03.09.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, කිසිවක් නම සහ හැඩය ඉක්මවන්නේ නැත. ජීවාත්මයන්ට සහ පරමාත්මයට පවා නම සහ
හැඩය ඉක්මවිය නොහැක. ඔවුන් තුළ අවිනාශී චරිත කොටසක් වාර්තාගත වී ඇත.
ප්‍රශ්නය:
හැම කෙනෙක්ම
ශිව බාබා අහිංසක ස්වාමියා ලෙස සිහිකරයි. ඔහුට අහිංසක යැයි කියන්නේ ඇයි?
පිළිතුර:
ගල් බුද්ධිය සහ ගුණ නැති කුදු අය පවා ඉහළ තත්ත්වයට නංවාලීම කරන්නේ පියා පමණක් වන
නිසාය. ඔහු ඔවුන්ට ඔවුන්ගේ උරුමය වන දිව්‍ය රාජ්‍යය දෙයි. මිනිසුන්, පියා දුක සහ
සතුට දෙකම දෙනවා යැයි කියන නමුත් බාබා මෙසේ කියයි: මා ඔබ දරුවන්ට සතුටේ රාජ්‍යය
ස්ථාපණය කරමි. මට කියන්නේ දුක් දුරලන්නා සහ සතුට ලබා දෙන්නා කියාය. ඒ ගැන සිතා
බලන්න පියා වන මා මගේ දරුවන්ට දුක කෙසේ දෙන්නද?
ගීතය:
ඈත දේශයේ
නිවැසියා පිට දේශයට පැමිණ සිටී.
ඕම් ශාන්ති.
ඔබ
ආධ්‍යාත්මික දරුවන් ගීතය ඇසුවා. එනම්, ජිවාත්මයන් ගීතය ඇසුවේ ඔබේ ශරීරයේ ඇති භෞතික
ඉන්ද්‍රියන් වන කන් තුළිනි. ඒ ඈත දේශයේ මගියා පැමිණි බවයි. ඔබ සැම මගියන් නේද?
සියලු මනුෂ්‍යයන්ගේ ජීවාත්ම සත්තාවන් මගියන්ය. ජීවාත්ම සත්තාවන්ට මෙහි ගෙදරක් නැත.
ජීවාත්ම සත්තාවන් අශාරීරිකය. මෙයට කියන්නේ ශරීර ඇති ජීවාත්ම සත්තාවන්ගේ ලෝකය කියාය.
එය ජීවාත්ම සත්තාවන්ගේ ලෝකය වන අතර ජීවාත්ම සත්තාවන් මෙහි පැමිණ ශරීරයට ඇතුළු වු කල
ඔවුන් අශාරීරික බවින් ශාරීරික බවට පත් වේ. ජීවාත්ම සත්තාවන්ට හැඩයක් නැත්තේ නොවේ.
ඔවුන්ට නියතයෙන්ම හැඩයක් සහ නමක් ඇත. එවන් වු කුඩා ජීවාත්ම සත්තාවක් මෙම ශරීරය
තුළින් විශාල චරිත කොටසක් රඟපායි. හැම ජීවාත්ම සත්තාවකටම ඉටු කළ යුතු චරිත කොටස
වාර්තා වී ඇත. තැටියක වාර්තා කළ විට කී සැරයක් නැවත නැවත දැම්මත් එකම වාර්තාව නැවත
නැවත ලැබේ. එමෙන්ම, ශරීර තුළ ඇති ජීවාත්ම සත්තාවද තැටියකි. එහි උපත් 84ක වාර්තාවක්
ඇත. ජීවාත්ම සත්තාවක් අශාරීරික සේම පරම පියා ද අශාරීරිකය. ඇතැම් විට ඔවුන් ආගමික
ලේඛණ වල ලියා ඇත්තේ ඔහු නම හා හැඩය ඉක්මවා ඇති බවයි. කෙසේ වුවද, කිසිවකට නම හා හැඩය
නොමැතිව තිබිය නොහැකිය. මිනිසුන් හිතන්නේ පරම පියා නම සහ හැඩය ඉක්මවා ඇති බවයි.
ඔහුට නමක් නොතිබිණි නම්, ඔහුට හැඩයක් හෝ දේශයක් ද නොතිබුණි. එසේ වූ විට කිසිවක්
නැති වේ. ඔවුන් මෙසේ කෑ ගසයි ඈත දේශයේ නිවැසියාණනි, පරම පිතා පරමාත්මයාණනි. ජීවාත්ම
වසන්නේ ඈත දේශයේය. මෙය වූ කලී රාම රාජ්‍යය සහ රාවණ් රාජ්‍යය යන රජදහන් දෙක තිබෙන
ශාරීරික ලෝකයයි. කල්ප භාගයක් රාම රාජ්‍යය වන අතර කල්ප භාගයක් රාවණ් රාජ්‍යයයි. ඔබ
දරුවන්ට විස්තර කර දී ඇත්තේ දෙවියන්ගේ රජ දහන ආරම්භ වන්නේ සත්යුගයෙන් බවයි. දේව
රාජ්‍යය ස්ථාපනය කරන්නේ පරම පිතා, පරමාත්මාය. ඔහු කිසිවිටෙක රාවණ් රාජ්‍යය නොතනයි.
පියෙක් කවදාවත් තම දරුවන්ට දුක් රජදහනක් තනයිද? ඔවුන් කියන්නේ දෙවියන් දුකත් සතුටත්
දෙනවා කියාය. පරම පියා මෙසේ කියයි මම මගේ දරුවන්ට දුකක් දෙන්නේ කෙසේද? මගේ නමම දුක්
දුරලන්නා සහ සතුට දෙන්නා වෙයි. එය මිනිසුන්ගේ වරදකි. දෙවියන් කෙදිනකවත් දුක ඇති
නොකරයි. මෙකල ඇත්තේ දුක් දේශයයි. රාවණ් රාජ්‍යයේ කල්ප භාගයටම ඇත්තේ දුකයි. සතුට
බිඳක්වත් නැත. සතුටු දේශයේ කවදාවත් දුක නැත. පරම පියා දෙව්ලොව නිර්මාණකයාය. ඔබ දැන්
සිටිනුයේ සංගම් යුගයේය. කිසිවෙක් මෙය නව ලෝකය යැයි නොකියයි. නව ලෝකය යැයි කියන්නේ
දෙව්ලොවටයි. එයම වියපත් බවට පත් විය. යමක් අලුත් පිට තිබී වියපත්ව නරක තත්ත්වයට පත්
වූ විට එය විනාශ කර දැමිය යුතුයි. මිනිසුන් පාපය නම් වූ විෂ සලකන්නේ සතුට ලෙසය.
මෙසේ කියැවේ මා අමෘතය ප්‍රතික‍්ෂේප කර වස බොන්නේ ඇයි? ගුරුනාණක් ද තම ග්‍රාන්ත් නම්
කෘතියේ ද විස්තර කර ඇත්තේ අද ලෝකයේ තත්ත්වය තේරුම් කරමින්, බොහෝ සොරුන් ඇති බවයි.
ඔවුන් පරම පියාගේ පැසසුමද මෙසේ ගයයි ඔබ පැමිණ කරන්නේ යමක් ද එය යහපත්ය. එසේ නොවූ
විට රාවණ් රාජ්‍යයේ දී මිනිසුන් දිගටම නරක දේ කරයි. පරම පියා පැමිණි විට පමණක්
අපිරිසිඳු ඇඳුම් සෝදයි. බොහෝ දේ ග්‍රාන්ත් හි ලියා ඇත. සින්ධිවරු ග්‍රාන්ත් ලේඛණ
තබා ගත්තත් ඔවුන් සිඛ් ආගමට අයත් නොවේ. ඔවුන් අයත් වන්නේ ආදී සනාතන දේවි දේවතා
ධර්මයටයි. සික්වරුන්ගේ ගුරුණානක්ට දිග කෙස් හා රැවුල් ආදිය තිබුණි. එමනිසා, හැම
සිඛ්වරයෙකුටම රැවුල සහ දිග කෙස් තිබිය යුතුය. මෙකල ඔවුන්ට රැවුල නැත. ඔවුන් බොහෝ
විලාසිතා ඇති අය බවට පත් වී ඇත. ඇත්තෙන්ම ඔවුන් ඔවුන්ගේ නායකයා අනුගමනය කළ යුතුයි.
ඔවුන් ගුරුණානක්ගේ අනුගාමිකයන් වන අතර ඔවුන් ඔහුව අනුගමනය කළ යුතුයි. ඔබ දරුවන්
දැන් දන්නවා ගුරුණානක් අවුරුදු 500ක සිට සිටිනා බව. ඔවුන් නැවත එන්නේ කවදාද? ඔබට
මෙය කෙලින්ම කිව හැකියි. කාගෙන් හෝ මෙසේ අසන්න අපට කියන්න, ගුරුණානක් නැවත එන්නේ
කවදාද කියා? ඔවුන් කියාවි ඔහු ආලෝකය තුළ ගිලී ගියා නැවත එන්නේ කෙසේ ද කියා. ඔබට කිව
හැකියි ඔහු නැවතත් අදින් අවුරුදු 4500කින් එන බව. ලෝකයේ ඉතිහාසය සහ භූගෝල චක්‍රය
ඔබේ බුද්ධිය තුළ කරකැවේ. බුද්ධ, ක්‍රිස්තු ආදී සියලු ආගම් වල අය දැන් තමෝප්‍රධාන්
බවට පත් වී ඇති අතර මෙම සොහොනේ සිටින බව කිව හැකියි. මෙය ගිණුම් පියවන කාලයයි. එය
හරියට සියලු මිනිසුන් මළා සේ, හැම කෙනෙකුගේම ආලෝකය නිවී ගියා සේය. පරම පියා සැම
කෙනෙක්ම අවදි කිරීමට පැමිණ සිටී. කාම රාග සෑයේ සිට දැවී අළු වී ගිය තම දරුවන් ඔහු
මේ අමෘතයෙන් නහවයි. ඔහු ඔවුන් අවදි කර ඔහු සමඟම ආපසු එක්කරගෙන යයි. මායා ඔවුන්ව කාම
රාග දර සෑයේ සිටුවා සොහොනේ වළ දමා ඇත. ඔවුන් සියලු දෙනා නින්දේය. පරම පියා දැන් ඔබ
මතට අමෘතය ඉසියි. මේ නිසයි නම ඇත්තේ අම්රිත්සා නගරය කියා. පරම පියා පැමිණ අමෘතය
ඉසියි. ඥාන අමෘතයත් ජලයත් අතර එතරම්ම වෙනසක් ඇත. සිඛ්වරුන්ට උත්සවයක් පැමිණි විට
ඔවුන් එම පොකුණ ඉතා හොඳින් පිරිසිඳු කරයි. එහි ඇති කුණු සහ මඩ සියල්ල ඉවත් කරයි. එම
නිසයි ඔවුන් නම් කර ඇත්තේ, අම්රිත්සා - අමෘත පොකුණ කියා. ගුරුණානක් ඥාන සාගරය නොවේ.
ඔහුද පැසසුවේ පරම පියාවයි. ඔහු මෙසේ කීවා දෙවියන් වූ කලී අශරීරිකයි, සත්‍යයි, සැම
විට සත්‍යය කතා කරන කෙනාය. සත්‍යය නාරායනගේ කතාන්තරය ද තිබේ. සින්ධ් දේශයේ වසනා අය
පිටරටකට යන විට, ඔවුන් පිටත් වීමට පෙර, ඔවුන් සිටින ස්ථානයේ ආගමික පිරිසක් කැඳවා
සත්‍ය නාරායනගේ කතාන්තරය දේශනා කරයි. ඔවුන් විශ්වාස කරන්නේ සත්‍ය නාරායනගේ කතාන්තරය
ඇසූ විට ඔවුන්ට රටින් බැහැරව ගොස් ආරක‍්ෂිතව ආපසු පැමිණිය හැක කියාය. අමරණීයත්වයේ
කතාන්තරය සහ තෙවැනි ඇසේ කතාන්තරය තිබේ. ඔබ භක්ති මාර්ගයේ දී බොහෝ කතාන්තර අසා ඇත.
ඔවුන් කියන්නේ ශංකර් පාර්වතීට කතාන්තර කීවා කියාය. ඔහු සූක‍්ෂම කලාපයේ නිවැසියෙකි.
ඔහු එහි කෙසේ කතාන්තර කියන්නද? පරම පියා මෙහි සිට ඒ සියල්ල විස්තර කරයි. ඇත්තෙන්ම,
මා පැමිණියේ ඔබට අමරණීයත්වයේ කතාන්තරය කියාදී ඔබව අමරණීයත්වයේ දේශයට රැගෙන යාමටයි.
මා ඔබව මරණයේ දේශයෙන් අමරණීය දේශය කරා ගෙන යමි. පාර්වතීට සූක‍්ෂම කලාපයේ දී
අමරණීයත්වයේ කතාන්තරය කියා දීමට ඈ කර ඇති අපරාධය කුමක්ද? ඔබ දැන් තේරුම් ගන්නවා ඔබ
සාමාන්‍ය මනුෂ්‍යයෙක්ව සිට නාරායන වන බවත් සාමාන්‍ය ගැහැණියක්ව සිට ලක‍්ෂ්මි වන
බවත්. මෙය වූ කලී අමරණීය දේශයට යාම සඳහා වූ සත්‍ය නාරායනගේ කතාන්තරය හෙවත් තෙවැනි
ඇසේ කතාවයි. ඔබ ජීවාත්ම සත්තාවන් දැන් ඥානය නම් වූ තෙවැනි ඇස ලබා සිටී. පරම පියා
මෙසේ විස්තර කරයි ඔබ සුන්දරත්වයෙන් සහ වන්දනාවට සුදුසුව සිට උපත් 84ක ඇවෑමෙන්
වන්දනාකරුවන් බවට පත්වූවා. ඒ නිසයි මෙසේ ගැයෙන්නේ ඔබ වන්දනාවට සුදුසුව සිට
වන්දනාකරුවන් බවට පත් වූවා. පරම පියා මෙසේ කියයි මම සදාතනිකව වන්දනාවට සුදුසු වෙමි.
මා පැමිණ ඔබව වන්දනාකරුවන් බවින් වන්දනාවට සුදුසු ලෙස පරිවර්ථනය කරමි. මිනිසුන්
මෙසේ හඬ නඟයි ඕ රාමා, පැමිණ අපව පාරිශුද්ධියට පත් කරන්න! සියලු භක්තිවන්තයින් එය
ඉල්ලා සිටී. ඔවුන් මෙසේ ඉල්ලා සිටී ඕ පාරිශුද්ධකරුවාණනි! ඔබ දැන් තේරුම් ගන්නවා
ගීතාව දේශනා කළේ ක්‍රිෂ්ණා නොවන බව. එකම පරම පියා, පරමාත්මා පමණයි හැම කෙනෙක්ම
පාරිශුද්ධියට පත් කරවන්නේ. ඇත්තේ එකම රාමා කෙනෙක් පමණයි. පරම පියා මෙසේ කියයි
දෙවියන් සර්ව ව්‍යාපී නොවන බව කියන මිනිසුන්ගේ මත දිගටම ලබා ගන්න. ගීතාවේ දෙවියන්
වන්නේ ශිවා මිස ක්‍රිෂ්ණා නොවේ. සියල්ලට පළමුව, ඔවුන්ගෙන් අහන්න දෙවියන් කවුද කියා.
අශරීරික ද, ශාරීරික ද කියා. ක්‍රිෂ්ණා ශාරීරික අතර ශිවා අශාරීරිකය. ඔහු සරළ ලෙස මෙම
ශරීරය ණයට ගනී. ඔහු මවකගේ දරු ගැබෙන් උපදින්නේ නැත. දරු ගැබකින් උපදින අංක එක වන
ජීවාත්ම සත්තාව ක්‍රිෂ්ණා සත්තාවයි. බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර් සූක‍්ෂම ශරීරයි.
ශිවාට ඔහුටම කියා ශරීරයක් නැත. මෙහි මෙම ලෝකයේ ජීවාත්ම සත්තාවන්ට ශාරීරික වූ දේහයන්
ඇත. පරම පියාගේ පැසසුම මෙසේය පාරිශුද්ධකරුවා, සියල්ලටම ගැලවීම ලබා දෙන්නා,
සියල්ලගේම විමුක්තිදායකයා, සියල්ලගේම දුක දුරලන්නා සහ සියල්ලටම සතුට ලබා දෙන්නා.
හොඳයි ඉතින් ඔබට සතුට ලබා ගත හැක්කේ කොහෙන්ද? ඔබ සතුට ලබා ගන්නේ රාවණ් ලෝකය විනාශ
වී, දෙව්ලොව ස්ථාපනය වී ඊළඟ උපතේ දීය. හොඳයි ඔබ විමුක්තිය ලබන්නේ කුමකින්ද?
රාවණ්ගෙන් ලැබෙන දුකෙනි! මෙය දුක් ලෝකයයි. බාබා මඟ පෙන්වන්නා ද වෙයි. ශරීර මෙහිදීම
විනාශයට පත් වී අහවර වේ. ඔහු එවිට ජීවාත්ම සත්තාවන් ආපසු ගෙනයයි. ඔහු හැම කෙනෙක්ම
දුකින් මුදවා, පාරිශුද්ධියට පත් කර ආපසු ගෙදර එක්කරගෙන යයි. යුවළක් විවාහ වී ගෙදර
එන විට පළමුවෙන් ඇතුල්වන්නේ මනාලයාය. පසුව මනාලියයි. පෙරහැර ඉන්පසුවයි. ඔබේ මාලය ද
එසේමය. පළමුවෙන් පුෂ්පය වන ශිව බාබාය. මිනිසුන් පළමුවෙන් මෙම පුෂ්පයට නමස්කාර කරයි.
දෙවනුව බ්‍රහ්මා සහ සරස්වතී නිරූපණය කරන පබළු දෙකයි. ඉන්පසු බාබාගේ උදව්කරුවන්
නිරූපණය කරන ඔබ දරුවන්ය. පුෂ්පය වන ශිව බාබා සිහිකිරීමෙන් සූර්ය වංශික විෂ්ණු මාලය
සැකසෙයි. සරස්වතී සහ බ්‍රහ්මා ඉන්පසු ලක‍්ෂ්මි සහ නාරායන බවට පත් වේ. එනම්, දෙවි
දේවතාවුන්, ක‍්ෂත්‍රියන් ආදියයි. ඉන්පසු ඔබ ක‍්ෂුද්‍රා බවින් බ්‍රහ්මිණ් බවට පත් වී
ඥානය ලැබීම මඟින් නැවත ලක‍්ෂ්මි නාරායන බවට පත් වේ. ඔවුන්ගේ මාලය මෙසේ වෙයි. මේ
බ්‍රහ්මා සහ සරස්වතී රජ සහ රැජිණිය වේ. ඔවුන්ව වන්දනා කරන්නේ ඔවුන් කළ උත්සාහය
වෙනුවෙනි. කිසිවෙක් මෙම මල් මාලය නිරූපණ නොදනී. දිගටම ඔවුන් එසේ ඇට ගනිමින් සිටී.
තවද 16,108ක මාලයක් ද ඇත. එය තබා ඇත්තේ අති විශාල සිද්ධස්ථානවලය. සමහරු එය එක
තැනකින් අදී. බාබා බොම්බායේ ලක‍්ෂ්මි නාරායන සිද්ධස්ථානයට යාමට පුරුදුව සිටියා. ඔහු
එහි ගොස් රාමා යැයි ගයමින් මාලේ ඇට ගණින්න පුරුදුව සිටියා. මුල් පබළුව පුෂ්පය නම්
වූ ශිව බාබාය. මොහු ’රාමා, රාමා‘ යැයි පුෂ්පයට කියමින් මාලේ ඉතිරි කොටසට නමස්කාර
කරයි. ඔහුට කිසිඳු ඥානයක් නොතිබුණි. ක්‍රිස්තියානි පූජකවරු පවා ඇට වැලක් රැගෙන
නිතරම ගනිමින් සිටී. ඔවුන්ගෙන් ඇසුවොත් ඔවුන් ඇට ගණින්නේ කාගේ මාලයේද කියා, ඔවුන්
කියාවි ක්‍රිස්තු සිහිකරමින් කියා. පාප් වහන්සේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ පූජකයා වන අතර
පාප්වරු වෙනුවෙන් ද මාලා ඇත. ඔවුන්ගේ ප්‍රතිමා ද ඇත. පාප් වරුන්ට එතරම්ම ගෞරව ඇත.
ඔවුන්ම නොදනී, ක්‍රිස්තු සත්තාව කොහෙද කියා. ඔබ දන්නවා ක්‍රිස්තු සත්තාව කොහේ හෝ
යාචක ස්වරූපයෙන් සිටින බව. ඔබත් දැන් යාචකයින් වන අතර කුමාරවරුන් බවට පත් වෙමින්
සිටී. භාරතයද කුමාරයෙක්ව සිට දැන් යාචක ස්වරූපයේ හිඳිමින් දැන් නැවතත් කුමාර
තත්ත්වයට පත් වනු ඇත. එකම ආධ්‍යාත්මික පරම පියා පමණි එසේ කර දෙන්නේ. ඔබ මෙහි
අධ්‍යයනය කරමින් උපත් 21කට දෙව්ලොව කුමාරවරු සහ කුමාරියන් බවට පත්වේ. මෙම ඥානය
මඟින් ඔබ මනුෂ්‍ය බවින් දෙවි දේවතා බවට පත් වේ. ඔබ දැන් දන්නවා, සත්යුගයේ
කුමාරයෙක්ව සිටි ශ්‍රී ක්‍රිෂ්ණාව සිට උපත් 84ක ඇවෑමෙන් දැන් යාචක තත්ත්වයට පත් ව
ඇති බව. අවුරුදු 5000කට පෙර දෙවි දේවතාවන් ඉතා ධනවත්ව සිටියා. දැන් නම් ඔවුන්
දුප්පත් යාචකයන් බවට පත් වී ඇත. ඔබ පමණි මේවාට ඇහුම්කන් දෙන්නේ. පරමාත්ම දෙවියන්
කතා කරයි. ඔහු සියල්ලන්ගේම පරම පියාය. ඔබ ඇහුම්කන් දෙන්නේ පරම පියා වන පරමාත්ම
දෙවියන්ටය. ගීතාවේ දී ශිව දෙවියන් කතා කරයි කියනවා වෙනුවට වැරදි ලෙස මෙසේ කියයි
ක්‍රිෂ්ණා දෙවියන් කතා කරයි. පළවෙනි බොරුව ඒක. එම නිසයි මේ ලෝකය ව්‍යාජ යැයි
කියන්නේ. මේ කාල සීමාවේ දී මුළු ලොවම කටු අකුලක් බවට පත් වී ඇත. බොම්බායේ බබුල්නාථ
(මහා කටුව) නමින් සිද්ධස්ථානයක් ද ඇත. පරම පියා පැමිණ මෙම කටු මල් බවට වෙනස් කරයි.
හැම කෙනෙක්ම එකිනෙකාට අනිමින් එනම් දිගටම කාම රාගය නම් වූ කඩුව පාවිච්චි කරන අතර
ලෝකයට කටු අකුලක් යැයි නම් කරන්නේ ඒ නිසාය. සත්යුගය අල්ලාගේ උයන යැයි නම් තැබේ. මල්
වශයෙන් සිටින අය පසුව කටු බවට පත් වී අනතුරුව කටු බවින් මල් බවට පත් වේ. ඔවුන්
සත්යුගයේ දී කිසිදා රාවණ් පඹයා නොපුළුස්සයි. රාවණ් වූ කලී භාරතයේ පැරණිම සතුරාය.
ඔබට සටන ඇත්තේ කල්ප භාගයක්ම ඔබට දුක ලබා දුන් රාවණ් සමඟය. අනතුරුව, මහා යුද්ධයද ඇති
වේ. සත්‍යය දශෙරා උත්සවය සිදු වෙයි. රාවණ් රාජ්‍යය විනාශ වෙයි. එවිට ඔබට රන්
මාලිගාව ලැබේ. ඔබ දැන් රාවණ් පරදවා දෙව්ලොව හිමිකරුවන් බවට පත් වේ. බාබා ඔබට මුළු
ලොව රජදහන නම් වූ වාසනාව ලබා දෙන නිසා ඔහුට ශිවා, සියලු ධන නිධාන අයිති අහිංසක
ස්වාමියා යැයි නම ලැබේ. පරම පියා ගුණයෙන් තොර වූ සියලු දෙනා ගල් බුද්ධියක් සහ කුදු
බවට පත් වූ සියලු දෙනා මුළු ලොව හිමිකරුවන් බවට පත් කරවයි. ඔහු එතරම්ම අහිංසකය. ඔහු
මෙහි පැමිණෙන්නේද අපිරිසිඳු ලොව අපිරිසිඳු ශරීරයකටයි. දෙව්ලොවට නුසුදුසු අයට
පාපයෙන් තොර විය නොහැක. පරම පියා මෙසේ කියයි දරුවනි, මේ අවසන් උපතේ දී දැන්
පාරිශුද්ධියට පත් වන්න. එම පාපය විසක් වන අතර එය ඔබට මුලින්, මැදින් සහ අගින් දුක
ගෙන එයි. ඔබට එය මෙම අවසන් උපතේ දී අත්හැරිය නොහැකිද? මම ඔබට දෙන්නේ ඔබව
අමරණීයත්වයට පත් කරන පැණිය බීමටයි. එය එසේ වී තිබියදීත් ඔබ පාරිශුද්ධියට පත් නොවී
සිටී. ඔබට පාපයෙන්, සිගරැට් වලින් සහ ඇල්කොහොල් වලින් නිදහස්ව සිටිය නොහැකියි.
අසීමිත පරම පියා වූ මා ඔබට මෙසේ කියයි ඔබ මේ එක උපතේදී පාරිශුද්ධත්වයට පත් වුවහොත්
මා ඔබව දෙව්ලොව හිමිකරුවන් බවට පත් කරවනවා. ඔබ දන්නවා පරම පියා පැමිණියේ මුළු ලොවම
දුකින් මුදවා ගෙන ඔබව සාමයේ දේශයට සහ සතුටේ දේශයට ගෙන යාමට බව. දැන් සියලු ආගම්
විනාශ විය යුතුයි. ආදී සනාථන දේවි දේවතා ධර්මය ස්ථාපනය වෙමින් තිබේ. ග්‍රාන්ත් නම්
වූ සිඛ් ලේඛණයේ පරම පිතා පරමාත්මා හඳුන්වා ඇත්තේ අමරණීය ප්‍රතිබිම්බය ලෙසයි. පරම
පියා වූ කලී මහා මරණයයි. අනෙකුත් මරණ ලබා ගන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නමුත් මම සියලු
ජීවාත්ම සත්තාවන්, මා සමඟම නැවත ගෙදර එක්කරගෙන යමි. එම නිසයි මාව මහා මරණය යැයි
හඳුන්වන්නේ. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. මෙම අවසන්
උපතේ දී ඥානය නම් පැණිය පානය කර අමරණීයත්වයට පත් වන්න. දෙව්ලොව යාමට සුදුසු වන්න.
සියලු අයහපත් ඇබ්බැහිකම් අතහරින්න.
2. දැන් මෙම අධ්‍යයනය
සිදු කර උපත් 21කට දෙව්ලොව කුමර කුමරියන් බවට පත් වන්න. සත්‍ය නාරායනගේ කතාන්තරයට
ඇහුම්කන් දී සාමාන්‍ය මිනිසෙකු ගෙන් නාරායන බවට පත් වීමට උත්සාහ කරන්න.
වරදානය:
මෙම දැනුමේ
සියලු රහස් වචන ස්වල්පයකින් පැහැදිලි කිරීම සඳහා ඔබ නිවැරදි සහ බලවත් වේවා.
උපරිම ලෙස බලවත් ඕනෑම
දෙයක් ප්‍රමාණයෙන් ඉතා ස්වල්පයකි. ඒ අන්දමින්ම, ඔබ හඬක් නැඟීමට පෙර, තමන්ව ශබ්දය
ඉක්මවා ස්ථාවර කරගත් විට, ඔබ වචන ස්වල්පයක් පමණක් භාවිතා කළත්, ඒවා නිවැරදි සහ
බලවත් වෙයි. සෑම වදනක් තුළම වචන දහසක වැදගත්කමක් මුසු වී තිබෙන අතර නිෂ්ඵල කතා
ඉබේටම අවසන් වෙයි. සියලු විස්තාරණය අවසන් වන අන්දමට, එක වචනයකින් ඔබට මෙම දැනුමේ
සියලුම රහස් පැහැදිලි කිරීමට හැකි වෙයි.
පාඨය:
ඔබගේ හදවතින්
“බාබා” පැවසීම යනු, සතුට සහ බලය ලැබීමයි.
අව්‍යක්ත සංඥාව: දැන්
ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.
දානපතිගේ දරුවන් ලෙස,
ඔබ සෑම කෙනෙකුටම යමක් දීමේ හැඟීමෙන් පිරී සිටිය යුතුයි. කිසිම විටෙක මෙසේ නොසිතන්න:
‘මේ දේ සිදුවුනොත්, මමත් එය කරන්නම්.’ ‘අවස්ථාව හෝ වාතාවරණය මේ වගෙයි නම්, එවිට මා
මෙය කරනවා.’ දානපතියෙකුගේ සංස්කාර ඇති අයට සියලු දෙනාගේ සහයෝගය ඉබේටම ලැබෙයි.
එබැවින්, ඔය මාස්ටර් දානපතියන්ට අන් අයගෙන් යමක් ලබා ගැනීමේ කිසිම බලාපොරොත්තුවක්
කිසි විටෙක තිබිය නොහැක.