04.01.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ අශරීරිකව සිට පියා සිහිපත් කිරීමෙන් මෙම ලොව ඔබට මැරී යයි. එම කාලය තුළ
ඔබගේ ශරීරය සහ ලොව ඔබට අමතක වේ.
ප්රශ්නය:
පියා විසින්
ඔබ සියලුම දරුවන්ට ඥානය නැමති තුන්වන ඇස ලබා දී ඇත්තේ මන්ද?
පිළිතුර:
ඔබලාට ඥානය නැමති තුන්වන ඇස ලබා දී ඇත්තේ, ඔබලා ජීව සත්තාවන් යැයි සලකා, පියා ඔහු
ලෙසම, ඔහුගේ ස්වරූපයෙන්ම සිහි කිරීම සඳහා වේ. කෙසේවෙතත්, ඔබගේ තුන්වන ඇස වැඩ කරන්නේ
ඔබලා ඔබගේ බුද්ධිය නියම ලෙස යෝගාවේ නියැලී සිටින විට පමණි. මෙහි තේරුම ඔබ එකම පියාට
සත්‍ය සෙනෙහස ඇතිව, කිසිවකුගේ නමට හෝ ස්වරූපයකට අසු වී නැති විටයි. ඔබ දරුවන්ට
බාබාට ඇති සෙනෙහසට මායා බාධා කරයි. එවිට ඔබලා ඔබලාවම රවටා ගනියි.
ගීතය:
ඔබගේ මාර්ගයේ
ජීවත් වී, ඔබගේ මගම මරණයට පත්වීම ...
ඕම් ශාන්ති.
ඔබ බ්‍රහ්මණ
දරුවන් හැර අන් කිසිවකු මෙම ගීතයේ තේරුම වටහා නොගනී. වේද සහ ධර්ම ග්රන්ථ ඉගෙන
ගන්නා අයට ඒවායේ තේරුම් වටහා ගැනීමට නොහැක. ජනයාට මෙම ගීත වල නියම අර්ථය වටහා
ගැනීමට ද නොහැකිය. ඔබට සත්‍ය අර්ථය විස්තර කර දෙන්නේ පියා පමණි. ජීව සත්තාව ඔහුගේ
ශරීරය අත්හැරිය විට, දැනට ලොව සමඟ ඇති සියළු නෑකම් සම්පූර්ණයෙන්ම කැඩී යයි. ගීතයේ
පවසන්නේ ඔබ ජීව සත්තාවක් යැයි සලකා අශරීරික වී පියා සිහිපත් කරන්න. එමනිසා මෙම ලොව
අපට මැරී ඇත. මෙම ශරීරය මෙම මහපොළව මත සිටගෙන සිටී. ජීව සත්තාවක් ඔහුගේ ශරීරය
අත්හැරිය විට ඔහුට මනුෂ්‍ය ලොව නැත. ජීවය නිරුවත්වේ. ඉන්පසු ඔහු තවත් ශරීරයකට ඇතුළු
වූ විට, ඔහු එම කොටස රඟපෑම ආරම්භ කරයි. ඉන්පසු ඔහු එම ශරීරය අත්හැර, තව එකකට ඇතුළු
වේ. ඔහු ආලෝකමත් උසස් පදාර්ථයට ආපසු නොයයි, තවත් ශරීරයකට ඇතුළු වේ. ඔහු මෙම අහස යට
ඔහුගේ කොටස රඟ පෑ යුතු වේ. ඔහුට උත්තරීතර දේශයට යා නොහැක. ජීවයක් ශරීරය අත්හල විට
ඔහුට අත්හල ශරීරය සමඟ කිසිම කර්ම බන්ධනයක් නොමැති අතර ඔහු ඇතුල්විය යුතු ශරීරය සමගද
කර්ම බන්දනයක් නොමැත, මන්ද ජීවය ශරීරයෙන් වෙන්ව ඇති නිසාය. ඔහුගේ ශරීරය ගත්පසු
ඔහුගේ කර්ම බන්ධන ආරම්භ වේ. අන් කිසිම මනුෂ්‍යයෙකු මේවා ගැන නොදනී. ඔවුන්
සියළුදෙනාම සම්පූර්ණයෙන්ම අසංවේදී යැයි පියා විස්තර කර ඇත. එහෙත් ඔවුන් එසේයැයි
ඔවුන් නොසිතයි, ඔවුන් ඉතා බුද්ධිමතුන්යැයි සිතා එකිනෙකාට සාම තිළිණ දෙති. බ්‍රහ්මණ
පවුලේ මිණි මුතු වන ඔබලාට මේවා ඉතා පැහැදිලිව විසතර කර දිය හැකිය. සාමය කුමක්දැයි
ඔවුන් නොදනිති. සමහරු උසස්යැයි සලකන අය ළඟට ගොස්, සාමය ඇති මනසක් ලබා ගන්නේ
කෙසේදැයි ප්‍රශ්න කරති. ලොව සාමය ඇති කරන්නේ කෙසේදැයි ඔවුන් අසති. අශරීරික ලොව සාමය
තිබිය හැක්කේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න නොකරති. කෙසේ වෙතත් එය සාම දේශය වේ. ඔබ ජීව
සත්තාවන් සාම දේශයේ වාසය කරති. මෙහි සාමය තිබිය හැක්කේ කෙසේද? ඔව් ස්වර්ණම යුගයේ
සාමය, සතුට සහ සෞභාග්‍යය ඇත, එහි සෑම දෙයක්ම ඇත. එය ස්ථාපනය කළේ පියාය. මෙහි බොහෝ
අසාමය ඇත. ඔබ දරුවන් පමණක් දැන් මේ සියළු දේවල්ම වටහාගෙන ඇත. සාමය, සතුට සහ
සෞභාග්‍යය තිබුණේ භාරතයේ පමණි. එම උරුමය ලැබුණේ පියාගෙනි. ඉන්පසු රාවන් අසතුට,
අසාමය සහ දිළඳු බව යන මෙම උරුමය දුනි. අසීමිත පියා මෙතැන අසුන්ගෙන මෙම සියළු දේවල්ම
ඔබ දරුවන්ට විස්තර කර දෙයි. උත්තරීතර දනව්වේ වාසය කරන කෙනා පියා වේ. ඔහු ඥානයෙන්
පිරී ඇත. ඔහු අපට අපගේ උරුමය වන සතුටු දේශය දෙයි. ඔහු ජීවයන්ට විස්තර කර දෙයි. ඥානය
ඇත්තේ ජීවයන්ට බව ඔබලා වටහාගෙන ඇත. ඔහුට ඥාන සාගරය යැයි කියති. එම ඥාන සාගරය මෙම
ශරීරය තුළින් ලොව ඉතිහාසය සහ භූගෝලය උගන්වයි. ලොවට තීරණය කළ කාල සීමාවක් තිබිය
යුතුය. කෙසේ වෙතත් ලොව සැමදාම ඇත. එය අළුත් බවින් පරණ බවට වෙනස් වනවා යැයි කියා ඇත.
නව ලොවට පැරණි වීමට කොපමණ කාලයක් ගතවනවාදැයි මනුෂ්‍යයන් නොදනී. යකඩ යුගයෙන් පසු
ස්වර්ණම යුගය නිසැකවම පැමිණිය යුතු බවද, යකඩ යුගය සහ ස්වර්ණම යුගය අතර සංගම යුගයට
පියා පැමිණිය යුතු බවද ඔබ දරුවන් වටහාගෙන ඇත. උත්තරීතර පියා, උත්තරීතර ජීවය,
බ්රහ්මා තුළින් නව ලොව ස්ථාපනය කරන බවත්, ඉන්පසු ශන්කර් මඟින් විනාශයද උනන්දු කරවන
බවත් ඔබ දරුවන් වටහාගෙන ඇත. ත්‍රිමූර්ති පිංතූරයෙන් විස්තර කරන්නේ නිර්මාණය, විනාශය
සහ පැවැත්ම කෙරෙන්නේ මේ තුන තුළින් බවයි. මෙය සාමාන්‍ය කරුණකි. එහෙත් ඔබ දරුවන්ට
මේවා අමතක වේ. එසේ නැතිනම් ඔබලා බොහෝ සතුට අත්විඳිනවා ඇත. ඔබට නිරන්තර සිහිපත්
කිරීම තිබිය යුතුය. බාබා දැන් අපව දෙව් ලොව යෑමට සුදුස්සන් කරයි. භාරතයේ ජනයා හැර
අන් කිසිවකු ඊට සුදුසු නොවේ. ඔව් අන් ආගම්වලට හරවා ගත් අය ද පැමිණෙනවා ඇත. මීට පෙර
ඔබලා අන් ආගම් වලට හරවා ගත් ලෙසම, නැවත වරක් මෙම ආගමට හැරවී එනවා ඇත. මෙම සියළුම
දැනුම ඔබලාගේ බුද්ධියේ ඇත. එමනිසා ඔබලා මනුෂ්‍යයින්ට මෙම ලොව වෙනස්වීමට ආසන්න බව
කියා දිය යුතුය. මහා භාරත යුද්ධය නිසැකවම ඇති වනවා ඇත. ඔබලාට රාජයෝගා ඉගැන්වීමට
බාබා මේ කාලයේදී පැමිණෙයි. නව ලොවට යන්නේ, දැන් රාජයෝගා ඉගෙන ගන්නා අයවේ. දෙවියන්
උසස්ම උසස් කෙනා බවත්, ඉන්පසු බ්රහ්මා, විෂ්ණු හා ශන්කර් ඇති බවත් ඔබ සියළු දෙනාටම
විස්තර කළ යුතුය. ඉන්පසු මෙම මනුෂ්‍ය දේශයේ පහළ ප්‍රධාන අය වන්නේ ජගදම්බා සහ
ජගත්පිතා වේ. පියා මෙහි පැමිණ බ්‍රහ්මාගේ මෙම ශරීරයට ඇතුළු වේ. ප්‍රජාපිතා බ්රහ්මා
සිටින්නේ මෙහිය. මෙහිදී බ්රහ්මා මාර්ගයෙන් නිර්මාණය විය යුතුය. එය කෙරෙන්නේ
මෙහිදීය, සූඬම දේශයේ නොවේ. මේ කෙනා ශාරීරික බවින් සූඬම වනවා ඇත. ඔවුන් රාජයෝගා
ඉගෙනගෙන විෂ්ණුගේ ද්විත්ව ස්වරූපය බවට පත්වේ. ඔබ ලොව ඉතිහාසය සහ භූගෝලය තේරුම් ගත
යුතුය. මේවා තේරුම් කර දිය හැක්කේ ලොව ප්‍රධානියාටම පමණි. ඥානයෙන් පිරුණු එම කෙනා
ඉපදීම හා නැවත ඉපදීමෙන් අභිබවා සිටී. මෙම ඥානය අන් කිසිවකුගේ බුද්ධියේ නොමැත. ඔබගේ
බුද්ධීන් විමර්ශනාත්මක බලය ධාරණය කළ යුතුය. ඔබ ඔවුන්ගේ නාඩි අල්ලා ඔවුන්ගේ බුද්ධියේ
කිසිවක් රැඳී ඇතිදැයි බැලිය යුතුය. අජ්මල් ඛාන් යැයි ඉතාමත් ප්‍රසිද්ධ වෙදෙකු
සිටියේය. ඔහුට ලෙඩා දෙස බැලීමෙන්ම ඔහුගේ රෝගය හඳුනාගත හැකි වී යැයි කියා තිබේ. ඔබ
දරුවන් කෙනෙකු වටිනවාද හෝ නොවටිනවාදැයි තේරුම් ගත යුතු වේ. පියා ඔබ දරුවන්ට දී ඇති
දැනුම නැමති තෙවැනි ඇසින් ඔබලා ජීවයන් බවත්, පියා ද ඔහු ඉන්නා ලෙසම ඔහුගේ ස්වරූපය
ලෙසම සිහිපත් කරති. එහෙත් මෙය කළ හැකි වන්නේ ඔවුන්ගේ බුද්ධිය නියම ලෙස යෝගාවේ
නියැලී සිටින අයට පමණි. පියාට බුද්ධියෙහි සෙනෙහස බොහෝ ඇති අන්දමට ඔබලාට මේවා තේරුම්
ගත හැක. ඔබ සියළුදෙනාම මෙසේ නොවේ. ඔබලාගෙන් සමහරු අන් අයගේ නම්වලට සහ ස්වරූපයන්ට
හසුවේ. ඔබගේ සෙනෙහස මට පමණක්ම විය යුතු යැයි පියා පවසයි. ඔබට එම සෙනෙහස තබා ගැනීමට
මායා ඉඩ නොදෙයි. මායා ඇයගේ ගණුදෙනුකරුවන් ඇය අතහැර යනවා දකින විට, ඇය සම්පූර්ණයෙන්ම
ඔවුන්ගේ නාස් සහ කන් වලින් අල්ලා ගනී. ඔහුට මායාගේ හෝ ලොව පරාජය කිරීමට නොහැකිවනවා
ඇත. ඔහුට උසස් තනතුරක් තබා ගැනීමට ද නොහැකි වේ. උත්සාහ ගත යුත්තේ මෙයටය. ශ්‍රීමත්
කියන්නේ මා පමණක් සිහි කරන්න, එවිට ඔබගේ අපවිත්‍ර බුද්ධිය පවිත්‍ර වනවා ඇත. කෙසේ
වෙතත් සමහරුන්ට මෙය අපහසු කරුණක් වේ. මෙහි ඇත්තේ එකම විෂයකි ඇල්ෆා සහ බීටා. එපමණයි!
ඔබට වචන දෙකක්වත් මතක තබාගත නොහැකිද? බාබා පවසන්නේ ‘ඇල්ෆා පමණක් සිහි කරන්න‘, එහෙත්
ඔබ දරුවන් ඔබලාගේ ශරීර ද, අන් අයගේ ශරීර ද සිහි කරමින් සිටිති. ශරීරය දකින අතර මා
සිහිකළ යුතුය. ඔබ ජීව සත්තාවන්ට තෙවැනි ඇස ලැබී ඇත්තේ මා දැකීමට සහ මාව වටහා
ගැනීමටයි. මෙය භාවිත කරන්න. ඔබගේ තෙවැනි ඇස භාවිත කරන්න! කාල තුනම දැකීමට හැකි අය
ඔබලා වේ. එහෙත් මෙය දැකීමේදී ඔබලා අනුපිළිවෙලක් ගනී. ඥානය ධාරණය කිරීම අපහසු නැත.
සමහරු ඥානය ඉතාමත් පැහැදිලිව වටහා ගනී, එහෙත් ඔවුන්ට යෝගා බලය අඩුය. ජීව අවධානය ද
අඩුවක් ඇත. ඔවුන්ට තරහ ඇති වන අතර ඉතා සුළු කරුණුවලින් ඇද වැටේ. ඔවුන් නැඟිට ඉන්පසු
නැවතත් වැටේ. අද ඔවුන් සිට ගනී, හෙට ඔවුන් පහළට වැටේ. ප්‍රධාන කරුණ ශරීර අවධානය වේ,
තව ද ඔවුන් ගිජුකම, බැඳීම් ආදී අනෙක් පව්වලට හසු වෙති. එසේම ඔවුනට, ඔවුන්ගේ ශරීරයට
ද බැඳීම් ඇත. ඔය මව්වරුන්ට බොහෝ බැඳීම් ඇත. පියා දැන් ඔබව එයින් නිදහස් කරයි. ඔබට
දැන් අසීමිත පියා හමු වී ඇත, ඉතින් ඔබට තවත් බැඳීම ඇත්තේ මන්ද? එම වේලාවේදී ඔබගේ
මුහුණ, ඔබ කතා කරන ලීලාව සහ ඔබේ අන් සෑම දෙයක්ම වඳුරකු වාගේ වේ. පියා පවසයි බැඳීම්
ජය ගන්න! නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. ඔබගේ හිස මත පව්වල විශාල බරක් ඇත. ඔබලා
ඒවා ඉවත් කරන්නේ කෙසේද? කෙසේ වෙතත් මායා ඔබට පියා සිහිකිරීම ද නවත්වයි. ඔබලා කොපමණ
හිස වෙහෙසුවත් ඇය නැවත නැවතත් ඔබගේ බුද්ධියට ලිස්සා යෑමට ඉඩ කඩ සලසයි. ඔබලා බොහෝ
වෙහෙස වී ඉතාමත් ආදරණීය බාබාගේ තුති ගී ගයයි ‘බාබා අප ඔබ ලඟට ඒමට ආසන්නයි.‘
කෙසේවෙතත් ඔබ යන අතරේ අමතක වී, ඔබේ බුද්ධිය වෙනත් දිශාවන් කරා යයි. පළමුවන නොම්මරය
ලබාගන්නා මොහුද උත්සාහ ගන්නා කෙනෙකි. ඔබ දරුවන් පියා වන දෙවියන්ගේ ශිෂ්‍යයින් බව
ඔබගේ බුද්ධියේ තබාගත යුතුය. දෙවියන් කථා කරයි මම ඔබව රජවරුන්ගෙත් රජවරු කරමි, යැයි
ගීතාවේ ලියා ඇත. ඔවුන් නිකම්ම ශිව බාබාගේ නම ක්‍රිෂ්ණාගේ නමට මාරු කිරීම කර තිබේ.
ඇත්තෙන්ම ශිව බාබාගේ උපන් දිනයට මුළු ලොව පුරාවටම උත්සව පැවැත්විය යුතුය. ශිව බාබා
සියළුදෙනාගේම මාර්ගෝපදේශකයා වී ඔවුන්ව දුකින් මුදවයි. දෙවියන් මුක්ති දායකයාණෝ,
මාර්ගෝපදේශකයාණෝ බවත් ඔහු පියා සහ සියළුදෙනාගේම පාරිශුද්ධකරුවා යැයි ද සියළුදෙනාම
පිළිගනී. සියළුදෙනාවම සාම දේශයට සහ සතුටු දේශයට ගෙන යන කෙනාද ඔහුම වේ. එසේ වීත්,
ඔහුගේ උපන් දිනය සැමරිය නොහැක්කේ ඇයි? භාරතයේ ජනයා එය සමරන්නේ නැත. භාරතය ඉතා නරක
තත්තවයකට පත් වී ඇත්තේ මේ නිසා වේ. සියළුදෙනාම ඉතා දුක්ඛිත ආකාරයට මරණයට පත්වනවා
ඇත. බෝම්බය අතහැරිය විගසම, සැණෙකින් සියළුදෙනාවම මරණයට පත් කරන ගෑස් බෝම්බ වර්ග
නිශ්පාදනය කර ඇත. එය ඔවුන්ට ක්ලෝෆෝර්ම් දුන්නා වැනිය. මෙවැනි දේ නිර්මාණය කළ යුතුව
ඇත. ඔවුන් මේවා සෑදිය යුතුය, ඔවුනට එය නැවැත්විය නොහැක. පසුගිය කල්පයේ සිදු වූ දේ
දැන් නැවත වීමට ආසන්නය. පැරණි ලොව එම මිසයිල් වලින් ද, ස්වභාවික වියසන වලින් ද
විනාශ විය. දැන් එම දේම වෙන්නට යයි. නාට්‍යයේ සැළැස්ම අනුව, විනාෂ වීමට කාලය වූ
විට, එය නිසැකවම වනවා ඇත. නාට්‍යයට අනුව විනාෂය නිසැකවම වනවා ඇත. මෙහි ලේ ගංගා ගලා
යනවා ඇත. සිවිල් යුද්ධයක් වූ විට ජනයා එකිනෙකා මරා දමති. මෙම ලොව වෙනස් විය යුතුය
යන්න වටහාගෙන ඇත්තේ ඔබලාගෙන් ස්වල්පයකි. ඔබලා සතුටු දේශයට යති. එමනිසා ඔබට මෙම
දැනුමේ අතීන්ද්‍රිය සතුට නිරන්තරයෙන්ම තිබිය යුතුය. ඔබ බොහෝ සිහිපත් කළේනම්, ඔබගේ
සතුට බොහෝ වර්ධනය වන අතර මෙම කිලිටි ශරීරයන්ට ඇති බැඳීම් ද පරාජය කරනවා ඇත. පියා
සරලව පවසයි ඇල්ෆා සිහි කරන්න. එවිට, රාජධානිය ඔබගේ වේ. ඔබ එක් තත්පරයකින් ඔබගේ
රාජධානියේ උරුමය ලබාගනී. අධිරාජ්යවරයෙකුට පුතෙක් සිටිනාවිට, ඔහුගේ පුතා ඉන්පසු
අධිරාජ්‍යවරයා වෙයි. එමනිසා පියා පවසයි නොකඩවා මා සහ චක්‍රය සිහි කරන්න. එවිට ඔබ
මෙම ලොව පාලකයන් වනු ඇත. ජීවනමුක්තිය එක තත්පරයකින් උරුම කර ගත හැකි යැයි මතක් කර
ඇත. ඔබට එක් තත්පරයකින් හිඟන්නෙකුගෙන් කුමාරයෙක් විය හැකිය. මෙය ඉතා හොඳ දෙයකි.
එමනිසා, ඔබ නියම ලෙස ශ්‍රීමත් අනුගමනය කළ යුතුය. සෑම පියවරකදීම අවවාද ගන්න. ඕ මාගේ
සුමිහිරි දරුවනි, ඔබගේ බැඳීම් ඉවත් කිරීමට භාරකරුවන් වන්න යැයි පියා විස්තර කරයි.
එහෙත් භාරකරුවකු වීම නැන්දම්මාගේ ගෙදර යනවා මෙන් පහසු නැත. මොහු භාරකරුවෙක් වූ අතර,
දැන් ඔබ දරුවන් ද භාරකරුවන් කරයි. මොහු ඔහු සඳහා කිසිවක් ගනීද? ඔහු පවසයි භාරකරුවන්
වෙමින් සියළුදෙනාම හොඳින් රැකබලා ගන්න. භාරකරුවකු වීමෙන්, සියළුදේටම ඇති බැඳීම්
ඉවත්වනවා ඇත. ඔබට සියළුදේම දෙවියන් දී ඇතැයි කියන නිසා ඔබට යම් අලාභයක් හෝ යම්
කෙනෙකු මරණයට පත් වුවහොත් ඔබ අසනීප වන්නේ මන්ද? ඔබට යම් දෙයක් ලැබුණු විට ඔබ සතුටු
වේ. ඔබට සියළු දෙයම දෙවියන් දී ඇතැයි ඔබ කියන නිසා, යම් කෙනෙකු මැරුණු විට ඔබ
හඬන්නේ ඇයි? කෙසේවෙතත් මායාගෙන් අඩුවක් නැත. මෙය ඔබගේ නැන්දම්මාගේ ගෙදර යනවා වාගේ
නොවේ! පියා පවසයි ඔබ මට අඬ ගැසීය මට තවත් මෙම අපවිත්‍ර ලොව තුළ ජීවත්වීමට උවමනා
නැත. මා පවිත්‍ර ලොව වෙත ගෙන යන්න. මා ඔබ සමඟ ගෙන යන්න. එහෙත් ඔබලාගෙන් කිසිවකු
මෙහි තේරුම නොදනිති. පාරිශුද්ධකරු පැමිණි විට ඔබගේ ශරීර නිසැකවම මරණයට පත්විය
යුතුය. ඔහුට ඔබ ජිව සත්තාවන් රැගෙන යා හැක්කේ එවිට පමණි. එමනිසා එවැනි පියෙකුට ඔබගේ
බුද්ධියේ බොහෝ සෙනෙහස තිබිය යුතුය! සෙනෙහස තිබිය යුත්තේ එකම කෙනාට පමණි. ඔබ සිහි කළ
යුත්තේ ඔහුම පමණි. මායාගේ කුණාටු ඒවි, එහෙත් ඔබගේ භෞතික ඉන්ද්රියයන්ගෙන් කිසිම
පාපකාරී ක්‍රියාවක් නොකළ යුතුයෟ එය නීතියට පටහැනි වේ. මම පැමිණි විට මම මොහුගේ
ශරීරයේ ආධාරය ගන්නා නමුත් ඔබ සිහි කළ යුත්තේ පියා යැයි පියා පවසයි. බ්රහ්මා ද බාබා
වන අතර, එම ශිවා ද බාබා වන බව ඔබ දනියි. විෂ්ණුට සහ ශන්කර්ට බාබා යැයි නොකියයි.
ශිවා අශරීරික පියා සහ ප්‍රජාපිතා බ්රහ්මා ශාරීරික පියා වේ. ඔබ දැන් ඔබගේ උරුමය,
මෙම භෞතික කෙනා තුළින් අශරීරික පියාගෙන් ලබා ගනී. දාදා (සීයා) මොහු තුළට එයි. ඔබ
ඔබගේ උරුමය සීයාගෙන් ලබා ගන්නේ මෙම පියා තුළින්ය. දාදා, සීයා අශරීරික වන අතර මෙම
පියා ශාරීරික වේ. මෙය විශ්මයජනක කරුණකි. ඔවුන් ත්‍රිමූර්ති පෙන් වූ නමුත් ඔවුනට
කිසිවක අවබෝධයක් නොමැත. ඔවුන් ශිවා ඉවත් කර ඔහු අතුරුදහන් කර ඇත. පියා එවන් ලස්සන
කාරණා පැහැදිලි කරයි, එමනිසා ඔබලා ඔහුගේ ශිෂ්‍යයින් යැයි බොහෝ සතුට ඔබලා තුළ තිබිය
යුතුය. බාබා ඔබගේ පියා, ගුරුවරයා සහ සත්ගුරු වේ. ඔබලා දැන් අසීමිත පියා කියා දෙන්නා
වූ ලොව ඉතිහාසය සහ භූගෝලයට සවන් දෙති. ඔබ ඉන්පසු මෙම අවුරුදු 5000ක චක්‍රය අන් අයට
කියා දිය යුතුය. ලොව ඉතිහාසය සහ භූගෝලය පාසැල් ශිෂ්‍යයින්ට ද කියා දිය යුතුය. උපත්
84 හි ඉනිමඟ කුමක්ද? ඔබ උපත් 84හි ඉනිමඟත්, භාරතය ඉහළ නඟින්නේත් පහළට වැටෙන්නේත්
කෙසේදැයි ජනයාට විස්තර කර දිය යුතුය. භාරතය එක් තත්පරයකින් පාරාදීසය වන අතර, පසුව
උපත් 84කින් භාරතය නිරය වේ. මේවා වටහාගැනීමට ඉතා පහසු කරුණුය. භාරතය ස්වර්ණම
යුගයෙන්, යකඩ යුගයට පත් වූයේ කෙසේද? භාරතයේ ජනතාවට ඔබ විස්තර කර දිය යුත්තේ මේවාය.
ඔබ ගුරුවරුන්ට ද විස්තර කර දිය යුතුය. ඔවුන්ට ලෝකයේ දැනුම තිබෙනා වුවත් මෙය
ආධ්‍යාත්මික ඥානය වේ. එම දැනුම මනුෂ්‍යයින් දෙයි. පියා මෙම ඥානය දෙයි. ඔහු මානව ලෝක
වෘක්ෂයෙහි බීජය වන අතර ඔහුට ඇති ඥානය ද මානව ලොව පිළිබඳව වේ. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. කිලිටි
ශරීර වලට ඇති බැඳීම් සම්පූර්ණයෙන්ම ජය ගෙන, මෙම ඥානයේ අතීන්ද්‍රිය සතුටේ සිටින්න.
මෙම ලොව වෙනස් කරන බවත්, ඔබ ඔබගේ සතුටු දේශයට යෑමට ආසන්න බවත් ඔබගේ බුද්ධියේ තබා ගත
යුතු වේ.
2. භාරකරුවෙකු වී සෑම
දෙයක්ම රැක ගන්න. සියලු බැඳීම් අවසන් කර එකම පියාට සත්‍ය සෙනෙහස තබා ගන්න. ඔබගේ
බාහිර ඉන්ද්‍රියන්ගෙන් පව්කාර ක්‍රියා නොකරන්න.
වරදානය:
ඔබ බ්‍රහ්ම
පියා මෙන්, අන් අයව ඉහළ නංවා, ඔබගේ වඩාත්ම ශ්‍රේෂ්ඨ පිංතාරුව නිර්මාණය කරගනිත්වා.
ඔය සෑම දරුවෙක්ම ඔබගේ
උසස් අවධානය සහ උසස් කර්මය තුළින් ඔබගේ දෛවයේ චිත්‍රයක් නිර්මාණය කරගෙන තිබේ. දැන්
ඉතිරිව තිබෙන්නේ බ්‍රහ්ම පියා හා සමානව වඩාත්ම ශ්‍රේෂ්ඨ වීම සහ පරිසමාප්තිය සදහා
අවසන් පින්සල් පාර දැමීම පමණයි. මේ සඳහා අන් අයව නඟා සිටුවන අයෙක් වන්න, එනම්,
සියලු ආත්මාර්ථකාමී චේතනා වලින් නිරතුරුවම නිදහස්ව සිටින්න. සෑම අවස්ථාවකදී, සෑම
කාර්යයකදී, සෑම සහයෝගී රැස්වීමකදී, ඔබ පරාර්ථකාමීව රැඳී සිටින තරමට, ඔබට ඒ අනුව අන්
අයව නඟා සිටුවීමට හැකි වනු ඇත. එවිට ඔබ නිරතුරුවම පිරිපුන් බව අත්විඳිනු ඇත. ඔබ
ලැබීම්වල ප්‍රතිමූර්තියක මනෝ ස්ථිතියේ නිරතුරුවම ස්ථාවරව රැදී සිටිනු ඇත. එවිට ඔබ
තමන් වෙනුවෙන් කිසිවක් ලබා නොගනු ඇත.
පාඨය:
සම්පූර්ණයෙන්
අත්හළ අයෙක් වීමෙන්, ඔබ සරළකම සහ දරා ගැනීමේ ගුණධර්ම වර්ධනය කරගනී.
ඔබගේ බලවත් මනසින්
සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.
ඔබට සකාෂ් ලබා දීමේ
සේවය නිරන්තරව කළ හැකිය: එයට සෞඛ්‍යය හෝ කාලය පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. දිවා රෑ
නොබලා ඔබට මෙම අසීමිත සේවයෙහි නියැලිය හැක. ඔබ බ්‍රහ්ම පියාව දුටුවා: රාත්රියේදී
පවා ඔහු අවදියෙන් සිට අසීමිත සකාෂ් ලබා දීමේ සේවය කළේය. ඒ ආකාරයෙන්ම පියා අනුගමනය
කරන්න. ඔය දරුවන් අසීමිතව(පොදුවේ සෑම කෙනෙකුටම) සකාෂ් ලබාදෙන විට, සමීපයේ සිටින අය
ඉබේටම ඒ සකාෂ් නොකඩවා ලබා ගන්නවා ඇත. ඔබේ මෙම අසීමිත සකාෂ් ලබා දීම මගින්, වාතාවරණය
ඉබේම නිර්මාණය වනවා ඇත.