04.11.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ දැනුම් තේරුම් ඇත්තන් බවට පත්වූවාම ඔබ ධනවත් වේවි. ඥාන දේවිය වුයේත්
පසුව රාජ කුමාරියක් වුයේත් ලෝක මාතාව වූ ජගදම්බා ය.
ප්රශ්නය:
පරම පියා, ඔබ
කෙරෙහි වූ කරුණාව නිසාම ඔබව අති උසස් වාසනාවන්තයන් කිරීමට ඔහු ඔබට දෙන ශ්රීමතය
කුමක් ද?
පිළිතුර:
සුමිහිරි දරුවනි, මරණය ඒමට පෙර ඔබේ හිස මත තිබෙන පාපයන් ස්මරණ වන්දනාවේ යෙදීමෙන්
ඉවත් කරන්න. පාප ක්‍රියා කිසිවක් නොකරන්න. පරම පියා ඇවිත් සිටින්නේ ඔබව
ගීතය:
ඕ, රාත්‍රී
සංචාරකය, විඩාපත් නොවන්න! වැඩි දුරක නොව ඔබේ පිබිදීමේ ගමනාන්තය ඇත්තේ...
ඕම් ශාන්ති.
ඔබ සුමිහිරිම
ආධ්‍යාත්මික දරුවන් මෙම ගීතයේ අර්ථය වටහාගත්තා. පරම පියා ඇවිත්
සිටින්නේ භක්ති රාත්‍රිය විනාශ කරන්නටත් දහවල ස්ථාපනය කිරීමටත් ය. මන්ද, ඔබ පරම
පියාට කන්නලව් කළා: ඕ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න. එක්තරා කාලයක, ඔබ පාරිශුද්ධව
සිටි බවත් දැන් අපිරිසිඳු වී සිටින බවත් ඔබ තේරුම් ගෙන සිටිනවා. ඔබ ඉල්ලා සිටියේ
ඔබට දැනට නොතිබෙන නමුත් මීට කලින් ඔබ ලඟ තිබු දෙයකි. පාරිශුද්ධ දේවතාවන්ගේ
රාජධානියක් තිබුණු බව ඔය දරුවන් දන්නවා. ඔබ ඥානයේ දේවි දේවතාවරු බවටත් පසුව රජ කුමර
කුමරියන් බවටත් පත්වේවි. ජගදම්බා ලක්ෂ්මිගෙන් වෙන් වූ කෙනෙකි: ලක්ෂ්මිට ජගදම්මා
(ලෝක මාතා) කියන්නේ නැහැ. ලක්ෂ්මි ගේ දරුවන් දෙදෙනා පමණයි ඇයට මාතේශ්වරි (මාතා)
කියා කතා කරන්නේ. මෙහි, භාරතයේ ආගමට ලැදී ජනතාව ජගදබ්බාට කතා කරන්නේ "මා" (අම්මා)
කියායි. ඔවුන් දේව මන්දිර වලට ගොස් වන්දනාමාන කරති. ඔබ දන්නවා ඔබත් බොහෝ සේ භක්ති
කර තිබෙන බව. ඔබ කළ තරමට දානමාන, ඔබ කළ තරමට පුණ්යකර්ම එපමණට කළ තවත් අයෙක් නොමැත.
උපරිම භක්ති කර තිබෙන්නේ ඔබයි. ඔබ ජීවත්ව සිටින අතරේ ඔබේ සිහිවටනයන් ඔබ දකිනවා. එහි
ආදී දෙව් සහ ජගදම්මා නම් වූ ආදී දේවි ද සිටිනවා. ඔබ දන්නවා එම ජගදම්මා තමයි ධනවත්
වුණේ ය කියා. ඔබ ඇගේ දරුවන් වන අතර ඔබ දැන් ඉගෙන ගනිමින් සිටිනවා. ඇයයි ඥානයේ
දේවතාවිය. කිසිම කෙනෙක් ඥානය තුළින් රජෙක් හෝ රැජිණක් වන්නේ නැහැ. තමන් ශිව බබාගේ
දරුවන් බවත් එවිට මොහු ප්‍රජාපිතා බ්රහ්මා බවත් ඔබ ජීවාත්මයන් දන්නවා. ශිව බාබා නව
ලෝකය ස්ථාපනය කරමින් සිටින්නේ මොහු තුළින් බව ඔබ දන්නවා. බ්රහ්මා තුලින් ස්ථාපන
කටයුතු සිදුවෙයි කියා සඳහන් කර ඇත. මෙය හොඳින් තේරුම් ගෙන හිතට ධාරණය කරගන්න. සිංහ
ධේනුවකගේ කිරි ගන්නට රන් බඳුනක් ඇවැසියි කියනවා. මේ ඥානය එවන් වූ පරම්පිතා,
පරමාත්මා, සර්ව බලධාරියාගේ වේ. මෙයටත් රන් බඳුනක් වැනි බුද්ධියක් ඔබට අවැසි ය. නව
ලෝකයේ, ජීවාත්ම සහ ශරීර දෙකම රත්රන් ය. ඔබ ජීවාත්ම දැන් ගලින් සෑදූ භාජනයි. එමනිසා,
ඔබේ ශරීර ද එසේමය. ශ්‍යාම් සහ සුන්දර්. අවලස්සන සහ සුන්දර කෙනා, එසේම පවිත්‍ර සහ
අපවිත්‍ර කෙනා, සිහි කෙරෙන්නේ භාරතයේ පමණයි. අන් කිසිම දේශයක කියා නැහැ අපිරිසිඳු
වූ අපව පිරිසිඳු කරන්නට එන්න කියා. අපි කියනවා: දුකෙන් අපව නිදහස් කර සාම දේශයට ගෙන
යන්න. ඔබේ විඥානය කියයි භාරත ජනයා පාරිශුද්ධව සිටියා. එකල එය ලක්ෂ්මි සහ නාරායනගේ
රාජධානියක් වී තිබුණේ කියා. කෙනෙකු කොපමණ උසස් කෙනෙක් වුවද ඔහු සිය ගුරු ගේ පා මුල
වැටෙයි. මන්ද යත් මෙම ගුරු අත්හැරීම තෝරාගත් කෙනෙකි. ඔහු පාප පහම අත්හළ කෙනෙකි.
එමනිසා, පාපී අය පාපයෙන් තොර වූවන්ට ගරු සැලකිලි දක්වති. පාරිශුද්ධත්වයේ ප්රශස්ති
තිබෙනවා. තඹ යුගයෙහි රජවරු, රැජිණියන් සහ උපදේශකවරු සිටිනවා. ස්වර්ණමය යුගයෙහි
රජවරු සහ රැජිණියට උපදේශකවරු නොසිටී. රජවරු සහ රැජිණියන් අපවිත්‍ර වූ කල ඔවුන්ට එක්
උපදේශකවරයෙක් සිටී. දැන් ඔවුන් බොහෝ සේ අපවිත්‍ර වූ නිසා ඔවුන්ට උපදේශකවරු සියයක්
පමණ සිටිනවා. මෙය නාටකයේ නියමයයි. නාටකයේ මෙම නියමය නිර්මාණය වූයේ කෙසේදැයි බාබා
ඔබට කියා දෙනවා. එබැවින් සියල්ලටම කලින්. එහි තිබුණේ එක් භාරතයයි. අනතුරුව අනෙකුත්
ආගම් ආවා. පරම පියා ඔබට පැහැදිලි කර කියා දෙනවා: ඔබයි මෙකල ඥානයේ දේවි දේවතාවන්.
ජගදම්මා ඥානයේ දේවතාවිය. ඒ බ්‍රහ්මාගේ දියණියයි. ජගදම්මා පූර්ණ ඥානය තිබෙන්නියයි.
එමනිසා, ඇගේ ඊලඟ උපතේදී ධනයට අධිපති දෙවඟන බවට පත්වෙනවා. පියා ඔබට දැන් දෙනවා.
එහිදී ඔබ ධනවත් වන බවද ඔබ දන්නවා. ලක්ෂමි සහ නාරායන ධනවත් වූයේ කෙසේද යන්න ගැන
ලෝකයේ සිටින කිසිම කෙනෙක් දන්නේ නැහැ. ලක්ෂ්මි සහ නාරායනම තමයි සරස්වතී සහ බ්රහ්මා
වුයේ. බ්රහ්මා යනු ජගත් පිතා, ලෝක පිතා වේ. එමනිසා, අනිවාර්යෙන්ම බ්‍රහමිණ්වරුන්
බොහෝමයක් සිටිය යුතුයි. බ්රහමිණ්වරු වන ඔබලා බොහෝ දෙනෙක් සිටිනවා. ඔබ දන්නවා මෙම
ඥානය මඟින් ඔබ අනාගතයේ දී බොහෝ ධනවත් අය බවට පත්වන බව. ඔබ ධනයට අධිපති දෙවි
දේවතාවන් වනවා ඇත. ඔබට තිබුණු ධනය තරම් වෙන කිසිවකු ළඟත් තිබිය නොහැකියි. මේ නිසා
තමයි ඥානය අදායම් මාර්ගය කියා කියන්නේ. නීතිඥයින් ආණ්ඩුකාරවරුන් එම තත්වයට පත්වන්නේ
ඥානය මගිනි. මෙය ඔබගේ ආදායම් මාර්ගයයි. ඇතැම් වෛද්‍යවරුන් සෑම දෙයකටම රුපියල්
සියදහස් ගණන් ගන්නවා. රජෙක්, රැජිණක් හෝ කුමරෙක් අසනීපයට පත්වුණු විට වෛද්‍යවරයා එම
අසනීපයෙන් ඔහුව හෝ ඇයව මුදවා ගතහොත් ඔවුන් බොහෝ සතුටට පත්ව එම වෛද්‍යවරයාට විශාල
ගොඩනැගිලි තැනීමට තරම් මුදල් දෙනවා. මෙය එවන් වූ විශාල ආදායමක්. එමනිසා, අධ්‍යාපනය
මඟින් ඔබ තත්වයක් ලබනවා. මෙය ඔබගේ අධ්‍යපනය වනවා වාගේම ඔබගේ ව්‍යාපාරය ද වනවා.
සුමිහිරි දරුවන් වන ඔබ දැන් මෙහි පැමිණ සිටින්නේ ගනුදෙනුවක් සඳහායි. ඔබ පිදුරු ගහක්
තරම් වත් නොවටිනා ඔබ සතුව ඇති සියලු දේ දී ඒ වෙනුවට සියදහස් ගණනින් උපයා ගන්නවා.
පියා ඔබගේ සදාකාලික ශල්‍ය වෛද්‍යවරයා වන අතර ඔබව සදා නිරෝගීව තැබීමට යෝගා උගන්වනවා.
බාබා කියනවා: ඔබ උපත් 21ක් සඳහා සෞඛ්‍ය සම්පන්නව සිටින බවට සහතික කරමි. ඉතින් ඔබ
එවන් වූ ශල්‍ය වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් නොගන්නේ ඇයි? ඒ කියන්නේ ඔබ ඔහුගේ ශ්‍රීමත්
අනුගමනය නොකරන්නේ ඇයි? පියාගේ උපදෙස් වලට කීකරු වන්න. මා සිහිපත් කරන්න. මෙසේ කියා
ඇත. "නොකඩවාම දෙවියන් සිහි කර සතුට ලබාගන්න. එවිට ඔබගේ ශරීරයේ සියලු වේදනා හා
විඳවීම් අවසන් වේ". භක්ති මාර්ගයේ කිසිම කෙනෙකුගේ වේදනාව හෝ විඳවීම් නැති වී යන්නේ
නැහැ. සන්යාසීන් අසනීප වූ විට ඔවුන් කොර වෙලා උමතුවෙන් වාගේ වැටී ඉන්නවා. ඔය දරුවන්
දන්නවා පරම පියාගේ උසස් උපදෙස් අනුගමනය කළොත් ඔබ සදාකල් නිරෝගි වන බව. එහිදී සෑම
කෙනෙකුගේම ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 125 සිට 150ක් දක්වා වෙයි. තඹ යුගයේදී
පටත් නොවෙයි එක පාරටම ආයු කාලය අවුරුදු 35කට වැටුණේ. මුලින්ම එය අවුරුදු 100 -
125ක් දක්වාත්, එයින් පසුව 70 - 80 බවට පත්වුණා. දැන් ආයු කාලය අවුරුදු 35-40
තත්වයට ලඟා වී තිබෙනවා. දැන් කාමාස්වාදයට (භෝගී) ඉඩ දෙන නිසා තරුණ කාලයේම
මියැදෙනවා. ඔබ දැන් භෝගීන් ගෙන් යෝගී වී සිටින බව දන්නවා. එහිදී ඔබගේ ආයු කාලය කොයි
තරම් දීර්ඝද කියතොත් ඔබ කිසිසේත් අකල් මරණ වලට ලක්වන්නේ ගැහැ. ඔබට තිබුණු රාජධානියේ
වාසනාව කෙතරම් ද යන්න පියා දැන් ඔබට මතක් කර දෙනවා. රාවම් ඒවා ඔබෙත් කොල්ල කෑවා.
එහි කෝවිල් ආදිය තිබෙන්නේ නැහැ. ඔබගේ පාඨය: ආදී සනාතන දේවි දේවතා ධර්මයට ජය: අනෙක්
සියලු ආගම් වලට පරාජය: ඒ කියන්නේ සියලු විවිධාකාර වූ ආගම් සියල්ලම දැන් විනාශ වී යා
යුතුයි. එහිදී එකම එක භාරත දේශය පමණයි එහි තිබුණේ. ඒ එකම දේශයේ ඉඳුරා ඇත්තේ ඉතාමත්
ස්වල්පවූ ජන කොට්ඨාශයකි. ඔබට මෙසේ ද ලිවිය හැකියි: කෙටි කාලයක් තුළදී භාරතයේ ජනගහනය
900,000ක් වේවි. එවිට අනෙක් සියලුම දෙනා විනාශ වී යනවා ඇත. ඒ එකම එක ධර්මය දැන්
ස්ථාපනය වෙමින් පවතිනවා. ඒ නව දේව රාජ්‍යයේ තිබෙන්නේ එකම භාෂාව හා එකම චාරිත්‍ර
සම්ප්රදායක්. මෙහි සම්ප්‍රදායන් සෑම කෙනෙකුගේම තමන්ට ඕන විදියට ඇත. එහි තිබුණේ එක්
රාජධානියක් සහ එක් සමාජයකි. පුවත් පත් වල ඔබට එවන් වූ ලිපි ලිවිය හැකියි. සමහරු
බාබාගෙන් උපදෙස් අසයි: පත්තර වල යමක් පළ කිරීමට අප මුදල් වැය කළ යුතුද? බාබා
පිළිතුරු දුන්නා ඔබට එසේ කරන්න පුළුවන්. එවිට මිනිස්සුන්ට මෙහි සිදුවන දේ පිළිබඳ
අවබෝධයක් ඇතිවෙනවා. දිව්‍ය ලෝකය ක්‍රිස්තුස් වහන්සේ පැමිණීමට අවුරුදු 3000කට ප්‍රථම
ස්ථාපනය වූ බව කියනවා. එහි තිබුණේ සුර්ය වංශික දේවතාවන්ගේ එකම එක රාජ්‍යයයි. එකම එක
සමාජයයි. දිව්‍ය ලෝකයේ දොරටු විවෘත වූයේ මහාභාරත යුද්ධයට පසුවයි. බ්‍රහ්ම කුමාරි
නමත් සමඟ මේවා පුවත්පත් වල පළ කරන්න. කෙසේ වෙතත්, ඔබ බීකේවරුන් යැයි කියාගත හැක්කේ
ඔබ පාරිශුද්ධව සිටියොත් පමණයි. ඔබ මේ සඳහා පියාට කතා කළා. ඔහු දැන් පැමිණ සිටිනවා.
ඔහුට මෙම පොරොන්දුව දෙන්න. භක්ති මාර්ගයේ ඔබ බොහෝ සෙයින් අඳුරේ අතපත ගාමින් සිටියා.
ඒ වාගේම යාගහෝම, තපස්යා කළා. එසේම දානමානාදියත් කළා. මුලදී. ඔබ වන්දනා කළේ එකම එක
ශිවාට පමණයි. පසුව ඔබ දේවතාවන්ට වන්දනාමාන කළා. දැන් සියල්ල විනාශ කරගෙන තිබෙනවා.
පියා දැන් ඔබව සියලුම දුක්වලින් මුදවා ගන්නවා. පියා ඔය දරුවන්ට ඥානය දී ඔබ බොහෝ
උසස් තත්වයට, මනුෂ්‍ය තත්වයෙන් දේවත්වයට පත් කරවනවා. ස්වර්ණමය යුගයේ දී ඔබේ සියලුම
දේ රත්රන්ය. පරම පියා ඔබට ශ්‍රීමත් දී ඔබව දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත් කරවනවා.
ඉතින් ඔබ ශ්‍රීමත් අනුගමනය කරන්නේ නැත්තේ ඇයි? පියා ඔබව මාර දූතයන්ගේ පෝරකයෙන්
මෙන්ම ගර්භාෂය නම් වූ සිරකුටියේදී ලබන දඩුවමෙන්ද මුදවා ගන්නවා. දිව්‍ය ලෝකයේ ඔබ
ඉන්නේ මාළිගාවක් වැනි ගර්භාෂයකයි. මෙහිදී, මිනිස්සු බොහෝ සෙයින් පාපයෙහි ගැලෙන නිසා
එය සිරකුටියක් වැනියි. එහිදී පාපයන් පහම නැතිවූවත් රජත් රැජිණක් සේවකයනුත් අතර
පුංචි වෙනසක් තිබෙනවා. මිනිස්සු මුදල් උපයා ගැනීමට බොහෝ උත්සාහ දරණවා. එහිදී කිසිම
උපදේශකවරයෙක් නැහැ. මන්ද, ඔබ මේ කාලයේ කළ දෙයෙහි තිළිණයයි එහිදී ලබන්නේ. පරම පියා
දැන් ඔබට කියනවා: දරුවනී. ශ්‍රීමත් අනුගමනය කරන්න. ඒ ඈත දනව්වේ සිට මෙම අපිරිසිඳු
රාජ්‍යයේ අපිරිසිඳු ශරිරයක් තුළට මා පිවිස සිටිනවා. මෙය රාවණගේ දේශයයි. මා පැමිණ
දරුවන් වන ඔබට ඔබගේ උරුමය ලබා දෙනවා. එවන් වූ පියෙකුගේ උපදෙස් වලට අවනත නොවීම
අකීකරුකමයි. ඔබ පාපය පස්සේ පන්න පන්නා ඔබවම පීඩනයකට ලක් කර නොගත යුතුයි. බාබා
කියනවා. මෙම පාපයන් ඔබව දුකට පත් කරනවා. අපිරිසිඳු අය පාරිශුද්ධ කිරීම මගේ කාර්යය
වේ. ඔහු බොහෝ ආදරයෙන් ඔබට පහදා දෙනවා. කන්න, බොන්න, සතුටින් ඉන්න නමුත්, ඔබ පැමිණ
සිටින්නේ ශිව් බාබා ලඟට බවත්, ඔබ ජීවත් වන්නේ ඔහු නිසා බවත් යන්න සිහියේ තබාගන්න.
ඔබ ඔබගේ නෑ හිතමිතුරෙක් දුන් දෙයක් අඳිනවා පළඳිනවා නම්, ඔබ සිහි කරන්නේ ඔවුන් වෙයි.
එවිට ඔබේ තත්ත්වය අඩුවී යනවා. ඔබ ජීවත් විය යුත්තේ ශිව් බබාගේ බණ්ඩාරාවෙනි.
පාරිශුද්ධකරුවා වූ පියාගේ යග්යාවෙනී. අපිරිසිඳු නිවෙස් වලින් නොවෙයි. ඔබ කවුරු හෝ
දුන් දෙයක් තබා ගතහොත්, ඔබ සිහි කරන්නේ ඔහුවයි. ඊට මෙසේ කියයි: ඔබ තම අවසාන මොහොතේ
සිහිපත් කරනා ඕනෑම දෙයක්.. ඔබගේ තත්වය ඉතාමත් හොඳ විය යුතුයි. ඔබ තම පවුලේ අයත් සමඟ
නිවසේ සිටින විට මේ සෑම කෙනෙක්මත් විනාශයට පත්වෙනවා යන්න ගැන තේරුම් ගැනීම උදෙසා
ඔබගේ බුද්ධිය මෙහෙයවන්න. මගේ එකම එක කෙනා බාබා පමණයි. ඔබ පියාගේ රෝසරි මාලය ලඟ
තබාගෙන එය ගණන් කරමින් සිටිනවා ද? මා ඔය දරුවන්ට කියන්නේ මා සිහිපත් කරන්න පමණයි.
මන්ද, එවිටයි ඔබ විශාල බලයක් ලබන්නේ. එවිට ඔබේ පාප නැති වී යාවි. ඒ වාගේම ඔබ බලවත්
වේවි. මේ ලක්ෂ්මි සහ නාරායන බලවත් වූ අයයි. බලවත් වූ අය රාජ්‍යය හිමිකර ගන්නවා.
බාබා තමාගේ ම උදාහරණය මේ සඳහා යොදා ගන්නවා. මා ගුරුන් 12 දෙනෙක් ලඟට ගියා. ඒ
එක්කෙනෙක් කිව්වා: උදේ පාන්දරින් අවදි වී දහස් වතාවක් නව ගුණ වැල ගෙන ගණන් කරන්න
කියා. මා ඔහුට කිව්වා: මෙසේ කිරීමට මට වෙන වෙලාවක් දෙන්න. දවස තුළත් මම ව්‍යාපාරය
ආදිය නිසා බොහෝ වෙහෙසට පත්වෙනවා යනුවෙන්. ඒකත් හරියටම ඔබ බාබාට පවසනවා වගේ තමයි.
උදේ පාන්දරින් අවදි වෙන්න අපහසුයි කියා. පරම පියා කියනවා: ඔබට පාරිශුද්ධත්වය රැකීමට
බැහැයි කියා හෝ මරණයේ යෙදීමට බැහැයි කියා කියන්න එපා. ඔබ බාබා සිහි නොකළහොත් ඔබගේ
පාපය නැතිවී යන්නේ කෙසේ ද? ඔබ අනිවාර්යෙන්ම තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන්
තත්ත්වයට පත්විය යුතුමයි. මෙය ඔබගේ අවසාන උපත නිසා පාරිශුද්ධ වීම අනිවාර්යයි. ඔබ
පියාගේ ශ්‍රීමත් අනුගමනය නොකළහොත්, ලබන්නට යන තත්ත්වය කුමක් ද, ඔබ කල්ප බාගයක්
තිස්සේම මට කන්නලව් කරමින් සිටියා. මා දැන් ඔබට පාරිශුද්ධත්වයට පත්වී මා සිහිපත්
කරන්නයි කියන්නේ. නොකඩවාම අන් අයටත් මෙම මාර්ගය පෙන්වාදී ඔවුන්ටත් මෙම පණිවිඩය
දෙන්න. පියා කියනවා:මන්මනාභව්. මරණය දැන් ඔබ ඉදිරියේමයි. පණිවුඩකරුවන් ලෙස
හඳුන්වන්නේ ඔබ පමණයි. බ්‍රහමිණ්වරුන් වන ඔබ හැර වෙන කිසිම කෙනෙකුට පණිවිඩකරුවන්
වෙන්න බැහැ. පාරිශුද්ධකරුවා ශිව් බාබා දැන් පැමිණ සිටිනවා. ඔහු ඇතුල් වන්නේ කා
තුළටද යන්නත් ලියා තිබෙනවා. මෙම ස්ථාපනය බලා මාර්ගයෙන් සිදුවන බව ඔවුන් වටහාගන්නේ
නැහැ. ප්‍රජාපිතා බ්රහ්මා සුක්ෂම කලාපයේ ඉන්නවාද? මෙහිදී තමයි අපිරිසිඳු තත්වයෙන්
ඔහු පාරිශුද්ධත්වයට පත්වන්නේ. ස්ථාපනය සිදු කෙරෙන්නේ නිශ්ශබ්දතා (silence) බලයෙන්
වූ අතර විනාශය සිදුවන්නේ විද්‍යාවේ (science) බලයෙනී. සාමය ඇති කළ හැක්කේ කෙසේද
කියා හැමෝම අහනවා. ජීවාත්මය සාමයේ ප්‍රතිමූර්තියයි. ඔහු මෙහි පැමිණ තිබෙන්නේ තම
චරිත කොටස රඟදැක්වීම සඳහායි. ඉතින් ඔහු මෙහි සාමයෙන් ඉන්නේ කෙසේ ද? එම සාමය
අත්දැකිය හැකි වන්නේ සාම දේශයේදී පමණයි. මෙහිදී, ඔබ අත්දකින්නේ දුකම පමණයි.
ස්වර්ණමය යුගයේ දී. සාමය හා සතුට දෙකම තිබෙනවා. දරුවන් දැන් බාබාට පුද්ගලිකවම සවන්
දෙනවා. පරම පියා කියනවා: අපිරිසිඳු අයට කිසිසේත් මා හමුවීමට බැහැ නැතිනම් පාපය එකතු
වන්නේ එවැනි අය මෙහි රැගෙන එන බ්‍රහමිණ් ගුරුවරයාටයි. (ඉන්ද්‍ර අධිකරණයේ සුරදූතියක්
පිළිබඳ උදාහරණ කතාව මෙහිදී සිහිපත් වෙනවා) ඇත්තෙන්ම, මෙය තමයි ඉන්ද්‍ර අධිකරණය. ඔබ
සෑම කෙනෙක්ම ඥානයෙහි අනේක විද සුරඟනුන්, ඥානයේ රත්රන් සුරදූතයන්. එසේ නැතිනම්, එහි
ප්‍රති විපාකය වඩාත් භයානක වනවා. බාබා තරයේම ඔබට කියා සිටිනවා අපිරිසිඳු අයව මෙහි
නොගෙන ඒමට. මුලදී මෙහි එන ඕනෑම කෙනෙකුගෙන් බාබා අහනවා ඔවුන් පාරිශුද්ධිය පිළිබඳව
පොරොන්දුවක් වී තිබෙනවාද කියා. ඔවුන් උත්තර දෙනවා: අප තවමත් උත්සාහ කරනවා. ඔබට
ස්ථිර වූ විශ්වාසයක් තිබෙනවා නම් පමණයි බාබාව මුණ ගැසීමට හැකිවන්නේ. ඔබ බාබා හමුවී
නැවතත් පාපයෙහි ගැලුණහොත් ඔබ සිය දහස් වාරයක් ඊට දඩුවම් ලබනවා. පියා එවිට තේරුම්
ගනියි එය සමහර විට ඔබේ වාසනාවේ නැති වග. පියා ඔබගේ වාසනාව උසස් කරගැනීම සඳහා උත්සාහ
කරන්නේ කෙසේද යන්න ගැන කියනවා. ඉතින් එවන් වූ පියෙක් කියන දෙයකට ඔබ සවන් දෙන්නේ
නැතිනම්, ඔබගේ තත්ත්වය කුමක් වේවිද? පියා තුළ අනුකම්පාවක් හට ගන්නවා. ඉතින් ඔහු
කියනවා: නොකඩවාම ඔබව නිවැරැදි කරගන්න. මෙසේ ඉදිරියට යනවිට ඔබ මරණයට පත් නොවිය
යුතුයි. පියා සිහිකර පාප බර ඉවත් කළ යුතුයි යන බිය ඔබ තුළ හටගත යුතුයි. අච්චා. සැමට
සත්ගතිය ලබා දෙන්නේ ශිව බාබා පමණයි. ඔබට ඔහුගේ ඡායාරූප අරගත නොහැකියි. ඔහු දැකිය
හැක්කේ දිව්‍යමය දැක්මෙන් පමණයි. කෙසේවෙතත්, ඔහුව දැනගත හැකියි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ අවසානයේ
දී අන් කිසිවෙකුත් නොව එකම එක පියා පමණක් සිහිපත් කරන එවන් වූ
2. ස්ථිතියක්
නිර්මාණය කරන්න. ඔබේ බුද්ධිය තුළ රැඳිය යුතුයි මේ සියලු දේ විනාශ වීමට තිබෙන්නක්ය
කියා.
3.තමාව නිවැරැදි
කරගන්න. මේ අන්තිම උපතේ අනිවාර්යෙන්ම පාරිශුද්ධ වන්න. තව දුරටත් කිසිම පවක්
නොකරන්නෙමි යන සැලකිල්ල දැක්විය යුතුයි.
වරදානය:
ඔබ 'නාටකය'
නමැති පළිහ ඔබ ඉදිරියෙන් තබා ගනිමින් සහ සතුට නමැති පෝෂණය ලබා ගනිමින්, නිරන්තරයෙන්
බලවත්ව සිටිත්වා.
සතුට නමැති ආහාරය
ජීවාත්මයන්ව බලවත් කරවයි. තවද කියමනක් ඇත: "සතුටට සමාන පෝෂණයක් තවත් නැත." එබැවින්,
'නාටකය' නමැති පළිහ ඉතා හොඳින් භාවිතා කරන්න. ඔබ නිරන්තරයෙන් මෙම නාටකය පිළිබඳව
සිහිබුද්ධියෙන් සිටින්නේ නම්, ඔබට කිසිදා පිරිහීමට හෝ දුර්වල වීමට ඉඩක් නැත; එමෙන්ම
ඔබේ සතුට කිසිදා නැති වී යන්නේ ද නැත. මන්ද, මෙම නාටකය යහපත සළසන එකකි. එබැවින්,
යහපත් නොවන බව පෙනෙන ඕනෑම දර්ශනයක් තුළ ද යම් යහපතක් සැඟවී පවතී. මෙය වටහා
ගැනීමෙන්, ඔබට නිරන්තරයෙන් සතුටින් සිටිය හැකි වනු ඇත.
පාඨය:
අන් අය ගැන
සිතීමෙන් (පර චින්තන්) සහ අන් අය දෙස බැලීමෙන් (පර දර්ශන්) ඇතිවන දූවිල්ලෙන් ඈත්ව
සිටින්නන්, සැබෑ මිළ කළ නොහැකි දියමන්ති වේ.
අව්‍යක්ත සංඥාව:
බ්‍රහ්ම පියා හා සමානව, පරිසමාප්ත සහ අංග සම්පූර්ණ ස්ථිතිය අත්විඳින්න.
පරිපූර්ණත්වය සහ
පරිසමාප්තිය ළඟා කර ගැනීම සඳහා, ඔබ ඔබේ ශරීරය පිළිබඳ අහංකාරය (දේහ අභිමානය)
සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතුය. ශරීරය පිළිබඳ අහංකාරය මුළුමනින්ම බිඳ වැටුණු විට,
ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම කැප කළ එකක් යැයි පැවසිය හැකිය. මෙලෙස මුළුමනින්ම
අත්හැරීමෙන් සහ සම්පූර්ණ කැපවීමෙන් යුත් ජීවිතයක් ගත කරන්නන්ගේ පරිසමාප්ත අවධිය
සැමවිටම සිහිපත් කෙරේ. ඔබ පරිපූර්ණත්වයට පත් වූ විට, ඔබ බාප්දාදා සමඟ එක්ව නැවත
නිවසට ආපසු යනු ඇත.