05.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ නායකයාගේත් ස්වාමියාගේත් දරුවන් වන අතර දැන් ඔබ කුමරුන් බවට පත් වීමටයි සිටින්නේ. එමනිසා, ඔබ කිසිම දෙයකට ඇලුම් නොකළ යුතු වේ. ඒ වගේම කිසිවෙකුගෙන් කිසිවක් ඉල්ලන්නත් එපා.

ප්‍රශ්නය:
සෞඛ්‍යමත්ව සිටීම උදෙසා ඔබ යැපිය නොයුත්තේ කුමක් පිළිබඳවද ?

පිළිතුර:
ලෞකික පහසුකම් මත යැපීමෙන් තමා සෞඛ්‍යමත් වනවා යැයි සමහර දරුවන් සිතනවා. කොහොමනමුත්, පියා කියනවා : දරුවනි, ලෞකික සැපසම්පත් කෙරෙහි දරුවන් තුළ කිසිම ආශාවක් නොතිබිය යුතුයි. ඒ ලෞකික සැප පහසුකම් ඔබට සෞඛ්‍යමත්ව සිටීමට ඉඩ තබන්නේ නැහැ. ඔබව සෞඛ්‍යමත්ව තබා ගැනීම උදෙසා ඔබ කළ යුත්තේ ස්මරණය නම් වූ වන්දනා ගමනේ යෙදීමයි. සතුට තරම් වූ පෝෂණයක් වෙන කොහේ හෝ නොමැති බව කියැවෙනවා. සතුටින් හා කුල්මත්ව සිටින්න. දාදිචි රිශී කළ අයුරින් ඔබගේ ඇට මිදුළු පවා මෙම යගියාව වෙනුවෙන් කැප කරන්න. එවිට ඔබගේ සෞඛ්‍යය හොඳ අතට හැරෙනු ඇත.

ඕම් ශාන්ති.
පියාව හඳුන්වන්නේ කරන්කරවන්හාර් යනුවෙනුයි. නායකයා හා ස්වාමියාගේ දරුවන් වන්නේ ඔබයි. මේ ලෝකයේ උසස්ම තත්ත්වය තිබෙන්නේ ඔබටයි. දරුවන් තුළ තමා ඒ නායකයා හා ස්වාමියාගේ දරුවන්ය යන කුල්මත්භාවය තිබිය යුතුයි. ඒ වගේම නායකයා හා ස්වාමියාගේ උපදෙස් පිළිපැදීමෙන් තමා තමාගේ ඒ වාසනාව නම් වු රාජ්‍යය ස්ථාපනය කරමින් සිටිනවාය යන කුල්මත්භාවය තිබිය යුතුයි. කිසිම කෙනෙකුගේ බුද්ධිය තුළට මෙය ඇතුළු වන්නේ නැහැ. බාබා සෑම මධ්‍යස්ථානයකම සිටිනා සෑම දරුවෙක්ටම මෙය පවසනවා. මධ්‍යස්ථාන බොහොමයක් තිබෙනා අතර දරුවන් බොහොමයක් මෙහි එනවා. බාබාගේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් තමා නැවතත් මේ ලොව තුළ සාමයේ හා සතුටේ රාජ්‍යය ස්ථාපනය කරනා බව නිතැතින්ම ඔබ බුද්ධිය මත රැඳී තිබිය යුතුයි. ඔබ කළ යුත්තේ වචන දෙකක් සිහියේ තබා ගැනීම පමණයි සතුට හා සාමය. දරුවන්ට බොහෝ සෙයින් ඥානය ලැබෙනවා. එමනිසා, ඔබගේ බුද්ධිය ඉතාමත් පරිණත විය යුතුයි අසීමිත විය යුතුයි. කුරුමිටි බුද්ධියකින් කිසිම ඵලක් ඇත්තේ නැහැ. තමා නායකයා හා ස්වාමියාගේ දරුවෙක් ලෙස සලකන්න. එවිට ඔබගේ සියලු පාප නැති වී යනු ඇත. දවස පුරාවට බාබා සිහිපත් නොකරන අය බොහොමයක් ඉන්නවා. බාබා කියනවා ඔබගේ බුද්ධිය උදාසීනත්වයට පත් වන්නේ ඇයි ? මධ්‍යස්ථානවලට යන බොහෝ දරුවන්ගේ බුද්ධිය තුළ තමා යන්නේ ශ්‍රීමත් මුලධර්මය මත ඒ දේවතා රාජ්‍යය ස්ථාපනය කිරීමට බව දන්නේ නැහැ. ඔබ තුළ එම දිදුලීම හා කුල්මත්භාවය තිබිය යුතුයි. මුරලි එකට සවන් දෙන අතරතුර ඔබ තුළ හිරිගඩු පිපිය යුතුයි. මෙහිදී දරුවන්ගේ හිරිගඩු මළ සෛල මෙන් තිබෙනා අයුරු බාබා දකිනවා. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් තම රාජ්‍යය නිර්මාණය කළ හැකි බවත් බාබාගේ ස්මරණයෙන් තම පාප සියල්ල නැති කර දැමිය හැකි බවත් නොදන්නා වු දරුවන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. සෑමදාම බාබා විස්තර කරනවා දරුවනි, ඔබ තමයි රාවන් පරාජය කරනා රණ ශුරයන්. පියා ඔබව දේවාලයක ජීවත් විය හැකි තරම් සුදුස්සෙක් බවට පත් කරවනවා. නමුත් දරුවන්ට එම සතුටින් හා කුල්මත්භාවයෙන් ජීවත් වන්නට බැහැ. ඔබට යමක් නොලැබුණ හොත් බුම්මාගෙන ඉන්නවා. දරුවන්ගේ තත්ත්වය දැක බාබා බිය වනවා. ඔවුන් මායාගේ යදම් අතරට ගොදුරු වනවා. ඔබේ ගෞරවය, ඔබේ ක්‍රියාවන්, ඔබේ සතුට ඉතාමත් අසහාය විය යුතුයි. තම නෑ හිතමිතුරන් අමතක කිරීමට නොහැකි අයට කිසිදාක පියාව සිහිපත් කළ නොහැකියි. ඉතින් ඔවුන් ලබන්නා වු තත්ත්වය කුමක්ද ? එය පුදුමයක්. දරුවන් තුළ දැඩි කුල්මත්භාවයක් තිබිය යුතුයි. තමා ඒ නායකයාගේ හා ස්වාමියාගේ දරුවන් ලෙස සලකන්න. එවිට ඔබට කිසිම දෙයක් ඉල්ලන්නට සිදු නොවනු ඇත. උපත් 21ක් පුරාවටම ඔබට කිසිම දෙයක් ඉල්ලීමට අවශ්‍ය නොවන පරිද්දෙන් බාබා ඔබට එවන් වු අසීමිත ධනයක් ලබා දෙනු ඇත. ඔබ තුළ එවන් කුල්මත්භාවයක් ඇතිවිය යුතුයි. කොහොමනමුත්, ඔබ සමහරුන්ට ඇත්තේ ඉතාමත් උදාසීන, පටු පුංචි බුද්ධියක්. දරුවන්ගේ බුද්ධිය අඩි හතක් පමණ උස විය යුතුයි. සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ උපරිම උස අඩි හයක් හෝ හතකි. බාබා දරුවන්ව උද්යෝගිමත් කරවනවා. නායකයාගේ හා ස්වාමියාගේ දරුවන් වන්නේ ඔබයි. මෙලොව සිටිනා කිසිවෙක් මේ කිසිවක් වටහා ගන්නේ නැහැ. ඔබ ඔවුන්ට විස්තර කරනවා ඉතා සරල ලෙස තමා අසුන්ගෙන ඉන්නේ පියා ඉදිරියේ බව සිතන්න. නොකඩවා පියා සිහිපත් කරන්න. එවිට ඔබගේ සියලු පාප ඉවත් වී යනු ඇත. පියා විස්තර කරනවා දරුවනි, මායා ඔබගේ නීරසම, තිත්තම හතුරායි. ඔබට හතුරුකම් කරනා තරම් ඇය අන් අනෙක් මිනිසුන්ගේ සතුරෙක් නොවේ. මිනිස්සු මේ ගැන දන්නේ නැහැ ඔවුන්ගේ බුද්ධිය පරිහානියට පත් වෙලා. බාබා දරුවන්ට සෑමදාම මෙසේ කියනවා ඔබ නායකයාගේ හා ස්වාමියාගේ දරුවන්. පියා සිහිපත් කරන්න. නොකඩවාම අන් අයවත් ඔබ හා සම තත්ත්වයට පත් කරවන්න. දෙවියන් (සත්‍යය) සත්‍ය නායකයා වන බවත් ඔහුගේ දරුවන් වන ඔබ නායකයා හා ස්වාමියාගේ දරුවන් වන්නේ කෙසේද යන්න ගැනත් විස්තර කරන්නට ඔබට පුළුවන්. ඔබ කුමන වැඩක යෙදී සිටියත් තම බුද්ධිය තුළ මෙම කරුණු කිහිපය පතිත කර ගත යුතුයි. දාදීචි රිශී කළ අයුරින් ඔබත් සේවය වෙනුවෙන් ඔබගේ ඇට මිදුළු පවා කැප කළ යුතුයි. සේවය වෙනුවෙන් ඒවා කැප කරන්නට පැකිලෙන්න එපා. සමහරුන්ට නම් තියෙනවාටත් වඩා පහසුකම් ඕනෑ. එමගින් ඔබගේ සෞඛ්‍යය වර්ධනය කර ගත නොහැකියි. සෞඛ්‍යමත් බවට පත් වීම සඳහා ඔබට ස්මරණය නම් වු වන්දනා ගමනෙහි යෙදීම අවශ්‍ය වෙනවා. ඔබ තුළ මෙම සතුට තිබිය යුතුයි ඔහෝ ! කල්පයක් කල්පයක් පාසා අප මායාට පරාජය වුවා. නමුත් දැන් අපි ඇයව පරාජය කරනවා. පියා පැමිණ ඔබට ජයග්‍රහණය ලබා දෙනවා. භාරතය දැන් දුකින් පිරිලා. ඔබ වෙත අසීමිත ලෙස දුක ඇති කරන්නේ රාවන්. ගුවන් යානා සහ මෝටර් රථ තිබෙන නිසා තමා ඉන්නේ දිව්‍යලෝකයක යැයි ඒ මිනිස්සු සිතනවා. කොහොමනමුත්, මේ ලෝකය විනාශයට පත් වීමට තිබෙනා බව ඔවුන් දන්නේ නැහැ. වැව් අමුණු ආදිය ඉදි කිරීමට ඔවුන් සිය දහස් ගණන් වියදම් කරනවා. බොහෝ සෙයින් යුධ ආයුධ පවා මිලට ගැනෙනවා. ඔවුන් එකිනෙකා මරා ගැනීමටයි යන්නේ. ඔවුන් අනාථයින්. ඔවුන් බොහෝ සෙයින් අඬ දබර ගර ගන්නවා. ඒ ගැන අහන්නවත් එපා. එහි කුණුකන්දල් පිරිලා. මෙයට කියන්නේ අපාය කියායි. දිව්‍යලෝකය ගැන බොහෝ ප්‍රශංසා කෙරෙනවා. බරෝඩාහී මහාරාණිගෙන් ඇගේ මහාරාජා කොහි ගියේදැයි විමසන්න. ඔහු දිව්‍යලෝකයට ගියා යැයි ඇය කියයි. දිව්‍යලෝකය යනු කුමක්ද යන්න ගැන කිසිවෙක් දන්නේ නැහැ. ඔවුන් ඉන්නේ අන්ත අඳුරේයි. ඔබත් ඒ අන්ත අඳුරට වී සිටියා. පියා කියනවා මා දැන් ඔබට දිව්‍යමය වු බුද්ධියක් ලබා දෙනවා. තමා දෙවියන්ගේ, ඒ නායකයා හා ස්වාමියාගේ දරුවන් බව සලකන්න. ඒ නායකයා හා ස්වාමියා ඔබට උගන්වන අතර ඔබ කුමරුන් බවට පත්වනවා. බාබා මෙවන් වු කියමනක් කියනවා බැටළුවකුට හෝ එළුවකුට දිව්‍යලෝකයේ සොළොස් ශබ්ද පිළිබඳව වටහා ගත හැක්කේ මොනවාද ? දැන් ඔබට මෙය වැටහෙන නමුත් අනෙක් අය හරියට එළුවන් බැටළුවන් වැනියි. ඔවුන්ට කිසිවක් වැටහෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ තුති ගීත ගායනා කරමින් සිටීම පමණයි. මෙහි මුල, මැද හා අග පිළිබඳ වු සියලු රහස් දැන් ඔබ බුද්ධිය තුළ තිබෙනවා. ලොව පුරා ඔබ සාමය හා සතුට ස්ථාපනය කරනා බව ඔබ ඉතාමත් පැහැදිලි ලෙස සිහි තබා ගත යුතුයි. මෙහි ආධාරකරුවන් වන්නන් ඉතාමත් උසස් තත්ත්වයක් හිමිකර ගනු ඇත. මෙහි ආධාරකරුවන් වන්නේ කවුරුන්ද යන්න ගැනත් ඔබට දැකගත හැකියි. ඔබ සෑම කෙනෙක්ම ඔබගේම හදවතින් තමා මොනවාද කරන්නේ, තමාද බැටළුවෙකු හෝ එළුවෙකු වැනිදැයි විමසිය යුතුයි. මනුෂ්‍යයින් තුළ කොපමණ උඩඟුභාවයක් තිබෙනවාද බලන්න. ඔවුන් නොකඩවාම කෙඳිරිගාමින් ගොරවමින් ඉන්නවා. ඔබ පියා සිහිපත් කළ යුතුයි. ඔබ සේවය වෙනුවෙන් ඔබගේ ඇට මිදුළු පවා කැප කළ යුතුයි. ඔබ කිසිවෙක් කනස්සල්ලට පත් නොකළ යුතු අතර ඔබ ද කිසිවෙක් මාර්ගයෙන් කනස්සල්ලට පත් නොවිය යුතුයි. ඔබ තුළ කිසිම උඩඟු බවක් නොතිබිය යුතුයි මමයි මෙය කරන්නේ. මම ඉතාමත් දක්ෂයි. එවන් වූ සිතිවිලි ඇතිකර ගැනීම පවා ශරීර අවධානයයි. සමහර දරුවන් හැසිරෙන්නේ කෙසේද කිවහොත් ඔවුන් තමා ගැනම ලැජ්ජාවට පත්විය යුතුයි. එසේ නැතහොත් ඔබ තුළ ඇති සතුට තරම් වු සතුටක් වෙන කා තුළවත් ඇත්තේ නැහැ. ඔබ මේ ගැන ඔබගේ බුද්ධිය තුළ තබාගත හොත් ඔබ දිදුලනු ඇත. මධ්‍යස්ථානවල ඉතාමත් හොඳ මහාරාතීන් සිටිනා අතර පාබල හා අශ්ව හමුදාවන් ද සිටිනවා. මෙය වටහා ගැනීමට නම් ඔබට පරිණත වූත් අසීමිත වූත් බුද්ධියක් අවශ්‍ය වනවා. ගුරුවරුන් නොයෙකුත් ආකාරයෙන් ඉන්නවා. සමහරු ඉතාමත් හොඳ ආධාරකරුවන් වන අතර සේවය කිරීමේදී ඉතාමත් සතුටින් එය කරනවා. ඔබ තුළ කුල්මත්භාවය තිබිය යුතුයි. සේවයෙහි යෙදීමෙන් තොරව ඔබ ලබන්නා වු තත්ත්වය කුමක්ද ? මව හා පියා දරුවන්ට ගෞරව කරනවා. නමුත් ඔබටම ඔබ ගෞරව නොකරයි නම් බාබා මොනවා කරන්නද ? දරුවන් ඉතා කෙටියෙන් පියාගේ පණිවිඩය ලබාදිය යුතුයි. ඔවුන්ට කියන්න පියා කියනවා මන්මනාභව් ! ගීතාවේ සමහර වචන නිවැරදියි. නමුත් ඔවුන් හරියට පිටි ගෝනියක තිබෙනා ලුණු ස්වල්පයක් වැනියි. මේ ලෝකය ඉතා විශාලයි. මේ ලෝකය කෙතරම් විශාලද, එහි කොතරම් මිනිසුන් ප්‍රමාණයක් වාසය කරනවාද යන බවත් මේ කිසිම දෙයක් මෙහිදී ඉතිරි නොවන බවත් ඔබගේ බුද්ධිය තුළට ඇතුළු විය යුතුයි. සමහර භූමි වල කිසිම දෙයක් ඉතිරි වන්නේ නැහැ. තමා දිව්‍යලෝකයේ පාලකයන් බවට පත්වනවාය යන ප්‍රීතිය දිවා රෑ ඔබ තුළ ඇතිවිය යුතුයි. ඥානය ඉතාමත් පහසු දෙයක්. ඒවා විස්තර කරනා අය ඉතාමත් විනෝදාත්මක විය යුතුයි. විස්තර කර දෙන්නා වු විවිධාකාර, තිබිය යුතුයි. පියා කියනවා මා ඔබව උපායෙහි දක්ෂයින් බවට පත්කරවනවා. තානාපතිවරයෙක් තමයි උපායෙහි දක්ෂයෙක් ලෙස හඳුන්වන්නේ. දරුවනි, ඔබ තම බුද්ධියෙහි මෙය සිහිපත් කළ යුතුයි ඔහෝ ! ඒ අසීමිත වු පියා අපට උපදෙස් දෙනවා. මෙය හොඳින් ධාරණය කරගෙන අන් අය හටත් පියාගේ හැඳින්වීම ලබා දෙන්න. ඔබ හැරෙන්නට අන් සෑම කෙනෙක්ම අදේවවාදියෙකි. කොහොමනමුත්, ඔබත් ඉන්නේ අනුපිළිවෙලක් ඇතිවයි. ඔබත් සමහරු අදේවවාදීන් ඔබ පියා සිහිපත් කරන්නේ නැහැ. ඔවුන්ම මෙසේ කියනවා බාබා මට ඔබ සිහි කරන්නට අමතක වනවා. මින් අදහස් වන්නේ ඔබ අදේවවාදීන් බවයි. ඔබව කුමරුන් බවට පත් කරන්නා වු එවන් වු පියෙක් සිහි කරන්නට ඔබට නොහැකිද ? මෙය වටහා ගැනීමට ඔබට ගැඹුරු වුත් සුක්ෂම වුත් බුද්ධියක් අවශ්‍යයි. පියා කියනවා සෑම අවුරුදු 5000කටම වරක් මා එනවා. මා මගේ කාර්යභාරය ඉටුකරන්නේ ඔබ මාර්ගයෙන්. රණශුරයින් වන ඔබ ඉතාමත් හොඳයි. ’මව්වරුන් හට ආචාර‘ යන්න අදාල වන්නේ ඔබටයි. වන්දනීයත්වයට සුදුස්සන් වුයේත් ඔබයි. පසුව වන්දනාකරුවන් බවට පත්වන්නේත් ඔබයි. ශ්‍රීමත්හී පදනම මත ඔබ නැවතත් වැඳුම් ලබන්නන් බවට පත්වනවා. එමනිසා, දරුවනි, ඉතා සාමකාමී ලෙස සේවයෙහි යෙදෙන්න. ඔබ තුළ කිසිම කලබලයක් තිබිය නොයුතුයි. සෑම නාඩියකම යක්ෂාවේශ වී සිටිනා කෙනෙක් ලබා ගන්නා වූ තත්ත්වය කුමක් විය හැකිද ? තණ්හාවත් යක්ෂාත්මයකි. ඔබ සෑම කෙනෙක්ම හැසිරෙන ආකාරය දෙස බාබා විමසිල්ලෙන් සිටිනවා. බාබා ඔබගේ කුල්මත්භාවය ඉහළ නංවනවා. සමහරු සේවය කරන්නේ නැහැ ඔවුන් කරන්නේ කමින් බොමින් සිටීම පමණයි. එමනිසා, ඔවුන් උපත් 21ක් පුරාම අන් අයට සේවය කළ යුතුයි. සමහරු දාසදාසියන් බවටත් පත්වනවා. අවසානයේ දී සෑම කෙනෙක්ම දර්ශනයක් දකිනු ඇත (තමා පත්ව ඇති තත්ත්වය පිළිබඳව). බාබාගේ හදවත දිනා ගනුයේ සේවයෙහි යෙදෙනා දරුවන් පමණයි. ඔබගේ සේවය වන්නේ අන් අයව අමරණීයත්වයේ දේශයෙහි වැසියන් බවට පත්කරවීමයි. බාබා ඔබට සෑහෙන සේ ධෛර්යය ලබා දෙමින් ගුණාංග ධාරණය කර ගැනීමට පොළඹවනවා. ශරීර අවධානයෙන් සිටිනා අයට ගුණාංග ඇති කර ගත නොහැකියි. ඔබ මේ ගණිකා මඩමේ සිට ශිවාලයා (සත් යුගය) වෙත යන්නේ පියා සිහිපත් කිරීමෙන් බව ඔබ දන්නවා. ඉතින්, දැන් ඔබ එම තත්ත්වයට පත්විය යුතුයි. බාබා ලියුම් වල මෙසේ ලියනවා ආදරණීය, නායකයාගේ හා ස්වාමියාගේ ආධ්‍යාත්මික දරුවනි, ඔබ ශ්‍රීමත් අනුගමනය කොට මහාරාතීන් බවට පත් වුවහොත් අනිවාර්යෙන්ම කුමරුන් බවට පත්වනු ඇත. මෙය ඔබගේ ඉලක්කය හා අරමුණයි. මේ සෑම දෙයක්ම ඉතාමත් පැහැදිලි ලෙස විස්තර කර දෙන්නේ ඒ එකම එක පියා පමණයි. සේවයෙහි යෙදෙමින් දිගින් දිගටම අන් අය හට ප්‍රයෝජනවත් දෙයක් කරන්න. ඔබ තුළ යෝගා බලය නොමැති විට එම සතුට නැති වී යන අතර ඔබ තුළ ආශාවන් පැන නඟිනවා. ’මට මේ මේ දේ ඕනෑ‘ ආදී වශයෙන්. ’සතුට තරම් වු පෝෂණයක් තවත් නැහැ‘ යනුවෙන් කියමනක් තිබෙනවා. කුමර කුමරියන් වන ඔබ තුළ සෑහෙන සතුටක් තිබිය යුතුයි. ඔබ තුළ මෙය නොමැති වූ තැන, වෙන දේවල් බොහොමයක් ඔබ හිස තුළට එනවා. ඔහෝ! පියා ඔබට ලෝකය නම් වු රාජ්‍යය ලබා දෙනවා. ඉතින් තවත් මොනවද ඔබට අවශ්‍ය ? එවන් වු මිහිරි පියෙක් හට ඔබ කරන්නා වු සේවය කුමක්දැයි ඔබ සෑම කෙනෙක්ම ඔබගෙන් විමසිය යුතුයි. පියා කියනවා ඒ ස්වාමියා පැමිණ සිටිනවාය යන පණිවිඩය සැමට ලබා දෙන්න. ඇත්තෙන්ම ඔබ සෑම කෙනෙක්ම සහෝදරයන්. මිනිස්සු, අප සැවොම සහෝදරයන් යැයි කිව්වා වුවත් ඔවුන් එසේ කියන්නේ සහෝදරයින් සහෝදරයින්ට උදව් කළ යුතුය යන සිතිවිල්ල මත පමණයි. මෙහිදී, පියා කියනවා සහෝදරයන් වන ඔබ ඒ එකම එක පියාගේ දරුවන්. දිව්‍යලෝකය ස්ථාපනය කරන්නා වන්නේ ඒ එකම එක පියායි. ඔහු සේවය කරනා නොයෙකුත් ආකාර ගැන විස්තර කර දෙනවා. ඒ වගේම ඔබ ඔබගේ නෑ හිත මිතුරන්ටත් මෙය විස්තර කළ යුතුයි. විදේශයන්හී පවා සේවය කරනා දරුවන් බලන්න. දිනෙන් දිනම ස්වභාවික ව්‍යසන සිදුවනු දකිනා මිනිසුන් තමා මියැදෙන්නට ප්‍රථම තම උරුමය ලබා ගත යුතු යැයි සිතනවා. දරුවන් වන ඔබත් ඔබගේ නෑ හිත මිතුරන් අභිවෘද්ධියට ලක්කරනා අතරම පාරිශුද්ධත්වය ද රකිනවා. කොහොමනමුත්, නිරතුරුවම සහෝදරත්වයේ අවධානය තබා ගැනීම අපහසුයි. පියා ඔබට ඉතාමත් හොඳ නමක් දී තිබෙනවා. ’නායකයා හා ස්වාමියාගේ දරුවන්‘. එමනිසා, ඔබ තමාවම පරීක්ෂා කර ගත යුතුයි ඔබ සේවය නොකරනවා නම් ඔබට අත්වන තත්ත්වය කුමක්ද ? කෙනෙක් යමක් දුන්නා වුවත්, පසුව එයින්ම යැපෙමින් කමින් බොමින් සිටිනවා නම් එම ජීවය තව තවත් ණය ගැති වනවා. සේවයෙහි යෙදෙනා අය තමා මෙතරම් ප්‍රමාණයක් දී තිබෙනා බවත් අනෙක් අය යැපෙන්නේ එමඟින් බවත් කිසිම විටෙක නොසිතිය යුතුයි. මේ නිසා තමයි උදව් කරනා අයවත් යග්යාවෙන්ම රැක බලා ගැනෙන්නේ. ඔබට කන්නට දෙන්නේ ඔහු (බාබා) බව ඔබ විස්තර කළ යුතු වෙනවා. ආධ්‍යාත්මික දරුවන් වන ඔබ පෝෂණය වනවා. ඉතින් ඒ නිසා ඔබ ඔහුට සේවය කළ යුතුයි. මෙය ඉතා විශාල ගිණුමක්. ඔබ තම මනසින්, වචනයෙන් හා ක්‍රියාවෙන් ඔවුන්ට සේවය නොකළ හොත්, එම සතුට ලඟා කර ගන්නේ කෙසේද ? ශිව බාබාගේ සිහියේ සිට ආහාර පිළියෙල කිරීමෙන් ඔබට ඔහුගේ බලය ලැබෙනවා. ඔබගේ හදවතින් විමසන්න මා සෑම කෙනෙක්වම සතුටට පත් කරනවාද ? මහාරාති දරුවන් ඉතාමත් හොඳ සේවයක් කරනවා. බාබා පින්තූර මුද්‍රණය කරන්නේ තෙල් කඩදාසි රෙද්දකයි. මන්ද එවිට ඒවා ඉරෙන්නේ නැති නිසයි. සෑම දිශාවකම සිටිනා බාබාගේ දරුවන් මුදල් එවනවා. බාබා වෙන කොහෙන් මුදල් ලබා ගන්නද ? මේ සෑම මධ්‍යස්ථානයක්ම ඉදිරියට යන්නේ කෙසේද ? දරුවන් තමයි ඒවා ඉදිරියට ගෙන යන්නේ. ශිව බාබා කියනවා මා ලඟ බෙලි කටුවක් වත් නැහැ. ඔබ මෙසේ දියුණු වන විට මිනිස්සු ඇවිත් මෙසේ කියයි අපේ නිවස පාවිච්චි කරන්න. කොහොමනමුත්, එවිට ඔබ මෙසේ කියයි ප්‍රමාද වැඩියි ! පියා දුප්පතාගේ ස්වාමියායි. දුප්පතුන් වෙන කොහෙන් මුදල් සපයා ගන්නද? සමහර මිනිස්සු ලක්ෂපතියන් වන අතර තවත් අය කෝටිපතියන්. ඔවුන්ට නම්, මෙය දිව්‍යලෝකයක්. එය මායාගේ පුහු ආටෝපය වන අතර එය දැන් බිඳී යන්නටයි තිබෙන්නේ. පියා කියනවා පළමුවෙන්ම ඔබ නායකයාගේ හා ස්වාමියාගේ දරුවන් බවට පත් විය යුතුයි. එවිට ඔබ කුමර කුමරියන් බවට පත්වනු ඇත. කොහොමනමුත්, ඔබ ඒ සඳහා අවශ්‍ය පරිදි සේවය ද ඉටු කළ යුතුයි. තමා දැන් ඒ නායකයා හා ස්වාමියාගේ දරුවන්ය යන සතුටින් ඉන්න. ඒ වගේම තමා නැවතත් කුමරෙක් බවට පත්වනවාය යන සතුට සිහියට නඟා ගන්න. ඔබ තවත් බොහෝ දෙනෙක් හට සේවය කළහොත් පමණයි කුමරෙක් බවට පත් වන්නේ. ඔබගේ සතුට කිහිප ගුණයකින් ඉහළ නැඟිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කිසිම කෙනෙක්ව කනස්සල්ලට පත් කරන්න එපා. කිසිම කෙනෙක් නිසා ඔබ කනස්සල්ලට පත්වන්නත් එපා. ඔබගේ දක්ෂතාවය ගැන හෝ ඔබ කරනා සේවය ගැන උඩඟු වන්න එපා. පියා දරුවන් වන ඔබට ගෞරව කරන්නා සේ ඔබත් ඔබට ගෞරව කළ යුතු වනවා.

2. යෝගා බලයෙන් ඔබගේ සියලු ආශාවන් අවසන් කර දමන්න. නායකයාගේත් ස්වාමියාගේත් දරුවන් වන ඔබ දැන් කුමරුන් බවට පත් වන්නට සිටිනවාය යන කුල්මත්භාවයෙන් යුතුව ජීවත් වන්න. සේවය කරනා අතරතුර සෑම විටම සාමකාමීව ඉන්න. ඔබගේ නහර තුළ තවත් දිවෙනා සියලු යක්ෂාවේශයන් ඉවත්කර දමන්න.

වරදානය:
ඔබ බොහෝ වාසනාවන්ත ජීවාත්මයක් වී ඔබේ බ්‍රහමින් ජීවිතයට පරමාත්ම පියාගෙන් ආලෝකයේ ඔටුන්නක් ලබත්වා.

සංගම යුග බ්‍රහමින් ජීවිතයේ විශේෂත්වය වන්නේ පාරිශුද්ධත්වයයි. පාරිශුද්ධත්වයේ සංකේතය වන්නේ සෑම බ්‍රහමින් ජීවාත්මයකටම පරමාත්ම පියාගෙන් ලැබෙන ආලෝකයේ ඔටුන්නකි. පවිත්‍රත්වයේ ආලෝකයේ මෙම ඔටුන්න මැණික් ඔටුන්නකටත් වඩා උසස් ය. මෙම ඔටුන්න ශ්‍රේෂ්ඨ ජීවාත්මයක, උසස්ම උසස් ජීවාත්මයක සහ දිව්‍යමය වාසනාව ඇති ජීවාත්මයක සලකුණකි. උපතේදීම සෑම දරුවෙකුටම බාප්දාදා, “ඔබ පිවිතුරු වේවා!” යන ආශිර්වාදය ලබා දෙයි. එහි සංකේතය ආලෝකයේ ඔටුන්නකි.

පාඨය:
අසීමිත නිරාශාවේ ආකල්පයෙන්, තම ආශාවන් නිසා පීඩා විදින ජීවාත්මයන්ගේ ඕනෑම දුකක් ඉවත් කරන්න.