03.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, කලංගිදාර් (අපහාසයට ලක් වී, පසුව පිදුම් ලබන්නට සුදුසු වූ කෙනා) වීම සඳහා, ඔබගේ මනෝ ස්ථීතිය, අචල, නොසැලෙන එකක් කරගන්න. ඔබට විරුද්ධව පැමිණිලි වැඩියෙන් සිදු කරන තරමට ඔබ වැඩියෙන් කලංගිදාර් වෙයි.

ප්‍රශ්නය:
පියාගේ නියෝගය කුමක්ද? ඔය දරුවන් හදවත් සිහසුනේ අසුන්ගන්නේ කුමන ප්‍රධාන නියෝගය පිළිපැදීමෙන්ද?

පිළිතුර:
පියාගේ නියෝගය වන්නේ සුමිහිරි දරුවනේ, ඔබ කිසිවෙක් සමග ගැටුමක් ඇති කර නොගත යුතුයි. සාමකාමීව රැඳී සිටින්න. ඔබ පවසන යම් දේකට කෙනෙක් අකමැති නම්, නිහඬව රැඳී සිටින්න. එකිනෙකාට කරදර නොකරන්න. ඔබගේ ඇතුලාන්තයේ නරක භූතයන් නොමැති විට, ඔබ කටුක වචන කතා නොකරන විට සහ මිහිරිව කතා කිරීම ඔබගේ ජීවන රටාව වන විට, ඔබට බාප්දාදාගේ හදවත් සිහසුන මත අසුන්ගැනීමට හැකි වෙයි.

ඕම් ශාන්ති.
දෙවියන් පවසයි ඔබ ජීවාත්ම අවධානයට පත්වේවා! මෙය අනිවාර්යෙන් ප්‍රථමයෙන් කිව යුතු වනවා. මෙය ඔය දරුවන්ට අනතුරු ඇඟවීමකි. පියා පවසන්නේ මා ’දරුවා, දරුවා‘ කියන විට, මා බලන්නේ ජීවාත්මයක් දෙසයි. ශරීරය, පරණ සපත්තුවකි. එයට සතෝප්‍රධාන් විය නොහැක. සත් යුගයෙදී ඔබට සතෝප්‍රධාන් සිරුරු ලැබෙයි. ඔය ජීවාත්ම දැන් සතෝප්‍රධාන් වෙමින් පවතින නමුත් ඔබගේ සිරුරු එම පරණ සිරුරුමයි. ඔය ජීවාත්ම දැන් තමන්ව හදාගත යුතුයි ඔබ පිවිතුරු විය යුතුයි. සත් යුගයෙදී ඔබට පිවිතුරු සිරුරු ලැබෙයි. ජීවාත්මය පිවිතුරු කර ගැනීම සඳහා ඒකායන පියා සිහිපත් කරන්න. පියා බලන්නේද ඔය ජීවාත්ම දෙස පමණයි. ඔහු ඔබ දෙස බැලීමෙන් පමණක් ඔය ජීවාත්ම පිවිතුරු නොවෙයි. ඔබ පියාව වැඩියෙන් සිහිපත් කරන තරමට ඔබ අඛණ්ඩව වඩාත් පිවිතුරු වෙයි. ඔබගේ වගකීම එයයි. ඔබ පියා සිහි කිරීමෙන් සතෝප්‍රධාන් විය යුතුයි. පියා ඔබට මාර්ගය පෙන්වීමට පැමිණ සිටියි. මෙම සිරුර, අවසානය දක්වා පැරණිව තිබෙයි. මේවා, ජීවාත්මය සමග සම්බන්ධකමක් ඇති භෞතික අවයව පමණයි. ජීවාත්මයක් ලස්සණ වූ විට, ඔහු යහපත් ක්‍රියා සිදුකරයි. එහි කුරුල්ලන් සහ සතුන්ද ඉතා හොඳයි. මෙහි, මනුෂ්‍යයන් දුටු විට කුරුල්ලන් පියාඹා යන නමුත්, එහිදි බොහෝ හොඳ කුරුල්ලන් විනයානුකූලව ඔබ වටා පියාසර කරමින් සිටියි. උන් ඔබගේ නිවස තුළට විත් එය අපිරිසිඳු කර පියාඹා යන්නේ නැත. නැහැ, එය ඉතා විනයානුකූල ලොවකි. ඔබ තව දියුණුවත්ම, ඔබට සෑම දේකම දර්ශන ලැබෙයි. දැන් තව බොහෝ ඉඩ තිබේ. දිව්‍යලෝකයේ ප්‍රශංසාවට සීමාවක් නැත. පියාගේ ප්‍රශංසාව අසීමිතයි, එබැවින් පියාගේ දේපළවල ප්‍රශංසාවත් අසීමිතයි. ඔය දරුවන් බොහෝ කුල්මත් විය යුතුයි. පියා පවසන්නේ මා සේවයේ යෙදී සිටින ජීවාත්මයන්ව, සිහි කරනවා ඔවුන්ව ඉබේටම සිහිවෙනවා. මනස සහ බුද්ධිය තිබෙන්නේ ජීවාත්මයේය. ඔබ අංක එකේ සේවය කරන්නේද දෙවන පෙළේ සේවය කරන්නේද කියා ඔබට වටහාගත හැක. ඔබට මේ සියලු දේම අංක පිළිවෙලට වැටහෙයි. සමහරු කලාගාර ගොඩනගා, ජනාධිපති හෝ ආණ්ඩුකාරතුමා ආදින් වෙතට යයි. ඔවුන් නිසැකවම ඉතා හොඳින් ඔවුන්ට විස්තර කරනවා ඇති. සෑම කෙනෙකුටම තමන්ගේම ගුණදම් තිබේ. කෙනෙකුට හොඳ ගුණදම් ඇති විට මෙසේ කියයි ඒ කෙනා බොහෝ ගුණවත්ය. සේවය කළ හැකි අය, සෑම විටම බොහෝ මිහිරිව කතා කරයි. ඔවුන්ට කිසි විටෙක කටුක වදන් පැවසීමට නොහැකි වෙයි. කටුක ලෙසින් කතා කරන අය තුළ නරක භූතයන් සිටියි. ශරීර අවධානය අංක එකට තිබේ. පසුව අනෙක් නරක භූතයන් එය පසුපස විත් ඇතුළු වෙයි. මිනිසුන්ට බොහෝ නරක හැසීරීම් තිබේ. පියා පවසන්නේ අසරණ අයට වරදක් කිව නොහැක. ඔබ පෙර කල්පයේ සිදුකළ එම උත්සාහයම නැවත සිදුකළ යුතුයි. තමන් ජීවාත්ම බව සලකා, පියා සිහිපත් කරන්න, එවිට මුළු ලෝකයේම රැහැන්පට (පාලනය) ක්‍රමයෙන් ඔබ අතට එයි. මෙය නාටක චක්‍රය වන අතර එය ඔබට නිවැරදිව වෙලාව පවසනවා. ඉතිරිව තිබෙන්නේ ඉතා සුළු කාලයකි. ඒ මිනිසුන් රටකට නිදහස දෙන විට, ඔවුන් රට දෙකට බෙදයි. එවිට ඔවුන් එකිනෙකා සමග නොකඩවා සටන් කරයි. එසේ නොමැති නම් ඔවුන්ගේ ආයුධ ආදිය මිලදී ගන්නේ කවුරුන්ද? එයත් ඔවුන්ගේ ව්‍යාපාරයයි. නාටකයට අනුව ඔවුන්ගේ දක‍්ෂතාවය එයයි. මෙහිද ඔවුන් සෑම දෙයක්ම කෑලි වලට බෙදා වෙන් කර තිබේ. එක් පසෙක අය පවසන්නේ එය නිවැරදිව බෙදා නැති නිසා, අපට මේ භූමි භාගය ලැබිය යුතුයි. ඒ පැත්තේ වැඩියෙන් වතුර ගලා බසියි, ඒ පැත්තේ වැඩියෙන් බොහෝ භූමිය තිබෙන අතර මේ පැත්තේ ජලය තිබෙන්නේ ඉතා අඩුවෙනි. ඔවුන් මේ ආකාරයට එකිනෙකා අතර ගැටුම් ඇති කර ඉන්පසුව සිවිල් යුද්ධ ඇති වෙයි. බොහෝ සටන් කිරීම් තිබේ. ඔබ පියාගේ දරුවන් වන විට ඔබ අපහාසද විඳිය යුතුයි. ඔබ දැන් කලංගිදාර් වන බව, පියා විස්තර කර තිබේ. බාබාට කරන ආකාරයෙන්ම ඔබටද අපහාස කෙරෙයි. ඔබ ලෝකයේ අධිපතියන් වීමට සිටින බව, ඒ දුප්පත් අසරණ මිනිසුන් නොදනී. උපත් 84හි කාරණාව ඉතා පහසුයි. පිදුම් ලබන්නට සුදුසු වන අය ඔබලා වන අතර ඉන්පසුව පිදුම් ලබන්නේ ඔබලාය. කෙනෙකුගේ බුද්ධියට කිසිවක් ධාරණය කරගැනීමට නොහැකි නම්, එය නාටකයේ ඔහුගේ චරිත කොටස බව කියයි. එයට යමෙක් කුමක් කරන්නද? ඔබ කෙතරම් වෙහෙස වුණත් ඔහුට කොහෙත්ම ඉහළට නැඟගත නොහැක. උත්සාහ දරණ ලෙස ඔහුව දිරිමත් කෙරෙන නමුත් එය ඔහුගේ භාග්‍යයේ නොමැත. රාජධානියක් ස්ථාපිත කෙරෙන අතර සියලු දෙනාම එයට අවශ්‍ය වනවා. ඔබ මේ ආකාරයෙන් සිතා නිහඬව සිටිය යුතුයි. කිසි කෙනෙක් සමග ගැටුමක් නොතිබිය යුතුයි. ඔබ සෙනෙහසින් විස්තර කළ යුතුයි එය නොකරන්න. එය කරන්නේ නම්, ඔබගේ තත්ත්වය තවත් පහළට බසී. සවන් දෙන්නේ ජීවාත්මයයි. ඇතැම් විට ඔබ කෙනෙකුට යම් හොඳ දෙයක් පැවසූ විට, ඔහු නොසන්සුන් වෙයි. එසේ නම් ඔබ ඔහුව අත්හල යුතුයි. කෙනෙක් එවැනි නම් ඔහු දිගටම අන් අයට කරදර කරයි. එය අවසානය තෙක් දිගටම පවති. දිනෙන් දින, මායා වඩාත් දරුණු වෙයි. මායාද මහාරතී කෙනෙක් වී, මහාරතීන් සමග සටන් කරයි. මායාගේ කුණාටු පැමිණෙන විට, පියාව සිහිපත් කිරීමේ පුහුණුව වර්ධනය කරගන්න, එවිට ඔබ සම්පූර්ණයෙන්ම අචලව, නොසැලී සිටියි. මායා ඔබට කරදර කරන බව ඔබට වැටහෙන නමුත් ඔබ නොබියව සිටිය යුතුයි. කලංගිදාර් වීමට සිටින අයට අපහාස කෙරෙයි, නමුත් ඔබ ඉන් කලබල නොවිය යුතුයි. එය පාරිශුද්ධත්වය පිළිබඳ කාරණාවක් නිසා, මාධ්‍යවේදීන්ට ඔබට විරුද්ධව ඕනෑම දෙයක් පල කළ හැක. අහිංසක අයට පහර දෙයි. අකාසූර් සහ බකාසූර් යන රකුසන්ගේ නම් තිබේ. පුට්නා සහ සුප්නකා යන ස්ත්‍රී රකුසන්ගේ නම් පවා තිබේ. ප්‍රථමයෙන්ම ඔය දරුවන් පියාගේ ප්‍රශංසාව ගැන කියයි. අසීමිත පියා පවසන්නේ ඔබ ජීවාත්මයි. පියා හැර වෙනත් කිසිම කෙනෙකුට ඔබට මෙම ඥානය ලබා දිය නොහැක. නිර්මාණකරු සහ නිර්මාණය පිළිබඳ ඥානය, ඔබ ස්ව-දර්ශන චක්‍රධාරීන් සහ ලෝකයේ පාලකයන් බවට පත් වන ඉගෙනුමයි. ආභරණ අයත් වන්නේද ඔබටයි, නමුත් ඔය බ්‍රහ්මනයන් උත්සාහ දරන්නන්ය. මෙම ආභරණ, විෂ්ණුට ලබා දී තිබෙන්නේ මේ නිසයි. ජීවාත්මයක් යනු කුමක්ද සහ පරමාත්ම ජීවය යනු කුමක්ද, පිළිබඳ සියලුම දේවල්, වෙනත් කිසිවෙකුට ඔබට කියා දිය නොහැක. ජීවාත්ම පැමිණියේ කොහේ සිටද? ජීවාත්මයක් සිරුරක් හැර යන්නේ කෙසේද? විටෙක ඔවුන් පවසන්නේ, ඔහු ඇස් දෙකින් පිටව ගිය බවයි, තවත් විටෙක නළලින් සහ ඇතැම් විට ඔවුන් පවසන්නේ හිස් කබලින් පිට වූ බවයි. කිසිවෙකුට මෙය දැනගත නොහැක. පියාගේ සිහි කිරීමේ අසුන්ගෙන සිටින අතර, ජීවාත්මය තම සිරුර හැර යන බව, ඔබ දැන් දන්නවා. ඔබ පියා වෙතට විශාල සතුටකින් යා යුතුයි. සර්පයාගේ නිදසුන මෙන් ඔබ සතුටින් තම පැරණි සිරුරු හලා දැමිය යුතුයි. සතුන්ට තිබෙන නුවණවත් මනුෂ්‍යයන්ට නැත. ඒ සන්යාසීන් ආදීන් නිකම්ම එම නිදසුන් දෙයි. පියා පවසන්නේ ඔබ, කෘමීන්ව පරිවර්ථනය කරන ගුම්නද දෙන සලබයන් මෙන් විය යුතුයි. ඔබත් මනුෂ්‍ය කෘමීන්ගෙන් ඔවුන්ව පරිවර්ථනය කළ යුතුයි. ඔබ නිදසුන් පමණක් නොදිය යුතුයි, එය ප්‍රායෝගිකව සිදුකළ යුතුයි. ඔය දරුවන් දැන් ආපසු නිවස බලා යා යුතුයි. පියාගෙන් ඔබට උරුමය හිමි වනවා, එබැවින් එම සතුට ඔබ තුළ තිබිය යුතුයි. ඒ මිනිසුන් උරුමය ගැන නොදනී. සියලු දෙනාටම සාමය ලැබෙයි සියලු දෙනාම සාම දේශයට යයි. පියා හැර, වෙනත් කිසිවෙකුට සියලු දෙනාටම විමුක්තිය පිරිනැමිය නොහැක. ඔබ මෙසේද පැහැදිලි කළ යුතුයි ’ඔබ අයත් වන්නේ හුදකලා මාර්ගයට වන අතර ඔබ උත්සාහ දරන්නේ බ්‍රහම් තත්ත්වයට මුසු වීමටයි. පියා, නිර්මාණය කරන්නේ ගෘහස්ත මාවතයි. ඔබට සත් යුගයට යාමට නොහැක. ඔබට මෙම ඥානය කිසිවෙකුට විස්තර කිරීමට නොහැකි වෙයි.‘ මෙය ඉතා ගැඹුරු දෙයකි. ප්‍රථමයෙන් ඔබ අන් අයට ඇල්ෆා සහ බීටා යන පාඩම් කියා දිය යුතුයි. ඔවුන්ට කියන්න ඔබට පියවරුන් දෙදෙනෙකි සීමිත කෙනෙක් සහ අසීමිත කෙනා. ඔබ පාපය තුළින් සීමිත පියෙකුට දාව උපත ලබයි. බොහෝ දුක ලැබෙයි. සත් යුගයේ අසීමිත සතුට තිබේ. එහිදි ඉපදීම වෙඬරු මෙන් සුමටයි. දුක පිළිබඳ ප්‍රශ්නයක් නැත එහි නාමයම දෙව්ලොවයි. ඔබට අසීමිත පියාගෙන් අසීමිත ආධිපත්‍යයේ උරුමය ලැබෙයි. ප්‍රථමයෙන් සතුට තිබෙන අතර පසුව දුක තිබෙයි. ප්‍රථමයෙන් දුක තිබී ඉන්පසුව සතුට තිබෙන බව පැවසීම වැරදිය. ප්‍රථමයෙන් ස්ථාපිත වන්නේ නව ලෝකයයි. ස්ථාපිත වන්නේ පැරණි ලෝකය නොවෙයි. කෙනෙක් පැරණි ගොඩනැගිල්ලක් තනයිද? නව ලෝකයේ, රාවනට සිටිය නොහැක. පියා මෙසේද විස්තර කරයි මේ සියලුම ක්‍රමවේද ඔබගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. අසීමිත පියා, ඔබට අසීමිත සතුට ලබාදෙයි. ඔහු එය ලබා දෙන්නේ කෙසේද? එන්න, එවිට අපි ඔබට පහදා දෙන්නම්. ඔබට මෙය විස්තර කිරීමේ ක්‍රමවේද තිබිය යුතුයි. ඒවගේම දුක් ලෝකයේ තිබෙන විවිධ මාදිලියේ දුක් පිළිබඳ දර්ශනයක්ද ඔවුන්ට ලබාදෙන්න. බොහෝ දුක තිබේ! එය අසීමිතයි, එහි නාමයම වන්නේ දුක් දේශයයි. කිසිවෙකුට මෙය සතුටු දේශය ලෙස හැඳින්විය නොහැක. ශ්‍රී ක්‍රිෂ්ණා සිටින්නේ සතුටු දේශයේය. ක්‍රිෂ්ණාගේ දේවාලය පවා සතුටු දේශය ලෙස හැඳින්වෙයි. ඔහු සතුටු දේශයේ පාලකයා වූ අතර දේවාල වල ඔහු දැනුදු පිදුම් ලබයි. මෙම බාබා, දැන් ලක‍්ෂ්මි නාරායන් දේවාලයට යන්නේ නම්, ඔහු මෙසේ කියයි ’අපුරුයි! මා මෙය බවට පත් වීමට යනවා!‘ ඔහු දැන් ඔවුන්ව වන්දනා නොකරනු ඇත. ඔහු අංක එක බවට පත්වෙමින් සිටිනවා, එබැවින් ඔහු දෙවන හෝ තුන්වන අයව වන්දනා නොකරනු ඇති. ’මා සූර්ය වංශයේ කොටසක් බවට පත්වෙමින් සිටිනවා.‘ මිනිසුන් මෙය නොදනී ඔවුන්, සියලු දෙනාව දෙවියන් ලෙස හඳුන්වයි. බොහෝ අන්ධකාරය තිබේ! ඔබ ඉතා හොඳින් විස්තර කරයි. එයට කලක් ගත වනවා. පෙර කල්පයේ ගතවූ කාලයම, ගත වනු ඇත. කිසිදෙයක් හදිසි කළ නොහැක. ඔබගේ වර්තමාන උපත, දියමන්තියක් වැනිය. දේවතාවන්ගේ උපත වුවද, දියමන්තියක් වැනි බව කිව නොහැක. ඔවුන් දෙවියන්ගේ පවුලේ නැත. මෙය ඔබගේ දේවමය පවුල වන අතර එය, ඔබගේ දිව්‍යමය පවුලයි. මේවා බොහෝ සේ නව කරුණුය. ගීතාවේ එය, පිටි ගෝනියක ඇති ලුණු පිංචක් වැනිය. ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කිරීමෙන් මිනිසුන් විශාල වැරදීමක් සිදුකර තිබේ. ඔවුන්ට කියන්න ඔබ දේවතාවන්ව, දේවතාවන් ලෙස හඳුන්වයි, එසේ නම් ඔබ ක්‍රිෂ්ණාව, දෙවියන් ලෙස හඳුන්වන්නේ ඇයි? විෂ්ණු යනු කවරෙක්ද? ඔබට මෙය වැටහෙයි. මිනිසුන් නිකම්ම ඥානය නොමැතිව භක්තියේ යෙදෙයි. වඩාත්ම පෞරාණික අය, දේවතාවන් වන අතර ඔවුන් පෙර කල වාසය කළේ දෙව්ලොවයි. සියලු දෙනාම සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්ව හරහා යා යුතුයි. මෙකල සියලු දෙනාම තමෝප්‍රධාන්ය. ඔය දරුවන්ට බොහෝ කරුණු විස්තර කෙරෙනවා. බැජය භාවිත කර, ඔබට ඉතා හොඳින් විස්තර කළ හැක. ඔබ පියාව සහ ඔබට උගන්වන ගුරුවරයාව සිහිකළ යුතුයි. කෙසේවෙතත්, මායා සමග විශාල කඹ ඇදිල්ලක් තිබේ. බොහෝ ඉතා හොඳ කරුණු නොකඩවා මතු වෙයි. ඔබ කිසි දෙයකට සවන් නොදෙන්නේ නම්, ඔබ එම කරුණු පහදා දෙන්නේ කෙසේද? සාමාන්‍යයෙන් මහාරතීන් සංචාරය කරන විට, ඔවුන්ට මුරලියට සවන් දීම අතපසු වෙයි එවිට ඔවුන් එය කියවයි. ඔවුන් පිරි සිටියි. පියා පවසන්නේ මා ඔබට බොහෝ ගැඹුරු කරුණු පවසනවා! ඔබ ඒවාට සවන් දී ඒවා ධාරණය කරගත යුතුයි. ඔබ කිසිවක් ධාරණය කර නොගන්නේ නම්, ඔබ දුර්වලව රැඳී සිටියි. බොහෝ දරුවන් ඥාන සාගරය කලතා, ඉතා හොඳ කරණු පවසයි. ඔවුන්ගේ මනෝ ස්ථීතියට අනුව ඔවුන් කරුණු උකහා ගන්නා බව, බාබා දකියි. මෙම කෙනා කිසිදා පවසා නොමැති සමහර කරුණු, සේවය කළ හැකි දරුවන්ට උකහා ගත හැක. ඔවුන් සේවයේ නියැලී සිටියි. සඟරාවේද බොහෝ හොඳ කරුණු පල කෙරෙයි. ඉතිං, ඔය දරුවන් ලෝකයේ අධිපතියන් වෙයි. පියා ඔබව බොහෝ ශ්‍රේෂ්ඨත්වයට පත් කරයි. ගීතයේ මෙසේ කියවෙයි ඔබගේ දෑතේ මුළු ලෝකයේම රැහැන්පට (පාලනය) තිබෙයි. කිසිවෙකුට එය ඔබගෙන් උදුරා ගත නොහැක. ලක‍්ෂ්මි සහ නාරායන් ලෝකයේ අධිපතියන් විය. ඔවුන්ට නිසැකවම ඉගැන්වූයේ පියා විය යුතුයි. ඔවුන් එම රාජකීය තත්ත්වය ලබාගත්තේ කෙසේද කියා ඔබට විස්තර කළ හැක. දේවාල පූජකවරුන් මේවා නොදනී. ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. දෙවියන් සෑම තැනකම නොමැති බවත් ඔබට විස්තර කළ හැක. ඔවුන්ට කියන්න මෙකල්හි පාපයන් පහ සර්ව ව්‍යාප්තයි. මෙම පාපයන් සියලු දෙනා තුළම තිබේ. මායාගේ නරක භූතයන් පහ තිබේ. මායා සර්ව ව්‍යාප්තයි. දෙවියන් සර්ව ව්‍යාප්ත බව ඔබ කියයි. එය වැරදීමකි. දෙවියන් සෑම තැනකම සිටින්නේ කෙසේද? ඔහු ඔබට අසීමිත උරුමය ලබාදෙයි. ඔහු කටු, මල් බවට පරිවර්ථනය කරයි. ඔය දරුවන් අන් අයට විස්තර කිරීම පුහුණු විය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. යම් කෙනෙක් අසාමය පතුරන්නේ හෝ ඔබට කරදර කරන්නේ නම්, ඔබ නිහඬව සිටිය යුතුයි. අනතුරු ඇඟවීමෙන් පසුවත් සමහරු තමන්ව නිවැරදි කර නොගන්නේ නම්, එය ඔවුන්ගේ භාග්‍යය බව පමණක් ඔබට කිව හැක, මන්ද, රාජධානියක් ස්ථාපිත කෙරෙනවා.

2. ඥාන සාගරය කලතා, අළුත් කරුණු උකහා ගැනීමෙන් සේවය කරන්න. පියා ඔබට දිනපතාම පවසන ගැඹුරු දේවල් ඇසීම කිසිදා අතපසු නොකරන්න.

වරදානය:
පාරිශුද්ධත්වය ඔබේ මුල් සහ සදාතනික, විශේෂ ගුණය ලෙස පහසුවෙන් පිළිගෙන නමස්කාරයට සුදුසු ජීවාත්මයක් බවට ඔබ පත් වේවා.

නමස්කාරයට සුදුස්සෙකු වීමේ විශේෂ පදනම පාරිශුද්ධත්වයයි. ඔබ සියලු ආකාරයේ පාරිශුද්ධත්වය වැඩි වැඩියෙන් අනුගමනය කරන තරමට, සෑම ආකාරයකින්ම නමස්කාරයට සුදුසු වනු ඇත. විනයක් ඇතිව තම මුල්ම සහ සදාතනික ගුණධර්මයක් ලෙස පාරිශුද්ධිය පිළිපදින්නෝ විනයානුකූලවම වැඳුම් පිදුම් ලබන්නෝ වෙති. ග්‍යානී සහ අග්‍යානී(දැනුම නැති) ජීවාත්මයන් ඇසුරු කරන, ඔවුන්ගේ පිරිසිදු ආකල්ප, දැක්ම සහ චිත්ත තරංග යොමු කරමින් තම නෑ සබඳතා සහ සම්බන්ධතා නිසි ලෙස සපුරාලන සහ සිහිනෙන් පවා තම පාරිශුද්ධභාවය නොකැඩෙන අය විනයානුකූලව වන්දනා ලබනු ඇත.

පාඨය:
දළ ලෝකයේ ජීවත් වන අතරතුර, අව්‍යක්ත් සුරදූතයෙකු ලෙස සේවය කරන විට ලොවට යහපත සැලසීමේ කාර්යය වඩාත් වේගයෙන් සිදු වනවා ඇත.