04.06.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙම ලෝකයෙන් එහා සිටිනා පියාව ඉතාමත් නිවැරදිව අවබෝධ කරගෙන සිටින්නේ ඔබ
පමණයි. සත්‍ය ලෙසම සෙනෙහස ඇති, සත්‍ය දේවවාදීන් යනුවෙන් ඔබව පමණක් හැඳින් විය
හැක්කේ අන්න ඒ නිසයි.
ප්‍රශ්නය:
භක්තිවන්තයින්ගේ ආරක්ෂකයා පියාය යන්න ඔප්පු වන්නේ ඔහු කරන කුමන ක්‍රියාවෙන් ද?
පිළිතුර:
සියලුම භක්තිවන්තයින් රාවණ්ගේ සිර කුටිය නම් වූ මෙම අපායෙන් ගලවා ගෙන ඔවුන්ව ණයගැති
බවින් නිදහස් කරවීම එකම එක පියාගේ කාර්යය වේ. පැරණි භක්තිවන්තයින්ව බ්‍රහමිණ්වරුන්
බවට පත් කරවීමත්, ඉන් අනතුරුව දේවතාවන් කරවීමත් ඔහුගේ ආරක්ෂාවයි. භක්තිවන්තයින්ගේ
ආරක්ෂකයා භක්තිවන්තයින්ට ජීවන් මුක්තිය ලබා දීම සඳහා පැමිණ සිටියි.
ගීතය:
අහිංසකත්වයේ
ස්වාමියා තරම් අසහාය වන තවත් කෙනෙක් නැත!
ඕම් ශාන්ති.
දරුවන් වන ඔබට
දැන් ඇසුනේ කා ගැන වු ගුණ ගායනාවක්ද? ඉහළම ඉහළ කෙනා වශයෙන් හඳුන්වන්නේ දෙවියන් වන
අතර පියා යන නාමයෙන් ඇමතිය හැක්කේ ද පරමාත්ම දෙවියන් පමණි. ලෞකික පියෙක් උත්පත්තිය
ලබා දෙන නිර්මාණකරු වනවා සේම මෙම මුළු නිර්මාණයේම නිර්මාණකරු වන්නේ ඔහුයි. පියෙක්
පළමුවෙන්ම කුමාරි කෙනෙක් තමන්ගේ භාර්යාව කරගෙන පසුව ඇය සමඟ නිර්මාණය බිහි කරවනවා.
දරුවන් 5ක්, 7ක් පමණ ලබනවා. ඔහුගේ නිර්මාණය වන්නේ ඔවුනුයි. පියා ඔවුන්ගේ
නිර්මාණකරුයි. ඔහු සීමිත නිර්මාණකරුවෙකි. නිර්මාණය වන ඔබ නිර්මාණකරුවන පියාගෙන්
උරුමය ලබා ගන්නා බව ඔබ දන්නවා. මිනිසුන්ට පියවරුන් දෙදෙනෙක් සිටිනිිවා එක්කෙනෙක්
ලෞකික වන අතර අනිත් කෙනා මෙම ලෝකයෙන් එහා සිටිනා පියායි. දැනුම හා භක්තිය එකිනෙකට
වෙනස්ව තිබුණු අතර පසුව නිරාශාවකුත් ඇතිවන බව කියා දී තිබෙනවා. මේ මොහොතේ දි සියලුම
දරුවන් සංගම යුගයේ සිටිනා අතර අනිත් මිනිසුන් සියලු දෙනාම සිටින්නේ කලි යුගයේයි.
සෑම කෙනෙක්ම ඔහුගේ දරුවෙක්ය. නමුත් මුළු ලෝකයේම නිර්මාණකරු වන අසීමිත පියා ගැනත්
ඔබට දැන් දැනගන්න ලැබී තිබෙනවා. ලෞකික පියෙක් සිටියදීත් මිනිස්සු ඒ ලෝකයෙන් එහා
සිටිනා පියාව සිහිපත් කරනවා. ස්වර්ණම යුගයේදී ලෞකික පියාත් ඇති අතර කිසිම කෙනෙක්
ලොවින් එහා සිටිනා පියාව සිහිපත් කරන්නේ නැහැ, මන්ද, එය සතුටේ දේශයයි. දුකේදී සෑම
කෙනෙක්ම ඒ පියාව සිහිපත් කරනවා. ඔබට මෙහිදී උගන්වනවා මිනිසුන්ව මෙහිදී ඥානවන්ත
කරවනවා. භක්ති මාර්ගයේදී මිනිස්සු පියා ගැන දන්නේවත් නැහැ. මිනිස්සු කියනවා ඔහෝ
උත්තරීතර ජීවය වන උත්තරීතර පියාණනි, දෙවි පියාණනි! දුක නැතිකර සතුට ලබා දෙන්නාණනි!
පසුව, ඔහු සෑම තැනම සිටිනවා, ගස් ගල් වලත්, බල්ලෝ බළල්ලු තුළත් සෑම තැනම සිටිනවා!
කියාත් කියනවා. මේ ආකාරයෙන් ඔවුන් පියාට අපහාස කරන්න පටන් ගන්නවා. ඔබ දැන් පියාට
අයත්ව සිටිනා අතර එමනිසා, දේවවාදීන් වී සිටිනවා. ඔබ තුළ අනිවාර්යෙන්ම පියා කෙරෙහි
සෙනෙහසක් තිබෙනවා. අන් සෑම කෙනෙක්ටම ඇත්තේ පියා කෙරෙහි සෙනෙහසක් නොමැති බුද්ධීන්ය.
පැරණි ලෝකයේ විනාශය ඇති කරවන මහා භාරත යුද්ධය දැන් ඉතාමත් ආසන්නයේ ඇති බව ඔබ
දන්නවා. සෑම වසර 5000ට වතාවක්ම කලි යුගය වෙනස් වන අතර පියා පාරිශුද්ධ වූ ස්වර්ණම
යුග දේශය නිර්මාණය කරනු ඇත. අහෝ පාරිශුද්ධකරුවාණනි පැමිණෙන්න! කියා මිනිස්සු
කෑගසන්නේ ඔහුටයි. අහෝ තොටියාණනි, මෙම විස සයුරෙන් අපව ඉවතට ගෙන, කිරි සයුර වෙත ගෙන
යනු මැනවි! ගාන්ධිජීි පවා පාරිශුද්ධකරුවා වන්නේ සීතාගේ රාමා යැයි කිව්වා. ඔහෝ රාමා,
දැන් මෙහි පැමිණ සීතාවරුන්ව පාරිශුද්ධත්වයට පත් කරවන්න. ඔබ සියලු දෙනාම සීතාවරුන්ය.
භක්තිවන්තයින්ය. ඔහු දෙවියන් වන අතර සෑම කෙනෙක්ම ඔහුට කෑ ගසා කතා කරනවා. ඔහු අපව
අපිරිසිඳුතාවයෙන් පාරිශුද්ධත්වයට පත් කරවනවා. වන්දනා ගමන් යන්න, කුම්බමේලාවන්
පවත්වන්න යැයි ඔහු කියන්නේ නැහැ, නැහැ! ඒ ගංඟාවන් පාරිශුද්ධත්වය ඇති කරන්නන්
නොවෙයි. දැනුමේ සාගරය වන පියා පමණයි පාරිශුද්ධකරු වන්නේ. කිසිම කෙනෙක් සාගර හෝ ගංඟා
සිහිපත් කරන්නේ නැහැ. ඔවුන් පියාට කතා කරනවා ඕ පාරිශුද්ධකරු වන බාබා, පැමිණ අපව
පාරිශුද්ධත්වයට පත් කරවන්න! ලෝකයේ සෑම තැනම වතුරින් පිරි ගංඟාවන් තිබෙනවා. ඔවුන්
පාරිශුද්ධකරුවන් නොවෙයි. පාරිශුද්ධකරු වන්නේ එකම එක පියා පමණි. ඔහු පැමිණි විට
පමණයි ඔහුට ඔබව පාරිශුද්ධත්වයට පත්කළ හැකි වන්නේ. භාරතයේ ප්‍රශංසාව ඉතාමත්
ශ්‍රේෂ්ඨයි. භාරතය සෑම ආගමකම වන්දනා ස්ථානයයි. ශිවාගේ උපන් දිනයත් මෙහිදී සිහිපත්
කෙරෙනවා. දේවතාවන් සිටිනා සත් යුගය පිරිසිඳු යුගයයි. දේවතාවන්ගේ ගුණ ගැන සඳහන්ව
තිබෙනවා ඔබ සියලුම ගුණධර්ම වලින් පරිපූර්ණයි. කලා දහසයෙන්ම සම්පූර්ණයි. චන්ද්‍ර
වංශය කලා දහහතරකින් පමණක් සෑදුනකි. ඔවුන් දිගින් දිගටම ඉණිමගේ පහළට පැමිණෙමින්
සිටිනවා. පියා පැමිණ එක තත්පරයකින් ඔබව ඉහළට ගෙන යන අතර පසුව ඔබව සාමයේ හා සතුටේ
දේශයන් වෙත ද ගෙන යනු ලබනවා. පසුව ඔබ උපත් 84 චක්‍රය වටා ගොස් ඉණිමගේ පහළට වැටෙනවා.
කවුරු හෝ කෙනෙක් අනිවාර්යෙන්ම උපත් 84ක් ගෙන ඇති. සියලුම ග්‍රන්ථ වලින් ප්‍රධානම
ග්‍රන්ථය වන්නේ ගීතාවයි. ශ්‍රීමත් භගවත් ගීතාව යනු දෙවියන් විසින් කියන ලද ගීතාවයි.
කොහොමනමුත්, පරමාත්ම දෙවියන් කවුදැයි අපිරිසිඳු මිනිසුන් දන්නේ නැහැ. පාරිශුද්ධකරු
හා සෑම දෙනාටම ගැලවීම ලබාදෙන්නා වන්නේ එකම එක අශාරීරික ශිවා පමණයි. නමුත් ඔහු
පැමිණෙන්නේ කවදාදැයි කිසිම කෙනෙක් දන්නේ නැහැ. පියාම පැමිණ දැන් තමන්ගේම හැඳින්වීම
ලබා දෙනවා. පුතාලත්, දුවලත් සියලු දෙනාම, බාබා කියා කියනවා. ඔබ මව හා පියායි, ඔබගේ
මෙම රාජයෝගාව හැදෑරීමෙන් අපි මහත් සතුටක් ලබන්නෙමු! කියා ඔබ පියාට කියනවා. ඔබ මෙහි
පැමිණෙන්නේ උපත් 21ක දෙව්ලොව උරුමය තම අසීමිත පියාගෙන් දිනා ගැනීමටයි. ශිවාගේ උපන්
දිනය සැමරෙන්නේ භාරතයේදී පමණයි. රාවන්ව පුළුස්සන්නේත් භාරතයේ පමණයි. කොහොමනමුත්,
කිසිම කෙනෙක් එහි අර්ථය දන්නේ නැහැ. ශිවා අපගේ අසීමිත පියායි. කිසිම කෙනෙක් මෙය
දන්නේ නැති වුණත් නිකම් ඔහුව වන්දනා කරනවා. මුළු ගසම තමෝප්‍රධාන් වූ විට පියා
පැමිණෙනවා. නව ලෝකයේදී භාරතය දෙව්ලොව වශයෙන් තිබුණා. දැන් භාරතයේ තිබෙන්නේ කලි
යුගයයි. පියා පැහැදිලි කර කියා දෙනවා පළමුවෙන්ම දෙව්ලොව පාලකයින් වශයෙන් සිටියේ
ඔබයි. ඔබ දැන් උපත් 84ක් ගෙන අපායේ වැසියන් බවට පත් වි තිබෙනවා. මම දැන් ඔබට
රාජයෝගා උගන්වා සාමාන්‍ය මිනසුන් තත්ත්වයෙන් දේවතාවන් බවට හා අපිරිසිඳු බවින් ඔබව
පාරිශුද්ධත්වයට පත් කරවනවා. භක්තිය යනු බ්‍රහ්මාගේ රාත්‍රියයි. දැනුම යනු
බ්‍රහ්මාගේ දිනයයි. බ්‍රහ්ම කුමාරයින් හා බ්‍රහ්ම කුමාරියන් වන ඔබ දැන් දහවල කරා
ගමන් කරනවා. මෙම පැරණි ලොව දැන් ගිණි ගැනීමට නියමිතයි. සැබවින්ම මහා භාරත යුද්ධයක්
තිබෙනවා. මහා භාරත යුද්ධයෙන් පසු අනිවාර්යෙන්ම භාරතය දෙව්ලොවක් බවට පත් වෙනවා. මෙම
මහා භාරත යුද්ධයට පසු භාරතය දෙව්ලොව බවට පත් වෙනවා. අසංඛ්‍ය වූ ආගම් ගණනාවම විනාශ
වී එකම එක ධර්මය ස්ථාපනය විය යුතුයි. දරුවන් වන ඔබ බාබාගේ උදව්කරුවන් බවට පත් වී
ආදී සනාතන දේවී දේවතා ධර්මය ස්ථාපනය කරනවා. දෙව්ලොව පාලකයන් බවට පත්වීමට ඔබ සුදුසු
වූ විට විනාශය ආරම්භ වෙනවා. මෙය ශිව බාබාගේ දැනුම නම් වූ යාගයයි ඔහුට ශිවා හෝ
රුද්‍රා කියා කතා කළ හැකියි. ක්‍රිෂ්ණාගේ දැනුම නම් වූ යාගය කියා කවදාවත් කියන්නේ
නැහැ. ස්වර්ණම යුගයේ දී හා රිදී යුගයේ දී කිසිම යාගයක් නැහැ. යාග පැවැත් වෙන්නේ
වියසන සිදුවන විටයි. කන්න කෑම නැතිනම් හෝ යුද්ධයක් ඇති වී තිබෙනවා නම් සාමය උදා
කරවීම සඳහා යාගයක් පවත්වනවා. විනාශයකින් තොරව භාරතය දෙව්ලොවක් නොවන බව දරුවන් වන ඔබ
දන්නවා. භාරතයේ මව්වරුන්ගෙන් සැදි ශිව ශක්ති හමුදාව ගැන සිහිපත් කළා. පාරිශුද්ධ අයට
ආචාර දැක්වූවා. ශ්‍රීමත් වලට අනුව ඔබ භාරතය පාරිශුද්ධත්වයට පත් කරවූ නිසා මව්වරුන්
වන ඔබට ආචාර කළා. පියා දැන් කියනවා මාරයා සෑම කෙනෙක්ගේම හිස මත්තට පැමිණ ඇත.
එමනිසා, මෙම එකම එක උපතේදී පාරිශුද්ධත්වයට පත් වී පරමාත්ම පියාව සිහිපත් කරන්න.
එවිට ඔබ තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් තත්ත්වයට පත්වනු ඇත. ඔබ දැන්
ශුද්‍රයින්ගෙන් බ්‍රහමින් කෙනෙක් බවට පත් වී පසුව දේවතාවක් වනු ඇත. මෙය අළුත් දෙයක්
නොවෙයි. මෙම චක්‍රය සෑම කල්පයකදීම සෑම වසර 5000දීම මේ ආකාරයෙන් කැරකෙනවා අපාය
දෙව්ලොවක් බවට පත්වෙනවා. අපිරිසිඳු ලෝකයේ සිටිනා මිනිසුන් කරනා සෑම ක්‍රියාවක්ම
පාපකාරී ක්‍රියාවක් පමණයි. පියා කියනවා කර්ම, විකර්ම, අකර්ම ගැන වූ කර්ම න්‍යායත්
මීට වසර 5000ට ඉහතදී ඔබට පැහැදිලි කර කියා දුන්නා. මම දැන් ඔබට නැවතත් වතාවක් මෙය
පැහැදිලි කර කියා දෙනවා. උත්තරීතර ජීවය, අශාරීරික උත්තරීතර පියා වන මම ඔබගේ පියා
යි. මා විසින් ණයට ගෙන ඇති මෙම ශරීරය දෙවියන් නොවෙයි. මනුෂ්‍යයින් දේවතාවන් වශයෙන්
හඳුන්වන්න බැහැ. එසේනම් මිනිසුන් දෙවියන් කියා හඳුන්වන්නේ කෙසේද? පියා පැහැදිලි කර
කියා දෙනවා ඔබ උපත් 84ක් ගෙන ඉණිමගේ පහළට පැමිණෙමින් සිටිනවා. කිසිම කෙනෙක්ට ඉහළට
යන්න බැහැ. ඒ සෑම කෙනෙක්ම මාර්ගය පෙන්වා දෙන්නේ අපිරිසිඳු වීමට පමණයි. එපමණක්
නොවෙයි, ඔවුන් ද දැන් අපිරිසිඳු තත්ත්වයටම පත් වෙමින් සිටිනවා. එමනිසා, පියා කියනවා
ඔවුන්ව ඉහළට ඔසවා ගැනීම සඳහා මා පැමිණිය යුතුයි. මෙය රාවණ්ගේ රාජ්‍යයයි. ඔබ දැන්
රාවණ්ගේ රාජ්‍යයෙන් පිටතට පැමිණ සිටිනවා. සෑම කෙනෙක්ම ක්‍රම ක්‍රමයෙන් මේ ගැන දැන
ගනීවි. බ්‍රහමින් කෙනෙක් වන්නේ නැතිව ඔබට පියාගෙන් උරුමයක් දිනා ගන්න බැහැ.
පියවරුන් දෙදෙනෙක් සිටිනවා. එක්කෙනෙක් අශාරීරික පියා වන අතර අනිත් කෙනා ශාරීරික
පියායි. භෞතික දරුවන් තම භෞතික පියාගෙන් උරුමය ලබා ගන්නා අතර අශාරීරික ජීව තම
අශාරීරික අසීමිත පියාගෙන් උරුමය දිනා ගනියි. උපත් 21ක් සඳහා වූ තම සතුටේ දේශය නම්
වූ උරුමය දිනා ගැනීම සඳහා තමා දැන් ඉතාමත් මිහිරි වූ ශිව බාබා ළඟට පැමිණ සිටිනා බව
ඔබ දන්නවා. ඔබ යෝගා බලයෙන් ලෝකයේ පාලකයින් බවට පත් වෙනවා. ආයුධ ආදී කිසිවක් නැහැ.
ඔබ පියා සමඟ යෝගා කර තමන්ගේ පව් ඉවත් කරගෙන විශ්ණුගේ දේශයේ පාලකයින් බවට පත් වෙනවා.
අමරණීයත්වයේ දේශය කරා යාමට දැන් ඔබ අමරණීයත්වයේ කතාන්දරයට ඇහුම්කන් දෙනවා. අකල් මරණ
කිසිවක් එහිදී නැහැ. දුකක් පිළිබඳ සලකුණක්වත් නැහැ. දරුවන් වන ඔබ අසීමිත පියාගේ
ශ්‍රීමත් පිළිපැද සැමටම වඩා උසස් වූ දේවතාවන් බවට පත්වීම සඳහා පියා ළඟට පැමිණ
සිටිනවා. මෙම දැනුම වෙන කිසිම ග්‍රන්ථයක නැහැ. විශ්ණුගේ පෙකණියෙන් බ්‍රහ්මා බිහි වන
අකාරයක් දක්වා තිබෙනවා. එහි ඔහු ආගමික ග්‍රන්ථ අතින් අරන් සිටිනා ආකාරයකුත් පෙන්වා
තිබෙනවා. පරම පියා කියනවා මම දැන් බ්‍රහ්මා මාර්ගයෙන් මුළු නිර්මාණයේම මුල, මැද හා
අග ගැන ඔබට කියා දෙනවා. දැනුමේ සාගරය වන්නේ මා පමණයි. දැනුම නම් වූ සූර්යයා පෑයූ
විට අවිද්‍යාව නම් වූ අන්ධකාරය දුරු වී යන බව කියා තිබෙනවා. ස්වර්ණම යුගයේ දී කිසිම
අවිද්‍යාවක් නැහැ. භාරතය සත්‍යයේ දේශය වශයෙන් පැවති විට එය ඉතාමත් වටිනා
දියමන්තියක් ලෙසින් තිබුණා. දියමන්ති ඔබ්බවා සාදන ලද මාළිගා පවා තිබුණා. දැන්
මිනිසුන්ට හරියට කන්නවත් නැහැ. එම ණය ගැති ලෝකය ණයෙන් තොර වූ ලෝකයක් බවට නැවතත් පත්
කරවන්නේ කවුද? මෙය පියාට පමණක් කළ හැකි කාර්යයකි. පියාට අනුකම්පාවක් දැනෙනවා. ඔහු
කියනවා මම ඔබට රාජයෝගා ඉගැන්වීම සඳහා පැමිණෙමි. මම සාමාන්‍ය මිනිස්සුන්ව නාරායන
බවටත්, සාමාන්‍ය කාන්තාවන්ව ලක්ෂ්මිවරුන් බවටත් පත් කරවමි. භක්තිවන්තයින්ගේ
ආරක්ෂකයා එකම එක පියායි. මම ඔබව රාවණ්ගේ සිර කුටියෙන් නිදහස් කරවා ගෙන සතුටේ දේශය
වෙත ගෙන යමි. බ්‍රහමිණ්වරුන් බවට පත්වන මේ ලෝකයේ සිටිනා ඒ සෑම කෙනෙක්ම පසුව
දේවතාවන් බවට පත් වේ. බ්‍රහ්මාගේ නමත් ඉතාමත් ප්‍රසිද්ධයි ප්‍රජාපිතා බ්‍රහ්මා.
බ්‍රහමිණ්වරුන් වන ඔබ ඉතාමත් උසස් අයයි. ඔබ භාරතය සඳහා සැබෑ වූ ආධ්‍යාත්මික සේවයක්
කරනවා. ඔබගේ පාප දුරු වී යන්නේ පියාව සිහිපත් කිරීමෙන් පමණයි. පාරිශුද්ධත්වයට පත්
වීම සඳහා වෙන කිසිම මාර්ගයක් නැහැ. කහට ඉවත් වන්නේ ස්මරණයෙන් පමණයි. සැබෑ රත්තරන්
බොරු රත්තරන් බවට පත් කරවන්නේ කෙසේද කියා රන්කරුවන් දන්නවා. ඔවුන් රිදී, තඹ හෝ යකඩ
ඒ හා මිශ්‍ර කරනවා. එවිට රත්‍රන් වල වටිනාකම අඩු වී යනවා. ඔබත් සතෝප්‍රධාන්ව සිටි
නමුත් පසුව කහට බැඳෙන්න පටන් ගත්තා. ඔබ දැන් තමෝප්‍රධාන් වෙලා. දැන් ඔබ සතෝප්‍රධාන්
විය යුතුයි. ස්වර්ණම යුගයට ඔබට යා හැකි වන්නේ එවිට පමණයි. පියා කියනවා ශාරීරික
මිනිසුන්ව සිහිපත් කරන්න එපා! පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වන අතර පියා හැර වෙන
කිසිම කෙනෙක්ව සිහිපත් කරන්න එපා. එවිට ඔබ දිව්‍ය රාජ්‍යයේ පාලකයින් බවට පත්වනු ඇත.
දෙව්ලොව, විශ්ණු දේශය තිබුණා නමුත් දැන් එය රාවණ්ගේ දේශය බවට පත් වෙලා. නැවතත්
වතාවක් අනිවාර්යෙන්ම එය විශ්ණුගේ දේශය බවට පත්වනු ඇත. මම පූජකවරුන් හා මුණිවරයින්
වැනි අයව උසස් කරවීම සඳහා පැමිණෙමි. අධර්මය රජයන කල මම පැමිණෙමි කියා කියන්නේ අන්න
ඒ නිසයි. මෙය අදාල වන්නේ භාරතයටයි. ශිවා වන මම, එකම එක පියා, සියලු දෙනාටම ගැලවීම
ලබා දෙමි. ශිවා, රුද්‍රා මේ සියල්ල ඔහුගේ නම්ය. ඔවුන් ඔහුට නම් රාශියක් දී තිබෙනවා.
පරම පියා කියනවා මගේ නියම නම ශිවා යන්න පමණයි. මම ශිවා වන අතර ඔබ සලිග්‍රාමයින්ය.
දරුවන්ය. කල්ප භාගයක් පුරා ඔබ ශරීර අවධානයෙන් සිටියා. දැන් ජීව අවධානයට පත් වන්න!
එකම එක පියා ගැන දැන ගැනීමෙන් ඔබට සෑම දෙයක්ම දැන ගත හැකි වනු ඇත. ඔබ ඥාන සාගරයේ
හිමිකරුවන් බවට පත් වේ. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ශ්‍රීමත් අනුගමනය
කර ඉතාමත් උසස් දේවතාවන් බවට පත් වන්න. මුළු ලෝකය වෙනුවෙන්ම වූ සැබෑ ආධ්‍යාත්මික
සේවාව කරන්න. ආදී සනාතන දේවී දේවතා ධර්මය ස්ථාපනය කිරීමේ කාර්යය සඳහා සිටිනා පියාගේ
සැබෑ උදව්කරුවන් බවට පත් වන්න.
2. ජීවය සැබෑ රත්තරන්
බවට පත්කරවා ගැනීමට නම් කිසිම ශාරීරික කෙනෙක්ව සිහිපත් නොකර එකම එක පියාව පමණක්
සිහිපත් කරන්න. මෙම ලොවින් එහා සිටිනා පියා කෙරෙහි සැබෑ සෙනෙහසක් තබා ගන්න.
වරදානය:
ඔබගේ
ආධ්‍යාත්මික ප්‍රගතිය තුළින් සියලුම අහිතකර අවස්ථා ජයගත් අමරණීය ස්වරූපයක් බවට ඔබ
පත් වේවා.
ඔබ ඔබේ ශරීරයේ
ජීවනෝපාය සඳහා බොහෝ ක්‍රම භාවිතා කරනවා සේම, අධ්‍යාත්මික ප්‍රගතිය සඳහා මෙම විධිය
භාවිත කරන්න: අමරණීය ස්වරූපයක් ලෙස නිරන්තරව ස්ථාවරව සිටීමට පුරුදු වන්න. තමන්
අමරණීයත්වයේ (ආත්ම) රූප ලෙස සලකමින් ඉදිරියට යන අය අකල් මරණයෙන්, සාගතයෙන් සහ
අනෙකුත් සියලු ගැටලු වලින් ආරක්ෂා වනු ඇත. මානසික කරදර සහ ආතති සහගත තත්ත්වයන් ඉවත්
කිරීම සඳහා, ඔබේ පැරණි ශරීරය පිළිබඳ සෑම අවධානයක්ම ඉවත් කිරීම දිගටම කරගෙන යන්න.
පාඨය:
ඔබට නැවත
නැවතත් යමක් දැනේ නම්, ඔබ අවසාන පත්‍රිකාව අසමත් වනු ඇත.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
නිරන්තරයෙන් සතුටු
සිතින් සිටින අයගේ සිහිවටනය විෂ්ණුගේ ස්වරූපයෙන් පෙන්වා ඇත. විෂ්ණු කිරි සාගරයක
සුවපහසු ලෙස වැතිරී, ඥානය මතගාමින් ඉතා සතුටින් සිටී. සතුටින් සිටීමට මාර්ගය නම්
මෙම ඥානය මතගෑමයි. යමෙකු මෙම ඥානය මතගාන තරමට, ඔහු සතුටින් සිටී. කිසිදු අහිතකර
අවස්ථාවකට ඔහුගේ ධෛර්යය, උනන්දුව සහ උද්යෝගය අඩු කළ නොහැක. ඉවසීමේ බලයෙන්, ඔහු
සියලු අහිතකර අවස්ථා පහසුවෙන් ජය ගනී.
මාතේශ්වරීජීගේ
ශ්‍රේෂ්ඨ අමිල වදන්.
මනුෂ්‍යයන්ට දර්ශන
ලැබෙන්නේ කෙසේද?
ධ්‍යානගත වීමේ
දර්ශනවාදය ඉතා සූක‍්ෂමයි. කෙනෙක් පිටත සංචාරයක යන ආකාරයෙන් ඔවුන් සූක‍්ෂම අභ්‍යන්තර
ජීවය යන වාහනයෙන් ගොස් නැවත පැමිණෙයි. ඔබ එවන් සංචාරයක යන විට ඔබ මියැදෙනවා නොවෙයි,
නමුත් ඔබ එහි ගොස් එහි සිට ආපසු පැමිණෙනවා, එහෙම නේද? එබැවින් මෙහිදීද, එම
ජීවාත්මය, ඇගේ සිරුර අතහැර සූක‍්ෂම අභ්‍යන්තර සිරුරේ වාහනයෙන් සංචාරය කරයි. එම
ජීවාත්මය ටික වෙලාවකට පියාසර කරන කුරුල්ලෙක් වැනිය. එම කෙනාගේ රැහැන ඇද, එම කෙනාට
දිව්‍යමය දර්ශනයක් ලබා දීම පරමාත්ම දෙවියන්ගේ වගකීමයි. නිදසුනක් ලෙස, රාත්‍රියේ
ජීවාත්ම වන අප, අපගේ සිරුරු වලින් වෙන් වී සතුටේ මාවතට යන විට හෝ සිහිනයක ස්ථීතියට
යන විට, ඒ වෙලාවේ සිරුරු සාමයෙන් තිබේ, එබැවින් අපට අපගේ සිරුරු සහ සිරුරේ ආගම අමතක
වෙයි. කෙසේවෙතත්, අපගේ සිරුරු මිය ගොස් නැහැ අප නැවත අවදි වන විට, රාත්‍රියේ සිහිනය
වෙලාවේ අපගේ ස්ථීතිය අපට මතක් වන අතර අප ඒ ගැන කතා කරයි. ඒ අන්දමින්ම පරමාත්ම
දෙවියන් සමඟ යෝගාවේ සිටීමෙන් ඔහු ධ්‍යානගත වූ ජීවාත්මයක් සංචාරයක ගෙන යයි. පසුව ඔබ
ධ්‍යානයෙන් පියවි සිහියට පැමිණි විට, ඔබ දුටු දර්ශනය ඔබට සිහි වන අතර ඔබ එහිදි දුටු
දේ ගැන පවසයි. සිහිනයක් රජෝගුණී හෝ තමෝගුණී විය හැකි නමුත් මෙම ධ්‍යානයට සමවැදීමත්
සතෝගුණී ස්ථීතියකි. ධ්‍යානගත වීමේදි සිරුර මිය යන්නේ නැත, නමුත් සිරුර පිළිබඳ සියලු
අවධානය නැති වෙයි. කෙනෙකුට ක්ලෝරෆෝම් දුන් විට, ඔහුගේ සිරුර පිළිබඳ සිහිය ඔහුට නැති
වෙයි. නිදසුනක් ලෙස, වෛද්‍යවරු, කෙනෙකුගේ සිරුරේ කොටසකට ’මිය යාමට’ සැලැස්වූ විට,
ඔවුන් එය සිදු කරන්නේ එන්නතක් ලබා දීමෙන්, නමුත් එවිටත් ඉතිරි අවයව සියල්ලක්ම
ක්‍රියා කරයි. එබැවින් ධ්‍යානයකට සමවැදීමත් එවැනිය, එනම්, ජීවාත්මය ඉවතට පියඹා
ඉන්පසුව නැවතත් පැමිණෙයි, නමුත් සිරුර මියැදෙන්නේ නැත. අවධානයේ රැහැන් ඇදගැනීමේ බලය
තිබෙන්නේ කිසිම මනුෂ්‍යයෙකුට නොව, පරමාත්ම දෙවියන්ටයි. අච්චා. ඕම් ශාන්ති.