04.12.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සෑම දෙයක්ම රැඳී පවතිනුයේ සිහි කිරිම මතය. ඔබට සුමිහිරි විය හැක්කේ මේ
සිහිකිරිම මඟින් පමණයි. නමුත්, ඔබට මායා සමඟ යුද්ධ කිරිමට සිදුවන්නේත් මේ සිහිකිරිම
තුළම පමණයි.
ප්රශ්නය:
දරුවන් වන ඔබ
පමණක් දන්නා මේ දැනුමෙහි ඉතා ගැඹුරින් ආවර්ජනයට ලක්කළ යුතු කරුණ කුමක්ද ?
පිළිතුර:
ඔබ දන්නවා නාටකය තුළ කාගේ හරි චරිත කොටසක් දෙවරක් රඟදැක්විය නොහැක. මුළු ලෝකයෙහිම
සෑම කෙනෙකුගේම චරිත කොටස තවත් කෙනෙකුගේ චරිත කොටසින් සම්පුර්ණයෙන්ම වෙනස්. ස්වර්ණමය
යුගයේ සිට දැන් වන තෙක් දිනචරියාව ගත වුයේ කෙසේදැයි සිතා බලන්න. සෑම ජීවාත්මයකම
පටිගත කෙරුණු වසර 5000ක දිනචරියාව වෙනසකට ලක්කළ නොහැක. ඔබ දරුවන්ගේ හැර අන්
කිසිවෙකුගේ බුද්ධියට මේ සුළු කරුණ ඇතුල් විය නොහැක.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා ආධ්‍යාත්මික දරුවන් වන ඔබෙන් අහනවා : සුමිහිරිතම දරුවනි, ඔබට තම අනාගත
දිව්‍යමය මුහුණ සහ දිව්‍යමය ඇඳුම දැකිය හැකිද ? මේ ඉතා මංගල්‍ය වු සංගම යුගයයි.
තමන් මොහුගේ නව ලොව ස්වර්ණමය යුගයේ පරම්පරාවට යන බව ඔබට හැඟෙනවාද ? සතුටු දේශය යනු
මෙයයි. ඔබ දැන් ඒ ප්‍රදේශයේ ඉතා දිව්‍යමය වු මනුෂ්‍ය කොට්ටාශය බවට පත්වෙනවා. මෙතැන
හිඳ සිටීමේදී මෙවන් සිතිවිලි තමන්ට ඇති විය යුතුයි. ශිෂ්‍යයින් ඉගෙන ගැනීමේදී
නිරන්තරයෙන්ම ඔවුන්ගේ බුද්ධිය තම අනාගත තත්ත්වය කෙරෙහි එල්ල වෙනවා. ඒ වගේම ඔබ මෙහි
හිඳ සිටීමේදීද, තමන් විශ්ණු පරම්පරාවට යන බව අවබෝධයට ගත යුතුයි. තම බුද්ධිය දැන්
අලෞකික බවට පත්වෙනවා. අනෙක් මනුෂ්‍යයින් තම බුද්ධිය මෙවන් දේවල් වෙත හරවන්නේ නැහැ.
මෙය සාමාන්‍ය සත්සන් පන්තියක් නොවෙයි. මෙතැන හිඳ සිටීමේදී තමන් හිඳගෙන ඉන්නේ ශිවා
ලෙස හඳුන්වන සත්‍ය පියාගේ ආශ්‍රයෙහි බව ඔබ දන්නවා. ශිව බාබා තමයි නිර්මාපකයා.
ඉතින්, නිර්මාණයේ මුල, මැද සහ අග ඔහු දන්නවා. මේ දැනුම අපට දෙන්නේ ඔහු පමණයි. ඔහු
අපට හෙට දිනයේ කතාන්දරය කියන්නා සේ එය ලබාදෙනවා. මෙතැන හිඳ සිටින අතර තුර ඔබ දන්නවා
තමන් මෙහි පැමිණියේ පුණර්ජීවනය වීම, එසේත් නැතහොත් තම වර්තමාන ශරීරය දිව්‍යමය
ශරීරයක් බවට මාරු කිරිමට බව. මේ ජීවාත්මය කියනවා මේ මගේ පැරණි, සම්පුර්ණයෙන්ම
අපිරිසිඳු (තමෝප්‍රධාන්) ශරිරයයි. මේ වගේ තත්ත්වයකට මම එය පරිවර්ථනය කරනවා. අපේ
අරමුණ සහ ඉලක්කය ඉතාමත් පහසුයි. ඉගෙන ගන්නා ශිෂ්‍යයින් වන ඔබ මේ ගුරුවරයාට වඩා
අනිවාර්යෙන්ම දක්ෂ විය යුතුයි. හොඳ ක්‍රියා කරන්නේ කෙසේද කියා ඔහු ඔබට උගන්වනවා.
තමන් දැන් පරමාත්ම දෙවියන්, උසස්ම උසස් කෙනා හමු වු බව තේරුම්ගෙන සිටිනවා. එබැවින්,
ඔහු නියත වශයෙන්ම ඔබව දේවත්වයට පත් කරනු ඇත. ඉගෙනීම නව ලෝකය උදෙසායි. කිසිකෙනෙකු නව
ලෝකය ගැන දන්නේ නැහැ. නව ලෝකයේ පාලකයන් වන්නේ ලක්ෂ්මී හා නාරායනුයි. දේවතාවන්ද
අනුපිළිවෙලකින් විය හැකියි. හැම කෙනෙකුටම එක හා සමාන විය නොහැකියි. මන්ද, මෙය
රාජධානියක්. එවන් සිතිවිලි නිරන්තරයෙන්ම ඔබ තුළ තිබිය යුතුයි. අපිරිසිඳු බවින්
පිරිසිඳු බවට පරිවර්ථනය වීම උදෙසා ජීවාත්මයන් වන ඔබ දැන් පාරිශුද්ධ පියාව
සිහිකරනවා. ජීවාත්මයන් වන ඔබ තම සුමිහිරි පියාව සිහිකරනවා. බාබාම කියනවා : මා සිහි
කිරීමෙන් ඔබ සම්පුර්ණයෙන්ම අළුත් මෙන්ම පිරිසිඳු (සතෝප්‍රධාන්) වෙනවා. හැමදේම තීරණය
වෙන්නේ සිහිකිරීම නමැති වන්දනා ගමන මතයි. තමන් කොපමණ කාලයක් ඔහුව සිහිකරනවාදැයි
අනිවාර්යෙන්ම බාබා ඔබෙන් අහනවා. මේ සිහි කිරීම නමැති වන්දනා ගමනෙහිදී තමයි ඔබ මායා
සමඟ යුද්ධ කරන්නේ. මෙම යුද්ධය කුමක්ද කියා ඔබ අවබෝධ කර ගන්න. මෙය වන්දනා ගමනක්
නොවෙයි, එය බොහෝ සෙයින් යුද්ධයක් වගෙයි. මේ සම්බන්ධව තමන් ඉතාමත් සැළකිලිමත් විය
යුතුයි. දැනුම තුළ මායා නමැති කුණාටු ගැන ප්‍රශ්නයක් නැහැ. දරුවන් වන ඔබ කියනවා: මා
සිහිපත් කරන්න උත්සාහ කළා නමුත්, කුණාටුවෙන් මායා මාව පහළට තල්ලු කර දැම්මා. නොම්බර
එකේ කුණාටුව ශරිර අවධානයයි. පසුව, රාගය, තරහව, ලෝභකම සහ බැඳීම නමැති කුණාටු ඇති
වෙනවා. දරුවන් වන ඔබ කියනවා: බාබා, කිසිම බාධාවක් නොපැමිණෙන පරිදි සිහිකිරීමේ
සිටීමට මා දැඩිව උත්සාහ කරනවා නමුත් ඒ තිබියදී කුණාටු පැමිණෙනවා. අද තරහව විය
හැකියි සහ හෙට ලෝභකම නම් කුණාටුව විය හැකියි. බාබා අද මගේ තත්ත්වය ඉතාමත් හොඳයි.
දවස පුරාවටම මම කිසිම කුණාටුවකට මුහුණ දුන්නේ නැහැ. මා ඉතා විශාල සතුටක් විඳිනවා.
මා දැඩි සෙනෙහසකින් බාබා සිහි කරනවා. මට සෙනෙහසේ කඳුලු පවා ගලා එනවා. බාබා පිළිබඳ
සිහිය පිහිටුවා ගැනීමෙන් තමන් ඉතාමත් සුමිහිරි වෙනවා. මායාගෙන් පරාජයට පත්වීමෙන්
තමන් යන්නේ කොහාටද කියා ඔබ අවබෝධකර ගත යුතුයි. කාටවත් මෙය අවබෝධ කර ගැනීම අපහසුයි.
මිනිස්සු වසර සිය දහස් ගණනක් හෝ කාලයේ ආරම්භයේ සිටම එය නොනවත්වා පැවති බව ඔවුන්
කියනවා. ඔබ කියන්නේ අප නැවත වතාවක් මනුෂ්‍ය තත්ත්වයේ සිට දේවතා තත්ත්වයට පත්වුණා.
බාබා පමණයි පැමිණ මේ දැනුම දෙන්නේ. ප්රතිරූපයකින් තොර, අසහාය පියාට පමණයි මේ අසහාය
දැනුම දිය හැක්කේ. අශාරීරික කෙනා තමයි ප්රතිරූපයකින් තොර කෙනා වෙන්නේ. අශාරීරික
කෙනා මේ දැනුම දෙන්නේ කොහොමද ? තමන් මේ ශරීරයට ඇතුළු වූයේ කෙසේදැයි බාබා පැහැදිලි
කරනවා. ඒ සිද්ධිය අරභයා මිනිස්සු නොසන්සුන්තාවයකට පත්ව අහනවා ’ඔහු නිතරම මේ ශරීරයට
එනවාද ?‘ නාටකය තුළ මේ ශරීරය උපකාරකයෙක් බවට පත්කළා. එතැන ඉතා කුඩා හෝ වෙනසක් තිබිය
නොහැකියි. ඔබ පමණයි මේවා අවබෝධ කර ගන්නේ. පසුව ඔබ ඒවා අනෙක් අයට පහදා දෙනවා.
ජිවාත්මයන් තමයි ඉගෙනුම ලබන්නේ. ඉගෙන ගන්නෙත් උගන්වන්නෙත් ජීවාත්මයන්. ජිවාත්මයන්
ඉතාමත් වටිනවා. ජීවාත්මයන් සදාකාලිකයි එහෙත් ශරීරයන් මරණයට පත්වෙනවා. උත්තරීතර
පියාගෙන් ජීවාත්මයන් වන අප මේ නිර්මාපකයා පිළිබඳව සහ අපේ උපත් 84හි නිර්මාණයේ මුල,
මැද සහ අග පිළිබඳ දැනුම ලබනවා. දැනුම දෙන්නේ කාටද ? ජීවාත්මයන් වන අපටයි. දැනුමෙන්
පිරි පරමාත්ම පියාගෙන් ජීවාත්මයන් වන ඔබ දැන් අශරිරික ලෝකය හා සුක්ෂම ලෝකය තේරුම්
ගත යුතුයි. තමන් ජිවාත්මයක් ලෙස අවධාණය කර ගැනීම සම්බන්ධව මනුෂ්‍යයන් කිසිවක් දන්නේ
නැහැ. ඔවුන් තමන් ශරීර ලෙස අවධාරණය කර ගැනීම නිසා උඩු යටිකුරු වෙනවා. එය
සිහිකරවන්නේ ජීවාත්මයක් සත්‍යයි, සජීවී ක්රියාකාරීත්වයකි සහ ප්‍රීතියේ
ප්රතිමුර්තියක් බවයි. උසස්ම ප්‍රශංසාව උත්තරීතර ජීවාත්මයේයි. එකම පියා ගැන බොහෝ
ප්‍රශංසා තිබෙනවා. ඔහු තමයි දුක නැති කරන්නා සහ සතුට පිරිනමන්නා. මදුරුවන් ආදිය,
දුක නැතිකර සතුට බෙදන්නා, ඥාන සාගරයක් කියමින් ප්‍රශංසාවට ලක්කරන්න බැහැ. නැහැ, මේ
ප්රශංසාවන් අයත් වන්නේ පියාට. දරුවන් වන ඔබත් දුක නැතිකර සතුට පිරිනමන්නන්. ඉස්සර
දරුවන් වන ඔබට දැනුම තිබුණේ නැහැ. එය හරියට ඔබට ළදරු බුද්ධියක් තිබුණා වගෙයි. කුඩා
දරුවන්ට කිසිම දැනුමක් හෝ කිසිම සැකයක් නැහැ. එමනිසා, ඔවුන් පිරිසිඳු හෙයින්, එවන්
අය උසස් ජීවයන් වගෙයි. දරුවා කුඩා වන තරමට දරුවා වැඩියෙන් නොම්බර එකේ මලක් වගෙයි.
එය හරියට ඔහු තම සම්පුර්ණයෙන් කර්මාටීට් වු අවධියේ සිටින්නා සේයි. ළදරුවෙක් ක්‍රියා
ගැන, පාපකාරී ක්‍රියා සහ සාමාන්‍ය ක්‍රියා මොනවාදැයි නොදන්නා නිසා ඔහු මලක් වගෙයි.
එකම එක පියා හැම කෙනෙකුවම ආකර්ශණය කරගන්නා සේ ඔහුද හැම කෙනෙකුම ආකර්ශණය කර ගන්නවා.
හැම කෙනෙකුවම ආකර්ශණය කර ගැනීමට හා ඔවුන්ව සුවඳවත් මල් කරවීමට බාබා පැමිණියා. සමහරු
තවමත් කටු ලෙසම සිටිනවා. පාපයන් පහේ ග්‍රහණයට යටත්ව සිටින්නන් තමයි කටු ලෙස හැඳින්
වෙනුයේ. නොම්බර එකේ කටුව තමයි ශරීර අවධානය. මේ කටුවෙන් තමයි අනෙක් සියලු කටු උපත
ලබන්නේ. කටු කැලයක් බොහෝ වේදනා දෙනවා. කැලයක විවිධාකාර කටු තිබෙනවා. මේ නිසයි මේ
ලෝකයට දුක් ලෝකය කියන්නේ. නව ලෝකයේ කටු නැහැ. එනිසයි ඒ ලෝකය සතුටු දේශය නම් වනුයේ.
ශිව බාබා මල් වත්තක් නිර්මාණය කරනවා සහ රාවන් එය කටු කැලයක් බවට පරිවර්ථනය කරනවා.
කටු ගසක රාවන් පුළුස්සනවා. එහෙත් පියාට මල් පුජා කරනවා. බාබා සහ දරුවන් වන ඔබ පමණයි
මේවා දන්නේ; වෙන කාටවත් ඒවා දැන ගන්න බැහැ. නාටකය තුළ එකම චරිත කොටස දෙවරක් රඟ
දැක්විය නොහැකි බව ඔබ දන්නවා. ලෝකයේ සිටින සෑම කෙනෙකුම රඟදක්වන චරිත කොටස් අළුත් බව
ඔබගේ බුද්ධියෙහි තිබෙනවා. ස්වර්ණමය යුගය සිට දැන් වන තෙක් දවස් වෙනස් වන්නේ කෙසේද,
තමන්ගේ මුළු හැදියාවක්ම වෙනස් වන්නේ කෙසේදැයි සිතන්න. ජීවාත්මයන් වන ඔබ සෑම කෙනෙක්
තුළම තම වසර 5000ක ක්රියාකාරීත්වයන් පටිගත වී තිබෙනවා. එය වෙනස් විය නොහැකියි.
ජීවාත්මයන් වන ඔබ සෑම කෙනෙකු තුළම තමන්ගේ චරිත කොටස පටිගත වී තිබෙනවා. මේ සුළු කරුණ
පවා අන්‍යයන්ගේ බුද්ධියට ඇතුළු විය නොහැකියි. මේ නාටකයේ අතීතය, වර්තමානය සහ අනාගතය
ඔබ දැන් දන්නවා. මෙය පියා සිහිකිරීමට සහ පාරිශුද්ධත්වයට පත්වීමට බාබා විසින් ඔබට
උගන්වනු ලබන පාසලක්. අපිරිසිඳු බවින් පිරිසිඳු බවට පත්වීමට ඉගැන්වීම සඳහා බාබා
පැමිණි බව ඔබ සිතුවාද ? මේ ඉගෙනීමෙන් තමන් ලෝක පාලකයින් වෙනවා. භක්ති පොත් එකිනෙකට
වෙනස්. එය ඉගෙනීමක් යැයි කියන්න බැහැ. දැනුමකින් තොරව එතැන විමුක්තියක් තිබෙන්නේ
කෙසේද? තම විමුක්තිය සලසා ගත හැකි දැනුම පියා නොමැතිව ලබන්නේ කොහොමද ? විමුක්තියේ
සිටින විට ඔබ භක්ති කරනවාද ? නැහැ, එහි ඇත්තේ අසීමිත සතුටක්, ඉතින් භක්ති කරන්නේ
මොකටද ? මේ දැනුම ඔබ ලබන්නේ මේ කාලයේදී පමණයි. ජීවාත්මයන් වන ඔබ තුළ මේ මුළු දැනුමම
තැබුවා. ජීවාත්මයක් තමන්ගේම කියා කිසිම ආගමකට අයත් වන්නේ නැහැ. ජීවාත්මයක් ශරීරයක්
ලැබූ විට ඔහු කියනවා තමන් අයත් ආගම කුමක්ද කියලා. ජීවාත්මයකගේ ආගම විය හැක්කේ
කුමක්ද ? පළමුව, සෑම ජීවාත්මයක්ම තිතක් වගෙයි. ජීවාත්මයක් සාමයේ ප්රතිමුර්තියක් සහ
වාසය කරනුයේ සාමයේ දේශයේයි. පියාව ලැබීමේ අයිතියක් සෑම දරුවෙකුටම තිබෙන බව බාබා
දැන් පැහැදිලි කරනවා. බොහෝ දරුවන්ව වෙනත් ආගම් වලට යොමු කරනවා. ඔවුන්ව ඒවායින්
එළියට ගෙන ඔවුන්ගේ මුලික ආගමට හැරවිය යුතුයි. සේරම පත්‍ර දේවතා ආගමෙන් පිටතට ගොස්
අනෙක් ආගම් වලට එක් වී තමන්ගේම ස්ථානයට එළඹෙනවා. ප්‍රථමයෙන්ම පියා පිළිබඳ හැඳින්වීම
ලබාදිය යුතුයි. හැම කෙනාම මේ දේවල් සම්බන්ධව නොසන්සුන් වෙලයි සිටින්නේ. තමන්ට දැන්
උගන්වන්නේ කවුරුන්ද කියා දරුවන් වන ඔබ වටහා ගත යුතුයි. ක්‍රිෂ්ණා මනුෂ්‍යයෙක්. මොහු
හඳුන්වන්නේ දාදා නමින්. ඔබ සියල්ලන්ම සහෝදරයින්. පසුව හැමදේම තම තත්ත්වය මත තීරණය
වෙනවා. සහෝදරයෙකුගේ ශරීරය මොන වගේ තිබුණද සහෝදරියක් සතුව මොනවගේ ශරීරයක් තිබුණද සෑම
ජිවාත්මයක්ම ඉතා කුඩ තාරකාවක්. කුඩා තාරකාව තුළ මේ මුළු දැනුමම පටිගත වී තිබෙනවා.
ශරීරයකින් තොර තාරකාවකට කතා කිරීමට බැහැ. තාරකාවන් වන ඔබ සෑම කෙනෙකුම තම චරිත කොටස
රඟ දැක්වීමට බොහෝ ඉන්ද්‍රියන් ලැබුවා. තාරකාවන් වන ඔබේ ලෝකය මේ ලෝකයෙන්
සම්පුර්ණයෙන්ම වෙනස්. ජීවාත්මයන් මෙහාට පැමිණ ශරීරයක් හදාගන්නවා. ශරීරය ලොකු හෝ
කුඩා විය හැකියි. ජීවාත්මයන් වන ඔබ තම පියා සිහිකරනවා. ශරීරය තුළ සිටීමේදී මෙය
කරනවා. නිවහනේ සිටීමේදී ජීවාත්මයන් වන ඔබ පියාව සිහිකරනවාද ? නැහැ. ඔබ එහි සිටින
විට තමන් සිටින්නේ කොහේද කියා කිසිවෙක් දන්නේ නැහැ. ජීවාත්මයන් සහ උත්තරීතර
ජීවාත්මය ශරීරයන්ගේ සිටින විට තමයි හමුවීම සිදු විය හැක්කේ. එය සිහිකර වන්නේ
ජීවාත්මයන් සහ උත්තරීතර ජීවාත්මය දීර්ඝ කාලයක් පුරා වෙන්ව සිටීමයි. ඔවුන් කොපමණ
කාලයක් වෙන්ව සිටිනාවාද ? ඔබට මතකද තමන් කොපමණ කාලයක් වෙන්ව සිටියාද කියලා? සෑම
තත්පරයක්ම පසුවෙමින් දැන් අවුරුදු 5000ක් වෙනවා. නැවතත් පළවන අවුරුද්දෙන් පටන්
ගන්නවා. මේ ගණනය නිවැරදි එකක්. කවුරි හරි ඔබෙන් ඇසුවොත් මොහු උපත ලැබුවේ කවදාද
කියා, ඔහුට නිවැරදිව පිළිතුරු දීමට ඔබට පුළුවන්. ශ්‍රී ක්‍රිෂ්ණා ප්‍රථම උපත ලබනවා.
ශිවා උපත් ලබන විට මිනිත්තු හෝ තත්පර ගණනය කිරීමට ඔබට බැහැ. ක්‍රිෂ්ණා වෙනුවෙන්
මිනිත්තු තත්පර ගණනය කළ හැකියි. මනුෂ්‍යයින් පැමිණෙන මොහෙතෙහි විවිධත්වයක් තිබිය
හැකියි. නමුත් ශිව බාබාගේ ආත්මභාවයෙහි සුළු හෝ විවිධත්වයක් තිබිය නොහැකියි. ඔහු
පැමිණෙන විට ඔබට කිව නොහැකියි. ඔහුගේ දර්ශණයක් දුටු විට බාබා පැමිණි බව කියන්න
බැහැ. නැහැ, ඔබට බැහැ මෙය ගණනය කරන්න. මිනිත්තු හෝ තත්පර ගණනය කරන්න ඔබට බැහැ.
ඔහුගේ ආත්මභාවය භෞතික නැහැ. අසීමිත රාත්‍රියෙහිදී ඔහු පැමිණෙනවා. අනෙක් ආත්මභාවයන්
පැමිණෙන මොහොත කියන්න පුළුවන්; නිදසුනක් ලෙස ජීවාත්මයක් ඔහුගේ ශරීරයට ඇතුළුවන
මොහොත. ජීවාත්මය මුලින්ම ගනු ලබන ඇඳුම කුඩායි. පසුව ඒ ඇඳුම ක්‍රම ක්‍රමයෙන්
වැඩෙනවා. ජීවාත්මය ශරිරයත් සමඟ ගර්භාශයෙන් පිටතට පැමිණෙනවා. මේවා අවබෝධ කරගෙන පසුව
අන්‍යයන්ට පහදා දිය යුතුයි. මනුෂ්‍යයන් බොහෝ දෙනෙක් සිටිනවා සහ ඉන් කිසිවෙක් තවත්
කෙනෙකුට සමාන වෙන්නේ නැහැ. විශාල වේදිකාවක් සේ ඔබ මේ අසීමිත ක්‍රීඩාව රඟ දක්වන
වේදිකාවත් ඉතා විශාලයි. දරුවනි, සාමාන්‍ය මනුෂ්‍යයින් තත්ත්වයෙන් නාරායන තත්ත්වයට
පත්වීමට සහ පියා නිර්මාණය කරන නව ලොවෙහි උසස් තත්ත්වයක් දිනා ගැනීම සඳහා ඔබ මෙහි
පැමිණියා. කෙසේවෙතත්, මේ පැරණි ලෝකය විනාශය කරා යනවා. නව ලෝකය මොහු මාර්ගයෙන්
නිර්මාණය වන අතර පසුව එය පවත්වා ගැනීමට ඔහු පැමිණිය යුතුයි. ඔහු මෙම ශරීරය අතහැර
ගිය පසු අනිවාර්යෙන්ම නව ලෝකය පැවැත්වීමට නැවතත් ඔහු පැමිණෙනවා. ඊට පෙර පැරණි ලෝකය
විනාශ විය යුතුයි. මේ පිදුරු ගොඩ පිළිස්සී යා යුතුයි. අවසානයේදී හැම දෙයක්ම විනාශයට
ලක් වී භාරතය පමණක් ඉතිරි වෙනවා. භාරතයේ ඉතා සුළු කොටසක් පමණක් ඉතිරි වෙනවා. ඔබ
දැන් උත්සාහ දරණවා. ඉතින් විනාශයට පසුව ඔබ කිසිම දඬුවමක් විඳිය යුතු වන්නේ නැහැ. තම
පාපයන් විනාශ නොවුනහොත්, දඬුවම් විඳීමට සිදුවන අතර කිසිම තත්ත්වයක් ඔබට හිමිවන්නේ
නැහැ. ඔබ යන්නේ කොහේද කියා මිනිසුන් අසන විට බ්‍රහ්මාගේ ශරීරයට පැමිණෙන ශිව බාබා
මුණ ගැසීමට තමන් යන බව ඔවුන්ට කියන්න. මේ බ්රහ්මා ශිවා නොවෙයි. පියාව දන්නා තරමට
ඔහු කෙරෙහි ආදරයක් තිබෙනවා. බාබා කියනවා : වෙන කිසිවෙකුට ආදරය කරන්න එපා. හැම
කෙනාගෙන්ම තම ආදරය කඩා ඒකායන තැනැත්තා වෙත සම්බන්ධ කරන්න. මෙය හරියට ආදරවන්තයින්
අතර තිබෙන ආදරයක් වගෙයි. 108ක් නියම ආදරවන්තියන් වෙනවා. නමුත් ඔවුන්ගෙනුත් අට
දෙනෙක් පමණයි නියමම ආදරවන්තියෝ වෙන්නේ. අෂ්ට මාණික්‍ය මාලයක් තිබෙනවා. මැණික් නවයක්
ලෙස ගැණෙනවා. මැණික් අටයි සහ නව වැන්න බාබා. රිදී යුගය අවසානය වන තෙක් ප්‍රධාන
දේවතාවන් අට දෙනෙක් සහ පවුල ලෙසින් 16, 108ක් කුමාරවරුන් සහ කුමාරිවරුන් සිටිනවා.
බාබා ඔබට තම අල්ලේ තබාගෙන දිව්‍යලෝකය පිළිගන්වනවා. දරුවනි, තමන් ලෝක පාලකයින් වනවා
යන කුල්මත්භාවය ඔබට තිබිය යුතුයි. මේ ගණුදෙනුව බාබා සමඟ කළ යුතුයි. මේ ගණුදෙනුව
බාබා සමඟ කිරිමට සමත් වන්නේ ව්‍යාපාරිකයින් ඉතාම සුළු කොටසයි. එවන් ව්‍යාපාරිකයින්
තවත් නැහැ. ඉතින් දරුවන් වන ඔබ තම පියාගේ, උඩ ඉහළ වාසය කරන ඒකායන තැනැත්තාගේ නිවහනට
යාමේ කුල්මත්භාවය තබා ගත යුතුයි. මිනිස්සු ඔහු නොදන්නා නිසා, ඔවුන් කියනවා ඔහු
එන්නේ අවසානයේ කියලා. දැන් කලි යුගයෙහි අවසානයයි. ගීතාවෙහි සහ මහා භාරතයෙහි කාලය. ඒ
යුදෙව්වන්ම මිසයිල හදනවා. කව්රවයින්ගේ හා පාණ්ඩවයින් වන ඔබගේත් එකම රාජ්‍යයයි.
නිවසේ සිටියදී දරුවන් වන ඔබ ආදයම් උපයනවා. නිවසේ සිටියදී පරමාත්ම දෙවියන් ඔබ වෙත
එනවා. මේ නිසයි බාබා කියන්නේ : දරුවනි, තම ආදායම උපයාගන්න. මේ කාලය දියමන්ති සේ
වටිනා යුගයක් සේ සැළකෙනවා. බෙලි කටු තරම්වත් නොවටිනා දේ වෙනුවෙන් තම කාලය අපතේ
නොහැරිය යුතුයි. ඔබ දැන් මුළු ලෝකයම රාම (දේව) රාජ්‍යයක් කරවනවා. ඔබ ශිවාගේ බලය
ලබනවා. කෙසේවෙතත්, බොහෝ මිනිසුන් මේ දිනවල අකල් මරණයට ලක් වෙනවා. බාබා ඔබේ බුද්ධියේ
අගුල් විවෘත කරන අතර මායා බුද්ධියට අගුලුලනවා. මව්වරුන් වන ඔබ දැනුම නමැති පුන්කළස
හිමිකර ගන්නවා. අහිංසක හා දුබල ඔබට බලය ලබා දෙන්නේ ඒකායන ඔහුයි. මේ අමෘතය වන්
දැනුමයි. ආගමික ග්‍රන්ථයන්ගේ ලියැවුණු දැනුමට අමෘතය යැයි කියන්නේ නැහැ. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. එකම එක
පියා වෙත ආකර්ෂණය වී සුවඳවත් මලක් වන්න. සුමිහිරි පියාව සිහි කිරීමෙන් කටු වන් ශරීර
අවධානය පුළුස්සා දමන්න.
2. මේ දියමන්ති වන්
වටිනා උපතෙහිදී, අවිනාශි ධනයක් ඉපැයිය යුතුව ඇත. නොවටිනා බෙලි කටු වෙනුවෙන් එය අපතේ
නොහරින්න. එකම එක පියාට ආදරය දක්වන්න සහ ඒකායන කෙනාගේ ආශ්‍රයෙහි සිටින්න.
වරදානය:
ඔබට බ්‍රහමින්
ජීවිතයේ සතුටේ වාසනාව ලැබී ඇති අතර නිරතුරුවම සතුටේ පෝෂණය අනුභව කොට එය අන් අය සමග
බෙදාගනිත්වා.
ඔබ බ්‍රහමින්වරු තරම්
භාග්‍යවන්ත වෙන කිසිවෙකු මේ ලෝකයෙහි සිටිය නොහැක, මන්ද, ඔබ සැමට මේ ජීවිතයේදී පමණක්
බාප්දාදාගේ හදවත් සිංහාසනය ලැබෙන බැවිනි. ඔබ නිරන්තරයෙන් සතුටේ පෝෂණය අනුභව කරන අතර
එය අන් අය සමඟ බෙදා ගන්න. මේ කාලයේදී ඔබ සැහැල්ලු අධිරාජ්‍යයන්ය. මුළු චක්‍රය පුරාම
වෙනත් කිසිම කාලයක ඔබට එවැනි සැහැල්ලු ජීවිතයක් නොමැත. ස්වර්ණම යුගයෙදී ඔබ නිදහස්
වන නමුත් ඔබට මෙම දැනුම කිසිවක් එහි නොමැත. මෙකල ඔබට මෙම දැනුම ඇති අතර ඔබ තරම්
කිසිවෙකු වාසනාවන්ත නොවන බව ඔබේ හදවත් තුළ ඉස්මතු වන්නේ එබැවිනි.
පාඨය:
සංගම යුගයේදී
ස්වරාජ්‍ය අධිකාරීත්වයට අයිතියක් ඇති අය අනාගත ලෝක රාජධානියට අයිතියක් දිනා ගන්නවා
ඇත.