05.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, සැම විටම සංගම් යුගයේ බ්‍රහ්මිණ්වරුන් වීමේ කුල්මත්භාවයේ සිටින්න. සෑම
දෙනාම අඬගසන බාබා දැන් අප ඉදිරියේ පුද්ගලිකවම සිටින බව අප දන්නවා.
ප්‍රශ්නය:
තම බුද්ධිය
නිවැරදි යෝගාවේ තබාගන්නා දරුවන්ට කුමන දර්ශන දිගින් දිගටම ඇති වෙයිද?
පිළිතුර:
අළුත් ස්වර්ණමය යුග රාජධානියේ දේවල් පිළිබඳ දර්ශන ඇතිවෙයි: ඔබ පාසැලේ ඉගෙන ගන්නා
අයුරු සහ ඉන්පසුව රාජධානිය පාලනය කරන අයුරු. ඔබ තව තව ලංවත්ම එම දේවල් වල දර්ශන
පෙනෙයි. එහෙත්, තම බුද්ධිය නිවැරදි යෝගාවේ තබා ගන්නා අය, තම සාම දේශය සහ සතුටු දේශය
මෙනෙහි කරන අය, තම ව්‍යාපාරික කටයුතු වල නියුතු වන අතරතුර දීත් එකම පියා මෙනෙහි කරන
අයට පමණක් මෙම සෑම දෙයකම දර්ශන ලැබෙයි.
ගීතය:
ශිවාට නමස්කාර
වේවා.
ඕම් ශාන්ති.
ඔබ සැවොම භක්ති මාර්ගයේ පැවැත්වෙන සත්සං වලට සහභාගි වන්නට ඇත. එහිදි ඔවුන් ඔබට රාමා
නාමය ජප කිරීමට කියන්නට ඇත. මෙහිදී දරුවන්ට කිසිවක් ජප කිරීමට කිව යුතු නැත. ඔබට
එක් වරක් කී විට නැවත නැවතත් කීමට උවමනාවක් නැත. එක් පියෙකු පමණයි සිටින්නේ. ඔහු
පවසන්නේ : දරුවනි, නිරතුරුවම මා පමණක් සිහි කරන්න! ඔබ පළමුව ඉගෙන ගත යුතු අතර
ඉන්පසු පැමිණ මෙහි වාඩි විය යුතුයි. ඔබ දරුවන් පියාව සිහිපත් කළ යුතුයි. අප සෑම
ජීවාත්මයකගේම පියා එම එකම පියා බව බ්‍රහ්මා ගේ මාර්ගයෙනුයි ඔබට දැන ගැනීමට ලැබී
ඇත්තේ. ලොවෙහි අන් කිසිවෙකු මෙය නොදනි. ඔබ එම පියාගේ දරුවන් බව දැන් ඔබ සියල්ලන්ටම
වැටහෙයි. සැවොම ඔහුට දෙවි පියාණන් (God the Father) යැයි කියයි. පියා පවසන්නේ : ඔබට
ඉගැන්වීම සඳහා මා දැන් මෙම සාමාන්‍ය ශරිරය තුළට ඇතුළු වී සිටින්නෙමි. බාබා මෙම
තැනැත්තාගේ ශරිරය තුළට ඇතුළු වී ඇති බව ඔබට වැටහෙයි. අපවිත්‍රව සිට පාරිශුද්ධත්වයට
පත්වන මාර්ගය අපට කියා දීමට පැමිණෙන කෙනා බාබායි. මෙය දවස පුරාම ඔබගේ බුද්ධියෙහි
රැඳී තිබේ. ඇත්ත වශයෙන්ම සෑම කෙනෙක්ම ශිව් බාබාගේ දරුවෙකි. එහෙත් මෙය වැටහෙන්නේ ඔබට
පමණයි. අන් කිසිවෙකුට මෙය වැටහෙන්නේ නැත. ඔබ ජීවාත්මයන් බව ඔය දරුවන්ට වැටහෙයි.
පියා ඔබට අණක් ලබා දී ඇත : මා ස්මරණය කරන්න! මා ඔබගේ අසීමිත පියායි. සැවොම හඬ
නඟන්නේ: අහෝ පාරිශුද්ධත්වයට පමුණුවන්නා, එන්න! අප අපවිත්‍ර වී ඇත්තෙමු. මෙය කියන්නේ
ශරීරය නොවේ; ශරිරිය තුළින් කතා කරන්නේ ජීවාත්මයයි. උපත් 84ක් ගන්නේ ජීවාත්මයයි.
ඔබලා නළුවන් බව තම බුද්ධියෙහි තබා ගන්න. බාබා දැන් ඔබව ත්‍රිකාලදර්ශී කර ඇත. ඔහු
මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම ඔබට ලබා දී ඇත. සෑම කෙනෙක්ම අඬ ගසන්නේ පියාටය.
දැන් වුවද මිනිසුන් අඬ ගසමින් සිටින අතර ඔවුන් දිගින් දිගටම ඔහුට පැමිණෙන්නට කියා
අඬ ගසයි. එනමුදු සංගම් යුගයේ බ්‍රහ්මිණ්වරුන් වන ඔබ පවසන්නේ, බාබා පැමිණ ඇති බවයි.
මෙම සංගම් යුගය ගැන ඔබ දන්නවා. මෙම යුගය සිහි කර ඇත්තේ ශුභ යුගය වශයෙනි. මෙම ශුභ
යුගය පවතින්නේ කලියුගයේ අවසානය සහ ස්වර්ණමය යුගයේ මුල දෙක අතරමැදය. සත්‍ය
මනුෂ්‍යයින් වෙසෙන්නේ ස්වර්ණමය යුගයේ වන අතර ව්‍යාජ මනුෂ්‍යයින් වෙසෙන්නේ කලි
යුගයේය. ස්වර්ණමය යුගයේ ජීවත් වුණු අයගේ ප්‍රතිරූප ඇත. සැමටම වඩා පැරණි පිළිරූ
ඒවාය. ඒවාට වඩා පැරණි ප්‍රතිරූප නොමැත. මිනිසුන් නොයෙක් අනවශ්‍ය ප්‍රතිරූප නිර්මාණය
කරති. හිඳ, නැතිව ගොස් ඇත්තේ කවුරුන්ද කියා ඔබ දන්නවා. අත් රාශියක් ඇතිව අම්බා සහ
කාලි ප්‍රතිරූප නිර්මාණය කොට ඇත. එතරම් අත් රාශියක් තිබෙන අයෙකුට ජීවත් විය නොහැක.
අම්බාට ඇත්තේ අත් දෙකක් පමණි. මිනිසුන් ඇයගේ පිළිරුව ඉදිරියට ගොස් අත් එකතු කොට වැඳ
නමස්කාර කරති. භක්ති මාර්ගයේ නොයෙක් විවිධ මාදිලියේ ප්‍රතිරූප නිර්මාණය කර ඇත.
මනුෂ්‍යයින්ගේ එම ප්‍රතිරූප විවිධ අන්දමින් සරසන අතර ඔවුන්ගේ ස්වරූපය වෙනස් වෙයි.
ඇත්තටම එම ප්‍රතිරූප එම ස්වරූපයන්ගෙන් ජීවත්වන්නේ නැත. ඒ සෑම දෙයක්ම අයත් වන්නේ
භක්ති මාර්ගයටයි. මිනිසුන් ආබාධිත සහ අංග විකල වී ඇත. ස්වර්ණමය යුගයේ එය සිදුවන්නේ
නැත. ස්වර්ණමය යුගය ගැන සහ ආදී සනාතන දේවී දේවතා ධර්මය එහි පැවතුණු අන්දම ගැන ඔබට
වැටහෙයි. මෙහිදී එකිනෙකාගේ ඇඳුම වෙනස් වන ආකාරය බලන්න. ඒ තරමට විවිධත්වයක් ඇත. එහි
වැසියන්ද රජ සහ බිසව ලෙසින්මය. ඔබ ලංවෙත්ම ඔබගේ රාජධානියේ ඇදුම් ආදිය පිළිබඳව ඔබට
දිගින් දිගටම දර්ශන ලැබේවි. ඔබ ඉගෙන ගන්නේ කුමන අන්දමේ පාසල් වලද සහ ඔබ කරන විවිධ
දේවල් පිළිබඳවත් ඔබට පෙනෙයි. ඔවුන්ට තම සාම දේශය සහ සතුටු දේශය මෙනෙහි වෙයි. තවමත්
ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදිය කරගෙන යා යුතුව ඇත. භක්ති මාර්ගයේ මිනිසුන් ව්‍යාපාර
ආදිය කරයි. ඔවුන්ට කිසිම දැනුමක් නැත. ඒ සෑම දෙයක්ම භක්තියයි. එයට කියන්නේ භක්තිය
පිළිබඳ දැනුම කියාය. ලෝකයට අධිපතියන් විය හැකි මෙම දැනුම ඔවුන්ට දිය නොහැක. ඔබ දැන්
මෙහි ඉගෙන ගන්නේ අනාගත ලෝකයේ අධිපතියන් වීමටයි. මෙම ඉගැන්වීම අළුත් ලොවට, අමරණිය
දේශයට බව ඔබට වැටහෙයි. ශංකර් අමර්නාත් හිදී පාර්වතීට අමරණීයත්වය පිළිබඳ කතා පුවත
කීවා නොවේ. ඔවුන් ශිවාව ශංකර්ට එකතු කර ඇත. පියා දැන් ඔය දරුවන්ට විස්තර කර දෙන අතර
මොහු ද සවන් දෙයි. මේ තැනැත්තා තවුසෙක් හෝ පැවිද්දෙක් හෝ නොවේ. ඔබ ගෘහස්ථ දිවියක්
ගත කරනවා මෙන්ම මොහුද ඊට සමානය. මොහු පවුලකදී මෙන් එම ඇඳුම ආදියද අඳියි. ඕනෑම නිවසක
මව, පියා සහ දරුවන් ඇති සේම මෙහිද වෙනසක් නොමැත. පියා දරුවන් වෙතට එන්නේ මෙම රථයේ
නැඟගෙනය. “භාග්‍ය රථය” වශයෙන් සිහි කර ඇත්තේ මේ කෙනාවයි. විටෙක ඔවුන් ඔහු
(දෙවියන්). ගවයෙකු පිට එන ලෙසට පෙන්වා ඇත. මිනිසුන් මෙය වරදවා වටහා ගෙන ඇත. ගවයෙකු
කෙලෙසද දේවාලයක සිටින්නේ? ක්‍රිෂ්ණා රාජ කුමාරයෙක්ය. ඔහු ගවයෙකු පිට හිඳ ගන්නේ නැත.
භක්ති මාර්ගයේ මිනිසුන් බොහෝ සේ අවුලට පත් වී ඇත. ඔවුන්හට භක්ති මාර්ගයේ
කුල්මත්භාවය ඇත. ඔබට දැනුම මාර්ගයේ කුල්මත්භාවය ඇත. ඔබ කියන්නේ සංගම් යුගයෙදී බාබා
ඔබට උගන්වනවා කියාය. ඔබ මෙම ලෝකය තුළ සිටින මුත් ඔබ සංගම් යුගයේ බ්‍රහ්මිණ්වරු බව
ඔබගේ බුද්ධියට වැටහේ. අන් සෑම මනුෂ්‍යයෙකුම සිටින්නේ කලි යුගයේය. ඔබ මේ සෑම දෙයක්ම
අත් විඳියි. ඔබ කලි යුගයෙන් ඈත් වී ඇති බව ඔබගේ බුද්ධිය කියයි. බාබා පැමිණ ඇත. මෙම
පැරණි ලොව පරිවර්ථනය වීමට යයි. මෙය ඔබගේ බුද්ධියෙහි ඇත. වෙනත් කිසිවෙකුට මෙය
වැටහෙන්නේ නැත. එකම පවුලක අය එකම නිවසක වාසය කළද පියා තමන් සංගම් යුගයේ සිටින බව
කියන අතර පුතා කලියුගයේ සිටින බව කියයි. මෙය පුදුමයකි. මෙම ඉගෙනුම අවසන් වන විට
විනාශය සිදුවන බව ඔය දරුවන් දනී. විනාශය සිදුවිය යුතුයි. ඔබ අතරිනුත් වැටහෙන්නේ
සමහරෙකුට පමණයි. මෙම ලොව විනාශ වීමට යන බව ඔබ සෑම කෙනෙකුටම වැටහුනේ නම් ඔබ සෑම
දෙනාම නව ලොවට යෑමට ලක ලැහැස්ති වනු ඇත. ඔබගේ බඩු බාහිරාදිය සුදානම් කරගනු ඇත.
ඉතිරි වී ඇත්තේ තව ටික කාලයකි. එබැවින්, අඩුම තරමින් අපි බාබාට අයත් වෙමු. ඔබට කුස
ගින්නේ සිටින්නට සිදු වුවත් පළමුව, බාබා කුස ගින්නේ හිඳියි, ඉන්පසුවයි දරුවන්. මෙය
බාබාගේ බන්දාරාවයි (මුළුතැන්ගෙය). ඔබ ආහාර ගන්නේ ශිව් බාබාගේ බන්දාරාවෙනි. මෙම
ආහාරයට කියන්නේ බ්‍රහ්ම භෝජන් කියායි. මන්ද, එය පිළියෙල කරන්නේ බ්‍රහ්මිණ්වරුන්
විසින්ය. පාරිශුද්ධ බ්‍රහ්මිණ්වරුන් මෙම ආහාර, ස්මරණයේ හිඳිමින් පිළියෙල කරති.
බාබාගේ ස්මරණයේ සිටිය හැක්කේ අන් කිසිවෙකුට නොව බ්‍රහ්මිණ්වරුන්ට පමණයි. එම
බ්‍රහ්මිණ් පූජකවරුන් ශිව් බාබාගේ ස්මරණයේ සිටින්නේ නැත. මෙය බ්‍රහ්මිණ්වරුන් ආහාර
පිළියෙල කරන ශිව් බාබාගේ බන්දාරාවයි. ඔවුන් කොහොමත් පාරිශුද්ධයි. එවිට ඉතිරි වන්නේ
යෝගාව පිළිබඳ ප්‍රශ්නයයි. උත්සාහය අවශ්‍ය වන්නේ මෙම යෝගාවටයි. මේ පිළිබඳව බොරු කතා
ගෙතිය යුතු නැත. ‘මා සම්පූර්ණයෙන්ම යෝගාවේ හිඳිමි’ යැයි කිසිවෙකුට කිව නොහැක. එසේ
නැතහොත්, ‘පැය 8ක්ම මා යෝගාවේ හිඳිමි’. කිසිවෙකුට මෙසේ කිව නොහැක. ඔබට දැනුමද
අවශ්‍යයි. ඔය දරුවන් අතරේ සිටින යෝගීන්ට අන් අයව තම ද්‍රිෂ්ඨියෙන් නිශ්ශබ්ද කළ හැක.
මෙයත් ශක්තියකි. එම වෙලාවේදී සම්පූර්ණ දැඩි නිශ්ශබ්දතාවය පවතීවි. ඔබ අශාරිරික වී
පියාගේ ස්මරණයේ සිටින විට එය සත්‍ය ස්මරණයයි. ඔබ මෙය නැවත නැවතත් පුහුණු විය
යුතුයි. ඔබ මෙහි අසුන් ගත් විට මෙය පුහුණු වීමට ඔබට සිතිවිලි ඇතිවෙයි. කෙසේවෙතත්,
සෑම කෙනෙක්ම ස්මරණයේ සිටින්නේ නැත. ඔවුන්ගේ බුද්ධිය එහෙ මෙහෙ ගැවසී ඔවුන්හට පාඩු
සිදු කරයි. තමන් අභ්‍යාස ගුරුවරු යැයි සළකන අයව ගදිය මත වාඩි කරවිය යුතුයි. ඔවුන්
සෑම දෙනාම ඉදිරිපිට පියාගේ ස්මරණයේ අසුන් ගෙන සිටිය යුතුයි. ඔවුනගේ බුද්ධියේ යෝගාව
අන් කිසි තැනකට නොයා යුතුයි. එවිට දැඩි නිහඬතාවයක් පවතී. ඔබ එවිට අශරීරික වී පියාගේ
ස්මරණයේ හිඳීවි. මෙය සත්‍ය ස්මරණයයි. සන්යාසීවරුන් ද නිශ්ශබ්දව අසුන් ගෙන සිටියි.
ඔවුන් මෙනෙහි කරන්නේ කාවද? එය සැබෑ ස්මරණය නොවේ. ඔවුන්ට කිසි කෙනෙකුට යහපතක් සැලසිය
නොහැක. ඔවුන්ට ලොව සාමකාමී කරවිය නොහැක. ඔවුන් පියාව හඳුනන්නේවත් නැත. ඔවුන්
බ්‍රහ්ම තත්ත්වය දෙවියන් ලෙස සළකති. එහෙත් එය සත්‍ය නොවේ. ඔබට දැන් ශ්‍රීමත් දෙනු
ලැබේ: මා පමණක් ස්මරණය කරන්න. ඔබ උපත් 84ක් ගන්නා බව ඔබට වැටහෙයි. ක්‍රම-ක්‍රමයෙන්
උපත් එකිනෙක ගනිද්දී ඔබගේ දිව්‍ය අංශක සදෙහි අංශක ලෙසින්ම අඩුවේගෙන යයි. එය දකිද්දී
ඔබට මෙය නොවැටහෙයි. කිසි කෙනෙක් තවමත් සම්පූර්ණ වී නැත. ඔබ තවදුරටත් ඉදිරියට යද්දී
ඔබට දර්ශන ලැබෙයි. ජීවාත්ම ඉතාමත් කුඩායි. එහිද දර්ශනයක් ලැබීමට පුළුවන. නැතිනම්
එක් අයෙකුට තව කෙනෙකුට වඩා දීප්තියක් ඇතැයි දරුවන් කියන්නේ කෙසේද? ඔවුන් දිව්‍යමය
ද්‍රිෂ්ඨියෙන් ජීවාත්මයන් දකිති. ඒ සෑම දෙයක්ම නාටකය තුළ නියම වී ඇත. කිසි දෙයක්
මගේ අතේ නොමැත. මා හට සෑම දෙයක්ම කිරීමට දිරිගන්වන්නේ නාටකයයි. සිදුවෙන සෑම දෙයක්ම
සිදුවන්නේ නාටකයට අනුවයි. භෝග් පිළිගැන්වීම ආදිය ද නාටකයේ නියම වී ඇත. සෑම
ජවනිකාවක්ම තත්පරයෙන් තත්පරයට සිදුවේ. පියා දැන් ඔබට පාරිශුද්ධ වන අන්දම කියා දෙයි.
ඔබ පියාව ස්මරණය කළ යුතුයි. ජීවාත්මයන් වන ඔබලා ඉතා කුඩායි. ඔබ අපවිත්‍ර වී ඇති අතර
දැන් නැවත වතාවක් පාරිශුද්ධ වීමට ඇත. මෙය ආශ්චර්යමත් දෙයකි. ස්වභාව ධර්මයේ ආශ්චර්ය
ගැන කතා කරයි. ස්වභාව ධර්මයේ සෑම අලංකාර දෙයක්ම ඔබ පියාගෙන් අසාගනී. සැමටම වඩා
වැඩියෙන්ම ආශ්චර්යමත් දෙය වන්නේ ජීවාත්මය සහ උත්තරීතර ජීවාත්මයයි. වෙනත් කිසිවෙකු
මෙය නොදනී. ඍෂිවරු හෝ මුනිවරු කිසිවෙකු මෙය නොදනී. එතරම් කුඩා ජිවාත්මය ගලක් වන්
බුද්ධියක් ඇති අයෙකු වී ඉන්පසු දිව්‍යමය බුද්ධියක් ඇති අයෙක් වෙයි. එවැනි සිතිවිලි
බුද්ධිය තුළ පහළ වේවා: මම නම් වු ජීවාත්මය ගලක් මෙන් බුද්ධියක් ඇති අයෙක් වූවෙමි.
දැන් මා නැවත වතාවක් පියාව ස්මරණය කොට දිව්‍යමය බුද්ධියක් ඇති කෙනෙක් බවට පත්
වෙමින් සිටිමි. මෙම භෞතික ලෝකයේ භෞතික පියවරුන්ද ඉන්පසු ගුරුවරුන්ද ගුරු ලාද
සිටියි. මෙම එක තිත පියාද ගුරුවරයාද ගුරුද වේ. ඔබ චක්‍රය පුරාම ශාරීරික ජීවයන්ව
මෙනෙහි කළෝය. පියා දැන් පවසන්නේ : මා පමණක් ස්මරණය කරන්න! ඔහු ඔබලාගේ බුද්ධීන් බොහෝ
ගැඹුරු සහ සූක‍්ෂම බවට පත් කරවයි. ලොවට අධිපතියෙකු වීම සුළු දෙයක් නොවේ. ලක‍්ෂ්මී
සහ නාරායන ලොවට අධිපතියන් වූයේ කෙසේද කියා කිසිවෙකු නොසිතයි. ඔබද දරණ උත්සාහයට
අනුරූපීව අනුපිළිවෙලට මෙය තේරුම් ගනී. අළුත් කිසිවෙකුට වුවද මෙය තේරුම් ගැනීමට
නොහැකි වනු ඇත. ඔබ මූලික දේ වටහාගත් පසුවයි ගැඹුරින් විස්තර කර දෙනු ලබන්නේ. පියා
ආලෝකමත් තිතක් වුවත් එතරම් විශාල ඕවලාකාර හැඩයක් නිර්මාණය කොට ඇත (ලිංගමය). ඔවුන්
මනුෂ්‍යයින්ගෙත් විශාල පිළිරූ නිර්මාණය කළද ඔවුන් එසේ නොවේ. මනුෂ්‍යයින්ට ඇත්තේ
සාමාන්‍ය සිරුරුයි. භක්ති මාර්ගයේ ඔවුන් නොයෙක් විවිධ දේ නිර්මාණය කොට ඇත. මිනිසුන්
බොහෝ අවුලට පත්ව ඇත. පියා පවසන්නේ : අතීතයේ සිදු වූ සෑම සිදුවීමක්ම නැවත වතාවක්
සිදුවෙයි. දැන් පියාගේ ශ්‍රීමත් අනුගමනය කරන්න. බාබා මොහුටත් ශ්‍රීමත් ලබාදී දර්ශන
ද ලබාදෙන්නා නොවේද? ‘මම ඔබට රාජධානිය දෙන්නෙමි’ යැයි ඔහු කීවේය. දැන් මෙම සේවයෙහි
නියුතු වන්න. ඔබගේ උරුමය හිමි කර ගැනීමට උත්සාහ ගන්න. ඒ සෑම දෙයක්ම අත්හරින්න. ඉතිං
මේ කෙනා උපකරණයක් බවට පත්විය. සෑම කෙනෙක්ම මේ අන්දමට උපකරණ වන්නේ නැත. කුල්මත්භාවය
තිබුණු අය මෙහි පැමිණ අසුන් ගත්හ. ‘අපට රාජධානිය ලැබෙන බැවින් පැන්ස කිහිපයක් වටින
දේවල් වලින් අප කුමක් කරන්නද?’ එබැවින් පියා දැන් ඔය දරුවන්ව උත්සාහ කරන්නට දිරි
ගන්වයි. රාජධානිය ස්ථාපිත වෙමින් පවතී. දරුවන් කියන්නේ අපි ශ්‍රී ලක‍්ෂ්මී සහ
නාරායන මෙන් විනා ඊට අඩු වන්නේ නැත කියාය. එබැවින් ශ්‍රීමත් අනුගමනය කොට කෙඳිරි
ගාමින් නොසිට එය ඔප්පු කර පෙන්වන්න. ඔහුගේ දරුවන්ට කුමක් සිදුවේද කියා බාබා කිසි
විටෙක ඇසුවේ නැත. කෙනෙක් හදිසියේ අනතුරකින් මිය ගිය හොත් කවුරුන් හෝ කුසගින්නේ
සිටියි ද? යම්කිසි මිතුරෙකු හෝ නෑදෑයෙකු අනිවාර්යෙන්ම ඔබට ආහාර ලබා දෙයි. ඔය දරුවන්
මාලිගා වල වෙසෙන අතර බලන්න බාබා කෙසේද පැරණි කුටියක වාසය කරන්නේ කියා. බාබා පවසන්නේ
: ඔය දරුවන් හොඳ කෑම බීම කා හොඳින් ජීවත් වෙයි. මෙහෙට කිසි දෙයක් නොගෙනා අයටද නිසි
අයුරින් සෑම දෙයක්ම ලැබෙයි. මෙම බාබාටත් වඩා හොඳින් ඔවුන් ජීවත් වෙයි. ශිව් බාබා
පවසන්නේ : මම එහෙ මෙහෙ ගැවසෙන යෝගියාය. කෙනෙකුට යහපත ගෙන ඒමට මා තෝරාගන්නා ඕනෑම
තැනකට මට යා හැක. දර්ශන වැනි දේවලින් දැනුම ඇති දරුවන් කිසි විටෙක සතුටට පත්වන්නේ
නැත. යෝගාව හැරුණු කොට වෙන දෙයක් නොමැත. එබැවින් දර්ශන වැනි දේවලින් තමන් සතුටට පත්
නොවිය යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. තම
ද්‍රිෂ්ඨියෙන් ඕනෑම කෙනෙක් නිහඬ වන අන්දමේ යෝගා තත්ත්වයක් නිර්මාණය කර ගන්න. පූර්ණ
මළ නිහඬතාවය ඇති වේවා. මේ සඳහා අශාරීරික වීමට පුරුදු වන්න.
2. දැනුමේ සත්‍ය
කුල්මත්භාවයේ සිටීම සඳහා තමන් සංගම් යුගයට අයත් බවත් මෙම පැරණි ලොව පරිවර්ථනය වීමට
යන බව හා තමා ආපසු නිවහනට යන බවත් මතක තබා ගන්න. කෙඳිරිගාමින් නොසිට දිගටම ශ්‍රීමත්
අනුගමනය කරන්න.
වරදානය:
ඔබ බොහෝ
ස්වරූප තිබීමෙන් පරමාත්ම පියාට සමාන වී පරමාත්ම දෙවියන් සමඟ හමුවීමකදී ඔබේ හෘදයාංගම
සංවාදයේදී නිවැරදි ප්‍රතිචාරය ලබා ගනීවා.
පරමාත්ම පියාට බොහෝ
ස්වරූප ඇත, අශාරීරික වීමෙන් තත්පරයකින් ඔහු සියුම් ඇඳුම ලබා ගනී. එලෙසම, ඔබ ඔබේ
මැටි ඇඳුම අතහැර සියුම් දේවදූත ඇඳුමක්, දිලිසෙන ඇඳුමක් පැළඳ සිටින විට, ඔබට
පහසුවෙන් හමුවීමක් ලැබෙනු ඇති අතර ඔබේ හෘදයාංගම සංවාදයේ ප්‍රතිචාරය පැහැදිලිව
තේරුම් ගත හැකිය. එවැනි ඇඳුමක් මායාගේ ජල ආරක්ෂිත සහ ගිනි ආරක්ෂණ මෙන්ම පැරණි ලෝකයේ
ආකල්ප සහ කම්පන වලින් ආරක්ෂිත වේ. මායාට මේ සඳහා මැදිහත් විය නොහැක.
පාඨය:
අධිෂ්ඨානය, කළ
නොහැකි දේ කළ හැකි කරවයි.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
බ්‍රහ්ම කුමාරි
කෙනෙක් යනු නිරන්තරයෙන් පාරිශුද්ධත්වයේ රාජකීයත්වය සහ පෞරුෂත්වය පවත්වාගන්න කෙනෙකි.
මෙම පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය, ලෝකයේ ජීවාත්ම එය දෙසට ආකර්ෂණය කරන අතර මෙම
පාරිශුද්ධත්වයේ රාජකීයත්වය, ධර්මරාජ් දේශයේදි ඔබව දඩ මුදල් ගෙවීමෙන් නිදහස් කරයි.
මෙම රාජකීයත්වයේ පදනමට අනුව ඔබට අනාගත රාජකීය පවුලට පැමිණීමට හැකි වෙයි. භෞතික
පෞරුෂත්වයක් ඔබව ශරීර අවධානයට ගෙන යන සේම, පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය ඔබව ජීවාත්ම
අවධානයට පත්කර ඔබව පියාගේ වඩාත් සමීපයට රැගෙන යයි.