03.05.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අධිරාජ්‍යයේ තිලකය දිනා ගැනීමට සුදුස්සෙකු බවට පත් වන්න. වැඩි වැඩියෙන්ඉගෙනගත් තරමට ඔබ වැඩි වැඩියෙන් ශ්‍රීමත් පිළිපදීවි,ඒ තරමටම ඔබට අධිරාජ්‍යයේ තිලකය දදිනා ගැනීමට හැකි වේවි.

ප්‍රශ්නය:
රාවණ පිළිබඳ හැඟීම අමතකව යාමට නම් ඔබ විසින් පවත්වා ගත යුතු අවධානය කුමක්ද?

පිළිතුර:
තමන් ස්ත්‍රියකුත් නොවෙයි පුරුෂයකුත් නොවෙයි නමුත් ජීවාත්ම සත්ථාවක්ය යන අවධානයත් තමකණිෂ්ඨ පියා(බ්‍රහ්මා) හරහා තමුන් ජ්‍යෙෂ්ඨ පියා (ශිව් බාබා)ගෙන් උරුමය දිනා ගනිමින් සිටිනවාය යන සිහියේ සෑම විටමසිටින්න.මෙම අවධානය රාවණගේ යක්ෂ ගති වලින් ඔබව මුදවාලනු ඇත.තමන් සෑම කෙනෙක්ම එකමඑක පරමාත්ම පියාගේ දරුවන්ය යන හැඟීම ඇති විට යක්ෂ දේ පිළිබඳව ඇතිවන අවධානයන්සියල්ල අවසන් වී යනු ඇත.මෙය පාරිශුද්ධව සිටීමට ඉතාමත් හොඳ ක්‍රමයකි.කෙසේවෙතත්,මේසඳහා දැඩි උත්සාහයක් දැරිය යුතුයි.

ගීතය:
ඔබ සොයා ගැනීමෙන් අප සියල්ල ලබා සිටිමි;මහ පොළොවත් ඉහළ අහසත් සියල්ල අයිති අපටයි.

ඕම් ශාන්ති.
අධ්‍යාත්මිකපියා මෙහි සිටින ඔය ආධ්‍යාත්මිකදරුවන්ට කරුණු පහදා දෙනවා.සෑම කෙනෙක්ම නළල මධ්‍යයේ තිලකයක් තබනා ආකාරය බලන්න.ඒ පළමුවෙන්ම ජීවාත්මය එතැන පිහිටන නිසාත් ඒ වගේමඅධිරාජ්‍යයකතිලකය පළඳන්නේ එහි වන නිසාත්ය;කෙසේවෙතත්, ඉන් සංකේතවත් වන්නේ ජීවාත්ම සත්ථාවයි.ඔය ජීවාත්මයන් දැන් තම දෙව්ලොව උරුමය පරමාත්ම පියාගෙන් දිනා ගැනීමේ උවමනාවෙන් සිටිනවා;ලෝක අධිරාජ්‍යයේ තිලකය ඔබට අවශ්‍යයි.ඔබලා සූර්ය වාංශික හා චන්ද්‍ර වාංශික අධිරාජ්‍යවරුන්, වරියන් වීමට ඉගෙනගනිමින් සිටිනවා.ඉගෙන ගන්නවා යනු ස්වාධිපත්‍යයේතිලකය ලබාගැනීමටයි.ඔබ මෙහි පැමිණ සිටින්නේ ඉගෙන ගැනීමටයි.මෙහි සිටිනා ජීවාත්මයන් කියනවා:බාබා,අපි අනිවාර්යෙන්ම අපගේ ලෝක අධිරාජ්‍යය දිනා ගනිමු.ඔබ සෑම කෙනෙක්ම තම තමන් වෙනුවෙන් උත්සාහය දැරිය යුතුයි.දරුවන් කියනවා:“බාබා, අපි සුදුස්සන් බවට පත්වී ඔබට පෙන්වන්නම්.අප යන ගමන පිළිබඳ හොඳ නිරීක්ෂණයකින් ඔබට සිටිය හැකියි.රාජ්‍යයේ තිලකය දීමට අප සුදුසු ද නැද්ද කියා ඔබට කිව හැකියි”.තමන් කොතෙක් දුරට සුදුස්සන් වී සිටිනවාදැයි කියා ඔය දරුවන් පියාට පෙන්විය යුතුයි.“බාබා,අපි අනිවාර්යෙන්ම ඔබගේ නම කීර්තිමත් කරන්නම්.අපි ඔබගේ සහායකයින් වන්නම්.ඔබගේ උදව්කරුවන් වන්නම්.පසුව භාරතයේ අපේම රාජ්‍යය අපි පාලනය කරන්නම්”.භාරතවාසීන් මෙය ඔවුන්ගේ රාජ්‍යයි කියා කියනවා.කෙසේවෙතත්,තමන් දැන් සිටින්නේ විෂ ගංගාවක කියා ඒ දුප්පතුන් දන්නේ නැහැ.තවම අපගේ රාජ්‍යය පැමිණ නැහැ.මේ වන විට ජීවාත්ම සෑම කෙනෙක්ම සිටින්නේ උඩු යටිකුරු වෙලයි.ප්‍රමාණවත් තරමින් කන්නවත් දෙයක් නැහැ.එවන් තත්ත්වයකට භාරතය පත්වුණු විට බාබා කියනවා :මගේ දරුවන් හරිහැටි යමක් කෑමටවත් නැතිවයි සිටින්නේ.ඒ නිසා මා ගිහින් ඔවුන්ට රාජයෝගාව ඉගැන්විය යුතුයි කියා.පරමාත්ම පියා රාජයෝගාව ඉගැන්වීමට පැමිණෙනවා.ඔබ අසීමිත පියාව සිහි කළ යුතුයි.ඔහු නව ලෝකයේ පාලකයායි.පරමාත්ම පියා පාරිශුද්ධකරු සේම ඥාන සාගරයත් වෙනවා.මෙය ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙකුගේ සිහියේ නැහැ.ඥාන සාගරය හා සතුටේ සාගරය වන්නේ සැබැවින්ම අපේ බාබායි කියා දන්නේ ඔය දරුවන් පමණයි.ක්‍රිෂ්ණාගේ ගුණ වර්ණනාව ඔහුගේ ගුණවර්ණනාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ජනාධිපතිවරයෙකු වර්ණනා කරන ආකාරය අගමැතිවරයෙකු වර්ණනා කරනා ආකාරයට වඩා වෙනස් පරමාත්ම පියා කියනවා :මෙම නාටකයේ ඉතාමත් උසස්ම චරිත කොටස මට ලැබී තිබෙනවා.මෙම නාටකය කෙතරම් නම් අසීමිත ද එය කෙතරම් කාලයක් පුරා පවතිනවාදැයි කියා එහි නළුවන් අවබෝධ කර ගත යුතුයි.මෙම කරුණ ගැන ඔවුන් දන්නේ නැතිනම් ඔවුන් අඥානයිනුයි.කෙසේවෙතත්,කිසිම කෙනෙක්ට මෙය තේරෙන්නේ නැහැ.මිනිසුන් දැන් පත්වී ඇති තත්ත්වය කුමක්ද?ඔවුන් සිටියේ කොයි ආකාරයෙන්ද යන දෙක අතර වෙනස පරමාත්ම පියා දැන් පැමිණ පැහැදිලි කර කියා දෙනවා.ඔබට දැන් මෙය අවබෝධ කර ගත හැකියි.ඔබ උපත්84ක් ගන්නේ කෙසේදැයි යන්න මිනිසුන්ට තේරෙන්නේම නැහැ.භාරතය කෙතරම් දුරට උසස්ව තිබුණාදැයි කියා පෙන්වන පින්තූර තිබෙනවා.සෝමනාථ දේවාලයෙන් මහා විශාල ධනස්කන්ධයක් පැහැර ගත්තා.එහි එතරම් ධනයක් තිබුණා.ඔය දරුවන් දැන් මෙහි පැමිණ සිටින්නේ අසීමිත පියාව මුණ ගැසීමටයි.තමන් මෙහි පැමිණ සිටින්නේ ශ්‍රීමත් අනුගමනය කර තම අධිරාජ්‍යයේ තිලකය දිනා ගැනීමටයි කියා ඔය දරුවන් දැන් දන්නවා.පරමාත්ම පියා කියනවා:ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ විය යුතුයි.උපතක් උපතක් පාසා විෂ ගංගාවේ සිර වෙවී සිට ඔබට තෙහෙට්ටු වී නැද්ද?මම පව්කාරයෙක්.කිසිඳු ගුණයක් නැත්තෙක්.මට කිසිම ගුණධර්මයක් නැහැ.යම් කාලෙක ඔවුන්ට අනිවාර්යෙන්ම ගුණධර්ම තිබෙන්න ඇති.නමුත් දැන් නැහැ.ලෝක පාලකවරුන්ව සිටි ඔබලා සියලුම ගුණධර්මයන්ගෙන් පිරී සිටි බව ඔබලාට දැන් තේරෙනවා.දැන් ඔබ ළඟ කිසිම ගුණධර්මයක් නැහැ.පරමාත්ම පියාත් මේ සියල්ල පහදා දෙනවා.දරුවන්ව නිර්මාණය කරන්නේ පරමාත්ම පියායි.එමනිසා, පරමාත්ම පියා සියලුම දරුවන්ට අනුකම්පා කරනවා.පරමාත්ම පියා කියනවා:නාටකයේ මටත් රඟපෑමට චරිත කොටසක් තිබෙනවා.මිනිසුන් ඉතාමත් තමෝප්‍රධාන් වෙලා; බොරු කීම්,පව්කාර ක්‍රියා,රණ්ඩුසරුවල් සෑම තැනකම.තමන් එක් කාලෙක ද්විත්ව කිරුළු පළන් ලෝක පාලකවරුන් ලෙස සිටි බව භාරතයේ සියලුම දරුවන්ට අමතක වී ගිහින්.ඔබලා ලෝක පාලකවරුන් ලෙසින් සිටි බව පියා දැන් ඔබට මතක් කර දෙනවා.ඔබලා උපත්84ක් ගත්තා.ඒ උපත්84ඔබට අමතක වෙලා.පුදුමයි.උපත්84ක් වෙනුවට ඔබ උපත් මිලියන8.4ක් ගැන කතා කරනා අතර සෑම කල්පයකම කාල පරාසයත් වසර සිය දහස් ගණනක් කියාත් ඔවුන් කියනවා. ඔවුන් සිටින්නේ දැඩි අන්ධකාරයකයි.සෑම තැනකම මහා මිත්‍යාවක්.භාරතය සත්‍යයේ දේශය ලෙසින් තිබුණා.දැන් මිත්‍යාවේ දේශයයි.කවුද එය මිත්‍යාවේ දේශය කෙරෙව්වේ?නැවතත් එය සත්‍යයේ දේශය කරවන්නේ කවුද?කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ.කිසිම කෙනෙක් රාවණව ගැන දන්නේම නැහැ.භක්තිවන්තයින් රාවණගේ පඹයෙක් සාදා පුළුස්සනවා.මිනිස්සු කරනා සියලු දේ ගැන ආගමික පුද්ගලයෙකු සමග කතා කරන්න.දිව්‍යලෝකය,පාරාදීසය වන ස්වර්ණමය යුගයේ යක්ෂ රාවණ සිටින්නේ කෙසේදකියා අසන්න.අපායේ අය එහි සිටිනේනේ කෙසේද?එවිට ඔවුන් තේරුම් ගනීවි එය අනිවාර්යෙන්ම සිදුවුණු වැරදීමක් කියලා.රාම් රාජ්‍යය පෙන්වන පින්තූර පෙන්වා මෙය පැහැදිලි කළ හැකියි.රාවණ එහේ ඉඳින්නේ කොහොමද කියා ඔහුගෙන් අසන්න.මේ දේවල් ඔබ කෙසේ පැහැදිලි කළත් ඔවුන්ට කිසිවක්ම තේරෙන්නේ නැහැ.ඉතාමත් කලාතුරකින් තමයි කෙනෙක් මතු වන්නේ.ඔබලා ඉතාමත් ටික දෙනෙක් තමයි සිටින්නේ.තවත් ඉදිරියට යන විට කී දෙනෙක් ඉතිරි වේවිද කියා බැලිය හැකියි.එමනිසා,බාබා පැහැදිලි කර කියා දී තිබෙනවා, ජීවාත්මය සංකේතවත් වන ලෙස කුඩා තිලකයක් තබනා අතර රාජ්‍යය සංකේතවත් වන ලෙස ලොකු තිලකයක් තබනවා කියලා.පරමාත්ම පියා දැන් පැමිණ සිටිනවා.ඔහු ඔබගෙන් අසනවා :ඔබ කොහොමද ඔබට ලොකු තිලකයක් දී ගන්නේ?ස්වාධිපත්‍යය දිනා ගත්තේ කෙසේද?ඔහු ඔබට මාවත පෙන්වා දෙනවා.මෙම මාවත, ඔහු නම් කර තිබෙන්නේ රාජයෝගාව ලෙසිනුයි.ඔබට මෙය උගන්වන්නේ පරමාත්ම පියායි.ක්‍රිෂ්ණා පියෙක් වෙන්න බැහැ;ඔහු කුඩා දරුවෙක්.ඔහු රාධේ හා විවාහ වුණු පසු දරුවෙක් ලබනවා.ක්‍රිෂ්ණාට බිසෝවරුන් ගණනාවක් සිටියා කියා කීම මිත්‍යාවක්. කෙසේවෙතත්,එයත් නාටකයේම තීරණය වී ඇත්තක්.නැවතත් වතාවක් ඔබට එවන් දේම අහන්න ලැබේවි.තම තමන්ගේ චරිත කොටස් රඟදැක්වීමට ඔබලා ඉහළ සිට පැමිණියේ කෙසේදැයි කියා ඔය දරුවන්ගේ සිහියේ තිබෙනවා.පසුව එක් ශරීරයක් අතහැර තවත් එකක් ලබනවා.මෙය ඉතාමත් පහසුයි.දරුවෙක් ඉපදුණු විට ඔහුට මේ මේ දේ කියන්නයි කියා පුහුණු කරවනවා.ඔහු යමක් ඉගෙන ගන්නේ ඉගැන්වූ විටයි.බාබා ඔබට උගන්වන්නේ කුමක්ද?ඔහු කියනවා :පරමාත්ම පියාවත් ඔබගේ උරුමයත් පමණක්ම සිහි කරන්න.ඔබ තමයි මව, ඔබ තමයි පියා කියාත් ඔබ ගායනා කළා.ඒ ගයන්නේ ජීවාත්මයයි.ඔය ජීවාත්මයන්ට අනිවාර්යෙන්ම සතුට හිමි වෙනවා.ශිව බාබා තමන්ට ඉගැන්වීමට පැමිණෙන බව ඔය දරුවන් දන්නවා.ඔබ මෙහි පැමිණ සිටින්නේ ශිව් බාබාටයි.‘භාග්‍ය රථය’ යන්න මිනිසෙකුගේ රථයකුයි.පරමාත්ම පියා වන පරමාත්ම ජීවය අසුන් ගන්නේ මෙම රථයේයි.එම රථයේ නම කුමක්ද?එහි නම බ්‍රහ්මා කියා ඔබ දන්නවා.මන්ද, බ්‍රහමිණ්වරුන් නිර්මාණය වී ඇත්තේ බ්‍රහ්මා මඟිනුයි.පළමුවෙන්ම මුදුන් ගැටය වන බ්‍රහ්මිණ්වරු සිටිනා අතර පසුව දේවතාවරුන් සිටිනවා.පළමුවෙන්ම ‍බ්‍රහ්මිණ්වරුන් අවශ්‍යයි.මෙය බහුරූපී ප්‍රතිමාවේ පෙන්වා තිබෙනවා.දේවතාවරුන් බවට පත් වන්නේ ඔය බ්‍රහමිණ්වරුන් පමණයි.පරමාත්ම පියා සියල්ල ඉතාමත් පැහැදිලිව කියා දෙනවා.ඒ වුණත් ඔබට සියල්ල අමතක වෙනවා.පරමාත්ම පියා කියනවා :දරුවනි, තමන් ස්ත්‍රියකුත් නොවෙයි පුරුෂයකුත් නොවෙයි.ජීවාත්ම සත්ථාවක් ය කියා සෑම විටම සිතේ තබා ගන්න.එමෙන්ම තමන් මෙම කණිෂ්ඨ බාබා හරහා ජ්‍යෙෂ්ඨ බාබාගෙන් උරුමය දිනා ගන්නවා යන්නත් සිතේ තබා ගන්න.එවිට ඔබට යක්ෂ දේ කෙරෙහි වන අවධානය අමතක වී යාවි.මෙය පාරිශුද්ධව සිටීමට ඉතාමත් හොඳ ක්‍රමයක්.විවාහක ජෝඩු රැසක් බාබා ළඟට පැමිණෙනවා.ඔවුන් දෙදෙනාම කියනවා:“බාබා”. එකම එක පියාගේ දරුවන් වීම පිළිබඳ අවධානය ඔවුන් ලබා තිබෙනා නිසා රාවණගේ සෑම දෙයක්ම අමතක කර දැමිය යුතුයි.මෙයට උත්සාහයක් අවශ්‍යයි.උත්සාහයකින් තොරව කිසිවක් සිදු වන්නේ නැහැ.අපි බාබාට අයිති නිසා අප සිහි කළ යුත්තේ ඔහුවම පමණයි.බාබාත් කියනවා :මා සිහි කරන්න ඔබගේ පාප දුරු වී යාවි. උපත්84කතාව තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි.උත්සාහය ඇත්තේ පියාව සිහි කිරීමේයි.පරමාත්ම පියා කියනවා :අවම වශයෙන් පැය අටක ස්මරණයක්වත් තබා ගැනීමට උත්සාහ දරන්න.අඩුම තරමින් පැය බාගයකට හෝ පැයකටවත් පන්තියට ඇවිත් යන්න.පරමාත්ම පියා උගන්වන්නේ කුමක්ද කියා ඔබට මතක් කර දේවි.ඔබ දැන් පරමාත්ම පියා ඉදිරියේම අසුන් ගෙන සිටිනවා.පරමාත්ම පියා දිගින් දිගටම දරුව දරුව කියා අමතමින් ඔබට පැහැදිලි කර කියා දෙනවා.ඔය දරුවන් ඔහුට ඇහුම් කන් දෙනවා.පරමාත්ම පියා කියනවා :නරක දේට ඇහුම් කන් දෙන්න එපා.මෙම කරුණ අදාල වන්නේ මේ කාලයටයි.ඔය දරුවන් දැන් ඥාන සාගර පියා ඉදිරිපිටටම පැමිණ සිටිනා බව ඔබලා දන්නවා.ඥාන සාගර පියා ඔබලාට මුළු ලෝකය පිළිබඳවම වූ දැනුම ලබා දෙනවා.ඔබ මෙය පිළිගන්නවාද නැද්ද යන්න ඔබට අයිතියි.පරමාත්ම පියා දැන් පැමිණ අපට ඥානය දෙනවා.අපි දැන් රාජයෝගාව ඉගෙන ගන්නවා.ග්‍රන්ථ හෝ භක්තිය ගැන කිසිම සඳහනක් නැහැ.භක්ති මාර්ගයේ ඥානය ගැන කිසිම සඳහනක් නැහැ.ඥාන මාර්ගයේ භක්තිය ගැන කිසිම සඳහනක් නැහැ.ඥාන සාගරය පැමිණි විට පමණයි අපට මෙම දැනුම දිය හැක්කේ.ඔහුගේ දැනුම විමුක්තිය ලැබීමටයි.මුක්තිය දානය කරන්නා එකම එක කෙනෙක් වන අතර ඔහුව හඳුන්වන්නේ පරමාත්මය ලෙසිනුයි.සෑම කෙනෙක්ම පාරිශුද්ධකරුට කන්නලව් කරනවා.එමනිසා,ඔබව පිරිසිදු කිරීමට වෙනත් කිසිවෙක් පැමිණෙනවාද?ඔය දරුවන් දැන් පරමාත්ම පියාගෙන් සත්‍ය දේ අහගන්නවා.පරමාත්ම පියා කියා තිබෙනවා :දරුවනි,මම ආපසු යන්න ගියේ ඔබලාව ධනවත් කරවලායි.එය වසර5000ක කතාවක්.ඔබලා කිරුළු දෙකක් පැළදිව සිටියා.ඔබලාට පාරිශුද්ධත්වයේ කිරුළක් තිබුණා.පසුව රාවණ රාජ්‍යය ඇරඹුණු විට.ඔබ වන්දනා කරුවන් වුණා.පරමාත්ම පියා දැන් නැවතත් පැමිණ සිටින්නේ ඔබට ඉගැන්වීමටයි.එමනිසා,ඔහුගේ ශ්‍රීමත් අනුගමනය කර අන් අයටත් පහදා දෙන්න.පරමාත්ම පියා කියනවා :මට මෙම ශරීරය ණයට ගැනීමට සිදුවී තිබෙනවා.සෑම ගුණ වර්ණනාවක්ම අදාල වන්නේ ඔහුටයි;මම ඔහුගේ රථය පමණි.මම ගවයෙක් නොවෙයි.ශ්‍රේෂ්ඨත්වය ඔබ සියලු දෙනාගේයි.බාබා ඔබට කතා කරනා අතර මම මැද්දෙන් ඉඳගෙන අහගෙන ඉන්නවා.ඔහු මට පමණක් වෙනම කතා කරන්නේ කෙසේද?ඔහු ඔබ සියලු දෙනාට කතා කරනා විට මටත් ඒ දේ ඇසෙනවා.මොහු උත්සාහවන්ත ශිෂ්‍යයෙක්, ඔබලාත් සිසුන්ය.මොහුත් ඉගෙන ගන්නවා;ඔහුත් පරමාත්ම පියාව සිහි කරනවා.ඔහු සිටින්නේ විශාල සතුටකිනුයි.ලක්ෂ්මි නාරායන පින්තූර දකිනා විට මමත් ඒ තත්ත්වයට පත්වීමට යනවා නේද කියා ලොකු සතුටක් දැනෙනවා.ඔබ මෙහි පැමිණ සිටින්නේ දිව්‍යලෝකයේ කුමර කුමරියන් වීමටයි.මෙය රාජයෝගාවයි.එය ඔබගේ අමුණ හා ඉලක්කයයි.ඔබට උගන්වනා කෙනාත් මෙහි අසුන් ගෙන සිටිනවා.ඉතින් ඇයි එතරම් සතුටක් නැත්තේ?අපි ඥාන සාගරයට පැමිණෙනවා.වතුර සාගරයක් ගැන මෙහිදී කතාවක් නැහැ.පරමාත්ම පියාම දැන් ඔබට පහදා දෙනවා.ඔබ ඉගෙන ගන්නේ මේ තත්ත්වයට පත් වීමටයි.ඔබලා දැන් ආපසු නිවහන බලා යමින් සිටිනා නිසා ඔය දරුවන් දැන් ලොකු සතුටකින් සිටිය යුතුයි.ඔබ ඉගෙන ගත් තරමට උසස් තත්ත්වයක් දිනා ගත හැකි වේවි.ඔබ සෑම කෙනෙක්ම තම තමන් වෙනුවෙන් උත්සාහ දැරිය යුතුයි.අධෛර්යයට පත් වෙන්න එපා.මෙම ලොතරැයිය ඉතාමත් විශාලයි.මෙය අවබෝධ කර ගැනීමෙන් පසුව පවා, සමහරු පුදුමයට පත් වී පසුව පලා ගොස් ඉගෙන ගැනීම නවත්වා දමනවා.මායා ඉතාමත් බලවත්! අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අධිරාජ්‍යයේ තිලකය ඔබට ලබා ගැනීමට නම් ඒ සඳහා සුදුස්සෙක් වන්න.යෝග්‍ය දරුවෙක් වී එය ඔප්පු කරපෙන්වන්න.ඔබ කරන කියන දේ හා හැසිරීම් රටාවන් ඉතාමත් රාජකීය විය යුතුයි.පරමාත්ම පියාගේපූර්ණ සහායකයෙක් වන්න.

2. අපි ශිෂ්‍යයින්,පරමාත්ම දෙවියන් අපට උගන්වනවා.මෙම සතුටින් ඉගෙන ගන්න.ඔබගේ උත්සාහය පිළිබඳවඅධෛර්යයට පත් වන්න එපා.

වරදානය:
ඔබ මාස්ටර් නිර්මාණකරුවෙක් වී, ඔබගේ ත්‍රිමූර්ති නිර්මාණය සහයෝගී කරගැනීමට ඔබගේ අයිතිවාසිකමේ බලය භාවිතා කරන්න.

ත්‍රිමූර්ති බල (මනස, බුද්ධිය සහ සංස්කාර) ඔය මාස්ටර් නිර්මාණකරුවන්ගේ නිර්මාණයයි. ඒවා සහයෝගී කරවීමට ඔබගේ අයිතිවාසිකමේ බලය භාවිතා කරන්න. රජෙක් තමාම කිසිම වැඩක් නොකරන අතර අන් අය ලවා එය කරවන සේම, එමෙන්ම රාජධානියේ එම කාර්ය සිදු කරන සේවකයන් වෙනම සිටින සේම, සෑම ජීවාත්මයක්ද කරවන්හාර්ය ( බල ලවා ක්‍රියා සිදු කරවන කෙනෙක්) එමෙන්ම විශේෂ ත්‍රිමූර්ති බල වන්නේ කරන්හාර්ය (සැබෑවටම ක්‍රියා සිදු කරන අය). එබැවින් මාස්ටර් නිර්මාණකරුවෙක් වීමේ ආශිර්වාදය ඔබගේ අවධානයේ තබාගෙන ඔබගේ තිමූර්ති බල සහ භෞතික ඉන්ද්‍රියන්ට නිවැරදි මාවත අනුගමනය කිරීමට සලසන්න.

පාඨය:
අව්‍යක්ත පෝෂණය ලැබීමේ ආශිර්වාදයට අයිතිවාසිකමක් හිමි කරගැනීම සදහා ඍජු කෙනෙක් වන්න.

අව්‍යක්ත සංඥාව: ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.

පාරිශුද්ධත්වය යනු බඹසර රැකීම පමණක් නොවෙයි, එය අත්තිවාරමයි, නමුත් එයත් සමග අනෙක් පාපයන් සතරත් තිබේ. මහා නරක භූතාත්ම වන කෝපය සහ එහි සහකරුවන් අතහරින්න, එමෙන්ම ඒවා සමගම, ඒවායේ පරම්පරාවත්, කුඩා අයත්, අත්හරින්න, මන්ද, ඔබ පාරිශුද්ධත්වයේ ආධ්‍යාත්මික පෞරුෂත්වය හදා ගෙන ඇති බව කිව හැක්කේ එවිට පමණයි.