04.03.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ආරම්භයේ සිටම භක්තිය කළ අය, උපත් 84 ක් ගෙන තිබෙනා අය ඉතාමත් ආශාවෙන් ඔබගේ දැනුමට ඇහුම්කන් දේවි. ඔවුන් සියල්ල සංඥා මාර්ගයෙන් තේරුම් ගනු ඇත.

ප්‍රශ්නය:
කිසියම් ජීවාත්මයක් දේවතා පවුලට සමීප කෙනෙක් ද නැත්ද යන්න ඔබට දැන ගත හැක්කේ කෙසේද?

පිළිතුර:
ඔබගේ දේවතා පවුලට අයිති ජීවාත්මයන් මෙම දැනුමේ සෑම කාරණාවක්ම ඉතාමත් හොඳින් පිළිගන්නා අතර ඔවුන් කිසිම දෙයක් සම්බන්ධයෙන් පටලැවිල්ලට පත් නොවනු ඇත. වැඩි වැඩියෙන් භක්තිය කළ තරමට වැඩි වැඩියෙන් අවබෝධ කර ගැනීමට ඔවුන් උත්සාහ දරණු ඇත. එමනිසා, දරුවන් වන ඔබලා පළමුවෙන්ම සෑම කෙනෙකුගේම නාඩි හොඳින් බලා සේවය කළ යුතුයි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි සිට තම ආධ්‍යාත්මික දරුවන්ට පැහැදිලි කර කියා දේ. ආධ්‍යාත්මික පියා අශරීරික බවත් ඔහු මෙම ශරීරය තුළින් උගන්වන බවත් දරුවන් වන ඔබලාට තේරෙනවා. ජීවාත්මයක් වන මමත් අශාරීරික වන අතර මෙම ශරීරය හරහා මම ඇහුම්කන් දෙමි. පියවරුන් දෙදෙනාම දැන් සිටින්නේ එකටයි. පියවරුන් දෙදෙනාම මෙහි සිටිනා බව දරුවන් වන ඔබලා දන්නවා. තුන් වෙනි පියා ගැනත් ඔබලා දන්නවා. කොහොමනමුත්, මොහු එයාට වඩා හොඳයි. නමුත් ඒ පියා තමයි මේ හැමෝටම වඩා හොඳම. එවන් අංක පිළිවෙලක් තිබෙනවා. එමනිසා, දැන් ඔබලා ඔබගේ ලෞකික පියා සමඟ ඇති සම්බන්ධතාවයෙන් පිටතට පැමිණ මෙම පියවරුන් දෙදෙනා සමඟ සම්බන්ධව සිටිනවා. පියා දැන් දැනුම පැහැදිලි කළ යුතු ආකාරය ඔබට කියා දෙනවා. ප්‍රදර්ශන හා විවිධ වැඩසටහන් සඳහා මිනිසුන් බොහෝ පිරිසක් ඔබලා ළඟට පැමිණෙනවා. ඒ සෑම කෙනෙක්ම උපත් 84 ක් ගන්නේ නැති බව ඔබලා දන්නවා. කෙනෙක් උපත් 84 ක් ද නැතිනම් උපත් 10 ක් ද 20 ක් ද ගන්නේ කියා දැන ගත හැක්කේ කෙසේද? ආරම්භයේ සිටම ලොකු භක්තියක් කළ සෑම කෙනෙක්ම එතරම්ම වේගයකින් එහි යහපත් ප්‍රතිඵලය ලබාවි යන්නත් ඔබලා හොඳින් දන්නවා. ඔවුන් භක්ති කර ඇත්තේ අඩුවෙන් නම් හෝ එය කිරීමට පටන් ගෙන ඇත්තේ ටිකක් ප්‍රමාද වී නම් ඔවුන්ට ලැබෙන ඵලයත් අඩු වන අතර එය ලැබෙන්නේත් ප්‍රමාද වෙලායි. බාබා මෙය පැහැදිලි කරන්නේ සේවය කරනා දරුවන්ටයි. ඔවුන්ගෙන් අසන්න ඔබලා භාරතයේ පුද්ගලයින්, ඉතින් ඔබලා දේවතාවරුන් ගැන විශ්වාස කරනවාද? භාරතයේ ලක්ෂ්මි හා නාරායනගේ අධිරාජ්‍යය තිබුණා. උපත් 84 ක් ගනිමින් එහි ආරම්භයේ පටන් භක්තිය කළ අයට ආදී සනාතන දේවි දේවතා ධර්මය ඇත්තටම තිබුණේ මෙහියි යන්න ඉතාමත් ඉක්මණින් අවබෝධ කර ගත හැකි වනු ඇත. ඔවුන් ලොකු ආශාවකින් එයට ඇහුම් කන් දේවි. අනිත් අය නිකම් ඇවිත් වට පිට බල බලා ඉඳ කිසිම දෙයක් අහන්නේ නැතිව යන්න යාවි. ඒක නිකම් හරියට කිසිම දෙයක් ඔවුන්ගේ බුද්ධියට යන්නේ නැතිවා වගේයි. එමනිසා, ඉන් අදහස් වන්නේ ඔවුන් මෙහාට අයිති නැති අය කියන එකයි. ඇතැම් විට පසුව ඔවුනට අවබෝධ වේවි. ඇතැම් අයට මෙය ඉක්මණින්ම අවබෝධ වී ඉක්මණින්ම එයට එකඟතාවය පළ කරනවා: උපත් 84හි මෙම ගණනය කිරීම හරියට හරි. ඔවුන් අසනවා: මම සම්පූර්ණ උපත් 84ම අරගෙන තිබෙනවා කියා මා තේරුම් ගන්නේ කෙසේද? අච්චා. 84 ක් නැති නම් ඔබ උපත් 82 ක් වත් ලබා ගෙන ඇති. අවම වශයෙන් ඔබ දේවතා ධර්මයට එන්න ඇති. මේ තරම් දෙයක්වත් ඔවුන්ගේ බුද්ධියට අවබෝධ කර ගැනීමට නොහැකි නම්, ඔවුන් උපත් 84 ක් නොගන්නා අය බව ඔබ තේරුම් කර ගත යුතුයි. තවත් ඈතට යන අය දැනුමට ඇහුම් කන් දෙන්නේ තවත් අඩුවෙන්. වැඩියෙන් භක්තිය කර ඇති අය දැනුමට ඇහුම් කන් දීමට හොඳ උත්සාහයක් දරනා අතර ඔවුන් ඉතාමත් ඉක්මණින් එය අවබෝධ කර ගනීවි. කෙනෙකුගේ අවබෝධය අඩු නම් ඔබ අවබෝධ කර ගත යුත්තේ ඔවුන් පසුව එන අය බවයි. ඔවුන් භක්තිය කිරීමට පටන් ගෙන ඇත්තේ ප්‍රමාද වී විය හැකියි. හොඳ භක්තියක් කර තිබෙනා අය සංඥා වලින් සියල්ල තේරුම් ගනීවි. මෙම නාටකය දිගටම නැවත නැවතත් ගමන් කරනවා. සියල්ල රඳා පවතින්නේ භක්තිය මතයි. මේ බාබා තමයි ලොකුම භක්තියක් කර ඇත්තේ. අඩුවෙන් භක්තිය කර ඇති අය ලබන්නේ අඩු ඵලයක්. මේ කාරණා සියල්ල හොඳින් අවබෝධ කර ගත යුතුයි. දළ බුද්ධියක් ඇති අයට මේ දේවල් තේරුම් ගන්න බැහැ. ප්‍රදර්ශන හා පොළ වල් දිගටම පැවැත් වේවි. සෑම භාෂාවකින්ම ඒවා පැවැත් වේවි. ලෝකයේ සෑම කෙනෙක්ටම පැහැදිලි කර කියා දිය යුතුයි. සැබෑම ශාස්තෘවරුන් හා දූතිකාවන් වන්නේ ඔබලායි. ආගම් ස්ථාපනය කරනා අය කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔවුන් ගුරූන් නොවෙයි. ඔවුන් තමන් ගුරූන් යැයි හඳුන්වා ගත්තත් ඔවුන් මෝක්ෂය දානය කරන්නන් නොවෙයි. ඔවුන් පැමිණෙන වෙලාවේදී ඔවුන්ගේ ආයතන නැහැ. ඉතින් කාටද ඔවුන් මුක්තිය දානය කරන්නේ? ගුරු කෙනෙක් යනු මුක්තිය දානය කරන්නෙක්; මෙම දුක්ඛිත ලෝකයෙන් ජීවාත්මයන්ව සාමයේ දේශය වෙත ගෙන යන්නෙක්. ක්‍රිස්තූන් වහන්සේ වැනි අයට ගුරු කෙනෙක් කියා කියන්න බැහැ. ඔවුන් හුදෙක් ආගම් ස්ථාපනය කළ අය පමණි. ඔවුන්ට වෙන කිසිම නිලයක් නැහැ. කිසියම් තැනක් ලබන්නේ, පළමුවෙන්ම පැමිණි සේම සතෝප්‍රධාන් තත්ත්වයෙන් පසුව සතෝ, රජෝ හා තමෝ මට්ටම් පසු කර යන්නන් පමණි. නමුත් අනිත් අය ඇවිත් තමන්ගේ ධර්මය ස්ථාපනය කර පසුව නැවත නැවතත් උපත් ගන්නවා. සෑම කෙනෙක්ම තම තමන්ගේ තමෝප්‍රධාන් තත්ත්වයට පත් වුණු කළ, පියා පැමිණ ඔවුන්ව පාරිශුද්ධත්වයට පත් කරවා ආපසු ගෙන යනවා. පාරිශුද්ධත්වයට පත් වුණු පසු මෙම අපිරිසිඳු ලෝකයේ ඔබට සිටිය නොහැකියි. පාරිශුද්ධ ජීවාත්මයන් මුක්තියට ගොස් පසුව ජීවන මුක්තිය කරා යනවා. ඔහු අපව ගලවා ගන්නා කෙනා මෙන්ම මඟ පෙන්වන්නායි කියා මිනිස්සු කියනවා. නමුත් එහි අර්ථය ඔවුන් දන්නේ නැහැ. අර්ථය අවබෝධ වුණා නම් ඔහුව දැන ගනීවි. ‘භක්ති මාර්ගය‘ කියන වචනය ස්වර්ණමය යුගයේ දී නැහැ. මේකත් නාටකයේම තීරණය වී තිබෙන්නක්. ඔවුන් තම තමන්ගේ චරිත දිගටම රඟ දක්වනවා. එක් අයෙකුටවත් මුක්තිය ලබාගත නොහැකියි. ඔබ දැන් මෙම දැනුම ලබනවා. පරමාත්ම පියා කියනවා : මම සෑම කල්පයකදීම චක්‍ර දෙකක් අතර ඇති සංගමයේදී පැමිණෙනවා. අති මංගල වූ සංගම යුගය කියා හැඳින්වෙන්නේ මෙයයි. වෙන කිසිම යුගයක් මංගල වන්නේ නැහැ. ස්වර්ණමය හා රිදී යුගයන්හි සංගමය තුළ වැදගත්කමක් නැහැ. සූර්ය වංශය අවසන් වන විට, ඇත්තේ චන්ද්‍ර වංශයේ අධිරාජ්‍යයයි. වන්ද්‍ර වංශය ක්ෂත්‍රිය වංශය දක්වා වෙනස් වුණු විට, චන්ද්‍ර වංශය අතීතයට යැවෙනවා. ඉන් අනතුරුව ඔබ කවුරු වෙනවා ද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. සූර්ය වංශයට අයිතිව සිටි අය අපගේ මුතුන් මිත්තන් බවත් අනිත් අය චන්ද්‍ර වංශයේ අය බවත් ඉතිරි වී ඇති පිළිම වලින් අවබෝධ කර ගත හැකියි. ඔවුන් (සූර්ය වංශයේ) අධිරාජ්‍යවරුන් වුණු අතර අනිත් අය (චන්ද්‍ර වංශය) රජවරුන්. ඔවුන් ඉතාමත් ධනවත් වුණු අතර මොවුන් (චන්ද්‍ර වංශය) පරාජිත අය වුණා. මේ දේවල් වෙන කිසිම ග්‍රන්ථයක සඳහන් කර නැහැ. පරම පියා දැන් මෙහි අසුන් ගෙන ඔබට සියල්ල පැහැදිලි කරනවා. සෑම කෙනෙක්ම කියන්නේ අපව නිදහස් කරවන්න. අපව පාරිශුද්ධත්වයට පත් කරවන්න, කියලයි. ඔවුන් සතුට ඉල්ලන්නේ නැහැ. මන්ද, ආගමික ග්‍රන්ථ වල සතුට යන්න අපහාසයට ලක් කරලා. හැමෝම ඉල්ලන්නේ මට මානසික සාමය ලබා ගත හැක්කේ කෙසේද? කියලයි. තමන්ට දැන් සාමයත් සතුටත් දෙකම ලැබෙනවා කියා දරුවන් වන ඔබට තේරෙනවා. සාමය ඇති ඕනෑම තැනක සතුටත් තිබෙනවා. නොසන්සුන්තාවය ඇති තැනක ඇත්තේ දුකයි. සත් යුගයේ දී සාමයත් සතුටත් දෙකම තිබෙනවා. නමුත් මෙහි, ඇත්තේ දුකත් නොසන්සුන්තාවයත් පමණයි. පරමාත්ම පියා මෙහි සිට මෙය පැහැදිලි කරනවා. මායා, රාවණ්, ඔබගේ බුද්ධිය සම්පූර්ණයෙන්ම විනාශ කර දමලා. මේකත් නාටකයේ නියමිත දෙයක්. පියා කියනවා : මමත් නාටකයට යටයි. මම දැන් මගේ චරිතය රඟපානවා. එය ඇත්තේ මේ කාලයේ දී පමණයි. ඔබ කියනවා: බාබා, ඔබ පමණයි සෑම කල්පයකදීම පැමිණ අපව අපිරිසිඳු දූෂිත තත්ත්වයෙන් පිරිසිඳු උසස් තත්ත්වයට පත් කරවන්නේ කියලා. ඔබ දූෂිත වුණේ රාවණ් මඟින්. පියා පැමිණ දැන් සාමාන්‍ය මනුෂ්‍යයින් දේවතාවරුන් බවට පත් කරවනවා. ගීතයේ අර්ථාන්විත ගුණය ඔබට පැහැදිලි කර දෙන්නේ පරමාත්ම පියා පැමිණි විට පමණයි. සික් ජාතිකයින්ට එහි අර්ථය අවබෝධ වෙන්නේ නැහැ. ඔවුන් අමරණීය සිහසුන මත අසුන් ගෙන සිටිනවා. නමුත් එහි අර්ථය ඔවුන් දන්නේ නැහැ. අමරණීය රූපයන් වන්නේ ජීවාත්ම බව පියා පැහැදිලි කර පෙන්වා දී තිබෙනවා. මෙම ශරීරය මෙම ජීවාත්මයේ රථයයි. කවදාවත් මරණයක් අත්නොදකිනා අමරණීය ජීවය මෙහි අසුන් ගෙන සිටිනවා. සත් යුගයේ දී ඔබට මරණයක් එන්නේ නැහැ. කිසිඳු අකල් මරණයක් එහි නැහැ. එය අමරණිය දේශය වන අතර මෙය මරණයේ දේශය වෙනවා. ‘අමරණීය දේශය‘ හෝ ‘මරණයේ දේශය‘ යන පද වල අර්ථය කිසිම කෙනෙකුට අවබෝධ වන්නේ නැහැ. පියා කියනවා : මම ඔබට සියල්ල ඉතාමත් සරළ ලෙස පැහැදිලි කරනවා. මා පමණක් සිහිපත් කරන්න, ඔබ පාරිශුද්ධත්වයට පත් වේවි. සාදු සන්‍යාසීන් ගායනා කරනවා : ඔහෝ පාරිශුද්ධකරුවාණනි, ඔවුන් පාරිශුද්ධකරු වන පියාට කන්නලව් කරනවා. ඔබ කොහේ ගියත් ඔවුන් අනිවාර්යයෙන්ම කන්නලව් කරන්නේ, ‘පාරිශුද්ධකරුවාණනි’ කියලයි. සත්‍යය කවදාවත් සඟවා තබන්න බැහැ. පාරිශුද්ධකරු වන පියා පැමිණ අපට මාර්ගය පෙන්වන බව ඔබ දන්නවා. චක්‍රයකට පෙර ද ඔහු මෙසේ පැවසුවා : ඔබ ජීවාත්මයන් ලෙස සළකා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න, එවිට ඔබ සතෝප්‍රධාන් වේවි. ඔබලා සෑම කෙනෙක්ම එකම එක ආදරවන්තයාගේ ආදරවන්තියන්. එම ආදරවන්තයින් එක් උපතකට පමණයි, කොහොමනමුත්, ඔබ සෑම කෙනෙක්ම ඒ ඒකායන කෙනාට බොහෝ උපත්වල දී ආදරය කළා. ඔහුව සිහිපත් කර: ඔහෝ ප්‍රභූ! කිය කියා කන්නලව් කළා. එකම එක පියා පමණයි පිරිනමන්නා වන්නේ. දරුවන් යමක් ඉල්ලන්නේ පියාගෙන් පමණයි. ජීවාත්ම අසතුටට පත්වන විට ඔවුන් පියාව සිහිපත් කරනවා. සතුටේ සිටිනා කිසිම කෙනෙක් ඔහුව සිහිපත් කරන්නේ නැහැ. සෑම කෙනකේම ඔහුව සිහිපත් කරන්නේ අසතුටින් සිටිනා විටයි, ‘බාබා පැමිණ අපව මුදවා ගන්න’, මිනිස්සු ගුරු කෙනෙක් ළඟට ගොස්, ‘අපට දරුවෙක් ලබා දෙන්න’ කියා යාඥා කරනවා වගේ තමයි ඒකත්. අච්චා, ඔවුන්ට දරුවෙක් ලැබුණොත් ඔවුන් බොහෝ සතුටට පත් වෙනවා. කොහොමනමුත්, දරුවෙක් ලැබුණේ නැතිනම්, ‘ඒ දෙවියන්ගේ කැමැත්තයි!’ කියා කියනවා. නාටකය ගැන ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. නාටකය ගැන කතා කරනවා නම් සියල්ල දැන ගෙන සිටිය යුතුයි. ඔබ නාටකය ගැන දන්නවා. වෙන කිසිම කෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. කිසිම ආගමික ග්‍රන්ථයක මේක සඳහන් කර නැහැ. නාටකය යනු නාටකයයි; එහි මුල, මැද හා අග ගැන ඔබ දැන ගෙන සිටිය යුතුයි. පියා කියනවා : මම සෑම වසර 5000 කට වතාවක්ම එනවා. යුග හතර සම සමයි. ස්වස්ථීකයටත් වැදගත්කමක් දී තිබෙනවා. ගිණුම් පොත් වල ස්වස්ථීකයක් තබනවා. මේකත් අප උපයා ගන්නා ලාභයත් පසුව අලාභයට පත් වන ආකාරයත් පෙන්වන ගිණුම් පොතකි. අලාභ ලබමින් අපි දැන් නැති භංග තත්ත්වයටම පත් වෙලා. මෙය ජයග්‍රහණය හා පරාජය ගැන වූ කතාවකි. ධනය හා නිරෝගී බව තිබෙනවා. කොහොමනමුත්, ධනය ලැබී, නමුත් නිරෝගී බවක් නැති නම් සතුට නැති වෙනවා. මම ඔබට නිරෝගී බවත් ධනයත් දෙකම දෙන නිසා ඔබට සතුටත් ලැබෙනවා. කෙනෙක් තම ශරීරය අතහැර ගිය විට, එම ජීවාත්මය දිව්‍යලෝකයට ගිහින් කියා මිනිස්සු කියනවා. නමුත් ඒ ගැන ඔවුන් දුක් වෙනවා. කොහොමනමුත්, ඇත්තටම නම් ඔවුන් සතුටට පත් විය යුතුයි. ඇයි ඔවුන් ඒ ජීවාත්මයට ආපසු මෙම අපායට ආරාධනා කරන්නේ? ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. පියා දැන් මේ සෑම දෙයක්ම ඔබට පැහැදිලි කර කියා දෙනවා. ඔහු ඔබට බීජයේත් ගසෙහිත් රහස් පැහැදිල කර කියා දෙනවා. ගසක එවන් පින්තූරයක් වෙන කිසිම කෙනෙක්ට නිර්මාණය කරන්න බැහැ. මොහු මෙය නිර්මාණය කළේත් නැහැ. කවුරුවත් ගුරු කෙනෙකුගෙන් ඉගෙන ගත්තෙත් නැහැ. ගුරු කෙනෙකුගෙන් ඉගෙන ගත්තා නම් ඒ ගුරුට අනුගාමිකයින් රැසක්ම ඉන්න ඇති. මිනිස්සු හිතනවා කවුරු හෝ ගුරු කෙනෙක් මොහුට මේ සියල්ල කියා දෙන්න ඇති කියලා. නැතිනම්, උත්තරීතර ජීවාත්මයේ කිසියම් බලයක් මොහුට ඇතුළු වෙලා වෙන්න ඇති කියලත් කියනවා. කොහොමනමුත්, උත්තරීතර ජීවාත්මයේ කිසියම් බලයක් ඇතුළු වන්නේ කොහොමද? දුප්පත් මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. පියාම දැන් මෙහි සිට ඔබට සියල්ල කියා දෙනවා. මම සාමාන්‍ය පැරණි ශරීරයකට ඇතුළු වෙනවා කියා මා ඔබට කියා තිබෙනවා. මා පැමිණෙන්නේ ඔබට ඉගැන්වීමටයි. මොහුත් අහගෙනයි ඉන්නේ; ඔහුගේ අවධානය ඇත්තේ මා තුළයි. ඔහුත් ශිෂ්‍යයෙක්. ඔහු වෙන කිසිම වචනයකින් තමාව හඳුන්වා ගන්නේ නැහැ. මානව වර්ගයාගේ පියා වශයෙන් සිටිනවාත් සමඟම ඔහු ශිෂ්‍යයෙක් ද වෙනවා. විනාශය පිළිබඳ දර්ශන ඔහුට ලැබුණා වුණත්, ඒ කිසිවක් ඔහුට තේරුණේ නැහැ. ඔබ සෑම කෙනෙක්ටම දැන් මෙය තේරෙනවා වගේ ඔහුත් ක්‍රම ක්‍රමයෙන් මෙය අවබෝධ කර ගත්තා. පියා ඔබට පැහැදිලි කරනා අතර මොහුත් අතර මැද ඉඳගෙන සියල්ල තේරුම් ගන්නවා. ඔහු දිගටම ඉගෙන ගන්නවා. සෑම ශිෂ්‍යයෙක්ම ඉගෙන ගැනීමට උත්සාහයක් දරනවා. බ්‍රහ්මා, විෂ්ණු හා ශංකර් සූක්ෂම ලෝකයේ වැසියන්. ඔවුන්ගේ චරිත මොනවාද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පියාම මේ සෑම කරුණක්ම පැහැදිලි කරනා නිසා ඔබට ප්‍රශ්න ඇසීමට හේතුවක් නැහැ. උත්තරීතර ජීවය වන ශිවා ඉහළින්ම සිටිනා අතර පසුව දේවතාවරුන් සිටිනවා. කොහොමද ඔවුන්ව පටලවා ගන්නේ? බාබා මොහු තුළට ඇතුළු වී සිටිනා නිසා තමයි බාප්දාදා කියා ඔවුන්ව හඳුන්වන්නේ කියා දරුවන් වන ඔබලා දැන් දන්නවා. බාබා දාදාට (වැඩිමහල් සහෝදරයා) වඩා වෙනස්. ශිව, බාබා වන අතර බ්‍රහ්මා, දාදා වෙනවා. ඔබ මොහු මාර්ගයෙන් ශිවාගෙන් උරුමය ලබනවා. බ්‍රහමිණ්වරුන් බ්‍රහ්මාගේ දරුවන්. බාබා ඔබලාව අරගෙන තිබෙන්නේ නාටක සැලැස්මට අනුවයි. පියා කියනවා : අංක එකේ භක්ති වන්තයා වශයෙන් සිටියේ මොහුයි. ඔහු උපත් 84 ක් අරගෙන. ඒ වගේම ඔහුව අවලස්සන හා ලස්සන කෙනා කියාත් හඳුන්වනවා. සත් යුගයේ දී ක්‍රිෂ්ණා ලස්සනයි. පසුව කලි යුගයේ දී ඔහු අවලස්සන වුණා. අපිරිසිඳුව සිටි ඔහු දැන් පිරිසිඳු වෙමින් සිටිනවා. ඒ දේම ඔබටත් අදාලයි. මෙය කලි යුගයේ ලෝකය වන අතර එය ස්වර්ණමය යුගයේ ලෝකය වෙනවා. කිසිම කෙනෙක් ඉණිමඟ ගැන දන්නේ නැහැ. ප්‍රමාද වී පැමිණෙන අය උපත් 84 ක් ගන්නේ නැහැ. ඔවුන් අනිවාර්යෙන්ම ගන්නේ අඩු උපත් ගණනක්. ඉතින් ඔවුන්ව ඉණිමඟේ පෙන්වන්නේ කෙසේද? වැඩිම උපත් ගණනක් ගන්නා කෙනාත් අඩුම උපත් ගණනක් ගන්නා කෙනාත් ගැන බාබා පැහැදිලි කර දී තිබෙනවා. මෙය දැනුමයි. දැනුමින් පිරි, පාරිශුද්ධ කෙනා වන්නේ පරමාත්ම පියාම පමණයි. ඔහු මුල, මැද හා අග පිළිබඳ වූ දැනුම ගැන කතා කරනවා. ඒ සෑම කෙනෙක්ම ‘නෙති, නෙති‘ (ඒකත් නොවෙයි, මේකත් නොවෙයි) කියා කියමින් සිටියා. ඔවුන් තමන්ගේ ජීවාත්මය ගැනම දන්නේ නැහැ. ඉතින් කොහොමද පියා ගැන දැන ගන්නේ? කියන්නන් වාලේ ජීවාත්මයක් ගැන කිව්වා වුණාට ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ජීවාත්මයක් සදාකාලික බවත් උපත් 84 ක චරිතයක් ඒ තුළ පටිගත වී ඇති බවත් ඔබ දැන් දන්නවා. එතරම් දෙයක් තේරෙන්නේ නැහැ. ජීවාත්මයක් සදාකාලික බවත් උපත් 84 ක චරිතයක් ඒ තුළ පටිගත වී ඇති බවත් ඔබ දැන් දන්නවා. එතරම් කුඩා ජීවාත්මයක් තුළ සම්පූර්ණ චරිතයක් පටිගත වී තිබෙනවා. ඉතාමත් හොඳින් මෙයට ඇහුම් කන් දෙන අයත් එය හොඳින් අවබෝධ කර ගන්නා අයත්, සමීප අය බව හොඳින් වැටහෙනවා. මෙම දැනුම ඔවුන්ගේ බුද්ධියට ඇතුළු වන්නේ නැතිනම්, ඉන් අදහස් වන්නේ ඔවුන් පසු කලෙක පැමිණෙන බවයි. දැනුම දෙන මොහොතේ දී ඔවුන්ගේ නාඩි බලා දැනුම දෙන්න. පැහැදිලි කරනා අයත් එක් එක් මට්ටම් වල සිටිනවා. මෙය ඔබගේ අධ්‍යාපනයයි. අධිරාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතිනවා. ඇතැම් අය රජ කෙනෙකුගේ වැනි ඉහළම තත්ත්වය දිනා ගන්නා අතර අනිත් අය පුරවැසියන්ගේ සේවක සේවිකාවන් වෙනවා. කොහොමනමුත්, සත් යුගයේ කිසිම දුකක් නැති බව නම් සත්‍යයක්. එය හඳුන්වන්නේ සතුටේ දේශය, දිව්‍යලෝකය කියලයි. අතීතයේ එවන් දෙයක් තිබුණු නිසා තමයි ඔවුන් එය සිහිපත් කරන්නේ. දිව්‍යලෝකය තිබෙන්නේ කොහේ හෝ ඉහළ තැනක කියා මිනිස්සු සිතනවා. දිල්වාලා දේවාලයේ ඔබලාව හරියටම පෙන්වා තිබෙනවා. ආදි දේවතාවන්, ආදි දේවතාවියන්, දරුවන් වන ඔබලාත් බිම යෝගාවේ අසුන් ගෙන සිටිනා අතර ඉහළින් අධිරාජ්‍යය පෙන්වා තිබෙනවා. මිනිස්සු ඒ දෙස යන්තම් බලා මුදල් දෙනවා. නමුත් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. දරුවන් වන ඔබලාට තෙවෙනි ඇස ලැබී තිබෙනවා. පළමුවෙන්ම, ඔබලා පියාගේ චරිත කතාව හොඳින් දන්නවා. ඉතින් තවත් මොනවාද ඕනේ? පියා ගැන දැන ගැනීමෙන් ඔබ සියල්ලම අවබෝධ කර ගන්නවා. එමනිසා, සතුටක් තිබිය යුතුයි. තමන් දැන් සත් යුගය වෙත ගොස් රත්රන් මාළිඟා සාදා එහි පාලනය ගෙන යනවා කියා දැන් ඔබ දන්නවා. මෙම ආධ්‍යාත්මික දැනුම දෙන්නේ ආධ්‍යාත්මික පියා විසින් බව සේවයට ලැදි දරුවන්ගේ බුද්ධියට ඉතාමත් හොඳින් අවබෝධ වෙනවා. ජීවාත්මයන්ගේ පියාව හඳුන්වන්නේ ආධ්‍යාත්මික පියා කියලයි. ඔහු මුක්තිය දානය කරන්නායි. ඔහු සාමයේ හා සතුටේ උරුමය ලබා දෙනවා. ඔවුන්ට පැහැදිලි කර දීමට ඔබට පුළුවනි. ඉණිමඟ පෙන්වන මෙම පින්තූරය උපත් 84 ක් ගන්නා භාරත වාසීන් ගැන පැහැදිලි කෙරෙන්නක්. කල්පයේ මැද හරියක දී ඔබ පැමිණියා නම් කොහොමද උපත් 84 ක් ගන්නේ? අපි උපරිම උපත් ගණන ගන්නවා. මේවා ඉතාමත් ගැඹුරු කරුණු. හොඳින් තේරුම් ගත යුතුයි. අපිරිසිඳුතාවයෙන් පාරිශුද්ධත්වයට පත් වීමට කළ යුතු ප්‍රධානම දෙය නම් ඔබගේ බුද්ධිය යෝගාවේ සම්බන්ධ කර ගැනීමයි. පාරිශුද්ධ වීමට පොරෙන්දු වී පසුව අපිරිසිඳු වුණොත්, ඔබගේ ඇට කටු සියල්ල කැඩී බිඳී යාවි. ඒක හරියට ගොඩනැගිල්ලක පස්වෙනි තට්ටුවෙන් බිමට වැටුණා වගේ වේවි. ඔබගේ සිහිය සම්පූර්ණයෙන්ම අපිරිසිඳු වී තමන් වැරැද්දක් කළා කියා හිද වද දීමට පටන් ගනීවි. එවිට කිසිම දෙයක් ගැන කතා කිරීමට ඔබට හැකියාවක් ලැබෙනා එකක් නැහැ. මෙන්න මේ නිසා තමයි පියා කියන්නේ : ප්‍රවේශම් වන්න! අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම නාටකය හොඳින් අවබෝධ කර ගෙන මායාගේ බන්ධන වලින් නිදහස් වන්න. තමන් අමරණීය රූපයක් වන ජීවාත්මයක් බව සළකන්න. පරමාත්ම පියාව සිහිපත් කර පාරිශුද්ධත්වයට පත් වන්න.

2. සැබෑම ශාස්තෘවරයෙක් හා දූතිකාවක් බවට පත් ව සාමයේ දේශය වෙතටත් සතුටේ දේශය වෙතටත් යන මඟ සැමට පෙන්වන්න. මෙම මංගල වූ සංගම යුගයේ දී සැමට යහපතම සලසන්න.

වරදානය:
පරම පියා සහ ඔබගේ සේවය ඔබගේ අවධානයේ තබාගෙන ඒ අනුව සියලු ආකර්ෂණ වලින් නිදහස් වී, නිරන්තර සහ ස්ථාවර මනෝ ස්ථිතියක් අත්විදිත්වා.

සේවකයෙකුට සෑම විටම ඔහුගේ සේවය සහ ඔහුගේ පාලකයාව සිහි වෙයි. ඒ අන්දමින්ම ඔය ලෝක සේවාධාරීන්, ඔය සැබෑ සේවක දරුවන්ටද, පියා සහ සේවය හැර වෙනත් කිසිවක් සිහි නොවිය යුතුයි. ඔබ නිරන්තර සහ ස්ථාවර ස්ථිතියක සිටීම අත්විදින්නේ මෙය මගින් පමණයි. ඒකායන පියාගේ මිහිරියාව හැර, ඔබට වෙනත් කිසි දේකට ආකර්ෂණය විය නොහැක. නිරන්තර සහ ස්ථාවර මනෝ ස්ථිතියක් ඇති කිරීමට දරන තීව්‍ර උත්සාහය, ඔබව සියලු ආකර්ෂණ වලින් නිදහස් කරයි. ඔබගේ ශ්‍රේෂ්ඨ ගමනාන්තය මෙයයි.

පාඨය:
සංවේදි සිදුවීම් වල ප්‍රශ්න පත්‍රයෙන් සමත් වීම සදහා, ඔබගේ ස්වභාවය ශක්තිමත් කරගන්න.

අව්‍යක්ත සංඥාව: සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.

ඔබ අසත්‍ය යමක් දුටුවොත් හෝ ඇසුවොත්, එම අසත්‍යය වාතාවරණයට පතුරන්න එපා. බොහෝ දෙනෙක් කියන්නේ. “එය පාපයක්, එමෙන්ම කිසිවෙක් එම පාපය සිදුකරනවා දැකීම මට දරා ගත නොහැක.” කෙසේවෙතත්, අසත්‍ය දේවල් වාතාවරණයේ පැතිරීමත් පාපයකි. ඔබගේ ලෞකික පවුල ගැන මේ අන්දමින් දකින හෝ ඇසෙන දෙයක් ඔබ පතුරන්නේ නැහැ. ඔබගේ දෙසවනින් එයට සවන් දී ඔබගේ හදවත තුළ එය සගවා තබයි. මෙහි සිටින කෙනෙක්, නිෂ්ඵල දෙයක් වටේ පතුරුවා හැරීමත් පාපයේ සලකුණකි. එවන් කුඩා පාපයන්, පියාසර ස්ථිතියේ අත්දැකීම අවසන් කරයි. එබැවින් කර්මයේ ගැඹුරු න්‍යාය වටහාගෙන, එහි සැබෑ ස්වරූපයෙන් සත්‍යයේ බලය ධාරණය කරගන්න.