05.03.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සතුට තරම් පෝෂ්‍යදායී දෙයක් තවත් නැහැ. එහේ මෙහේ යන එන අතරතුර පවා පරමාත්ම
පියාව සතුටින් සිහිපත් කරන්න. එවිට ඔබ පාරිශුද්ධ වේවි.
ප්‍රශ්නය:
පාපකාරී
ක්‍රියා කිරීම නැවැත්වීමේ මඟ කුමක්ද?
පිළිතුර:
පාපකාරී ක්‍රියා කිරීම නවතා තමාව ආරක්ෂා කර ගැනීමේ මඟ නම් ශ්‍රීමත් අනුගමනය
කිරීමයි. පරමාත්ම පියාගේ පළමුවෙනිම ශ්‍රීමත් උපදේශය නම් තමා ජීවාත්මයක් බව සළකා
පරමාත්ම පියාව සිහි කරන්න. මෙම උපදේශය අනුගමනය කිරීමෙන් ඔබට පාපකාරී ක්‍රියා දමනය
කර ගත හැකි වේ.
ඕම් ශාන්ති.
ඔය
ආධ්‍යාත්මික දරුවන් මෙහිත් ඒ වගේම සියලුම මධ්‍යස්ථාන වලත් අසුන් ගෙන සිටිනවා.
ආධ්‍යාත්මික පියා දැන් පැමිණ සිටිනා බව ඔය සෑම කෙනෙක්ම දන්නවා. ඔහු නැවතත් වතාවක්
අපව මෙම අපිරිසිඳු පැරණි ලෝකයෙන් ආපසු ගෙන යනවා. පරමාත්ම පියා පැමිණ සිටින්නේ ඔබලාව
පාරිශුද්ධ කරවීමටයි. ඔහු කතා කරන්නේ ජීවාත්ම සත්ථාවන්ට පමණයි. දෙකන් හරහා ඇහුම් කන්
දෙන්නේ ජීවාත්ම සත්ථාවයි. පරමාත්ම පියාට තමාටම කියා ශරීරයක් නැහැ. එමනිසා, පරම පියා
කියනවා : මගේ හැඳින්වීම දීම සඳහා මම මෙම ශරීරයේ ආධාරය ලබා ගන්නවා. මම මෙම සාමාන්‍ය
ශරීරයට ඇතුළු වී පාරිශුද්ධ වීමේ මඟ ඔය දරුවන්ට පෙන්වා දෙනවා. මා පැමිණ මෙම ක්‍රමය
ඔබට සෑම කල්පයකදීම පෙන්වා දෙනවා. රාවණ්ගේ මෙම රාජ්‍යයේ දී ඔබ ඉතාමත් අසතුටට පත්
වෙලා. ඔබ සිටින්නේ රාවණ් රාජ්‍යයේයි, දුක් කුටියේයි. කලි යුගය හඳුන්වන්නේ දුක් දේශය
කියායි. සතුටේ දේශය ක්‍රිෂ්ණාගේ දේශයයි, දිව්‍යලෝකයයි. ඒ දේශය දැන් නැහැ. බාබා දැන්
අපට ඉගැන්වීමට පැමිණ සිටිනා බව ඔය දරුවන් දන්නවා. පරමාත්ම පියා කියනවා : ඔබගේම
නිවහනේ වුවත් ඔබට පාසලක් ගොඩනැගිය හැකියි. ඔබ පාරිශුද්ධ වී අන් අයවත් පාරිශුද්ධ
කරවිය යුතුයි. ඔබ පාරිශුද්ධ වුණු විට මුළු ලෝකයමත් පාරිශුද්ධ වේවි. දැන් ලෝකය
දූෂිතයි සහ අපිරිසිඳුයි. දැන් එය රාවණ් රාජ්‍යයයි. මේ දේවල් ඉතාමත් හොඳින් තේරුම්
ගන්නා අය ඒවා අන් අයටත් පහදා දිය යුතුයි. පරමාත්ම පියා කියන්නේ : දරුවනි, තමන්
ජීවාත්ම සත්ථාවන් බව සලකා පරම පියා වන මා සිහි කරන්න. අන් අයටත් ඒ ලෙසින්ම පහදා
දෙන්න. පරමාත්ම පියා පැමිණ කියනවා : මා සිහි කරන්න. ඔබ පාරිශුද්ධ වේවි. කිසිම යක්ෂ
ක්‍රියාවක් කරන්න එපා. මායා විසින් ඔබ ලවා කරවනා සෑම ක්‍රියාවක්ම අනිවාර්යෙන්ම
කිලිටි හා පාපකාරී ක්‍රියාවන් වේ. ඔබ විසින් කළ පළමුවනම වැරැද්ද නම් දෙවියන් සෑම
තැනකම සිටිනවා කියා කීමයි. ඔබ ලවා එසේ කියෙව්වේ මායායි. සෑම කරුණක්ම සම්බන්ධයෙන්
මායා ඔබ ලවා පාපකාරී ක්‍රියා කරවයි. කර්ම, විකර්ම හා අකර්ම පිළිබඳ රහස ඔබට පහදා දී
තිබෙනවා. ශ්‍රීමත් අනුගමනය කිරීම මත කල්ප බාගයක් පුරාවටම ඔබට සතුට විඳිය හැකි වේවි.
පසුව ඉතිරි කල්ප බාගය පුරා රාවණ්ගේ මත අනුගමනය කිරීමෙන් ඔබ දුක් විඳින්න පටන්
ගන්නවා. රාවණ් රාජ්‍යයේ ඔබ විසින් කළ සෑම භක්ති ක්‍රියාවකින්ම සිදු වූයේ ඔබ පහළට ඇද
වැටීම පමණයි. මේ දේවල් ගැන ඔබ දැන ගෙන සිටියේ නැහැ. ඔබගේ බුද්ධිය මුළුමනින්ම ගල්
වෙලා. ගල් බුද්ධියක් හා දිව්‍යමය බුද්ධියක් කියා කියනවා. භක්ති මාර්ගයේ දී මිනිස්සු
කියනවා ඔහෝ, දෙවියනි, මේ දබර සියල්ල නතර කරවිය හැකි හොඳ බුද්ධියක් මේ පුද්ගලයාට
දානය කරන්න, කියලා. බාබා දැන් ඔබට ඉතාමත් හොඳ බුද්ධියක් දෙනවා කියා ඔය දරුවන්
දන්නවා. බාබා කියනවා : සුමිහිරි දරුවනි, ඔය ජීවාත්මයන්ට අපිරිසිඳු වීමට සිදු වුණා.
දැන් ඔබ ස්මරණීය වන්දනාවේ ගොස් පිරිසිඳු විය යුතුයි. ඔබට විනෝද චාරිකා වුවත් යා
හැකියි. දිගු ගමනක් වුවත් ඔබට පයින්ම යා හැකියි. කොපමණ දුරක් ඇවිද්දත් ඒ යන ගමන ඔබ
බාබාව සිහි කරමින් යනවා නම් ඔබට ඔබගේම ශරීරයත් අමතක වෙනවා. සතුට තරම් පෝෂණයක් තවත්
නැහැයි කියා කියනවා. මුදල් ඉපැයීමට නම් මිනිස්සු හරිම සතුටින් ඕන දුරක් යනවා.
මෙහිදී, ඔබ ඉතාමත් ධනවත් ඉසුරුමත් අය බවට පත් වෙනවා. පරමාත්ම පියා කියනවා : මම සෑම
කල්පයකදීම පැමිණ ඔය ජීවාත්මයන්ට මගේ හැඳින්වීම ලබා දෙනවා. දැනට සෑම කෙනෙක්ම
අපිරිසිඳුයි. එමනිසා, ඔවුන් දිගටම කන්නලව් කරනවා: පැමිණ අපව පාරිශුද්ධ කරවන්න.
පරමාත්ම පියාට කන්නලව් කරන්නේ ජීවාත්ම සත්ථාවයි. රාවණ් රාජ්‍යයේ සිටිනා සෑම කෙනෙක්ම
සිටින්නේ දුක් කුටියේ හරිම දුකින්. රාවණ් රාජ්‍යය මුළු ලෝකය පුරාම විහිදිලා. දැන්
මේ මුළු ලෝකයම තමෝප්‍රධාන්. සතෝප්‍රධාන් දේවතාවරුන්ගේ ප්‍රතිමා තිබෙනවා, ඔවුන්ගේ
ගුණත් ගයනවා. ශාන්ත දේශය හා සතුටේ දේශයට යාමට මිනිස්සු ඔළුව වෙහෙසනවා. පරමාත්ම
දෙවියන් පැමිණ භක්තියේ ඵලය දෙන්නේ කෙසේදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. අප දැන්
ඒ ඵල දෙවියන්ගෙන් ලබනා බව අපට තේරෙනවා. භක්තියේ ඵල දෙකක් තිබෙනවා පළමුව මුක්තිය හා
දෙවනුව ජීවන මුක්තිය. මේවා තේරුම් ගත යුතු ඉතාමත් සියුම් කරුණුයි. භක්තියේ ආරම්භයේ
පටන් භක්ති වන්දනා වල නිරත වුණු අය ඉතාමත් පැහැදිලිව ඥානයත් තේරුම් ගනීවි. එමනිසා,
ඔවුන් ලබනා ඵලයත් යහපත් ඵලයක් වේවි. අඩුවෙන් භක්ති වන්දනාවේ නිරත වූවන් අඩු ඥානයක්
ලබනා අතර ඔවුන් ලබන ඵලයත් ඇත්තේ අඩු මට්ටමකයි. නිවැරදිම වූ ගිණුමක් තිබේ. තත්ත්වය
අංක අනුව වේ. පරමාත්ම පියා පවසනවා : ඔබ පාපයට ඇද වැටුණා නම් ඉන් අදහස් වන්නේ ඔබ මා
අතහැර ගොස් ඇති බවයි. ඒ එම ජීවාත්මය බිමටම ඇද වැටුණා වගෙයි. ඇතැම් අය වැටුණත්
නැවතත් නැගිටිනවා. නමුත් අනිත් අය සම්පූර්ණයෙන්ම කුණු කාණුවටම ඇද වැටෙනවා. ඔවුන්ගේ
බුද්ධිය කවදාවත් ප්‍රකෘති තත්ත්වයට පත් වන්නේ නැහැ. ඇතැම් අයගේ හෘද සාක්ෂිය ඔවුන්ට
වද දෙන්න පටන් ගන්නා නිසා ඔවුන් දුක් විඳිනවා. මම දෙවියන්ටම පොරොන්දුවක් වෙලත් ඔහුව
රවටා පාපයට ඇද වැටුණා. මම පරම පියාගේ අත අතහැර මායාටම සින්න වුණා, කියා ඔවුන්ට
හිතෙනවා. එවන් ජීවාත්ම වාතාවරණය දූෂිත කරනවා ඔවුන් සාපලත් අය බවට පත් වෙනවා.
පරමාත්ම පියා සමඟ ධර්මරාජුත් සිටිනවා. ඒ වෙලාවේ දී එම ජීවාත්මයට තේරෙන්නේ නැහැ තමන්
කරන්නේ කුමක්ද කියා, නමුත් පසුව පසුතැවිලි වෙනවා. මිනීමැරුම් පවා කර සිරගත වන අය
රාශියක් සිටිනවා. පසුව, තමන් නිරපරාදේ මිනිසෙකුගේ ජීවිතය නැති කළා කියා ඔවුන්
පසුතැවිලි වෙනවා. කෝපාවිෂ්ඨ වුණු විට බොහෝ අය මිනීමැරුම් කරනවා. පුවත්පත් වල මෙවන්
පුවත් ගණනාවක් තිබෙනවා. ඔබලා පුවත්පත් කියවන්නේ නැහැ. පිට ලෝකයේ සිදු වන්නේ මොනවාද
කියා ඔබලා දන්නේ නැහැ. දවසින් දවස ලෝකයේ තත්ත්වය නරක අතටමයි හැරෙන්නේ. ඔබ ඉණිමගේ
පහළට පැමිණිය යුතුයි. මෙම නාටකයේ රහස් ඔබ දන්නවා. තමන් සිහි කළ යුත්තේ බාබාවම පමණක්
බව ඔබගේ සිහියේ තිබෙනවා. ඔබගේ රෙජිස්ටරයට හානි වන ආකාරයේ කිසිම කිළිටි ක්‍රියාවක්
කරන්න එපා. පරමාත්ම පියා කියනවා : මම ඔබගේ ගුරුවරයායි. තම සිසුන්ගේ ඉගෙනීම හා
හැසිරීම පිළිබඳ වර්තා සටහනක් ගුරුවරයා ළඟ තිබෙනවා. ඇතැම් අයගේ හැසිරීම ඉතාමත්
හොඳයි. ඇතැම් අය ටිකක් හොඳයි. අනිත් අය හරිම නරකයි. එක් එක් අය සිටින්නේ එක් එක්
මට්ටම් වලයි. පරමාත්ම පියා ඔබට ඉතාමත් උතුම් දේවල් උගන්වනවා. සෑම කෙනෙකුගේම
හැසිරීම් රටාවන් ගැනත් ඔහු දන්නවා. ඔබටත් තේරුම් ගත හැකියි මේ පුරුදු මා ළඟ
තිබෙනවා, මා පරාජය වේවි. බාබා සෑම දෙයක්ම ඉතාමත් පැහැදිලිව පහදා දෙනවා. හොඳින් ඉගෙන
නොගෙන, අන් අයවත් දුකට පත් කරවනා අයට දුකින්ම මිය යාමට සිදු වේවි ඔවුන්ගේ තත්ත්වයත්
විනාශ වී යාවි. ඔවුන්ට දැඩි දඬුවම් විඳීමට සිදු වේවි. සුමිහිරි දරුවනි, ඔබට ඔබගේ
වාසනාවත් අන් අයගේ වාසනාවත් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් කරුණාවන්ත වීමේ සංස්කාරය
ධාරණය කර ගන්න. පරමාත්ම පියා කරුණාවන්තයි ඔහු ඔබගේ ගුරුවරයා වී ඔබට උගන්වනවා.
එලෙසින්ම, ඇතැම් දරුවන් හොඳින් ඉගෙන ගෙන අන් අයටත් උගන්වනවා. මෙහිදී ඔබ කරුණාවන්ත
විය යුතුයි. ගුරුවරයෙක් කරුණාවන්තයි හොඳ තත්ත්වයක් ලබා ගෙන හොඳ ආදායමක් ඉපැයීමේ මඟ
ඔහු පෙන්වා දෙනවා. අනිකුත් ඉගෙනුම් වලත් එක් එක් වර්ගයේ ගුරුවරුන් සිටිනවා. මෙහි
සිටින්නේ එකම එක ගුරුවරයෙකුයි. මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතාවරයෙක් වීමට ඇත්තේ මෙම
අධ්‍යාපනය පමණයි. ප්‍රධානම කරුණ පාරිශුද්ධත්වයයි. සෑම කෙනෙක්ම පාරිශුද්ධ කරවන්නැයි
කියා ඉල්ලා සිටිනවා. පරමාත්ම පියා ඔබට ඒ සඳහා මඟ පෙන්වා දෙනවා. කෙසේවෙතත්, කෙනෙකුගේ
වාසනාවේ එය නොමැති නම් ඔහු කුමන උත්සාහයක් දරන්නද? ඉහළ ලකුණු ලබා ගැනීමට කෙනෙකුගේ
දෛවයේ නැතිනම් උත්සාහ දරන්නැයි කියා ගුරුවරයා දිරිමත් කරවන්නේ කෙසේද? ඔහු අසීමිත
ගුරුවරයායි. පරමාත්ම පියා කියනවා : ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ වූ ඉතිහාසය හා
භූගෝලය පහදා දීමට වෙන කිසිම කෙනෙක්ට බැහැ. මෙම සියලුම අසීමිත කරුණු ඔබට පහදා දෙනවා.
ඔබගේ නිරාශාව අසීමිතයි. ඔබට මේවා කියා දෙන්නේ මෙම පැරණි ලෝකය විනාශ වී නව ලෝකය
නිර්මාණය කළ යුතු නිසයි. සන්‍යාසීන් හුදකලා මඟට අයිති අයයි. ඇත්තටම කියනවා නම්
ඔවුන් වනගතව සිටිය යුතු අයයි. පෙර දින වල ඍෂිවරුන් මුණිවරයින් සිටියේ වනාන්තර වලයි.
ඒ ඔවුන්ගේ බලය සතෝප්‍රධාන්ව තිබුණු කාලයේයි. එකල ඔවුන් මිනිසුන්ගේ ආකර්ශණය දිනා
ගත්තා. ඒ ඇතැම් අයට ආහාර පාන පවා ඔවුන්ගේම කුටියට ගෙන ගියා. සන්‍යාසීවරුන්ට කවදාවත්
දේවාල සෑදුවේ නැහැ. දේවාල සාදන්නේ දේවතාවරුන්ටයි. ඔබ භක්ති වන්දනා කරන්නේ නැහැ. ඔබ
කරන්නේ යෝගාවේ සිටීම පමණයි. ඔවුන්ගේ දැනුම බ්‍රහ්ම ලෝකය සිහි කිරීමයි. ඔවුන්ට
අවශ්‍ය බ්‍රහ්ම ලෝකයට යාමට පමණයි. නමුත් පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට
ඔබව එහි ගෙන යා නොහැක. පරමාත්ම පියා පැමිණෙන්නේ සංගම යුගයටයි. ඔහු පැමිණ දේවතා
ධර්මය ස්ථාපනය කරනවා. මන්ද, ඔබට නව ලෝකයක් අවශ්‍යයි. අන් සෑම ජීවාත්මයක්ම නිවහන බලා
යනවා. පැරණි ලෝකයේ කිසිම කෙනෙක්ට මෙහි සිටිය නොහැකියි. ඔබලා මුළු ලෝකයේම පාලකවරුන්
වෙනවා. මුළු ලොව පුරාම ඔබලාගේ රාජ්‍යය පවතින කල එහි වාසය කළේ ඔබලා පමණයි; වෙන කිසිම
මහාද්වීපයක් තිබුණේ නැහැ. එහි ඕනෑ තරම් ඉඩකඩ තිබෙනවා. මෙහිත් විශාල ගොඩබිමක් තිබුණා
වුවත් ජනගහනය එන්න එන්නම වැඩි නිසා මිනිස්සු මහ මුහුදත් දැන් ගොඩ කරනවා. එවන්
සැකසුම් කටයුතු ඔවුන් ඉගෙන ගත්තේ විදේශිකයින්ගෙන්. මීට පෙර බොම්බෙ තිබුණේ කෙසේද?
ඉදිරියේ දී එය ඉතිරි වන එකක් නැහැ. බාබාට අත්දැකීම් තිබෙනවා. උදාහරණයක් ලෙස කියනවා
නම්, භූමිකම්පාවක් හෝ ධාරාණිපාත වර්ෂාවක් ඇදහැළුණොත් ඔබ මොනවාද කරන්නේ? ඔබට
එළියටවත් යා ගන්න බැරි වෙනවා. ස්වභාවික ව්‍යසන රැසක් ඇති වීමට තිබෙනවා. වෙන කොහොමද
විනාශය සිදු වන්නේ? ස්වර්ණමය යුගයේ සිටියේ භාරතවාසීන් සුළු පිරිස පමණයි. අද එය
කුමක් ද හෙට කුමක් වේවිද? මේ සියල්ල දන්නේ ඔය දරුවන් පමණයි. වෙන කිසිම කෙනෙක්ට මෙම
ඥානය දෙන්න බැහැ. පරමාත්ම පියා කියනවා : ඔබ අපිරිසිඳු වෙලා. මෙන්න මේ නිසා තමයි ඔබ
පැමිණ ඔබව පාරිශුද්ධ කරවන්න කියා මට කන්නලව් කරන්නේ. එමනිසා, ඔහු අනිවාර්යෙන්ම
පැමිණිය යුතුයි. පාරිශුද්ධ ලෝකය ස්ථාපනය වන්නේ එවිටයි. බාබා පැමිණ සිටිනා බව ඔය
දරුවන් දන්නවා. ඔහු ඔබට ඉතාමත් හොඳ ක්‍රම විධි පෙන්වා දෙනවා. පරමාත්ම දෙවියන් කතා
කරයි : මන්මනභාව. සියලුම ශාරීරික ඥාතීත්වයන් කඩා දමන්න. ඔබගේම ශරීරයත් එයට අදාළයි.
මා පමණක් සිහි කරන්න. උත්සාහයක් දැරිය යුත්තේ මෙයට පමණයි. ඥානය ඉතාමත් පහසුයි. කුඩා
දරුවෙකුට පවා මෙය සිහි තබා ගත හැකියි. නමුත් තමන් ජීවාත්මයක් බව සළකා පරමාත්ම පියාව
සිහි කිරීම ඔහුට කළ නොහැක්කක්. වැඩිහිටියන්ගේ බුද්ධියේ මෙය රැඳෙන්නේ නැතිනම්, කුඩා
දරුවෙකුට පුළුවන්ද? ශිව බාබා, ශිව බාබා, කිය කියා නිතරම කිව්වත් තමන් ආලෝක තිතක්
වීම හෝ බාබාත් කුඩා තිතක් වීම ඔහුට තේරුම් ගත නොහැකියි. මෙය අවධානයේ තබා ගැනීම
අපහසුයි. ඔබ මෙය නිවැරදිවම සිහි කළ යුතුයි. ඔහු කිසිම විශාල කෙනෙක් නොවෙයි. පරමාත්ම
පියා කියනවා : මගේ නිවැරදිම ස්වරූපය තිතකි. මෙන්න මේ නිසා තමයි නිවැරදිවම මා සිහි
කිරීමට දැඩි උත්සාහයක් අවශ්‍ය වන්නේ. පරමාත්ම ජීවය බ්‍රහ්ම ලෝකයයි කියා ඔවුන්
කියනවා. නමුත් අප කියන්නේ ඔහු ඉතාමත්ම කුඩා ලක්ෂ්‍යයක් බවයි. දිවා රෑ මෙන් වෙනසක්
තිබෙනවා. බ්‍රහ්ම ලෝකය ජීව සත්ථාවන් වන අපගේ වාසස්ථානයයි. ඔවුන් එයට පරමාත්ම ජීවය
යැයි කියනවා. මෙය ඔබගේ සිහියේ තබා ගන්න : මම ජීව සත්ථාවක්මි. පරමාත්ම ජීවයේ
දරුවෙක්මි. මම මෙම දෙකන් වලින් සවන් දෙමි. බාබා මෙම මුඛයෙන් පවසනවා : මම පරමාත්ම
ජීවයයි. මම ඈත එපිට දේශයේ වැසියායි. ඔබත් සිටින්නේ එහියි. නමුත් ඔබ ඉපදීම මරණය
චක්‍රයට ඇතුළු වෙනවා. මම නැහැ. ඔබගේ උපත් 84 ගැන ඔබට තේරෙනවා. පරමාත්ම පියාගේ චරිත
ජවනිකාවත් ඔබ තේරුම් ගෙන තිබෙනවා. ජිවාත්මයක් කුඩා හෝ විශාල වන්නේ නැහැ. නමුත් කලි
යුගයට පැමිණි විට ඔහු කිලිටි වෙනවා. මේ මුළු ඥාන සම්භාරයම එවන් කුඩා ජීව තිතක් තුළ
තිබෙනවා. පරමාත්ම පියාගේ ස්වරූපයත් ඉතාමත් කුඩායි. කෙසේවෙතත්, ඔහුව හඳුන්වන්නේ
පරමාත්ම ජීවය කියලයි. ඔහු ඥාන සාගරයයි. ඔහු පැමිණ ඔබට පැහැදිලි කරයි. ඔබ ඉගෙන ගන්නා
සෑම දෙයක්ම ඔබ පෙර චක්‍රයේ ඉගෙනගෙන ඇත. ඒ තුළින් ඔබ දේවතාවරුන් වුණා. ඔබලා අතරිනුත්
නරකම වාසනාවක් ඇති අය වන්නේ අපිරිසිඳු වී තම බුද්ධිය පරිහාණියට ඇද දමා ගන්නා අයයි.
ඒ ඔවුන්ට ඥානය ධාරණය කර ගත නොහැකි නිසයි. ඔවුන්ගේ හෘද සාක්ෂිය නිතරම ඔවුන්ට වද
දෙනවා. පාරිශුද්ධව සිටින්නයි කියා ඔවුන් අන් අයට කියන්නේ නැහැ. අපිරිසිඳු වීමෙන්
තමන් පරාජිත වෙලා කියා ඔවුන්ට තේරෙනවා. උපයා ගත් සම්පූර්ණ ආදායම ඔවුන් අහිමි කරගෙන.
පසුව ඔවුන්ට සෑහෙන කාලයක් ගත වෙනවා. මේ එක් පහරින් ඔවුන් සිහි විකල් වෙනවා. ඔවුන්ගේ
රෙජිස්ටරය පළුදු වෙලා. පරමාත්ම පියා කියාවි : ඔබ මායාට පැරදිලා. ඔබගේ වාසනාව හරිම
අහිතකරයි. මායා දමනය කර ඔබ ලෝකයත් ජයගත යුතුයි. ලෝකය ජයගත්තන් කියා හඳුන්වන්නේ
අධිරාජ්‍යවරුන් හා අධිරාජිණියන් පමණයි; පුරවැසියන්ට එසේ කියන්නේ නැහැ. ස්වර්ණමය
යුගයේ දේවතා රාජ්‍යය දැන් ස්ථාපනය වෙමින් පවතිනවා. යමක් කළ කෙනෙක් අනිවාර්යෙන්ම එහි
ඵලය ලබනවා. තමනුත් පාරිශුද්ධත්වයට පත් වී අන් අයවත් පාරිශුද්ධ කළ තරමට එහි ඵලය ඔබ
ලබාවි. වැඩි වැඩියෙන් දන් දෙන අය එහි ප්‍රතිඵල ලබනවා වගේ. දන් දෙන අය සිහි කෙරෙනවා;
ඊළඟ උපතේ දී ඔවුන් තාවකාලික සතුටක් ලබනවා. මෙය උපත් 21 ක කරුණක්. ඔබ පාරිශුද්ධ
ලෝකයේ පාලකවරුන් විය යුතුයි. මීට පෙරත් පාරිශුද්ධ වුණු අය පමණයි නැවතත් පාරිශුද්ධ
වන්නේ. මෙම මඟ ඉදිරියටම යන අතර මායාගේ පහර කා ඔබ පහළටම ඇද වැටෙනවා. මායාත් දෙවෙනි
නැහැ. වසර අටක් දහයක් පුරා පාරිශුද්ධව සිට පාරිශුද්ධත්වය වෙනුවෙන් සටන් කර, අන්
අයවත් බේරූ අයත් ඇදගෙන වැටෙනවා. ඒක ඉතින් දෛවය තමයි. නැත්ද? බාබාට අයිති වී ඉඳලත්
ඔවුන් මායාට සින්න වෙනවා. එමනිසා, ඔවුන් සතුරන් වෙනවා. දෙවියන්ගේ මිතුරෙක් වූ අයෙක්
ගැන කතාවක් තිබෙනවා. බාබා පැමිණ ඔබට ආදරය දී දර්ශනත් ලබා දෙනවා. භක්ති නොකරත් ඇතැම්
අය දර්ශන ලබනවා. එමනිසා, ඔහු ඔබව ඔහුගේ මිතුරන් කර ගන්නවා. බොහෝ අයට බොහෝ දර්ශන
පෙනුනා. නමුත් ඔබ මායා මන්තර කරනවා යැයි කියා සිතූ නිසා මිනිස්සු ඔබට නොයෙකුත් කලබල
ඇති කළා. එමනිසා, දර්ශන දීම නැවැත්වූවා. අවසානයේ දී ඔබලා තවත් දර්ශන රැසක් දකීවි. ඒ
දින වල ඔබ ඉතාමත් විනෝදයෙන් සිටියා. ඒ දර්ශන ආදිය දැකලත් බොහෝ අය යන්න ගියා.
පෝරණුවේ පිළිස්සෙන ඇතැම් ගඩොල් හොඳට පිළිස්සී ආවත් ඇතැම් ඒවා දුර්වලයි තවත් ඒවා
කුඩු වී යනවා. බොහෝ දෙනෙක් සියල්ල අතහැර යන්න ගියා. ඔවුන් දැන් ලක්ෂපතියන්,
කෝටිපතියන් වෙලා. තමන් දැන් සිටින්නේ දිව්‍යලෝකයේයි කියා ඔවුන් සිතාගෙන සිටිනවා.
නමුත් මෙහේ කොහේද දිව්‍යලෝකයක්? දිව්‍යලෝකය ඇත්තේ නව ලෝකයේ පමණමයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ
වාසනාව උසස් කර ගැනීමට නම් කරුණාවන්ත වී මෙම ඥානය ඉගෙන ගෙන අන් අයටත් උගන්වන්න.
කිසිඳු විටෙක කිසිඳු නරක පුරුද්දක බලපෑමට හසු වී තම රෙජිස්ටරය පළුදු කර නොගන්න.
2. සාමාන්‍ය
මනුෂ්‍යයෙකුගෙන් දේවතාවරයෙක් වීම සඳහා අවශ්‍ය කරන ප්‍රධානම දෙය නම්
පාරිශුද්ධත්වයයි. එමනිසා, කිසිඳු විටෙක අපිරිසිඳු නොවන්න. ඔබගේ බුද්ධිය කිලිටි කර
නොගන්න. පසුතැවිලි වෙමින් තම හෘද සාක්ෂියට වද දෙන ආකාරයේ කිසිම ක්‍රියාවක් නොකරන්න.
වරදානය:
ඔබ ලොවට සෙත
සලසන්නෙක් වී, ඔබගේ බීජ ස්ථිතිය තුළින් ලෝකයට ආලෝකයේ ජලය ලබා දෙත්වා.
වඩාත්ම බලවත් ස්ථිතිය
බීජ ස්ථිතිය වන අතර මෙම ස්ථිතිය, ප්‍රදීපාගාරයක් මෙන් ක්‍රියා කරයි. මෙම ස්ථිතිය
තුළින් මුළු ලෝකයටම ආලෝකය විහිදුවා හැරීමට ඔබට උපකරණයක් විය හැක. මුල් වලින් මුළු
ගසටම ඉබේටම ජලය ලැබෙන ආකාරයෙන්, ඔබ බීජ අවස්ථාවේ ස්ථාවරව රැදී සිටින විට, ලෝකයට
ආලෝකයේ ජලය ලැබෙයි. කෙසේවෙතත්, ඔබගේ ආලෝකයට මුළු ලෝකයටම ළගා වීම සදහා ඔබට ලොවට සෙත
සලසන්නෙකුගේ බලවත් ස්ථිතිය තිබිය යුතුයි. මේ සදහා විදුලි බුබුලක් නොව,
ප්‍රදීපාගාරයක් වන්න. සෑම සිතිවිල්ලකම ලොවට යහපතක් සිදු කිරීමේ අවධානය තිබිය
යුතුයි.
පාඨය:
හැඩ ගැසීමේ
බලය, නිවැරදි වෙලාවට ඔබට සම්මාන ඇතිව සමත් වීමට මග පාදයි.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.
පරමාත්ම දෙවියන්ගේ
හෙළිදරව්වේ පදනම, සත්‍යයයි. හෙළිදරව්ව සිදුවන්නේ සත්‍යය තුළින්ම පමණයි. එකක්
තමන්ගේම මනෝ ස්ථිතියේ සත්‍යය වන අතර දෙවැන්න, සේවයේ සත්‍යයයි. සත්‍යයේ පදනම,
පිරිසිදුකම සහ බිය නැතිකමයි. මේ දෙකම ධාරණය කරගැනීමේ පදනමට අනුව ඔබට සත්‍යය තුළින්
පරමාත්ම දෙවියන්ව හෙළිදරව් කිරීමට උපකරණයක් විය හැක. ඕනෑම ආකාරයක අපිරිසිදුකමක්
ඇත්නම්, එනම්, සත්‍යයේ හෝ පිරිසිදුකමේ සුළු හෝ අඩුවක් ඇත්නම්, හෙළිදරව්වේ කාර්යයේ
සාර්ථකත්වයක් තිබිය නොහැක.