03.03.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙම අසීමිත නාටකය ඔබගේ අවධානයෙහි නිරතුරුව තබාගන්න. එවිට ඔබට අසීමිත සතුටක්
දැනේ. මෙම නාටකයේ වැඩි වශයෙන් වන්දනාමානයට පාත්‍ර වන්නේ හොඳ උත්සාහ දරන්නන්, ඉතා
විශේෂිත වූ දරුවන්ය.
ප්‍රශ්නය:
මෙම ලෝකයේ ඇති
සෑම ආකාරයකම දුකකින් ඔබ මිදෙන්නේ කුමන ආකාරයක අවධානයක් තිබීමෙන් ද?
පිළිතුර:
ඔබ දැන්, අනාගත නව ලොවට යන බව නිතරම සිහි තබාගන්න. අනාගත සතුට රඳවා ගැනීමෙන් ඔබගේ
සෑම දුකක්ම අමතක වේ. මෙම බාධක වලින් යුත් ලොවෙහි බාධක ඇති වේ, එහෙත් මෙම ලොවෙහි ඔබ
සිටින්නේ තව දින කිහිපයක් පමණක් බව සිහිපත් කිරීමෙන් ඔබට සතුටින් සිටීමට හැකිවෙයි.
ගීතය:
අවදිවන්න!
මනාලියනේ අවදිවන්න! අළුත් දවස උදාවීමට ඉතා ආසන්නයි ...
ඕම් ශාන්ති.
මෙම ගීතය
ඉතාමත් හොඳයි. මෙම ගිතයට සවන් දෙන විට මුල සිටම උපත් 84 රේ සියලු රහස් තම බුද්ධියට
නැඟේ. ඔබ ඉහළ සිට පහළට එනම් මෙහි පැමිණෙන විට සූක්ෂම දේශය හරහා නොපැමිණෙන බව ඔය
දරුවන්ට පැහැදිලි කර දී ඇත. එහෙත් ඔබ දැන් එහි ආපසු යා යුත්තේ සූක්ෂම දේශය හරහයි.
මෙම කාලයේදී පමණයි බාබා ඔබට සූක්ෂ්ම දේශය පෙන්වන්නේ. දැනුමේ මෙම කාරණා පිළිබදව
ස්වර්ණමය සහ රිදි යුගයන්හිදී නොදන්නා අතර මෙම පිංතූර කිසිවක්ද නොමැත. භක්ති මාර්ගයේ
පිංතූර බොහෝ ඇත. දෙවි දේවතාවරු ආදින් බොහෝ වන්දනාමානයට පාත්‍ර වෙති. දුර්ගා, කාලි
සහ සරස්වති යනු එක් අයෙක් පමණක් වුවත් ඇයට විවිධ නම් ලබාදි ඇත. හොඳ උත්සාහ දරන්නන්,
ඉතා විශේෂිත වු අය වැඩිපුරම වන්දනාමානයට පාත්‍ර වෙති. ඔබ දන්නවා වන්දනාමානයට පාත්‍ර
වුවන්ව සිට, වන්දනාකරුවන් බවට පත්වී ඔබ බාබාව සහ තමන්ව වන්දනා කිරීම ආරම්භ කළ බව.
මොහු (බ්‍රහ්ම බාබා) නාරායන් හට වන්දනාමාන කළේය. මෙය සුන්දර නාටකයකි. නාටකයක්
දැකිමෙන් ප්‍රීතිමත් වන අයුරින්ම, මෙයද අසිමිත නාටකයකි. මෙය කිසිවෙකු නොදනී. නාටකයේ
සියලුම රහස් ඔබගේ බුද්ධියේ දැන් ඇත. ලොවෙහි බොහෝ දුක් ඇත. මෙලොව ඔබට ඉන්නට ඇත්තේ තව
දින කිහිපයක් පමණක් බවත් ඉන්පසු ඔබ නව ලොවට යන බවත් ඔබ දන්නවා. අනාගත සතුට රඳවා
ගන්නා විට වර්තමානයේ දුක නැති වේ. ‘බාබා, අපට බොහෝ බාධක ඇති වී අලාභ ඇති විය‘ යයි
බොහෝ දෙනෙක් ලියති‘ ඔබ ඉදිරියට කෙතරම් බාධක පැමුණුනත්, අද ඔබ කෝටිපතියෙකුව සිට හෙට
බංකොලොත් භාවයට පත් වුවත්, අනාගත සතුටෙහි ඔබ සිටිය යුතු බව පියා පවසයි. මෙය රාවණ්
ගේ රාක්ෂක ලොවයි. ඔබ ඇවිදින සහ එහෙ මෙහෙ යන එන අතර තුර එක් බාධකයක් හෝ තවෙකක්
පැමිණෙයි. මෙම ලොවට ඉතිරිව ඇත්තේ තව දින කිහිපයක් පමණයි. එවට අපි අසිමිත ප්‍රීතිමත්
ලොවට යයි. ඊයේ අපි විරූපීව සහ ගැමි දරුවන්ව සිටි බව බාබා කියයි. පියා දැන් අපට
දැනුම ලබා දී සුරූපී කරයි. ඔබ දන්නවා පියා, බීජය, සත්‍යය සහ සජීවී ජීවය බව. ඔහුට
උත්තරීතර ජීවය යයි කියයි. ඔහු වෙසෙන්නේ ඉහළම වාසස්ථානයේය. ඔහු පුනරුත්පත්ති චක්‍රයට
ඇතුලත් නොවේ. අප සැවොම පුනරුත්පත්ති චක්‍රයට ඇතුලත් වන අතර ඔහු අතිරේකව සිටී. ඔහු
චක්‍රය අවසානයේදී පැමිණ සියලු දෙනාටම විමුක්තිය ලබා දිය යුතුයි. භක්ති මාර්ගයෙහිදී,
උත්පත්තියෙන් උත්පත්තියට ඔබ මෙසේ ගැයුහ බාබා, ඔබ පැමිණි විට අප ඔබහට හිමි වෙමු.
බාබා පමණයි මට හිමි, අන් කිසිවෙකු නොවේ. අප යන්නේ බාබාත් සමඟ පමණයි. මෙය දුක්ඛිත
ලෝකයයි. භාරතය එතරම් දුප්පත්ය! පියා පවසන්නේ මම භාරතය ඉතා ධනවත් කළ අතර රාවණ්
ඉන්පසු එය අපාය බවට පත් කළේය. ඔය දරුවන් දැන් ඉදගෙන ඉන්නේ ඍජුවම පියා ඉදිරියේය.
බොහෝ දෙන තම පවුල් සමඟින් නිවෙස් වල වෙසෙති. සෑම කෙනෙකුටම මෙහි ඉදගෙන සිටිය නොහැක.
තම පවුල් සමඟින් නිවසෙහි හිදින්න. ඔබට වර්ණවත් ඇඳුම් පැළදිය හැක. සුදු ඇඳුම් අඳින්න
යයි ඔබට කියන්නේ කවුද? බාබා මෙය කිසිවිටෙක කිසිවෙකු හට කියා නැත. සුදු ඇඳුම්
අදින්නේ ඔබ වර්ණවත් ඇඳුම් වලට අකමැති නිසයි. ඔබ මෙහි සිටින විට සුදු ඇඳුම් ඇන්දත්,
වර්ණවත් ඇඳුම් අඳින්නන් හට, ඔය ඇඳුමින් වුවද බොහෝ දෙනෙකුට යහපතක් සිදු කළ හැක.
දෙවියන් අපට පිවිතූරු වීමට කියන බව කාන්තාවන් ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්හට පැහැදිලි
කිරීමට තැත් කරයි. දේවතාවරුන් පාරිශුද්ධ වු නිසයි මිනිසුන් ඔවුන්ගේ ප්‍රතිරූප වලට
නමස්කාර කරන්නේ. පාරිශුද්ධ වීම ඉතා හොඳයි. දැන් ලොවෙහි අවසානය බව ඔබ දන්නවා. සියලු
මුදලින් ඔබ කුමක් කරන්නද? මංකොල්ලකෑම් විශාල ලෙස සිදුවේ! අල්ලස් ගැනිම් විශාල ලෙස
සිදුවේ! ‘සමහරුන්ගේ ධනය වැළලි තිබෙයි‘, සමහරුන්ගේ ධනය සොරුන් ගනි එහෙත් දෙවියන්ගේ
නමින් තම ධනය වියදම් කරන්නන්ගේ ධනය පමණක් වටිනා ලෙස භාවිතා වෙයි‘ යන කියමන අදාල
වන්නේ මෙම කාලයටයි. දෙවියන් දැන් ඔබ ඉදිරියේ සිටියි. නුවණැති දරුවන් සෑම දෙයක්ම
දෙවියන්ගේ නාමයෙන් ප්‍රදානය කොට එය වටිනා අන්දමින් වියදම් කරයි. මනුෂ්‍යයින්
අපවිත්‍ර මනුෂ්‍යයින් හට දන් දෙයි. මෙහි පාරිශුද්ධ පුණ්‍යවන්ත ජීවීන්ගෙන් ප්‍රදාන
භාරගනු ලැබේ. ඔබට බ්‍රහ්මිණ්වරුන් සමඟ හැර වෙනත් අය සමඟ ඛිසිදු සම්බන්ධකමක් නොමැත.
ඔබ පාරිශුද්ධ පුණ්‍යවන්ත ජීවීන්ය ඔබ පාරිශුද්ධ පුණ්‍යයවන්ත ක්‍රියාවන් පමණක් සිදු
කරයි. ගොඩනගා ඇති මෙම ගොඩනැගිලි වල සිටින්නේ ඔබ පමණයි. පාපයන් පිලිබද ගැටලුවක්
නොමැත. ඔබට කොපමණ මුදල් තිබේද හය එය වැය කරන්නේ භාරතය දෙවිලොව බවට පත් කිරීමටයි.
ඔබලා සමහරෙක් ආහාර ගැනිම පවා අතහැර ‘බාබා ඒ වෙනුවට මාලිගාවක් ලබා ගැනිමට හැකි වන සේ
මගේ නමින් මෙම ගොඩනැගිල්ලට එක ගඩොලක් තබන්න‘ යයි කියයි. එම දරුවන් එතරම්
නුවණක්කාරයි! ගල් වෙනුවට ඔබට රත්තරං ලැබෙයි. ඉතාමත් කෙටි කාලයයි තව ඉතිරිව ඇත්තේ.
ඔබ බොහෝ සේ සේවය කරයි! මේලා සහ ප්‍රදර්ශන පැවැත්වීම වැඩිවෙමින් පවති. ඔය දුවරුන් කළ
යුත්තේ තව දක්ෂ වීම පමණයි. ඔබගෙන් සමහරෙකු පියාට අයත් නොවේ ඔබ තවමත් බැදිම් අතහැර
නැත.‘ මා ඔබව දිව්‍ය ලෝකයට යැවූහ‘ යයි පියා කියයි. දැන් නැවත වතාවක් දෙවිලොව යෑම
සදහා මා ඔබව සූදානම් කරමින් සිටියි. ඔබ ශ්‍රීමත් අනුගමනය කළහොත් උසස් තත්වයකට
හිමිකම් ලබයි. අන් කිසිවෙකු හට මෙවැනි දේ කිව නොහැක. අශරීරික ලොවට හා සුක්ෂ්ම ලොවට
අමතරව මුලු ලෝක චක්‍රයම ඔබගේ බුද්ධිය තුළ ඇත. ‘දරුවනේ ස්වදර්ශන් චක්‍රය බ්‍රමණය
කරන්නන් බවට පත්වී අන් අයට පැහැදිලි කරදිම දිගින් දිගටම සිදුකරන්න‘ යයි පියා කියයි.
මෙය කුමන අන්දමේ ව්‍යාපාරයක් දැයි බලන්න! තම තමන් දෙවිලොව ධනවත් අධිපතින් බවට පත්වන
බැවින් අන් අයවත් එවැනිම අය බවට පත් කළ යුතුයි. ඔබගේ බුද්ධය තුළ තිබිය යුතු එකම දේ
වන්නේ අන් අයට මාර්ගය පෙන්වන්නේ කෙසේද යනුවෙනි. නාටකයට අනුව, පසු කළ කුමත් වුවත් එය
නාටකයයි. මොහොතින් මොහොත සිදුවන සෑම සිදුවීමක්ම නොබැදි නිරීක‍්ෂකයන් ලෙසින් අපි
නිරීක‍්ෂණය කරමු. දිව්‍යමය ද්‍රිෂ්ඨී මඟින් පියා ඔය දරුවන් හට දර්ශන ලබා දෙයි. ඔබ
දියුණුවත්ම ඔබට බොහෝ දර්ශන ලැබේ. මිනිසුන් දුකින් හඩා වැටෙයි, එනමුදු ඔය දරුවන්
සතුටින් අත්පොළසන් නගනු ඇත. අප මනුෂ්‍යයින්ව සිට දෙවි දේවතාවරුන් බවට පත් වන බැවින්
අපට නව ලොවක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. විනාශය නියම වී ඇත්තේ මේ සදහයි. මෙය හොඳ
දෙයකි. එකිනෙකා අතර සටන් ඇති නොකොට, ඔවුන් අතර සාමය තිබිය යුතු බව මිනිසුන් විශ්වාස
කළත්, මේ සෑම සටනක්ම නාටකයේ නියම වී ඇත. රිලවුන් දෙදෙනා එකිනෙකා සමඟ සටන් වදින අතර
තුන්වැන්නා ඔවුන් අතර ඇති බටර් ලබා ගනි. එබැවින් පියා දැන් පවසන්නේ පියා වන මා
ස්මරණය කර, අන් සියලු දෙනාහටත් මාර්ගය පෙන්වන්න. සරලව ජීවිකාව ගෙන යන්න, සරල ආහාර
කන්න. විටෙක ඔබට ඉතා හොඳ සැලකුම් ලැබේ. ඔබ කෑම කන නිදන් ගබඩාව ගැන ඔබ මෙසේ කියයි.
‘බාබා මේ සෑම දෙයක්ම ඔබේය.‘එය භාරකරුවෙකු සේ රැක බලාගන්න‘ යයි පියා කියයි. ‘බාබා මේ
සෑම දෙයක්ම ඔබ විසින් ලබා දී ඇත.‘ භක්ති මාර්ගයේ මෙය නිකමට මෙන් කියයි. දැන් මම ඔබට
භාරකරුවෙකු වන්නට කියමි.මම දැන් පුද්ගලිකවම ඔබ ඉදිරියේ සිටීමි. මමත් භාරකරුවා වී
ඔබවත් භාරකරුවන් බවට පත් තරන්නෙමි.ඕනෑම දෙයක් කිරීමට පෙර අහන්න. බාබා සෑම දෙයක්
පිලිබදව දිගින් දිගටම අවවාද ලබා දෙයි. ‘බාබා මම නිවසක් සදන්නද? මා මෙය කරන්නද?‘
බාබා කියයි ‘ඔව් එය කරන්නලනමුත් ඔබ පාපි ජීවීන්හට කිසිදෙයක් නොදිය යුතුයි. ඔබගේ
දියණියට දැනුමේ මාවත අනුගමනය නොකොට විවාහ වීමට උවමනා නම් කුමක් කරන්නද? ඔබට
අපවිත්‍ර වන්නට උවමනා වන්නේ මන්ද? යයි පියා අසයි. එහෙත් එය ඔවුන්ගේ භාග්‍යයේ නොමැති
නම් ඔවුන් අපවිත්‍ර වෙයි. මෙය විවිධාකාරයි. කෙනෙක් පාරිශුද්ධව සිටියත්, මායා එම
ජීවීන්ගේ මුහුණට පහරක් ගැසු විට එම ජීවියා ඉතා නරක් වෙයි. මායා ඉතා බලසම්පන්නයි.
කෙනෙක් රාගයේ බලපෑමට යටත් වු විට එය නාටකයට අනුව සිදුවිය යයි කිව යුතුව ඇත. මෙතෙක්
සිදුවු සෑම සිදුවීමක්ම පසු ගිය චක්‍රයේද සිදු විය. එය අලුත් දෙයක් නොවේ! අප මෙම
යහපත් කාර්ය සිදු කරමින් යන විට බොහෝ දෙන එයට බාධක පමුණුවයි. මෙය අලුත් දෙයක්
නොවේයි! අපි අනිවාර්යයෙන්ම අපගේ ශරීර, මනස හා ධනයෙන් භාරතය දිව්‍ය ලෝකය බවට පත් කළ
යුතුයි. අපි පියාට සෑම දෙයක්ම පරිත්‍යාග කරන්නෙම. ඔය දරුවන් දන්නවා ඔබ ශ්‍රීමත්
අනුව අධ්‍යාත්මිකව භාරතයට සේවය කරනා බව. ඔබ නැවත වතාවක් ඔබගේ රාජ්‍යය ස්ථාපනය කරන
බව ඔබගේ බුද්ධියේ ඇත. මිනිසුන් හට සදාකාලික නිරෝගිමත්භාවය හා ධනවත් විය හැකි
අධ්‍යාත්මික රෝහලක්-හා-විශ්වවිද්‍යාලයක්, වර්ග අඩි 3 ක බිම් ප්‍රමාණයක විවෘත කරන්න
යයි පියා පවසයි. එහෙත් කිසි කෙනෙක් වර්ග අඩි 3 ක බිම් ප්‍රමාණයක් වත් දෙන්නේ නැත!
බ්‍රහ්ම කුමරියන් මන්තර බලයෙන් ඔබව සහෝදර සහෝදරියන් බවට පත් කරයි යයි ඔවුන් කියයි.
මෙය නාටකයේ ඔබ හට නිර්මාණය වී ඇති ඉතා හොඳ ක්‍රමයකි. සහෝදර සහෝදරියන් හට එකිනෙකා
අතර නරක ද්‍රිෂ්ඨීයක් තිබිය නොහැක. මේ දින වල ලෝකයේ අසන්නට වත් නොහැකි තරම් කිලිටි
දේ බොහෝ තිබේ. පියා තුළ සානුකම්පිත හැගිම් ඇතිවන අයුරින්ම ඔය දරුවන් තුළද
සානුකම්පිත හැගිම් ඇති විය යුතුයි. පියා, නරකාදිය, දිව්‍ය ලෝකය බවට පත් කරන
අයුරින්ම, ඔය අනුකම්පා හැගිම් වලින් පිරුණු දරුවන් පියා ගේ ආධාරකරුවන් විය යුතුයි.
ඔබට ධනය තිබේ නම්, රෝහලක් - හා - විශ්ව විද්‍යාලයක් විවෘත කරන්න. මේ සඳහා අමතර
වියදමක් පිලිබඳ ගැටලුවක් නැත. මෙම පිංතූර පමණක් එහි තබන්න. පසුගිය චක්‍රයේ දී දැනුම
ලබාගත් අයගේ බුද්ධි වල අගුල් විවෘත වේ ඔවුන් දිගටම පැමිණෙයි. බොහෝ දරුවන් බොහෝ ඈත
සිට ඉගෙනීම සඳහා පැමිණෙයි. සමහර දරුවන් රාත්‍රී කාලයේදී තම ගම් වලින් පිටත්ව පසු
දින උදෑසන තම මධ්‍යස්ථාන කරා ළඟා වෙනු බාබා දැක තිබේ. ඔවුන් පසුම්බි පුරවාගෙන ආපසු
නිවෙස් බලා යති. කිසිවෙකු, ඇහුම් කන් දෙන සියලු දේ ඉවතට වැටෙන ආකාරයේ පසුම්බි නොවිය
යුතුයි. කුමන ආකාරයේ තනවයක් ඔබට හිමිවේද? අසිමිත පියා ඔබහට ඉගැන්වීම් ලබා දෙන්නේ
අසිමිත උරුමය ලබා දිමට බැවින් ඔය දරුවන් බොහෝ සතුටුවිය යුතුයි. දැනුම ඉතා පහසුයි!
සම්පූර්ණයෙන්ම ගල් වැනි වූ බුද්ධි ඇති අය දිව්‍යමය බුද්ධි සහිත අය බවට පත් කළ යුතු
බව පියාට වැටහේ. පියාට බොහෝ සතුට ඇත. එය නොපෙනේ එමෙන්ම දැනුමද නොපෙනේ. මමා සහ බාබා
ලක්ෂ්මි සහ නාරායන් වේ, ඉතිං ඔබ ඊට අඩු විය යුතුද? ‘මමද සේවය කරන්නෙමි. එබැවින් ඔබ
යෝගා බලයෙන් තම රාජ්‍යය සථාපනය කිරීමේ කුල්මත්භාවයේ සිටිය යුතුයි. ඔබ දැන් දිව්‍ය
ලෝකයේ අධිපතින් බවට පත් වෙමින් සිටියි. මෙම දැනුම මෙහි ඉතිරි වන්නේ නැත. මෙම දැනුම
වර්තමාන කාලයටයි. අච්චා
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. නුවණක්කාර
වී පියාගේ නාමයෙන් භාවිත කොට සෑම දෙයකටම වටිනාකමක් ලබා දෙන්න. අපවිත්‍ර අයට
ප්‍රදානයන් නොකරන්න. බ්‍රහ්මිණ්වරුන් සමඟ හැර අන් අය සමඟ සම්බන්ධකම් නොපවත්වන්න.
2. තම බුද්ධිය නම් වු
පසුම්බියේ, දැනුම ඉවතට වැටෙන ආකාරයේ හිල් නොමැති බව ස්ථිර කරගන්න. ඔබගේ අසීමිත
උරුමය ලබාදිම උදෙසා අසිමිත පියා ඔබට උගන්වයි. මෙම නොපෙනෙන සතුටේ රැඳෙන්න. පියා මෙන්
සානුකම්පිත වන්න.
වරදානය:
ඔබ
පරිසමාප්තිය සහ අංග සම්පූර්ණත්වය තුළින් තෘප්තිය අත්විද, නිරන්තරයෙන් සතුටින් සහ
ජයග්‍රාහීව සිටිත්වා.
සියලු සම්පත් වලින්
පිරිපුන් අය නිරන්තරයෙන් තෘප්තිමත්ය. තෘප්තිය යනු පිරිපුන් බවයි. පරම පියා පිරිපුන්
වන බැවින් ඔහුගේ වර්ණනාවක් ලෙසින් ඔහු සාගරය ලෙස හදුන්වයි. ඒ අන්දමින්ම, ඔය දරුවන්ද
මාස්ටර් සාගර වෙයි, එනම්, ඔබ පිරිපුන් වී නිරන්තරයෙන් නොකඩවා සතුටින් නර්ථනය කරයි.
ඔබ තුළ සතුට හැර වෙනත් දෙයක් තිබිය නොහැක. ඔබම පිරිපුන් බැවින් කිසිවෙක් ඔබට කරදර
නොකරයි. ඕනෑම අන්දමක ව්‍යාකූලත්වයක් හෝ බාධකයක් ඔබ ක්‍රීඩාවක් ලෙස අත්විදින අතර,
ප්‍රශ්නයක් විනෝදයක් ලබන්නට මගක් වෙයි. ඔබගේ බුද්ධිය තුළ විශ්වාසය තිබීම නිසා ඔබ
නිරන්තරයෙන් සතුටින් සිට ජය ලබයි.
පාඨය:
සංවේදි
සිදුවීම් ගැන බිය නොවන්න, ඒවාගෙන් ඉගෙනගෙන තමන්ව පරිණත කරගන්න.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.
යමක් සත්‍යයක් බව
බලෙන් ඔප්පු කිරීමට තැත් කරන අය තුළ එතරම් අවංක නොවන දෙයක් අනිවාර්යෙන් මුසුව තිබේ.
බොහෝ දරුවන්ගේ භාෂාව කෙබදු වී තිබේද යත්, ඔවුන් මෙසේ කියයි: මා කියන්නේ සැබැවින්ම
අවංක සත්‍යයයි. මා පවසන්නේ 100% ඇත්තක්. කෙසේවෙතත්, සත්‍යය ඔප්පු කිරීමට
අවශ්‍යතාවයක් නොතිබිය යුතුයි. සත්‍යය සූර්යයා මෙනි; එය සැගවිය නොහැක. ඔබ ඉදිරියේ
කෙතරම් තිර දැමුවත්, ඔබගේ සත්‍යයේ ආලෝකය සැගවිය නොහැක. සදාචාරය මත පදනම් වූ වචන සහ
හැසිරීම නියත වශයෙන්ම සාර්ථකත්වය ගෙන දෙයි.
මාතේශ්වරීජීගේ අමිල,
ශ්‍රේෂ්ඨ වදන්
ගුරූ, ගුරුවරයා සහ
පියා ස්වරූපයෙන්, පරමාත්ම දෙවියන්, විවිධ සබැදියාවල උරුමය ලබා දෙයි.
බලන්න පරමාත්ම
දෙවියන් ස්වරූප 3ක් ගෙන, අපට උරුමය ලබා දෙයි. ඔහු අපගේ පියා, ගුරුවරයා මෙන්ම
සත්ගුරූය. පියා ලෙසින් අපට පියාගේ සම්බන්ධකම තිබේ, ගුරුවරයා ලෙස, අපට ගුරුවරයාගේ
සම්බන්ධතාවය තිබේ, එමෙන්ම ගුරූ සමග අපට ගුරූගේ සම්බන්ධකම තිබේ. ඔබ පියාගෙන් තමන්ව
දික්කසාද කරන්නේ නම්, ඔබට උරුමය හිමි වන්නේ කෙසේද? ඔබ සමත් වෙලා ගුරුවරයාගෙන්
සහතිකයක් ලැබූ විටයි, ඔබට ගුරුවරයාගේ ආධාරය ලැබෙන්නේ. ඔබ පියාගේ විශ්වාසනීය සහ
කීකරු දරුවෙක් වන නමුත් ඔහුගේ උපදෙස් පිළිපදින්නේ නැත්නම්, එවිට අනාගතය වෙනුවෙන් ඔබ
තමන්ට ප්‍රතිලාභයක් නිර්මාණය කරගන්නේ නැහැ. එවිට ඔබට සම්පූර්ණ විමුක්තිය හිමි
කරගැනීමට නොහැකි වන අතර පාරිශුද්ධත්වයේ උරුමයත් ඔබට පියාගෙන් හිමි කරගැනීමට නොහැකි
වෙයි. පරමාත්ම දෙවියන්ගේ පොරොන්දුව වන්නේ : ඔබ තීව්‍ර උත්සාහයේ යෙදුනොත් මා ඔබට සිය
ගුණයක ප්‍රතිලාභයක් ලබා දෙනවා. මෙය නිකම් කට වචනයක් පමණක් නොවෙයි, නමුත් ඔහු සමග
ඔබට ගැඹුරු සබැදියාවක් තිබිය යුතුයි. ඔහු අර්ජුනාට මෙම උපදෙස ලබා දුන්නා : සියලු
දෙනා මරා දමන්න, නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. පරමාත්ම දෙවියන්, සියලු බල ඇති
ඒකායන කෙනාය, සර්ව බලධාරියා, සියලු ශක්තීන් ඇති කෙනාය. එබැවින් ඔහු නියත වශයෙන්ම
ඔහුගේ පොරොන්දුව ඉටු කරයි. කෙසේවෙතත්, එය සිදුවන්නේ ඔය දරුවන්ද ඔබගේ වගකීම ඔහු
වෙනුවෙන් ඉටු කරන විටයි, සියලු දෙනාගෙන් ඔබගේ බුද්ධියේ යෝගාව බිද දමා, ඒකායන
පරමාත්ම දෙවියන්ට තමන්ව සම්බන්ධ කළ විටයි. ඔහුගෙන් ඔබගේ සම්පූර්ණ උරුමය හිමි
කරගැනීමට හැකි වන්නේ එවිට පමණයි. ඕම් ශාන්ති.