04.09.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම අසීමිත නාටකයේ වීර නළු නිළි චරිත ඇත්තේ පරමාත්ම පියාට නොවෙයි ඔබටයි. පරමාත්ම පියා ළඟ ඇත්තේ අපිරිසිඳු අයව පිරිසිඳු කිරීමේ කලාව පමණයි.

ප්‍රශ්නය:
බ්‍රහ්ම බාබාගේ පින්තූරය දුටු විට එය ප්‍රතික්ෂේප කරනා අයට ඔබ පැහැදිලි කර දිය යුතු වැදගත් කරුණ කුමක්ද?

පිළිතුර:
ආරම්භයේ පටන් අවසානය දක්වාම චරිත කොටසක් රඟදක්වනා ජීවාත්ම සත්ථාව ඔහු බව ඔවුනට පහදා දෙන්න. පරමාත්ම පියා ඇතුලු වන්නේ පළමු රජකුමරු වන ශ්‍රී ක්‍රිෂ්ණා වුණු කෙනාගේ ශරීරයටයි. ඔහු, ඔහුගේ අවසන් උපතේදී ඔහුට ඇතුලු වෙනවා. මෙය අපිරිසිඳු ශරීරයක් වන නිසා එය පාරිශුද්ධ කළ යුතුයි. ඔහු පරමාත්ම දෙවියන් නොවෙයි. පරමාත්ම දෙවියන් සදා පාරිශුද්ධයි. ඔහු මෙම ශරීරයේ ආධාරය ගන්නවා.

ගීතය:
හද කැඩපතින් ඔබගේ මුහුණ බලන්න...

ඕම් ශාන්ති.
සාමය සොයමින් ඔය දරුවන් දොරින් දොර යමින් පිටින් එය සෙවිය යුතු නැති බව පරමාත්ම පියා පැහැදිලි කර කියා දී තිබෙනවා. හත යෝගී සන්නාසිවරුන් සිතන්නේ තම දරු පවුල් සමඟ ගෙවල් වල ජීවත් වෙමින් සිටිනා අතර සාමය සොයා ගත නොහැකි නිසා අනිවාර්යයෙන්ම එය ලැබෙන්නේ වනගත වුණු විටයි කියායි. කෙසේවෙතත්, පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙන්නේ ඔවුනට එහිදීවත් සාමය සොයා ගත නොහැකි බවයි. මේ ගැන කතාවකුත් උපහැරණයකුත් තිබෙනවා. එකෝමත් එක රජ බිසවක් තම ගෙල වටාම මාලය පැළඳ ගෙන සෑම තැනකම ඒ මාලය සෙව්වාලු. ඒ වගේම තමයි සාමයත් තිබෙන්නේ ඔබගේ ගෙල වටාමයි. ඇයි අතන මෙතන හොයන්නේ? පරමාත්ම පියා පැමිණ පැහැදිලි කර කියා දෙනවා. දරුවනි, ඔය ජීවාමයන්ගේ මුල්ම ධර්මතාවය සාමයයි. ඒ ශරීර ඔබ තම චරිත කොටස රඟපෑමට උපයෝගී කර ගන්නා භෞතික ඉන්ද්‍රියනුයි. ජීවාත්මයත් අවිනාශීයි. ජීවාත්මයක් කිසිම විටෙක විශාල වන්නේත් නැහැ, කුඩා වන්නේත් නැහැ, විනාශ වන්නේත් නැහැ. ඔව්, ජීවාත්මයන් අපිරිසිඳු වෙනවා. එමනිසා, පාරිශුද්ධ කරවිය යුතුයි. ජීවාත්මයක් මුලදී පසු කලෙක තරුණයෙකුගේ ශරීරයක් දක්වා වර්ධනය වන කුඩා ශරීරයක් ලබනවා. පසුව එම ශරීරය දිගටම වර්ධනය වෙනවා. ජීවාත්මය අඛණ්ඩයි. ඔබ පළමුවෙන්ම ජීවාත්ම සත්තාව දැනගත යුතුයි. ජීවාත්මය වන මම නීතීඥවරයෙක් වෙමි. ජීව අවධානයට පත් වෙනවා කියන්නේ මෙයයි. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: දරුවනි, ඔබලා ශාරීරික අවධානයට පත්ව සිටිනවා. මෙන්න මේ නිසා තමයි ඔබ තමන් ශරීරයක් කියා සලකන්නේ. තමන් ජීවාත්මයන් බවත් ඒ ඔබගේ ශරීර බවත් ඔබට අමතක වෙනවා. ඔබම තමන්ට අවබෝධ කරගත යුතුයි. උපත් 84 ගන්නේ ජීවාත්මයයි. පරමාත්ම පියා දැන් පහදා කියනවා: බ්‍රහමින්වරුන් වී සිටිනා අය පසුව දේවතාවරුන් වෙනවා. සෑම කෙනෙක්ම උපත් 84 ක් ගන්නේ නැහැ. ඇතැම් අය ආරම්භයේ දීම පැමිණෙන අතර අනිත් පිරිස වසර 50කට 100කට පසුවත් පැමිණෙනවා. ඇතැම් අය උපත් 80ක් හෝ 82ක් ගනීවි. අනිත් අය තවත් උපත් ගණනක් ගනීවි. උපත් මිලියන 8.4ක් ගැන මිනිස්සු කතා කරනවා. එහෙම වෙලත් එයින් සෑහීමකට පත් වෙන්නෙත් නැතිව ඔවුන් තවත් කියනවා දෙවියනුත් සෑම ගහක් ගලක් ගානේම සිටිනවා කියලා. පරමාත්ම දෙවියන් දැන් කියනවා: මම සිටින්නේ මානව ශරීරයක නොවෙයි. ඉතින් එහෙනම් මට සතෙක් ඇතුලේ ගලක් ඇතුලේ ඉන්න පුළුවන්ද? අංක එකේ ජීවාත්මය අවසානය වන විට තමෝප්‍රධාත් වන බව පරමාත්ම පියා පහදා දී තිබෙනවා. සාමාන්‍ය ශරීරයක උපත් ගණනාවක අවසානයේ දී මම ඔහුට ඇතුලු වන බව මම ම ඔබට කියා තිබෙනවා. ඔහු සම්පූර්ණ උපත් 84ම ගෙන තිබෙන නිසා අනිවාර්යෙන්ම අපිරිසිඳුවී ඇත. මේ කාලයේ දී ඔහු පිරිසිඳු විය නොහැකියි. පරමාත්ම පියාම කියන්නේ: ශ්‍රී ක්‍රිෂ්ණා අංක එකේ පළමු රජකුමරායි. පසු කලෙක දී ඔහු ශ්‍රී නාරායන වෙනවා, ඔහු වයස්ගත වන්නේ සම්පූර්ණ ආයු කාලයෙන් වසර 20ක් 25ක් පමණ තිබියදීයි. ඔහු වෙනුවෙන්වත් ඔබට මුලු උපත් 84 ගැනම කියන්න බැහැ. ශ්‍රී ක්‍රිෂ්ණා පළමු අංකය වන අතර තම විවාහයෙන් පසුව ඔහු නාරායන වෙනවා. කෙසේ වෙතත්, දරුවන් ගිණුමක් තබා ගත යුතුයි. වසර 5000 දී මුලු උපත් 84 ම ගන්නේ ශ්‍රී ක්‍රිෂ්ණා පමණක් බවයි කියන්නේ. පරමාත්ම පියා මෙහි සිට පහදා කියනවා: සෑම කල්පයකදීම මම ආරම්භයේ සිට අවසානය දක්වාම චරිත කොටසක් රඟ දක්වන කෙනාගේම ශරීරයට ඇතුලු වෙනවා. වෙන කිසිම කෙනෙකුගේ ශරීරයට මට ඇතුලු වන්න බැහැ. මෙම ගිණුම තිබෙනවා. බ්‍රහ්මා පළමු අංකයයි. මම වෙනත් කෙනෙකුගේ ශරීරයට ඇතුලු වන්නේ කෙසේද? බොහෝ අය ඔබගෙන් අසනවා: ඇයි පරමාත්ම දෙවියන් බ්‍රහ්මාගේ ශරීරයටම ඇතුලු වන්නේ? එම ගණනය තිබෙනවා. මේවා තේරුම් ගත යුතු කරුණුයි. බ්‍රහ්මා මඟින් ස්ථාපනය සිදු වුණු බව කියා තිබෙනවා. විෂ්ණු හෝ ශංකර් මඟි ස්ථාපනය සිදු වන්නේ නැහැ. එය වෙන කිසිම කෙනෙකුගේ කාර්යභාරය නොවෙයි. මිනිස්සු නිර්මාණකරු දන්නේත් නැහැ. නිර්මාණය ගැන දන්නේත් නැහැ. මෙයත් නාටකයේ තීරණය වුණු දෙයකි. කල් තබාම තීරණය වුණු දෙය සිදු වෙනවා. ඉතින් එසේ නම් ඇයි කිසිම දෙයක් ගැන කරදර වෙන්නේ? එය අදාල වන්නේ මෙයටයි. සිදුවිය යුතු සෑම දෙයක්ම සිදුවන අතර එහි කිසිම දෙයක් වෙනස් කළ ද නොහැකියි. අද සිදුවන සෑම දෙයක්ම වසර 5000කට පසුවත් සිදු වේවි. ඕනෑම දෙයක් දුටු විට: එය අලුත් දෙයක් නොවෙයි. වසර 5000කට පෙරදීත් එයම සිදු වුණා කියා කියන්න. පැහැදිලිව මෙය ලියා තබන්න. මිනිසුන්ට ඒ ගැන අහන්න ඉඩ හරින්න. මෙසේ ලිවීමේ වැරැද්දක් නැහැ. මෙම යුද්ධයත් මීට පෙරත් සිදු වුණා. එය අලුත් දෙයක් නොවෙයි. මහාභාරත යුද්ධයත් වසර 5000කට පෙරදී සිදු වුණා. ක්‍රිස්තියානුවන් පැමිණ භාරත රාජ්‍යය උදුරා ගත්තා. ඒක අලුත් දෙයක් නොවෙයි. ඊළඟ කල්පයේදීත් එය ඒ ආකාරයෙන්ම සිදු වේවි. ලෝක ඉතිහාසය හා භූගෝලය නැවතත් කරකැවේවි. ආදි සනාතන දේවි දේවතා ධර්මය නැවත ස්ථාපනය වෙමින් පවතිනවා. මුලු උපත් 84ම ගත් අය පළමු අංකයේ ලක්ෂ්මි හා නාරායන වේවි. පරමාත්ම පියා පමණයි මේ රහස් සියල්ල ගැන කියා දෙන්නේ. පරමාත්ම පියා කියනවා:මම මානව ලෝක ගසෙහි බිජයයි. මෙය හඳුන්වන්නේ උඩයට පෙරළුණු ගසක් වශයෙනි. මෙම කල්ප ගසෙහි කාලය වසර 5000කි. ස්වස්තිකය සමාන කොටස් හතරකට බෙදී තිබෙනවා ඔබ දැක ඇති. යුග සියල්ල සමයි: කිසිම වෙනසක් තිබිය නොහැකියි. පරමාත්ම පියා පහදා කියනවා: ලෝකයේ සිදු වන දේ දෙස බලන්න. පිරිසක් හඳට යනවා. පිරිසක් ගින්දර මත වතුර මත ඇවිදීමට ඉගෙන ගන්නවා. ඒ සියල්ල නිශ්ඵලයි: ඒ කිසිවකින් කිසිම යහපතක් සිදු වන්නේ නැහැ. මිනිසුන්ට පාරිශුද්ධ වීම හෝ මුක්තිය හෝ ජීවන මුක්තියට යා හැකි වන්නේ නැහැ. ඔවුන් මොනවා කළත් ආපසු නිවහන කරා යා නොහැකියි. ඇතැම් අයට තමන්ගේ ගෙදරත් අමතක වෙලා, පරමාත්ම පියාගේ ගෙදරත් අමතක වෙලා. ජීවාත්මයන්ට තමන්වම අමතක වී ශාරරික අවධානයට ලක් වෙලා. මිනිස්සු දේවාල වලට ගිහින්: ඔබලා සියලු ගුණ පිරි අය වුවත් අප පව්කාරයනුයි කියා දුක්ගැනවිලි කියනවා. ඔවුන් තමන්වම අපහාසයට ලක් කර ගන්නවා. පරමාත්ම පියා කිසිදු විටෙක වන්දනාකරුවෙක් වන්නේ නැහැ. දෙවනුව ශංකර් පවා වන්දනීයයි කියා ඔබ කියාවි. ඔහුත් කවදාවත් වන්දනාකරුවෙක් වන්නේ නැහැ. ඔහුට මෙහි චරිත කොටසක් නැහැ. මෙම වේදිකාවේ චරිත රඟපෑමට ඇත්තේ බ්‍රහ්මා හා විශ්ණුට පමණයි. බ්‍රහ්මා හා විෂ්ණු රඟපානා වරිත කොටස් ගැන ලෝකයේ සිටිනා වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ත්‍රිමූර්ති බ්‍රහ්මා ගැන කිව්වත් එහි අර්ථය කුමක්දැයි යන්න ඔවුන්ට තේරෙන්නේ නැහැ. බ්‍රහ්මා මඟින් වන ස්ථාපනය ගැන කතා කළත් එය ස්ථාපනය කරවන කෙනාගේ රූපයක් නැහැ. කටින් එසේ කීවත් ඔහු සිටින්නේ කොහිද? ශිවා කවුදැයි කියා ඔවුන් දන්නේ නැහැ. ජීවාත්මයන් ගැන ඔවුන් කියනවා: අරුම පුදුම තාරුකාවක් නළල මධ්‍යයේ දිදුලනවා කියා. ජීවාත්මය වන මම අවිනාශීයි. මේ ශරීරය විනාශවන සුළුයි. තමන් උපත් කීයක් ගන්නවාදැයි කියා ඔවුන් දන්නේ නැහැ. මිනිස්සු සිටින්නේත් විශාල දුකකින් ඒ නිසා අනේ දෙවි පියාණනි කියා කන්නලව් කරනවා. දුක් විඳින්න පටන් ගත් දින පටත් ඔවුන් සිටියේ කන්නලව් කරමිනුයි. භාරතය පුරා රාවන රාජ්‍යය අරඹන විට අනිකුත් ආගම් තුළ රාවන රාජ්‍යය නොතිබුණු බව පහදා දී තිබෙනවා. නැහැ. ඔවුනුත් තම තමන්ගේ කාල වලදී සතෝ, රජෝ හා තමෝ කාල පසු කර යා යුතුයි. මෙම කතාන්දරය භාරතය මත පදනම් වූවකි. ඒවා අතරමැදී කතායි. පරමාත්ම පියා අතරමැදදී පැමිණෙනවා. භාරතය තමෝප්‍රධාත් වුණු විට මුලු වෘක්ෂයම තමෝප්‍රධාන් වෙනවා. ඒ සෑම කෙනෙක්ම සතුටත් දුකත් විඳිය යුතුයි. ගසෙහි මතු වන අලුත් කොළ ඉතාමත් අලංකාරයි. අලුත් ඒවාත් සතෝ, රජෝ හා තමෝ මට්ටම් පසු කර යා යුතුයි. අවසානයේ දී පැමිණන අයට යම් ගෞරවයක් පිදෙනවා. ඔවුන් එක් උපතකදීම සතෝ, රජෝ හා තමෝ මට්ටම් ගෙවා දමනවා. නමුත් ඔවුන්ගේ කිසිම වටිනාකමක් නැහැ. වීරයෙකුගේ හෝ වීරවරියකගේ චරිතයක් රඟ දක්වන්නෙකුට වටිනාකමක් තිබෙනවා. බාබාම පමණක් වීර චරිතය රඟදක්වනවා නොවෙයි. බාබාට එසේ කියන්න බැහැ. ඔහු පැමිණ අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවනවා. ඔහු අපිරිසිඳු වන්නේ නැහැ. ඔබලා අපිරිසිඳු බවින් පාරිශුද්ධ වීමට උත්සාහ දරනවා. රාජයෝගාවේ ශ්‍රීමත් පිළිපැදීමෙන් ඔබ රජදහන දිනා ගත්තා. දැන් ඔබ නැවතත් වතාවක් එය දිනා ගනිමින් සිටිනවා. බාබා කියනවා:මම රාජ්‍යයක් පාලනය කරන්නේ නැහැ. නමුත් මම ඔබලාව රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කරවනවා. ලෝකයේ සිටිනා අය නොයෙකුත් දේ කියනවා. දෙවියන් කතා කරයි: මම ඔබලාව රජවරුන්ගෙත් රජවරුන් බවට පත් කරවනවා. කෙසේවෙතත්, ඔවුන්ටම මෙහි අරුත වැටහෙන්නේ නැහැ. ඒ නිසා තවත් කෙනෙකුට පහදා දිය හැකි වන්නේත් නැහැ. දෙවියන් කතා කළා නම්, අනිවාර්යයෙන්ම එන්න ඇති. අහෝ දරුවන් කියා කියන්න ඇති. ශිව ජයන්තියත් ශිව රාත්‍රියත් සමරන්නේ භාරතීය ජනතාව පමණයි. පරමාත්ම පියා පැමිණෙන්නේ භාරත දේශයට පමණයි. අවිනාශී දේශය වන්නේ භාරතයම පමණයි. එහි වර්ණනාව ඉතාමත් ශ්‍රේෂ්ඨයි. පරමාත්ම පියාගේ වර්ණනාව අපරිමිත වන්නාක් සේ භාරතයේ වර්ණනාවත් අපරිමිතයි. භාරතයට පැමිණ සෑම මානව ජීවාත්මයකටම විමුක්තිය දානය කරන්නේ පරමාත්ම ජීව පරමාත්ම පියා පමණයි. ඔහු සෑම කෙනෙකුටම සතුට දෙනවා. ඔහුගේ ජන්ම භූමිය භාරතයයි. භාරතය පෞරාණික දේශයයි. පරමාත්ම දෙවියන් රාජයෝගාව උගන්වනා අතර ඔහු පැමිණෙන්නේ භාරතයටම පමණයි. කෙසේවෙතත්, දෙවියන් වන්නේ ක්‍රිෂ්ණා යි කියා ඔවුන් කියනා නිසා අර කෙනාගේ ගුණ වර්ණනාව සැඟව ගිහින්. දෙවියන් කියා සිටින්නේ එකම එක කෙනායි. සත්ගුරු කියන්නේ ඔහුටම පමණයි. තවත් ගුරුන් රාශියක් සිටිනවා. ඔබට යම් ව්‍යාපාරයක් ගැන කියා දෙන කෙනාත් ගුරු කෙනෙක්. මේ දින වල මිනිස්සු සෑම කෙනෙක්ම අවතාරයි කියා සලකනවා. ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔවුන් මුලුමනින්ම අපිරිසිඳු වුණු විට, බාබා පැමිණ අපව පාරිශුද්ධ කරවන්නැයි කියා කන්නලව් කරනවා. අමරණීයත්වයේ කතාව ඔබට කියා දෙන්නේ පරමාත්ම පියාම පමණයි. ඔබ උපත් 84 චක්‍රය වටා ගියේ කෙසේදැයි යන්න ඔබගේ සිහියේ තිබෙනවා. පළමු උපත හොඳ වන අතර පසුව ඔබලා පහළට බසින්න පටන් ගන්නවා. ලෝකයත් පරිහාණියට ඇද වැටෙනවා. මිනිසුන්ගේ බුද්ධිය සතෝ, රජෝ, තමෝ වෙනවා: ස්වර්ණමය යුගයේ පටන් කලාවන් සියල්ල ටිකෙන් ටික පහළ බසින්න පටන් ගන්නවා. ආරෝහණ හා අවරෝහණ යුග කියා තිබෙන බව කියා තිබෙනවා. සෑම කෙනෙකුටම යහපත සැලසෙන්නේ ඔබ නිසායි. සෑම කෙනෙකුටම විමුක්තිය දානය කරන්නේ එකම එක පරමාත්ම පියායි. ඒ ගුරුන් කරන්නේ ග්‍රන්ථ කියවීම පමණයි. ඒවා අස අසා ඇවිත් ඔබලා පහළටම ඇදගෙන වැටිලා. අසීමිත පියා පැමිණ ඔය දරුවන්ගෙන් අහනවා. මම ඔබලාව ඉතාමත් ධනවත් කෙරෙව්වා. දියමන්ති මුතු මැණික් ඔබ්බවා මාළිඟා තනා දුන්නා. ඒ සියල්ලට සිදු වූයේ කුමක්ද? ලෞකික පියෙක් තම දරුවන්ට මුදල් දුන් පසු ඔවුන් ඒවා අපතේ හැරියා නම්, ඒ මුදල් සියල්ල නාස්ති කර ගත්තේ කෙසේදැයි කියා ඔහු අසාවි. දරුවන් ලඟ මුදල් තිබෙනා විට ඔවුන් ඒවා අනවශ්‍ය ලෙස වියදම් කරනවා. පියා ධර්මානුකූල ජීවාත්මයක් විය හැකියි. නමුත් ඔහුගේ දරුවන් පිටරට වලට ගොස් මුදල් සිය දහස් ගණනින් අපතේ හළ විට ඔහුටත් කිසිවක් කර කියා ගත නොහැකි වෙනවා. දරුවන්ට අතහැර දමා යන්නත් බැහැ. බූදල සීයාගේ බූදලය වන නිසා. නමුත් ඔහු ඇතුලාන්තයෙන් දැවෙනවා. තම පියා මිය ගිය විට ඇතැම් දරුවන් ඉතාමත් දූෂ්ඨයින් වී මාස 12කින් ඒ මුලු ධනස්කන්ධයම නැති නාස්ති කර දමනවා. ඒ සීමිත කරුණක්. මෙහිදී මෙය අසීමිත කරුණක්. අසීමිත පරමාත්ම පියා කියනවා: ඔබලා එතරම් ධනවත් ලෝක පාලකවරුත්ව සිටියා. ඉතින් බංකොලොත් වූයේ කෙසේද? ඒ ධනයෙන් මොනවා ද කළේ? පරමාත්ම පියා තම දරුවන්ගෙන් අසාවි. මම භාරතය ඉතාමත් ධනවත් රාජ්‍යයක් කළා. ඒ ධනස්කන්ධය කොහිද ගියේ? ඔය දරුවන්ට සියල්ල පහදා දෙන්නේ පරමාත්ම පියාම පමණයි. භක්ති මාර්ගයේදී ඔබ විශාල මුදලක් වියදම් කරනවා. ග්‍රන්ථ පොත්පත් ආදිය මතත් විශාල මුදලක් වියදම් කරනවා. හිස නම නමා ගිහින්ම එය ගෙවිලා ගිහින්. ඒ මුලු ධනයම ඔබට අහිමි වුණා. නාටකය මෙයයි. මම ඔබව ධනවත් කරවනා අතර පසුව රාවන ඔබව දුගී දුත්පත් කරවලා. පරමාත්ම පියා මෙය පැහැදිලි කරන්නේ භාරතීය ජනතාවට පමණයි. භාරතය පමණයි රන් කුරුල්ලෙක්ව සිටියේ. එහි තිබුණු මහා ධනස්කන්ධය අන් ආගම් වල අය පැමිණ පැහැර ගත්තා. භාරතය කොහොම තිබෙන්න ඇතිදැයි කියා මදක් සිතන්න. මෙම නාටකය කල්තබාම තීරණය වූවකි. දෙව්ලොව ලෙස තිබුණු භාරතය දැන් අපාය වෙලා. දැන් මෙය අපාය වන නිසා තමයි බාබා දැන් සිටිනා සෑම කෙනෙක්ම අපිරිසිඳු බව ඕනෑම කෙනෙකුට ඒත්තු ගැන්වීමට ඉණිමඟ පෙන්වන පින්තුරය නිර්මාණය කරවාගෙන තිබෙන්නේ. කුඩා දරුවන්ට පින්තූර පෙන්වා පැහැදිලි කරනවා. පින්තුර නැතිව දරුවන් කිසිවක් තේරුම් ගන්නේ කෙසේද? අපිරිසිඳු අය පාරිශුද්ධ කරවීමේ පහසු මඟ ඔබට කියා දෙන්නේ පරමාත්ම පියාම පමණයි. පහසුම දෙයත් එය වන අතර අපහසුම දෙයක් එයමයි. ස්වර්ණමය යුගයේදී ඔබලා සිටින්නේ ජීවාත්ම අවධානයෙනුයි. ශරීරය දැන් මහළු වී ඇති නිසා දැන් එය අතහැර අලුත් ශරීරයක් ගත යුතු බව ජීවාත්මය අවබෝධ කරගන්නවා. එය හරියට තමන් ඊලඟට පත් වෙන්න යන දරුවාව දකිනවා වගෙයි. ඔබ පැරණි සම අතහැර දමා යනවා. මෙහි කෙනෙක් මිය ගිය විට මිනිස්සු අඬ අඬා මළබෙර වාදනය කිරීමටත් පිරිසක් කුලියට ගන්නවා. ස්වර්ණමය යුගයේ දී ඔවුන් හරිම සතුටින් එක් ශරීරයක් හලා දමා තවත් එකක් ගන්නවා. එහිදී ඔවුන් එය ඉහළින් සමරනවා. නමුත් මෙහි ඇත්තේ දුකමයි. කෙනෙක් මිය ගිය විට ඔහු ස්වර්ගස්ත වෙලායි කියා කියනවා. ඉන් අදහස් වන්නේ ඔහු ඉඳ තිබෙන්නේ අපායේ බවයි. ඔබලා දැන් ස්වර්ගස්ත වාසීන් වීමට උත්සාහ දරමින් සිටිනවා. පරමාත්ම පියා ඔබලාව දෙව්ලොව වාසීන් කරවනවා. පරමාත්ම පියා ඔබට ජීවන මුක්තිය දානය කිරීමට පැමිණෙනවා. ඔහු ඔබව රාවන බන්ධනයෙන් මුදවා ගෙන ජීවන මුක්තිය දානය කරනවා. පරමාත්ම පියා කියනවා: මම හරිමයටම මීට පෙර කල්පයේ කළ ආකාරයෙන්ම පැමිණ ඔබට රාජයෝගාව උගන්වනවා. මම සෑම කල්පයකදීම මාගේ ශරීරයට ඇතුලු වෙනවා. ඔබ අනිවාර්යයෙන්ම බ්‍රහමින්වරුත් විය යුතුයි. යාගයකට බ්‍රහමින්වරුන් අනිවාර්යෙන්ම අවශ්‍යයි. මෙය අශ්වයින් බිල්ලට දෙන අවිනාශී ඥාන යාගයයි. මෙම රථය අශ්වයෙක් කියා හඳුන්වනවා. සෑම අයෙක්ම, එනම් සෑම ශරීරයක්ම මෙම ගින්නට බිලි වීමටයි යන්නේ. ජීවාත්මයන් බිලි දිය නොහැකියි. ජීවාත්මයන් තම ගිණුම් අවසන් කළ පසු ආපසු ගිහින් නැවතත් සෑම කෙනෙකුගේම චරිත අලුතින් ඇරඹෙනවා. ඉතිහාසය හා භුගෝලයේ නැවත කරකැවීම කියන්නේ මෙයයි. නව ලෝකය ස්ථාපනය කර පැරණි ලෝකය විනාශ කර දැමීමට පරමාත්ම පියා පැමිණෙනවා. ග්‍රන්ථ වල සඳහන් කර තිබෙන්නේත් මෙම මහා භාරත යුද්ධයමයි. දෙව්ලොව දොරටු විවර වන්නේ මෙම යුද්ධයෙන් බව ඔබට පැහැදිලි කර කියා දිය යුතුයි. මෙන්න මේ නිසා තමයි මෙය ග්‍රන්ථ වල සඳහන් කර තිබෙන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අතීතයේ දේ සම්බන්ධයෙන් කරදර වෙන්න එපා. ඒ කිසිවක් අලුත් දෙයක් නොවන ලෙස සලකමින් සිදුවුණු සෑම දෙයක්ම අමතක කර දමන්න.

2. ඔබගේ කය, මන, ධන සියල්ල අශ්වයා බිල්ලට දෙන මෙම යාගයට බිලි දී ඒ සියල්ල නිසි

3. ලෙස පරිහරණය කරන්න. මෙම අවසන් උපතේ දී පූර්ණ පාරිශුද්ධත්වය ලබා ගැනීමට උත්සාහ දරන්න.

වරදානය:
ඔබ නිරන්තරයෙන් බලවත් වී, ප්‍රගතිය ලැබීමේ මගක් ලෙස, ඔබගේ ගෘහය පත් කිරීම සඳහා, ඔබගේ උතුම් ආකල්පය භාවිතා කරත්වා.

ගෘහයක, ඔබ පළමුව පිවිතුරු හෝ අපවිත්‍ර වන්නේ ඔබගේ ආකල්පයෙනි. ඔබ සෑම විටම ඔබගේ ආකල්පය ඒකායන පියාට සම්බන්ධ කරන්නේ නම්, ඔබ ඒකායන පියාට හැර වෙනත් කිසිවෙකුට අයත් නොවන්නේ නම්, ඔබට එවන් උතුම් ආකල්පයක් ඇත්නම්, එවිට ඔබගේ ගෘහය ඔබට ප්‍රගතිය ලබා ගැනීමට මගක් වෙයි. ඔබගේ ආකල්පය ශ්‍රේෂ්ඨ නම්, එවිට එයට දඟකාර විය නොහැක. එවන් උසස් ආකල්පයකින් ප්‍රගතිය ලබා ගැනීමෙන් ඔබට පහසුවෙන් මුක්තිය සහ ජීවන-මුක්තිය ලැබෙයි. සියලු පැමිණිලි එවිට සම්පූර්ණ (අවසන්) වෙයි.

පාඨය:
සිහිනෙන් හෝ ඔබගේ පවිත්‍රත්වය සැලෙන්නේ නම්, ඉන් අදහස් වන්නේ ඔබගේ විශ්වාසයේ අත්තිවාරම දුර්වල බවයි.

අව්‍යක්ත සංඥාව: දැන් ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.

ඔය දිදුලන තාරකා, හිරු සහ සඳ මෙන් ඔබගේ අංග සම්පූර්ණ ස්ථිතියට ළඟා වූ විට, එනම්, මාස්ටර් දානපතියෙකුගේ ස්ථිතියේ ඔබ ස්ථාවර වූ විට, සැරිසරන, සොයමින් සිටින ජීවාත්ම, යමක් ලබා ගැනීමට සහ ඔබව මුණගැසීමට විගසින් ඔබ වෙතට පැමිණෙයි. ඒ සියලුම ජීවාත්මයන්ට තත්පරයකදී පියාගෙන් මුක්තියට සහ ජීවන-මුක්තියට අයිතියක් හිමි කරගැනීමට මඟපෑදීම සඳහා ඔය සියලු දෙනාට සීඝ්‍ර වේගයකින් සේවය කිරීමට සිදුවෙයි.