04.11.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ඔබ තුළ ඇති දුබලතා අතහැර ගැනිමට කැමැත්තක් දක්වයි නම්, හදවතින්ම ඒ ගැන බාබාට කියන්න. එවිට බාබා ඔබට ඉන් මිදීමට මාර්ගය පෙන්වාවි.

ප්‍රශ්නය:
බාබාගෙන් ක්‍ෂණික බලයක් (විදුලි සැර) ලබන්නේ කුමන දරුවන්ද ?

පිළිතුර:
ශල්‍යවෛද්‍යවරයාට අවංකවම තම රෝගය හෙළිකරන දරුවන්ට බාබා ද්‍රිෂ්ටි දෙනවා. බාබාට එවන් දරුවන් කෙරෙහි අනුකම්පාවක් තියෙනවා. මන්ද, මේ භූතාවේශයෙන් ඔවුන් තුළින් දුරුවිය යුතු බව ඔහුගේ හැඟිමයි. එමනිසා, බාබ ඔවුන්ට ක්‍ෂණික බලයක් ලබාදෙනවා.

ඕම් ශාන්ති.
බාබා ඔබගෙන් දිගින් දිගටම කියනවා, දරුවන් වන ඔබ සෑම කෙනෙක්ම ඔබගෙන් ඇසිය යුතුයි මා බාබගෙන් ලැබුවේ මොනවාද ? මා අහිමි කර ගත් දේවල් මොනවාද ? ඔබ සෑම කෙනෙක්ම තමන්ගේ ඇතුලාන්තය දෙස බැලිය යුතුයි. නාරාද් ගැන උදාහරණයක් තියෙනවා ඔහු කණ්නාඩියෙන් මුහුණ බලලා ඔහුගේ මුහුණ ලක්ෂ්මී දිනා ගැනීමට තරම් වටිනාවාද කියල බලනවා. එමනිසා, බාබා දරුවන් වන ඔබගෙන් අහනවා ඔබ මොනවද හිතන්නේ ? ඔබ ලක්ෂ්මීව දිනා ගැනීමට තරම් වටිනවාද ? නැත්නම්, ඔබ තුළ ඇති දුර්වලතාව කුමක්ද ? දරුවනි, මේවා දුරු කරලීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ ඔබේ දුර්වලතා ඉවත් කරලීමට උත්සාහ දරනවාද ? එහෙම නැත්නම් ඔබ කිසිම උත්සාහයක් දරන්නේ නැත්ද ? සමහරු දිගින් දිගටම උත්සාහ දරණවා. අලුත් දරුවෝ කිව්වා තමාව ඇතුලාන්තයෙන් විනිශ්චය කර බලන්න. ඔබ තුළ යම්කිසි දුබලතාවක් තියෙනවාද ? ඔබ සියලු දෙනාම පරිපූර්ණත්වයට පත්විය යුතුයි. බාබා එන්නේ ඔබව පරිපුර්ණත්වයට පත්කරලීම උදෙසා පමණයි. මේ නිසයි ඉලක්කය සහ අරමුණ අන්තර්ගත වන පින්තූරය ඔබ ඉදිරිපිටින් තියෙන්නේ. ඔබෙන් අහන්න තමන් ඔවුන් සේ පරිපුර්ණත්වයක් කරා ලඟා වී සිටීද ? දැන් ලෞකික අධ්‍යාපනයක් උගන්වන සේරම ගුරුවරු පාපයේ ගැලිලයි සිටින්නේ. මේ දෙදෙනා (ලක්ෂ්මී සහ නාරායන්) සම්පුර්ණයෙන්ම පාපයෙන් මිදුණු අයට උදාහරණයයි. ඔබ කල්ප භාගයක් ඔවුන්ගේ ගුණ ගායනා කළා. එමනිසා, ඔබෙන් අහන්න තමන්ට ඇති දුර්වලතාව කුමක්ද කියලා. ඉන් ඔබට එම දුර්වලතාවයෙන් මිදී දියුණු වීමේ හැකියාව ලබා දේ. ඔබට ඉවත් කළ නොහැකි දුර්වලතාවයන් ඉවත් කර ලීමට ක්‍රමයක් ලබා දෙන මෙන් ඔබ බාබාගෙන් ඉල්ලන්න. රෝගාබාධ ඉවත් කළ හැක්කේ ශල්‍යවෛද්‍යවරයෙකුට පමණි. සමහර උපකාරක ශල්‍යවෛද්‍යවරුන් ඉතා දක්ෂයි. ෆාමසිකාරයනුත් වෛද්‍යවරුන්ගෙන් ඉගෙනගෙන දක්ෂ වෛද්‍යවරුන් වෙනවා. ඉතින් අවංකවම තමන්ව නිරික්ෂණය කර තමන්ගෙන් අහන්න මේ තත්ත්වය දිනා ගැනීමට නොහැකි වන්නේ යැයි සිතීමට මා මෙහෙයවුයේ මගේ මොන දුර්වලතාවයද ? තවමත් බාබා කියන්නේ, ඔබටත් ඔවුන් වැනි තත්ත්වයට පත්විය හැකියි. ඔබ ඔබේ දුර්වලතා ගැන බාබා සමඟ කතා කරයි නම්, බාබා ඔබට උපදෙස් දෙනවා. විවිධාකාර රෝගාබාධයන් තියෙනවා. බොහෝ අයට දුර්වලතා තියෙනවා. සමහරුන්ට දැඩි ලෙස තරහව සහ ලෝභකම තියෙනවා. ඒ හේතුව නිසා ඔවුන්ට දැනුම ග්‍රහණය කර ගන්නත් බැහැ පසුව අන්‍යයන්ව දැනුම ග්‍රහණය කර ගැනීම උදෙසා උනන්දු කරවීමටත් බැහැ. හැමදාම බාබා ගොඩක් දේවල් පැහැදිලි කරනවා. ඒවා බොහෝ දුරට පැහැදිලි කර දෙන්න දෘෂ්‍යමාන සාධක ගොඩක් අවශ්‍ය නැහැ. මන්ත්‍රා ළුකේ අර්ථය බාබා පැහැදිලි කර දෙනවා. එකම එක බාබා කෙනෙක් පමණයි ඉන්නේ. ඔබ ඔබේ අසිමිත පියා සිහිකළ යුතුයි. ඔබේ උරුමය දිනා ගන්න සහ දේවත්වයට පත්වන්න. අනෙක් පාසල්වල, පාපයන් පහ පරාජය කිරීම සම්බන්ධව ගැටළුවක් ඇතිවන්නේ නැහැ. මෙය සිද්ධ වෙන්නේ දැන් බාබා පැමිණ ඔබට පැහැදිලි කිරිම් කරන විටයි. ඔබ ඔබව දුකට ඇද දැමූ භූතාවේශය කුමක්ද කියා කිව්වොත් බාබා ඔබට එය මුදා හැරීම උදෙසා ක්‍රමයක් කියාවි. ’බාබා, මේ භූතාවේශයන් තමයි අපව පහතට ඇද දාන්නේ‘. ඔබ ඒවා ඔබෙන් මුදාහරින කෙනා ඉදිරි පිට ඒ ගැන කිව යුතුයි. ඔබ තුළ එවන් වෙනත් භූතාවේශයන් නොතිබිය යුතුයි. ඔබ අවබෝධ කර ගන්න, භූතාවේශයන් පාපයන් පහේ වේශයෙන් උපත් බොහෝ ගණනක් ඔබව ලුහු බඳිනවා. තමා තුළ ඇති භූතාවේශයන් මොනවාද කියලා ඔබ සොයා බැලිය යුතුයි. ඒවා ඉවත් කරලීම සඳහා ඔබ උපදෙස් ලැබිය යුතුයි. ඔබේ ඇසුත් බොහෝ සෙයින් ඔබව රවටනවා. මේ නිසයි බාබා කියන්නේ ටිකෙන් ටික තමා ජීවයක් බව අවධාරණය කරගෙන අන්‍යයන්වත් ජීවයන් ලෙස දකින්න. මේ ක්‍රමයෙන් ඔබේ රෝගාබාධයන් දුරු වී යනු ඇත. අප සියල්ලෝම ජීවයන්. ජීවයන් ලෙස අප සියල්ලෝම සහෝදරයින් වෙනත් කිසිවෙකු නැහැ. ඔබත් අවබෝධ කර ගන්න සියලු ජීවයන් නිවස බලා යා යුතුයි. ඉතින් ඔබ තමන්වම නිරීක්ෂණය කර බලන්න මා සියලුම දිව්‍යමය ගුණ ධර්ම වලින් පරිපුර්ණ වී තියෙනවාද ? එහෙම නැත්නම්, මා සතු දුර්වලතාව කුමක්ද ? බාබාත් ඒ ජීවය දෙස බලනවා ඔහු දකිනවා කාටද ඔහුටම විශේෂිත වු දුර්වලතාවයන් තියෙන්නේ කියලා ඊළඟට ඔහුට බලයක් ලබාදෙනවා. එවිට ඒ බාධාව නැතිවෙනවා. ඔබ ශල්‍යවෛද්‍යවරයාගෙන් දුර්වලතා සැඟවුවහොත් ඔහු මොනව කරන්නද ? ඔබ ඔබේ දුර්වලතා කතා කළොත් බාබා උපදෙස් දෙනවා. ඔබ බාබාට මෙහෙම කියනවා බාබා, ඔබ ඉතා සුමිහිරියි! ඔබ අපව විශාල පරිවර්ථනයකට ලක් කළා! කියලා. ඉතින් ඒ වගේම ඔබ දිගින් දිගටම බාබා සිහි කළහොත් භූතාවේශයන් ඔබෙන් පලා යනු ඇත. හැම කෙනෙකු තුළම එකක් හෝ කිහිපයක්ම භූතාවේශයන් තියෙනවා. බාබාට, ශල්‍යවෛද්‍යවරයාට කියන්න. මේකට අපට ක්‍රමයක් කියන්න. එහෙම නොවුනොත් එහිදී බොහෝ දේ අහිමි වේවි. බාබාට කීමෙන් ඔහු අනුකම්පාව දක්වයි. මායා නමැති මේ භූතාවේශයෙන් මොහුට බොහෝ හිරිහැර කළා. එකම එක බාබා පමණයි භූතාවේශයන් පළවා හරින්නේ. ඔහු යුක්ති මඟින් ඒවා පළවා හරිනවා. මේ භූතාවේශයන් පහ පළවා හරින්නේ කොහොමද කියලා ඔබ කිව්වත් තවමත් ඒ භූතාවේශයන් දිවගොස් නැහැ. සමහරුන්ට එය ඉතා දරුණු ලෙසින් තිබෙන අතර සමහරුන්ට අඩුවෙන් තියෙනවා. එහෙත් හැමදෙනා තුළම අනිවාර්යෙන්ම ඒවා තියෙනවා. යම් කෙනෙකුට ඔහුටම ආවේනික වු විශේෂිත භූතාවේශයන් තියෙනවානම්, බාබා එය දකිනවා. ද්‍රිෂ්ටි දෙන වෙලාවට ඔහු ඒ සම්බන්ධව පරීක්ෂාකාරී වෙනවා. ගොඩක් ගුණධර්ම තියෙන සමහර ඉතා හොඳ දරුවන්ව ඔහු දකිනවා. නමුත් බාබා කිසිවක් කියන්නේ නැහැ. සමහරුන්ට කාටවත් කිසිවක්ම කීමේ හැකියාවක් නැහැ. මායා ඔවුන්ගේ උගුර හිර කරලා. ඔහුගේ උගුර විවෘත වුණොත් එවිට ඔහුට පුළුවන් අන්‍යයන්ටත් සේවය කරන්න. අන්‍යයන්ට සේවය කිරීමේදි ඔවුන් තමන්ටම සේවය කර ගන්නවා. ශිව බාබාගේ සේවය ඔබ කරනවා නොවෙයි. ශිව බාබාම සේවය කිරීම සඳහා පැමිණිය යුතුයි. ඔහු කියනවා ඔබ උපත් ගණනාවක භූතාවේශයන් ඉවත් කර දැමිය යුතුයි. බාබා පැහැදිලි කරනවා ඔබත් වටහාගෙන තිබෙනවා ගස ක්‍රම ක්‍රමයෙන් වැඩෙන විට එහි කොළ දිගින් දිගටම කඩා හැලෙනවා. මායා බාධක එල්ල කරනවා එක තැනක ඉඳගෙන සිටින විට පවා ඔබේ සිතිවිලි නිරන්තරයෙන් වෙනස් වෙනවා. සන්යාසීවරුන්ට නිරාශාව වර්ධනය වු විට ඔවුන් ඊට කිසිම හේතුවක් පවා නොදී, කිසිම කෙනෙකුට නොදන්වා අතුරුදන් වෙනවා. හැමකෙනාටම බාබා සමඟ සම්බන්ධයක් තියෙනවා. දරුවෝ අනුපිළිවෙලකින් යුක්තයි. ඔබ තුළ ඇති දුර්වලතා ගැන බාබාට සත්‍යවාදීව පවසනවා නම්, ඒවා ඉවත් වී ඔබට උසස් තත්ත්වයක් කරා ළඟා විය හැකි වෙනවා. බාබා දන්නවා සමහරු ඒවා ගැන කතා නොකරන නිසා ඔවුන් තමන්ට විශාල අලාභයක් කර ගන්නා බව. ඔබ ඔවුන්ට කොපමණ පැහැදිලි කර දුන්නත් ඔවුන් ඒ කරපු ක්‍රියා ඒ විදියටම කරනවා. මායා ඔවුන්ව දැඩි සේ ග්‍රහණයට ලක් කර ගන්නවා. මායා නම් කිඹුලාගේ බඩ ඇතුලේ හැමදෙනාම ඉඳගන්නවා. එවන් අය බෙල්ල ළඟට වෙනකම් මෙඩහි එරෙනවා. බාබා බොහෝ දේවල් පැහැදිලි කර දෙනවා. වෙන කිසිවක් නොවෙයි සාමාන්‍ය ලෙස ඔවුන්ට කියන්න පියවරු දෙදෙනෙක් ඉන්නවා. ඔබට ස්වර්ණමය යුගයේ වගේම කලි යුගයේදීත් ලෞකික පියෙක් ඉන්නවා. එහෙත්, පාරලෞකික පියා නැවතත් ඔබට ස්වර්ණමය යුගයේදී හමුවෙන්නේ නැහැ. පාරලෞකික පියා එන්නේ එකම එක මොහොතයි. පාරලෞකික පියා පැමිණ අපාය දිව්‍යලෝකය බවට වෙනස් කරනවා. භක්ති මාර්ගයේ ඔහුව සිහිකරමින් වන්දනා කරනවා. ශිවා වෙනුවෙන් කෝවිල් බොහොමයක්ම තියෙනවා. දරුවො කියනවා භක්තියේ සේවයක් කෙරෙන්නේ නැහැ කියලා. ඕ හැබෑද ? නමුත් එහෙ හැමතැනම ශිවා වෙනුවෙන් කෝවිල් තියෙනවා. ඔබට පුළුවන් ඒවාට ගිහින් ඔවුන්ගෙන් අහන්න, ඔබ ශිවාට වන්දනා කරන්නේ ඇයි? කියලා. ඔහු ශරීරයක් තියෙන කෙනෙක් නොවෙයි ඔහු කවුද? ඔවුන් උත්තර දෙනවා ඔහු උත්තරීතර ජීවයයි. ඔවුන් මෙහෙම වෙන කාටවත් කියන්නේ නැහැ. ඉතින් ඔවුන්ට කියන්න ඔහු පියා වන උත්තරීතර ජිවයයි. ඔහුට තමයි කුධා සහ අල්ලා කියන්නේත්. එහෙත් සාමාන්‍යයෙන් කියන්නේ උත්තරීතර පියා, උත්තරීතර ජීවය කියලයි. ඔබ ඔහුගෙන් ලබන්න යන්නේ මොනවද කියලා ඔබ දන්නවාද ? ඔවුන් ශිවා යන නාමය භාරතයේ බොහෝ සෙයින් භාවිත කරනවා. ඔවුන් ශිව ජයන්ති උත්සවයත් සමරනවා. ඕනෑම කෙනෙකුට මෙය විස්තර කර දීම හුඟක් ලේසියි. බාබා විවිධාකාර විධියට ගොඩක් දේවල් විස්තර කර දෙනවා. ඔබට ඕනෑම කෙනෙකු ළඟට යා හැකියි නමුත්, ඔබ ඔවුන්ට කතා කළ යුත්තේ සැහැල්ලු ලෙස සහ බලවත් නිහතමානීභාවයක් ඇතිවයි. භාරතයේ ඔබගේ නම බොහෝ දුර පැතිරී ගියා. ඔබ ටිකක් කතා කළත් මිනිස්සු දැනගන්නවා ඔයගොල්ලෝ බ්‍රහ්ම කුමාරීන් කියලා. ගම්වල ඉන්න මිනිස්සු හරි අහිංසකයි. ඉතින්, කෝවිල් වලට ගිහින් සේවය කරන්න හරි ලේසියි. ඔබ කිව යුතුයි එන්න අපි ඔබට ශිව බාබාගේ ජීවිත කථාව කියන්නම්. ඔබ ශිවාට වඳිනවා, නමුත් ඔබ ඔහුගෙන් ඉල්ලන්නේ මොනවාද ? අපට පුළුවන් ඔහුගේ සම්පුර්ණම ජීවිත කථාව ඔබට කියන්න. ඊට පස්සේ වෙනත් දවසක ලක්ෂ්මී සහ නාරායන්ගේ කෝවිලට යන්න. එහිදී ඔබේ ඇතුලාන්තයේ සතුට තිබෙනවා. දරුවනි, ගම් වලට සේවය කිරීමට ආශාව ඇති කර ගන්න. හැමකෙනාම අවබෝධ කර ගන්නේ ඔහුටම ආවේනික වු ආකාරයකට. බාබා කියනවා පළමුවෙන්ම ශිවාගේ කෝවිලට යන්න පසුව ලක්ෂ්මී හා නාරායන්ගේ කෝවිලකට ගොස් එහේ මිනිසුන්ගෙන් අහන්න ඔබ මේ උරුමය ලැබුවේ කොහොමද ? එන්න අපි ඔබට ලක්ෂ්මී සහ නාරායන්ගේ ජීවිත කථාව කියනවා. ඔබ ගම්වල මිනිසුන්ව අවදි කළ යුතුයි. ඔබ ගිහින් සෙනෙහසින් යුක්තව පැහැදිලි කර දිය යුතුයි ඔබ ජීවයක් මේ කතාකරන්නේ ජීවයයි. ඔබේ ශරිරය අවසන් වෙන්න යනවා. ජීවයන් වන ඔබ දැන් පිරිසිඳු වී බාබා ළඟට යා යුතුයි. බාබා කියනවා මා සිහිකරන්න! ඔවුන් මේක අහනකොටම ඔවුන්ට ආකර්ශණීය හැඟිමක් ඇති වෙනවා. ඔබ ජීව අවධානයේ සිටින තරමට ආකර්ශණය බොහෝ සෙයින් වර්ධනය වෙනවා. තවමත් පැරණි ශරීරයට සහ පැරණි ලෝකයට සම්පුර්ණයෙන්ම නිරාශාව ඇති වෙලා නැහැ. ඔබ දන්නවා ඔබ ඔබේ පැරණි ඇඳුම ඉවත් කළ යුතු බව. ඒකට බැඳීමක් ඇති කර ගැනීමේ ඇති ඵලය කුමක්ද ? ඔබට ශරීරය තිබියදීත් ඒ වෙත බැඳීමක් නොතිබිය යුතුයි. ඇතුළාන්තයෙන් තමන් පාරිශුද්ධත්වයට පත් විය යුතුයි සහ නිවස බලා යා යුතුයි යන කරුණ තිබිය යුතුයි. ඔබේ හදවතටත් හැඟෙනවා අපි එවන් පියෙක් අතහරින්නේ කොහොමද ? නැවතත් අපට එවන් වු පියෙක් මුණගැසෙන්නේ නැහැ. එවන් සිතිවිලි ඇති වීමෙන්, ඔබ බාබා සහ ඔබේ නිවස සිහි කරනවා. ඔබ දැන් නිවස වෙත යනවා. ඔබේ උපත් 84 දැන් අවසානයි. දවස අතරවාරයේ ඔබේ ව්‍යාපාර කටයුතු පවා කරන්න. ඔබ නිවෙස්වල ඔබේ නිවැසියන් සමඟ ජීවත් වෙමින් ඔබේ ව්‍යාපාර කටයුතු කරගෙන යා යුතුයි. නිවසේ සිටීමේදී මේ සේරම දේවල් අවසන් වෙන්න යන බව සිහියේ තබා ගන්න. නැවත වාරයක් ඔබ ඔබේ නිවහනට යා යුතුයි. බාබා කියල තියෙනවා ඔබ ඔබේ නිවෙස්වල ජීවත් විය යුතුයි. එහෙම නැත්නම්, ඔබ කොහේ යන්නද ? ඔබ ඔබේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදීත්, මේ සේරම විනාශය කරා යන බව බුද්ධියට සිහි කිරීමට ඉඩ තබන්න. පළමුවෙන්ම අප නිවස වෙත ගොස් පසුව, සතුටු දේශයට යනවා. ඔබට හැකියාවක් තිබෙන ඕනෑම මොහොතක ඔබ තමන්ටම කතා කරන්න. ඔබට කාලය ගොඩක් තියෙනවා. පැය 8ක් ව්‍යාපාරික කටයුතු කරන්න. විවේකය සඳහා පැය 8ක් යොදන්න. අනෙක් පැය 8 බාබාත් සමඟ හදින් හද සංවාද සාකච්ඡා කිරීමට ගත කරන්න. මේ සංවාද සාකච්ඡා කිරීමෙන් පසුව සේවය කරන්න. ඔබට තියෙන ඕනෑම වෙලාවක ශිවාගේ හා ලක්ෂ්මී සහ නාරායන්ගේ කෝවිල් වලට ගිහින් සේවය කරන්න. ඔබට ගොඩක් කෝවිල් හම්බ වෙනවා. ඔබ කොතැන ගියත් ශිවා වෙනුවෙන් කළ කෝවිල් තියෙනවා. එමනිසා, ප්‍රධානම කරුණ සිහි කිරීම නමැති වන්දනා ගමනයි. ඔබ ඉතා හොඳින් සිහි කිරීමේ සිටියොත් ඔබ ඉල්ලන සෑම දෙයක්ම ඔබට ලැබෙනවා. ස්වභාවධර්මයා ඔබේ දාසයකු වෙනවා. එවන් ජීවයන්ගේ මුහණුවරින් පෙන්නුම් කරන්නේ ඔවුන්ට වෙනත් කිසිවකුගෙන් කිසිවක් අවශ්‍ය නැති බවයි. සන්යාසීවරු අතරිනුත් සමහරු ඉතා බලවත්. ඔවුන් ශ්‍රද්ධාවෙන් යුක්තව ඉඳගෙන මම බ්‍රහ්ම ලෝකයට යමි යි සිතනවා. ඔවුන් මේ විශ්වාසය කෙරෙහි ඉතාමත් දැඩියි. ඔවුන්ට මේ ආකාරයෙන් ශරීරය අතහැර යාමේ පුහුණුව තියෙනවා. කොහොමනමුත්, ඔවුන් යන්නේ වැරදි මාර්ගයක. බ්‍රහ්ම ලෝකයේ ජීවමාන වීමට ඔවුන් විශාල උත්සාහයක් දරණවා. භක්ති මාර්ගයේ දර්ශන දැකීමට ඔවුන් දැඩි උත්සාහයක් දරණවා. ඔවුන් ඒ වෙනුවෙන් ජීවිත පවා පරිත්‍යාග කරනවා. ජීවය සියදිවි නසා ගන්නේ නැහැ සිය දිවි නසා ගන්නේ ශරීරයයි. ජීවය නිරන්තරයෙන්ම පවතිනවා එය ඉවත් වී ගොස් වෙනත් ජීවිතයක් එනම්, වෙනත් ශරීරයක් ගන්නවා. ඉතින්, දරුවන් වන ඔබ සේවය සඳහා බලවත් ආශාවක් ඇති කර ගත යුතුයි එවිට ඔබ බාබාවත් සිහිකළා වෙනවා. මෙහෙත් කෝවිල් ගොඩක් තියෙනවා. ඔබ යෝගා තත්ත්වයේ ඉඳන් මිනිසුන්ට මොනවා හරි කිව්වොත් ඒගොල්ලෝ වෙන මොනවත් හිතන්නේ නැහැ. යෝගා තියෙන අයගේ හීය නියමෙට ඉලක්කයට වදිනවා. ඔබ ගොඩක් සේවය කළ යුතුයි ඊට උත්සාහ දරා බලන්න. නමුත් සේරටම ඉස්සෙල්ලා ඔබ ඇතුළාන්තය දෙස බැලිය යුතුයි මා තුළ මායා නමැති භූතාවේශයන් තවදුරටත් තියෙනවාද ? මායා නමැති භූතාවේශයන් තියෙන අයට සාර්ථකත්වයක් ලබන්න බැහැ. ගොඩක් සේවය කරන්න තියෙනවා. බාබාට පිටතට යන්න බැහැ මන්ද, පියා ඉන්නේ ඔහුත් සමඟයි. මා කොහොමද ඔහුව දූවිලි ගොඩකට ගෙන යන්නේ ? ඔහු කතා කරන්නේ කාටද ? පියාට ඕනේ ඔහුගේ දරුවන්ට කතාකරන්නයි. ඉතින්, දරුවෝ සේවය කළ යුතුයි. ඒකෙන් සිහි කෙරෙන්නේ, ’පුතුගෙන් පියා නිරූපනය වේ‘ යන්නයි. බාබා දරුවන්ව ඉතා දක්ෂයින් කරවනවා. හොඳ දරුවෝ වෙන්නේ සේවය සඳහා බලවත් ආශාවක් ඇති අයයි. ඔවුන් කියනවා ඔවුන් ගම් වලට ගොස් සේවය කරන්න ආසයි කියලා. බාබා කියනවා කොහොම හරි ඒක කරන්න. නමාගෙන තබාගත හැකි පින්තූර ඔබ ළඟ තබා ගන්න. පින්තූර නැතිව පැහැදිලි කිරීම් කරන්න අමාරුයි. මා අනෙක් මිනිසුන්ගේ ජීවිතය ගොඩනඟන්නේ කොහොමද සහ මා මාගේ දුර්වලතා බැහැර කරගෙන දියුණු වෙන්නේ කොහොමද කියලා ඔබ දිවා රෑ සළකා බැලිය යුතුයි. ඔබත් සතුටු හැඟීමක් අත්දැක කියනවා බාබා, මෙයා මාස අට නමයක දරුවෙක්, ගොඩක් අය මේ ප්‍රතිරූපයට කැමතියි. ඔවුන් ඉතා ඉක්මනින්ම සේවය සඳහා සුදුසු කෙනෙකු බවට පත් වෙනවා. හැමදෙනාටම තමන්ගේම ගම්බිම් වැඩිදියුණු කර තමාගේ සම වයස් සහෝදරයින්ට සේවය කිරීමේ හැඟිමක් තියෙනවා. චරිතවත් ක්‍රියා ආරම්භ විය යුත්තේ නිවසින්. සේවය කිරීමට දැඩි ආශාවක් තිබිය යුතුයි. ඔබ එක් තැනකට වෙලා නොසිටිය යුතුයි ලෝකෙ වටාම ගමන් කරන්න. තව ඉතා ටික කාලයක් ඉතිරිව ඇත්තේ. සන්යාසීන්ට ඉතා විශාල මාලිගා තියෙනවා සමහර වෙලාවට, ඔහුට ජීවයක් ඇතුළු වී සන්යාසිවරයාගේ නම ප්‍රසිද්ධ වන ලෙස හැඳින්වීම දෙනවා. නමුත් පෙර කල්පයේ පැමිණි ලෙසටම බාබා තමයි පැමිණ ඔබට මෙය උගන්වන්නේ. මේ ආධ්‍යාත්මික වෘක්ෂය නිරන්තරයෙන්ම වැඩෙනවා. ජිවයන් ආධ්‍යාත්මික වෘක්ෂයේ අනුපිළිවෙලට පහළට පැමිණෙනවා. ශිව බාබාට ඉතා දිගු දාමයක් සහ විශාල වෘක්ෂයක් තියෙනවා. මේ සේරම සිහි කිරීමෙන් ඔබ පියාව සිහි කරනවා. ඔබ ඉතා වේගයෙන් දියුණුවට පත්වෙනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අඩුම වශයෙන් පැය අටක්වත් බාබා සමඟ හදින් හද පිළිසඳරේ යෙදෙමින් සාකච්ඡා කර හොඳ සැහැල්ලු බවකින් සහ බලවත් නිහතමානීත්වයකින් ආධ්‍යාත්මික සේවය ඉටුකරන්න. සේවයෙන් සාර්ථකත්වයක් ලැබීම උදෙසා ඔබ තුළ මායා නමැති භූතාවේශයන් නොතිබිය යුතුයි.

2. ඔබ තමාට කතා කළ යුතුයි අපි දකින සියල්ලක්ම විනාශයට යනවා පසුව අප නිවසට සහ සතුටු දේශයට යනවා.

වරදානය:
නොසැලෙන ශ්‍රද්ධාවකින් සහ නොකඩවා ප්‍රීතියෙන් හා කරදර වලින් නිදහස්ව සිටීමෙන් ඔබ පහසු ජයග්‍රහණයක් අත්විදීවා.

විශ්වාසයේ සලකුණ පහසු ජයග්රහණයකි. කෙසේවෙතත්, පරමාත්ම පියා කෙරෙහි විශ්වසනීය පැහැදිලිතාවය පමණක් නොව, තමා ගැනත්, බ්‍රාහ්මණ පවුල ගැනත්, නාටකයේ සෑම දර්ශනයක් ගැනම සියලු අංශ කෙරෙහි විශ්වසනීය පැහැදිලිතාවයත් තිබිය යුතුය. සුළු කාරණා සම්බන්ධයෙන් ඔබේ විශ්වාසය සෙලවීමට ඉඩ නොතැබිය යුතුය, නමුත් ජයග්‍රහණයේ ඉරණම වැළැක්විය නොහැකි බව නිරන්තරයෙන් අවබෝධ කර ගත යුතුය. එවැනි ශ්‍රද්ධාවක් ඇති දරුවන් “මොකද වුණේ? සහ එය සිදු වූයේ ඇයි?" වැනි කරදර වලින් නිදහස්ව හා සතුටු සිතින් සිටිය යුතුය.

පාඨය:
කාලය නාස්ති කරනවා වෙනුවට නිවැරදි තීරණයක් ගෙන සියල්ල විසඳා ගන්න.