03.12.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සිහිකිරීම නමැති වන්දනාව ගැන නොසැළකිලිමත් නොවන්න. ජීවාත්මයන් වන ඔබ පාරිශුද්ධත්වයට පත් වන්නේ බාබා පිළිබඳ සිහිය පිහිටුවා ගැනීමෙන් පමණි. සියලුම ජීවාත්මයන්ට සේවය කිරීම උදෙසා පරමාත්ම පියා පැමිණ සිටී. ඔහු පැමිණියේ ඔවුන්ව පිරිසිදු කර පාරිශුද්ධ කරවීමටයි.

ප්‍රශ්නය:
කෑම සහ ආහාර වේල පිරිසිඳු වන ලෙස ඔබ විසින් රැකිය යුතු අවධානය කුමක්ද?

පිළිතුර:
සත්‍යයේ දේශයට යාම උදෙසා සහ සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් වීම උදෙසා ඔබ බාබා වෙතට පැමිණ ඇත යන අවධානය තිබෙන විට ඔබේ ආහාර පාන පිරිසිඳු වනවා, මන්ද, දේවතාවන් කිසිම විටෙක අපිරිසිඳු දේ කන්නේ නැහැ. සත්‍යයේ දේශය වන පවිත්‍ර ලෝකයේ පාලකයන් වීම උදෙසා ඔබ සත්‍ය බාබා වෙත පැමිණ ඇති නිසා ඔබට අපවිත්‍ර විය නොහැක.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන් වන ඔබෙන් අහනවා මෙතැන හිඳ සිටින විට ඔබ සිහිකරන්නේ කාවද? ඔබේ අසීමිත පියා. ඔහු ඉන්නේ කොහේද? ඔබ ඔහුට කතා කළා: අහෝ පාරිශුද්ධත්වයට පත්කරන්නාණනි! අද කාලයේ සන්යාසීවරු පවා අඬගසනවා: අහෝ පාරිශුද්ධත්වයට පත්කරන්නාණනි, සීතා රාමා, රාමා, අපිරිසිඳු අයව පිරිසිඳු කරන්නාණනි, පැමිණෙන්න! දරුවන් වන ඔබ වටහාගෙන තිබෙනවා ස්වර්ණමය යුගය පිරිසිඳු ලොව සහ කලි යුගය අපිරිසිඳු ලොව බව. ඔබ දැන් හිඳ සිටින්නේ කොහේද? කලි යුගයේ අවසානයේ. එමනිසා, බාබා, පැමිණ අපව පිරිසිඳු කරන්න කියා ඔබ කෑගසා කතාකරනවා. ඉතින්, අපි කවුද? ජීවාත්මයන්. ජීවාත්මයන් වන ඔබ පිරිසිඳු විය යුතුයි. ජීවාත්මයන් වන ඔබ පිරිසිඳු වූ විට, පිරිසිඳු ශරීර ලබනවා. ජීවාත්මයන් වන ඔබ අපිරිසිඳු වූ විට, ශරීරත් අපිරිසිඳු වෙනවා. ශරීර මැටි රූකඩ, එහෙත් ජීවාත්මයන් වන ඔබ අවිනාශීයි. ජීවාත්මයන් මේ ඉන්ද්‍රියන් මාර්ගයෙන් කතා කරනවා සහ අඬගසනවා: අපි ඉතාමත් අපිරිසිඳු වුණා, පැමිණ අපව පිරිසිඳු කරන්න! බාබා ඔබව පිරිසිඳු කරවනවා, කෙසේනමුත්, පසුව රාවණ් නමැති පාපයන් පහ ඔබව අපිරිසිඳු කරවනවා. අප පාරිශුද්ධව සිටි බව බාබා දැන් අපට සිහිකර දෙනවා. උපත් 84ක් ගැනීමෙන් අප දැන් ඉන්නේ අපේ අවසාන උපතේයි. බාබා කියනවා : මම මේ ලෝක මානව වෘක්ෂයේ බීජයයි. ඔබ මට කතා කළා අහෝ උත්තරීතර පියාණනි, උත්තරීතර ජීවාත්මය කියලා. අහෝ දේව පියාණනි, මා ගළවාගන්න! කියාත් ආයාචනා කළා. ඔබ සෑම කෙනෙක්ම මෙය තමන් වෙනුවෙන්ම කියනවා. අපව ගළවාගෙන අපගේ මඟට නායකත්වය සපයන්නා වී නිහඬ දේශය වෙත අපව ගෙන යන්න! සන්යාසීවරුනුත් අහනවා ඔවුන්ට ස්ථිර සහ නිරන්තර සාමයක් තිබෙන්නේ කොහොමද කියලා. තම චරිත කොටස රඟපෑමට ජීවාත්මයන් වන ඔබ පැමිණෙන නිහඬ දේශය ඔබේ නිවහනයි. එහෙ පවතින්නේ ජීවාත්මයන් පමණයි, ශරීරයන් නොවෙයි. ජීවාත්මයන් නිර්වස්ත්‍රයි, ඒ, ශරීරයක් නොමැතිවයි. නිර්වස්ත්‍ර යන්නෙන් ඇඳුම් නැතිව සිටීම අදහස් කෙරෙන්නේ නැහැ. ජීවාත්මයන් එහිදී ශරීරයෙන් නිර්වස්ත්‍රයි. නිර්වස්ත්‍ර සන්යාසීන් මෙය වරදවා වටහා ගැනීමෙන් ඇඳුම් වලින් නිර්වස්ත්‍රව සිටිනවා. බාබා කියනවා : දරුවනි, ජීවාත්මයන් වන ඔබ ශරීරයකින් තොරව අශාරීරික ලෝකයේ වාසය කරනවා. ඊට කියන්නේ අශාරීරික ලෝකය කියලයි. දරුවනි, ඔබ ඉනිමඟේ පහළට එන්නේ කොහොමද කියලා පැහැදිලි කර දෙනවා. ඔබ උපරිම උපත් 84ම ලබනවා. එහෙත් සමහරු ගන්නේ එක් උපතක් පමණයි. තවමත් ජීවාත්මයන් ඉහළ සිට නිරන්තරයෙන් පහළට පැමිණෙනවා. බාබා කියනවා : ඔබව පිරිසිඳු කරලීමට මා දැන් පැමිණියා. දරුවන් ලියුම් ලියන විට, ලියනවා බ්‍රහ්ම බාබා බාරේ, ශිව බාබා කියලා. ජීවාත්මයන්ගේ පියා ශිව බාබායි. බ්‍රහ්මාත් ආදී දේව් ලෙස හැඳින්වෙනවා. බාබා මේ දාදා තුළට ඇතුළු වෙන්නේ කොහොමද කියලා දන්නේ දරුවන් වන ඔබ පමණයි. ඔබ මට කතා කළා : අහෝ පාරිශුද්ධත්වයට පත්කරන්නාණනි, එන්න! ජීවාත්මයන් තම ශරීරයෙන් කතා කරනවා. ප්‍රධානතම දෙය ජීවාත්මයයි. මේ දුක් දේශයයි. මෙහෙ යකඩ යුගයේ තත්ත්වය කොහොමද කියලා බලන්න, කොතැනක හෝ ඉඳගෙන සිටියදීම, එක පාරටම මිනිස්සු මැරෙණවා. මෙහෙදී වෙනව වගේ එහෙදී කිසි කෙනෙකු රෝගාතුර වෙන්නේ නැහැ ඒ දේශයට ගැළපෙනම නම දිව්‍යලෝකයයි. එය එතරම් හොඳ නමක්. එහි නම සඳහන් කරන කොට ඔබේ හදවත සතුටට පත්වෙනවා. ක්‍රිස්තියානි භක්තිකයිනුත් කියනවා පාරාදීසය පැවතුනේ ජේසුතුමා පැමිණීමට වසර 3000කට පෙරාතුව කියලා. මෙහෙ, භාරතීය ජනතාව මොනවත්ම දන්නේ නැහැ. ඔවුන් අති විශාල සතුටකුත් අති විශාල දුකකුත් අත්දකිනවා. ඔවුන් තමෝප්‍රධාන් වෙලා. ඔවුන් පමණයි උපත් 84 ලබන්නේ. අනෙක් ආගම් වල අය එන්නේ චක්‍ර භාගයක් පසු වීමෙන් අනතුරුවයි. චක්‍රයේ ප්‍රථම භාගයේදී දේවතාවන් ජීවත් වූ බව ඔබ දැන් අවබෝධ කර ගන්නවා. ඊට පසුව කිසිම ආගමක් නැහැ. රිදී යුගයේ රාමා සිටින විට ඉස්ලාම් හෝ බෞද්ධ කිසිවෙක් නැහැ. මිනිස්සු දැන් දැඩි අන්ධකාරයකයි ගැලී සිටින්නේ. සරළ ලෙස ඔවුන් ප්‍රකාශ කරනවා ලෝක වකවානුව සියදහස් ගණනක් කියලා. එමනිසා, ඔවුන් සම්පූර්ණයෙන්ම කලබල වෙලා. ඔවුන් විශ්වාස කරනවා යකඩ යුගය තවමත් අනන්තය දක්වා විහිදෙනවා කියලා. යකඩ යුගය දැන් අවසානය කරා එළඹෙනවා සහ ස්වර්ණමය යුගය පැමිණෙනවා. එමනිසා, දිව්‍යලෝක උරුමය දිනාගැනීම උදෙසා ඔබ පියා වෙත පැමිණෙනවා. ඔබ සියලු දෙනාම දිව්‍යලෝකයේ වාසය කළා. දිව්‍යලෝකය ගොඩනැංවීම උදෙසා බාබා පැමිණියා. ඔබ පමණයි දිව්‍යලෝකයට යන්නේ; සියලු දෙනාම නිහඬ දේශයට, නිවහන වෙත යනවා. ඒ සුමිහිරි නිවහනෙහියි පහළට පැමිණ චරිත කොටස් රඟපෑමට පෙර ජීවාත්මයන් වන අප වාසය කළේ. ශරීරයකින් තොරව ජීවාත්මයකට කතා කළ නොහැකියි. එහෙ, ජීවාත්මයන්ට ශරීරයක් නොමැති නිසා, නිහඬතාවය රැකෙනවා. පසුව, චක්‍ර භාගයක් සූර්ය වංශයේ සහ චන්ද්‍ර වංශයේ දේවතාවන් සිටිනවා. ඉන්පසු, තඹ සහ යකඩ යුගයන්හිදී සිටින්නේ සාමාන්‍ය මනුෂ්‍යයිනුයි. ඒ පැවති දේවතා රාජ්‍යය දැන් ගිහින් තියෙන්නේ කොහෙද? කිසි කෙනෙකු දන්නේ නැහැ. ඔබ දැන් පියාගෙන් මේ දැනුම ලබනවා. වෙන කිසිම මනුෂ්‍යයෙක් මේ දැනුම දෙන්නේ නැහැ. බාබා පමණයි පැමිණ මනුෂ්‍යාත්මයන් වන ඔබට මේ දැනුම දෙන්නේ. මෙමඟින් ඔබ දේවතාවන් වෙනවා. ඔබ මෙහි පැමිණියේ සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දේවත්වයට පත්වීම උදෙසායි. දේවතාවන් අපිරිසිඳු ආහාරයක් හෝ බීමක් ගන්නේ නැහැ. ඔවුන් සිගැරට් වගේ දේවල් උරන්නේත් නැහැ. මෙහෙ අපිරිසිඳු මිනිස්සු කරන දේවල් ගැන අහන්නවත් එපා! ඔවුන් හැම ජාතියකම දේවල් කනවා. බාබා දැන් පැහැදිලි කරනවා : මේ භාරතය ඉස්සර සත්‍ය දේශයක්. එය ගොඩනංවන්නේ සත්‍ය පියා විසින්. බාබා පමණයි සත්‍යය යැයි හැඳින්වෙන්නේ. බාබා කියනවා : මා පමණයි මේ භාරතය සත්‍ය දේශයක් කරවන්නේ. නියම දේවතාවන් වන්නේ කොහොමද කියලත් මම ඔබට උගන්වනවා. දරුවො බොහෝ දෙනෙක් මෙහෙ එනවා. මේ නිසයි මේ ගොඩනැඟිලිත් සෑදිය යුතු වන්නේ. අවසානය දක්වාම නොකඩවා වැඩි වැඩියෙන් හදනවා. ගොඩනැඟිලි බොහොමයක් හදනවා සහ සමහරු මිලදී ගන්නවා. බ්‍රහ්මා මාර්ගයෙන් ශිව බාබා මේ කාර්යය කරගෙන යනවා. තම උපත් ගණනාවකින් අවසානම උපතේ සිටින නිසා තමයි මේ බ්‍රහ්මා කැතවෙලා තියෙන්නේ. නැවතත් ඔහු ලස්සන වෙනවා. ක්‍රිෂ්ණාව කැතටත් ලස්සනටත් පෙන්වන පින්තූරයක් තිබෙනවා. කෞතුකාගාරයේ ඉතා දිග සහ ලස්සන පින්තූර තිබෙනවා. මේ පින්තූර ඕනෑම කෙනෙකුට ඉතා හොඳින් පැහැදිලි කර දීමට ඔබට පුළුවන්. මෙහෙ හදපු කෞතුකාගාරයක් බාබාට නැහැ. මෙය තමයි නිහඬ කුළුණ නම් වනුයේ. ඔබ දන්නවා තමන් නිහඬ දේශයට, තම නිවහනට යන බව. ඒ ඔබ වාසය කරන තැනයි. පසුව මෙහි පැමිණ ශරීරයක් ගෙන තම චරිත කොටස රඟපානවා. ප්‍රථමයෙන්ම, දරුවන් වන ඔබට විශ්වාසය තිබිය යුතුයි මේ මුනිවරයින්ගේ හෝ ධාර්මික මිනිසෙකු කරන ඉගැන්වීමක් නොවන බව. මේ දාදා වාසය කරන්නේ සින්දු ප්‍රාන්තයේයි. නමුත් ඔබට කතා කිරීම උදෙසා ඔහුට ඇතුළු වන්නා ඥාන සාගරයයි. කිසි කෙනෙකු ඔහුව හඳුනාගන්නේ නැහැ. ’දෙවියන්, පියාණන්‘ කියමින් ඔවුනුත් කෑගැසුවා. තවමත් ඔවුන් කියනවා ඔහුට නමක්, ස්වරූපයක් නැහැ, ඔහු අශාරීරිකයි කියලා. පළමුවෙන්ම ඔවුන් කිව්වේ ඔහුට කිසිම ස්වරූපයක් නැහැ කියලා. පසුව ඔවුන් කියනවා ඔහු හැම තැනම ඉන්නවා කියලා. උත්තරීතර ජීවාත්මය ඉන්නේ කොහෙද කියලා ඔවුන්ගෙන් අහන්න. එවිට, ඔවුන් පිළිතුරු දෙයි ඔහු හැම තැනම ඉන්නවා, හැම කෙනෙක් තුළම ඉන්නවා කියලා. නමුත් හැම කෙනෙක් තුළම ජීවාත්මයක් තියෙනවා. සෑම ජීවාත්මයක්ම සහෝදරයෙක්. එමනිසා, උත්තරීතර ජීවාත්මය සෑම කුඩා කොටසකම ඉන්නේ කොහොමද? හැම කෙනෙක් තුළම ජීවාත්මයක් වගේම උත්තරීතර ජීවාත්මයක් ද සිටින බව කිව නොහැකියි. ඔබ පියාට, උත්තරීතර ජීවාත්මයට කතා කළා : බාබා, පැමිණ අපිරිසිඳු අපව පිරිසිඳු කරන්න. ඔබ මට කතා කළා, පැමිණ අප සියලු දෙනාවම පිරිසිඳු කරන්න. මේ කාර්යය, මේ සේවය මා විසින් කරවා ගැනීම සඳහා ඔබ මට මේ අපිරිසිඳු ලෝකෙට ආරාධනා කළා. ඔබ කියනවා බාබා, අප අපිරිසිඳුයි. බාබා පිරිසිඳු ලෝකය දැකලවත් නැහැ. ඔබට සේවය කිරීම සඳහා ඔහු අපිරිසිඳු ලෝකෙට එනවා. මේ රාවණ් රාජ්‍යය දැන් විනාශය කරා යනවා. රාජයෝගා ඉගෙන ගන්නා ඔබ සියලුදෙනා රජවරුන්ගෙත් රජවරු වෙනවා. ගැණිය නොහැකි වාර ගණනක් ඔහු ඔබට මෙය උගන්වා තිබෙනවා සහ අවුරුදු 5000කට පසුව නැවතත් ඔහු ඔබට උගන්වනවා. ස්වර්ණමය සහ රිදී යුග රාජ්‍යයන් දැන් නිර්මාණය වෙනවා. පළමුව තියෙන්නේ බ්‍රාහ්මණ වංශයයි. බ්‍රහ්මා, මනුෂ්‍යත්වයේ පියා සිහි කෙරෙනවා. ඔහු ආදම් සහ ආදී දේව් හෙවත් පළමු දේවතාවා ලෙසත් හැඳින්වෙනවා. කිසි කෙනෙකු මෙය දන්නේ නැහැ. ගොඩක් අය මෙහෙ පැමිණ මේවාට සවන් දී පසුව මායාට යටත් වෙනවා. චරිතවත් ජීවයන් වනවා වෙනුවට, ඔවුන් පාපකාරී ජීවයන් වෙනවා. මායා ඉතා බලවත්; ඇය හැම දෙනාවම පාපකාරී ජීවයන් කරවනවා. මෙහෙ පිරිසිඳු චරිතවත් ජීවයන් සිටින්න බැහැ. දේවතාවන් පිරිසිඳු ජීවයන්. හැම කෙනෙක්ම අපිරිසිඳු වූ විට තමයි ඔබ පියාට කතා කරන්නේ. මේ රාවණ් රාජ්‍යයේ අපිරිසිඳු ලෝකයයි. මෙය කටු කැලෑව ලෙසත් නම් කෙරෙනවා. ස්වර්ණමය යුගය මල් වත්ත ලෙස හැඳින්වෙනවා. පළමු පංතියේ මල් ගොඩක් මුග්හාල් මල් වත්තේ (දිල්ලි වල තියෙන ප්‍රසිද්ධ මල් වත්තක්) තියෙනවා. එහිදී අක් මල් පවා ඔබට සොයාගත හැකියි. නමුත් ඒවායෙහි යථාර්තය හෝ එම මල් ශිවාට පූජා කරන්නේ මන්ද කියා හෝ පැහැදිලි කර දිය හැකි කෙනෙක් නැහැ. බාබා මෙහි හිඳ මෙය පැහැදිලි කර දෙනවා. මා උගන්වන විවිධාකාර මල් වර්ග එහෙ තියෙනවා. පළමු පංතියේ සුවඳවත් මල් තියෙනවා. සමහර ඒවායෙහි සුවඳක් නැහැ සහ සමහර ඒවායෙහි තියෙන්නේ නරක ගන්ධයක්. ඒවා අක් මල්. හැම කෙනෙක්ම අනුපිළිවෙලයි. එමනිසා, මීට කියන්නේ දුක් දේශය, මරණීය දේශය කියලයි. ස්වර්ණමය යුගය අමරණීය දේශයයි. මේ කිසි දෙයක් ආගමික ග්‍රන්ථ වල සඳහන් වෙලා නැහැ. මේ දාදා ආගමික ග්‍රන්ථ ඉගෙනගත්තා නමුත් බාබා ඔබට ග්‍රන්ථ වලින් උගන්වන්නේ නැහැ. බාබා තමයි ගැළවීම ලබාදෙන්නා. සමහර විට ඔහු ගීතාව ගැන සඳහන් කරනවා. දෙවියන් කියූ ගීතාව සියලුම ග්‍රන්ථයන්ගේ ආභරණය වුවත් භාරතීය ජනතාව දෙවියෝ කියන්නේ කවුද කියා දන්නේ නැහැ. බාබා කියනවා : මා ඔබට පරාර්ථකාමීව සේවය කරනවා සහ මා ඔබව ලෝක පාලකයින් කරවනවා. මා, මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. දිව්‍යලෝකයේ සිටින විට ඔබ මා සිහිකරන්නේ නැහැ. ඔබ සියල්ලෝම නොසතුටින් සිටින විට මා සිහිකරනවා. කිසි කෙනෙක් සතුටින් සිටින විට මා සිහිකරන්නේ නැහැ. මෙය තමයි දුක සහ සතුට අතර ක්‍රීඩාව. දිව්‍යලෝකයේ වෙන කිසිම ආගමක් නැහැ. ඒ සියලුම ආගම් එන්නේ ඊට පසුවයි. ඔබ දන්නවා මේ පැරණි ලෝකය දැන් විනාශයට පත්වෙන්නයි යන්නේ. ඉතා දරුණු මුහුණුවරකින් පැමිණෙන බොහෝ ස්වභාවික උපද්‍රව සහ කුණාටු එහි හට ගන්නවා. හැමදෙනාම විනාශයට පත් වෙනවා. එමනිසා, ඔබව අසංවේදී ජීවාත්මයන් බවින් සංවේදී බවට පත්කරලීමට බාබා දැන් පැමිණ සිටිනවා. බාබා ඔබට බොහෝ සම්පත් ලබා දුන්නා. ඒ සේරම ගියේ කොහේද? ඔබ දැන් සම්පූර්ණයෙන්ම වස්තු භංගත්වයට පත්වෙලා. රත්තරන් ගේ කුරුල්ලෙකු ලෙසින් හැඳින්වූ භාරතය දැන් කුමක් බවට පත්ව ඇත්ද ? පාරිශුද්ධත්වයට පත්කරන්නා පැමිණ නැවත වතාවක් රාජයෝගා උගන්වනවා. ඒ හතායෝගා සහ මේ රාජයෝගා. මේ රාජයෝගා, ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයටමයි, එහෙත් ඒ හතායෝගා, පුරුෂයින්ට පමණයි. බාබා කියනවා : ඔබ දැන් උත්සාහ දරා අනිවාර්යෙන්ම ලෝක පාලකයින් වන බවත් මේ පැරණි ලෝකය දැන් අනිවාර්යෙන්ම විනාශ වෙන්න යන බවත් හැමෝටම පෙන්විය යුතුයි. දැන් ඉතාම කෙටි කාලයයි ඉතිරිව ඇත්තේ. පැමිණෙන යුද්ධය අවසාන යුද්ධය විය හැකියි. මේ යුද්ධය ඇරඹුණු මොහොතට කිසිවෙකුට එය නැවැත්විය නොහැකියි. ඔබ කර්මටීට් තත්ත්වයට එළඹුණු මොහොතට සහ දිව්‍යලෝකයට යාමට ඔබ වටිනා වූ විට, එය ආරම්භ වේ. නැවතත් බාබා කියනවා : ඔබේ සිහිකිරීම නමැති වන්දනාව ගැන නොසැළකිලිමත් නොවන්න. මින් තමයි මායා ඔබට බාධක එල්ල කරන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියාගෙන් හොඳින් ඉගෙනුම ලබා ප්‍රථම පන්තියේ මලක් වන්න. මේ කටු කැලෑව මල් වත්තක් බවට පත් කරවීමට පියාගේ සම්පූර්ණ උදව්කරුවෙක් බවට පත් වන්න.

2. කර්මටීට් තත්ත්වය සහ දිව්‍යලෝකයේ උසස් අයිතියක් ලැබීම උදෙසා, සිහිකිරීමේ වන්දනා ගමනේ රැදී සිටින්න, නොසැළකිලිමත් නොවන්න.

වරදානය:
ඔබේ හිස මත පියාගේ ආශිර්වාදයේ හස්තය නිරතුරුවම අත්විඳිමින් ඔබ අධිපති බාධක විනාශ කරන්නෙකු බවට පත් වේවා.

ගනේෂ් බාධක විනාශ කරන්නා ලෙස හැඳින්වේ. සියලු බල ඇත්තන් හට බාධක විනාශ කරන්නන් බවට පත්විය හැකිය. එක එක බලය ඒ අවස්ථාවේ අවශ්‍යතාවයට අනුව භාවිත කරන්න, කිසිම බාධකයකට එවිට රැඳී සිටීමට නොහැකි වනු ඇත. මායා මොනතරම් ස්වරූප ගත්තත්, "දැනුමෙන් පිරි" වී සිටින්න. දැනුමෙන් පිරි ජීවාත්මයක් මායා විසින් කිසි විටෙකත් පරාජය කළ නොහැක. ඔබේ හිස මත බාප්දාදාගේ ආශිර්වාදයන්ගේ හස්තය ඇති විට, ජයග්‍රහණයේ තිලකය තැබුවා වේ. දෙවියන්ගේ හස්තය සහ ඔහුගේ ආශ්‍රය ඔබව බාධක විනාශ කරන්නෙකු කරවයි.

පාඨය:
ඔවුන් විසින් ගුණධර්ම ධාරණය කරගෙන ඒවා අන් අයට දානය කරන්නන් ගුණධර්ම වල ප්‍රතිමූර්තීන්ය.