04.07.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, බන්ධනයන්ගෙන් මිදී සේවයේ කාර්ය බහුල වන්න. මන්ද, මෙම සේවාව කිරීමෙන් ඔබට
විශාල ආදායමක් උපයා ගත හැකිය; උපත් 21 කටම ඔබ පාරාදීසයේ පාලකවරුන් බවට පත්වේ.
ප්‍රශ්නය:
ඔය සෑම
දරුවෙක්ම තමා තුළ හොඳින් ධාරණය කර ගත යුතු පුරුද්ද කුමක්ද?
පිළිතුර:
මුරලියේ කරුණු පැහැදිලි කර දීමටයි. ඔබගේ බ්‍රහමිණ් ගුරුවරයා කොහේ හෝ ගියත් තමන්
එකිනෙකා සමග පන්ති පවත්වා ගැනීමේ හැකියාව ඔබට තිබිය යුතුයි. පන්තියක් පවත්වන ආකාරය
ඔබ ඉගෙන ගත්තේ නැතිනම් ඔබ කොහොමද අන් අයව තමා හා සම කෙනෙක් බවට පත් කරවන්නේ?
ගුරුවරයා නැහැයි කියා ඔබ කලබලයට පත් නොවිය යුතුයි. මෙම ඉගෙනීම ඉතාමත් සරළයි. දිගටම
පන්තිය පවත්වා ගෙන යන්න මන්ද, මෙම පුහුණුවත් අත්‍යවශ්‍යයි.
ගීතය:
අහෝ
මිනිසාණනි, ඔබගේ හද කැඩපතින්ම ඔබගේ මුහුණ දැක ගනු මැනවි!
ඕම් ශාන්ති.
ඔය දරුවන් මෙම
ඥානයට ඇහුම් කන් දෙන විට තමන් ජීවාත්ම සත්ථාවක් බවත් පරමාත්ම පියා වන පරමාත්ම ජීවය
තමාට කතා කරනවා යන විශ්වාසයත් ඔබ සෑම කෙනෙක් තුළම තිබිය යුතුයි. මෙම උපදෙස් දෙන්නේ
එකම එක පරමාත්ම පියා පමණයි. මෙම උපදෙස් හඳුන්වන්නේ ශ්‍රීමත් ලෙසයි. ශ්‍රී යනු
ඉතාමත් උසස් යන්නයි. පරමාත්ම දෙවියන් ඉහළම ඉහළ කෙනා කියා හඳුන්වන අසීමිත පියා
ඔහුයි. පරමාත්ම ජීවය තම පියා කියා සැලකීමේ සෙනෙහස නොමැති මිනිසුන් රාශියක් සිටිනවා.
ඔවුන් ශිව වන්දනාව කර මහත් වූ සෙනෙහසකින් ඔහුව සිහිකළත් ඒ පරමාත්ම ජීවය සෑම කෙනෙක්
තුළම සිටිනවා කියාත් ඔවුන් කියා තිබෙනවා. ඉතින් එසේනම් ඔවුන් සෙනෙහස දක්වන්නේ කාටද?
පියා කෙරෙහි ඔවුන්ගේ බුද්ධියේ කිසිදු සෙනෙහසක් නැති වන්නේ මෙන්න මේ ලෙසයි. භක්ති
මාර්ගයේදී මිනිසුන් දුකට පත් වුණු විට අසනීප වුණු විට ඔවුන් ඒ සෙනෙහස පෙන්වනවා. අහෝ
දෙවියනේ මා රැක දෙනු මැනව කියා ඔවුන් කන්නලව් කරනවා. දෙවියන් විසින් මෙම මුඛයෙන්
දුන් ශ්‍රීමත් උපදෙස් තමයි ගීතාව කියන්නේ කියා ඔය දරුවන් දන්නවා. දෙවියන් රාජයෝගාව
ඉගැන්වූ හෝ ශ්‍රීමත් දුන් වෙනත් කිසිම ග්‍රන්ථයක් නැහැ. ඇත්තේ භාරතයේ එකම එක ගීතාව
පමණයි. එහි විශාල බලපෑමක් තිබෙනවා. දෙවියන් විසින් කිව්වේ ගීතාව පමණයි. දෙවියන්
කියා කියූ විට බැල්ම යොමු වන්නේ අශාරීරික කෙනා වෙතටයි. මිනිස්සු ඔවුන්ගේ ඇඟිල්ල
ඉහලට ඔසවනවා. ක්‍රිෂ්ණා ශාරීරික කෙනෙක් වන නිසා ඔවුන් ඔහු ගැන කිසිසේත් මෙසේ කතා
කරන්නේ නැහැ. ඔහුත් සමග ඔබට ඇති සබඳතාවය දැන් ඔබ තේරුම් ගෙන තිබෙනවා. එමනිසා
පරමාත්ම පියාව සිහි කර ඔහුට සෙනෙහස දක්වන්නැයි කියා ඔබට කියා තිබෙනවා. පරමාත්ම
දෙවියන් දැන් ඔබට උගන්වනවා. එමනිසා ඔබ තුල මහත් සතුටක් තිබිය යුතුයි. එය ස්ථාවර ද
විය යුතුයි. තම ගුරුවරයා ඉදිරියේ සිටිනා විට තිබෙනා ඔබගේ සතුටු කුල්මත් බාවය ඇය
නැති විට අතුරුදහන් වී නොයා යුතුයි. ගුරුවරයා නොමැති විට පන්තිය කරගෙන යාමට නොහැකි
තත්ත්වයක් නොවිය යුතුයි. බාබා පැහැදිලි කර කියා දෙන්නේ ඇතැම් මධ්‍යස්ථාන වල
ගුරුවරයා මාස පහකට හයකට මධ්‍යස්ථානයෙන් බැහැරව සිටියත් එය බලා කියා ගැනීමේ හැකියාව
සිසුන්ටත් තිබෙන තරමේ ඉතාමත් සරළ ඉගෙනුම් රටාවක් බවයි. මෙය ඇතැම් අය ගුරුවරයා
නොමැති විට අන්ධ වෙනවා. කොරවෙනවා. ගුරුවරයා කොහේ හෝ ගිහින් කියා ඔවුන් මධ්‍යස්ථානයට
පැමිණීමත් නතර කරනවා. අහා. තවත් බොහෝ සිසුන් සිටිනවා. පන්තියක් කර ගෙන යාමට ඔබට
බැරිද? ගුරු කෙනෙක් කොහේට හෝ ගිය විට ඔහුගේ ගෝලබාලයින් සියල්ල බලා කියා ගෙන
සිටිනවා. දරුවන් සේවය කළ යුතුයි. එක් එක් මට්ටම් වල සිසුන් සිටිනවා. පළමු ගණයේ
දරුවන්ව යැවිය යුත්තේ කොහාට දැයි කියා බාප්දාදා දන්නවා. ඔය දරුවන් දැන් වසර ගණනාවක්
තිස්සේ ඉගෙන ගනිමින් සිටිනවා. එමනිසා එකට එකතු වී මධ්‍යස්ථානය පවත්වා ගෙන යාමට තරම්
දෙයක් ඔබලා හොඳින් ඉගෙන ගෙන ඇති. මුරලිය ඔබලාට දිගටම ලැබෙනවා: පැහැදිලි කිරීම්
කෙරෙන්නේ එහි කරුණු මතයි. ඔබ ඇහුම් කන් දීමේ පුරුද්ද දියුණු කරගෙන සිටියත් තවම ඥානය
දීමේ පුරුද්ද දියුණු කරගෙන නැහැ. පියාව සිහිකරමින් සිටියහොත් ඥානය ධාරණය ගරගත හැකි
වේවි. හොඳයි ගුරුවරයා නොමැති වුවත් මට පුළුවනි මධ්‍යස්ථානය කර ගෙන යන්න කියා කිව
හැකි කෙනෙක් ඔබලා අතර සිටිය යුතුයි. බාබා ඔබගේ ගුරුවරයාව තවත් හොඳ මධ්‍යස්ථානයකට
යවා ඇත්තේ සේවය සඳහායි. එමනිසා, ගුරුවරයා නැහැයි කියා ඔබ කලබල විය යුත්තේ නැහැ. ඔබ
ගුරුවරයා මෙන් වූයේ නැති නම් අන් අයව ඔබ හා සම කෙනෙක් බවට පත් කරවන්නේ කෙසේද?
පුරවැසියන් බිහි කරවන්නේ කෙසේද? සෑම කෙනෙකුටම මුරලි ලැබෙනවා. ගදියේ අසුන් ගෙන අන්
අයට ඥානය දීමට ඔබලා කැමති විය යුතුයි. මෙය පුහුණු කිරීමෙන් ඔබටත් සේවාධාරී විය
හැකියි. ඔබ සේවයට හැකියාව ඇති අයෙක් බවට පත් වෙලා ද කියා බාබා ඇසූ විට කිසිම කෙනෙක්
ඉදිරියට පැමිණෙන්නේ නැහැ. සේවය කිරීම සඳහා ඔබ රැකියාවෙන් නිවාඩු ගත යුතුයි. සේවය
සඳහා කොහේ හෝ තැනකින් ආරාධනාවක් ලැබුණොත් නිවාඩු ගෙන ඔබ ඒ සඳහා යා යුතුයි. බන්ධන
වලින් නිදහස් දරුවන්ට එවන් සේවයක් කළ හැකියි. මෙම රජයෙන් ඔබට උපයා ගත හැකි ආදායම ඒ
රජයෙන් උපයා ගන්නා ආදායමට වඩා ඉහළයි. පරමාත්ම දෙවියන් ඔබට උගන්වනා ඥානයෙන් ඔබ උපත්
21 කට පාරාදීසයේ පාලකවරුන් බවට පත්වෙනවා. උපයනා ආදායම ඉතාමත් ඉහළයි. ඒ ආදායමෙන් ඔබ
මොනවා ලබන්නද? තාවකාලික සතුටක් පමණයි. මෙහිදී ඔබ ලෝකයේම පාලකවරුන් වෙනවා. දැඩි
ශ්‍රද්ධා විශ්වාසය ඇති අය තමන් සේවයේ නිරත වන්නම් කියා කියාවි. මෙහිදී ඔබ ලෝකයේම
පාලකවරුන් වෙනවා. දැඩි ශ්‍රද්ධා විශ්වාසය ඇති අය තමන් සේවයේ නිරත වන්නම් කියා
කියාවි. කෙසේවෙතත්, සම්පූර්ණ කුල්මත් බවක් තිබිය යුතුයි. මෙම දැනුම අන් අයට
පැහැදිලි කර දීමේ හැකියාව තමන්ට තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න. එය හරිම පහසුයි.
කලි යුගය අවසානයේදී බිලියන ගණනක ජනගහනයක් සිටියත් ස්වර්ණමය යුගය ආරම්භයේදී සිටින්නේ
ඉතාමත් සුළු ජනගහනයකි. පරමාත්ම පියා අනිවාර්යෙන්ම සංගම් යුගයේදී එය ස්ථාපනය කිරීමට
පැමිණෙනවා. පැරණි ලෝකය විනාශ විය යුතුයි. මහා භාරත යුද්ධය ඉතාමත් ප්‍රසිද්ධයි. මෙම
යුද්ධය සිදුවන්නේ දෙවියන් පැමිණ ස්වර්ණමය යුගය සඳහා ඔබට රාජයෝගාව උගන්වා ඔබව
රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කරවූ පසුවයි. ඔබගේ කර්මතීත් තත්ත්වය කරා ලඟා වීමට ඔහු
ඔබට ශක්තිය දෙනවා. ඔහු කියනවා: තම ශරීරය ඇතුළු සියලුම ශාරීරික ඥාතීන් අමතක කර දමා
මා පමණක් සිහි කළ විට ඔබගේ පාප සියල්ල දිගින් දිගටම කැපී යාවි. තමා ජීවාත්ම
සත්තාවක් කියා සළකා පරමාත්ම පියාව සිහි කිරීමට උත්සාහයක් අවශ්‍යයි. එකකම එක
මිනිසෙක්වත් යෝගාව යන්නෙහි අරුත දන්නේ නැහැ. භක්ති මාර්ගය නාටකයේ නියම වූවක් කියා
පරමාත්ම පියා පහදා දී තිබෙනවා. භක්ති මාර්ගය දිගටම පැවතිය යුතුයි. නාටකයේ එය තීරණය
වී හමාරයි. ඥානය, භක්තිය හා නිරාශාව, දෙව්දියක නිරාශාවක් තිබෙනවා: එකක් සීමිත
නිරාශාව අනෙක සීමා රහිත නිරාශාව, පාරිශුද්ධ ලෝකය වන ශිව දේශයට තමන් දැන් යාමට
සිටිනා බව දන්නා නිසා මුලු පැරණි ලෝකයම අමතක කර දැමීමට ඔය දරුවන් දැන් උත්සාහ
දරමින් සිටිනවා. ඔය සියලුම බ්‍රහ්ම කුමාරයින් හා කුමාරින් සහෝදර සහෝදරියන්ය. ඔබ
එකිනෙකා අතර දූෂිත දැක්මක් නොතිබිය යුතුයි. මේ දිනවල, සෑම කෙනෙකුගේම බැල්ම ඉතාමත්
දූෂිත වෙලා. මන්ද ඔවුන් තමෝප්‍රධාන්. මෙම ලෝකය අපාය කියා හැඳින්වූවත් කිසිම කෙනෙක්
තමන් අපායවැසියෙක් කියා සලකන්නේ නැහැ. තමන් ගැනම ඔවුන් හරිහැටි නොදන්නා නිසා
දෙව්ලොවත් අපායත් දෙකම මෙහි එකටම පවතිනවා කියා ඔවුන් කියනවා. සෑම කෙනෙක්ම තම තමන්ගේ
හිතට එන එන දේ කියනවා. මෙය දෙව්ලොව නොවෙයි. දෙව්ලොව අධිරාජ්‍යයක් තිබුණා. ඔවුන්
දැහැමියි. ධර්මිෂ්ඨයි. ඔවුන්ට විශාල බලයක් තිබුණා. දැන් ඔබලා නැවතත් උත්සාහ දරනවා.
පසුව ඔබලා ලෝක පාලකවරුන් වේවි. ඔබලා මෙහි පැමිණෙන්නේ ලෝක පාලකවරුන් වීමටයි. ශිව
පරමාත්මය කියා හඳුන්වන දෙව්ලොව පියාණන් ඔබට උගන්වනවා. ඔය දරුවන් ඉතාමත් කුල්මත්ව
සිටිය යුතුයි. මෙම ඥානය ඒකාන්තයෙන්ම පහසුයි. ඔබගේ සියලුම පරණ පුරුදු අතහැර දැමිය
යුතුයි. ඊර්ෂ්‍යාව නම් වූ පුරුද්ද විශාල හානියක් ගෙන එනවා. ඔබගේ සෑම දෙයක්ම රඳා
පවතින්නේ මුරලිය මතයි එමඟින් ඔබට ඕනෑම කෙනෙකුට ඥානය පහදා දිය හැකියි. කෙසේවෙතත්,
ඔබෙන් ඇතැම් අය තුළ ඊර්ෂ්‍යාව තිබෙනවා. ඔවුන් සිතනවා: ඇය ගුරුවරියක් නොවෙයි. එයා
මොනවාද දන්නේ? එසේ සිතා ඊලඟ දවසේ පන්තියට යන්නේ නැහැ. මෙම පරණ පුරුදු තමයි සේවයට
හානිකර වන්නේ. ඥානය ඉතාමත් පහසුයි. කුමාරීන්ට රැකියාවක් ආදිය නැහැ. ඒ ඉගෙනීම ද හොඳ
මේ ඉගෙනීම ද හොඳ කියා කෙනෙක් ඇසූ විට ඔවුන් කියනවා: මෙම ඉගෙනීම ඉතාමත්ම හොඳයි
කියලා. බාබා, මම ආයිත් ඒ දේවල් ඉගෙන ගන්න යන්නේ නැහැ. මට එයට ආයිත් හිත දෙන්නේ
නැහැ. ඇයගේ ලෞකික පියා ඥානය ගෙන නොමැති නම් ඇයට ගුටි කන්න සිදු වෙනවා. ඇතැම්
දියණියන් තවමත් දුර්වලයි. මෙම ඉගෙනීමෙන් ඔබ අධිරාජ්‍යවරියක් වෙනවා කියා ඔබ ඔවුන්ට
පහදා කියා දිය යුතුයි. ඒ අධ්‍යාපනයෙන් ඔබට පැන්ස කිහිපයක් වටිනා රැකියාවක් කිරීමට
ලැබේවි. මෙම ඥානය ඔබට අනාගත උපත් 21 කටම දෙව්ලොව පාලකවරුන් කරවීමට ශක්තිය දෙනවා.
පුරවැසියන් පවා දෙව්ලොව වාසින් වෙනවා. දැනට සෑම කෙනෙක්ම අපායේ වැසියෙක්. පරමාත්ම
පියා දැන් කියන්නේ ඔබ සෑම කෙනෙක්ම සියලුම ගුණධර්ම වලින් පිරී සිටියා. දැන ඔබ ඉතාමත්
තමෝප්‍රධාන් වී සිටිනවා. ඔබ එන්න එන්නම ඉණිමඟේ පහලට ඇද වැටිලා. රන් කුරුල්ලෙක් ලෙස
හැඳින්වූ භාරතය මේ වන විට බොරළු කැටයකටවත් නැහැ. භාරතය 100% සෞභාග්‍යමත්ව තිබුණා
දැන් එය 100% ක්ම ණය බරින් පිරිලා. ලෝකයේ පාලකවරුන් දිව්‍යත්වයේ දේවතාවරුන් ලෙස
සිටියේ තමන් බව ඔබලා දන්නවා. දැන් උපත් 84 ක් ගැනීමෙන් අනතුරුව ඔබලා ගල් දෙවිවරුන්
වෙලා. ඒ දෙගොල්ලන්ම මනුෂයයින්. ඔවුන්ව හඳුන්වන්නේ දිව්‍යත්වයේ දේවතාවරුන් ලෙස සහ
ගල් දෙවිවරුන් කියලයි. ගීතයේ: තමා දෙසම බලා තමන් කෙතරම් දුරට සුදුස්සෙක් වී ඇත්දැයි
කියා දැක ගන්න කියා කයනවා ඇසුවා. නාරදගේ ආදර්ශය තිබෙනවා. දවසින් දවස සෑම කෙනෙක්ම
පහළට ඇද වැටෙනවා. පහළටම ඇදගෙන වැටිලා දැන් ඔවුන් කරක් ලඟටම මඩේ එරිලයි සිටින්නේ. ඔය
බ්‍රහමිණ්වරුන් දැන් ඔවුන්ගේ හිස බැඳි කොණ්ඩයෙන් ඇද ඔවුන්ව මඩෙන් එළියට ඇද ගන්නවා.
අල්ලන්න ශරීරයේ වෙන කිසිම තැනක් ඉතිරි වී නැහැ. එමනිසා කොණ්ඩයෙන්ම ඇද ගැනීම හරිම
පහසුයි. එරෙන මඩින් බේරා ගැනීමට නම් ඔවුන්ව හිස බැඳි කොණ්ඩයෙන්ම අල්ලා ගත යුතුයි. ඒ
තරමටම ඔවුන් මඩේ එරිලා. ඒ ගැන අහන්නවත් එපා. ඒ භක්ති රජ දහනයි. ඔබ දැන් කියනවා:
බාබා අපි මීට පෙර කල්පයේ දීත් ඔබ ලඟට පැමිණ අපගේ අනාගත රාජධානිය ඔබගෙන් දිනා ගත්තා.
මිනිස්සු ලක්ෂ්මි නාරායන් වෙනුවෙන් දේවාල සෑදුවත් ඔවුන් ලෝක පාලකවරුන් වූයේ
කෙසේදැයි කියා ඒ අය දන්නේ නැහැ. ඔබ ලා දැන් ඉතාමත් ඥානවන්ත අය බවට පත් වෙලා. රාජ්‍ය
යේ වාසනාව ඔවුන් දිනා ගත්තේ කෙසේද පසුව උපත් 84 ක් ගෙන පැමිණියේ කෙසේද කියා ඔබ දැන්
දන්නවා. බීර්ලා දේවාල ගණනාවක් සාදා තිබෙනවා. නමුත් අන් තැන්වල ලක්ෂ්මි නාරායන්ව
සාදා ඇත්තේ නිකම් බෝණික්කන් වගේයි. ඒවා පොඩි බෝණික්කන් වන අතර මේවා (බීර්ලාගේ) ලොකු
බෝණික්කන්ය (පිළිම). ඔවුන් ඒ පිළිම සාදා ඒවාට වන්දනා කරනවා. ඔවුන්ගේ වැඩරාජකාරිය
හරිහැටි නොදැනීම බෝණික්කන් වන්දනාවක් වැනියි. පරමාත්ම පියා ඔබව කෙතරම් ධනවත් අය බවට
පත් කෙරෙව්වාද දැන් ඔබ කෙතරම් බෙලහීන බවට පත් වී ඇත්දැයි කියා ඔබලාටම තේරෙනවා.
වන්දනීයව සිටි අය දැන් වන්දනා කරන්නන් බවට පත් වෙලා. බැතිමතුන් දෙවියන් ගැන කියනා
විට ඔහු වන්දනීය මෙන්ම වන්දනා කරන තත්ත්වයටත් පත් වෙනවා. දුක සතුට දෙකම දෙනවා.
සියල්ලම කරන්නේ ඔහුයි කියා කියනවා. ඔවුන් එයින් මහත් සතුටක් විඳිනවා. තමන් කරන
ක්‍රියාවේ බලපෑමට ජීවාත්මයන් හසු වන්නේ නැහැයි කියනා ඔවුන් ඔබ මොනවා කෑවත් බීවත්
විනෝද වී සිටියත් එහි ඵලය විඳින්නේ ශරීරය පමණයි. ඒ නිසා ගංඟා නදියෙන් නාගෙන
පිරිසිදු වියහැකියි කියා කියනා ඔවුන් ඒ නිසාම ඕනෑම දෙයක්ක කා බී විනෝද වී සිටිය
හැකියි කියාත් කියනවා. බලන්න විලාසිතාම කොපමණද කියලා. කෙනෙක් මොන දෙයක් නිර්මාණය
කළත් ඒ සිරිත දිගටම කෙරි ගෙන යනවා. පරමාත්ම පියා පහදා කියනවා: දැන් වස සයුරෙන්
එළියට එන්න. ශිව දෙවොලට ඇතුලු වන්න. ස්වර්ණමය යුගය හඳුන්වන්නේ කිරි සයුර ලෙසිනුයි.
මෙය වස සයුරයි. උපත් 84 ක් ගෙන පැමිණීමෙන් ඔබ අපිරිසිදු වෙනවා. පරමාත්ම පියාට ඔබ
කන්නලව් කළේ ඒ නිසායි කියා ඔබ දන්නවා. පින්තූර භාවිත කර පැහැදිලි කළ විට තේරුම්
ගැනීම ඉතාමත් පහසුයි. ඉණිමඟ පෙන්වන පින්තූරයේ උපත් 84 ම විස්තරාත්මකව පහදා දි
තිබෙනවා. එතරම් පහසු දෙයක්වත් තවත් කෙනෙකුට පහදා දෙන්න බැරි නම් ඔබම කිසිවක් හරි
හැටි තේරුම් ගෙන නැහැ කිසිම වර්ධනයක් නැහැයි කියා බාබා අවබෝධ කර ගනීවි. ඔය
බ්‍රහමිණ්වරුන්ගේ රාජකාරිය වන්නේ මෙම දැනුමේ ගුමු නද සැම තැන නාද දි ඒ සතුන්වත් තමා
හා සම අය බවට පත් කරවීමයි. ගැරඬියෙක් හැව අරින්නාක් සේ ඔබගේත් උත්සාහය පැරණි සම
ඉවත් කර අලුත් සමක් ගැනීමයි. ඔබගේ ශරීර මහළු හා දිරාපත් වුණු ශරීරයි: ඒවා අත්හළ
යුතුයි. මෙම ලෝකය පැරණියි. මෙම ශරීරත් පැරණියි. ඔබ දැන් ඒවා අත්හැර නව ලෝකයට
යායුතුයි. ඔබගේ මෙම අධ්‍යයනය නව දෙව්ලොව සඳහායි. මෙම පැරණි ලෝකය විනාශ වීමටයි
යන්නේ. සාගරයේ එක් රළකින් මහත් ව්‍යසනයක් සිදු විය හැකියි. විනාශය සිදු විය යුතුයි.
ස්වභාවික ව්‍යසන කිසිම කෙනෙක්ව අතහරින්නේ නැහැ. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ එකිනෙකා
අතර ඇති ඊර්ෂ්‍යාව නම් වූ පරණ පුරුද්ද අත්හැරගෙන සෑම කෙනෙක් සමඟම මහත් වූ ලෙන්ගතු
කමකින් ඔබ වාසය කළ යුතුයි. ඊර්ෂ්‍යාව නිසා ඉගෙනීම නතර නොකරන්න.
2. පැරණි දිරාපත්
වුණු ශරීරය කෙරෙහි ඇති සෑම අවධානයක්ම අතහැර දමන්න. ගුමු ගුමු නද දෙන මී මැස්සෙකු සේ
මෙම ඥානයේ ගුමු ගුමු නාදය නද දෙමින් අන් අයවත් ඔබ හා සම තත්ත්වයට ගෙන ඒමේ සේවය
කරන්න. මෙම ආධ්‍යාත්මික ව්‍යාපාරයේ කාර්ය බහුල වන්න.
වරදානය:
ඔබේ මනසේ ඕනෑම
බන්ධනයකින් නිදහස් වී විමුක්ති දානපතියෙකු බවට පත්වීමෙන් ඔබට අතීන්ද්‍රිය සුඛය
අත්විඳිය හැකි වේවා.
පාඨය:
ඔබේ සතුටේ පතල
කිසිදු දුකක රැල්ලකට ඔබ වෙත පැමිණිය නොහැකි වන පරිදි පිරිපුන්ව තබා ගන්න.
අව්‍යක්ත සංඥාව:
සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.
උසස් සිතිවිල්ලක බීජය
ඵලදායක කිරීමට ඇත්තේ එක් පහසු ක්‍රමයක් පමණි. එය නම්, පියා වන බීජය සමඟ නිරන්තරයෙන්
සම්බන්ධ වීමෙන් සෑම මොහොතකම එම බීජය බලයෙන් පිරවීමයි. ඔබේ බීජ ස්වරූපයෙන්, ඔබේ
සිතිවිලි වල බීජ පහසුවෙන් සහ ස්වභාවිකව වර්ධනය වී ඵලදායී වනු ඇත. ඔබේ සිතිවිලි වල
බලය රැස් වනු ඇත.