන නිසාය. ඔවුන්ට මෙසේ
කියන්න බ්‍රහ්මිණ් වරු වන අප බ්‍රහ්මාගේ දරුවන්. බ්රහ්මා තුළින් බාබා මෙසේ කියයි
මා සිහිකිරීමෙන් පව් දුරු කර ගන්න. වෙන ක්‍රමයක් නැත. උදේ සිට රෑ වන තෙක්ම ශිව
කෝවිලේ සිට සේවය කරන්න. කර බලන්න. ශිව බාබාම මෙසේ කියයි මට බොහෝ කෝවිල් ඇත. ඔබට
කිසිවෙක් මුකුත් නොකියයි. ඒ වෙනුවට ඔබ ශිව බාබාව පසසන නිසා ඔවුන් බොහෝ සතුටු වේ.
ඔවුන්ට මෙසේ කියන්න මේ බ්රහ්මා ද බ්‍රහ්මිණ් කෙනෙකි. දේවතාවෙක් නොවේ. ඔහු
තත්ත්වයක් ලබන්නේද ශිව බාබා සිහිකිරීමෙනි. මොහු තුළින් ශිව බාබා මෙසේ කියයි මා
පමණක්ම නිරතුරුව සිහි කරන්න! එය ඉතා ලෙහෙසියි! කිසිවෙක් වැඩිහිටියන්ට අවමන් නොකරයි.
බරණැසේ මෙතෙක් හොඳ සේවයක් සිදුවී නැත. පදක්කම් සහ පිංතූර යොදාගෙන විස්තර කිරීම ඉතා
පහසුය. යමෙක් දුප්පත් නම් ඔහුට මෙසේ කියන්න අපි ඔබට මේවා දෙන්නේ අය කිරීමෙන්
නිදහස්ව නොමිලේය. යමෙක් පොහොසත් නම් මෙසේ කියන්න ඔබට යමක් දිය හැකි නම්, අපට මේවා
බොහෝ සෙයින් සාදා බොහෝ අයට යහපත කරන විට ඔබටද යහපතක් සිදු වේ. මේ ඔබේ ඉතාම හොඳ
කාර්යය වෙයි. කෙනෙක් මෙය උත්සාහ කර බැලිය යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබේ
ජීවිතයට මෙම ඥානය උකහා ගන්න, උකහාගෙන සේවය කරන්න. යහපත් චරිතයක් ඇතිව මේ සේවය බොහෝ
සෙයින් කරන අයට ගරු කරන්න.
2. ක්‍රියාවන් කරන
විට ඒ සමඟම ස්මෘතිය තුළ සිටීමට පුරුද්දක් ලෙස අභ්‍යාස කරන්න. සේවයේ සාර්ථකත්වයක්
ලබන්න නම්, ජීවාත්ම සත්තා අවධානයට පත් වී හදවතද පිරිසිඳුවෙන් තබා ගන්න.
වරදානය:
ඔබ විසඳුම්වල
ප්‍රතිමූර්තියක් වී, සියලු ගැටළු වලට සමුදීමේ උත්සවය සමරත්වා.
විසඳුම් වල
ප්‍රතිමූර්ති වන ඔය ජීවාත්මයන්ගේ ජපමාලය, ඔබගේ පරිසමාප්ත ස්ථිතියේ ඔබ ස්ථාවර වූ විට
සූදානම් වෙයි. ඔබගේ පරිසමාප්ත ස්ථිතියේ ඔබ සියලු ගැටළු අත්විදින්නේ බොළද ක්‍රීඩා
ලෙසයි, එනම්, ඒවා අවසන් වෙයි. නිදසුනක් ලෙස, දරුවෙක් ගැටළුවක් සමග බ්‍රහ්ම පියා
ඉදිරියට පැමිණි විට එම ගැටළුව ගැන කතා කිරීමට ඔහුට ධෛර්යයක් නොතිබෙයි, ඔහුට එම දේ
අමතක වෙයි. එලෙසම ඔය දරුවන්ද විසදුම් වල ප්‍රතිමූර්ති විය යුතුයි, එවිට ඔබ කල්ප
භාගයකට සියලු ගැටළු වලට සමුදීමේ උත්සවය සමරනු ඇත. ලෝකයේ සියලුම ගැටළු වලට විසඳුම
පරිවර්තනයයි.
පාඨය:
මෙම දැනුම
නිරන්තරයෙන් මතගාන අය, මායා ගේ ආකර්ෂණ වලින් ආරක්ෂිතව සිටියි.
ඔබගේ බලවත් මනසින්
සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.
සැමට යහපත සළසන
උපකරණයන්, ඔබ වන නිසා, ඔබේ ද්විත්ව ආලෝක සුරදූත ස්වරූපයෙහි ස්ථාවරව, නොබැදි
නිරීක්ෂකයෙකුව සිට සියලු චරිත කොටස් නිරීක්ෂණය කරමින් සකාෂ් ලබා දෙන්න, එනම්,
සහයෝගය ලබා දෙන්න. සකාෂ් ලබා දීම ඔබේ වගකීම වන නමුත් උසස් මනෝ ස්ථිතියක හිදිමින් ඔබ
සකාෂ් ලබා දිය යුතුය. වචන වලින් සේවය කිරීමත් සමඟම ඔබේ මනසේ සුබ පැතුම් වල
ආකල්පයකින් යුතුව සකාෂ් ලබා දීමේ සේවය ද සිදුකරන්න.