05.02.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ අනිවාර්යෙන්ම ඔය ඇඳුම්, ඔය සිරුරු මෙහි ඉවත් කර දැමිය යුතුයි. එබැවින් ඒවා කෙරෙහි ඔබගේ ඇලීම අවසන් කර දමන්න. ඔබගේ නෑ සිය මිතුරන් සිහි නොකරන්න.

ප්‍රශ්නය:
යෝගා බලය ඇති දරුවන් තුළ දැකිය හැකි සලකුණු මොනවාද?

පිළිතුර:
ඔවුන් කිසිම සිදුවීමකදි සුළුවෙන් හෝ කලබල නොවෙයි. ඔවුන් තුළ කිසිම කෙනෙක් කෙරෙහි බැඳීමක් නැත. නිදසුනක් ලෙස, අද කෙනෙක් තම සිරුර අත්හැරියේ නම්, ඔවුන්ට කිසිදු දුකක් ඇති වන්නේ නැහැ, මන්ද, එම ජීවාත්මයට නාටකයේ තිබුණේ එම චරිත කොටස පමණක් බවත්, ජීවාත්ම තම සිරුරු ඉවතට දමා වෙනත් ඒවා ගන්නා බවත් ඔවුන් දන්නා බැවින්.

ඕම් ශාන්ති.
මෙම දැනුම බොහෝ සේ අදෘෂ්‍යමානයි. ඔබ ’නමස්තේ‘ කීමටවත් අවශ්‍ය නැත. ලෝකයේ මිනිසුන් එකිනෙකාට සුබ පතමින් ’නමස්තේ‘ හෝ ’රාම්-රාම්‘ කියයි. ඒ කිසිවක් මෙහි පැවතිය නොහැක්කේ මෙය පවුලක් නිසාය. පවුලක් තුළ ’නමස්තේ‘ හෝ ’රාම්-රාම්‘ කීම නිවැරදි නොවේ. නිවසක කෙනෙක් ආහාර ගනී, කාර්යාලයට යයි, එමෙන්ම ආපසු පැමිණෙයි; මෙය සෑම විටම දිගින් දිගටම සිදුවෙයි. ’නමස්තේ‘ කීමට අවශ්‍ය නැහැ. ’සුබ උදෑසනක්‘ කීමේ විලාසිතාව ආරම්භ කළේ යුරෝපීයයන්ය. එවන් කිසිවක් ඊට පෙර තිබුණේ නැහැ. භක්තියේ රැස්වීම්වල මිනිසුන් එකිනෙකා හමුවන විට, ඔවුන් ’නමස්තේ‘ පවසා එකිනෙකාගේ දෙපා මුල හිස නමයි. කෙනෙකුගේ දෙපා මුල හිස නැමීමේ චාරිත්‍රය උගන්වන්නේ නිරහංකාරකම උදෙසාය. මෙහි, ඔය දරුවන් ජීවාත්ම අවධානයට පත් විය යුතුයි. ජීවාත්මයක්, තවත් ජීවාත්මයකට කරන්නේ කුමක්ද? කෙසේවෙතත්, මෙය කිව යුතුයි. නිදසුනක් ලෙස ඔබ බාබාට ’නමස්තේ‘ කියයි. දැන් පියා පවසන්නේ : මා ඔබට බ්‍රහ්මාගේ සාමාන්‍ය සිරුර තුළින් උගන්වනවා. මා ඔහුගේ මාර්ගයෙන් ස්ථාපනය සිදු කරනවා. කෙසේද? ඔහුට එය විස්තර කර දිය හැකි වන්නේ, පියා ඔබ ඉදිරියේ පෞද්ගලිකව අසුන්ගෙන සිටින විට පමණයි. එසේ නැත්නම් කෙනෙක් වටහාගන්නේ කෙසේද? පියා මෙහිදි ඔබ ඉදිරියේ මුහුණට මුහුණලා අසුන්ගෙන විස්තර කරන අතර ඔය දරුවන් වටහාගනී. ඔබට දෙදෙනාටම ’නමස්තේ‘ කීමට සිදුවෙයි - ’බාප්දාදා නමස්තේ.‘ පිටස්තර අයට මෙය ඇසුනේ නම්, ඔවුන් අවුලට පත් වී, ඔබ ’බාප්දාදා‘ කියන විට පවසන්නේ කුමක්ද කියා විමසයි. බොහෝ මනුෂ්‍යයන්ටද ද්විත්ව නම් තිබේ. නිදසුනක් ලෙස ලක‍්ෂ්මි-නාරායන සහ රාධේ-ක්‍රිෂ්ණා ද නම්ය. එය හරියට පිරිමියෙක් සහ ස්ත්‍රියක් ඒකාබද්ධ වී ඇති සේය. දැන් මෙහි සිටින මේ කෙනා බාප්දාදාය. මෙම දේවල් වටහා ගත හැක්කේ ඔය දරුවන්ට පමණයි. පියා අනිවාර්යෙන් වඩාත්ම ශ්‍රේෂ්ඨයි. ඔවුන්ට ද්විත්ව නමක් තිබුණාට ඒ එක පුද්ගලයෙකි. එසේ නම් ඔවුන් නම් දෙකක් තබන්නේ ඇයි? ඒ නම් වැරදි බව, ඔය දරුවන් දැන් දන්නවා. වෙනත් කිසිවෙකුට බාබාව හඳුනාගත නොහැක. ඔබ ’නමස්තේ බාප්දාදා‘ පවසන අතර එවිට බාප්දාදා මෙසේ පිළිතුරු දෙයි ’ඔය ශාරීරික ආධ්‍යාත්මික දරුවන්ට නමස්තේ.‘ එතරම් දීර්ඝ සුබ පැතුමක් නිවැරදි බව නොහැඟෙන නමුත්, වචන නිවැරදිය. ඔය සියලු දෙනාම ශාරීරික දරුවන් මෙන්ම ආධ්‍යාත්මික දරුවන්ය. ශිව බාබා සියලුම ජීවාත්මයන්ගේ පියා වන අතර ඉන්පසුව ප්‍රජාපිතා ද අවශ්‍යයි. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් සහෝදර සහෝදරියන්ය. එය පවුල් මාවතකි. ඔය සියලු දෙනාම බ්‍රහ්ම කුමර කුමරියන්ය. ඔය බ්‍රහ්ම කුමර කුමරියන් පැවතීම තුළින් ප්‍රජාපිතා බ්‍රහ්මාගේ පැවතීම ඔප්පු වෙයි. මෙය අන්ධ විශ්වාසය පිළිබඳ කරුණක් නොවෙයි. බ්‍රහ්ම කුමර කුමරියන්ට තම උරුමය ලැබෙන්නේ පියාගෙන් බව ඔවුන්ට කියන්න; එය බ්‍රහ්මාගෙන් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. බ්‍රහ්මාද ශිව බාබාගේ දරුවාය. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් වන සූක‍්ෂම කලාපයේ නිවැසියන්, නිර්මාණයකි. ඔවුන්ගේ නිර්මාණකරු ශිවාය. ශිවාගේ නිර්මාණකරු කවරෙක්ද කියා කිසිවෙකුට ඇසිය නොහැක. කිසිවෙකුට ශිවාගේ නිර්මාණකරු විය නොහැක. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්, නිර්මාණයේ කොටසකි. ඔවුන්ටත් ඉහළින් සිටින්නේ සියලුම ජීවාත්මයන්ගේ පියා වන ශිවාය. දැන්, ඔහු නිර්මාණකරු නම්, මෙවන් ප්‍රශ්නයක් මතුවෙයි, ’ඔහු නිර්මාණය සිදු කළේ කවදාද ?‘ නැත! මෙම නිර්මාණය සදාතනිකයි. ’ඔහු මෙපමණ ජීවාත්ම නිර්මාණය කළේ කවදාද?‘ යන ප්‍රශ්නය මතු විය නොහැක. මෙම සදාතනික නාටකය දිගටම පවතිනවා; එය අනන්තයි; එය කිසිදා අවසන් නොවෙයි. මේ සියලුම දේවල් ඔය දරුවන් තුළ අංක පිළිවෙලට තිබේ. මෙය ඉතාම පහසුයි. කෙනෙක් ජීවත් වුණත් මිය ගියත්, ඔබ තුළ ඒකායන පියාට හැර වෙනත් කිසිවෙකුට බැඳීමක් නොතිබිය යුතුයි. මෙවන් ගීතයක් තිබේ: ඔබගේ මව මිය ගියත් හල්වා කන්න... නිදසුනක් ලෙස කෙනෙක් මිය ගියත්, කණස්සලු වීමට අවශ්‍ය නැහැ, මන්ද, මෙම නාටකය පෙර නියම වූවක්. නාටකයට අනුව ඔහුට එම වෙලාවේ යාමට තිබුණා. කිසිවෙකුට ඒ ගැන කළ හැක්කේ කුමක්ද ? දුක් වීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. මෙය යෝගා බලයේ මනෝ ස්ථීතියයි. ඔබ සුළුවෙන් හෝ කලබල නොවිය යුතු බව, නීතිය පවසයි. සෑම කෙනෙක්ම නළුවෙකි. සෑම කෙනෙක්ම තම චරිත කොටස නොකඩවා රඟපායි. ඔය දරුවන්ට දැනුම ලැබී තිබේ. ඔවුන් පියාට පවසන්නේ: අහෝ පරම පියා, පරමාත්ම ජීවය, පැමිණ අපව රැගෙන යන්න! මේ සියලුම ශරීර විනාශ කරවා සියලුම ජීවාත්ම ඔහු සමග ආපසු ගෙන යාම, ඉතා විශාල කාර්යයකි. මෙහි කෙනෙක් මිය යන්නේ නම් මිනිසුන් මාස 12ක් නොකඩවා හඬයි. පියා බොහෝ ජීවාත්ම ඔහු සමඟ රැගෙන යයි. සෑම කෙනෙකුගේම ශරීරය මෙහි හැර දමා යයි. මහා භාරත යුද්ධය ආරම්භ වන විට, ඔවුන් මදුරු රෑන් මෙන් නොකඩවා පිටමං වන බව, ඔය දරුවන් දන්නවා. ස්වභාවික ව්‍යසනද පැමිණීමට තිබේ. මේ මුළු ලෝකයම පරිවර්ථනය විය යුතුයි. දැන් බ්‍රිතාන්‍යය සහ රුසියාව ආදිය කෙතරම් විශාලද කියා බලන්න! ස්වර්ණමය යුගයේ ඒ සියල්ල තිබුණාද? අපගේ රාජධානියේ ඒ කිසිවෙකු නොසිටිය බව, කිසිවෙකුගේ බුද්ධියට පවා ඇතුළු නොවෙයි. තිබුණේ එක ධර්මයක් සහ එක රාජධානියකි. මෙය ඔබගේ බුද්ධිය තුළ ඉතා හොඳින් තබා ගැනීමේදී ඔබද අංක පිළිවෙලයි. ඔබ එය ධාරණය කරගන්නේ නම්, ඔබගේ කුල්මත් බව නිරන්තරයෙන් ඉහළ නැඟ තිබෙයි. එතරම් ඉහළ කුල්මත් බවක් පවත්වා ගන්නේ ඉතා සුළු පිරිසක් වන අතර එයත් බොහෝ අපහසුවෙනි. තම නෑ මිතුරන් සහ සියලු දෙනාගෙන් තම මතකය ඉවත් කරගෙන අසීමිත සතුටේ ස්ථාවරව සිටීම මහා ආශ්චර්යයකි. ඔව්, අවසානයේ මෙයත් සිදුවෙයි. කර්මතීට් ස්ථීතිය ලබා ගන්නේ අවසානයේ පමණයි. එවිට ශරීර පිළිබඳ අවධානය බිඳී යයි. ’එපමණයි! අප දැන් නිවහනට යනවා.‘ මෙය සාමාන්‍ය දෙයක් මෙනි. නාට්‍යයක නළුවන් තම චරිත කොටස් රඟපා අවසන් කළ විට, ඔවුන් නිවසට යයි. ඔබ එම ඇඳුම්, මෙම සිරුරු මෙහි දමා යා යුතුයි. ඔබ එම සිරුරු අරගත්තේ මෙහිදි වන අතර ඔබ ඒවා හැර දමා යා යුත්තේද මෙහිය. මේ සියලුම අළුත් කරුණු ඔබගේ බුද්ධියේ තිබේ. වෙනත් කිසිවෙකුගේ බුද්ධිය තුළ ඒවා නැත. ඇල්ෆා සහ බීටා. ඇල්ෆා උසස්ම කෙනාය. මෙවන් කියමනකි බ්‍රහ්ම මාර්ගයෙන් ස්ථාපනය, ශංකර් මාර්ගයෙන් විනාශය සහ විෂ්ණු මාර්ගයෙන් පැවැත්ම. අච්චා, එසේ නම් ශිවාගේ කාර්යය කුමක්ද? උසස්ම උසස් ශිව බාබාව කිසි කෙනෙක් නොදනී. ඔවුන් නිකමට පවසන්නේ, ’ඔහු සෑම තැනකම සිටින අතර ඒ සියල්ලම කොහොමත් ඔහුගේ ස්වරූපයි.‘ ලෝකයේ සියලු දෙනාගේ බුද්ධිය තුළ මෙය ස්ථීර වී ඇති අතර ඔවුන් තමෝප්‍රධාන් වී ඇත්තේ මේ නිසයි. පියා පවසන්නේ : මුළු ලෝකයම පහත් තත්වයකට පත් වෙලා. එවිට, මා පමණක් පැමිණ සියලු දෙනාටම මුක්තිය ලබා දෙනවා. ඔහු සෑම තැනකම සිටින්නේ නම්, එවිට සියලු දෙනාම දෙවියන්ය, දෙවියන්ම පමණක් වෙයි. එක් අතකට ඔවුන් පවසන්නේ ’සියලු දෙනාම සහෝදරයන්‘ ඉන්පසුව අනෙක් අතට ඔවුන් පවසන්නේ ’සියලු දෙනාම පියවරුන්.‘ ඔවුන්ට වැටහෙන්නේ නැහැ. අසීමිත පියා ඔය දරුවනට පවසන්නේ : දරුවනේ, මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. බාබා පවසන්නේ : මෙම දාදාව හෝ මමාව වත් සිහි නොකරන්න. පියා පවසන්නේ : මමා සහ බාබා ඇතුළුව, කිසි කෙනෙක්ව වර්ණනා නොකළ යුතුයි. ශිව බාබා නොසිටියේ නම්, මෙම බ්‍රහ්මාට කළ හැක්කේ කුමක්ද? මේ කෙනා සිහි කිරීමෙන් කුමක් සිදුවෙයිද? ඔව් ඔබ දන්නවා ඔබ උරුමය හිමි කර ගන්නේ පියාගෙන්, මේ කෙනාගෙන් නොවෙයි, නමුත් මෙම කෙනාගේ මාර්ගයෙන්. මේ කෙනාද උරුමය හිමි කර ගන්නේ ඒ කෙනාගෙන්, එබැවින් ඔබ සිහි කළ යුත්තේ ඒ කෙනාවයි. මේ කෙනා මැද සිටින ඒජන්තවරයෙක් පමණයි. යුවළක් විවාහ ගිවිසගත් විට, ඔවුන් එකිනෙකාව සිහි කරයි. විවාහයේ කපුකම කළ කෙනා, මැද සිටින ඒජන්තකරුයි. පියා සහ ඔබ අතර විවාහ ගිවිස ගැනීම, මේ කෙනාගේ මාර්ගයෙන් සිදු කරයි. මෙම ප්‍රශංසාව තිබෙන්නේ ඒ නිසයි : ඒජන්ත මාර්ගයෙන් මට සත්ගුරු මුණගැසුනා. සත්ගුරු ඒජන්ත නොවෙයි, සත්ගුරු අශාරීරිකයි. ඔවුන් මෙසේ කියයි: ගුරූ බ්‍රහ්ම, ගුරූ විෂ්ණු, නමුත් ඔවුන් ගුරූන් නොවෙයි! සියලු දෙනාටම විමුක්තිය පිරිනමන, සත්‍ය ගුරූ වන්නේ ඒකායන පියා පමණයි. පියා ඔබට උගන්වයි. ඔබ එවිට අන් අයට මාර්ගය පෙන්වා ඔවුන්ට මෙසේ පවසයි: දකින නමුත් නොදකින්න! ඔබගේ බුද්ධි ශිව බාබාට සම්බන්ධ කර තබාගන්න. ඔය දෑසින් දකින සෑම දෙයක්ම සොහොනක් බවට පත් වීමට යයි. මේ කෙනාව නොවෙයි, ඒකායන පියා සිහි කරන්න. බුද්ධිය පවසන්නේ: මට මේ කෙනාගෙන් උරුමය ලබා ගත නොහැක. උරුමය හිමි වන්නේ පියාගෙනි. ඔබ පියා වෙතට යා යුතුයි. ශිෂ්‍යයෙක්, තව ශිෂ්‍යයෙක් සිහි කරන්නේ නැත. ශිෂ්‍යයෙක් නිසැකවම සිහි කරන්නේ ගුරුවරයාවයි. පාසැලේ දක‍්ෂ ශිෂ්‍යයන් අන් අයවත් ඉහළ නැංවීමට උත්සාහ දරයි. පියා පවසන්නේ : එකිනෙකා ඉහළ නැංවීමට උත්සාහ දරන්න. කෙසේනමුත්, එය ඔවුන්ගේ භාග්‍යයේ නොමැති නම්, ඔවුන් උත්සාහ දරන්නේවත් නැහැ. ඔවුන් ටිකකින් සෑහිමට පත්වෙයි. ඔබ අන් අයට විස්තර කළ යුතුයි. බොහෝ දෙනෙක් ප්‍රදර්ශන වලට පැමිණෙයි. බොහෝ දෙනෙකුට විස්තර කර දීමෙන් විශාල ප්‍රගතියක් ලබා ගත හැක. ආරාධනා පත් යවා ඔවුන්ට ආරාධනා කරන්න, එවිට බොහෝ වැදගත්, නුවණැති මිනිසුන් පැමිණෙයි. බොහෝ විවිධාකාර මිනිසුන් ආරාධනාවක් නොමැතිව පැමිණෙයි. ඔවුන් බොහෝ වැරදි දේවල් දිගින් දිගටම කියයි! රාජකීය මිනිසුන්ගේ හැසිරීමද රාජකීයයි. රාජකීය මිනිසුන් රාජකීයත්වයෙන් ඇතුළු වෙයි. ඔවුන්ගේ හැසිරීමේද විශාල වෙනසක් තිබේ. වෙනත් අය හැසිරෙන ආකාරයේ සහ අන් අයට කතා කරන පිළිවෙලෙහි කිසිම ආචාරශීලි බවක් නැත. සෑම අන්දමේ අය සමූහයට (මේලාවන්ට) පැමිණෙයි. කිසි කෙනෙකුට ඇතුළු වීම ප්‍රතික්ෂේප නොකරයි. එබැවින්, ඔවුන්ට ප්‍රදර්ශන වලට ආරාධනා කරමින් මිනිසුන්ට ආරාධනා පත් යවන්නේ නම්, ඉතා හොඳ, රාජකීය මිනිසුන් පැමිණෙයි. එවිට ඔවුන් ගොස් අන් අයටද කියයි. විටෙක කාන්තාවන්ට පමණක් පැමිණීමට, කාන්තාවන්ට පමණක් වැඩසටහනක් පවත්වන්න, මන්ද බොහෝ ස්ථාන වල කාන්තාවන් සිටින්නේ තිරයක් පිටුපසයි. එබැවින් කාන්තාවන්ට පමණක් වැඩසටහනක් පවත්වන්න. එයට පිරිමින්ට පැමිණීමට අවසර නොදිය යුතුයි. බාබා ඔබට පවසා තිබෙන්නේ : ප්‍රථමයෙන් ඔබ පහදා දිය යුත්තේ ශිව බාබා අශාරීරික බවය. ශිව බාබා සහ ප්‍රජාපිතා බ්‍රහ්මා යන දෙදෙනාම ’බාබා‘ය. දෙදෙනාට එක්කෙනෙක් විය නොහැක, එබැවින් ඔබට බාබාලා දෙදෙනාගෙන්ම උරුමය ලැබෙන්නේ නැහැ. ඔබට සීයෙක් හෝ පියෙකුගෙන් උරුමයක් ලැබෙයි. සීයාගේ දේපළ වලට කෙනෙකුට අයිතිවාසිකමක් තිබේ. දරුවෙක් කෙතරම් නොවටිනා කෙනෙක් වුවද, ඔහුට තම සීයාගේ උරුමය හිමි වෙයි. මෙහි ඇති නීතිය මෙයයි. සමහර මිනිසුන්ට මුදල් ලැබුණු විට ඔවුන් වසරකදි එය අපතේ හරින බවද වැටහෙන කරුණකි, නමුත් රාජ්‍ය නීතියට අනුව එය ඔහුට භාර දිය යුතුයි. රජයට කිසිවක් කළ නොහැක. කෙසේවෙතත්, බාබාට අත්දැකීම් තිබේ. මාස 12කදි රුපියල් මිලියන 10ක් අපතේ හැරිය රජෙකුගේ දරුවෙක් සිටියා. එවන් සමහරෙක් සිටියි. එවන් අයව ශිව බාබා දැක ඇති බව ඔහු නොකියයි. මේ කෙනා (බ්‍රහ්මා) පවසන්නේ: මා එවන් බොහෝ නිදසුන් දැක තිබේ. මේ ලෝකය ඉතා අපිරිසිඳුයි. මෙය පැරණි ලෝකයක්, පැරණි නිවසක්. සාමාන්‍යයෙන් පැරණි නිවසක් කඩා දමයි. ලක‍්ෂ්මි සහ නාරායනගේ රාජ මාලිගා කෙතරම් ප්‍රථම ගණයේද කියා බලන්න. ඔබට පියා විසින් දැන් වැටහීම ලබා දෙන අතර ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවට පත් වෙනවා. මෙය සත්‍ය නාරායනගේ කතා පුවතයි. මෙය වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. ඔබ අතරින්ද සමහරු තවම සම්පූර්ණ මල් බවට පත් වී නැහැ. ඔබට මේ සඳහා ඉතා හොඳ රාජකීයත්වයක් තිබිය යුතුයි. ඔබ දිනෙන් දින ප්‍රගතිය ලබනවා. ඔබ අඛණ්ඩව මල් බවට පත් වනවා. ඔය දරුවන් සෙනෙහසින් පවසන්නේ: ’බාප්දාදා‘. ඔබගේ මෙම භාෂාව අළුත් වන අතර වෙනත් මනුෂ්‍යයන්ට මෙය වටහාගත නොහැක. නිදසුනක් ලෙස බාබා යම් තැනකට ගොස්, දරුවන් ’බාප්දාදා නමස්තේ‘ කියා පවසන විට, බාබා ප්‍රතිචාර දක්වන්නේ, ’ඔය ආධ්‍යාත්මික ශාරීරික දරුවන්ට නමස්තේ‘ කියාය. ඔහුට ඒ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමට සිදුවෙයි. වෙනත් අයට මෙය ඇසුනොත් මෙය යම් අළුත් දෙයක් බව ඔවුන් පවසයි. එක්කෙනෙකුට ’බාප්දාදා‘ කියන්නේ කෙසේද? බාප් සහ දාදා යන දෙදෙනාට කිසිදා එක්කෙනෙක් විය හැකිද? එක් එක්කෙනාගේ නමද වෙනස්ය. ඔබ ශිව බාබා සහ බ්‍රහ්ම දාදා යන දෙදෙනාගේම දරුවන්ය. ශිව බාබා මෙම කෙනා තුළ අසුන්ගෙන සිටින බවත්, ඔබ බාප්දාදාගේ දරුවන් බවත්, ඔබ දන්නවා. ඔබගේ බුද්ධිය මෙයවත් සිහි කරන්නේ නම්, ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළ නැඟ තිබෙයි. නාටකය පිළිබඳවද ඔබ ස්ථාවරව සිටිය යුතුයි. නිදසුනක් ලෙස යමෙක් තම සිරුර හැර ගිය විට ඔහු ගොස් වෙනත් චරිත කොටසක් රඟපායි. සෑම සියලු ජීවාත්මයකටම සදාතනික චරිත කොටසක් ලැබෙයි. මේ පිළිබඳව කිසිදු සිතිවිල්ලක් ඇති කිරීමට අවශ්‍ය නැහැ. ඔහුට ගොස් වෙනත් චරිත කොටසක් රඟපෑමට තිබුණි. ඔහුව නැවත ගෙන්වා ගත නොහැක. නාටකය මෙයයි. මෙහි අඬන්නට කිසිවක් නැත. එවන් මනෝ ස්ථීතියක් ඇති අය පමණක් ගොස් බැඳීම් නොමැති රජවරු වෙයි (නිර්මෝහි රජතුමා). සත් යුගයේ සියලු දෙනාටම බැඳීම් නැත. මෙහිදි කෙනෙක් මිය ගිය විට, ඔවුන් බොහෝ සේ අඬයි! ඔබට පියාව හමු වී ඇති විට අඬන්නට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැත. බාබා ඔබට ඉතා හොඳ මාර්ගයක් පෙන්වයි. කුමාරීන්ට එය ඉතා හොඳයි. ඔබගේ පියා මුදල් අපතේ යවා, ඔබව අපායට ඇද වැටෙයි. ඒ වෙනුවට ඔහුට කියන්න ’එම මුදලින් මා ආධ්‍යාත්මික විශ්වවිද්‍යාලයක්-හා-රෝහලක් විවෘත කරන්නම්. මා බොහෝ දෙනෙකුට යහපතක් ගෙන එන්නේ නම්, එය ඔබගේ මෙන්ම මගේද පුණ්‍යකර්මයක් වෙයි.‘ දරුවනේ, ඔබම උද්යෝගිමත්ව රැඳී සිට සෑම දෙයක්ම - සිරුර, මනස සහ ධනය - භාරතය, දෙව්ලොව බවට පත් කිරීමට වැය කළ යුතුයි. බොහෝ කුල්මත් බවක් තිබිය යුතුයි! ඔබට එය දීමට අවශ්‍ය නම්, එය දෙන්න! ඔබට අවශ්‍ය නැත්නම් එවිට නොදෙන්න! ඔබට තමන්ට මෙන්ම තව බොහෝ දෙනෙකුට යහපතක් සිදු කිරීමට අවශ්‍ය නැද්ද? මෙපමණ කුල්මත් බවක් තිබිය යුතුයි. විශේෂයෙන්ම කුමාරීන් බොහෝ අවධානයෙන් සිටිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ ක්‍රියාකාරකම් සහ හැසිරීම බොහෝ රාජකීය විය යුතුයි. හොඳ ආචාරශීලී බවකින් කතා කරන්න. නිරහංකාරකමේ ගුණදහම ධාරණය කරගන්න.

2. ඔය දෑසින් දකින සෑම දෙයක්ම සොහොනක් බවට පරිවර්ථනය වීමට යනවා. එබැවින් දකින අතර නොදකින්න. කිසිම ශාරීරික ජීවයක් නොව, ශිව බාබා පමණක් සිහි කරන්න.

වරදානය:
ඔබ අවධානයේ ප්‍රතිමූර්තියක් වී බෝනික්කන්ගේ ක්‍රීඩා අවසන් කර මෙම ඥානයේ මාස්ටර් සාගරයක් වී බලයේ ප්‍රතිමූර්තියක් වේවා.

භක්ති මාර්ගයේ, ඔවුන් පිළිම සාදා, ඒවාට නමස්කාර කර, පසුව ඒවා ගිල්වන අතර, ඔබ එය බෝනික්කන් වන්දනාව ලෙස හඳුන්වයි. එලෙසම ඊර්ෂ්‍යාව, පරිකල්පන, බලහත්කාරය වැනි කිසිදු හරයක් නැති අජීවී තත්වයන් ඔබ ඉදිරියට පැමිණේ. ඔබ ඒවා ප්‍රසාරණය කර ඔබම, ඒවා සත්‍ය බවට අත්දකින අතර අන් අයටද ඒවා සත්‍ය වීමට අත්විඳීමට සලස්වයි. ඉතින්, එය ජීවිතය ඒ තත්ත්වයන්ට පත් කරනවා වගේ වේ. එබැවින්, ඥාන සාගරය වන පරමාත්ම පියා සිහි කිරීමෙන් ඔබට අතීතය අතීතය වීමට ඉඩ දී එය ස්වයං-ප්‍රගතියේ රළවල ගිල්වා දැමිය හැකිය. කෙසේවෙතත්, එය තුළ පවා කාලය නාස්ති වේ. ඒ නිසා කලින්ම මේ ඥානයේ මාස්ටර් සාගරයක් වී ඒ බෝනික්කන්ගේ ක්‍රීඩාව අවබෝධයේ සහ බලයේ ආශිර්වාදයෙන් අවසන් කරන්න.

පාඨය:
අවශ්‍ය අවස්ථාවක සහයෝගයෙන් ක්‍රියා කරන අයට එකකින් කෝටි ගුණයකින් ඵල ලැබේ.

හුදකලාවට ප්‍රිය කර, එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.

සියලුම ආගමික සහ දේශපාලන නායකයන්ට පවිත්‍රතාවයේ සහ එකමුතුකමේ අත්දැකීමක් ලබා දෙන්න. ඔවුන්ට මෙය නොමැති නිසා, මෙම අධිකාරීන් දෙකම දුර්වලයි. ආගමික අධිකාරිත්වය මෙයින් නිදහස් කිරීමට ඇති විශේෂ ක්‍රමය පවිත්‍රතාවය ඔප්පු කිරීම සහ දේශපාලන අධිකාරිත්වය ඉදිරියේ එකමුතුකම ඔප්පු කිරීමයි.