05.06.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම පැරණි ලෝකය කෙරෙහි ඔබ තුළ අසීමිත නිරාශාවක් ඇති වුණු විට පමණයි පරමාත්ම පියා සමඟ ඔබට ආපසු නිවහන බලා යා හැකි වන්නේ.

ප්‍රශ්නය:
පරමාත්ම දෙවියන් සියලු බල ඇත්තා වුණත්, ඔහු විසින් නිර්මාණය කරන ලද මෙම ඥාන යාගයට මෙතරම් බාධක ඇති වන්නේ ඇයි?

පිළිතුර:
මන්ද, රාවණ දෙවියන්ටත් වඩා බලවත් වන නිසායි. එමනිසා, ඔහුගේ රාජධානිය පැහැර ගන්නා විට ඔහු අනිවාර්යෙන්ම බාධක ගෙන එනවා. නාටකයට අනුව, ආරම්භයේ පටන්ම මෙම යාගයට බාධා පැමිණුනා. ඒවා අනිවාර්යෙන්ම ඉදිරියටත් ඒවි. අපි අපිරිසිඳු ලෝකයෙන් පාරිශුද්ධ ලෝකයට මාරු වෙමින් සිටිනවා. එමනිසා, අපිරිසිඳු මිනිසුන් අනිවාර්යෙන්ම බාධා ඇති කරාවි.

ගීතය:
දුර ඈත දේශයේ සිට පැමිණෙන්නාණනි...

ඕම් ශාන්ති.
සුමිහිරි, ආධ්‍යාත්මික දරුවන්ට ගීතයේ පද පෙළක් ඇසුණා. වේද ආගමික ග්‍රන්ථ භක්ති මඟ නිරූපණය කරන්නාක් සේ මෙම ගීතයද එම මඟෙහි සුළු කොටසක් පෙන්වනවා. ඔවුන්ට කිසිම දෙයක් වෙන්නෙත් නැහැ. ග්‍රන්ථ වල ඇති කතන්දර වලට සවන් දීම හුදෙක් කර්ණ රසය පමණයි. දුර ඈත දේශයේ සිට පැමිණෙන්නාණනි කියන්නේ කාටදැයි කියා ඔය දරුවන් දැන් දන්නවා. තමනුත් දුර ඈත දේශයේ සිට පැමිණෙනන් බවත් තමන්ගේ නිවහත ශාන්ත දේශය බවත් ඔය ජීවාත්මයන් දන්නවා. මිනිසුන්ට මේ දේවල් තේරෙන්නේ නැති නිසා ඉත් අදහස් වන්නේ ඔවුන්ට කිසිම දෙයක් නොතේරෙන බවයි. පරමාත්ම පියාව නොදැනීම නිසා කිසිම කෙනෙක් ලෝක චක්‍රය ගැන දන්නේ නැහැ. ශිව බාබා: මම තාවකාලික කාලයකට සජීවී ශරීරගත වන ජීවාත්මයක් වෙනවා කියා කියන විට ජීවාත්මයට එය තේරෙනවා. ඔබලා සෑම විටම ශරීරගත වුණු ජීවාමයත් වෙනවා. මම ශරීරගත වන ජීවයක් වන්නේ සංගම යුගයේ කෙටි කලකට පමණයි. ඒ වුණත් එතැනදීත් ඔබ කරනා අයුරින්ම නොවෙයි. මම මෙම ජීව ශක්තිය තුළට ඇතුළු වන්නේ මගේම හැඳින්වීම දීමටයි. වෙන කොහොමද ඔබට එම හැඳින්වීම ලද හැක්කේ? පරමාත්ම පියා පහදා දී තිබෙනවා. ශිව බාබා, පරමාත්ම දෙවියන් කියා කියනා එක් ආධ්‍යාත්මික පියෙක් පමණයි සිටින්නේ. වෙන කිසිම කෙනෙක් ඔහුව දන්නේ නැහැ. මෙහි පාරිශුද්ධත්වයේ බන්ධනයත් තිබෙනවා. ලොකුම බන්ධනය නම් තමන් ජීවාත්ම සත්තාවක් කියා සැලකීමයි. දුර ඈත සිට පැමිණෙන, පාරිශුද්ධකරු. භක්තියේදී ඔබ සිහි කරනා ආධ්‍යාත්මික පියා පහදා කියනවා: මම සෑම කෙනෙක්වම නිවහන බලා ගෙන යමි: මම කිසිම කෙනෙක්ව අතහැර යන්නේ නැහැ. සෑම කෙනෙක්ම නිවහන බලා ආපසු යා යුතුයි. මුලුමනින්ම ශුන්‍ය වී යාමක් සිදුවන්නේ නැහැ. භාරත දේශය සෑම විටම පවතිනවා. භාරත භූමිය කිසිදා විනාශ වන්නේ නැත. ස්වර්ණමය යුගය ආරම්භයේදී තිබුණේ භාරත භූමිය පමණයි. කල්පයේ සංගම් යුගයේ දී පියා පැමිණෙන විට, ඔහු ආදී සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය කළ යුතු වෙනවා. අන් සෑම දහමක්ම විනාශ විය යුතුයි. ඔබලාත් ආදි සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපිත කිරීමට සහාය දක්වනවා. බාබා, අපවත් ඔබ සමඟ ගෙදර ගෙන යන්නැයි කියා කියන ගීතය ඔබට ඇසුණා. පරමාත්ම පියා කියනවා: පැරණි ලෝකය කෙරෙහි නිරාශාවක් නොමැතිව කිසිම කෙනෙකුට මා සමඟ නිකම්ම ආපසු යා නොහැකියි. නව නිවසක් ඉදි වන විට පැරණි තැනින් හිත ඉවත් වෙනවා. මෙම පැරණි ලෝකය විනාශ වීමට යන බව ඔබලාත් දන්නවා. ඔබ දැන් නව ලෝකයට යා යුතුයි. සතෝප්‍රධාත් නොවී ඔබට සතෝප්‍රධාන් දේවතාවරුන් විය නොහැකියි. මෙන්න මේ නිසා තමයි බාබා නිතර නිතර කියන්නේ: තමුන් ජීවාත්මයක් බව සලකා නිරතුරුවම පරමාත්ම පියාව සිහි කරන්න. සෑම කෙනෙකුටම විමුක්තිය දානය කරනා දුර ඈත සිට පැමිණෙන්නා දැත් පැමිණ සිටිනවා. ලෝකයේ අය ඔහු ගැන දන්නේ නැහැ. ඔවුන් කියන්නේ ඔහු සෑම තැනකම සිටිනවා කියලයි. ඔය දරුවන් ඔබලා දරණා උත්සාහයේ තරමට තම තමන් ශිව බබාගේ දරුවන් බව දැන් දන්නවා. ඔබ මෙහි (මධුබන්) පැමිණෙනා විට තමන් එන්නේ බාප්දාදා ලඟට බව ඔබලා දන්නවා. එමනිසා, මෙය පවුලකි: මෙය පරමාත්ම දෙවියන්ගේ පවුලයි. කෙනෙකුට විශාල පවුලක් සිටිනවා නම් එය ලොකු කණ්ඩායමක් වෙනවා. මෙම කුමර කුමරියන් වන ශිව් බාබාගේ දරුවනුත් ලොකු කණ්ඩායමක්. ඔය බ්‍රහ්ම කුමර කුමරියන් තමන් දැන් අසීමිත පරමාත්ම පියාගෙන් තම උරුමය දිනා ගනිමින් සිටිනා බව දන්නවා. පාන්දවයින් කවුරවයින් සමඟ සූදු කෙළින්නට ගොස් තම රාජධානියත් සූදුවට තිබූ බව සඳහන් වී තිබෙනවා. නමුත් පාන්දවයින්ටවත් කවුරවයින්ටවත් රාජධානියක් තිබුණේ නැහැ. ඔටුණු ආදිය තිබුණේ නැහැ. නගරයෙන් පිටුවහල් කරවූ ඔවුන්ගේ ආයුධත් සැඟවූ බව කියනවා. ඒ සියල්ල ගෙතු රස කතායි. පාන්දව රජ දහනක්වත් කවුරව රජ දහනක්වත් තිබුණෙත් නැහැ ඔවුන් එකිනෙකා සමඟ සටන් කර ගත්තෙත් නැහැ. ඔවුන් සහෝදරයින්. කෙසේ වෙතත්, රජවරුන් අතර සටනක් තිබුණා: යුද්ධය සිදු වුණේ කවුරවයින් හා යාවනයින් අතරයි. සහෝදරයින් තමන් එකිනෙකාව විනාශ කරගන්නේ කෙසේද? පාන්දවයින් හා කවුරවයින් යුධ වදින ආකාරයත් ඉතිරි වුණේ පංච පාන්දවයිනුයි ඔවුන්ගේ සුනඛයායි පමණක් බව පෙන්වා තිබෙනවා. පසුව ඔවුන් කන්දකට දිය වී ගියාලු. එතැනින් කතාව ඉවරයි. ඉන් රාජයෝගයේ කිසිම අර්ථයක් පෙන්වා නැහැ. පරමාත්ම පියා සෑම කල්පයකදීම පැමිණ එකම එක ධර්මයක් ස්ථාපනය කරනා බව ඔය දරුවන් දැන් දන්නවා. ඔවුන් කන්නලව් කරනවා 'පතීත පාවන බාබා, වඩිනු මැනව. අපිරිසිඳු අපව පාරිශුද්ධ කරනු මැනව. ස්වර්ණමය යුගයේ තිබුණේ සූර්ය වාංශික රජදහන පමණයි. විෂ්ණු දේශය ස්ථාපනය වන්නේ බ්‍රහ්මා මඟිනි. දැන් පරමාත්ම පියා පැමිණ සිටිනවා, ඔහුගේ අණ පිළිපදින්න. නෙළුම් මලක් සේ පිවිතුරුව වසන්න. කුමාරින්ට ගෙවල් වල ඉඳගෙන නෙළුම් මලක් සේ ජීවත් වන්න යැයි කියන්නේ නැහැ. ඔවුන් කොහොමත් පාරිශුද්ධයි. මෙසේ කියන්නේ ගෘහධාරින්ටයි. කුමර කුමරියන් විවාහ නොවිය යුතුයි. නැතිනම් ඔවුනුත් ගෘහධාරි වේවි. පිරිසිඳු විවාහයක් කියා දෙයක් ගැන යම් කතාවක් තිබෙනවා. කුමාරියකට තාඩන පීඩන එල්ල වන විට ඇයව එම පීඩාවෙන් මුදවා ගැනීමට පිරිසිඳු විවාහයක සහාය ලබා දෙනවා. නමුත් ඇත්තටම කියනවා නම්, ගුටිබැටත් ඉවසිය යුතුයි. කිසිම කෙනෙක් බාග-කුමාරීන් නොවිය යුතුයි. ඉපදුණු දා පටන් බ්‍රහ්මචාරිව වෙසෙන්නන් ඉතාමත් ප්‍රසිද්ධයි. විවාහයකින් පසුව ඔබ half-partner කෙනෙක් වෙනවා. කුමාරවරුන්ට පාරිශුද්ධව සිටින්න කියා කියනවා. තම පවුලේ අයත් සමඟ නිවසේ ජීවත් වන්නන්ට නෙළුම් මලක් සේ වාසය කරන්නැයි කියා කියනවා. උත්සාහය දැරිය යුත්තේ ඔවුනුයි. විවාහ නොවී සිටීමෙන් කිසිම බන්ධනයක් ඇති වන්නේ නැහැ. කුමාරි කෙනෙක් හොඳින් ඉගෙන ගෙන ඥානයේ සවිබල විය යුතුයි. තවමත් දෙමාපියන් මත යැපෙනා කුඩා කුමාරින්ව මෙහි භාරගත නොහැකියි. ඔවුන්ට නිවසේ සිට ඉගෙන ගත හැකියි. දෙමාපියන් දැනුමේ සිටිනවා නම්, තමන් මත යැපෙනා දරුවන්වත් මෙහි ගෙන ආ හැකියි. මෙය පාසලක්, නිවහනක්, ඒ වගේම සත්‍යයේ ඇසුර ලබන තැනයි. සත්‍යය යනු: දුර ඈත දේශයේ වාසය කරන්නාණනි කියා කියනා එකම එක පරමාත්ම පියායි. ජීවාත්මය ලස්සන වෙනවා. පරමාත්ම පියා කියනවා. ගමනේ යෙදෙනා මම සෑම විටම සුන්දරයි. මම මගේ පාරිශුද්ධත්වයේ සිටිමි. මා පැමිණ සෑම ජීවාත්මයක්වම පිරිසිඳු හා ලස්සන කරවනවා. මෙවන් සංචාරකයෙක් තවත් නැහැ. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා. මම රාවණ රාජ්‍යයේදී පැමිණෙමි. මෙම ශරීරයත් අයිති වෙන කෙනෙකුටයි. මේ මගේ ශරීරයයි කියා ඔය ජීවාත්මයන් කියාවි. බාබා කියනවා. මේ මගේ ශරීරය නොවෙයි. මොහුගේ ශරීරයයි. මේ අපිරිසිඳු ශරීරය මගේ නොවෙයි. මොහුගේ උපත් ගණනාවක අවසානයේ දී ඔහු පැමිණෙනවා. අංක එකේ පාරිශුද්ධ ජීවාත්මය අවසානම අංකය වෙනවා. එනම්, අවසානයේ දී ඔහු දුෂිත වෙනවා. මුලදී අංක එකේ ජීවාත්ම සත්තාව සොලොස් කලාවන්ගෙන් පිරී සිටියා. දැන් කිසිම කලාවක් ඉතිරි වී නැහැ. සෑම කෙනෙක්ම අපිරිසිඳු වෙලා. එමනිසා, දුර ඈත දේශයේ සිට පැමිණෙන්නා පරමාත්ම පියායි, නේද? ඔය ජීවාත්මයනුත් සංචාරකයිය. ඔබ මෙහි පැමිණෙන්නේ ඔබගේ වරිත කොටස රඟදැක්වීමටයි. කිසිම කෙනෙක් මෙම ලෝක චක්‍රය ගැන දන්නේ නැහැ. කෙනෙක් කෙතරම් ආගමික ග්‍රන්ථ හදාරා තිබුණත් කිසිම කෙනෙකුට මෙම ඥානය දිය නොහැකියි. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: මම මෙම ශරීරයට ඇතුළු වී ඔය ජීව සත්තාවන්ට ඥානය දෙමි. ඒ මිනිසුන් ග්‍රන්ථ පිළිබඳ ඥානය මිනිසුන්ට දෙනවා. ඔවුන් බැතිමතුන්ය. සිටින්නේ එකම එක මුක්තිදායකයකුයි. ඥාන සාගරය වන්නේ ඔහු පමණයි. ඔහු ගැන නොදන්නා නිසා, ඇත්තේ ශාරීරික අවධානයයි. තමන් ජීවාත්මයන්ය යන විශ්වාසය ඔබ තුළ තිබිය යුතුයි කියා ඔවුන් පැහැදිලි කර කියන්නේ නැහැ. ජීවය ඉගෙන ගන්නවා. ශාරීරික අවධානය නිසා කිසිම කෙනෙක් මෙය පැහැදිලි කර දෙන්නේ නැහැ.දුර ඈත දේශයේ සිට පැමිණෙන්නා කියා කිව හැක්කේ ශිව් බාබාටම පමණයි. ඔබ උපත් 84ක කල්පචක්‍රය වටා ගිහින් තිබෙනා බව ඔබලා දන්නවා. පරමාත්ම පියා කියනවා: දරුවනි. මම මීට වසර 5000කට පෙරදීත් ඔබට ඔබ තමාගේම උපත් ගැනවත් නොදන්නා බව පැහැදිලි කළා. මම ඒ ගැන දන්නවා. ගීතාවේ සඳහන් කර ඇති දේවල් පිටි ගෝනියක ඇති ලුණු ඇබිත්තක් වගෙයි. මේ ඒ ගීතා වෙළුමමයි. ඒම භාරත යුද්ධයමයි. ඒ මන්මනාභව, මධ්‍යාජිහව ඥානයමයි. නිරන්තරයෙන් මා පමණක්ම සිහි කරන්න. සැබවින්ම යුද්ධයක් තිබුණා. පාන්දවයින් ජය ගත්තා. විෂ්ණුගේ ජයග්‍රහණයේ මාලාව සිහි කර තිබෙනවා. පාන්දවයින් දිය වී ගිය බව කතන්දර වල ලියා තිබෙනවා. ඉතින් එහෙනම් රෝසරිය නිර්මාණය වූයේ කෙසේද? ඔබ මෙහි පැමිණ සිටින්නේ විෂ්ණු රෝසරියේ කෙනෙක් වීමටයි කියා ඔබට දැන් තේරෙනවා. උඩින්ම සිටින්නේ පාරිශුද්ධකර පරමාත්ම පියායි. ඔහුගේ සිහිවටනය තිබිය යුතුයි. භක්ති මාර්ගයේ සිහිවටන තිබෙනවා. 8.16.108 රෝසරි තිබෙනවා. වර්ධනීය අවස්ථාවේදී සෑම කෙනෙකුටම යහපත සැලසෙන බව සඳහන් වී තිබෙනවා. මේ ඔබගේ වර්ධනීය අවධිය බව ඔබ දැන් දන්නවා. ඔබ සතුටු දේශයට යාවි. පහළට පැමිණ තමන් උපත් 84ක් ගන්නා ආකාරය පිළිබඳ දැනුම ඔබගේ සිහියේ තිබෙනවා. මෙම ඥානය අමතක නොකළ යුතුයි. පරමාත්ම පියා පැමිණ සිටින්නේ අපගේ දුක් නැති කර සාපය ඉවත් කර සතුටේ උරුමය අපට උරුම කර දීමටයි. රාවණගේ සාපය නිසා සෑම කෙනෙක්ම දුක් විඳිනවා. එමනිසා, දැන් පරමාත්ම පියාවත් උරුමයත් සිහි කරන්න. සූර්ය වංශයට අයත් ඔබලා භාරතය පාලනය කළ බව ඔබලා දන්නවා. ශිවි බාබා පැමිණෙන්නේ භාරතයට පමණයි. දෙව්ලොව වන්නේ භාරතය පමණක් බව ඔබගේ සිහියේ තබා ගන්න. උපත් 84 චක්‍රය වටා නොගිය කෙනෙකුට මෙය ධාරණය කර ගැනීමටවත් අන් අයට ධාරණය කරවීමටවත් හැකි නොවනු ඇත. ඔවුන් උපත් 84ක් නොගෙන පසු කාලයේ දී පැමිණි අය බවයි ඉන් අදහස් වන්නේ, දෙව්ලොවට පැමිණෙන්නේ නැහැ. වේගයෙන් යාම හොඳයි. සාමාන්‍යයෙන් මිනිස්සු තමන්ගේ නව නිවහනේ ටික කාලයක් වාසය කර පසුව එය කුලියට දෙනවා. එමනිසා, එවිට එය පාවිච්චි කළ (second hand) ගෙයක් වෙනවා. ස්වර්ණමය යුගය නව යුගය වන අතර රිදී යුග second hand වෙනවා. තමන් දෙව්ලොව නව ලෝකයට යන බව ඔබගේ සිහියට ඇතුලු විය යුතුයි. උත්සාහ දරන්න. පුරවැසියන් නිර්මාණය වේවි. රෝසරියට පැමිණෙන්නේ කවුදැයි කියා ඔබට දැනගත හැකි වේවි. කෙනෙක් එහි කොටසක් වෙන්නේ නැතැයි කියා කෙළින්ම කිවහොත් ඔහුගේ හද ගැස්ම නැවතේවි. මෙන්න මේ නිසා තමයි ඔබට උත්සාහ දරන්නයි කියා කියන්නේ. ඔබගේ බුද්ධියේ යෝගාව එහේ මෙහේ නොයන බවට වගබලා ගන්න. ශිව බාබාට ඔබ කොයි තරම් නම් ආදරය කරන්න ද? තමන් බාප්දාදා ලඟට යනවායි කියා, දාදා මඟින් ශිව් බාබාගෙත් උරුමය දිනා ගන්න යනවායි කියා ඔබ කියනවා. එවන් පියෙක් ලඟට ඔබ නිතර නිතර යා යුතුයි. කෙසේ වෙතත්, ඔබ ඔබගේ ගේ දොරත් බලාකියා ගත යුතුයි. ඇතැම් අය හරිම ධනවත්, නමුත් ඔවුන්ට වෙලාව නැහැ. පුර්ණ විශ්වාසය නැහැ. නැතිනම් ඔවුන් සෑම මසකට දෙකකට සැරයක්ම නැවුම් වීමට මෙහි පැමිණේවි. ඒ ආකර්ෂණය දිගටම තිබේවි. ඉඳිකටුවක් මළකඩ කා ඇති විට කාන්දමකට එය ඇදගත නොහැකියි. නිවැරදිම යෝගාවේ සිටින්නන් ඉක්මනින්ම ඇදෙනා අතර දුවගෙන ඒවි. මළකඩ ඉවත් වුණු තරමට පැමිණ කාන්දම මුණගැසීමට ඇති ආකර්ෂණය ද වැඩි වේවි. ඔබ මොනවා කළත්, මට ගැහුවත් මා කවදාවත් ඔබගේ දොරකඩින් ඉවත් වන්නේ නැහැයි කියා කියැවෙනා ගීතයක් තිබෙනවා. කෙසේ වෙතත්, එවන් අවධියක් උදා වන්නේ අවසානයේ දීයි. මළකඩ ඉවත් වුණු විට ඒ අවධිය ඇති වේවි. පරමාත්ම පියා කියනවා: අහෝ ජීවාත්මයනි, ඔබ නිවසේ ජීවත් වුණත් මන්මනාභව වන්න. දුවගෙන විත් මෙහි පදිංචි වෙන්න ඔබට බැහැ. ඔය වළාකුළු මහා-සයුරට පැමිණෙන්නේ ඉන් නැවුම් වී පසුව ගිහින් සේවය කිරීමටයි. ඔබගේ බන්ධන අහවර වූ දාට පමණයි ඔබට සේවය සඳහා යා හැකි වන්නේ. දෙමාපියන් තම දරුවන්ව රැක බලා ගත යුතුයි. පරමාත්ම පිය සිහියේ සිට පාරිශුද්ධ වන්න. පරමාත්ම පියා පැහැදිලි කර කියා දී තිබෙනවා. මෙම ඥාන යාගයේ බාධක රැසක් තිබෙනවා. ඇතැම් අය අහනවා: දෙවියන් සියලු බල ඇත්තා නම් ඇයි මෙතරම් බාධක? රාවණ, පරමාත්ම දෙවියන්ටත් වඩා බලසම්පන්න බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඔහුගේ රාජධානිය පැහැර ගනිමින් සිටිනා නිසා බාධක රැසක් ඇති වෙනවා. නාටක සැලැස්මට අනුව නැවතත් වතාවක් බාධක පැමිණේවි. මුල පටන්ම බාධක තිබුණා. අපිරිසිඳු අය විසින් නිර්මාණය කළ බාධක ඇති වුණා. ක්‍රිෂ්ණාට බිසෝවරුත් 16,108ක් සිටියායි කියාත් නයෙක් දෂ්ඨ කළා කියාත් රාමාගේ සීතාව පැහැර ගත්තා කියාත් කියනවා. දෙව්ලොවට රාවණ ඇතුලු වන්නේ කෙසේද? බොරු රාශියක්, පාපයෙත් තොරව දරුවන් ඉපදෙන්නේ කෙසේද කියා මිනිස්සු අසනවා. තම තමන්ගේ උරුමය දිනා ගැනීමට සිටිනා අය පමණයි පැමිණෙන්නේ කියා ඔවුන් දන්නේ නැහැ. එමනිසා, මෙම ඥාන යාගයට යක්ෂයින් බාධක ගෙන ඒවි. යක්ෂයින් කියන්නේ අපිරිසිඳු අයටයි. මෙය රාවණ ප්‍රජාවයි. ඔබ දැන් සිටින්නේ සංගම් යුගයේයි. ඔබ රාවණ රාජ්‍යයෙන් ඉවත්ව පැමිණ සිටියා වුවත්, තවමත් එහි ගති සලකුණු සේයා තිබෙනවා. ඔබ මෙහි සිටියත් නිවහන බලා යනවාය යන දැනුම ඔබගේ සිහියේ තිබෙනවා. ඔබ මෙහි සිටිනවායි කියා බුද්ධියේ හැඟීම තිබුණා වුවත් මළ සොහොනක් වන මෙම අපිරිසිඳු ලෝකය කෙරෙහි ඔබට ඇත්තේ අපුලකි. විවිධ කරුණු හරහා ඔබට සියල්ල පහදා දී තිබෙනවා. මන්මනාභව යන එක් කරුණම ඇති. බාබා මම බන්ධනයේ සිටින්නේ කියා බොහෝ අය ලිපි ලියනවා. එක ද්‍රවුපති කෙනෙක් පමණක් නොවෙයි රාශියක්ම සිටිනවා. ඔබ දැන් අපිරිසිඳු ලෝකයෙත් පාරිශුද්ධ ලෝකයට මාරු කර යවමින් සිටිනවා. මීට පෙර කල්පයේ දී මල් වුණු අය නැවතත් මතු වේවි. අල්ලාගේ මල් වත්ත ස්ථාපනය වන්නේ මෙහිදීයි. ඇතැම් මල් බැලූ සැණෙකින් සිත සනසන තරමටම ලස්සනයි. රජ මල් කියා තමයි කියන්නේ: දින පහක් තිබ්බත් ඒවා පිපිලාම තිබී සුගන්ධය පතුරුවනවා. මෙහිදීත් පරමාත්ම පියාව සිහි කරමින් නිතරම අන් අයටත් එය සිහිපත් කර දෙන්නෝ තම සුවඳ පතුරුවති. ඔවුන් සිටින්නේ හරිම සතුටින්. නිතරම, එවන් මධුර මනෝහර දරුවන් දකින්න පරමාත්ම පියා හරිම කැමතියි. එවන් දරුවන් ඉදිරියේ බබා හරිම ලස්සන ඥාන නර්තනයක් නර්තනය කරනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඥානයෙන් හා යෝගාවෙන් ශක්තිමත් වන්න. ඔබට කිසිම බන්ධනයක් නොමැති නම් දැන දැනම කිසිම බන්ධනයක පැටලෙන්න එපා. උපන් දා පටන්ම බ්‍රහ්මචාරීව සිටින්න.

2. දැන් මේ ඇත්තේ අපගේ වර්ධනීය අවධියයි. බාබා පැමිණ සිටින්නේ අපගේ සෑම දුකක්ම ඉවත් කිරීමටයි. ශාපය ඉවත් කර උරුමය උරුම කර දීමටයි. පරමාත්ම පියාවත් උරුමයත් සිහි කර අපරිමිත සතුටින් සිටින්න. ඔබගේ බුද්ධියේ යෝගාව වෙන කොතැනකවත් රඳවා නොගැනීමට වග බලා ගන්න.

වරදානය:
ඔබ ආධ්‍යාත්මික සේවකයෙකු වී, ඔබ කරන සේවයේ සාර්ථකත්වය අත්කර ගැනීමට, ඉඩ දෙමින් හැඩ ගැසීමේ බලය සහ මුහුණ දීමේ බලය භාවිත කරත්වා.

ආධ්‍යාත්මික සේවකයින්ට සේවය කිරීම හැර වෙනත් කිසිවක් ගැන සිතිය නොහැක. ඔවුන් තම සිතිවිලි, වචන හෝ ක්‍රියා තුළ තත්පරයක්වත් විවේක නොගන්නා අතර ඒ නිසාම ඔවුන් හොඳම අය වෙති. කරන සේවයේ සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා, ඔවුන් නිරන්තරව මේ පාඨය මතක තබා ගනී: "හැඩගැසීම සහ මුහුණ දීම අපගේ ඉලක්කයයි." ඔවුන් තම පැරණි සංස්කාර වලට හැඩගැසෙන අතර දිව්‍ය පවුලට නොව මායාට මුහුණ දෙයි. එවැනි දරුවන් ඥානයෙන් පිරිපුන් මෙන්ම බලවත් ද වන අතර ඔවුන් අධ්‍යාත්මික සේවකයන් යැයි හඳුන්වනු ලබයි.

පාඨය:
කුඩා දේවල් විශාල නොකරන්න; වාතාවරණය බලවත් කරන්න.

අව්‍යක්ත සංඥාව: නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.

ලෝකයේ මිනිසුන් ජීවත්ව සිටිය දී බලාපොරොත්තු සුන්වීමේ චිතකයක් මත වාඩි වී සිටිති. එවැනි ජීවාත්ම ජීවී-මිය යාමට සලස්වා ඔවුන්ට නව ජීවිතයක දානය පිරිනමන්න. ඔබේ ප්‍රීතිමත් සහ සතුටු මුහුණෙන්, මිනිස් ජීවිතයක් ගත කරන ආකාරය ඔවුන්ට උගන්වන්න. ඔබව දුටු විට, ඔවුන්ට ධෛර්යය, උනන්දුව සහ උද්‍යෝගය ලැබේවා. මේ සඳහා, ඔබේ ස්වභාවය පහසු කර ගෙන, ද්විත්ව ආලෝක ස්ථිතියක පද්මාසනය මත නිරන්තරව ස්ථාවර වන්න.