05.01.25    Avyakt Bapdada      Sinhala Murli     17.10.2003    Om Shanti    Madhuban


වසර පුරාම තෘප්තියේ මැණිකක් වී, නිරන්තරයෙන් තෘප්තිමත්ව රැඳී සිට
සියලු දෙනාව තෘප්තිමත් කරන්න.


අද දින හදවත සනසන බාප්දාදා, සෑම තැනකම සිටින ඔහුගේ සියලුම රාජකීය, ආදරණීය (රාජ්-දුලාරී), උපරිම ලෙස ආදරණීය දරුවන්, ඔහු ඉදිරියේ සිටින මෙන්ම දුර ඈත සිටින නමුත් සමීප දරුවන්වන්ව දැකීමෙන් සතුටු වනවා. සෑම දරුවෙක්ම රජ කෙනෙකි, එබැවින් විශේෂ ආදරණිය, රාජකීය දරුවෙකි. පරමාත්ම දෙවියන්ගෙන් මෙම ආදරය සහ රාජකීය සෙනෙහස හිමි කරගන්නේ ලෝකයේ ඉතා සුළු ජීවාත්ම සංඛ්‍යාවකි. කෙසේවෙතත්, ඔබ සියලු දෙනාටම පරමාත්ම දෙවියන්ගේ ආදරයට සහ පරමාත්ම දෙවියන්ගේ රාජකීය සෙනෙහසට අයිතියක් තිබේ. ලෝකයේ ජීවාත්ම “එන්න! එන්න!” කියා අඩ ගසන නමුත් ඔබ සියලු දෙනාම පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස අත්විදිනවා. ඔබ පරමාත්ම දෙවියන්ගේ පෝෂණයෙන් පෝෂණය කෙරෙනවා. ඔබගේ මෙම වාසනාව ඔබ අත්විදිනවාද? ඔබ එය අත්විදිනවාද? බාප්දාදා ඔබ සියලු දෙනාව දකින්නේ ද්විත්ව රාජධානියකට අයිතිවාසිකමක් ඇති අය ලෙසයි. ඔබගේ ජන්ම උරුමයක් ලෙසින් වත්මන් කාලයේ ස්ව-ආධිපත්‍යයට අයිතියක් මෙන්ම අනාගත රාජධානියට අයිතියක් ඇති රජවරු ඔබයි. එබැවින් ඔබ ද්විත්ව රජවරුය. ඔබ සියලු දෙනාම රජවරු නේද? ඔබ පුරවැසියන් නොවෙයි. ඔබ රාජ යෝගීවරුද? එසේ නැත්නම් ඔබගෙන් සමහරු ප්‍රජා යෝගීවරුද (පුරවැසියන් වන යෝගීවරු)? ප්‍රජා යෝගීවරු සිටිනවාද? පිටුපස අසුන්ගෙන සිටින අය රාජ යෝගීවරුද? ප්‍රජා යෝගීවරු කිසිවෙකු නැහැ නේද? ඔබට විශ්වාසද? ඒ ගැන ප්‍රවේසමින් සිතා බලා ඉන්පසුව “ඔව්” කීයන්න. ඔබගේ රාජධානියට අයිතියත් තිබීම යනු ඔබගේ සියලුම සූක්ෂම මෙන්ම භෞතික ඉන්ද්‍රියන් මත අයිතියක් තිබීමයි, මන්ද, ඔබ තමන්ගේ පාලකයන් නේද? එබැවින් ඔබ රජවරු වන්නේ ඇතැම් විටෙක පමණක්ද නැත්නම් ඔබ නිරතුරුවම රජවරු ලෙස රැදී සිටිනවාද?

ප්‍රධාන දේ වන්නේ: ඔබගේ මනස, බුද්ධිය සහ සංස්කාර මත ඔබට අයිතියක් තිබෙනවාද? ඔබට නිරන්තරයෙන් ඒවා මත අයිතියක් තිබෙනවාද, එසේ නැත්නම් ඇතැම් විට පමණයිද? ස්ව-ආධිපත්‍යය යනු, නිරන්තරයෙන් ස්ව-ආධිපත්‍යය තිබීමයි. එසේ නැත්නම් ඔබට එය එක දවසක් තිබෙන අතර ඊලග දවසේ එය නොමැතිද? රාජධානියක් යනු සෑම කලටයි, එහෙම නේද? එබැවින් නිරන්තරයෙන් ස්ව-අධිපතියෙක්, තමන්ගේ පාලකයෙක් වීම යනු, නිරතුරුවම ඔබගේ මනස, බුද්ධිය සහ සංස්කාර මත අයිතියක් තිබීමයි. ඔබට සෑම විටම මෙය තිබෙනවාද? මෙය සෑම විටම තිබීම වෙනුවෙන් ඔබ “ඔව්” කියන්නේ නැහැ. විටෙක මනස ඔබව පාලනය කරනවාද, නැත්නම් ඔබ ඔබගේ මනස පාලනය කරනවාද? ඇතැම් විටෙක මනස ඔබගේ පාලකයා වෙනවාද? එය මෙසේ වෙනවා නේද? එබැවින් සෑම විටම ස්ව-ආධිපත්‍යයේ ඔබගේ අයිතිය තබා ගන්න සහ ඒ අනුව ලෝක රාජධානියට අයිතියක් ඇති අයෙක් වන්න.

එබැවින් මෙය නිරන්තරයෙන් පරීක්ෂා කර බලන්න, මන්ද, ඔබට කෙතරම් කාලයක් සහ කෙතරම් බලයක් සහිතව ඔබගේ ඉන්ද්‍රියන් - ඔබගේ මනස, බුද්ධිය සහ සංස්කාර - මත ඔබට අයිතියක් තිබෙන්නේද - ඔබට ඒ අනුව අනාගතයේ රාජධානියට අයිතියක් ලැබෙයි. පරමාත්ම දෙවියන්ගේ පෝෂණය, පරමාත්ම දෙවියන්ගේ අධ්‍යාපනය සහ පරමාත්ම දෙවියන්ගේ ශ්‍රීමත් වල පදනමට අනුව ඔබට මෙම සංගම යුගයේ එක් උපතේදි සෑම විටම මෙම අයිතිය නොමැති නම්, ඔබ උපත් 21කට ලෝක රාජධානියට අයිතියක් ඇති අයෙක් වන්නේ කෙසේද? මෙහි ගිණුමක් තිබෙනවා. මෙකල, ඔබ තමන්ගේ පාලකයෙක් වූ විට පමණයි, එනම්, මෙකල ඔබ තමන්ගේ රජ කෙනෙක් වීමෙන් පමණයි, ඔබට උපත් 21කට සහතිකයක් ලැබෙන්නේ. “මම කවුද එමෙන්ම මා කවුරු වෙයිද?” වත්මන් කාලයේ ඔබගේ අයිතීන් අනුව ඔබටම ඔබගේ අනාගතය දැන ගත හැක. ඔය විශේෂ ජීවාත්මයන්ගේ ආදිතම සහ සදාතනික පෞරුෂත්වය සහ රාජකීයත්වය කෙතරම් ශ්‍රේෂ්ඨද කියා, ටිකක් සලකා බලන්න! පරම දනව්වේ ඔබ වාසය කරන විට ඔය ජීවාත්මයන්ගේ සදාතනික ස්වරූපය දෙස බලන්න; ඔබ බොහෝ දීප්තිමත්ව දිදුලන ජීවාත්ම ලෙස පෙනෙයි. එම රාජකීයත්වයේ සහ පෞරුෂත්වයේ දිස්නය කෙතරම් දීප්තිමත්ද! ඔබට එය පෙනෙනවාද? ජීවාත්ම ස්වරූපයෙන් ඔබ සිටින්නේ පියා සමගයි, ඔබ සමීපව සිටියි. අහසේ ඇතැම් තාරකා ඉතා දීප්තිමත්ව බැබලෙන සේම ඔය ජීවාත්ම, පරම පියා සමග විශේෂයෙන් සිටින අතර විශේෂ දීප්තියක් ඇති තාරකා ඔබයි. පරම දනව්වේ ඔබ පියාට සමීපව සිටින අතර ඉන්පසුව ස්වර්ණමය යුගය ආරම්භයේ ඔය දේවතා ජීවාත්මයන්ගේ පෞරුෂත්වය සහ රාජකීයත්වය ඉතාමත්ම ඉහළයි. මුළු චක්‍රය වටාම යන්න. ආගමික ජීවාත්ම පැමිණ, පිටව ගොස් ඇත, ශ්‍රේෂ්ඨ ජීවාත්ම, පැමිණ පිටව ගොස් ඇත, ආගම් වල පීතෘවරු පැමිණ පිටව ගොස් ඇත, දේශපාලන නායකයන් පැමිණ පිටව ගොස් ඇත, නළුවන් පැමිණ පිටව ගොස් ඇත; ස්වර්ණමය යුගයේ ඔය දේවතා ජීවාත්මයන්ට තිබෙන ආකාරයේ පෞරුෂත්ව ඔවුන්ගෙන් කිසිවෙකුට තිබෙනවාද? ඔබගේ දේවතා ස්වරූප ඔබ ඉදිරියට පැමිණෙනවා නේද? ඒවා ඔබ ඉදිරියට පැමිණෙනවාද, නැත්නම් ඔබ ඔවුන් බවට පත් වෙයිද, නැද්ද කියා ඔබ නොදන්නේද? ඔබ ඔවුන් බවට පත්වීම ස්ථිරයිද? පිටුපස අසුන් ගෙන සිටින අය, මෙය ස්ථිරද? ඔබගේ දේවතා ස්වරූප ඔබ ඉදිරියට ගෙනැවිත් ඒවා දෙස බලන්න: එම පෞරුෂත්ව ඔබ ඉදිරියට පැමිණියාද? බොහෝ රාජකීයත්වයක් තිබේ! සොබාදහම කෙබදු වන්නේද යත් එයටත් පෞරුෂත්වයක් තිබෙයි. පක්ෂීන්, ගස්, පලතුරු, මල් සියල්ලටම පෞරුෂත්වයක් තිබේ, ඒවා රාජකීයයි. හොදයි, දැන් පහළට විත් ඔබගේ වන්දනීය ස්වරූප දෙස බලන්න. ඔබව වන්දනා කරනවා. ඔය ද්විත්ව විදේශිකයන් වන්දනීය අය වෙයිද, නැත්නම් එය වන්නේ ඉන්දියාවේ අයද? ඔබ දේවතාවන් වුණාද? ඇත් හොඩවැලක් හෝ වලිගයක් ඇති අය නොවෙයි. කාලි ස්වරූපයෙන් සිටින දේවතාවියන් නොවෙයි, නමුත් දේවතාවන්ගේ දේවාල දෙස බලන්න. ඔබගේ වන්දනීය ස්වරූපය තුළ බොහෝ රාජකීයත්වය සහ පෞරුෂත්වයක් තිබේ. අඩි 4ක හෝ 5ක ප්‍රතිමාවක් තිබෙන අතර ඔවුන් ඉතා විශාල දේවාලයක් සාදයි. මෙය රාජකීයත්වය සහ පෞරුෂත්වයයි. ඔවුන් මෙකල අගමැති කෙනෙකුගේ හෝ රජෙකුගේ පිලිමයක් සාදා එම අසරණ පිලිමය එළිමහනේ අව්වේ තබයි. එයට ඕනෑම දෙයක් සිදුවිය හැක, නමුත් ඔබගේ වන්දනීය ස්වරූපයේ පෞරුෂත්වය කෙතරම් ශ්‍රේෂ්ඨද! එහෙම නේද? එය ඉතා හොදයි නේද? ඔය කුමාරීන් මෙහි අසුන්ගෙන සිටිනවා නේද? මෙය ඔබගේ රාජකීයත්වය නේද? පසුව, අවසානයේ සංගම යුගයෙදිද, ඔබ සියලු දෙනාගේ රාජකීයත්වය ඉතා ශ්‍රේෂ්ඨයි! බ්‍රහ්මින් ජීවිතයේ පෞරුෂත්වය ඉතාම ශ්‍රේෂ්ඨයි! පරමාත්ම දෙවියන්ම ඍජුවම ඔබගේ බ්‍රහ්මින් ජීවිත, පෞරුෂත්වයකින් සහ රාජකීයත්වයෙන් පුරවා ඇත. බ්‍රහ්මින් ජීවිතයේ කලාකරුවා කවරෙක්ද? පරම පියාමයි. බ්‍රහ්මින් දිවියේ පෞරුෂත්වය සහ රාජකීයත්වය කුමක්ද? පවිත්‍රතාවය. පවිත්‍රත්වයම, රාජකීයත්වයයි. එය එහෙමයි නේද? මෙහි අසුන්ගෙන සිටින ඔය සියලුම බ්‍රහ්මින් ජීවාත්ම, ඔබට පවිත්‍රතාවයේ රාජකීයත්වය තිබෙනවා නේද? ඔව්, ඔබට එකගතාවය පල කිරීමට හිස වැනිය හැක. පිටුපස අසුන්ගෙන සිටින අය ඔවුන්ගේ අත් ඔසවනවා. ඔබ ඉන්නේ පිටුපස නොවෙයි, ඔබ සිටින්නේ බාබා ඉදිරියේ. බලන්න, බාබාගේ ද්‍රිෂ්ඨිය ඉබේටම යන්නේ පිටුපසටයි. ඉදිරිපස සිටින ඔවුන් දෙස බැලීමට, ඔහුට විශේෂයෙන් උත්සාහ දැරිමට සිදුවන නමුත් ඔහුගේ ද්‍රිෂ්ඨිය පිටුපසට ඉබේටම යයි.

එබැවින් පරීක්ෂා කරන්න, මට නිරන්තරයෙන් පවිත්‍රත්වයේ පෞරුෂත්වය තිබෙනවාද? මාගේ සිතිවිලි, වචන සහ ක්‍රියා, ආකල්පය, දැක්ම සහ හැසිරීම තුළ පවිත්‍රත්වය තිබෙනවාද? සිතිවිලි වල පවිත්‍රත්වය තිබීම යනු, සෑම විටම සියලු දෙනා කෙරෙහි සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් තිබීමය. වෙනත් ජීවාත්මයක් කෙබදු ආකාරයේ කෙනෙක් වුවද, පවිත්‍රත්වයේ රාජකීයත්වය ඇති ජීවාත්මයක් තුළ නිරන්තරයෙන් සුබ පැතුම්, පිවිතුරු හැගීම්, හිතකාමි හැගීම්, දයාවේ හැගීම් සහ දානපතියෙකුගේ හැගීම් වලින් පිරි සිතිවිලි තිබෙයි. ඔවුන් අවට බලන විට, ඔවුන් නිරන්තරයෙන් සියලු දෙනා ජීවාත්ම ලෙස දකියි හෝ සියලු දෙනාව ඔවුන්ගේ සුරදූත ස්වරූපයෙන් දකියි. අනෙක් කෙනා සුරදූතයෙක් වී නොමැති වුවද, මගේ ද්‍රිෂ්ඨියෙන් මා දැකිය යුත්තේ ජීවාත්මයක ස්වරූපය හෝ සුරදූත ස්වරූපයකි. මගේ හැසිරීමේ, එනම්, මගේ නෑ සම්බන්ධතා සහ ක්‍රියාකාරකම් වලින් මා සෑම විටම සියලු දෙනාටම සෙනෙහස සහ සතුට ලබා දිය යුතුයි. අන් අය මට සෙනෙහස ලබා දුන්නත් නැතත්, මගේ යුතුකම වන්නේ ඔවුන්ට සෙනෙහස ලබා දී, ඔවුන්ව ආදරණීය කිරීම සහ ඔවුන්ට සතුට ලබා දීමයි. ඔබට මෙවන් පාඨයක් තිබෙනවා: “දුක් දෙන්න එපා, දුක ගන්න එපා.” ඔබ එය ලබා නොදිය යුතු අතර තවද ඔබ එය නොගත යුතුයි. යම් දේවල් දෙන අය, ඔබට ඇතැම් විට දුක දෙනු ඇත, නමුත් එය සතුටේ අවධානයෙන් දකින්න. වැටී ඇති කෙනෙක්ව ඔබ තව දුරටත් වට්ටන්නේ නැත. ඔබ කරන්නේ වැටී ඇති අයව සෑම විටම ඉහළ නැංවීමයි. එම ජීවාත්ම දුක දෙන්නේ ඔවුන් ඇද වැටී, බාහිර බලපෑමක් යටතේ සිටින නිසයි! එබැවින් ඔවුන්ට තව පහළට වැටෙන්නට ඔබ ඉඩ නොදිය යුතුයි. ඔබ ඒ අසරණ මිනිසුන්ට තවත් පයින් නොගැසිය යුතුයි. නැහැ. සෙනෙහසින් ඔවුන්ව ඉහළට ඔසවන්න. මෙහිදීද පළමුව පුණ්‍යකර්ම ඇරඹෙන්නේ තම නිවසින්ය. ප්‍රථමයෙන් පිංකම් ඇරඹෙන්නේ තම නිවසින් නේද? ඔබගේ සියලුම සහකරුවන්ව, ඔබගේ සේවා සහකරුවන්ව සහ බ්‍රහ්මින් පවුලේ සහකරුවන්ව ඉහළ නංවන්න. ඔවුන්, ඔවුන්ගේ නරක ගති හෙළිදරව් කළත් ඔබ ඔවුන්ගේ විශේෂතා පමණක් දැකිය යුතුයි. එය අංකානුරූපයි, එහෙම නේද? බලන්න, මාලාව ඔබගේ සිහිවටනයයි. එබැවින් සියලු දෙනාටම එකම අංකය නොමැත. අංක 108 තිබෙනවා. එබැවින් එය අංකානුරූප වන අතර එය ඒ ආකාරයෙන් තිබෙයි, නමුත් ඔබගේ වගකීම කුමක්ද? මෙසේ සිතීම නොවෙයි: “හොදයි, මා කොහොමත් 8 තුළ නොමැත, එබැවින් ඇතැම් විට මා 108න් කෙනෙක් වෙයි. ඉතිං, මා 108න් අවසන් කෙනා විය හැක. එබැවින් මා තුළත් යම් සංස්කාර තිබෙයි නේද?” නමුත් නැහැ! අන් අයට සතුට සහ සෙනෙහස ලබා දීමෙන් ඔබගේ සංස්කාරත් සෙනෙහස සහ සතුටේ ඒවා බවට පත් වෙයි. මෙය සේවයයි, එමෙන්ම මෙම සේවයේදි පුණ්‍යකර්ම පළමුව ආරම්භ වන්නේ තම නිවසින්.

අද බාප්දාදා හාස්‍යයට කරුණක් සොයා ගත්තා. ඔහු ඔබට එය කිව යුතුද? බලන්න, ඔබටත් එය හාස්‍යජනක වෙයි. බාප්දාදා නොකඩවා ඔය දරුවන්ගේ ක්‍රීඩා නරඹයි. ඕනෑම වෙලාවක තත්පරයකදි බාප්දාදා එක් හෝ වෙනත් මධ්‍යස්ථානයකට, ඔහුගේ රූපවාහිනියේ ස්විචය දමයි. විටෙක විදෙස් මධ්‍යස්ථානයකත් තවත් විටෙක ඉන්දියාවේ මධ්‍යස්ථානවල. ඔහු ස්විචය ක්‍රියාත්මක කරන අතර සෑම කෙනෙක්ම කරන්නේ කුමක්ද කියා ඔහුට කිව හැක, මන්ද, පියා තුළ ඔය දරුවන් කෙරෙහි සෙනෙහස ඇති බැවිනි. ඔය දරුවන්ද පවසන්නේ: “අප ඔහු හා සමාන බවට පත්විය යුතුයි.” ඔබ සමාන විය යුතු බව, ස්ථිරයි නේද? කුමාරීන්, ඔබ සමාන වීමට යනවාද? එසේ නැත්නම් නාටකයේ ඔබ කුමක් වුණත් එයට කමක් නැද්ද? නැහැ. ඔබ සමාන විය යුතුයි. ඔය සියලුම කුමාරීන් සමාන විය යුතුයි. ඔබට මිය යාමට සිදු වුණත්, ඔබට කුමක් කිරීමට සිදු වුණත්, හොදින් සිතා බලා ඔබගේ අත් ඔසවන්න. ඔව්, ඔබට කුමක් කිරීමට සිදු වුනත් එයට කමක් නැහැ කියා සිතන අය - ඔබට මිය යාමට, හිස නැමීමට, දරා ගැනීමට හෝ ඕනෑම කෙනෙකුට සවන් දීමට සිදු වෙයි - අත් ඔසවන්න! එය ප්‍රවේසමින් සලකා බැලීමෙන් පසුව කුමාරීන් අත් ඔසවන්න. ඔවුන්ගේ ඡායාරූපයක් ගන්න! බොහෝ කුමාරීන් සිටිනවා. ඔබට මිය යාමට සිදු වුනොත්? ඔබගේ හිස නැමීමට සිදු වුනොත්? පාණ්ඩවයන් ඔබගේ අත් ඔසවන්න! ඔබ සමාන බවට පත් විය යුතු බව, ඔබට ඇසුණද! ඔබ සමාන නොවන්නේ නම් එහි කිසිම සතුටක් නොමැති වෙයි. එසේ වුනොත් ඔබ පරම දනව්වේද සමීප නොවෙයි. වන්දනීයත්වයට පත් වීමේ වෙනසක් තිබෙන අතර ස්වර්ණමය යුගයේ රාජධානියේ භාග්‍යයේද වෙනසක් තිබෙයි.

ඔබ තුළ බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස තිබෙනවා නේද? උපරිම සෙනෙහස තිබෙන්නේ ද්විත්ව විදේශිකයන්ටයි. තම හදවත් තුළ බ්‍රහ්ම පියා කෙරෙහි ගැඹුරු සෙනෙහස තිබෙන අය, අත් ඔසවන්න! ඔය ද්විත්ව විදේශිකයන්ගේ හදවත් තුළ සෙනෙහස තිබෙනවාද? අච්චා! එය සැබෑ සෙනෙහසයි, එහෙම නේද? දැන් බාබා ඔබගෙන් ප්‍රශ්නයක් අසනවා. සෙනෙහසේ ලක්ෂණයක් වන්නේ, ඔබ කාට සෙනෙහස දැක්වුවත්, ඔබ සෙනෙහස දක්වන කෙනා, කිරීමට කැමති දේ කිරීමට, ඔබත් ප්‍රිය කිරීම. දෙදෙනාගේ සංස්කාර, සිතිවිලි සහ ස්වභාවය එකිනෙකාට ගැලපෙන විට පමණයි, ඔබට එකිනෙකා ආදරණීය බව දැනෙන්නේ. ඔබ තුළ බ්‍රහ්ම පියා කෙරෙහි සෙනෙහස ඇත්නම්, ප්‍රථම උපතේ සිට උපත් 21ක් ඔබ ඔහු සමග සිටිවි. ඔබ දෙවන හෝ තුන්වන උපතේ පැමිණෙන්නේ නම් එය හොද නැහැ. ප්‍රථම උපතේ සිට අවසන් උපත දක්වා ඔබ ඔහු සමග සිටියි. ඔබ විවිධ ස්වරූප වලින් ඔහු සමග සිටියි. එසේ නම්, ඔහු සමග සිටිය හැක්කේ කාටද? සමාන අයටයි. අංක එකේ ජීවාත්මය ඔහුය. එසේ නම් ඔබ ඔහු සමග සිටින්නේ කෙසේද? ඔබ අංක එක වූ විට පමණයි, ඔබ ඔහු සමග සිටින්නේ. සෑම දේකින්ම අංක එක: ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා, ආකල්පය, දැක්ම සහ හැසිරීමෙන්. එසේ නම් ඔබ අංක එකද, අංකානුරූපීද? ඔබ තුළ සෙනෙහස ඇත්නම්, එවිට සෙනෙහසින් ඕනෑම දෙයක් කැප කිරීම අපහසු නැත. කලි යුගය අවසානයේ, අවසන් උපතේදි, ශරීර අවධාන සෙනෙහස තිබෙන අය පවා, සෙනෙහස නිසා ඔවුන්ගේ ජීවිත බිලි දෙයි. එබැවින් බ්‍රහ්ම පියාට ඇති සෙනෙහස නිසා ඔබගේ සංස්කාර පරිවර්ථනය කරන්නේ නම් එය මහ ලොකු දෙයක්ද? එය මහ ලොකු දෙයක්ද? නැහැ. එසේ නම් අද සිට සියලු දෙනාගේ සංස්කාර වෙනස් වෙයිද? ඔබට විශ්වාසද? වාර්ථාවක් එවයි. ඔබගේ සහකරුවන් බාබාට ලියයි. ඔබට විශ්වාසද? දාදීන්ද අසා සිටිනවා. ඔවුන් (ද්විත්ව විදේශිකයන්) කියන්නේ ඔවුන්ගේ සංස්කාර වෙනස් කරගෙන ඇති බවයි. එසේ නැත්නම් එයට කාලයක් ගත වෙයිද? මෝහිනි, ඔබ බාබාට කියන්න. ඒවා වෙනස් වෙයි නේද? අමරිකාවේ අය වෙනස් වෙයි. හාස්‍යජනක කොටස මග හැර තිබෙනවා.

හාස්‍යජනක දේ වන්නේ, ඔබ සියලු දෙනාම බොහෝ උත්සාහ දරන බව පවසයි. ඔබ බොහෝ උත්සාහ දරන බව දකින විට බාප්දාදාටද අනුකම්පාවක් ඇති වෙයි. විටෙක ඔබ බොහෝ උත්සාහ දරන අතර ඔබ පවසන්නේ කුමක්ද: “මගේ සංස්කාර එවැනි නම්, මා කුමක් කරන්නද?” නිදහසට කාරණාවක් ලෙස ඔබගේ සංස්කාර භාවිතා කර, ඔබ ඒ අන්දමට තමන්ව සාධාරණීය කරවයි. කෙසේවෙතත්, පියා දුටුවේ, ඔබ “මගේ සංස්කාර” කියා කියන විට, ඒවා සැබවින්ම ඔබගේ සංස්කාරද? ඔය සෑම කෙනෙක්ම ජීවාත්මයක්. ඔබ ජීවාත්මයක් නේද? ඔබ ශරීරයක් නොවෙයි නේද? එබැවින් ඔබ වන එම ජීවාත්මයේ සංස්කාර මොනවාද? එමෙන්ම ඔබගේ ආදිතම සංස්කාර මොනවාද? ඔබ අද තමන්ගේ කියා පවසන දේ, ඒවා ඔබගේද, රාවනගේද? ඒවා කාගේ සංස්කාරද? ඒවා ඔබගේද? ඒවා ඔබගේ නොවෙයි. එසේ නම් ඒවා ඔබගේ කියා ඔබ පවසන්නේ ඇයි? ඔබ කියන්නේ: “මගේ සංස්කාර ඒ වගෙයි.” එහෙම නේද? එබැවින් අද සිට මෙසේ නොකියන්න, “මගේ සංස්කාර!” නැහැ. විටෙක ඔබ වෙතට සෑම තැනකම සිට කුණු කසල පියාඹා එනවා නේද? එබැවින් රාවනගේ මේ දෙයත් ඔබ වෙතට ඇවිත් තිබේ. එබැවින් එය ඔබගේ කියා ඔබ පවසන්නේ කෙසේද? ඒවා ඔබගේද? ඒවා ඔබගේ නොවෙයි නේද? එබැවින් දැන් කිසිවිටෙක මෙසේ නොකියන්න. ඔබ “මගේ” කියන වචනය කියන ඕනෑම විටෙක, ඔබ කවරෙක්ද සහ ඔබගේ සංස්කාර මොනවාද, කියා මතකයට නගා ගන්න. ශරීර අවධානයේදි ඒවා ඔබගේ සංස්කාරයි. කෙසේවෙතත්, ජීවාත්ම අවධානයේදි, එම සංස්කාර නොමැත. එබැවින් දැන් එම භාෂාව පරිවර්ථනය කරගන්න. ඔබ “මගේ සංස්කාර” කියා පවසා නොසැලකිලිමත් වෙයි. ඔබ මෙසේ කියයි: “එය මගේ චේතනාව නොවීය, නමුත් ඒවා මගේ සංස්කාරයි” අච්චා, ඔබ භාවිතා කරන අනෙක් වචනය කුමක්ද? “මගේ ස්වභාවය”. “ස්වභාවය” යන වචනය (ස්ව-තමන්, භාව - හැගීම්) ඉතාම හොදයි. තමා, සෑම විටම හොදයි. මගේ ස්වභාවය, මගේ චේතනාව සෑම විටම යහපත්ය, එය කිසිම විටෙක නරක නැහැ. එබැවින් “මගේ ස්වභාවය, මගේ සංස්කාර” යන වචන භාවිතා කරනවා වෙනුවට, එම භාෂාව වෙනස් කරන්න. ඔබ “මගේ” යන වචනය භාවිතා කරන ඕනෑම විටෙක, මෙය සිහි කරන්න: මගේ ආදිතම සංස්කාර මොනවාද? මෙසේ පවසන්නේ කවුද? මෙසේ කියන්නේ ජීවාත්මයයි: “මේවා මගේ සංස්කාරයි.” එබැවින් ඔබ මේ ගැන සිතන විට, ඔබට තමන් ගැනම සිනහ යයි. ඔබට මෙය හාස්‍යජනක බව හැගෙයි නේද? ඔබට එය හාස්‍යජනක බව දැනෙන විට, ඔබ නිර්මාණය කරගන්නා සියලුම ව්‍යාකූලතා අවසන් වෙයි. මෙය හැදින්වෙන්නේ ඔබගේ භාෂාව වෙනස් කරගැනීම ලෙසයි, එනම්, සෑම ජීවාත්මයක් කෙරෙහි ගෞරවය සහ ගරුත්වයක් තිබීමයි. නිරන්තරයෙන් තමන්ගේ ස්ව-අභිමානයේ සිටින්න, එමෙන්ම අන් අයට ගරු කරන්න. ඔබ සියලු දෙනා දෙස ගෞරවයෙන් බලන්නේ නම්, එවිට ඔබ අකමැති යමක් සිදුවන විට, යම් ව්‍යාකූලත්වයක් ඇති වන විට, ඔබ ඒවාට අකමැති වනවා නේද? එකිනෙකා දෙස ගෞරවයෙන් බලන්න. මේ කෙනා විශේෂ ජීවාත්මයක්. මේ කෙනා පරම පියාගෙන් පෝෂණය ලැබු බ්‍රහ්මින් ජීවාත්මයක්. මේ ජීවාත්මය, කෝටි ගණනකින් අතලොස්සක් වන ජීවාත්මයකි. එක දෙයක් පමණක් කරන්න: ලක්ෂ්‍යය, ඔබගේ දෑස් තුළ මුසු කර තබාගන්න, එපමණයි! පළමුව ඔබ දකින්නේ ලක්ෂ්‍යයෙනි (ඇසේ කළු ඉංගිරියාවෙන්), එමෙන්ම දෙවනුව, ලක්ෂ්‍යය ඔබගේ දෑස තුළ මුසු කරගන්න. එවිට කිසිම ගැටුමක් ඇති නොවෙයි. ඔබට උත්සාහ දැරීමට සිදු නොවෙයි. එය, ජීවාත්මයක් තවත් ජීවාත්මයක් දෙස බලනවා වැනිය. ජීවාත්මයක් තව ජීවාත්මයකට කතා කරනවා. ජීව අවධාන ආකල්පයක් සහ ජීව අවධාන ද්‍රිෂ්ඨියක් ඇති කරගන්න. ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? දැන් කිසිම විටෙක මෙසේ නොකියන්න: “මගේ සංස්කාර.” ඔබ ස්වභාවය (ඔබගේ ආදිතම ස්වභාවය) ගැන කතා කරන විට, තමන්ගේ ස්වභාවය තුළ රැදී සිටින්න. මෙය හොදයිද?

වාරය මාස හයක් පමණක් වුවද, මුළු වසර පුරාම, ඔබට ඕනෑම කෙනෙක් මුණ ගැසෙන විට, ඔබට කවුරු මුණ ගැසුණත්, ඔබ එකිනෙකා අතරේ හෝ වෙනත් ජීවාත්ම සමග වුවද, ඔබ මුණ ගැසෙන ඕනෑම විටෙක, ඔබට කවුරු මුණ ගැසුණත්, ඔබ තෘප්තියේ සහයෝගය ලබා දිමයි, බාප්දාදාට අවශ්‍ය වන්නේ. ඔබම තෘප්තිමත්ව රැදී සිට අන් අයවත් තෘප්තිමත් කරවන්න. මෙම වාරය සදහා ස්ව-අභිමානය වන්නේ: “තෘප්තිමත් මාණික්‍යයයි.” සෑම විටම තෘප්තියේ මැණිකක්. සහෝදරයෙක්ද මැණිකකි (මණී - ස්ත්‍රී ලිංග), පුරුෂ මැණිකක් (මණා - පුරුෂ ලිංග) නොවෙයි. සෑම සියලු ජීවාත්මයක්ම, සෑම මොහොතකදීම තෘප්තියේ මැණිකකි. ඔබම තෘප්තිමත් නම්, ඔබ අන් අයවද තෘප්තිමත් කරයි. තෘප්තිමත්ව රැදී සිට අන් අයවත් තෘප්තිමත් කරන්න. මෙය හොදද? ඔබ මෙයට කැමතිද? ඔය කුමාරීන් මෙයට කැමතිද? මෙයට කැමති සහ මෙය කිරීමට යන අය - එයට සවන් දීමට පමණක් කැමති අය නොවෙයි, නමුත් මෙය කිරීමට කැමති අය - සියලු දෙනාම අත් ඔසවන්න! සියලුම අත් පෙනෙනවා; ඔබ බාප්දාදාගේ හදවත සතුටට පත් කළා. ඉතා හොදයි. සුබ පැතුම්. සුබ පැතුම්. කුමක් සිදුවුනත් ඔබගේ ස්ව-අභිමන් අසුනේ ස්ථාවරව සිටින්න. වටේ නොයන්න. විටෙක එක අසුනක්, තව විටෙක වෙනත් ආසනයක: නැහැ. ඔබගේ ස්ව-අභිමන් අසුනේ ස්ථාවරව රැදී සිටින්න. ඔබගේ ස්ව-අභිමන් අසුනේ ඔබ අසුන් ගෙන සිටින විට සිදුවන ඕනෑම දෙයක් දෙස කාටූන් කතාවක් නරඹන ආකාරයට ඒ දෙස බලන්න. ඔබ කාටූන් නැරඹීමට කැමතියි නේද? එවිට ගැටළුව, ගැටළුවක් නොවෙයි නමුත් රග දැක්වෙන කාටූන් කතාවකි. සිංහයෙක් පැමිණෙයි, බැටළුවෙක් පැමිණෙයි, ගෝනුස්සෙක් පැමිණෙයි, අපිරිසිදු කටුස්සෙක් පැමිණෙයි. එය කාටූන් සංදර්ශනයකි. ඔබගේ ආසනයේ සිටින අතර අප්සෙට් නොවන්න. එවිට ඔබ ඉන් විනෝදයක් ලබයි.

සියලුම විශේෂ ආදරණීය රාජකීය දරුවන්ට, සමාන බවට පත් වෙමින් සිටින සියලුම ආදරණීය සහයෝගී දරුවන්ට, තමන් වෙනුවෙන් ඇති ශ්‍රේෂ්ඨ හැගීම් සහ ඔවුන්ගේ ආදිතම සංස්කාර ඔවුන්ගේ ස්වරූපය තුළින් ඉස්මතු කරගන්නා දරුවන්ට, සියලු දෙනාට නිරන්තරයෙන් සතුට සහ සෙනෙහස ලබා දෙන දරුවන්ට, තෘප්තිමත් මැණිකක් බවට පත් වී, නිරන්තරයෙන් තෘප්තියේ කිරණ බෙදා හරින අයට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබ බ්‍රහ්ම පියා මෙන් මාස්ටර් දානපතියෙක් වී, තමන් සහ අන් අය වෙනුවෙන් පිවිතුරු සහ සාධනීය සිතිවිලි තිබීමේ මනෝ ස්ථිතිය අත්විදිත්වා.

බ්‍රහ්ම පියා මෙන් මාස්ටර් දානපතියෙක් වීම සදහා, කාරණා තුනකින් නිදහස්ව සිටින්න: ඊර්ෂ්‍යාව, අකමැත්ත සහ විවේචනය කිරීමෙන්, එමෙන්ම සියලු දෙනා කෙරෙහි පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි ඇති කර, පිවිතුරු සහ ධනාත්මක සිතිවිලි පමණක් තිබීමේ ස්ථිතිය අත්විදින්න. මෙයට හේතුව, තමන් තුළ ඊර්ෂ්‍යාවේ ගින්න ඇති අය තමන්ව පුළුස්සා දමන අතර අන් අයටත් අපහසුතා ඇති කරයි. නොරිස්සුම ඇති අය පහළට ඇද වැටෙන අතර අන් අයවත් වට්ටන අතර විහිළුවට වත් අන් අයව විවේචනය කරන අය ඔවුන්ව අධෛර්යමත් කර ඔවුන්ව දුකට පත් කරයි. එබැවින් මෙම කාරණා තුනෙන් නිදහස්ව සිට පිවිතුරු සහ සාධනීය සිතිවිලි තිබීමේ ස්ථිතිය අත්විද ඒ අනුව දානපතිගේ දරුවෙක්, මාස්ටර් දානපතියෙක් වීම අත්විදින්න.

පාඨය:
තම මනස, බුද්ධිය සහ සංස්කාර මත පූර්ණ පාලනයක් ඇති අය ස්ව-අධිකාරීන්ය.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

ඔය බ්‍රහ්මින් දරුවන් කඳ වන අතර මුළු ගසටම සකාශ් ලැබෙන්නේ කදෙන්ය. එබැවින් දැන්, ලෝකයට සකාශ් ලබා දෙන අය වන්න. මධ්‍යස්ථාන 20ක්, 30ක් හෝ 200 සිට 250ක් හෝ ඔබගේ කලාපය, ඔබගේ බුද්ධිය තුළ ඇත්නම්, ඔබට අසීමිතයට සකාශ් දීමට නොහැකි වෙයි. එබැවින් නිරන්තරයෙන් සියලු සීමා ඉක්මවා සිට, අසීමිත සේවා කොටස කිරීම ආරම්භ කරන්න. අසීමිතභාවයට යාමෙන්, ඔබ ඉබේටම සියලු සීමිත දේවලින් නිදහස් වෙයි. අසීමිත සකාශ් තුළින් පරිවර්ථනය සිදු කිරීම වේගවත් සේවයේ ප්‍රතිඵලයයි.