04.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මේ කිලිටි ලෝකය දැන් ගිණිබත් වීමට යනවා. එබැවින් ඔබගේ සිරුර ඇතුළුව තමන්ගේ කියා සලකන සෑම දෙයක්ම අමතක කර දමන්න. මේ ලෝකයට ඔබගේ හදවත බැඳ තබා නොගන්න.

ප්‍රශ්නය:
ඔබ තුළ, මේ දුක් දේශය කෙරෙහි නීරසයක් ඇති කිරීමට පියා දිරිගන්වන්නේ ඇයි?

පිළිතුර:
ඔබ සාම දේශයට සහ සතුටු දේශයට යා යුතු නිසා. මේ කිලිටි ලෝකයේ ඔබ තව දුරටත් සිටිය යුතු නැහැ. ජීවාත්ම, තම සිරුරු වලින් වෙන්වී, ආපසු නිවහනට යන බව ඔබට වැටහෙයි. ඒ සිරුරු දෙස ඔබ බලන්නේ කුමටද? එබැවින් ඔබගේ බුද්ධිය කිසිවෙකුගේ නම හෝ රූපයට ඇදී නොයා යුතුයි. කිලිටි සිතිවිලි ඇති වීමෙන් වුවද ඔබගේ තත්ත්වය විනාශ වී යයි.

ඕම් ශාන්ති.
ශිව බාබා ඔහුගේ දරුවන්ට, ඔය ජීවාත්මයන්ට කතා කරයි. සවන් දෙන්නේ ජීවාත්මයයි. තමන් ජීවාත්මයක් බවට විශ්වාසය ඔබ සෑම කෙනෙක් තුළම තිබිය යුතුයි. මෙම විශ්වාසය ඇති වීමෙන් පසුව, අසීමිත පියා සියලු දෙනාව ආපසු නිවසට ගෙන යාමට පැමිණ ඇති බව, ඔබ සියලු දෙනාට පහදා දිය යුතුයි. ඔබ ඔබව දුක් බන්දන වලින් නිදහස් කර, සතුටේ සබැඳියාවන් වෙතට ගෙන යයි. සබැඳියාවක් සතුට ලෙස හඳුන්වන අතර බන්දනයක් දුක ලෙස හැඳින්වෙයි. දැන් මෙහි කිසිවෙකුගේ නම, රූපය ආදියට ඔබගේ හදවත බැඳ නොගන්න. ඔබගේ නිවහනට යාමට සූදානම් වන්න. අසීමිත බාබා සියලුම ජීවාත්ම නිවසට ගෙන යාමට පැමිණ සිටියි. එබැවින් ඔබගේ හදවත මෙහි කිසිවෙක් වෙතට ඇදී යාමට ඉඩ නොදෙන්න. මෙහි සියලුම බන්දන කිලිටිය. ඔබ දැන් පිවිතුරු වී ඇති බව, කිලිටි සිතිවිලි වලින් කිසිවෙකු ඔබගේ සිරුර ස්පර්ෂ නොකළ යුතු බව ඔබට වැටහෙනවා. එම සිතිවිලි ඉවත් වී ඇත. පිවිතුරු නොවී ඔබට පෙරලා නිවසට යා නොහැක. ඔබ තමන්ව හදා නොගත්තොත් ඔබට දඬුවම් විඳීමට සිදුවෙයි. මෙකල සියලුම ජීවාත්ම නැහැදුනු අයයි ඔවුන් තම සිරුරු තුළින් කිලිටි ක්‍රියා සිදු කරයි. ඔවුන්ගේ හදවත්, අපිරිසිදු ශාරීරික ජීවයන්ට බැඳී තිබේ. පියා පැමිණ පවසන්නේ ඒ සියලුම කිලිටි සිතිවිලි නවත්වන්න. ඔය ජීවාත්ම තම සිරුරු වලින් වෙන්වී පෙරළා නිවහනට යා යුතුයි. මේ ලෝකය ඉතා අපිරිසිදුයි ඔබට තවදුරටත් මෙහි සිටීමට අවශ්‍ය නැහැ. ඔබට කිසිවෙක් දෙස බැලීමට ආශාවක් නැත. පියා දැන් පැමිණ සිටින්නේ ඔබව දෙව්ලොව ගෙන යාමටයි. පියා පවසන්නේ දරුවනේ, තමන් ජීවාත්ම බව සලකන්න. පිවිතුරු වීම සඳහා පියා සිහි කරන්න. කිසිම ශාරීරික ජීවයකට ඔබගේ හදවත් බැඳ නොගන්න. ඔබගේ සියලුම බැඳීම් සම්පූර්ණයෙන්ම අවසන් විය යුතුයි. සැමියෙක් සහ බිරිඳක් එකිනෙකාට බොහෝ ආදරය කරයි ඔවුන්ව එකිනෙකාගෙන් වෙන් කළ නොහැක. ඔබ දැන් තමන් ජීවාත්ම, සහෝදරයන්, බව සැලකිය යුතුයි. කිලිටි සිතිවිලි ඉතිරි නොවිය යුතුයි. පියා පහදා දෙන්නේ මේ ලෝකය දැන් ගණිකා මඩමකි. එහි ආරම්භයේ සිට මැද හරහා අවසානය දක්වා ඔබ දුක අත්විඳ ඇත්තේ පාපයන් නිසයි. පියා ඔබ තුළ නීරසයක් ඇති කිරීමට දිරිගන්වයි. ඔබ දැන් දුම්-නැවක අසුන්ගෙන ආපසු නිවහනට යාමට සූදානමින් සිටියි. ඔහු දැන් පියා වෙතට පෙරළා යන බව, ජීවාත්මයට වැටහෙයි. ඔබට මේ මුළු ලෝකය ගැනම නිරාශාවක් තිබේ. ඔබ තව දුරටත් මෙම කිලිටි අපා ලෝකයේ, ගණිකා මඩමේ සිටීමට අකමැතිය. එබැවින් අපිරිසිදු විෂ පිළිබඳ සිතිවිලි තිබීම ඉතා නරකයි ඔබගේ තත්ත්වය ද විනාශ වෙයි. පියා පවසන්නේ මා පැමිණ ඇත්තේ ඔබව ලස්සන ලෝකයට, සතුටේ දේශයට ගෙන යාමටයි. මා ඔබව මෙම ගණිකා මඩමෙන් ඉවතට, ශිව දේවාලයට ගෙන යන්නෙමි. එබැවින් දැන් ඔබගේ බුද්ධිය රැඳී තිබිය යුත්තේ, නව ලෝකය සමග යෝගාවේය. ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. අසීමිත බාබා ඔබට උගන්වනවා. අසීමිත ලෝක චක්‍රය භ්‍රමණය වන්නේ කෙසේද කියා ඔබගේ බුද්ධියේ තිබේ. ලෝක චක්‍රය දැන ගැනීමෙන් එනම්, ස්ව-දර්ශන චක්‍රය භ්‍රමණය කිරීමෙන්, ඔබ ලෝක පාලකයන් බවට පත් වෙයි. ඔබගේ බුද්ධි, ශාරීරික ජීව වෙත යෝගාවෙන් බැඳී ඇත්නම්, ඔබගේ තත්ත්වය විනාශ වෙයි. ඔබ කිසිදු ශාරීරික සබඳකමක් සිහි නොකළ යුතුයි. සියලු දෙනාම දුක දෙන, දුක් ලෝකය මෙයයි. පියා සියලු දෙනාවම මෙම කිලිටි ලෝකයෙන් ඉවතට ගෙන යයි. එබැවින් ඔබගේ බුද්ධිය යෝගාවෙන්, ඔබගේ නිවහනට සම්බන්ධ කරන්න. මනුෂ්‍යයන් භක්තියේ යෙදෙන්නේ විමුක්තියට යාමටයි. ඔබ මෙසේද කියයි ජීවාත්ම වන අපට මෙහි සිටීමට අවශ්‍ය නැහැ. අප මෙම අපිරිසිදු සිරුරු අතහැර අපගේ නිවහනට ආපසු යනවා. මේවා පරණ සපත්තුයි. ඔබ පියා සිහිකරමින් එම සිරුරු අත්හරියි. ඔබගේ අවසන් මොහොතේ ඔබ පියා හැර වෙන කිසිවෙක් සිහි නොකළ යුතුයි. ඔබගේ සිරුරු ද ඔබ මෙහි අත්හැරිය යුතුයි. ඔබ ඔබගේ සිරුර හැර යන විට, ඔබ අන් සියලු දේවල් ද හැර යයි. ඔබගේම සිරුර ඇතුළුව, ඔබගේ යයි කියාගන්නා සෑම දෙයක්ම ඔබ අමතක කළ යුතුයි. මෙම කිලිටි ලෝකය ගිණි ගැනීමට යනවා. ඔබගේ හදවත එයට බැඳ නොගත යුත්තේ ඒ නිසයි. පියා පවසන්නේ මිහිරිතම දරුවනේ, මා ඔබ වෙනුවෙන් දිව්‍යලෝකය ස්ථාපිත කරනවා. එහි ගොස් වාසය කරන අය ඔබලාය. ඔබගේ මුහුණු දැන් තිබෙන්නේ ඒ දෙසටයි. ඔබ පියාව, නිවහන සහ දෙව්ලොව සිහි කළ යුතුයි. මෙම දුක් දේශය වෙනුවෙන් ඔබ තුළ තිබෙන්නේ නීරසයකි. මෙම සිරුරු වෙනුවෙන් ඔබට තිබෙන්නේ නීරසයකි. විවාහ වීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? විවාහ වීමෙන්, ඔබගේ හදවත සිරුරකට බැඳෙයි. පියා පවසන්නේ ඒ පරණ සපත්තු වලට ආදරය නොකරන්න. මෙය ගණිකා මඩමකි සියලු දෙනාම අපවිත්‍රයි. එය රාවනගේ රාජධානියයි. පියාට හැර මෙහි සිටින වෙනත් කිසිවෙකුට ඔබගේ හදවත බැඳ නොගත යුතුයි. ඔබ පියා සිහි නොකරන්නේ නම්, අනේක උපත් ගණනාවක ඔබගේ පාපයන් කැපී නොයයි. එසේ වුණොත් ඔබට විශාල ලෙස දඬුවම් විඳීමට සිදුවන අතර ඔබගේ තත්ත්වය ද විනාශ වෙයි. එබැවින් එම කලි යුග බන්දන අත් නොහරින්නේ මන්ද? පියා මෙම අසීමිත දේවල් සියලු දෙනාටම විස්තර කරයි. සන්යාසීන් රජෝප්‍රධාන්ව සිටි විට, ලෝකය මෙතරම් අපිරිසිදුව තිබුණේ නැත. ඔවුන් වනාන්තර වල වාසය කළ අතර සියලු දෙනාම ඔවුන් වෙතට ආකර්ෂණය විය. මිනිසුන් ඔවුන් සිටින තැනට ආහාර ගෙන යයි. ඔවුන් කිසිදු බියක් නොමැතිව එහි වාසය කළා. ඔබද නොබියව රැඳී සිටිය යුතුයි. ඒ සඳහා ඔබට පුළුල් බුද්ධි අවශ්‍යයි. පියා වෙතට පැමිණෙන විට ඔය දරුවන් සතුටට පත් වනවා. ඔබ අසීමිත පියාගෙන් සතුටු දේශයේ උරුමය හිමි කර ගන්නවා. මෙහි බොහෝ දුක තිබේ. අපිරිසිදු රෝග ආදිය බොහෝ තිබේ. දුක හෝ රෝග ආදියේ සලකුණක් පවා නොමැති තැනකට ඔහු ඔබව රැගෙන යන බවට සහතිකයක් පියා ඔබට ලබා දෙයි. ඔහු කල්ප භාගයකට ඔබව නිරෝගි කරවයි. මෙහි කිසිවෙකුට ඔබගේ හදවත බැඳෙන්නේ නම් ඔබට බොහෝ දඬුවම් විඳීමට සිදුවෙයි. විනාඩි තුනක නිහැඬියාව ගැන පවසන අයට විස්තර කර, ඔවුන්ගෙන් මෙසේ විමසන්න නිහැඬියාව තුළින් පමණක් කුමක් වෙයිද? මෙහි, ඔබගේ පාපයන් අහෝසි කළ හැකි පරිදි, ඔබ පියා සිහිකළ යුතුයි. නිහැඬියාවේ ආශිර්වාදය ඔබට ලබා දෙන කෙනා පියාය. ඔහු සිහි නොකර ඔබට සාමය ලැබෙන්නේ කෙසේද? ඔබගේ උරුමය ලබාගත හැක්කේ ඔහු සිහි කිරීමෙන් පමණයි. ගුරුවරුන් මෙම පාඩම් ඉගැන්විය යුතුයි. ඔබ අවධානයෙන් සිටිය යුතුයි, එවිට කිසිවෙක් කිසිවක් නොකියනු ඇත. ඔබ පියාට අයත් බැවින් ඔබගේ කුසට ආහාර ලැබෙයි. ඔබගේ ජීවිකාව වෙනුවෙන් ඔබට බොහෝ සෙයින් ලැබෙයි. වේදාන්ති දියණිය විභාගයකට පෙනි සිටි අතර එහි මෙම ප්‍රශ්නය තිබුණා ගීතාව පැවසුවේ කවුරුන්ද? ඇය පිළිතුරු දුන්නේ පරම පියා, පරමාත්ම ජීවය, ශිවා. එබැවින් ඇය අසමත් වූ අතර ක්‍රිෂ්ණාගේ නම ලියු අය සමත් විය. දරුවා සත්‍යය ලියූ නමුත් ඔවුන් මෙය නොදන්නා බැවින් ඔවුන් ඇයව අසමත් කළා. එවිට ඇය ඔවුන් සමග තර්ක කර, ඇය සත්‍යය ලියූ බව කීමට සිදුවිය. අශාරීරික පරම පියා, පරමාත්ම ජීවය ගීතාවේ දෙවියන්ය. එය, ශාරීරික ජීවයක් වන ක්‍රිෂ්ණා විය නොහැක. කෙසේවෙතත් මෙම දරුවාට ආධ්‍යාත්මික සේවයේ යෙදීමට ආශාවක් තිබුණු බැවින් ඈ ඉගෙනුම නතර කළා. ඔබ පියාව සිහිකරමින් සිටින අතර තම සිරුරු අතහැර නිහැඬියාවේ ලෝකයට යා යුතු බව ඔබ දැන් දන්නවා. සිහිපත් කිරීමේ සිටීමෙන් ඔබට නිරෝගිකම සහ ධනය යන දෙකම ලැබෙයි. භාරතයේ සාමය සහ සමෘද්ධිය තිබුණි. ඔය කුමාරීන් අසුන්ගෙන මෙම දේවල් මිනිසුන්ට පහදා දෙන්නේ නම්, කිසි කෙනෙක් ඔබව විවේචනය නොකරයි. ඔවුන්ගෙන් යමෙක් ඔබට විරුද්ධ වන්නේ නම්, නීතියට අනුව ඔබගේ කරුණු ඔවුන්ට ඉදිරිපත් කළ හැක. ගොස් වැදගත් නිලධාරීන්ව හමුවන්න. ඔවුන් ඔබට කුමක් කරන්නද? ඔබ සාගින්නේ ඉන්නේ නැහැ! ඔබට කෙසෙල් ගෙඩියක් හෝ යෝගට් සමග චපාතියක් කෑ හැක. තම කුස වෙනුවෙන් මනුෂ්‍යයන් බොහෝ පාපයන් සිදු කරයි. පියා පැමිණ සියලු දෙනාව පාපාත්මයන්ගෙන් පුණ්‍යාත්ම බවට පරිවර්ථනය කරයි. පාපයන් සිදු කිරීමට හෝ බොරු කීමට අවශ්‍ය නැහැ. චක්‍රයෙන් හතරෙන් තුනක් ඔබට සතුට ලැබෙන අතර දුක ලැබෙන්නේ චක්‍රයෙන් හතරෙන් එකකදි පමණයි. පියා දැන් පවසන්නේ මිහිරිතම දරුවනේ දැන් මා සිහි කරන්න, එවිට බොහෝ උපත් ගණනාවක ඔබගේ පාපයන් පිළිස්සී යයි. වෙනත් මඟක් නැත. භක්ති මාර්ගයේ මිනිසුන් බොහෝ වැටි වැටි ගමන් කරයි. ඔවුන්ට නිවසේ සිට ශිවාව වන්දනා කළ හැකි නමුත් ඔවුන් අනිවාර්යෙන් දේවාලයකට යයි. මෙහි ඔබට පියාව හමුවී තිබේ. ඔහුගේ ප්‍රතිමාවක් තබා ගැනීමට අවශ්‍ය නැහැ. ඔබ බාබාව හඳුනනවා. ඔහු ඔබගේ අසීමිත පියාය. ඔහු ඔය දරුවන්ට ඔබගේ දෙව්ලොව රාජධානියේ උරුමය ලබා දෙනවා. ඔබ මෙහි පැමිණ සිටින්නේ පියාගෙන් ඔබගේ උරුමය හිමිකර ගැනීමටයි. මෙහිදි කිසිදු ආගමික ග්‍රන්ථ ආදිය හැදෑරීමේ ප්‍රශ්නයක් නැත. ඔබට තිබෙන්නේ පියා සිහි කිරීම පමණයි. බාබා, අප ඔබ වෙතට පැමීණිමට ඉතා ආසන්නයි. ඔබ එම නිවසින් පිටත් වී කෙතරම් කාලයක් ගත වී තිබේද? සතුටු දේශයෙන් පිටවීමෙන් පසුව ඔබ උපත් 63ක් ගත්තා. පියා දැන් පවසන්නේ ඔබ සාම දේශයට සහ සතුටු දේශයට යා යුතුයි. මෙම දුක් දේශය නොකඩවා අමතක කරන්න. සතුටු දේශය සහ සාම දේශය සිහි කරන්න. මෙහි කිසිම අපහසුතාවයක් නැත. ශිව බාබාට කිසිදු ආගමික පත පොතක් ආදිය හැදෑරීමට අවශ්‍ය නැහැ. මෙම බ්‍රහ්මා, ඒවා හදාරා තිබේ. ශිව බාබා දැන් ඔබට උගන්වනවා. මෙම බ්‍රහ්මාට ද ඉගැන්විය හැක. කෙසේවෙතත් ඔබට උගන්වන්නේ ශිව බාබා බව, ඔබ සෑම විටම සැලකිය යුතුයි. ඔහු සිහි කිරීමෙන් ඔබගේ පාපයන් අහෝසි වෙයි. මෙම කෙනා මැද සිටියි. පියා පවසන්නේ දැන් බොහෝ කාලයක් නොව, ඉතිරිව තිබෙන්නේ ඉතාමත් කෙටි කාලයකි. ඔබගේ භාග්‍යයේ ඇති දෙයක් ඔබට ලැබෙයි කියා නොසිතන්න. පාසැලක, ඉගෙන ගැනීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබගේ භාග්‍යයේ ඇති ඕනෑම දෙයක් ඔබට ලැබෙන බව ඔබ නොකියයි. ඔබ මෙහිදි ඉගෙන නොගත්තොත්, ඔබට එහිදි, අනේක උපත් ගණනාවකදි වැඩ කිරීමට සිදුවෙයි. ඔබට රාජධානියක් හිමිකර ගැනීමට නොහැකි වෙයි. සමහර විට, පසුව රිදී යුගයෙදි ඔබට කිරුලක් ලැබෙයි. ප්‍රධානතම දේ පිවිතුරු වී අන් අයට ද පිවිතුරු වීමට දිරිගැන්වීමයි. අන් අයට සත්‍ය නාරායන වීමේ සත්‍ය කතා පුවත කියා දෙන්න. මෙය ඉතා පහසුයි. ඔබට පියවරුන් දෙදෙනෙක් සිටින බව පහදා දෙන්න. ඔබගේ සීමිත පියාගෙන් ඔබට සීමිත උරුමයක් ලැබෙන අතර ඔබගේ අසීමිත පියාගෙන් ඔබට අසීමිත උරුමයක් ලැබෙයි. ඔබගේ අසීමිත පියාව සිහි කිරීමෙන් ඔබ දේවතාවක් වෙයි. කෙසේවෙතත්, එය තුළ ඔබ උසස් තත්ත්වයක් හිමි කරගත යුතුයි. තත්ත්වයක් ලබා ගැනීමට මිනිසුන් බොහෝ කලහ කරගනී. අවසානයේදී බෝම්බ වලින් ඔවුන් එකිනෙකාට උපකාර කර ගනීවි. මෙතරම් ආගම් කිසිදා නොතිබුණු නමුත් ඒවා තව දුරටත් ඉතිරි නොවෙයි. රාජධානිය පාලනය කිරීමට යන්නේ ඔබලාය. එබැවින් තමන්ට දයාව පාන්න! අඩු තරමින් උසස් තත්ත්වයක් හිමිකර ගන්න! සමහර දරුවන් අන්නා 8ක් (රුපියලකින් භාගයක්) දී, මෙසේ කියයි දිව්‍යලෝකය වෙනුවෙන් මට එක ගඩොලක් තබන්න. ඔබ සුදාමගේ නිදසුන අසා තිබේ හාල් මිටක් වෙනුවට ඔහුට මාලිගාවක් ලැබුණි. දුප්පතුන්ට තිබෙන්නේ අන්නා 8ක් පමණයි, එබැවින් ඔවුන්ට ලබා දිය හැක්කේ එපමණයි. ඔවුන් පවසන්නේ බාබා, අපි දුප්පත්. ඔය දරුවන් දැන් සැබෑ ආදායමක් උපයනවා. මෙහි සිටින අන් සියලු දෙනාගේම ආදායම ව්‍යාජයි. ඔවුන් දන් දී පුණ්‍යකර්ම සිදු කරන විට, ඔවුන් දන් දෙන්නේ පාපී ජීවාත්මයන්ට පමණයි. එබැවින් පිනක් වෙනුවට එය පාපයක් වෙයි. මුදල් දුන් කෙනාට ද එය පාපයක් වෙයි. එවන් දේ කිරීමෙන් සියලු දෙනාම පාපී ජීවාත්ම බවට පත්ව ඇත. පුණ්‍යාත්ම වෙසෙන්නේ සත් යුගයේ පමණයි එය පුණ්‍යාත්මයන්ගේ ලෝකයයි. එම ලෝකය නිර්මාණය කළ හැක්කේ පියාට පමණයි. ජීවාත්මයන්ව පාපී අය බවට පත් කරවන්නේ රාවනයි. මිනිසුන් බොහෝ අපිරිසිදු වෙයි. පියා දැන් පවසන්නේ අපිරිසිදු ක්‍රියා සිදු නොකරන්න. නව ලෝකයේ අපද්‍රව්‍ය නැත. එහි නාමය දිව්‍යලෝකයයි, එබැවින් එහි වෙනත් කිසිවක් තිබිය නොහැක. ’දෙව්ලොව‘ යන වචනය කියූ සැනින් කෙනෙකුගේ කටට කෙල උනයි. දේවතාවන් වාසය කරන්නට ඇති, ඔවුන්ගේ සිහිවටන තිබෙන්නේ ඒ නිසයි. ජීවාත්ම, අවිනාශීය. ගණන් කළ නොහැකි තරම් නළුවන් සිටියි. ඔවුන් යම් තැනක අසුන්ගෙන සිට, එතැනින් තම චරිත කොටස් රඟපාන්නට පැමිණියා. දැන් කලි යුගයේ නොගිණිය හැකි තරම් මනුෂ්‍යයන් සිටිනවා. දේවතාවන්ගේ රාජධානිය තව දුරටත් නොපවතී. අන් අයට විස්තර කිරීම ඉතා පහසුයි. එක් ධර්මයක් නැවත ස්ථාපනය කෙරෙන අතර ඉතිරි සියල්ල විනාශ වීමට තිබේ. ඔබ දෙව්ලොව සිටින විට වෙනත් ආගමක් නොතිබිණි. රාමාගේ පිංතූරයේ, ඔවුන් ඔහුව පෙන්වා තිබෙන්නේ දුන්නක් සහ ඊතලයක් ඇතිවයි. එහි දුන්නක් සහ ඊතලයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. කෙනෙක් දැන් සිදු කරන සේවය, ඔහු පෙර කල්පයේ සිදු කල සේවය බව, ඔබට වැටහෙනවා. බොහෝ සේවය කරන අය, බොහෝ සේ පියාගේ ආදරයට පාත්‍ර වෙයි. භෞතික පියෙකුගේ දරුවන් ඉතා හොඳින් ඉගෙන ගන්නා විට, නිකම්ම කමින් දබර කර ගනිමින් සිටින අයට වඩා, ඔවුන් කෙරෙහි ඔහු තුළ වැඩි සෙනෙහසක් තිබෙයි. සේවය කරන අය බොහෝ සෙනෙහසට බඳුන් වෙයි. දබර කරමින් සිටි බළලුන් දෙදෙනෙක් සහ ඔවුන්ගෙන් වෙඬරු පිඩ ගෙන, එය කෑ ක්‍රිෂ්ණාගේ කතා පුවතක් තිබේ. මුළු ලෝක රාජධානියේ වෙඬරු පිඩ ලැබෙන අය, ඔබලාය. එබැවින් දැන් කිසිදු වැරදීමක් සිදු කර අපිරිසිදු නොවන්න. ඒ නිසා ඔබගේ රාජධානිය අහිමි කර නොගන්න. ඔබට පියාගේ උපදෙස් ලැබෙයි. ඔබ ඔහු සිහි නොකරන්නේ නම්, ඔබගේ පාපයේ බර නොකඩවා වැඩි වී, එවිට ඔබට බොහෝ දඬුවම් විඳීමට සිදුවෙයි. ඔබ පසුතැවිලි වී බොහෝ සේ හඬයි. ඔබට උපත් 21කට රාජධානියක් ලබාගත හැක. කෙසේවෙතත් ඔබ මෙයින් අසමත් වුණොත්, ඔබ බොහෝ සේ අඬයි. පියා පවසන්නේ ඔබගේ පියාගේ නිවස හෝ නැන්දම්මාගේ නිවස සිහි නොකරන්න. ඔබගේ අනාගත නව නිවස පමණක් සිහි කරන්න. පියා පවසන්නේ කෙනෙක් දැක උමතු නොවන්න. ඔබ මලක් විය යුතුයි. දේවතාවන් මල් විය. කලි යුගයේ කටු තිබේ. දැන් සංගම යුගයේ ඔබ මල් බවට පත් වෙමින් සිටිනවා. ඔබ කිසිවෙකුට දුක් නොදිය යුතුයි. ඔබ සත් යුගයට යන්නේ, මෙහිදි එසේ වූණොත් පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ අවසන් මොහොතේ ඔබ පියා හැර වෙනත් කිසිවෙක් සිහි නොකළ යුතුයි. මෙය අත්පත් කර ගැනීම සඳහා ඔබගේ හදවත වෙනත් කිසිවෙකුට බැඳෙන්නට ඉඩ නොදෙන්න. අපවිත්‍ර සිරුරු වලට ආදරය නොකරන්න. ඔබගේ කලි-යුග බන්දන බිඳ දමන්න.

2. ඔබගේ බුද්ධිය පුළුල් කරගෙන බියෙන් තොර වන්න. පුණ්‍යාත්මයක් වීම සඳහා දැන් කිසිදු පාපයක් සිදු නොකරන්න. ඔබගේ කුස වෙනුවෙන් බොරු නොකියන්න. ඔබගේ හාල් මිට වටිනා ලෙස භාවිත කර සත්‍ය ආදායමක් රැස් කරගන්න. තමන් කෙරෙහි දයානුකම්පිත වන්න.

වරදානය:
ඔබ තපස්යාවේ ස්රූපයක් වී පරමාත්ම දෙවියන් කෙරෙහි ඇති සෙනෙහසින් ඔබත් ලෝකයත් බාධක වලින් නිදහස් කරත්වා.

ඒකායන පරමාත්ම දෙවියන් කෙරෙහි සෙනෙහස ඇති කරගැනීම තපස්යාව වේ. සදාකාලිකවම බාධක වලින් ඔබත් ලෝකයත් නිදහස් කර ගත හැක්කේ මෙම තපස්යාවේ බලයෙනි. බාධක වලින් නිදහස් වීම සහ අන් අය බාධක වලින් නිදහස් කිරීමත් සියලු ජීවාත්මයන් විවිධ ආකාරයේ බාධාවන්ගෙන් මුදා ගැනීමත් ඔබේ සැබෑ සේවාව වේ. ඔබගේ තපස්යාවේ පදනම මත, සේවය කළ හැකි දරුවන් වන ඔබ පරමාත්ම පියාගෙන් ජීවිතයේ විමුක්තිය ලැබීමේ ආශිර්වාදය සහ මෙය අන් අයට ලබා දීමට උපකරණයක් බවට පත් වීමේ ආශිර්වාදය ලබා ගනී.

පාඨය:
සෑම තැනකම විසිරී ඇති සෙනෙහස එක්රැස් කර එකම පරමාත්ම පියාට ආදරය කරන විට ඔබ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් නිදහස් වනු ඇත.