04.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් සහෝදර සහෝදරියන් යන අවධානයෙන් පවා ඉවත් විය යුතුයි. එකිනෙකා දෙස බලන විට සියලුම දෙනා සහෝදරයන් සේ බලන්න. එවිට ඔබගේ ඇස් ශිෂ්ට සම්පන්න වේ. එවිට ඔබට ඔබගේ කර්මාක්ෂය තත්ත්වයට පත් වීමට පහසුවෙන්ම හැකි වනවා.

ප්‍රශ්නය:
ඔබගේ සියලු දුර්වලතා මඟහරවා ගැනීමට ඔබ විසින් යෙදිය යුතු වන උපක්‍රමය කුමක්ද ?

පිළිතුර:
ඔබගේ චරිතය පිළිබඳව ලේඛනයක් තබාගෙන සෑම දිනකම ඔබගේ වාර්තාව ගැන ලියා දක්වන්න. එවැනි වාර්තාවක් තබා ගන්නා විට ඔබගේ දුර්වලතා සියල්ලක්ම ඔබට හොඳින් දැන ගැනීමට හැකි වේ. ඔබගේ දුර්වලතා එසේ මඟහරවා ගැනීමෙන් ඔබ බාබා මිස වෙන කිසිම කෙනෙක් ස්මරණය නොකරන තත්ත්වයට පත් වනවා. පැරණි වු කිසිම දෙයකට ඔබ තුළ කිසිම බැඳීමක් නොතිබිය යුතුයි. කිසිම දෙයකට ඔබ තුළ කිසිම ආශාවක් නොතිබිය යුතුයි.

ඕම් ශාන්ති.
මෙහිදි එකක් මනුෂ්‍ය බුද්ධියක් වන අතර අනෙක සත්‍යයේ බුද්ධියයි. එම තත්ත්වයෙන් පසුව එන්නේ දිව්‍ය බුද්ධියයි. මනුෂ්‍ය බුද්ධියන් පාපකාරී වන්නේ ඔවුන්ගේ දෑස් පාපකාරී වන නිසයි. එක් ඇසක් ශිෂ්ට සම්පන්න ඇසක් වන අතර අනෙක් ඇස පාපකාරී ඇසක් වනවා. දේවී දේවතාවන් පාපයෙන් තොර වූ ශිෂ්ට ඇසක් තිබෙන අයයි. නමුත් මෙම කලි යුගයේ සිටින මනුෂ්‍යයන් පාපයෙන් බරිත වූ පාපකාරී ඇස් ඇත්තන් වනවා; ඔවුන්ගේ සිතිවිලි පවා පාපකාරී වනවා. එවැනි පාපකාරී ඇස් තිබෙන මනුෂ්‍යයින් සිටින්නේ රාවන්ගේ සිර කුටියේයි. රාවන්ගේ සිර කුටියේ සිටින සියලුම දෙනා පාපකාරී ඇසකින් යුතු වූවෙක්; කිසිම කෙනෙක් ශිෂ්ට සම්පන්න ඇසකින් යුතු වූවෙක් වන්නේ නැහැ. දැන් ඔබ ඉන්නේ බොහෝ උසස් වු සංගම් යුගයේයි. බාබා මේ පාපකාරී තත්ත්වයට පත්වී තිබෙන ඔබගේ ඇස් ශිෂ්ට සම්පන්න වූ ඇස් බවට පත් කරවනවා. නොයෙකුත් ආකාරයෙන් පාපකාරී වු ඇස් ඇති මිනිසුන් සිටිනවා සමහරු අර්ධ වශයෙන් පාපකාරී වු අය සිටිනවා, තවත් අය තවත් ස්ථානයක සිටිනවා. ඔබගේ ඇස් ශිෂ්ට සම්පන්න වන විට ඔබගේ දර්ශනය සහෝදරාත්මක වී ඔබගේ කර්මාක්ෂය තත්ත්වයට පත්වීමට ඔබට හැකි වනවා. ජීවාත්මයක් තවත් ජීවාත්මයක් දෙස බලන විට ඒ අතර ශරීරයක් මතු වන්නේ නැහැ. එසේ නම් පාපකාරී දර්ශනයක් ඔබ තුළ හට ගන්නේ ඇයි ? මේ නිසා තමයි බාබා කියන්නේ ඔබ සියලු දෙනා සහෝදරයන් මිස සහෝදර සහෝදරියන් ලෙස සලකන්න එපා කියා. මෙයත් ඉතා ගැඹුරු වු කරුණක් වන අතර කිසිම කෙනෙකුගේ බුද්ධියට එය ඇතුල්වන්නේ නැහැ. අනෙක් අයගේ බුද්ධියට ශිෂ්ට සම්පන්න ඇසක් ඇති කර ගන්නවා යන්න තේරුම් ගත නොහැකියි. ඔවුන්ට එසේ කළ හැකි නම්, ඔවුන් උසස් තත්ත්වයක් ලබනවා. බාබා විස්තර කරනවා : ඔබ ජීවාත්මයක් බව සලකන්න, ශරීරය අමතක කර දමන්න. ඔබ මෙම ශරීරය අත්හළ යුත්තේ බාබාගේ සිහියෙනුයි. මම ජීවාත්මයක් බාබා කරා ලඟා වනවා. ශරීරයට තිබෙන අවධානයෙන් ඉවත් වී ඔබ පාරිශුද්ධත්වයට පත්කරන පියාගේ සිහියෙන් ශරීරය අත් හැර යන්න. ඔබගේ ඇස් පාපකාරී වුවහොත් ඔබගේ අවධානය සම්පූර්ණයෙන් බිඳෙනවා. ඔබගේ ඉලක්කය බොහෝ ඉහළ ඉලක්කයක්. හොඳ දරුවන් පවා මායා නිසා නොයෙකුත් වැරදි කිරීමට පෙළඹෙනවා. කිසිම කෙනෙක් තවමත් කර්මාක්ෂය තත්ත්වයට පත් වී නැහැ. අවසානයේදී ඔබ ඔබගේ කර්මාක්ෂය තත්ත්වයට පත් වූ පසුව ඔබට ඒ ශිෂ්ට සම්පන්න වූ ඇස් ලබා සිටින විට පමණයි ඔබගේ ආධ්‍යාත්මික වු සහෝදරාත්මක සෙනෙහස ඔබ තුළ ඇති වන්නේ. ආධ්‍යාත්මික වු සහෝදරාත්මක සෙනෙහස ඉතා හොඳයි. එවිට කිසිම පාපකාරී දර්ශනයක් ඔබ තුළ ඇති වන්නේ නැහැ. ඔබ එම තත්ත්වයට පත් වු පසුවයි ඔබට උසස් තත්ත්වයක් ලබා ගැනීමට හැකි වන්නේ. බාබා ඔබට ඔබගේ ඉලක්කය හා අරමුණ ගැන ඉතා පැහැදිලිව කියා දෙනවා. දරුවන් තේරුම් ගන්නවා ඔබ තුළ දුර්වලතා තවමත් තිබෙනවා කියා. ඔබ ලඟ ලේඛනයක් තබා ගන්න. ඔබ ඔබගේ දුර්වලතා හඳුනාගන්නේ එවිටයි. එවැනි වාර්තාවක් තබා නොගෙන නිවැරදි වන අය සිටිනවා, නමුත්, බොහෝ දුර්වල අය අනිවාර්යෙන්ම වාර්තාවක් තබා ගත යුතුයි. දුර්වල බොහෝ දෙනා සිටිනවා. සමහරු මෙම වාර්තාව තබා ගන්නේ කෙසේද කියාවත් දන්නේ නැහැ. ඔබ වෙන කිසිම කෙනෙක් සිහි නොකරන තත්ත්වයට පත්විය යුතුයි. මගේ ජීවාත්මය ශරීරයක් නැතිව මෙහි පැමිණියා, මා නැවත යා යුත්තේ ශරීරයක් නැතිවයි. මේ ගැන කතන්දරයක් තිබෙනවා: කෙනෙක් ඔහුගේ බස්තම පවා නොගෙන යා යුතුයි, අවසාන මොහෙතේ දී ඔහුට එය සිහි වෙයි කියා. කිසිම දෙයකට බැඳීම් ඇති කර ගන්න එපා. ඔබ බොහෝ දෙනෙකුට පැරණි වූ නොයෙකුත් තත්ත්වයන් ලබා ගැනීමට ආශාව තිබෙනවා. බාබා හැර වෙන කිසිම කෙනෙක් ඔබ විසින් සිහි නොකළ යුතුයි. ඔබගේ ඉලක්කය බොහොම ඉහළ ඉලක්කයක්. පොළොවෙන් ලබා ගත් නොයෙකුත් දේ සිහි කරමින් සිටින එකෙහිත් බාබා සිහි කිරීමෙහිත් විශාල වෙනසක් තිබෙනවා. ඔබ කිසිම දෙයක් ඇසිය නොයුතුයි. ඔබ සියලු දෙනාම අඩුම වශයෙන් පැය හයක් හෝ සේවයෙහි යෙදිය යුතුයි. මිනිසුන් සාමාන්‍යයෙන් ආණ්ඩුව වෙනුවෙන් පැය අටක සේවයක යෙදෙනවා. නමුත් ඔබ මේ පාණ්ඩව ආණ්ඩුවට අඩුම වශයෙන් පැය පහක් හෝ හයක් සේවය කළ යුතුයි. පාපකාරී වූ මිනිසුන් හට කිසිසේත් බාබා සිහිපත් කළ නොහැකියි. සත් යුගය පාපයෙන් තොර වූ ලෝකයක්. දේවී දේවතාවන් සොළොස් කලා ගුණයෙන් පිරුණු අය ලෙස ප්‍රශංසනීයත්වයට පත් වෙනවා. ඔබගේ තත්ත්වය මේ සියලු දෙයින් වෙන් වූ තත්ත්වයක් බවට පත් පත් විය යුතුයි. මේ අපිරිසිඳු පැරණි දෙයට ඔබ තුළ කිසිම ආශාවක් නොතිබිය යුතුයි. කිසිම ශරීරයකට ඔබ තුළ කිසිම ආශාවක් නොතිබිය යුතුයි. ඔබ එවැනි ගැඹුරු යෝගීන් බවට පත්විය යුතුයි. ඔබ එවැනි යෝගීන් බවට පත් වු විට ඔබ නැවුම් දරුවන් බවට පත් වනවා. ඔබ කෙතරම් දුරට සතෝප්‍රධාන් තත්ත්වයට පත් වනවාද ඒ තරමටම ඔබගේ සන්තෝශයත් වැඩි වනවා. ඔබ අවුරුදු 5000කට ප්‍රථමත් මෙම සතුටම අත් දුටුවා. එම සතුටම ඔබ සත් යුගයේ නැවතත් අත් දැකීමට යනවා. ඔබ මෙහිදී සතුටින් සිටිනවා මෙන්ම එම සතුට ඔබ රැගෙන යා යුත්තේ සත් යුගයටයි. ඔබගේ අවසාන සිතිවිලි ඔබගේ ඉලක්කය හා බලපානවා කියා කතාවක් තිබෙනවා. ඔබ සත් යුගයේ ඔබගේ ඉලක්කය වෙනුවෙන් දැන් උපදෙස් ලබා ගන්නවා. මෙම කරුණු සියල්ලක්ම ඉතා ගැඹුරු ලෙස ඔබ විසින් නැවත නැවතත් ආවර්ජනය විය යුතුයි. බාබා තමයි ඔබට සතුට ලබා දී දුක් තුරන් කරන්නේ. ඔබ බාබාගේ දරුවන් කියා ඔබ පවසනවා නම්, ඔබ කිසිම කෙනෙකුට හිරිහැරයක් නොවිය යුතුයි. සෑම කෙනෙකුටම සතුට වෙනුවෙන් මඟ පෙන්වන්න. ඔබ යම් කෙනෙක් සතුටට පත් නොකරනවා නම්, එයින් පෙනෙන්නේ ඔබ ඔහු දුකට පත් කරනවා යන්නයි. මෙම සංගම් යුගය තමයි ඔබ විසින් විශාල උත්සාහයක් යොදා සතෝප්‍රධාන් තත්ත්වයට පත්වීමට උත්සාහ දරණ එකම යුගය. මෙසේ උත්සාහ දරන්නන්ගේත් අනුපිළිවෙලක් තිබෙනවා. දරුවනි, බාබා ඔබ සේවය කරනවා දකින විට අහවල් අහවල් දරුවා හොඳ යෝගී දරුවෙක් කියා ඔබ ප්‍රශංසනීයත්වයට පත් කරනවා. සේවයෙන් යුතු ජීවිතයක් ගත කරන දරුවන් පාපයෙන් තොරයි. කිසිම ආකාරයක නරක සිතිවිල්ලක් නොමැති දරුවන් අවසානයේ ඔවුන්ගේ කර්මාක්ෂය තත්ත්වය කරා ළඟා වනවා. බ්‍රහ්මින් දරුවන් සියල්ලක්ම දැන් ශිෂ්ට සම්පන්න වූ දරුවන් බවට පත් වනවා. කිසිම මනුෂ්‍යයෙක් දිව්‍ය තත්ත්වයේ සිටිනවා කියා හඳූන්වන්න බැහැ. පාපකාරී ඇසක් තිබෙන කෙනා අනිවාර්යෙන්ම පාපයන් සිදු කරනවා. සත් යුගය තමයි පාරිශුද්ධත්වයෙන් පිරි ලෝකය. මෙය තමයි පාපකාරී ලෝකය වන්නේ. මිනිසුන් මෙහි තේරුම නියමාකාරයෙන් දන්නේ නැහැ. ඔවුන් බ්‍රහ්මින් දරුවන් වු පසුවයි ඔවුන් මෙය තේරුම් ගන්නේ. ඔවුන් මෙම දැනුම ඉතා හොඳයි. අප වෙලාවක් තිබෙන වෙලාවක මෙහි පැමිණෙන්නම් කියන විටම බාබා දන්නවා ඔවුන් නැවත නොඑන අය බව. එවැනි දෙයක් කියනවා යනු බාබා හට අපහාස කිරීමක්. ඔවුන් මෙම ඥානය හොඳින් තේරුම්ගෙන ඔවුන්ට දේවී දේවතාවන්ගේ තත්ත්වයට පත් වීමට හැකි බව ඔවුන් දැනගත්තා නම්, අනිවාර්යෙන්ම මෙහි පැමිණෙනවා. ඔවුන් එය හෙටට කල් දමන විට මායා එයින් ප්‍රයෝජන ගෙන ඔවුන්ගේ නාසයෙන්ම අල්ලා ගන්නවා. ඔවුන් හෙට එනවා හෙට එනවා යනුවෙන් පවසන විට මරණය ඔවුන්ව කා දමනවා. එවැනි හොඳ දෙයක් කිසිසේත්ම කල් දමන්න එපා. මරණය ඔබගේ ඔළුව උඩින් සිටිනවා. බලාපොරොත්තු නොවුණු ආකාරයට බොහෝ දෙනා මිය යනවා. දැන් බෝම්බයක් මෙහි දැමුවහොත් බොහෝ දෙනා මිය යනවා. භූමිකම්පාවක් වීමට යනවා නම් ඔබ ඊට පෙර ඒ ගැන දන්නවාද ? නාටකයට අනුව ස්වභාවික වියසන බොහොමයක් සිදු වනවා. නමුත් ඊට පෙර කිසිම කෙනෙක් ඒවා ගැන දන්නේ නැහැ. ඒවා ඔබට බොහෝ සෙයින් හිරිහැර කරනවා. මිනිසුන් හට නොයෙකුත් විදේශයන් කරා යා යුතුයි. නමුත් ආණ්ඩුව ඔවුන් සඳහා බොහෝ සෙයින් අය කරනවා. ඔවුන් තම ආදායම් වැඩි කිරීමට බලන්නේ ඒවායෙන් සියල්ලටම ගෙවිය හැකි නිසයි. ධාන්‍ය මිළ බොහෝ ඉහළ නැඟලා. එමනිසා, බාබා විස්තර කරනවා: ශිෂ්ට සම්පන්න වූ ඇස් ඇති අයෙක් පමණයි පිරිසිඳු කෙනෙක් ලෙස හැඳින් විය හැක්කේ කියා. මෙම ලෝකයේ සිටින්නේ පාපකාරී ඇස් වලින් බරිත වූවන්. නමුත් ශිෂ්ට සම්පන්න වු දෑස් ඇති අයෙක් බවට පත්වීමටත් උත්සාහ දැරිය යුතුයි. උසස් ස්ථානයක් හිමිකර ගන්නවා යනු ඔබගේ නැන්දම්මාගේ ගෙදර යනවා තරම් පහසු වු දෙයක් නොවෙයි. සම්පූර්ණයෙන්ම ශිෂ්ට සම්පන්න වු ඇස් ඇත්තන් උසස් ස්ථානයක් හිමිකර ගන්නවා. ඔබ සාමාන්‍ය මනුෂ්‍යයකුගෙන් නාරායන තත්ත්වයට පත් විය යුතුයි. ශිෂ්ට සම්පන්න වු දෑස් හිමිකර ගැනීමට නොහැකි අයගේ තත්ත්වයත් ඉතා පහළ බසිනවා. මේ කාලයේදී මිනිසුන්ට ඇත්තේ පාපකාරී වු දෑස්ය, නමුත් සත් යුගයේ දී ඔවුන්ට ශිෂ්ට සම්පන්න වූ දෑස් ලැබෙනවා. බාබා විස්තර කරනවා : සුමිහිරි දරුවනි, ඔබට දේවී දේවතාවන්, ලෝක පාලකයන් බවට පත් වීමට අවශ්‍ය නම්, ඔබගේ දෑස් ශිෂ්ට සම්පන්න දෑස් බවට පත්කර ගත යුතුයි. ඔබ ජීවාත්මයක් බව සිතා බාබා සිහිපත් කරන්න. එවිට ඔබට 100%ක්ම ආත්ම අවධානයට පත් විය හැකි වෙනවා. ඔබ සෑම කෙනෙකුටම මේවායෙහි තේරුම තේරුම් කර දිය යුතුයි. සත් යුගයේ දී නම් ඔබට කිසිම පාපයක් ඇති වන්නේ නැහැ. ඔවුන් සෑම ගුණාංගයකින්ම පිරුණු අය, ඔවුන් සම්පුර්ණයෙන්ම ශිෂ්ට සම්පන්න වු අයයි. චන්ද්‍ර වංශයේ දී ඔබගේ කලා දෙකක් බැස යනවා. චන්ද්‍රයා පවා බැසගෙන බැසගෙන ගොස් එක් රේඛාවක් බවට පත් වෙනවා. නමුත් එය සම්පුර්ණයෙන්ම අතුරුදහන් වී යන්නේ නැහැ. මන්ද, එවිට එය සම්පුර්ණයෙන්ම නැතිවුණු තත්ත්වයට පත්වන නිසයි. ඔබට එය වළාකුළු අතරින් දැකීමට නොහැකි වීමයි සිදුවන එකම දෙය. එමනිසා, බාබා කියනවා : ඔබගේ ආලෝකය සම්පුර්ණයෙන්ම නැති වන්නේ නැහැ, පුංචි එළියක් තවමත් තිබෙනවා. ඔබ නැවතත් වරක් ඒ උත්තරීතර වු විදුලි කෝෂයෙන් ශක්තිය ලබනවා. ඔහු, ඔහු විසින්ම පැමිණ ඔහුත් සමඟ යෝග වන ආකාරය පැහැදිලි කර දෙනවා. ගුරුවරයෙක් උගන්වන විට ශිෂ්‍යයන්ගේ සිහිය තිබෙන්නේ ගුරුවරයා කෙරෙහියි, ඉතින්, ඔවුන් ගුරුවරයා දෙන උපදෙස් අනුව කටයුතු කරනවා, ඔවුන්ටත් ඉලක්කයක් තිබෙනවා මෙසේ ඉගෙනගෙන ගුරුවරයෙක් හෝ නීතීඥයෙක් හෝ වනවා කියා. එහිදී අනුකම්පාව හෝ ආශීර්වාද ගැන ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ඔවුන්ගේ ගුරුවරයා ඉදිරියෙහි ඔළුව නැමිය යුතු වන්නේ නැහැ. ඔව් යම්කිසි කෙනෙක් හරි ඕම් හෝ රාමා, රාමා යනුවෙන් පවසන විට ඔබ එය කළ යුතුයි. ඒ කියන්නේ අන් අයට ගෞරව කිරීමයි. ඔබ ඔබගේ උඩඟු බව නොපෙන්විය යුතුයි. ඔබ දන්නවා ඔබ විසින් ඒ එකම පියා පමණක් සිහි කළ යුතු බව. කෙනෙක් භක්තිය නතර කරන විට නොයෙකුත් ආකාරයේ බාධක ඔහුට එනවා. මිනිසුන් විශ්වාස කරන්නේ භක්ති නොකරන අය අදේවාදීන් ලෙසයි. ඔවුන් අදේවවාදීන් කියන විටත් ඔබ අදේවවාදීන් කියන විටත් එහි විශාල වෙනසක් තිබෙනවා. ඔවුන් බාබා දන්නේ නැති නිසා ඔවුන් අදේවවාදීන් කියා ඔබ කියනවා එනම්, ඔවුන් අනාථයින්. ඔවුන් මේ හාම්පුතා හට අයත් නොවන නිසයි තවමත් සණ්ඩු කරමින් සිටින්නේ. සෑම නිවසකම නොයෙකුත් ආකාරයේ දබර හට ගන්නවා. අසමගියේ සංඛේතය තමයි කෝපය. එහිදී නම් අප්‍රමාණ වු සාමයක් දක්නට ලැබෙනවා. මිනිසුන් කියනවා කෙනෙක් භක්ති කිරීමෙන් ඔහුට බොහෝ සාමයක් ලැබෙනවා කියා. කොහොමනමුත්, ඒ ඉතා සුළු කාලයකට පමණයි. සම්පූර්ණ කාලය තුළම ඔබ සාමය අත්දැකිය යුතුයි. ඔබ අනාථයන් බවට පත් වී ඔබගේ ස්වාමියාගෙන් වෙන් වූ පසුවයි ඔබ සාමයෙන් එම අසාමය කරා යන්නේ. ඒ අසීමිත වු පියා ඔබට ඒ අසීමිත වු සතුටේ උරුමය ලබා දෙනවා. ඔබ ඔබගේ සීමිත පියාගෙන් ලබන්නේ සීමිත උරුමයක්, කොහොමනමුත්, එය දුකක්. රාගය නැමැති කඩුවෙහි උරුමය දුකෙහි උරුමයක් පමණයි. මේ නිසා තමයි බාබා කියන්නේ : ඔබ මුල සිට මැද හරහා අග දක්වාම දුක අත්දැක තිබෙනවා. බාබා කියනවා : පාරිශුද්ධකරුවා වන ඔබගේ පියා, මා සිහි කරන්න. මෙය පහසු වු ස්මරණය ලෙසත් ලෝක චක්‍රයෙහි පහසු වූ ඥානයත් ලෙස හඳුන්වනවා. ඔබ ආදී සනාතන දේවී දේවතා ධර්මයට ඔබ අයත් යැයි සිතුව හොත් අනිවාර්යෙන්ම ඒ සත් යුගය කරා යනවා. සත් යුගයෙහි දී සියලු දෙනාට තිබෙන්නේ ශිෂ්ට සම්පන්න වු දෑස්ය. ශරීර අවධානයෙන් සිටින අය හඳුන්වන්නේ පාපකාරී දෑස් ඇති අය ලෙසයි. ශිෂ්ට සම්පන්න වු දෑස් ඇති අය කිසිසේත් පාපකාරී වන්නේ නැහැ. බාබා මෙතරම් පහසු ආකාරයකින් මෙය කියා දුන්නා වුවත් දරුවන් එය සිහි කරන්නේවත් නැහැ. ඔවුන්ගේ දෑස් පාපකාරී වන නිසා ඔවුන් ඒ අපිරිසිඳු වූ ලෝකයම සිහි කරමින් සිටිනවා. බාබා කියනවා : මෙම ලෝකයම අමතක කර දමන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අත්හැරීමට යන ශරීරයට කිසිම බැඳීමක් නැති යෝගී දරුවන් බවට පත් වන්න. අපිරිසිඳූ වූ කිසිම දෙයකට ඔබ තුළ කිසිම අශාවක් නොතිබිය යුතුයි. ඔබගේ තත්ත්වය ශබ්දයෙන් තොර වූ තත්ත්වයක් බවට පත් කර ගන්න. ඔබගේ සතුට බොහෝ උසස් තත්ත්වයක තිබිය යුතුයි.

2. ඔබගේ හිසටත් උඩින් දැන් ඔබගේ මරණය පිහිටා තිබෙනවා. එමනිසා, ඔහුගේ ඒ උසස්තම වූ සේවය ගෙන යාම ඔබ කිසි සේත් කල් දැමිය නොයුතුයි. එය හෙටට හෝ කල් නොදමන්න.

වරදානය:
අවබෝධය බලයෙන් ඔබ සියලු පාපයන්ගෙන් නිදහස් වී සියලු දෙනාටම වඩා දක්ෂම පරමාත්ම පියා සමඟ දක්ෂ වීමට උත්සාහ නොකරත්වා.

සමහර දරුවන් තම සේවය ඔප්පු කිරීමට සහ ඔවුන්ගේ නම් හොඳ බව පෙන්වීමට සෑම කෙනෙකුටම වඩා දක්ෂම පරමාත්ම පියා සමඟ දක්ෂ වීමට උත්සාහ කරති. ඔවුන්ට ඒ අවස්ථාවේ දී අවබෝධයක් ඇති නමුත් එම අවබෝධයට බලයක් නැති බැවින් පරිවර්තනයක් සිදු නොවේ. සමහරුන්ට එය හරි නැති බව තේරුනත් ඒ අය සිතාගෙන සිටින්නේ තමන්ගේ නම් විනාශ නොවිය යුතු බව නිසා ඔවුන් තමන්ගේම හෘදය සාක්ෂිය මරාගනී. එයත් පව් ගිණුමට එකතු වේ. ඒ නිසා මේ තරම් දක්‍ෂ වීම නවත්වා තමන්ව පරිවර්තනය කරගෙන සත්‍ය හදවතකින් අවබෝධය ලබාගෙන පාපයෙන් නිදහස් වන්න.

පාඨය:
මේ ජීවිතයේ විවිධ බන්ධනවලින් නිදහස් වීම ජීවිතයේ විමුක්තිය ලැබීමේ අවස්ථාවයි.