03.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබලාව ලෝක පාලකවරුන් කරවන පරමාත්ම පියාව සිහි කිරීමේ මහා ආසාව ඇති කර ගන්න. එම ස්මරණය තුළින් පමණයි ඔබ සතෝප්‍රධාන් වන්නේ.

ප්‍රශ්නය:
ඔබගේ නළල "බුද්ධිය" මුළුමනින්ම විවර කර ගැනීමට නම් ඔබ විසින් පූර්ණ අවධානය යොමු කළ යුත්තේ කුමන කරුණ සම්බන්ධයෙන්ද?

පිළිතුර:
මෙම අධ්‍යයනයට අවධානය යොමු කරන්න. පරමාත්ම දෙවියන් ඔබට උගන්වයි. එමනිසාම ඔබ මෙම ඉගෙනුම අත්නොහළ යුතුයි. ජීවතුන් අතර සිටිනතාක් කල් ඔබ අමෘතය පානය කළ යුතුයි. සෑම දිනකම මුරලියේ අලුත්ම කරුණක් ඇත. ඉන් ඔබගේ නළල විවර වේ.

ඕම් ශාන්ති.
ශිව දෙවියන් සලිග්‍රාමයින් අමතයි. මෙය මුලු කල්පයටම එකම එක වතාවයි සිදු වන්නේ. මෙය දන්නේ ඔබම පමණයි. වෙන කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. මෙම නිර්මාණකරු හෝ නිර්මාණයේ මුල, මැද හෝ අවසානය ගැන වෙත කිසිම මනුෂ්‍යයෙක් දන්නේ නැහැ. ස්ථාපන කාර්යයට නොයෙකුත් බාධක ඇති විය හැකි බවත් මෙය හඳුන්වන්නේ ඥාන යාගය කියා බවත් ඔබලා දන්නවා. පරමාත්ම පියා පහදා කියනවා: මෙම පැරණී ලෝකයේ ඔබට පෙනෙන සෑම දෙයක්ම බිලි වීමටයි යන්නේ. එමනිසා ඔ ඒ කෙරෙහි කිසිඳු බැඳීමක් තබා නොගන්න. පරමාත්ම පියා පැමිණ ඔබට උගන්වන්නේ නව ලෝකයටයි. මෙය ඉතාමත් සුබම සුබ වූ සංගම යුගයයි. පාපය හා පාපයෙන් තොර යන දෙකෙහි සංගමය-වෙනසක් සිදුවිය යුතු කාලය මෙයයි. නව ලෝකය හඳුන්වන්නේ පාපයෙන් තොර ලෝකය කියලයි. එහි තිබුණේ ආදි සනාතන දේවි දේවතා ධර්මය පමණයි. මෙම කරුණු අවබෝධකර ගත යුතු බව ඔය දරුවන් දන්නවා. පරමාත්ම පියා දිවා රෑ ඔබට කියන්නේ: දරුවනි. මා ඔබට ඉතාමත් ගැඹුරුම දේ පවසමි. පරමාත්ම පියා රෑ ඔ මෙහි සිටිනතාක් කල් මෙම ඉගෙනුම පවතීවි. පසුව අධ්‍යයනය අවසන්ව යාවි. ඔබ හැර වෙන කිසිම කෙනෙක් මේ දේවල් ගැන දන්නේ මේ නැහැ. ඔබලාත් එක් එක් මටිටම් වල සිටිනා අය වන අතර බාප්දාදාත් ඒ ගැන දන්නවා. බොහෝ දෙනෙක් ඇද වැටෙනවා. බොහෝ ඒ අපහසුතා මතු වෙනවා. සෑම කෙනෙකුටම නිරන්තර පාරිශුද්ධත්වයෙන් සිටිය හැකියි කියා දෙයක් නැහැ. පාරිශුද්ධව නොසිටින නිසා දඬුවම් විඳීමට සිදු වෙනවා. රෝසරියේ පබළු පමණයි ගෞරවයෙන් සමත් වන්නේ. පසුව දාසයිනුත් නිර්මාණය වෙනවා. මෙම කරුණු ඉතාමත් හොඳින් තේරුම් ගත යුතුයි. අන් අයට පැහැදිලි කරනා විට ඔවුන්ට මෙය හොඳින් වටහා ගත නොහැකියි; එයට යම් කාලයක් අවශ්‍යයි. පරමාත්ම පියා උගන්වන තරම් දෙයක් ඔබට ඉගැන්විය නොහැකියි. මෙහාට ලැබෙන වාර්තා ආදිය ගැන දන්නේ පරමාත්ම පියා පමණයි: අහවල් අහවල් කෙනා පාපයට ඇද වැටිලා: මේ දේ සිදු වුණා. කිසිම නමක් සඳහන් කළ නොහැකියි. බාබා නම් සඳහන් කළහොත්, ඒ පුද්ගලයා සමඟ කතා බහ කිරීමටවත් අන් අය අකමැති වේවි. එවිට සෑම කෙනෙක්ම ඔහු දෙස අපුලින් බලාවි. ඔහු සැමගේ හදවතින් ඉවත් වේවි. උපයා ගත් ආදායම මුලුමනින්ම අවසන්ව යාවි. වැටුණු කෙනාත් පියාත් පමණයි දන්නේ. මේවා ඉතාමත් අදෘශ්‍යමාන කරුණුයි. තමන් අහවල් පුද්ගලයාව මුණ ගැසුණා. ඔහුට හොඳින් පැහැදිලි කළා. සේවය සඳහා ඔහු උදව් කරාවි කියා ඔබ කියාවි. ඒ වුවත්, එසේ සිදු විය හැක්කේ ඔහු ඔබ ඉදිරියට පැමිණියහොත්ය. උදාහරණයකට ගත හොත් ඔබ ආණ්ඩුකාරවරයාට පැහැදිලි කරාවි. නමුත් තවත් කෙනෙකුට එය පැහැදිලි කිරීමට ඔහුට හැකි වන්නේ නැහැ. පැහැදිලි කළත් කවුරුවත් ඔහුව පිළිගන්නා එකක් නැහැ. තේරුම් ගන්නා අය පමණක් තේරුම් ගනීවි. අන් අයට පැහැදිලි කිරීමට ඔහුට නොහැකි වේවි. මෙය කටු කැළයක් බවත් අප එය සුබ තැනක් බවට පත් කරන බවත් ඔය දරුවන් කියා දෙනවා. මිනිස්සු මහා කරුණා විශ්ණු දෙවියන් ගැන කතා කරනවා. ඒ සෑම දෙයක්ම අයිති භක්ති මාර්ගයටයි. විෂ්ණු රාජ්‍යය ඇති කල එය හරිම සුබ කාලයක්. විශ්ණු අවතාරයත් පෙන්වනවා. බාබා මේ සියල්ලක්ම දැක තිබෙනවා. ඔහු අත්දැකීම් බහුලයි. ඒ සෑම ආගමක්ම ඔහු හොඳින් දන්නවා පරමාත්ම පියා ඇතුලු වන කෙනාගේ ශරීරයේ කිසියම් පෞරුෂත්වයක් තිබිය යුතුයි. මෙන්න මේ නිසා තමයි ඔහු කියන්නේ: මම ඇතුලු වන්නේ ඔහුගේ උපත් ගණනාවක අවසන් උපතේ දීයි. මෙලොව සෑම දෙයක්ම අත්විඳ අවසන්ව ඇති කාලයේ දීයි. ඔහුත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. පෞරුෂත්වය කියා කියූ විට රජ කෙනෙක් හෝ රාජකීය පවුලක කෙනෙක් වීමේ අවශ්‍යතාවයක් නැහැ. මොහුට බොහෝ අත්දැකීම් තිබෙනවා. මොහුගේ උපත් ගණනාවක අවසානයේ දී මා ඔහුට ඇතුලු වෙනවා. අධිරාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතින බවත් රෝසරියක් සෑදෙමින් තිබෙතා බවත් පහදා දිය යුතුයි. මෙම අධිරාජ්‍යය ස්ථාපනය වන්නේ කෙසේද, ඇතැම් මේ අය රජ හෝ රැජිණ බවටත් අනිත් අය තවත් දෙයක් බවටත් පත් වන්නේ කෙසේද වැනි කරුණු එක්දිනකින් පමණක් අවබෝධ කර ගත හැකි කරුණු නොවෙයි. අසීමිත පියා පමණයි අසීමිත උරුමයක් දෙන්නේ. පරමාත්ම දෙවියන් පැමිණ ඔබට කරුණු පහදා දෙනවා. නමුත් කලාතුරකින් කෙනෙක් පමණයි පාරිශුද්ධ වන්නේ. මෙය තේරුම් ගැනීමට කාලයක් ගත වෙනවා. ජීවාත්මයන් බොහෝ දඬුවම් විඳවනවා. දඬුවම් විඳීමෙන් අනතුරුවත් ඇතැම් අය පුරවැසියන් වෙනවා. පරමාත්ම පියා පහදා දෙන්නේ: දරුවනි. ඔබලා ඉතාමත් මිහිරි විය යුතුයි. ඔබ කිසිම කෙනෙකුට දුකක් නොදිය යුතුයි. පරමාත්ම පියා පැමිණෙන්නේ ඔබ සැමට සතුටේ මාවත පෙන්වා දී සැවොම දුකින් නිදහස් කර ගැනීමටයි. එමනිසා, ඔහු කාටවත් දුකක් දෙන්නේ කෙසේද? ඔය දරුවන් පමණයි මේ සෑම දෙයක්ම දන්නේ. පිට අයට මේ දේවල් තේරුම් ගැනීම ඉතාමත් අපහසුයි. සියලුම ඥාතීන් කෙරෙහි ඇති බැඳීම ඔබ ඉවත් කර ගත යුතුයි. ඔබ නිවසේ ජීවත් විය යුතුයි නමුත් ඒ හුදෙක් කළ යුතු නිසාම පමණයි. මේ මුලු පැරණී ලෝකයම විනාශ වීමට ඇති බව ඔබගේ සිහියේ තිබිය යුතුයි. නමුත් කිසිම කෙනෙක් තුළ මේ සිතිවිල්ල නැහැ. විශේෂ ආදරණීය දරුවන් මෙය තේරුම් ගන්නවා. ඔවුන් ඉගෙන ගැනීමටත් උත්සාහ දරනවා. ඒත් බොහෝ දෙනා අසමත් වෙනවා. මායාගේ කුණාටු රැසක් තිබෙනවා. ඇයත් හරිම බලවත්. කෙසේවෙතත්, මේ දේවල් ඔබට වෙනත් කෙනෙකුට පහදා දිය නොහැකියි. මිනිස්සු ඔබ ලඟට පැමිණ මෙහි සිදු වන්නේ කුමක්ද . ඇයි මෙතරම් වාර්තා ප්‍රමාණයක් කියා සොයා බලනවා. රාජ්‍ය නායකයින් නිතර නිතර වෙනස් වෙනවා. එමනිසා ඒ සෑම කෙනෙකුටම ඔබ වෙන වෙනම පැහැදිලි කළ යුතුයි. එවිට මෙය ඉතාමත් හොඳ ආයතනයක් කියා ඔවුන් කියාවි. ස්ථාපන කාර්යය සමඟ කිරීමට ඇති සෑම දෙයක්ම ඉතාමත් ගැඹුරු මෙන්ම විනෝදජනකයි. ඔය දරුවන් අසීමිත පියාව සොයා ගෙන සිටිනා නිසා ඔබලා තුළ ලොකු සතුටක් තිබිය යුතුයි. අපි ලෝක පාලකවරුන්, දේවතාවරුන් වෙමින් සිටිනා නිසා අනිවාර්යෙන්ම අප තුළ දිව්‍යමය ගුණධර්ම තිබිය යුතුයි. ඔබගේ අරමුණ හා ඉලක්කය ඔබ ඉදිරියේයි. ඔවුන් නව ලෝකයේ පාලකවරුනුයි. මෙය තේරුම් ගන්නේ හා ඔබලා පමණයි. අප ඉගෙන ගන්නා අතර ඥානයෙන් සපිරි අසීමිත පියා අමරණීය දේශය වෙත එනම්. දෙව්ලොව වෙත අපව ගෙන යාමට අපට උගන්වනවා. අපට මෙම ඥානය ලැබෙනවා. මීට පෙර කල්පයේදීත් රාජ්‍යය දිනා ගත් අය පමණයි මෙවරත් දිතා ගන්නේ. ඔබත් මීට පෙර කල්පයේ දී කළ ආකාරයෙන්ම තමන්ගේ රාජධානිය දිනා ගන්නවා. මෙම රෝසරිය අංක පිළිවෙලට නිර්මාණය වී තිබෙනවා. පාසලකදීත් හොඳින් ඉගෙන ගන්නා අයට ශිෂ්‍යත්වයක් හිමි වෙනවා. ඒවා සීමිත කරුණුයි. නමුත් ඔබට කියා දෙන්නේ අසීමිත කරුණුයි. ඔබලා පරමාත්ම පියාගේ සහායකයින් වෙනවා. එමනිසා ඔබලා උසස් තත්ත්වයක් දිනා ගන්නා අයයි. ඇත්තෙන්ම කියනවා නම් ඔබම ඔබට යහපත සලසා ගත යුතුයි. ඔබ පාරිශුද්ධ විය යුතුයි. ඔබ සතෝප්‍රධාන්ව සිටියා. දැන් නැවතත් ඒ තත්ත්වයට පත් විය යුතුයි. පරමාත්ම පියාව සිහි කළ යුතුයි. සිටගෙන සිටිනා අතර, අසුන්ගෙන, ඇවිදින ගමන් පියාව සිහි කළ හැකියි. මුලු ලෝකයේම පාලකවරුන් බවට ඔබලාව පත් කරවන පරමාත්ම පියාව ඔබ ඉතාමත් ආසාවෙන් සිහිපත් කළ යුතුයි. ඒ වුණත් මායාත් ඔබව අතහරින්නේ නැහැ. වාර්තා රැසක් ලියා තිබෙනවා: බාබා, මට මායාගේ පව්කාර සිතිවිලි රාශියක් ඇති වෙනවා. පරමාත්ම පියා කියන්නේ: මෙය යුධ පිටියක්. පස් පව් දමනය කළ යුතුයි. පරමාත්ම පියාව සිහි කිරීමෙන් තමන් සතෝප්‍රධාන් වන බව ඔබට තේරෙනවා. පරමාත්ම පියා පැමිණ ඔබට පහදා දෙනවා. භක්ති මාර්ගයේ සිටිනා කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. මෙය ඉගෙනුමක්. පරමාත්ම පියා අසනවා: ඔබ පාරිශුද්ධ වන්නේ කෙසේද? පාරිශුද්ධව සිටි ඔබ දැන් නැවතත් එසේ: විය යුතුයි. දේවතාවරුන් පාරිශුද්ධව සිටියා. ශිෂ්‍යයින් වන තමන් දැන් ඉගෙන ගනිමින් සිටිනා බව ඔය දරුවන් දනී. අනාගතයේ දී ඔබලා සූර්ය වංශයට යාවි. ඒ සඳහා ඔබ හොඳ උත්සාහයක් දැරිය යුතුයි. සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබ ගන්නා ලකුණු මතයි. ඔ යුධ පිටියේ දී අසමත් වුවහොත් ඔබ යන්නේ චන්ද්‍ර වංශයටයි. යුධ පිටිය කියා ඇසීම නිසා ඒ මිනිස්සු දුණු ඊතල පෙන්වා තිබෙනවා. දුණු ඊතල භාවිත කිරීමට ඔවුන් එහිදී භෞතිකව සටන් වැදුනා ද? එවන් කිසිවක් සිදු වූයේ නැහැ. මීට පෙර ඔවුන් දුණු ඊතල වලින් සටන් කළා. තවමත් ඒවායේ සලකුණු තිබෙනවා. ඇතැම් අය දුණු විදින්න හරිම දක්ෂයි. මෙම ඥානයේ යුද්ධ නැහැ. ඒ තත්ත්වය මේ ඔබට ලබා දෙන ශිව බාබා පමණයි ඥාන සාගරය වන්නේ කියා ඔබලා දන්නවා. පරමාත්ම පියා දැන් කියන්නේ: තමන්ගේම ශරීරයත් ඇතුලුව සියලුම ශාරීරික ඥාතීන් කෙරෙහි ඇති බැඳීම කඩා දමන්න. මේ සියල්ල පැරණියි. තව ලෝකය ස්වර්ණමය යුග මේ භාරතයයි. එහි නම ඉතාමත් ප්‍රසිද්ධව තිබුණා. පෞරාණික යෝගාව ඉගැන්වූයේ කවුද? කවදාද? ඔහුම පැමිණ උගන්වන තෙක් කිසිම කෙනෙකුට මෙය තේරුම් ගත නොහැකියි. මෙය අලුත් දෙයක්. සෑම කල්පයකදීම සිදු වුණු දේ නැවතත් සිදු වේවි. එහි කිසිඳු වෙනසක් විය නොහැකියි. පරමාත්ම පියා කියනවා: දැන් මෙම අවසන් උපතේ දී පාරිශුද්ධ වීමෙන් උපත් 21කටම ඔබ අපිරිසිඳු විය යුත්තේ නැහැ. පරමාත්ම පියා ඉතාමත් හොඳින් පහදා දෙනවා. නමුත් සෑම කෙනෙක්ම එකම අවධානයෙන් ඉගෙන ගන්නේ නැහැ. දිවා රෑ මෙන් වෙනසක් තිබෙනවා. ඇතැම් අය ඉගෙන ගැනීමට පැමිණ. ටිකක් දුර ඉගෙන ගෙන පසුව අතුරුදන් වී යනවා. ඉතාමත් හොඳින් අවබෝධ කර ගන්නා අය තමන් පැමිණීයේ කෙසේද පාරිශුද්ධව සිටීමට පොරොන්දු වූයේ කෙසේද කියා තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගනීවි. පරමාත්ම පියා කියනවා: පාරිශුද්ධත්වයේ පොරොන්දුව ගැනීමෙන් පසුව, ඔබ අපිරිසිඳු වුවහොත් එක් වතාවක් හෝ, ඉපයූ ආදායම නැති කර ගන්නවා. ඔබගේම හිත ඔබට වද දේවි. පරමාත්ම පියා සිහි කරන්නැයි කියා කාටවත් කියා දීමට ඔබට නොහැකි වේවි. ඔවුන් අසන ප්‍රධානම දෙය පාපයයි. ඔය දරුවන් මෙම අධ්‍යාපනය නිතිපතා හැදෑරිය යුතුයි. පරමාත්ම පියා කියනවා: මා ඔබට අලුත් දේ දෙනවා. ඔබලා ශිෂ්‍යයින්, පරමාත්ම දෙවියන් ඔබට උගන්වයි. ඔබලා දේව සිසුන්ය. එවන් උසස් ඉගෙනුමක් ඔබ එක දිනකටවත් අතපසු නොකළ යුතුයි. එක දිනකට හෝ ඔබ මුරලියට ඇහුම්කන් දීම නතර කළහොත් ඔබට ලැබෙන්නේ නොපැමිණීමේ ලකුණකුයි. ඉතාමත් හොඳ මහාරාතීන් පවා මුරලිය අතපසු කරනවා. තමන් සියල්ල දන්නවා. එක මුරලියක් නෑසුවයි කියා කුමක් සිදු වෙයි ද කියා ඔවුන් සිතනවා. ඇබ්සන්ට් ලකුණු වැටුණොත් ඔබ පරාජය වේවි. පරමාත්ම පියාම කියන්නේ: නිවැරදිම වෙලාවටම කියා දෙනවා නම් මහත් ඵල ලද හැකි ආකාරයේ ඉතාමත් හොඳ කරුණු මා දිනපතාම ඔබට කියා: දෙනවා. ඇහුවේ නැතිනම් ඒවා ක්‍රියාවට නං වන්නේ කෙසේද? ඔබ ජීවත්ව සිටිනතාක් කල් මෙම අමෘතය පානය කළ යුතුයි. මෙම මේ මේ ඉගැන්වීම් උකහා ගත යුතුයි. කිසිඳු විටෙක ඇබ්සන්ට් නොවිය යුතුයි. ඕනෑම කෙනෙකුගෙන් මුරලියක් ගෙන එය හදාරන්න. අහංකාර වන්න එපා. පරමාත්ම දෙවියන් ඔබට උගන්වනවා. එමනිසා එය ඔබ එක දවසකටවත් මඟනොහැරිය යුතුයි. ඔබ හෝ හෝ ඕනෑම කෙනෙකුගේ නළල විවර වන ආකාරයේ කරුණු සෑම දිනකදීම මතු වෙනවා. ජීවාත්මය කුමක්ද, පරමාත්ම ජීවය කුමක්ද, චරිත කොටස ක්‍රියාත්මක වන්නේ කෙසේද වැනි කරුණු අවබෝධ කර ගැනීමට ඔබට කාලයක් අවශ්‍යයි. අවසානයේ දී ඔබට නිකම්ම මතක් වේවි: තමා ජීවාත්මයක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න. කෙසේවෙතත්, දැනට ඔබ එය පැහැදිලි කරදිය යුතුයි. අවසාන මොහොතේ තත්ත්වය වන්නේ පරමාත්ම පියාව සිහි කරමින්ම ඔබ නිවහන කරා යාවි.ස්මරණය තුළින් පමණයි ඔබ පාරිශුද්ධ වන්නේ. තමන් කෙතරම් දුරට පාරිශුද්ධ වී ඇත්දැයි කියා ඔබට තේරුම්ගත හැකි වේවි. අපිරිසිඳු අයට අනිවාර්යෙන්ම ලැබෙන්නේ අඩු බල ප්‍රමාණයකි. ප්‍රධාන මැණීක් අට පමණයි ගෞරවයෙන් සමත් වන්නේ. ඔවුන් කිසිඳු දඬුවමක් ලබන්නේ නැහැ. මේවා ඉතාමත් සියුම් කරුණුයි. මෙම ඉගෙනුම ඉතාමත් ඉහළයි. තමන් දේවතාවරුන් වේවියි කියා ඔබ සිතන්නවත්, සිහින දකින්නවත් නැතිව ඇති. පරමාත්ම පියා සිහි කිරීමෙන් ඔබ කෝටි ප්‍රකෝටි වාරයක් වාසනාවන්ත වෙනවා. මෙය ඉදිරියේ ඒ ව්‍යාපාර ආදිය කිසිඳු වැඩකට නැති ඒවායි. කිසිම දෙයක් ඵලක් නැති දේ වෙනවා. ඒ වුණත්, ඔබ සියල්ල කළ යුතුයි. ශිව බාබාට දෙනවායි කියා ඔබ කිසිඳු විටෙක නොසිතිය යුතුයි. අහා, ඔබලා කෝටිපතීන් වෙනවා. දෙනවායි යන අදහස තිබුණේ නම් එහි බලය හීන වෙනවා. මිනිස්සු දෙවියන්ගේ නාමයෙන් දන් දෙන්නේ යමක් ලැබීමටයි. එය දීමක් නොවෙයි. පරමාත්ම දෙවියන් දානපතියායි. ඔහු ඔබගේ ඊලඟ උපතේ දී මහා ඉහළින්ම ඔබට දෙනවා. මෙයත් නාටකයේ නියමව ඇති දෙයක්. භක්ති මාර්ගයේ දී මිනිසුන් ලබන්නේ ට දී කෙටි කාලයකටයි. නමුත් ඔබ අසීමිත පරමාත්ම පියාගෙන් අසීමිත සතුටකට උරුමය ලබනවා. අච්චා.

සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාදාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ ජීවත්ව සිටින තුරා මෙම අමෘතය පානය කර මෙම ඉගෙනුම හොඳින් උකහා ගත යුතුයි. ඔබට උගන්වන්නේ පරමාත්ම දෙවියනුයි. එමනිසා, එක දිනයකටවත් ඔබ මුරලිය අතපසු නොකළ යුතුයි.

2. කෝටි ප්‍රකෝටි ගුණයක ආදායමක් ලැබීමට නම් නිවසේ ජීවත් වෙන අතර හුදෙක් කළ යුතු නිසාම සෑම දෙයක්ම කරමින් ඔබ පරමාත්ම පියාගේ සිහියේ සිටිය යුතුයි.

වරදානය:
ඔබගේ ආධ්‍යාත්මික සතුටේ පෞරුෂය තුළින් සැමට හිමිකමක අයිතිය ලබා ගැනීමට සලස්වා ඔබ ප්‍රශංසාවට හා නමස්කාරයට සුදුස්සෙක් බවට පත් වේවා.

සෑම කෙනෙකුගෙන්ම තෘප්තිමත් බවේ සහතිකයක් ලබන අය නිරන්තරයෙන් සතුටින් සිටිති. ඔබගේ ආධ්‍යාත්මික සතුටේ පෞරුෂය නිසා ඔබ ප්‍රසිද්ධියට පත් වේ, එනම්, ඔබ ප්‍රශංසාවට හා නමස්කාරයට සුදුස්සෙක් බවට පත් වේ. ඔබ ජීවාත්මයන්ට අන් අය කෙරෙහි පිරිසිදු හා ධනාත්මක සිතිවිලි ඇති අතර සතුටින් සිටින නිසා, ඔවුන්ට සතුට, සහයෝගය, ධෛර්යයේ පියාපත් සහ උනන්දුව සහ උද්යෝගය ලැබේ: මෙම ලැබීම් සමහර අයට අයිතියක් ලබා ගැනීමටත් තවත් සමහර අයට බැතිමතුන් බවට පත්වීමටත් උපකාර වේ.

පාඨය:
පරමාත්ම පියාගෙන් ආශීර්වාදයක් ලැබීමට ඇති පහසුම මාර්ගය නම් ඔබේ හදවතේ සෙනෙහස තිබීමයි.