04.05.25 Avyakt Bapdada
Sinhala
Murli 20.02.2005 Om Shanti Madhuban
ඔබගේ හදවතින් “මගේ
බාබා!” කියා, සියලු අවිනාශී සම්පත්වල පාලකයෙක්
සහ එනයින් සැහැල්ලු අධිරාජයෙක් වන්න.
අද භාග්‍යය
පිරිනමන්නා වන බාප්දාදා සියලුම දරුවන්ගේ නළල් මධ්‍යයේ භාග්‍ය රේඛා දකිනවා. සෑම
දරුවෙකුගේම නළල මැද දිලිසෙන දිව්‍යමය තාරකාවන්ගේ රේඛා පෙනෙනවා. සියලු දෙනාගේ දෑස්
තුළ සෙනෙහසේ සහ බලයේ රේඛා, බාබා දකිනවා. ඔබගේ දෙතොල් මත ශ්‍රේෂ්ඨ සහ මිහිරි වචන වල
රේඛාව බාබා දකිනවා. ඔබගේ දෙතොල් මත මිහිරි සිනහවක රේඛාවක් දිදුලනවා. හදවත සනසන
කෙනාගේ සෙනෙහසේ ගිලී සිටින රේඛාව බාබා ඔබගේ හදවතේ දකිනවා. සියලු සම්පත් වලින්
නිරන්තරයෙන් පිරී සිටීමේ රේඛා, බාබා ඔබගේ අත් දෙකේ දකිනවා. සෑම පියවරකදීම කෝටි
ගුණයක් ඉපයීමේ රේඛා, බාබා ඔබගේ පාද වල දකිනවා. මෙම සංගම යුගයේ ඔය දරුවන් ලබා ඇති
තරම් උසස් භාග්‍යයක් කල්පය පුරා වෙනත් කිසිම කෙනෙක් අත්කරගෙන නැහැ. ඔබගේ භාග්‍යය
මෙවැනි බව ඔබ අත්දකිනවාද? මෙතරම් ශ්‍රේෂ්ඨ භාග්‍යයක ආධ්‍යාත්මික කුල්මත් බව ඔබ
අත්දකිනවාද? ඔබගේ හදවතේ ඉබේටම වාදනය වන ගීතය වන්නේ: “අපූරුයි මගේ වාසනාව!” සංගම
යුගයේ මෙම වාසනාව, අවිනාශි වාසනාවක් වෙයි. ඇයි? මන්ද, ඔබට අවිනාශී පියාගෙන් අවිනාශී
වාසනාවක් ලැබී ඇති බැවින්. කෙසේවෙතත්, ඔබට මෙය හිමි වන්නේ මෙම සංගම යුගයෙදි පමණයි.
සංගම යුගයේ මෙම විශේෂ ලැබීම ඔබ අත්දකින්නේ මෙම උපරිම ලෙස ශ්‍රේෂ්ඨ සංගම යුගයෙදි
පමණයි. එබැවින් මෙතරම් ශ්‍රේෂ්ඨ භාග්‍යයක අත්දැකීම, නිරන්තරයෙන් ඉස්මතු වී
තිබෙනවාද? එසේ නැත්නම් එය විටෙක යටපත් වී, විටෙක ඉස්මතු වෙනවාද? ඒ සදහා ඔබ දැරූ
උත්සාහය කුමක්ද? එතරම් ශ්‍රේෂ්ඨ වාසනාවකට දැරූ උත්සාහය ඉතා පහසු විය. “මගේ බාබා!”
කීමෙන් ඔබ සරළව හැදිනගෙන, පිළිගෙන, බාබාව ඔබට අයිති කරගත්තා. “මා අයත් වන්නේ
බාබාටයි, එමෙන්ම බාබා අයිති මටයි” ලෙසට, ඔබගේ හදවතින් ඔබ හදුනාගත්තා. බාබාව “මගේ”
ලෙසට පිළිගැනීම යනු, සියලු අයිතීන් ඇති කෙනෙක් වීමය, එමෙන්ම ඔබට මහ විශාල අයිතියක්
තිබේ. ඒ ගැන ටිකක් සිතන්න. ඔබට ලැබී ඇත්තේ කුමක්ද, කියා කෙනෙක් ඔබගෙන් විමසූ විට,
ඔබ කියන්නේ කුමක්ද? “මට ලැබීමට අවශ්‍ය දේ මට ලැබී ඇත. දේවමය සම්පත් වලින් නොලැබුණු
කිසිවක් නැහැ.” තමන් එවන් ලැබීම්වල ප්‍රතිමූර්ති බව ඔබ අත්විද තිබෙනවාද, නැත්නම් ඔබ
තවමත් එය අත්විදීමේ ක්‍රියාවේ යෙදී සිටිනවාද? අනාගතය වෙනම කාරණාවක්, නමුත් ඔබ
ලැබීම් වල ප්‍රතිමූර්තියක් වීම අත්විදින්නේ මෙම සංගම යුගයෙදි පමණයි. ඔබ මෙය සංගම
යුගයේ අත්විදින්නේ නැත්නම්, ඔබට අනාගතයේදීද එය අත්විදින්නට නොහැකි වෙයි. ඇයි?
අනාගතය ප්‍රතිලාභයයි, නමුත් ප්‍රතිලාභය නිර්මාණය වන්නේ ඔබ මෙකල සිදු කරන උත්සාහයේ
ශ්‍රේෂ්ඨ ක්‍රියා මගින්ය. ඔබ අවසන් මොහොතේ අත්දැකීම් වල ප්‍රතිමූර්තියක් වන්නේ
නැහැ. මෙම අත්දැකීම ලැබෙන්නේ, සංගම යුගයේ දීර්ඝ කාලයක් පුරා තිබීමෙන්ය.
ජීවන-මුක්තියේ විශේෂ අත්දැකීම, වර්ථමාන කාලයේ එකකි. ඔබ සැහැල්ලු අධිරාජයෙක් වීම
අත්දකින්නේ දැන්ය. එබැවින් ඔබ සියලු දෙනාම සැහැල්ලු අධිරාජවරුද නැත්නම් ඔබට කිසියම්
හෝ කණස්සලු තිබෙනවාද? සැහැල්ලු අධිරාජවරු වී ඇති අය, අත් ඔසවන්න. ඔබ එය බවට පත්
වෙලාද, නැත්නම් ඔබ එය වෙමින් සිටිනවාද? ඔබට තිබෙන්නේ කුමන කණස්සලුද? ඔබ දානපතිගේ
දරුවන් බැවින් කණස්සලු වීමට ඇති කාරණාව කුමක්ද? ඔබ එය බවට පත්වී ඇත, එහෙම නේද? ඔබ
“මගේ බාබා!” පිළිගත් මොහොතේම, බොහෝ බර කූඩ ඉවත් වෙයි. ඔබට කිසිදු බරක් තිබෙනවාද? ඔබ
පදාර්ථ වල ක්‍රීඩා දකින අතර මායාගේ ක්‍රීඩාද දකියි. කෙසේවෙතත්, ඔබ එම ක්‍රීඩා
දකින්නේ සැහැල්ලු අධිරාජවරු සහ නොබැදි නරඹන්නන් ලෙසින්ය. කුමක් සිදුවෙයිද, සිතමින්
ලෝකයේ මිනිසුන් බිය වෙයි. ඔබට එම බිය තිබේද? ඔබ බයද? කුමක් සිදු වුනත්, එය හොදම වන
බවට විශ්වාසය (නිශ්චේ) ඔබට තිබෙන අතර එය නිශ්චිත (නිශ්චිත්) වී ඇත. ඇයි? ඔබ සෑම
ජවනිකාවක්ම නරඹන්නේ ත්‍රිකාලදර්ශීන් (තුන් කාලය ගැන දන්නා අය) ලෙසයි. අද සිදුවන්නේ
කුමක්ද සහ හෙට සිදු විමට යන්නේ කුමක්ද කියා ඔබ ඉතා හොදින් දන්නවා. ඔබ දැනුමින්
පිරිපුන් නේද? සංගම යුගයට පසුව පැමිණීමට යන්නේ කුමක්ද කියා ඔබ සියලු දෙනා ඉදිරියේ
ඉතා පැහැදිලියි, එහෙම නේද? නව යුගය පැමිණිය යුතුයි. ලෝකයේ මිනිසුන් ඔබගෙන්
විමසන්නේ: “එය පැමිණෙයිද?” ඔවුන්ට මෙම ප්‍රශ්නය තිබෙන අතර ඔබ පිළිතුරු දෙන්නේ
කෙසේද? “එය ඉතාම සමීපයි”. සිදුවීමට යන්නේ කුමක්ද කියා, ඔබ ප්‍රශ්න නොකරන්නේ මේ
නිසයි. එම සුන්දර ස්වර්ණමය යුගය පැමිණිය යුතු බව ඔබ දන්නවා. රාත්‍රියට පසුව, එය
දැන් සංගම යුගයේ අරුණෝදයයි; එය අම්රිත් වේලාවයි, එමෙන්ම අම්රිත් වේලාවට පසුව දවස
පැමිණිය යුතුයි. මෙම විශ්වාසය ඇති අය කණස්සලු වලින් නිදහස්ව සිටියි; ඔවුන්ට කිසිම
කණස්සල්ලක් නොතිබෙයි. ඔවුන් සැහැල්ලුවෙන් සිටිවි. ලෝකයේ නිර්මාණකරුගෙන් නිර්මාණය
පිළිබද මෙම පැහැදිලි දැනුම ඔබට ලැබී ඇත.
ඔය සියලුම ආදරණීය,
සහයෝගී හෝ සම්බන්ධ වී සිටින දරුවන්, සෙනෙහසින් බැදී සිටින අතර ඔබගේම නිවසට පැමිණ
ඇති බව බාප්දාදා දකිනවා. බාප්දාදා ඔය සියලුම ආදරණීය දරුවන්ට, ඔය සහයෝගී දරුවන්ට සහ
සම්බන්ධ වී සිටින දරුවන්ට ඔබගේ අයිතීන් හිමි කරගැනීම සදහා ඔබගේ නිවසට පැමිණීම ගැන
සුබ පතනවා. සුබ පැතුම්! සුබ පැතුම්! ඔය දරුවන් කෙරෙහි බාප්දාදා තුළ වැඩි සෙනෙහසක්
තිබෙනවාද, නැත්නම් ඔය දරුවන් තුළ බාප්දාදා කෙරෙහි වැඩි සෙනෙහසක් තිබෙනවාද? වඩාත්
වැඩි සෙනෙහස කාගෙද? ඔබගේද නැත්නම් පියාගේද? පරම පියා පවසන්නේ : දරුවන්ගේ සෙනෙහස
වැඩියි. බලන්න, මෙතරම් ඈත ස්ථාන වලින් ඔබ මෙහි පැමිණ ඇත්තේ ඔය දරුවන් තුළ සෙනෙහස
ඇති නිසයි. දරුවන් රටවල් කොපමණ සංඛ්‍යාවකින් ඇවිත්ද? (රටවල් 50ක්). ඔබ රටවල් 50කින්
ඇවිත්, නමුත් ඈතම සිට පැමිණ ඇත්තේ කවුද? ඇමරිකාවේ අය දුරම සිට පැමිණියාද? ඔබත් දුර
සිට පැමිණ ඇත, නමුත් බාප්දාදා පැමිණ ඇත්තේ පරමදාමයේ සිටයි. එය සමග සසදන විට අමරිකාව
තිබෙන්නේ කොහිද? වැඩියෙන් ඈත තිබෙන්නේ අමරිකාවද, පරමදාමයද? ඈතින්ම ඇති දේශයේ
නිවැසියා බාප්දාදාය. ඔය දරුවන් පියාව සිහි කරන අතර ඔහු ඔබ ඉදිරියේ පෙනී සිටිනවා.
පියාට දැන් ඔය දරුවන්ගෙන් අවශ්‍ය වන්නේ කුමක්ද? පියාට ඔබගෙන් අවශ්‍ය කුමක්ද කියා ඔබ
විමසයි? ඉතිං, බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔය උපරිම ලෙස මිහිරි, මිහිරිතම දරුවන්
ස්ව-අධිපති රජවරු විය යුතු බවයි. ඔබ සියලු දෙනාම රජවරුන්ද? ඔබට තමන් මත ආධිපත්‍යයක්
තිබෙනවාද? ඔබ ස්ව-ආධිපත්‍යය ඇති රජවරු වී ඇති බව සලකන අය අත් ඔසවන්න! (බොහෝ දෙනෙක්
අත් එසවීය). ඉතා හොදයි. ඔබව දකින විට බාප්දාදා තුළ ඔය දරුවන් කෙරෙහි සෙනෙහසක්
දැනෙයි, මන්ද, දුක සහ අසාමයෙන් ඈතට යාමට ඔබ උපත් 63ක් බොහෝ වෙහෙස වී ක්‍රියා කරමින්
හිද ඇති නිසා. එබැවින් පියාට දැන් අවශ්‍ය වී ඇත්තේ ඔය සෑම දරුවෙක්ම ස්ව-අධිපතියෙක්,
තමන්ගේ පාලකයෙක්, ඔබගේ මනස, බුද්ධිය සහ සංස්කාර වල පාලකයෙක්, රජ කෙනෙක් වනවා
දැකීමටයි. ඔබට අවශ්‍ය ඕනෑම විටෙක, අවශ්‍ය තැනක සහ අවශ්‍ය අන්දමකට ඔබගේ මනස, බුද්ධිය
සහ සංස්කාර පරිවර්ථනය කිරීමට ඔබට හැකි විය යුතුයි. ආතතියෙන් තොර ජීවිතයක අත්දැකීම
නිරන්තරයෙන් ඉස්මතු කරගන්න. එය විටෙක යටපත් වන බව බාප්දාදා දකිනවා. “මා මෙය නොකළ
යුතුයි. මෙය නිවැරදි, එය වැරදියි”: කියා ඔබ සිතයි. කෙසේවෙතත්, ඔබ ඒ ගැන සිතනවා
පමණයි, එය ක්‍රියාවට නංවන්නේ නැත. ඒ ගැන සිතීම යනු, එය යටපත් වී තිබීමයි, නමුත් එය
ක්‍රියාවට නැංවීම යනු, එය ඉස්මතු වී තිබීමයි. ඔබ කාලය එන තුරු බලා සිටින්නේ නැහැ
නේද? විටෙක ඔබ බලා සිටියි. ඔබ හදවතට සමීප කතාබහක යෙදෙන විට, කාලය පැමිණෙන විට සෑම
දෙයක්ම හරි යයි කියා ඔබගෙන් සමහර දරුවන් කියයි. කෙසේවෙතත්, කාලය යනු ඔබගේ
නිර්මාණයකි. ඔබ මාස්ටර් නිර්මාණකරුවන් නේද? එබැවින් මාස්ටර් නිර්මාණකරුවන්ට
නිර්මාණයේ පදනමට අනුව පැවතිය නොහැක. ඔය මාස්ටර් නිර්මාණකරුවන් කාලයේ පරිසමාප්තිය
සමීපයට ගෙන ආ යුතුයි.
ඔබට තත්පරයකදි ඔබගේ
මනසේ පාලකයා වී, ඔබගේ මනසට අණ කළ හැකිද? ඔබට මෙය කළ හැකිද? ඔබගේ මනස ඒකාග්‍රතාවයට
පත් කළ හැකිද? ඔබට නැවතීමේ තිතක් තැබිය හැකිද? එසේ නැත්නම් ඔබ නැවතීමේ තිතක් තැබීමට
තැත් කරන නමුත් ඒ වෙනුවට එය ප්‍රශ්නාර්ථ ලකුණක් වෙනවද? “මොකක්ද? ඇයි? කොහොමද? මේ
මොකක්ද? ඒ මොකක්ද?” විශ්මයේ ලකුණක්වත් නොතිබිය යුතුයි. එය නැවතීමේ තිතක් විය
යුතුයි. තත්පරයකදි තිතක් වන්න. වෙනත් කිසිම අපහසු කාර්යයක් නැත. “තිත” යන එක වචනය
ක්‍රියාවට නගන්න, එපමණයි. ඔය සෑම කෙනෙක්ම තිතක ප්‍රතිමූර්තියක් බවට පත්විය යුතුයි;
සියලු නිෂ්ඵලත්වයට තිතක් (නැවතීමේ තිතක්) තබා ඔබ සවන් දෙන ශ්‍රේෂ්ඨ කරුණු ආවර්ජනය
කරන්න. වෙනත් අපහසුතාවයක් නැත. තිත සිහි කරන්න, තිතක් තබන්න සහ තිතක් වන්න. ඔබ දවස
පුරා කෙතරම් කාර්යබහුල වුනත්, නිතරම නැවත නැවතත් උත්සාහ කර මෙය පුහුණු කරන්න: ඔබට
තත්පරයකදි තිතක් විය හැකිද? ඔබට තත්පරයකදි තිතක් තැබිය හැකිද? ඔබ මෙය නැවත නැවතත්
පුහුණු වන්නේ නම් පමණයි, ඔබට සම්පූර්ණ ලකුණු හිමි කරගැනීමට හැකි වන්නේ, පැමිණීමට යන
අවසන් මොහොතේදි සම්පූර්ණ ලකුණු ලබා, සම්මාන ඇතිව සමත් වීමට හැකි වන්නේ එවන් අයටයි.
මෙය දේවමය ඉගෙනුමක්. මෙය දේවමය පෝෂණයකි.
පැමිණ ඇති කවුරු
වුනත්, එමෙන්ම පළමු වතාවට පැමිණ ඇති අය පවා:
ප්‍රථම වතාවට හමුවක් සැමරීමට පැමිණ ඇති අය අත් ඔසවන්න! බොහෝ අය ඇවිත්. සාදරයෙන්
පිළිගන්නවා. ඔබ ප්‍රථම වතාවට පැමිණ ඇති සේම ප්‍රථම අංකයත් හිමි කරගන්න. ඔබට තවමත්
අවස්ථාව තිබේ. ඔබ ප්‍රථම වතාවට මේ දැන් පැමිණි බවත්, ඔබට ඉදිරියෙන් බොහෝ දෙනෙක්
සිටින බවත් ඔබ සිතනවා ඇති, නමුත් අවසානයේ පැමිණි අයට වේගයෙන් ගොස්, වේගයෙන් යන අයට
ප්‍රථමයට පැමිණිය හැකි වීමේ අවස්ථාව, මෙම නාටකය තබා ඇත. ඔබට අවස්ථාවක් (chance)
තිබෙන අතර මෙම අවස්ථාව ගන්න අයව බාප්දාදා හදුන්වන්නේ කුලපතියන් (chancellor) ලෙසයි.
එබැවින් කුලපතියෙක් වන්න. ඔබට කුලපතියෙක් වීමට අවශ්‍යද? අවශ්‍යද? තමන් කුලපතියෙක්
වෙයි කියා සිතන අය, අත් ඔසවන්න! ඔබ කුලපතියන් වෙනවද? අපූරුයි! සුබ පැතුම්. මෙහි
පැමිණ ඇති සියලු දෙනාම අත් ඔසවන බව බාප්දාදා දකිනවා. වැඩි දෙනෙක් ඔවුන්ගේ අත්
ඔසවනවා. සුබ පැතුම්. සුබ පැතුම්. මෙහි පැමිණ ඇති ඔය සියලුම සුමිහිරි සහ ආදරණීය
දරුවන්ව බාප්දාදා විශේෂයෙන් සිහි කළා. බාබා ඔබව සිහි කළේ ඇයි? (අද මේ දේශයෙන් සහ
විදෙස් රට වලින් පැමිණි බොහෝ ප්‍රභූවරු සමූහයේ අසුන්ගෙන සිටිනවා.) ඔබට ආරාධනා කළේ
ඇයි? ඔබ දන්නවාද? බලන්න, බොහෝ දෙනෙකුට ආරාධනා ලබා දුන් නමුත් මෙහි පැමිණීමට තිබූ
අය, මෙහි ළගා විය. බාප්දාදා ඔබව සිහි කළේ ඇයි? මන්ද, පැමිණ ඇති ඔය සියලු දෙනා,
ආදරණීය සහ සහයෝගීව සිට, පහසු යෝගීවරු (සහජ් යෝගී) බවට පත්වන ගුණාත්මක බවින් යුතු
ජීවාත්ම බව, බාප්දාදා දන්නා නිසා. ඔබ එඩිතරව රැදී සිටින්නේ නම්, පහසු යෝගීවරු වී,
ඉන්පසුව දූතයන් වී, අන් අයට පහසු යෝගාවේ පණිවිඩය ලබා දීමට ඔබට හැකි වෙයි. පණිවිඩයක්
දීම යනු දේවමය දූතයෙක් වීමයි. එනම්, දුකෙන් සහ අසාමයෙන් ජීවාත්ම මුදවා ගැනීමයි.
කොහොමවුනත්, ඔවුන් ඔබගේ සහෝදර සහෝදරියන් නේද? එබැවින් ඔබගේ සහෝදර සහෝදරියන්ට දේවමය
පණිවිඩය ලබා දීම යනු ඔවුන්ව මුදවා ගැනීමයි. මින් ඔබට බොහෝ ආශිර්වාද ලැබෙයි. ඕනෑම
ජීවාත්මයක්ව ඔවුන්ගේ දුකින් සහ අසාමයෙන් ඔබ මුදවා ගන්නේ නම් ඔබට බොහෝ ආශිර්වාද
ලැබෙන අතර ආශිර්වාද ලැබීමෙන් ඔබට බොහෝ අභ්‍යන්තර අතීන්ද්‍රීය සතුටක් ලැබෙයි. මන්ද?
ඔබ සතුට බෙදා ගත් නිසයි, එමෙන්ම ඔබ සතුට බෙදා ගන්න විට ඔබගේ සතුට වැඩි වෙයි. ඔබ
සියලු දෙනා සතුටින්ද? බාප්දාදා විශේෂයෙන් ඔබ සියලු දෙනාගෙන් විමසනවා - අමුත්තන් ලෙස
නොව, නමුත් අයිතියක් ඇති අය ලෙස - ඔබ සියලු දෙනා සතුටින්ද කියා බාප්දාදා විමසයි. ඔබ
අමුත්තන් බව නොසිතන්න. ඔබ අයිතියක් ඇති අයයි. එසේ නම් ඔබ සියලු දෙනා සතුටින්ද? ඔව්,
මෙහි පැමිණ ඇති ඔය සියලු දෙනාගෙන් බාබා විමසන්නේ (ජාත්‍යන්තර අමුත්තන් වැඩසටහනට
පැමිණි අය). ඔබ හදුන්වන්නේ අමුත්තන් ලෙසයි, නමුත් ඔබ අමුත්තන් නොවෙයි. ඔබ
ශ්‍රේෂ්ඨත්වයට පත් වී, අන් අයව ශ්‍රේෂ්ඨ කරවන අයයි. එබැවින්, තමන්ගෙන් විමසන්න: මා
ඉන්නේ සතුටින්ද? ඔබ සතුටින් නම් අත වනන්න. ඔබ දැන් සිටින්නේ සතුටින්, ඉතිං ඔබ ආපසු
ගිය විට කරන්නේ කුමක්ද? ඔබ එම සතුට බෙදා ගන්නවා නේද? සියලු දෙනා සමග බොහෝ සතුට බෙදා
ගන්න. ඔබ වෑඩියෙන් බෙදා ගන්න තරමට එය වඩාත් වැඩි වෙයි. හොදයි. අච්චා, ඔබට අවශ්‍ය
තරම් අත්පොළසන් ගැසිය හැක. (සියලු දෙනා බොහෝ සේ අත්පොළසන් ගැසීය). ඔබ දැන්
අත්පොළසන් ගැසූ සේම, ඉබේටම එවන් සතුටේ අත්පොළසන් නිරන්තරයෙන් තිබිය යුතුයි. අච්චා.
බාප්දාදා සෑම විටම
ගුරුවරුන්ට කියන්නේ:
ගුරුවරු කියන්නේ, තම
මුහුණුවර තුළින් අනාගතය දිස් වන අයයි. ඔබ එවන් ගුරුවරු නේද? මිනිසුන් ඔබව දකින විට
ඔවුන්ට දෙව්ලොව සතුටේ හැගීමක් ඇති විය යුතුයි. ඔවුන්ට සාමයේ අත්දැකීමක් ලැබිය
යුතුයි. ඔබ ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට, ඔබව සුරදූතයන් ලෙස දිස් විය යුතුයි.
ඔබ එවන් ගුරුවරු නේද? එය හොදයි. ඔබ නිවසේ වාසය කළත්, සේවය කිරීමට උපකරණ වුනත්, ඔබ
සියලු දෙනාම බුද්ධියේ විශ්වාසය තිබෙන සහ බාප්දාදාට සමාන වීමට යන අයයි.
ඔය නිරන්තරයෙන්
ශ්‍රේෂ්ඨ සහ භාග්‍යවන්ත ජීවාත්මයන්ට, ඔබ ශාරීරික ස්වරූපයෙන් බාප්දාදා ඉදිරියේ
අසුන්ගෙන සිටියත් දුර ඈත අසුන් ගෙන සිටින අතර හදවතට සමීපව සිටින අය වුනත්, සෑම විටම
උපකරණ වී, සාර්ථකව පුනරුදයේ කාර්යය සිදු කරන විශේෂ ජීවාත්මයන්ට, පරම පියාට සමාන
වීමට උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඉදිරියට ගමන් කරන එඩිතර දරුවන්ට, සෑම පියවරකදී කෝටි
ගුණයක ආදායමක් උපයන, ලෝකයේ කෝටි-කෝටි-කෝටි ගුණයක් ධනවත් ජීවාත්මයන්ට, නිරන්තරයෙන්
පිරිපුන් ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.
ද්විත්ව විදේශික
ජ්‍යේෂ්ඨ උපකරණ සහෝදරියන්ට:
ඔබ සේවය හොදින් ඔප්පු කර පෙන්වනවා. ශබ්දය පැතිරෙන්නේ මෙය මගින්ය. ඔබගේ අත්දැකීම්
බෙදා ගැනීමෙන් අන් අයගේ අත්දැකීම්ද වැඩි වෙයි, එබැවින් බාප්දාදා සතුටු වෙයි. විදෙස්
සේවය සදහා උපකරණ වන අය ඉතා හොද උනන්දුවකින් සහ උද්යෝගයකින් සේවයේ කාර්යබහුලව රැදී
සිටියි. ඔබ මේ දේශයෙන් ගොස් ඇති නමුත් ඔබ එම දේශයේ වැසියන් සේ විදෙස් රටවල අයට සේවය
කරයි. ඔබ ඔවුන්ට අයත් වීමේ හැගීම ලබා දෙයි, ඔබ සියලු දෙනා එක ස්ථානයකින් පමණක්
නොවෙයි, සෑම තැනකින්ම බවට හැගීම. ඔබ ලන්ඩන් හෝ අමරිකාවෙන් පමණක් නොවෙයි. ඔබ අසීමිත
සේවාධාරීන්. ඔබට ලෝකය වෙනුවෙන් වගකීමක් තිබෙනවා නේද? එබැවින් බාප්දාදා ඔබට සුබ
පතයි. ඔබ ඉතා හොදින් කටයුතු කරනවා. ඔබ තව ප්‍රගතිය ලබත්ම ඔබ ඉතා හොදින් නොකඩවා
පියාසර කර අන් අයවත් පියාසර කරවයි. අච්චා.
ඔබ සියලු දෙනාම
පූජනීය සහ සතුටු හංසයන්ය. හංසයෙකුගේ කාර්යය කුමක්ද? හංසයෙකුට බොහෝ සෙයින් තෝරා බේරා
ගැනීමේ බලය තිබේ. එබැවින් ඔබත් සියලු නිෂ්ඵලත්වය අවසන් කරන පූජනීය සහ සතුටු හංසයන්
වන අතර බලයෙන් පිරිපුන් වීමෙන් ඔබ අන් අයවත් බලවත් කරවයි. ඔබ සියලු දෙනා සදා
සතුටින්ද? දැන් කිසිම විටෙක දුකට පැමිණෙන්නට ඉඩ නෙදෙන්න. ඔබ දුක දික්කසාද කර තිබේ.
ඔබට අන් අයගේ දුක සුව කිරීමට හැකි වන්නේ එවිට පමණයි. එබැවින් ඔබ සතුටින් රැදී සිට
අන් අයට සතුට ලබා දිය යුතුයි. ඔබ මෙම කාර්යය කරනවා නේද? මෙහිදි ඔබට ලැබී ඇති සතුට
ඔබගේ ඇතුලාන්තයේ ආරක්ෂිතව තබා ගන්න. යම් දෙයක් සිදුවන ඕනෑම විටෙක මෙසේ පමණක්
කියන්න, “බාබා, මිහිරි බාබා, මේ දුක අරගන්න.” එය ඔබ සමග තබා නොගන්න. ඔබ නරක දේවල්
ළග තබා ගන්නවාද? දුක යනු යම් නරක දෙයක් නොවේද? එබැවින් එම දුක ඉවත් කර සතුටින් රැදී
සිටින්න. එසේ නම් මෙය සතුටු කණ්ඩායමයි, සතුට ලබා දෙන කණ්ඩායම මෙයයි. ඇවිදින විට සහ
ගමන් කරන විට නොකඩවා සතුට ලබා දෙන්න. ඔබට බොහෝ ආශිර්වාද ලැබෙයි. එබැවින් මෙම
කණ්ඩායම ආශිර්වාද ලැබීමට සුදුසු කණ්ඩායමයි. (කදුළු තිබුණු එක අමුත්තෙකුට) ඔබ
සතුටින් නේද? දැන් සිනහ වෙන්න. නොකඩවා සිනහසෙන්න, එපමණයි. සතුටින් නටන්න.
වරදානය:
ස්මරණයේ සහ
සේවයේ සමබරතාවයක් තිබීමෙන් ඔබට රාජධානියට අයිතියක් ලැබ, පියාසර ස්ථිතිය
අත්විදිත්වා.
ඔබට සිහි කිරීමේ
සිටීමේ සහ සේවය කිරීමේ සමබරතාවයක් තිබෙන විට, ඔබ සෑම පියවරකදීම නොකඩවා පියාසර
ස්ථිතිය අත්දකිවි. ඔබ සෑම සිතිවිල්ලකින්ම සේවය කරන විට, ඔබ සියලු නිෂ්ඵලත්වයෙන්
නිදහස් වෙයි. සේවය ඔබගේ ජීවිතයේ කොටසක් (ඉන්ද්‍රියක්) කරගන්න. ඔබගේ ශරීරයේ සෑම
කොටසක්ම අවශ්‍ය සේම, සේවය යනු බ්‍රහ්මින් දිවියේ විශේෂ කොටසකි. සේවය කිරීමට බොහෝ
අවස්ථා ලැබීම, ස්ථානයක් සහ ඇසුර තිබීමත් ඔබගේ වාසනාවේ ලකුණක්. රාජධානියට අයිතියක්
හිමි කර ගන්නේ සේවය කිරීමේ ස්වර්ණමය අවස්ථාව ගන්න අය පමණයි.
පාඨය:
පරමාත්ම
දෙවියන්ගේ සෙනෙහස් පෝෂණයේ ස්වරූපය, පහසු යෝගී දිවියකි.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
ඔය බ්‍රහ්මණයන්ගේ
ශ්‍රේෂ්ඨතම සැරසිල්ල පාරිශුද්ධත්වයයි. සම්පූර්ණ පිවිතුරු බව ඔබගේ ජීවිතයේ
ශ්‍රේෂ්ඨතම දේපළයි, රාජකීයත්වයයි, එමෙන්ම පෞරුෂත්වයයි. එය ධාරණය කරගෙන
නිති-සූදානමින් සිටින්න, එවිට පදාර්ථ ඒවායේ කාර්යය ආරම්භ කරයි. පිවිතුරු බවේ
පෞරුෂත්වය ඇති අය පරිසමාප්ත සහ අංගසම්පූර්ණ, රාජකීය ජීවාත්ම බවට පත් වන අතර ඔවුන්
ආචාරශීලී බවේ දෙවගනන් ලෙස හැදින්වෙයි.