04.02.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ අන් අයට දානය කරන අවිනාශී ඥාන මිණිමුතු පියා ඔබට ලබා දෙයි. ඔබ ගැලවීම
ලබා ගන්නේ මේවා දානය මඟිනි.
ප්‍රශ්නය:
ඔබ දරුවන්
පමණක් දන්නා වෙන කිසිවෙකු නොදන්නා නව මඟ කුමක්ද?
පිළිතුර:
පියා ඔබට දැන් නැවත ගෙදර ගොස් දෙව් ලොව කරා යන මාර්ගය පෙන්වා දී ඇත. ඔබ දන්නවා ජීව
සත්තාවේ ගෙදර සාම දේශය බව. දෙව් ලොව සාම දේශයෙන් වෙනස්ය. ඔබ මිස වෙන කවුරුවත් මෙම
නව මඟ දන්නේ නැහැ. ඔබ මෙසේ කියයි: දැන් කුම්භකරණා නින්ද අතහරින්න. ඔබේ දෑස් ඇර
පාරිශුද්ධියට පත් වන්න. පාරිශුද්ධියට පත් වූ විට පමණි ආපසු ගෙදර යා හැක්කේ.
ගීතය:
මනමාලියනි
අවදිවන්න. අවදිවන්න!
ඕම් ශාන්ති.
දෙවියන් කතා
කරයි. මනුෂ්‍යයින්වත් දෙවි දේවතාවුන්වත් දෙවියන් යැයි හඳුන්වාදිය නොහැක්කේ ඔවුන්
ශාරීරික ස්වරූපයෙන් සිටින නිසා යැයි පියා විස්තර කර දී ඇත. පරම පිතා වන පරමාත්මය
සූක‍්ෂම ස්වරූපයක් හෝ ශාරීරික ස්වරූපයක් ගන්නේ නැත. ඒ නිසා මෙසේ කියයි: පරමාත්ම
ශිවාට නමස්කාර වේවා. ඔහු පමණි ඥාන සාගරය වන්නේ. කිසිම මනුෂ්‍යයෙකුට මේ ඥාන හැකියාව
නැත. කුමන ඥානය ද? නිර්මාණකයාගේ නිර්මාණය පිළිබඳවත් නිර්මාණයේ ආරම්භය, මැද සහ
අවසානය පිළිබඳවත් ඥානයයි. ජීව සත්තාවන් ගැනත් පරමාත්මය ගැනත් ඥානය කිසිවෙකුට නැත. ඒ
නිසා, පරමාත්ම පියා පැමිණ ඔබ අවදි කරවයි : මනමාලියනි, භක්තිවන්තයිනි, අවදිවන්න!
පිරිමි ගැහැණු සියලු දෙනාම භක්තිවන්තයින්ය, ඔවුන් දෙවියන් සිහිකර ගනී. මනමාලියන්
සියලු දෙනා සිහිකරන්නේ එකම මනමාලයාය. සියලුම ආදරවන්තයින් වන ජීව සත්තාවන්
සිහිකරන්නේ ආදරවන්තයා වන පරම පියා, පරමාත්මයයි. සියලු දෙනා සීතාවන් වන අතර එකම පරම
පියා, පරමාත්මය රාමාය. ‘රාමා‘ යන පදය භාවිත කරන්නේ ඇයි? මේ දැන් ඇත්තේ රාවණ්
රාජ්‍යයයි. මීට සාපේක‍්ෂව අනෙක වූ කලී රාම රාජ්‍යයයි. රාමා වූ කලී ඊෂ්වර හෝ භගවාන්
(දෙවියන්) යැයි හැඳින්වෙන පරමාත්ම පියාය. ඔහුගේ මුල් නම ශිවාය. පරම පියා දැන් මෙසේ
කියයි : අවදිවන්න! නව ලෝකය පැමිණීමට ආසන්නය. ජරාජීර්ණ යුගය අවසානයට පත් වෙමින්
තිබේ. මේ මහාභාරත යුද්ධයෙන් පසු ස්වර්ණමය යුගය ස්ථාපනය වී ලක‍්ෂ්මි නාරායනගේ රජදහන
ස්ථාපනය වේ. ජරාජිර්ණ කලි යුගය අවසානයට ළඟා වේ. බාබා මෙසේ කියන්නේ ඒ නිසාය :
දරුවනි, කුම්භකරණා නින්දෙන් අවදි වන්න! දැන් දෑස් විවෘත කරන්න! නව ලොව පැමිණෙමින්
තිබේ. නව ලෝකය ස්වර්ණමය යුගය හා දෙව්ලොව යනුවෙන් හැඳින්වේ. මේ මාර්ගය අළුත් එකකි.
ආපසු ගෙදර යාමට හෝ දෙව්ලොව යාමට මාර්ගය කිසිවෙකු නොදනී. ජීව සත්තාවන්ගේ නිවහන වන
සාම දේශය දෙව් ලොවින් වෙනස්ය. පියා දැන් මෙසේ කියයි : අවදිවන්න! ඔබ මේ රාවණ්
රාජ්‍යයේ දී අපිරිසිඳු බවට පත් වී ඇත. මේ කාලයේ දී එකම ජීවාත්ම සත්තාවකටවත්
පිරිසිඳුව සිටිය නොහැක. ඔවුන්ට පුණ්‍යවන්ත පිරිසිඳු ජීවාත්ම සත්තාවන් යැයි කිව
නොහැක. මිනිසුන් දාන මාන පිංකම් කළත්, එක්කෙනෙකුටවත් පිරිසිඳු ජීවාත්ම සත්තාවක්
යැයි කිව නොහැක. දැන් මේ කලි යුගයේ සිටින්නේ අපිරිසිඳු අයයි. ස්වර්ණමය යුගයේ දී
ඔවුන් හඳුන්වන්නේ පිරිසිඳු ජීවාත්ම සත්තාවන් ලෙසයි. ඔවුන් මෙසේ කියන්නේ ඒ නිසයි :
ශිව බාබා, පැමිණ අපව පිරිසිඳු ජීව සත්තාවන් බවට හරවන්න. මෙය පාරිශුද්ධතාව පිළිබඳ
කරුණයි. දැන් පියා පැමිණෙන්නේ ඔබ දරුවන්ට අවිනාශී ඥාන මිණි මුතු දානය කිරීමටයි. ඔහු
මෙසේ කියයි : මේවා දිගටම අන් අයට දානය කරන විට පාප පහේ රාහු අපලය දුරු වෙනු ඇත. පාප
පහ දානය කළ විට දුක නම් වූ රාහු අපලය දුරු වනු ඇත. එවිට ඔබ පාරිශුද්ධියට පත් වී
සතුටු දේශයට යනු ඇත. පාප පහේ මුලින්ම ඇත්තේ කාම රාගයයි. එය අත්හැර පිරිසිඳු වන්න.
මිනිසුන් මෙසේ කියයි: පාරිශුද්ධ කරුවාණනි, අපව පිරිසිඳු කරන්න! පාපයෙහි ගැලෙන අය
අපිරිසිඳු යැයි කියැවේ. මේ සතුට සහ දුක නම් වූ ක්‍රීඩාව අදාල වන්නේ භාරතයටයි. පියා
භාරතයට පැමිණ සාමාන්‍ය ශරීරයකට ඇතුළු වී මොහුගේ චරිතාප්‍රදානය අපට කියයි. ඔබ සැම
ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වන බ්‍රහ්මිණ් වරුය. ඔහු ඔබට පිරිසිඳු වීමේ සියලු
ක්‍රම කියා දෙයි. බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් වන ඔබට පාපයේ ගැලිය නොහැකියි. ඔබට
බ්‍රහ්මිණ්වරු ලෙස ඇත්තේ මේ එකම උපතයි. ඔබ දේවි දේවතාවන් ලෙස උපත් 21ක් ගන්නා අතර
වෛශ්‍ය හා ක‍්ෂුද්‍රයින් ලෙස උපත් 63ක් ගනී. මේ අවසාන උපත බ්‍රාහ්මණ කුලයේ වන අතර
එහිදී ඔබ පාරිශුද්ධියට පත් වේ. පියා මෙසේ කියයි : පියා සිහිකිරීමෙන් පාරිශුද්ධියට
පත් වී යෝගා බලයෙන් පාප පුච්චා දමන්න. මේ එකම උපතේ දී පාරිශුද්ධියට පත් වන්න.
ස්වර්ණමය යුගයේ දී කිසිවෙක් අපිරිසිඳු නැත. මෙම අවසාන උපතේදී ඔබ පිරිසිඳු බවට පත්
වීමෙන් උපත් 21ක්ම පිරිසිඳුව සිටිනු ඇත. ඔබ පිරිසිඳුව සිට දැන් අපිරිසිඳු බවට පත්
වී ඇත. ඔබ හඬගාන්නේ අපිරිසිඳු නිසාය. ඔබ අපිරිසිඳු කළේ කවුද? රාවණ්ගේ යක‍්ෂ
උපදෙස්ය. ඔබ දරුවන් රාවණ් රාජ්‍යයේ දුකෙන් නිදහස් කර ගත හැක්කේ වෙන කිසිවෙකුට නොව
මට පමණි. හැම කෙනෙක්ම රාග සෑයේ සිට දැවී ඇත. ඔබ ඥාන සෑයේ ඉන්දවීමට මා පැමිණිය යුතුව
ඇත. මා ඥානය නම් වූ ජලය යෙදිය යුතුය. ඔබ සැමට ගැලවීම ලබා දිය යුතුය. ගැලවීම
අත්විඳින්නේ හොඳින් ඉගෙන ගන්නා අයයි. අන් සැම දෙනා සාම දේශයට යයි. සත් යුගයේ
සිටින්නේ දේවි දේවතාවන් පමණි. ගැලවීම ලබා ඇත්තේ ඔවුන් පමණි. අන් සැමදෙන විමුක්තිය
හෙවත් මුක්තිය ලබයි. අවුරුදු 5000 කට පෙර දේවි දේවතා රජදහන තිබුණා. එය අවුරුදු
ලක‍්ෂ ගණනක ප්‍රශ්නයක් නොවේ. පියා මෙසේ කියයි: මිහිරි දරුවනි, පියා වන මා
සිහිකරන්න. ‘මන්මනභාව්‘ යන පදය ඉතා ප්‍රසිද්ධයි. දෙවියන් කතා කරයි. ශරීරයක් ඇති
කිසිවෙකුට දෙවියන් යැයි කිව නොහැක. ජීවාත්ම සත්තාවන් ශරීර අතහැර නැවත ශරීර ලබා ගනී.
විටෙක ගැහැණු අය වන අතර තව විටෙක පිරිමි වේ. ඉපදීම සහ මරණය යන ක්‍රීඩාවට පරමාත්ම
දෙවියන් ඇතුළු වන්නේ නැත. මෙය නාටකය අනුව නියමිත වේ. එක උපතක් ඊළඟ උපතට සමාන නොවේ.
මේ උපත ඔබ නැවත නැවතත් ලබයි. එකම ක්‍රියාව සහ එකම ශරීරාංග ඔබට නැවත නැවතත් ලැබේ. මේ
නාටකය සදාතනිකව පූර්ව නියමිතය. කිසිවිට වෙනස් නොවේ. ශ්‍රී ක්‍රිෂ්ණාට පළමුව සත්
යුගයේ තිබුණු ශරීරයට සමාන ශරීරයක් ලැබෙනු ඇත. එම ජීවාත්ම සත්තාව දැන් මෙහි සිටී. ඔබ
දන්නවා ඔබ නැවතත් එසේම වෙයි කියා. ලක‍්ෂ්මි සහ නාරායන ලෙස පෙන්නුම් කර ඇති අංග
නිවැරදිම නැති වුවත් ඔවුන් නැවතත් ලක‍්ෂ්මි නාරායනම වෙයි. අළුත් කෙනෙක් මේ කරුණු
තේරුම් නොගනී. කෙනෙකුට ඔබ මෙය පැහැදිලිව තේරුම් කළොත් පමණයි උපත් 84 චක්‍රයත්,
විවිධ උපත් වල නව ස්වරූපය සහ අංගෝපාංගත් විවිධ වන බව ඔවුන්ට තේරුම් ගත හැක්කේ.
මොහුගේ මෙම අංග ලක‍්ෂණ 84 වන අවසාන උපතේ ඒවා වෙයි. මේ නිසාය නාරායනගේ ද අංගෝපාංග
සමාන වන්නේ. එසේ නැතහොත් මිනිසුන්ට තේරුම් ගත නොහැකියි. ඔබ දරුවන් තේරුම් ගෙන
සිටිනවා ලක‍්ෂ්මි සහ නාරායන වන්නේ මමා සහ බාබා බව. මෙහි ඇති මහා භූත 5 පිරිසිඳු
නැත. මේ සියලු ශරීර අපිරිසිඳුය. සත් යුගයේ ශරීර පිරිසිඳුය. වඩාත්ම සුන්දර කෙනා
වන්නේ ක්‍රිෂ්ණාය. ඔහුට ඇත්තේ ස්වභාවික සෞන්දර්යයයි. පිටරට මිනිසුන් පැහැපත් නමුත්
ඔවුන් දෙවි දේවතාවුන් යැයි කිව නොහැකියි. දිව්‍යමය ගුණාංග නොමැත. පියා මෙහි සිට ඉතා
පැහැදිලිව විස්තර කර දෙයි. මේ බොහෝම උසස් අධ්‍යයනය කිරීමෙන් ඔබ එවන් ඉතා උසස්
ආදායමක් ලබයි. එහි නොගිණිය හැකි තරම් දියමන්ති මුතු මැණික් ආදී ධනය තිබුණි. එහි
මාලිගා දියමන්ති හා මැණික් ඔබ්බවා සාදා තිබුණි. ඒ සියල්ල දැන් අතුරුදහන් වී ඇත. ඔබ
එතරම්ම ධනවත් වෙයි. ඔබ උපත් 21 කටම අසීමිත ආදායමක් ලබන නමුත් ඒ සඳහා බොහෝ උත්සාහය
අවශ්‍ය වේ. ජීව සත්තාමය විඥාන තත්ත්වයට පත් වන්න. මා ජීවාත්ම සත්තාවකි. මම දැන් මෙම
ජරාජීර්ණ ශරීරය හලා දමා ආපසු ගෙදර යමි. ඔබ රැගෙන යාමට පියා පැමිණ සිටී. ජීව සත්තාව
වන මා උපත් 84 සම්පූර්ණ කර ඇති අතර පියා සිහිකර නැවතත් පිරිසිඳු බවට පත් විය යුතුය.
එසේ නොවුනහොත් ආපසු ගෙදර යාමට පෙර ගිණුම් පිය විය යුතු කාලය නිසා දඬුවම් ලැබීමට
සිදු වනු ඇත. සියලුම ජීවාත්ම සත්තාවන්ට ඔවුන්ගේ කර්ම ගිණුම් පියවිය යුතුව ඇත. භක්ති
මාර්ගයේ දී, මිනිසුන් කාෂි හි බිලි වන නමුත් ඔවුන් කිසිවෙක් එයින් විමුක්තිය
නොලබයි. ඒ භක්ති මාර්ගය වන අතර මෙය වූ කලී ඥාන මාර්ගයයි. මෙහිදී, දිවි නසා ගැනීමේ
ප්‍රශ්නයක් නැත. එය දිවි නසා ගැනීමකි. එසේ වුවත් විමුක්තිය ඔවුන්ගේ ගැඹුරු අභිලාශය
නිසා පාප ගිණුම් පියවේ. ඔවුන්ට නව ආරම්භයක් ගත හැකිය. දැන් මිනිසුන්ට කාෂි හිදී එසේ
බිලි වන්නට ධෛර්යය නැත. කෙසේනමුත්, කිසිවෙකුට එසේ කිරීමෙන් විමුක්තිය හෝ ජීවන
මුක්තිය ලැබිය නොහැකියි. විමුක්තිය හෝ ජීවන මුක්තිය දිය හැක්කේ වෙන කිසිවෙකුට නොව
පරමාත්ම පියාටම පමණි. ජීවාත්ම සත්තාවන් දිගින් දිගටම පහළට එමින් සිටී. ඉතින් ඔවුන්ට
ආපසු ගෙදර යා හැක්කේ කෙසේද? සියලු දෙනාට ගැලවීම ලබා දී ඔවුන් ආපසු ගෙදර රැගෙන යන්නේ
පරමාත්ම පියාය. ස්වර්ණමය යුගයේ දී ඇත්තේ ඉතා සුළු මනුෂ්‍යයින් ගණනකි. ජීවාත්ම
සත්තාවන් කවදාවත් විනාශ නොවේ. අවිනාශී වේ. ශරීර විනාශ වන සුළුය. සත් යුගයේ
මිනිසුන්ට දීර්ඝ ආයු කාලයක් ඇත. දුකක් නැත. ජීවාත්ම සත්තාවන් ඔවුන්ගේ ශරීර හලා ඊළග
එක ගනී. සර්පයෙකුගේ උදාහරණය මෙනි. ශරීරයක් හලනවා යන්න මැරෙනවා යැයි නොකියැවේ. එහි
දුක පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔවුන්ට කාලය පැමිණ ඇතැයි තේරුම් ගෙන එක ශරීරයක් හලා ඊළඟ
එක ගනී. ඔබ දරුවන් මෙහි දී ඔබේ ශරීර වලට නොබැඳී සිටීමේ පුරුද්ද ඇති කර ගනිමින්
සිටී. මා වූ කලී ජීවාත්ම සත්තාවකි. මා දැන් ආපසු ගෙදර යා යුතු අතර ඉන් පසු නව ලෝකයට
යා යුතුය. මා අළුත් ශරීරයක් ගනිමි. මෙය පුහුණු කරන්න! ඔබ ජීවාත්ම සත්තාවන් දන්නවා
ඔබ ශරීර 84 ක් ගන්නා බව. කොහොමනමුත්, මිනිසුන් කතා කරන්නේ විශේෂ වර්ග මිලියන 8.4 ක්
ගැනයි. පියා ගස් ගල් වල ඇතැයි, හැම තැනම ඇතැයි ද ඔවුන් කියයි. එසේ කීම ධර්මතාවයට
අගෞරවයකි. මනුෂ්‍යයින්ගේ බුද්ධිය පිරිසිඳු බවේ සිට පිරිහිම දක්වා වෙනස් වී ඇත. පියා
දැන් ඔබේ බුද්ධිය පිරිසිඳු කරමින් සිටී. ස්මෘතිය මඟින් ඒවා පිරිසිඳු කෙරේ. පියා
මෙසේ කියයි : නව යුගය පැමිණීමට ඉතා ආසන්නය. එහි සළකුණ වන්නේ මේ මහාභාරත යුද්ධයයි.
සියලුම ආගම් විනාශ වී එකම ආගමක් ස්ථාපනය වන මිසයිල භාවිත වුණු එම යුද්ධයම තමයි මෙය.
ඒ නිසා දෙවියන් නිසැකවම මෙහි සිටී. මෙහි ක්‍රිෂ්ණා එන්නේ කෙසේද? ඥාන සාගරය
ක්‍රිෂ්ණාද? නැත්නම් අශරීරික කෙනාද? ක්‍රිෂ්ණාට මෙම ඥානය අතුරුදහන් වේ. භක්ති
මාර්ගයේ දී ඔබේ ප්‍රතිමා පවා නිර්මාණය වේ. ඔබ වන්දනීය බවේ සිට වන්දනා කරුවන් බවට
පත් වේ. ඔබ ඉන්ද්‍රිය පිනවන භෝගීන් බවට පත් වන නිසා ජීවිත කාලය ද අඩු වී දිව්‍යමය
කලා ද අඩු වේ. එහිදී ඔවුන් සියලු දෙනාම යෝගීන්ය. එහි තේරුම ඔවුන් යමෙක් ගැන
ස්මෘතියෙන් සිටිනවා නොවේ. ඔවුන් එහි කොහොමත් පිරිසිඳු බවින් යුතුය. ක්‍රිෂ්ණාට
යෝගේෂ්වර (යෝග සාමි) යැයි ද කියැවේ. මේ කාලයේ දී, ක්‍රිෂ්ණා ජීවාත්ම සත්තාව පියා
සමඟ යෝග වේ. මෙකල ද ක්‍රිෂ්ණා යෝගේෂ්වර ජීවාත්ම සත්තාවකි. සත් යුගයේ දී ඔහුට
යෝගේෂ්වර යැයි නොකියැවේ. එහිදී ඔහුට කියන්නේ කුමාරයෙක් කියාය. අවසානයේ දී
කිසිවෙකුගේ ශරීරය ගැන නොව තනිකරම පිය ස්මෘතියෙන් සිටිනා තත්ත්වයකට ඔබ පත් වී සිටිය
යුතුයි. ශරීර වලට ඇති ඔබේ සියලු ඇලීම් සහ පැරණි ලෝකය අවසාන කළ යුතුයි. සන්‍යාසීන්
පැරණි ලෝකයේ ජිවත් වන නමුත් ඔවුන් ගෘහයන්ට ඇලීම අවසන් කර නැත. ඔවුන් විශ්වාස කරන්නේ
බ්‍රහ්ම් ධාතුව වන අතර එය හා යෝග වේ. ඔවුන් ගැන කියැවෙන්නේ බ්‍රහ්ම් ග්‍යානී හා
තත්ත්ව ග්‍යානී නම් වලිනි (බ්‍රහ්ම ඥානය සහ ආලෝක ධාතු ඥානය). ඔවුන් විශ්වාස කරන්නේ
ඔවුන් බ්‍රහ්ම් ධාතුව තුළ ගිලී යන බවයි. පියා මෙසේ කියයි : ඒ සියල්ල සාවද්‍යය.
නිවැරදි වන්නේ මා වන ඒකායන කෙනාය. ඒකායන මට කියන්නේ සත්‍යය කියාය. පියා කියන්නේ ඔබේ
ස්මෘති වන්දනා ගමන තදින් ස්ථාවර විය යුතු බවයි. ඥානය ඉතා පහසු වුවත්, ජීව සත්තා
විඥානයට පැමිණීමට උත්සාහය යෙදිය යුතුය. පියා මෙසේ කියයි : ඔබ කිසිවෙකුගේ ශරීරය සිහි
නොකළ යුතුයි. එය හරියට යක‍්ෂයෙක් සිහි කරනවා හා සමානය. යක‍්ෂ වන්දනාවකි. මා ශරීරයක්
නොවන කෙනෙකි. ඔබ මා සිහි කළ යුතුයි. ඔබේ ඇස් වලින් බැලුවත් පියා සිහිකළ යුත්තේ
බුද්ධියෙනි. පියාගේ උපදෙස් පිළිපදිමින් ධර්ම රාජ්ගේ දඬුවමින් නිදහස් වන්න. ඔබ
පිරිසිඳු වී නම් දඬුවම අවසාන වෙයි. අරමුණ ඉතා ඉහළය. යටත් වැසියන් නිර්මාණය කිරීම
පහසු නමුත් ඒ තුළ ධනවත් වැසියන් වන්නේ කවුද දුප්පත් වැසියන් වන්නේ කවුදැයි ඔබට
තේරුම් කෙරේ. අවසානයේ දී ඔබේ බුද්ධි යෝගය තිබිය යුත්තේ පරම පියා සහ ගෙදර සමඟ පමණි.
නාටකයක කොටස් රඟපෑම අවසන් කළ විට නළුවන්ගේ බුද්ධිය යන්නේ ඔවුන්ගේ ගෙවල් වෙතයි. මෙය
අසීමිත කරුණකි. එහි ඔවුන් උපයන්නේ සීමිත ආදාමකි. මෙහිදී ඔබේ ආදායම අසීමිත වෙයි. හොඳ
නළුවන් හොඳ ආදායමක් උපයයි. ඒ නිසා පියා මෙසේ කියයි : ගෙදර සිට ඔබේ වැඩ කරමින්ම ඔබේ
බුද්ධියේ යෝගය ඒ ඉහළට සම්බන්ධ කරන්න. මිනිසුන් එකිනෙකාට ආලය කරන්නන්ය. මෙහිදී, ඔබ
සියලු දෙනාම එකම ආදරවන්තයාගේ ස්නේහවන්තයෝය. හැම කෙනාම සිහි කරන්නේ ඔහුය. ඔහු වූ කලී
විශ්මිත සංචාරකයාය. ඔහු මෙකල පැමිණෙන්නේ හැම කෙනෙක්ම දුකින් නිදහස් කර ගැලවීම ලබා
දීමටයි. සැබෑ ආදරවන්තයා කියන්නේ ඔහුටය. මිනිසුන් ආදරයෙන් බැඳෙන්නේ එකිනෙකාගේ ශරීර
වලටය. එය පාපයක් පිළිබඳ ප්‍රශ්නයක්ම නොවුනත් ශරීර අවධානයේ සාවද්‍ය යෝගය නම් වේ. එය
පදාර්ථ සිහිකිරීමකි. මනුෂ්‍යයින් සිහිකරනවා යනු පදාර්ථයේ පංචධාතු සිහිකිරීමයි. පියා
මෙසේ කියයි : පංචධාතු අමතක කර මාව සිහිකරන්න! මේ සඳහා උත්සාහය අවශ්‍යයි. දිව්‍යමය
ගුණාංග ද අවශ්‍යයි. කෙනෙකුගෙන් පළි ගැනීමද යක‍්ෂ පුරුද්දකි. සත් යුගයේ ඇත්තේ එකම
ආගමක් පමණි. කිසිවෙකුගෙන් පළිගැනීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී. එය වූ කලී
නොබෙදුනු දෙවි දේවතා ධර්මයයි. මෙවැනි ස්ථාපනයක් කළ හැකි වන්නේ ශිව පියාට මිස වෙන
කෙනෙකුට නොවේ. සූක‍්ෂම කලාපයේ සිටිනා දෙවි දේවතාවුන්ට කියන්නේ සුරධූතයන් කියාය. ඔබ
දැන් බ්‍රහ්මිණ්වරු වන අතර පසුව සුර දූතයන් බවට පත් වේ. ඔබ ගෙදර යාමෙන් පසු නව
ලෝකයට නැවත පැමිණ දිව්‍යමය ගුණාංග සහිත මනුෂ්‍යයින් බවට පත් වේ. එනම්, දෙවි
දේවතාවුන් බවට පත් වන බවයි. ඔබ දැන් ක‍්ෂුද්‍ර බවින් බ්‍රහ්මිණ් බවට වෙනස් වේ. ඔබ
ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් නොවී උරුමය කෙසේ ලබන්නද? මේ මමාත් ප්‍රජාපිතා
බ්‍රහ්මාත් පසුව ලක‍්ෂ්මි සහ නාරායන බවට පත් වේ. ජයිනවරු ඔවුන්ගේ ජයින ආගම පැරණිම
ආගම ලෙස ඔබට කීවත් ඇත්තෙන්ම මහාවීර් යනුවෙන් හැඳින්වෙන්නේ ආදී දේව් බ්‍රහ්මාය.
බ්‍රහ්මා මහාවීර් වන නමුත් ජයින පූජකවරු මහාවීර් නම දී ඇත්තේ ඔවුන්ගේ ආගම් කර්තෘටය.
ඔබ සැම දෙනාම දැන් මහාවීර් වරු වෙයි. ඔබ මායාව ජය ගත්තෝ වෙති. ඔබ සැම ධෛර්යයෙන්
යුතු වෙයි. ඔබ සැබෑම මහාවීර් වරුය. ඔබට ශිව ශක්තීන් යැයිද කියැවේ. ඔබ සිංහයින් පිට
යයි. මහරාතීන්වරු යන්නේ අලියන් පිට උඩය. එහෙම වුණත් පියා මෙසේ කියයි : අරමුණ ඉතා
ඉහළයි. ඔබේ පාප සියල්ල දුරු වී යෑමට නම් එකම පියා සිහිකළ යුතුයි. වෙනත් මඟක් නැත.
ඔබ යෝගා බලයෙන් මුළු ලොවම පාලනය කරයි. මේ ජීවාත්ම සත්තාව මෙසේ කියයි: මා දැන් ආපසු
ගෙදර යා යුතුයි. මේ ලෝකය ඉතා පැරණිය. ජරාජීර්ණය. මෙම අභිනිෂ්ක්‍රමණය අසීමිතය. ගෙදර
සිටිමින් සහ සියලු වැඩ කරමින් පාරිශුද්ධියෙන් සිටිය යුතුය. ඉන්පසු චක්‍රය ගැන
අවබෝධය මඟින්, ඔබ පෘතුවි ගෝලයේ පාලකයින් බවට පත් වේ. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ධර්මරාජ්
ගෙන් එන දඬුවමින් බේරීමට නම්, කෙනෙකුගේ ශරීරය සිහියට නොගන්න. ඔබ භෞතික ඇස් වලින්
හැම දෙයක්ම දකිමින්ම පියා පමණක් සිහියට ගන්න. ශරීරය නොමැතිව සිටීම පුහුණු කරන්න.
පාරිශුද්ධ වන්න.
2. සෑම කෙනෙකුටම
විමුක්තිය සහ ජීවන මුක්තියට මඟ පෙන්වන්න. දැන් නාටකය අවසාන වන හෙයින් ඔබ ආපසු ගෙදර
යා යුතුව ඇත. මෙම අවධානය තබා ගැනීමෙන් ඔබට අසීමිත ඉපැයීමක් එකතු කර ගත හැකිය.
වරදානය:
තත්පරයක
ගණුදෙනුවක් කර මුළු චක්‍රයටම වාසනාව උදාකර ගැනීමෙන් ඔබ මහා භාග්‍යවන්තයෙක් වේවා.
ඔබට අවශ්‍ය ප්‍රමාණයට
හා අවශ්‍ය ආකාරයට ධනය ඉපැයීමේ මෙම සංගම කාලයේදී ඔබට ආශිර්වාදය ලැබී ඇත්තේ වාසනාව
දානය කරන පරමාත්ම පියා ඔබේ වාසනාව සෑදීමේ යතුර ඔබ අතට පත් කර ඇති බැවිනි. අන්තිම
කෙනාට පවා වේගයෙන් ගොස් ප්‍රථමයෙන් පැමිණිය හැකියි. මේ සඳහා, සේවාව පුළුල්
කිරීමේදී, තත්පරයකින් ඔබේ ස්ථිතිය එහි සාරය බවට පත් කිරීමට පුරුදු වන්න. තත්පරයකින්
මාස්ටර් බීජයක් වීමට ඔබට මඟ පෙන්වීම ලැබුණු මොහොතේ, ඔබ එයට කිසිදු කාලයක් නොගත යුතු
වේ. තත්පරයකින් මෙම ගනුදෙනුව කිරීමෙන්, ඔබට මුළු චක්‍රය සඳහාම ඔබේ වාසනාව නිර්මාණය
කළ හැකිය.
පාඨය:
ඔබේ ද්විත්ව
සේවය සමඟ වාතාවරණය බලවත් කරන විට පදාර්ථය පවා ඔබේ සේවකයන් වේ.
හුදකලාවට ප්‍රිය කර,
එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.
බොහෝ ගස්වල අතු දැන්
එක සඳුන් ගසක් වී ඇත. මිනිසුන් පවසන්නේ: ස්ත්‍රීන් දෙදෙනෙක් හෝ සතර දෙනෙකුට එකට
වාසය කළ නොහැකි නමුත් ඔය ස්ත්‍රීන් දැන් ලෝකයේ සමගිය ස්ථාපිත කිරීමට උපකරණයි.
විවිධත්වය තුළ එකමුතුකම ගෙන ඒමට උපකරණ වන්නේ ඔය ස්ත්‍රීන්ය. විවිධ රටවල් වලින්
පැමිණ, විවිධ භාෂා සහ විවිධ සංස්කෘති තිබෙන අතර විවිධත්වය තුළට ඔබ එකමුතුකම
ගෙනැවිත් තිබේ.