03.11.24    Avyakt Bapdada      Sinhala Murli     25.10.2002    Om Shanti    Madhuban


බ්‍රහ්මින් දිවියේ පදනම වන්නේ පාරිශුද්ධත්වයේ රාජකීයත්වයයි.


අද දින, සෙනෙහස් සාගරය, ඔහුගේ ආදරණීය දරුවන්ව දකිනවා. සෑම තැනකම සිටින, සූක්ෂ්ම, ආධ්‍යාත්මික රැහැනකින් බැද ඇති ඔය සියළුම ආදරණීය දරුවන් ඔබගේ මිහිරි නිවහනට පැමිණ සිටිනවා. සෙනෙහසින් ආකර්ෂණය වී, ඔබ මෙහි පැමිණ ඇති සේම, දරුවන්ගේ සෙනෙහසින් බැද ඇති පරමාත්ම පියාද, පෞද්ගලිකවම ඔය දරුවන් ඉදිරියට පැමිණ සිටිනවා. සෑම තැනකම සිටින සියළුම දරුවන්, දුර ඈත අසුන්ගෙන සිටින අතර සෙනෙහසේ ගැලී සිටින බව, බාප්දාදා දකිනවා. ඔහු ඉදිරියේ පෞද්ගලිකව අසුන්ගෙන සිටින දරුවන් මෙන්ම දුර ඈත අසුන්ගෙන සිටින දරුවන්වත් පියා දකින අතර ඔවුන් ගැන සතුටු වනවා. මෙම ආධ්‍යාත්මික අවිනාශී සෙනෙහස, පරමාත්ම දෙවියන්ගේ මෙම සෙනෙහස, මෙම ජීව අවධාන සෙනෙහස, මුළු කල්පයෙන්ම ඔබ අත්විදින්නේ දැන් පමණයි.

බාප්දාදා සෑම දරුවෙකුගේම පාරිශුද්ධත්වයේ රාජකීයත්වය දකිනවා. බ්‍රහ්මින් දිවියේ රාජකීයත්වය, පාරිශුද්ධත්වයයි. එබැවින් බාබා සෑම දරුවෙකුගේම හිස මත ආධ්‍යාත්මික රාජකීයත්වයේ සංඛේතය, පාරිශුද්ධත්වයේ ආලෝක කිරුළ දකිනවා. ඔය සියළු දෙනාද ඔබගේ පාරිශුද්ධත්වයේ කිරුඵ සහ ඔබගේ ආධ්‍යාත්මික රාජකීයත්වයේ කිරුඵ දකිනවාද? පසුපස අසුන් ගෙන සිටින අය ඒවා දකිනවාද? මෙය, කිරුඵ පැලද සිටින අයගේ ඉතාම අලංකාර සමූහයකි. එය එහෙමයි නේද, පාන්ඩවයන්? කිරුඵ බැබලෙනවා නේද? ඔබ දකින්නේ එවන් සමූහයක් නේද? කුමාරීන්, ඔබ කිරුඵ පැලදි කුමාරීන් නේද? දරුවන්ගේ රාජකීය පවුල ඉතාම ශ්‍රේෂ්ඨ බව, බාප්දාදා දකිනවා. ඔබගේ සදාතනික රාජකීයත්වය මතකයේ තබා ගන්න. ඔය ජීවාත්ම, පරම දනව්වේ වාසය කරන විට, ජීවාත්ම ස්වරූපයේ ඔබගේ ආධ්‍යාත්මික රාජකීයත්වය විශේෂිතයි. සියළුම ජීවාත්මද ආලෝක ස්වරූපයි, නමුත් ඉතිරි ජීවාත්ම සමග සසදන විට, ඔබගේ දීප්තිය ශ්‍රේෂ්ඨයි. ඔබ පරම දනව්ව සිහි කරනවාද? කාලයේ ආරම්භයේ සිටම ඔබගේ දීප්තිය සහ කුල්මත්බව අසහායයි. අහසේ සියළුම තාරකා බැබලෙන ආකාරය සහ ඒවා සියල්ලක්ම ආලෝක බව ඔබ දැක ඇති, නමුත් සියළු තාරකා අතරින්, සමහර විශේෂ තාරකාවන්ගේ දීප්තිය වඩාත් සුන්දරයි, එමෙන්ම අසහායයි. ඒ ආකාරයෙන්ම, අනෙක් සියළු ජීවාත්ම සමග සැසදීමේදි, ඔය ජීවාත්මයන්ගේ දීප්තිය, ඔබගේ ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ දීප්තිය අසහායයි. ඔබට මෙය මතකයි නේද? ඉන්පසුව කාලයේ ආරම්භයට පැමිණෙන්න. ඔබට ආරම්භක කාලය මතක නම්, ඔබගේ දේවතා ස්වරූපය තුල ආධ්‍යාත්මික රාජකීයත්වයේ පෞරුෂත්වය කෙතරම් විශේෂද? කල්පය පුරාම දේවතා ස්වරූපයේ රාජකීයත්වය වෙනත් කිසිවෙකුට තිබෙනවාද? ඔබට ඔබගේ ආධ්‍යාත්මික රාජකීයත්වය සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය මතකයි නේද? ඔය පාන්ඩවයන්ටත් මතකද? ඔබට දැන් මතක් වුණාද? ඉන්පසුව මැද කාල වකවානුවට පැමිණෙන්න. ඉන්පසුව මැද කලයෙන්, එනම් ඔබගේ වන්දනීය රූප සෑදු කාලය වන තඹ යුගයේ සිට එම රාජකීයත්වය හෝ වන්දනීයත්වයේ රාජකීයත්වය තිබෙන වෙනත් රූප තිබෙනවාද? බොහෝ දෙනෙකුගේ රූප තිබේ, ඔබට තරම් නිවැරදි අන්දමට නිසියාකාරව වන්දනා කෙරෙන වෙනත් ජීවාත්ම සිටිනවාද? ඔවුන් ආගමික ශාස්තෘවරු වුනත්, දේශපාලන නායකයන් වුනත්, නළුවන් වුවද, ඔවුන් සියළු දෙනාගේම පිංතූරු නිර්මාණය කෙරෙනවා, නමුත් ඒ එකදු පිංතූරයක වත්, එම රාජකීයත්වය සහ වන්දනීයත්වයේ රාජකීයත්වය ඔබ දැක තිබෙනවාද? ඔය ද්විත්ව විදේශිකයන් ඔබගේ වන්දනාව දැක තිබෙනවාද? ඔබ සියළු දෙනාම එය දැක තිබෙනවාද, නැත්නම් ඔබ ඒ ගැන අසා තිබෙනවා පමණයිද? වෙනත් කිසිම රූපයකට එතරම් නිවැරදි වන්දනා මාන සිදු කිරීම හෝ ආධ්‍යාත්මිකත්වය හෝ දීප්තිය තිබී නැති අතර එවන් රූප කිසිදාක තිබෙන්නේද නැත. ඇයි? ඔබට පාරිශුද්ධත්වයේ රාජකීයත්වය තිබේ. ඔබට පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය තිබේ. අච්චා, ඔබ තමන්ගේම වන්දනාව දැක තිබෙනවාද? ඔබ එය දැක නැත්නම් එය දැක ගන්න! දැන් අවසානයේ සංගම යුගයට පැමිණෙන්න. සංගම යුගයේ පවා ලෝකය පුරාම බ්‍රහ්මින් ජීවිතයේ අත්තිවාරම පාරිශුද්ධත්වයේ රාජකීයත්වයයි. පාරිශුද්ධත්වය නොමැති නම්, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම නොමැති අතර එවිට පරමාත්ම දෙවියන්ගේ සියළු ලැබීම් වල අත්දැකීමද නොමැත. බ්‍රහ්මින් දිවියේ පෞරුෂත්වය පිවිතුරුබවයි, එමෙන්ම පිවිතුරුබව, ආධ්‍යාත්මික රාජකීයත්වයයි. එබැවින් සදාතනිකව සහ ආදිතම වශයෙන්, චක්‍රයේ ආරම්භයේ සිට මැද හරහා අවසානය දක්වාම, මුළු කල්පය පුරාම මෙම ආධ්‍යාත්මික රාජකීයත්වය පැවතෙයි.

එබැවින්, ඔය සෑම කෙනෙක්ම තමන් දෙසම බලන්න. ඔය සෑම කෙනෙකුටම කැඩපතක් තිබෙනවා නේද? ඔබට කැඩපතක් තිබෙනවාද? ඔබට එයින් පෙනෙනවාද? එසේ නම් ඔබ තුල කෙතරම් ප්‍රතිශතයකට පාරිශුද්ධත්වයේ රාජකීයත්වය තිබෙන්නේද කියා එහි බලන්න. පාරිශුද්ධත්වයේ දීප්තිය ඔබගේ මුහුණේ දිස් වෙනවාද? පාරිශුද්ධත්වයේ කුල්මත්බවේ දීප්තිය ඔබගේ හැසිරීම තුල පෙනෙනවාද? කුල්මත්බවේ දීප්තිය යනු කුල්මත්බවයි. ඔබගේ හැසිරීම තුලත්, කුල්මත්බවේ දීප්තිය, ආධ්‍යාත්මික කුල්මත්බව දිස්වනවාද? ඔබ තමන්ව දැක තිබෙනවාද? බැලීමට කෙතරම් කාලයක් ගත වෙනවාද? තත්පරයක්? එසේ නම් ඔබ සෑම කෙනෙක්ම තමන්ව දැක තිබෙනවාද?

කුමාරීන්: ඔබට දීප්තිය සහ කුල්මත්බව තිබෙනවාද? එය හොදයි. ඔබ සියළු දෙනාම නැගිටින්න! සිට ගන්න! සෑම කුමාරි කෙනෙකුටම “ඒක්-වෘත” - එක් අයෙකුට කැප වුනු, කියා ලියා ඇති රතු පාට සළුවක් තිබෙනවා. එය ලස්සණයි නේද? එ්ක්-වෘත යනු පාරිශුද්ධත්වයේ රාජකීයත්වයයි. එසේ නම් ඔබ ඒක්-වෘත යන පාඩම ස්ථිර කරගෙන තිබේද? ඔබ ආපසු ගිය පසු, දුර්වල නොවන්න. දැන් කුමාර්ලාගේ කණ්ඩායම නැගිටින්න! කුමාර්ලාගේ කණ්ඩායමත් හොදයි. කුමාර්ලා ඔවුන්ගේ හදවත් තුල පොරොන්දුවක පටියක් බැද ඇති අතර මෙම කුමාරීන් එය පිටතින් බැද තිබේ. ඔබ පොරොන්දුවක පටිය බැන්දද? එනම් ඔබ නිරන්තරයෙන්, එනම් සෑම විටම පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය තුල රැදී සිටින කුමාර්ලා බවට? එය එහෙමද? “හා ජී!” කියන්න. එය නැද්ද? ඔව්ද? එසේ නැත්නම් ඔබ ආපසු ගිය පසුව ඔබ ටිකක් මන්දගාමී වී ඇති බවට ලිපි එවයිද? එසේ නොකරන්න. ඔබ බ්‍රහ්මින් දිවියක් ගත කරන විට ඔබ සම්පූර්ණ පිවිතුරුව අනිවාර්යෙන් රැදී සිටිය යුතුයි. ඔබ එවන් පොරොන්දුවක් සිදු කර තිබෙනවාද? ඔබගේ පොරොන්දුව ස්ථිර නම්, එක අතක් වනන්න. රූපවාහිනියෙන් ඔබගේ ඡායාරූප ගනු ලබනවා. මන්දගාමී වන අයට මෙම ඡායාරූප එවයි. එබැවින් මන්දගාමී නොවන්න, බොහෝ ශක්තිමත්ව රැදී සිටින්න. ඔව්, ඔබ ශක්තිමත්ය. පාන්ඩවයන් සෑම විටම ශක්තිමත්ය. ශක්තිමත් පාන්ඩවයන්, ඉතා හොදයි.

පාරිශුද්ධත්වයේ ආකල්පය වන්නේ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් තිබීමයි. කෙනෙක් කෙබදු කෙනෙක් වුනත් කම් නැත, පිවිතුරු ආකල්පයක් යනු සුබ පැතුම් සහ පිවිතුරු හැගීම්ය. පිවිතුරු ද්‍රිෂ්ඨියක් තිබීම යනු, සියළු දෙනාව නිරන්තරයෙන් ජීව අවධාන ස්වරූපයෙන් හෝ සුදරදූත ස්වරූපයෙන් දැකීමයි. එබැවින් ආකල්පය, ද්‍රිෂ්ඨිය සහ තුන්වැන්න ක්‍රියාය. එබැවින් ඔබගේ ක්‍රියා වලින්ද නිරන්තරයෙන් සෑම ජීවාත්මයකටම සතුට ලබා දී, සතුට ලබා ගන්න. පාරිශුද්ධත්වයේ ලක්ෂණය මෙයයි. ඔබගේ ආකල්පයේ, ද්‍රිෂ්ඨියේ සහ ක්‍රියා තුල මෙම ධාරණාව තිබිය යුතුයි. කෙනෙක් කුමක් කළත් කම් නැහැ, ඔහු ඔබට දුක දී ඔබට අපහාස කළත්, ඔබගේ යුතුකම කුමක්ද? ඔබ අනුගමනය කළ යුත්තේ දුක දෙන කෙනාවද, බාප්දාදාවද? ඔබ අනුගමනය කළ යුත්තේ පියාව නේද? එසේ නම් බ්‍රහ්ම පියා ලබා දුන්නේ දුකද, සතුටද? ඔහු සතුට ලබා දුන්නා නේද? එසේ නම් ඔය මාස්ටර් බ්‍රහ්ම ලා, ඔය බ්‍රහ්මින් ජීවාත්ම කළ යුත්තේ කුමක්ද? යම් කෙනෙක් ඔබට දුක දෙන්නේ නම්, ඔබ කරන්නේ කුමක්ද? ඔබ දුක ඇති කරනවාද? ඔබ එය කරන්නේ නැද්ද? යම් කෙනෙක් ඔබට බොහෝ දුක දෙන්නේ නම් හෝ බොහෝ අපහාස කරන්නේ නම් ඔබ කුමක්ද කරන්නේ? කෙනෙක් ඔබට බොහෝ අපහාස කරන්නේ නම්, ඔබට එය ටිකක් දැනෙයිද, නැද්ද? ඔය කුමාරීන්ට එය දැනෙයිද? සමහර විට සුළුවෙන්? එබැවින් පියාව අනුගමනය කරන්න. සිතන්න: මගේ යුතුකම කුමක්ද? අන් අයගේ යුතුකම් දෙස බැලීම නිසා ඔබගේ යුතුකම අමතක නොකරන්න. අනෙක් කෙනා ඔබට අපහාස කරනවා, එබැවින් දරා ගැනීමේ දේවියක් (දේවතාවියක්) වන්න; දරා ගැනීමේ දේවතාවක් වන්න, එපමණයි. ඔබගේ දරා ගැනීම නිසා ඔබට අපහාස කළ කෙනා ඔබව වැලද ගනී. දරා ගැනීමට එපමණ බලයක් තිබෙනවා, නමුත් ඔබ ටික කාලයක් එය දරාගත යුතුයි. එබැවින් ඔබ දරා ගැනීමේ දේවතාවන් සහ දේවීන්ය, එහෙම නේද? ඔබ එසේද? නිරන්තරයෙන් මෙම අවධානය තබා ගන්න: මම දරා ගැනීමේ දේවතාවක්. මම දරා ගැනීමේ දේවතාවියක්. එබැවින්, දේවතාවක් යනු ලබා දෙන, පිරිනමන්නෙකි. යම් කෙනෙක් ඔබට අපහාස කරමින් ඔබට ගරු නොකරන්නේ නම්, එවිට එය කසල නේද? නැත්නම් එය හොද දෙයක්ද? එසේ නම් ඔබ එය ගන්නේ ඇයි? කසල යනු, අන් අයගෙන් ගත යුතු දෙයක්ද? යම් කෙනෙක් ඔබට කුණු කසල දෙන්නේ නම්, ඔබ එය ගන්නවාද? ඔබ එය ගන්නේ නැහැ නේද? කෙනෙක් ඔබට ගරු කරන්නේ නැත්නම්, කෙනෙක් ඔබට අපහාස කරන්නේ හෝ ඔබට බැණ වදින්නේ නම්, කෙනෙක් ඔබට බාධා කරන්නේ නම්, ඒ සියල්ල කුමක්ද? එය හොද දෙයක්ද? එසේ නම් ඔබ එය ගන්නේ ඇයි? ඔබ එය සුළුවෙන් ගන්නවා නේද? ඔබ එයින් ටිකක් ගෙන ඉන්පසුව ඔබ මෙසේ සිතයි: “මට එය නොගෙන සිටින්නට තිබුණා.” දැන්, එය ගන්නට එපා! එය ගැනීම යනු, ඔබගේ මනසට එය ධාරණය කරගැනීමයි, එය ඔබට දැනීමයි. එබැවින් ඔබගේ සදාතනික කාලය, ආරම්භක කාලය, මැද කාලය සහ සංගම යුග කාලය මතක් කරගන්න. ඔබගේ පාරිශුද්ධත්වයේ රාජකීයත්වය සහ මුඵ කල්පය පුරාම ඔබගේ පෞරුෂත්වය මතකයට නගා ගන්න. කෙනෙක් කුමක් කළත්, කිසිවෙකුට ඔබගේ පෞරුෂත්වය ගන්නට නොහැක. ඔබට මෙම ආධ්‍යාත්මික කුල්මත්බව තිබෙනවා නේද? ද්විත්ව විදේශිකයන්, ඔබට දෙගුණයක කුල්මත්බවක් තිබෙනවා නේද? ඔබට සෑම දේකම දෙගුණයක කුල්මත්බවක් තිබෙනවා. පාරිශුද්ධත්වයේ දෙගුණයක කුල්මත්බව. දරා ගැනීමේ දේවතාවක් හෝ දේවතාවියක් වීමේ දෙගුණයක කුල්මත්බව. ඔබට දෙගුණයක් තිබෙනවා නේද? සරලව මෙය තුල අමරණීයව රැදී සිටින්න. අමරණීය වීමේ ආශිර්වාදය කිසිවිටෙක අමතක නොකරන්න.

අච්චා, ගෘහවාසීන් වන අය, එනම් යුගල් වන අය - ඇත්ත වශයෙන් ඔබ සිටින්නේ තනිවයි, නමුත් ඔබ යුවලක් ලෙස හදුන්වයි - නැගිටින්න! සිටගන්න. යුගල් වැඩි දෙනෙක් සහ කුමාර් සහ කුමාරීන් අඩු සංඛ්‍යාවක් සිටිනවා. කුමාර්ලාට වඩා බොහෝ වැඩියෙන් යුගල් සිටිනවා. ඉතිං, යුවලනි, බාප්දාදා ඔබට නිවසේ පවුලේ අය සමග සිටීමට උපදෙසක් ලබා දී ඇත්තේ ඇයි? ඔබට යුවලක් ලෙස සිටීමට අවසර දී තිබෙන්නේ ඇයි? ඔබගේ නිවෙස් වල වාසය කිරීමට ඔබට අවසර දී තිබෙන්නේ මන්ද කියා ඔබ දන්නවාද? මන්ද, යුවලක් ලෙස ජීවත් වන අතර, ඔබ මහා මණ්ඩලේශ්වරයන්ව ඔබගේ දෙපා මුල නමස්කාර කරවිය යුතු නිසා. ඔබට මෙතරම් එඩිතරකමක් තිබෙනවාද? ඒ මිනිසුන් කියන්නේ එකට ජීවත් වෙමින් පිවිතුරුව සිටීම අපහසු බවයි, නමුත් ඔබ පවසන්නේ කුමක්ද? එය අපහසුද? නැත්නම් එය පහසුද? (එය ඉතා පහසුයි). ඔබට නිසැකද? නැත්නම් විටෙක පහසුයි විටෙක අපහසුද? මේ නිසයි, නාටකයට අනුව, ඔවුන්ට අභියෝග කිරීම සදහා, බාප්දාදා ඔබ සියළු දෙනාව ලෝකය ඉදිරියේ ආදර්ශ බවට පත්කර තිබෙන්නේ. එබැවින් ඔබගේ ගෘහයන් වල වාසය කරන අතර නිදහස් වන්න. ඔබට අපවිත්‍රබවින් නිදහස්ව සිටිය හැකිද? එබැවින් ඔබ අභියෝගයක් නිකුත් කරන අය නේද? ඔබ සියළු දෙනාම ඔවුන්ට අභියෝග කරන අයයි. ඔබ ඔවුන්ට අභියෝග කරන විට ඇතැම් විට කුමක් සිදුවෙයිද කියා නොදන්නා බව සිතා, ඔබ ටිකක් බියට පත් වන්නේ නැහැ නේද? ලෝකයට අභියෝග කරන්න, මන්ද, එකට වාසය කළත් සිහිනෙන් පවා සුඵවෙන් හෝ අපවිත්‍ර සිතිවිල්ලක් ඇති නොවීම අඵත් දෙයකි. සංගම යුගයේ බ්‍රහ්මින් දිවියේ විශේෂත්වය මෙයයි. එබැවින් ඔබ සියළු දෙනාම ලෝක ප්‍රදර්ශක කුටියේ එවන් නිදසුන්ය. ඔබ සාම්පලයි, නිදසුන්ය. ඔබව දැකීමෙන් ඔවුන්ටත් එසේ විය හැකි බවට ශක්තිය, සියළු දෙනාටම ලැබෙයි. මෙය හොදද? ඔය ශක්තීන් හොදින්ද? ඔබ ස්ථීරයි නේද? ඔබ විටෙක ශක්තිමත් වන අතර විටෙක දුර්වල නැහැ නේද? ස්ථිරයි. ඔබව දැකීමට බාප්දාදාද සතුටු වනවා. සුබ පැතුම්. බලන්න, ඔබගෙන් බොහෝ දෙනෙක් සිටිනවා! ඉතා හොදයි.

දැන් ඉතිරිව සිටින්නේ ගුරුවරුන්. ගුරුවරු නොමැතිව විමුක්තියක් තිබිය නොහැක. ගුරුවරු නැගිටින්න! අච්චා. තවද ඉතා හොද පාන්ඩවයන්ද සිටිනවා. අපූරුයි! ගුරුවරුන්ගේ විශේෂත්වය වන්නේ සෑම ගුරුවරයෙකුගේම මුහුණුවරින් අනාගතය දිස්වීමය. සෑම ගුරුවරයෙකුගේම මුහුණුවරින් සුරදූත ස්වරූපය දිස්විය යුතුයි. ඔබට එවන් මුහුණුවර තිබෙනවා නේද? ඔය සුරදූතයන්ව දැක, වෙන අයත් සුරදූතයන් වෙයි. බලන්න, බොහෝ ගුරුවරු සිටිනවා! විදෙස් රටවල බොහෝ ගුරුවරු සිටිනවා. විදෙස් කණ්ඩායමේ බොහෝ ගුරුවරු සිටිනවා. දැන් ටික දෙනෙක් පැමිණ සිටිනවා. නොපැමිණි අයවත් බාප්දාදා සිහි කරනවා. එය හොදයි. ඔබගේ හැසිරීමෙන් සහ මුහුණෙන් පියාව හෙලිදරව් කරන්නේ කෙසේද කියා, ඔය ගුරුවරු සියළු දෙනාම එකට එකතු වී සැලසුම් සාදන්න. දෙවියන් සෑම තැනකම සිටින බව, ලෝකයේ මිනිසුන් කියන අතර, ඔහු එසේ නොවන බව, ඔබ කියයි. කෙසේවෙතත් බාප්දාදා පවසන්නේ: දැන් කාලයට අනුව, සෑම ගුරුවරයෙක් තුලම පියා ප්‍රායෝගිකව දිස් විය යුතුයි. එබැවින් ඔහු සෑම තැනකම සිටින ලෙස පෙනෙයි, එහෙම නේද? ඔවුන් කවුරු දෙස බැලුවත්, ඔවුන් දැකිය යුත්තේ පරම පියාව පමණයි. පරමාත්ම ජීවය පමණක් දිස්වන අන්දමින්, ඔය ජීවාත්ම පරමාත්ම ජීවය තුල සැගවී සිටිය යුතුයි. මෙය කළ හැකිද? අච්චා, මේ සදහා දිනය කවදාද? දිනයක් නියම කළ යුතුයි, නේද? එබැවින්,මේ සදහා දිනය කුමක්ද? ඔබට කෙතරම් කාලයක් අවශ්‍යද? (අප දැන් පටන් ගන්නම්.) ඔබ ආරම්භ කරයි; එම එඩිතරකම හොදයි, නමුත් ඔබට කෙතරම් කාලයක් අවශ්‍යද? එය දැන් 2002 වසරයි. එබැවින් එය දෙදහස් කීයේ වසර දක්වා වෙයිද? එබැවින්, දැන් ගුරුවරු, ඔබ පියා තුල මුසුව සිටින ලෙස දිස් වීමට අවධානය යොමු කළ යුතුයි. “පරම පියා මා තුලින් දිසවිය යුතුයි.” ඔබ මේ සදහා සැලසුම් සාදනවා නේද? රැස්වීම් පැවැත්වීමට ද්විත්ව විදේශිකයන් දක්ෂයි. දැන් මේ සදහා රැස්වීමක් පවත්වන්න. ඔබ සෑම කෙනෙක් තුලින්ම පරම පියා දිස්වන්නේ කෙසේද ගැන රැස්වීමක් නොතබා, ආපසු නොයන්න. වර්ථමානයේ බ්‍රහ්මකුමාරීන් දිස්වනවා; බ්‍රහ්ම කුමාරීන් ඉතා හොද බව ඔවුන් කියනවා. දැන් ඔවුන්ගේ බාබා කෙතරම් හොදද කියා ඔවුන් දැකිය යුතුයි! ලෝක පරිවර්ථනය සිදුවන්නේ එවිට පමණයි. එබැවින් ඔය ද්විත්ව විදේශිකයන් මෙම සැලසුම ප්‍රායෝගික කරනවා නේද? ඔබ එය කරනවාද? ස්ථිරයි. අච්චා. එවිට ඔබගේ දාදීගේ ආශාවන් ඉටුවෙයි. මෙය හොදද? අච්චා.

බලන්න, ද්විත්ව විදේශිකයන් බොහෝ සේවය කල හැකි අයයි! ඔබ නිසා සියළු දෙනාට සෙනෙහස සහ සිහි කිරීම ලැබෙනවා. බාප්දාදා තුලද - වැඩි සෙනෙහසක් කියා කිව නොහැක - ඔබ වෙනුවෙන් විශේෂ සෙනෙහස තිබේ. ඔහු තුල ඔබ වෙනුවෙන් සෙනෙහස තිබෙන්නේ ඇයි? මන්ද සේවය සදහා උපකරණ වී ඇති ද්විත්ව විදේශික ජීවාත්ම, ලෝකයේ විවිධ කොන් වලට පියාගේ පණිවිඩය ලගා වීමට උපකරණ වී ඇති නිසා. එසේ නොමැති නම්, ලෝකයේ සෑම තැනකම ජීවාත්ම පිපාසාවෙන් රැදී සිටියි. ඔහු භාරතයේ පැමිණි නමුත් විදෙස් රටවල අයට පණිවිඩය ලබා නොදුන් බවට පැමිණිලි දැන් පියාට ලැබෙන්නේ නැහැ. එබැවින් පියාට එන පැමිණිලි අවසන් කිරීමට ඔබ උපකරණයි. කිසිම රටක් මග නොහැරිය යුතු බවට උද්යෝගය ජනක්ටත් තිබෙනවා. එය හොදයි. ඔබ අඩු තරමින් පියාට එන පැමිණිලි අවසන් කරයි. කෙසේවෙතත් ඔබගේ සහකරුවන්ව ඔබ බොහෝ වෙහෙසට පත් කරවයි. ඔබ ඔවුන්ව වෙහෙසට පත් කරනවා නේද? ජයන්ති, ඇය සියළු දෙනාව වෙහෙස කරවනවා නේද? කෙසේවෙතත් මෙම වෙහෙස තුල සතුට මුසු වී තිබෙනවා. ප්‍රථමයෙන් එය මෙවැනිය: “මේ එකම දේ නැවත නැවතත් සිදු කිරීම නොවේද?” කෙසේවෙතත් ඔබ දේශනයක් ලබා දීමෙන් පසුව ආශිර්වාද ලබා පැමිණි විට, ඔබගේ මුහුණ වෙනස් වෙයි. එය හොදයි. දාදිලා දෙදෙනාටම උනන්දුව සහ උද්යෝගය වැඩි කිරීමේ විශේෂතාවය තිබේ. ඔවුන්ට නිශ්චලව අසුන්ගෙන සිටිය නොහැක. තවමත් කිරීමට ඉතිරිව ඇති සේවය තිබෙනවා නේද? ඔබ භාරතයේ හෝ විදෙස් රටවල සිතියම දෙස බලන්නේ නම්, ඔබ සෑම ස්ථානයක්ම සලකුණු කරන්නේ නම්, තවමත් බොහෝ ස්ථාන ඉතිරි වී ඇති බව ඔබට පෙනෙයි. එබැවින් බාප්දාදා සතුටු වන නමුත් ඔහු මෙසේද කියයි: ඔවුන්ව බොහෝ වෙහෙසට පත් නොකරන්න. ඔබ සියළු දෙනාම සේවය කිරීමට කැමති නේද? දැන් කුමාරීන්ද ගුරුවරු වෙනවා නේද? ගුරුවරු, කොහොමත් ගුරුවරුන්ය. කෙසේවෙතත් ගුරුවරු වී නොමැති අය, ගුරුවරු වී, එක් හෝ වෙනත් මධ්‍යස්ථානයක් බලා ගන්නවා නේද? ඔබ බාහු බවට පත් වෙනවා නේද? ද්විත්ව විදේශිකයන් දෙයාකාරයේම කාර්ය සිදු කිරීම පුහුණු වනවා. ඔබට රැකියාවක් තිබෙන අතර ඔබ මධ්‍යස්ථානයක්ද බලා ගන්නවා. මේ නිසයි බාප්දාදා ඔබට දෙගුණයක සුබ පැතුම් ලබා දෙන්නේ. අච්චා.

සෑම තැනකම සිටින උපරිම ලෙස ආදරණීය දරුවන්ට, උපරිම ලෙස සමීප අයට, ආරම්භයේ සිට මේ දක්වා රාජකීයත්වයට අයිතියක් තිබී ඇති අයට, ඔවුන්ගේ මුහුණින් සහ හැසිරීමෙන් පාරිශුද්ධත්වයේ දීප්තිය හෙලිදරව් කරන අයට, සිහි කිරීමේ සිටීමට සහ සේවය වෙනුවෙන් නිරන්තරයෙන් තීව්‍ර උත්සාහ දැරීමෙන්, අංක එක බවට පත් වන අයට, පියා හා සමානව, සියළු බල සහ සියළු ගුණධම් වල නිරන්තර පුතිමූර්ති ලෙස රැදී සිටින අයට, සෑම දිශාවකම සිටින සියළුම දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

බාප්දාදා විදෙස් රටවල සිට පැමිණි ප්‍රධාන ගුරුවරුන් මුණගැසෙමින්: ඔබ සේවය වෙනුවෙන් ඉතා හොද සැලසුම් සාදා තිබෙනවා, මන්ද, ඔබගේ රාජධානිය පැමිණෙන්නේ සේවය සම්පූර්ණ වූ පසුව පමණයි. එබැවින් සේවය සදහා ක්‍රමවේදත් අවශ්‍යයි. කෙසේවෙතත් සේවය සිදු කළ යුත්තේ වචන සමග මෙන්ම මනසින්ය. දෙකම එකට සිදු විය යුතුයි. සේවය සහ ස්ව-ප්‍රගතිය යන දෙකම එකට තිබිය යුතුයි. එවන් සේවය සාර්ථකත්වය සමීපයට ගෙන එයි. ඔබ කොහොමත් සේවය කිරීමට උපකරණයි. ඔබ සියළු දෙනාම තම තමන්ගේ ස්ථාන වල සේවය කරනවා, නමුත් බාබා මේ දැන් ලබා දුන් කාර්යය වෙනුවෙන් සැලසුම් සාදන්න. තමන් තුල සිදුවිය යුතු වර්ධනය සදහා සහ සේවය මෙන්ම, එයට තව එකතු කල යුතු දේ පිලිබදව සැලසුමක් සාදන්න. කෙසේවෙතත් බාප්දාදා සෑම විටම සේවාධාරීන් දැකීමට සතුටු වනවා. සියළුම මධ්‍යස්ථාන හොදින් දියුණු වෙනවා නේද? වර්ධනයක් තිබෙනවා නේද? එය හොදයි. සියළු දේම හොදින් සිදු වෙනවා නේද? එය හොදයි, ඒමෙන්ම එය නොකඩවා තව හොදින් සිදුවෙයි. දැන් එහෙ මෙහෙ විසිරී සිටින සියළු දෙනා එක සමූහයකට ගෙනවිත් ඔවුන්ව ශක්තිමත් කරන්න. සියළු දෙනාටම ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වන්න. ඔබගෙන් සමහරු කුමන සේවයක් සිදු කරමින් සිටියත් කමක් නැහැ, ඔබ බොහෝ විවිධ සැලසුම් සාදයි, ඔබ කොහොමත් එය කරනවා, ඔබ හොදින් ගමන් කරනවා, නමුත් දැන්, ඒ් සියළුම මිනිසුන්ගේ කණ්ඩායමක් බාබා ඉදිරියට ගෙන එන්න, එවිට සේවයේ සාක්ෂි මුළු බ්‍රහ්මින් පවුල ඉදිරියේ තැබිය හැක. මෙය හොදද? කෙසේවෙතත් ඔබ සියළු දෙනාම හොදයි. හොදම අය ඔබලාය. අච්චා.

වරදානය:
ඔබ තුන් ආකාරයක අවධානයේ තිලකයකින්, ඔබගේ මනෝ ස්ථිතිය උසස් කර, ඒ අනුව අචල සහ නොසැලි සිටිත්වා.

බාප්දාදා ඔය සියලුම දරුවන්ට ආකාර තුනක අවධානය ලබා දී තිබේ. එකක්, තමන් පිළිබද අවධානයයි, දෙවැන්න, පියා පිළිබද අවධානය වන අතර තුන්වැන්න ශ්‍රේෂ්ඨ කර්මය පිළිබද අවධානයයි, ඒනම් නාටකය පිළිබද අවධානයයි. මෙම තුන් ආකාරයේ අවධානය නිරන්තරයෙන් තම සිහියේ තබා ගන්න අයට, උසස් මනෝ ස්ථිතියක් තිබෙයි. ජීවාත්මයක් වීමේ අවධානය තිබීම සමගම ඔබට පරම පියා පිළිබද අවධානයත් තිබේ. තවද පියා සමගම නාටකය පිළිබද අවධානය තිබීමත් අවශ්‍යයි. මෙයට හේතුව වන්නේ ඔබගේ කර්මයේ නාටකය පිළිබද දැනුම ඔබට ඇත්නම්, කිසිම චංචල වීමක් සිදු නොවෙයි. පැන නගින සියලු විවිධ අවස්ථා වලදි ඔබ නොසැලී අචලව රැදී සිටියි.

පාඨය:
ඔබගේ ද්‍රිෂ්ඨිය අලෞකික, ඔබගේ මනස සිසිල් සහ ඔබගේ බුද්ධිය දයාවෙන් පිරිපුන් කරගන්න.