05.07.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බැටරිය චාජ් වන්නේත්, ඔබට බලය ලැබෙන්නේත්, එමෙන්ම ජීවාත්මය සතෝප්‍රධාන් වන්නේත්, සිහිපත් කිරීම තුළින් පමණයි. එබැවින් සිහිපත් කිරීමේ වන්දනා ගමනට විශේෂ අවධානයක් යොමු කරන්න.

ප්‍රශ්නය:
එක් පියා කෙරෙහි සෙනෙහස ඇති දරුවන්ගේ සලකුණු මොනවාද?

පිළිතුර:
1) ඔබට එක් පියා කෙරෙහි සෙනෙහසක් තිබේ නම්, පියාගේ ද්‍රිෂ්ඨියේ එක් බැල්මක්, ඔබව එපිටට රැගෙන යාවි. 2) ඔබ සම්පූර්ණ බැඳීම් විනාශ කරන්නෙක් වේවි. 3) අසීමිත පියාගේ සෙනෙහස අගය කරන්නන්ට, වෙනත් කිසිවෙකුගේ සෙනෙහසක සිරගත වන්නට නොහැක. 4) ඔවුන්ගේ බුද්ධිය, ව්‍යාජ දේශයේ ව්‍යාජ මනුෂ්‍යයින්ගෙන් ඉවත්ව තිබෙයි. පියා ඔබට දැන් කෙතරම් සෙනෙහස ලබා දෙන්නේද යත්, එය අවිනාශී වෙයි. ඉන්පසුව ඔබ ස්වර්ණමය යුගයේදී එකිනෙකා සමග බොහෝ සෙනෙහසින් යුතුව වාසය කරයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන්ට අසීමිත පියාගේ සෙනෙහස, දැන් එක් වරක් පමණක් ලැබෙයි, එමෙන්ම භක්ති මාර්ගයේදී ඔබ මෙම සෙනෙහස බොහෝ සේ සිහිකරයි. බාබා, මට අවශ්‍ය ඔබගේ සෙනෙහස පමණයි. මවත් ඔබයි, පියාත් ඔබයි! ඔබ මගේ සියලු දේය! චක්‍රයෙන් භාගයක්ම ඔබ එක් අයගෙන් පමණක් සෙනෙහස ලබයි. ඔබගේ මෙම ආධ්‍යාත්මික සෙනෙහසේ ප්‍රශංසාව අසීමිතය. සාම දේශයේ අධිපතියන් බවට ඔය දරුවන්ව පත් කරවන්නේ පියාය. ඔබ දැන් සිටින්නේ දුක් දේශයේය. සෑම කෙනෙක්ම අසාමයෙන් සහ දුකෙන් හඬ නගති. අයත් වීම සඳහා, කිසිම කෙනෙකුට ස්වාමියා සහ අධිපතියා නොමැත, මේ නිසයි ඔවුන් භක්ති මාර්ගයේදී ඔහුව සිහි කරන්නේ. කෙසේවෙතත් භක්ති මාර්ගය සඳහා, නියමිත වුණු චක්‍ර භාගයක කාලයක් තිබේ. පියා, අන්තර්යාමි (එකිනෙකාගේ ඇතුලාන්තයේ ඇති දේ දන්නා කෙනා) නොවන බව ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. සෑම කෙනෙකුගේම ඇතුලාන්තයේ ඇති දේ දැන ගැනීමට පියාට අවශ්‍ය නැත. ඒ සඳහා ඔබට සිත් කියවන්නන් සිටියි. ඔවුන් එම හැකියාව හදාරති. මෙහි, එසේ නොවේ. පියා මෙහි පැමිණෙයි. මෙම සම්පූර්ණ කොටසම රඟපාන්නේ පියා සහ දරුවන්ය. ලෝක චක්‍රය භ්‍රමණය වන ආකාරය සහ එය තුළ, දරුවන් ඔවුන්ගේ කොටස් රඟපාන අයුරු පියා දන්නවා. එක් එක්කෙනා ඇතුලත ඇති දේ ඔහු නොදනී. සෑම කෙනාගේම ඇතුලාන්තයේ ඇත්තේ දුර්ගුණ පමණක් බව, ඔබට ඊයේ රාත්‍රියේද විස්තර කරන ලදී. මනුෂ්‍යයින් ඉතාමත්ම අපවිත්‍ර වන අතර, පියා පැමිණ ඔබව ලස්සණ මල් බවට පත් කරවයි. ඔබට පියාගේ සෙනෙහස ලැබෙන්නේ එක් වරක් පමණක් වන අතර, එය ඉන්පසුව අවිනාශී වෙයි. එහි, ඔබට එකිනෙකා කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ. ඔබ දැන් බැඳීම් ජය ගන්නන් බවට පත් වනවා. ස්වර්ණමය යුගයේ රාජධානිය යනු, බැඳීම් ජය ගත් රජ, රැජිණ සහ පුරවැසියන්ගේ රාජධානිය බව කියැවේ. එහි කිසි කෙනෙක් කිසිම විටෙක හඬන්නේ නැත. දුක පිළිබඳ සඳහනක්වත් නැත. භාරතයේ නිරෝගිකම, ධනය සහ සතුට සැබවින්ම තිබුණු බව, ඔය දරුවන් දන්නවා. එය රාවණ්ගේ රාජධානිය බැවින්, එය දැන් නොපවති. එහි සෑම කෙනෙක්ම දුක අත් විඳින බැවින් ඔවුන් පියාව සිහිපත් කරයි පැමිණ අපට සතුට සහ සාමය ලබා දී අපට අනුකම්පා කරන්න! අසීමිත පියා සානුකම්පිතයි. අනුකම්පා විරහිත වන්නේ රාවනුයි ඔහු ඔබට දුකට මාර්ගය පෙන්වයි. සෑම මනුෂ්‍යයෙක්ම අනුගමනය කරන්නේ දුක් මාර්ගයයි. විශාලතම ශෝකය ලබා දෙන්නේ, රාගය නමැති දුර්ගුණයයි. මේ නිසයි පියා පවසන්නේ මිහිරිතම දරුවනි, රාගය නමැති දුර්ගුණය ජය ගන්න, එවිට ඔබ ලෝකය ජයගන්නන් බවට පත් වෙයි. මේ ලක‍්ෂ්මි සහ නාරායන්ට, ලෝකය ජයගත්තන් යැයි කියයි. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ සිටගෙන සිටියි. මිනිසුන් දේවාල වලට යන මුත්, ඒ කිසිවෙකුගේ චරිත කතාව ඔවුන් නොදනී. ඔවුන් බෝනික්කන් වන්දනා කරනවා සේය. ඔවුන් දේවතාවියන්ව වන්දනා කරති. ඔවුන්, ඔවුන්ව නිර්මාණය කර, සරසා, ඔවුන්ට ආහාර ආදියද කවයි, නමුත් එම දේවතාවියන් කිසි දෙයක් කන්නේ නැත. ඒ සෑම දෙයක්ම කෑමට ගන්නේ බ්‍රහ්මණ පූජකයන්ය. ඔවුන්, ඒවා නිර්මාණය කර, රැක බලාගෙන ඉන්පසුව ඒවා විනාශ කර දමයි. මෙය අන්ධ විශ්වාසය යනුවෙන් හැඳින්වෙයි. එම දේවල් ස්වර්ණමය යුගයේ නොමැත. ඒ සියලු චාරිත්‍ර වාරිත්‍ර මතු වන්නේ කලි යුගයේදීය. ඔබ පළමුවෙන්ම එක් ශිව් බාබාට පමණක් වන්දනාමාන කරති, එයට අමිශ්‍ර, ධාර්මික වන්දනාව යැයි කියයි. ඉන්පසුව මිශ්‍ර වන්දනාව ඇති වෙයි. ඔබ ’බාබා‘ යන වචනය භාවිත කිරීමෙන් පවුලක සුගන්ධය ඇතිවෙයි. ඔබද කියන්නේ මවත් ඔබයි, පියාත් ඔබයි... කියාය. අපට ඥානය ලබා දීමේ ඔබගේ දයාව තුළින්, අපට බොහෝ සතුට ලැබෙනවා. ඔබ පෙර, අශාරීරික ලෝකයේ සිටි බව ඔබගේ බුද්ධියේ මතකයට නැඟෙයි. ඔබ එහි සිට, මෙහි පැමිණ, ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා, ශරීර අරගත්තේය. මුලදී, අප දිව්‍යමය ඇඳුමක් අරගන්නේය, එනම්, අප දේවතාවන් වශයෙන් හැඳින්වෙයි. ඉන්පසුව, අප ක‍්ෂත්‍රීය, වෛශ්‍ය, සහ ශුද්‍ර යන වංශ වලට ගොස් අපගේ විවිධ චරිත කොටස් රඟපාති. ඔබ පෙරදි මෙම දේවල් දැන සිටියේ නැත. බාබා දැන් පැමිණ ඔය දරුවන්ට මුල, මැද සහ අවසානය පිළිබඳ ඥානය ලබා දී ඇත. මෙම ශරීරයට ඔහු ඇතුළු වන අන්දම ගැන තමන් පිළිබඳ දැනුමද ඔහු ඔබට ලබා දී ඇත. මෙම කෙනා ඔහුගේ උපත් 84 ගැන දැන සිටියේ නැත. ඔබ එය දැන සිටියේ ද නැත. ශ්‍යාම්-සුන්දර් හි රහස ඔබට විස්තර කර දී තිබේ. නව ලෝකයේ පළමුවන රාජ කුමාරයා මෙම ක්‍රිෂ්ණා වන අතර, රාධේ දෙවන අංකයයි. වසර කිහිපයක වෙනසක් තිබේ. ලෝකයේ ආරම්භයේදී, මෙම කෙනා අංක එකේ කෙනා බව කියයි. සෑම කෙනෙක්ම ක්‍රිෂ්ණාට ආදරය කරන්නේ මේ නිසයි. ශ්‍යාම්-සුන්දර් යැයි කියන්නේ ඔහුට පමණයි. දිව්‍යලෝකයේදී සෑම කෙනෙක්ම සුන්දරයි, නමුත් දැන් දිව්‍යලෝකය කොහිද? චක්‍රය අඛණ්ඩව භ්‍රමණය වෙයි. ලංකාව සහ ද්වාරකාව යටට ගියා කියා ඔවුන් පවසන අන්දමට, එය මුහුද පතුලට නොයයි. නැත. මෙම චක්‍රය අඛණ්ඩව භ්‍රමණය වෙයි. මෙම චක්‍රය ගැන දැන ගැනීමෙන් ඔබ අධිරාජයන්, අධිරාජිණියන්, ලෝක පාලකයන්, ලෝක අධිපතියන් බවට පත් වෙයි. පුරවැසියන් පවා තමන් අධිපතියන් බව සළකති. එය තමන්ගේ රාජධානිය බව ඔවුන් කියයි. භාරතයේ මිනිසුන් කියන්නේ එය අපගේ රාජධානියයි. එය භාරතය ලෙස හැඳින්වෙයි. හින්දුස්ථාන් යන නම වැරදියි. ඇත්ත වශයෙන්ම ඇත්තේ ආදි සනාතන දෙවි දේවතා ධර්මය පමණයි. කෙසේවෙතත් ඔවුන් තම ධර්මයේ සහ ක්‍රියාවෙන් දූෂිත වී ඇති බැවින්, ඔවුන්ට තමන්ව දේවතාවන් වශයෙන් හැඳින්විය නොහැක. මෙයත් නාටකයේ නියමිත වූවකි. එසේ නැත්නම්, පියා නැවත වතාවක් පැමිණ, දෙවි දේවතා ධර්මය ස්ථාපනය කරන්නේ කෙසේද? ඔබ මෙම දේවල් ගැන පෙර දැන සිටියේ නැත, නමුත් පියා දැන් පැමිණ ඔබට විස්තර කර දී තිබේ. ඔහු කෙතරම් මිහිරි බාබා කෙනෙක්ද, එසේ වුවද ඔබ ඔහුව අමතක කර දමයි! මිහිරිතම වන්නේ බාබායි. කෙසේවෙතත්, රාවණ්ගේ රාජධානියේ සෑම කෙනෙක්ම ඔබට ලබා දෙන්නේ දුකම පමණයි. මේ නිසයි ඔබ අසීමිත පියාව සිහිපත් කරන්නේ. ඔබ සෑම කෙනෙක්ම බැතිමතුන් වන අතර, ඔහු සිහි කර, සෙනෙහසේ කඳුළු වගුරුවමින්, මෙසේ කියයි ඕ පෙම්බරයාණෙනි! ඔබ පැමිණ මනාලියන්ව මුණ ගැසෙන්නේ කවදාද ? සියලුම බැතිමතුන්ගේ ස්වාමියා වන්නේ දෙවියන්ය. දෙවියන් පැමිණ ඔබගේ භක්තියේ ඵලය ඔබට ලබා දෙයි. ඔහු ඔබට මාර්ගය පෙන්වා මෙසේ විස්තර කරයි මෙය වසර 5000ක නාටකයකි. කිසිම මනුෂ්‍යයෙක් නිර්මාණකරු හෝ නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ නොදන්නේය. ආධ්‍යාත්මික පියා සහ ආධ්‍යාත්මික දරුවන් පමණයි මෙය දන්නේ. කිසිම මනුෂ්‍යයෙක් මෙය නොදනී. දේවතාවන් වුවද මෙය නොදනී. ආධ්‍යාත්මික පියා පමණයි මෙය දන්නේ. ඔහු මෙතැන අසුන්ගෙන ඔහුගේ දරුවන්ට විස්තර කර දෙයි. වෙනත් කිසිම ශාරීරික ජීවියෙකුට නිර්මාණකරු හෝ නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ ඥානය තිබිය නොහැක. මෙම ඥානය තිබෙන්නේ ආධ්‍යාත්මික පියාට පමණයි. ග්‍යාන්-ග්‍යානේශ්වර් යැයි කියන්නේ ඔහුට පමණයි. ඔබව රාජ-රාජේශ්වරයන් (රජවරුන්ගෙත් රජවරුන්) කිරීම සඳහා, ග්‍යාන්-ග්‍යානේශ්වර ඔබට ඥානය ලබා දෙනවා. මෙයට රාජයෝගා යැයි කියන්නේ මේ නිසයි. අන් සියල්ලම හත යෝගාවයි. එම හත යෝගීන්ගේ බොහෝ පිළිම තිබේ. පසු කලකදී සන්යාසීන් පැමිණි විට, ඔවුන් හත යෝගාව උගන්වයි. බොහෝ ව්‍යාප්තිය ඇති කල, ඔවුන් හත යෝගාව ආදිය උගන්වති. පියා විස්තර කර ඇත මම පැමිණෙන්නේ සංගම යුගයේදී පමණයි. මම පැමිණ රාජධානියක් ස්ථාපනය කරනවා. ඔහු ස්ථාපනය ඇති කරන්නේ මෙහිදීය, ස්වර්ණමය යුගයේදි නොවෙයි. ස්වර්ණමය යුගයේ ආරම්භයේදී රාජධානිය තිබේ. එබැවින් ස්ථාපනය අනිවාර්යෙන්ම සිදුවන්නේ සංගම යුගයේදීය. මෙහි, කලි යුගයේ සෑම කෙනෙක්ම වඳින්නෙක් වන අතර, ස්වර්ණමය යුගයේ සෑම කෙනෙක්ම වැඳුම් ලබන්නට සුදුස්සන්ය. පියා මෙහි පැමිණෙන්නේ ඔබව වැඳුම් ලබන්නට සුදුසු අය බවට පත් කරවීමටයි. ඔබව වඳින්නන් බවට පත් කරවන්නේ රාවනුයි. ඔබ මේ සියලු දෙයක්ම දැන සිටිය යුතුයි. අන් සියල්ලට වඩා ශ්‍රේෂ්ඨතම ඉගෙනුම මෙයයි. එම ගුරුවරයාව කිසි කෙනෙක් නොදනි. එම කෙනා පරම පියා, ගුරුවරයා සහ සත්ගුරුය. කිසි කෙනෙක් මෙය නොදනි. පියාම පමණක් පැමිණ, ඔහුගේ සම්පූර්ණ හැඳින්වීමම ලබා දෙයි. ඔහුම ඔය දරුවන්ට උගන්වා ඉන්පසුව ඔහුත් සමග ඔබව ආපසු රැගෙන යයි. ඔබට අසීමිත පියාගෙන් ආදරය ලැබෙන නිසා, ඔබ වෙනත් කිසිවෙකුගේ ආදරයට කැමති නැත. මෙකල, එය ව්‍යාජ දේශයයි. මායා මුලාවකි, ශරීරය මුලාවකි එමෙන්ම මුළු ලොවම මුලාවකි. භාරතය දැන් මුලාවේ දේශය වන අතර, ඉන්පසුව ස්වර්ණමය යුගයේදී එය සත්‍යයේ දේශය බවට පත් වෙයි. භාරතය කිසිම විටෙක විනාශ වන්නේ නැත. අසීමිත පියා පැමිණ, ලෝකයේ ආරම්භය, මැද සහ අවසානය ගැන රහස් ඔය දරුවන්ට විස්තර කර දෙන, ශ්‍රේෂ්ඨතම වන්දනා ස්ථානය මෙයයි, ඔහු සෑම කෙනෙකුටම විමුක්තය ලබා දෙයි. කෙසේවෙතත්, භාරතය ලෝකයේ විශ්මය බව වටහා ගත හැක්කේ ඔය දරුවන්ට පමණයි. ඒවා මායාගේ විශ්මයන් හතය. දෙවියන්ගේ විශ්මයන් ඇත්තේ එකක් පමණි. දෙවියන් එක්කෙනෙක් වන අතර, ඔහුගේ ආශ්චර්යමත් දිව්‍යලෝකයද එකකි. එයට කියන්නේ දිව්‍යලෝකය, පාරාදීසිය කියාය. එයට ඇත්තේ එක් සත්‍ය නාමයක් පමණක් වන අතර, එය දිව්‍යලෝකයයි. මෙය අපායයි. මුළු චක්‍රය වටේටම යන්නේ ඔය බ්‍රහ්මණයින් පමණයි. අප බ්‍රහ්මණයින් වන අතර, ඉන්පසුව අපි දේවතාවන් බවට පත්වෙයි. නැඟීමේ තත්ත්වය ඇති අතර, ඉන්පසුව තිබෙන්නේ පහත බැසීමේ තත්ත්වයයි. නැඟීමේ තත්ත්වය නිසා සෑම කෙනෙකුටම යහපතක් වෙයි. ලෝකයේ සාමය මෙන්ම සතුට අවශ්‍ය වන්නේ භාරතයේ ජනතාවට පමණයි. දිව්‍යලෝකයේ ඇත්තේ සතුට පමණයි, ශෝකය පිළිබඳ සඳහනක් නොමැත. එයට කියන්නේ දේවමය රාජධානියයි. ස්වර්ණමය යුගයේ සූර්ය වංශය ඇති අතර, ඉන්පසුව දෙවන පංතියේ චන්ද්‍ර වංශය තිබේ. ඔබ දේවවාදීන් වන අතර ඔවුන් අදේවවාදීන්ය. ඔබ ස්වාමියා සහ අධිපතියාට අයත් වන අතර, පියාගෙන් උරුමයක් හිමි කරගැනීමට උත්සාහ දරයි. ඔබට මායා සමග අදෘෂ්‍යමාන සටනක් තිබේ. පියා පැමිණෙන්නේ රාත්‍රියේය. ශිවාගේ රාත්‍රිය, ශිව රාත්‍රිය තිබෙන මුත්, මිනිසුන් ශිවාගේ රාත්‍රියේ අරුත නොදනී. බ්‍රහ්මාගේ රාත්‍රිය අවසන් වී, දහවල ආරම්භ වෙයි. ඔවුන් ක්‍රිෂ්ණාගේ වදන් ගැන කතා කරන මුත්, මේවා ශිව දෙවියන්ගේ වදන්ය. දැන් නිවැරදි වන්නේ කවුද? සම්පූර්ණ උපත් 84 ගන්නා කෙනා ක්‍රිෂ්ණාය. පියා පවසන්නේ මම පැමිණ, සාමාන්‍ය මහලු ශරීරයකට ඇතුළු වන්නෙමි. ඔහු පවා ඔහුගේම උපත් නොදනී. බොහෝ උපත් ගණනාවක අවසන් උපතේදී, ඔහු අපවිත්‍ර වූ විට, මා පැමිණ, අපවිත්‍ර ලෝකයේ අපවිත්‍ර රාජධානියකට ඇතුළු වන්නෙමි. අපවිත්‍ර ලෝකයේ බොහෝ රාජධානි තිබෙන මුත්, පිවිතුරු ලෝකයේ ඇත්තේ එක් රාජධානිය පමණි. ගිණුම තිබේ. භක්ති මාර්ගයේ, ඔවුන් දැඩි භක්තියේ යෙදී, ඔවුන්ගේ ගෙල කපා දැමීමට ඔන්න මෙන්න තිබියදී, ඔවුන්ගේ ආශාවන් ඉෂ්ඨ වෙයි. කෙසේවෙතත්, ඒ හැරුණු කොට එහි කිසිම දෙයක් නොමැත. එය හැඳින්වෙන්නේ දැඩි භක්තිය කියාය. රාවණ්ගේ රාජධානියේ ආරම්භයේ සිට, මිනිසුන් භක්තියේ මෙවලම් හදාරමින්, අඛණ්ඩව පහතට පැමිණ ඇත. ඔවුන් කියන්නේ ව්‍යාස් දෙවියන් ආගමික ග්‍රන්ථ නිර්මාණය කළ බවයි. ඔවුන් ලියා ඇති දේවල් බලන්න ! ඔය දරුවන් දැන් දැනුමේ සහ භක්තියේ රහස් වටහා ගෙන තිබේ. මේ සියලු විස්තර, ඉනිමගේ සහ ගසෙහි පිංතූර වල තිබේ. උපත් 84ද ඒවායේ පෙන්වා තිබේ. සෑම කෙනෙක්ම උපත් 84ක් ගන්නේ නැත. ආරම්භයේදී පැමිණෙන අය පමණයි, සම්පූර්ණ උපත් 84 ගන්නේ. ඔබට මෙම ඥානය ලැබෙන්නේ මෙකල පමණයි. ඉන්පසුව එය ඔබගේ ආදායම් මාර්ගය බවට පත් වෙයි. ලබා ගැනීම සඳහා, ඔබට උත්සාහ දැරීමට සිදුවන, කිසිම අඩුපාඩුවක් උපත් 21කට නොමැත. එය පියාගේ එකම දිව්‍යලෝකය, ලොවෙහි විශ්මය ලෙස හැඳින්වෙයි. එහි නාමයම වන්නේ පාරාදීසයයි. පියා ඔබව එහි අධිපතියන් බවට පත් කරවයි. ඒ මිනිසුන් නිකම්ම එම විශ්මයන් පෙන්වන අතර, පියා ඔබව එහි අධිපතියන් බවට පත් කරවමින් සිටියි. මේ නිසයි පියා දැන් පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. සෑම මොහොතකදීම මා සිහිපත් කරමින් සතුට ලබා ගන්න, එවිට ශරීරයේ ඔබගේ සියලුම වේදනාවන් සහ විඳීම් ඉවත් වී, ඔබ ජීවන-මුක්ති තත්ත්වය හිමි කර ගනීවි. පිවිතුරු වීම සඳහා, සිහිපත් කිරීමේ වන්දනා ගමන අත්‍යාවශ්‍යයි. මන්මනභව් වන්න, එවිට ඔබගේ අවසන් සිතිවිලි, ඔබව ඔබගේ ගමනාන්තයට ගෙන යනු ඇත. සාම දේශය, විමුක්තිය ලෙස හඳුන්වන අතර, ජීවන-මුක්තිය ලැබෙන්නේ මෙහිදීය. ජීවන මුක්තියට එරෙහිව, අවමානය තිබේ. ඔබ දැන් පියා මෙන්ම නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳව දනී. ඔබට පියාගේ ආදරය ලැබෙයි. පියා ඔහුගේ එක් බැල්මකින් ඔබව එපිටට රැගෙන යයි. ඔහු පෞද්ගලිකවම පැමිණ ඔබට ඥානය ලබා දෙයි. මෙහි දිව්‍ය ඥානය පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා ඔබට උපදෙස් ලබා දෙයි බැටරියක් චාජ් වන සේම, මේ ආකාරයට ඔබ සිහිපත් කිරීමේ සිටීමෙන්, ඔබට බලය ලැබෙයි. මෙය මෝටරයක් වන අතර එහි බැටරිය බැස තිබේ. දැන් සර්ව බලධාරී පියාට ඔබගේ බුද්ධියේ යෝගාව සම්බන්ධ කිරීමෙන්, ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වී, ඔබගේ බැටරිය චාජ් වෙයි. පියාම පැමිණ සෑම කෙනාගේම බැටරිය චාජ් කරයි. සර්ව බලධාරියා වන්නේ පියා පමණයි. මෙතැන අසුන් ගෙන, ඔබට මේ සියලු මිහිරි දේවල් පවසන්නේ පියාම පමණයි. ඔබ උපතින් උපතට භක්ති මාර්ගයේ ආගමික ග්‍රන්ථ හැදෑරුවා. සියලුම ආගම් වල අයට, පියා දැන් පවසන්නේ එකම දෙයක් පමණයි. ඔහු පවසන්නේ තමන් ජීවයක් බව සළකා, පියා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී යයි. ඔය දරුවන්ගේ යුතුකම වන්නේ මා සිහිපත් කිරීමයි. මේ ගැන ව්‍යාකූලත්වයට පත් වීම ගැන ප්‍රශ්නයක් නැත. පාරිශුද්ධකරුවා වන්නේ එක් පියා පමණි. ඔබ සෑම කෙනෙක්ම පිවිතුරු වූ පසු, සියලු දෙනාම ආපසු නිවසට යයි. මෙම ඥානය සියලුම දෙනාටයි. මෙය හැඳින්වෙන්නේ රාජයෝගාව සහ පහසු ඥානය ලෙසයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ බුද්ධියේ යෝගාව පියා, සර්ව බලධාරියාට සම්බන්ධ කර, ඔබගේ බැටරිය චාජ් කරගන්න. ජීවාත්මය සතෝප්‍රධාන් කරගන්න. සිහිපත් කිරීමේ වන්දනාව ගැන කිසි විටෙක ව්‍යාකූලත්වයට පත් නොවන්න.

2. මෙම අධ්‍යයනය හදාරා, තමන්ට දයාව පාන්න. පියා හා සමානව, සෙනෙහසසේ සාගරයක් වන්න. පියාගේ සෙනෙහස අවිනාශි වන සේම, සෑම දෙනා කෙරෙහිම සැබෑ අවිනාශි සෙනෙහසක් ඇති කර ගන්න. බැඳීම් ජය ගත්තෙක් වන්න.

වරදානය:
ඔබ මිහිරි අත්දැකීම් ලබා ගැනීමට සහ නිරන්තර බලවත් ජීවාත්මයක් වීමට ඔබේ අවබෝධයේ බලය භාවිතා කරත්වා.

අවබෝධ කර ගැනීමේ බලය ඔබට ඉතා මිහිරි අත්දැකීම් ලබා ගැනීමට ඉඩ සලසයි. සමහර විට, ඔබ පරමාත්ම පියාගේ දෑස් තුළ ආභරණයක් ලෙස අත්විඳින්න, එනම්, ඔබ පියාගේ දෑස් තුළ ඒකාබද්ධ වූ උසස් ලක්ෂ්‍යයක් ලෙස අත්විඳින්න. සමහර විට, නළල මැද දිදුලන ආභරණයක් වන්න. සමහර විටෙක, බ්‍රහ්මාගේ හස්තයක් වන බ්‍රහ්ම පියාගේ සහයෝගී දකුණු අතක් වීම ඔබම අත්විඳින්න. සමහර විටෙක, ඔබ අව්‍යක්ත් සුරදූත ස්වරූපයක් ලෙස අත්විඳින්න. ඔබේ අවබෝධයේ බලය වැඩි කරන විට ඔබ බලවත් වනු ඇත. එවිට, ඔබ කුඩා පැල්ලමක් දුටු විට, ඔබ එය පරිවර්තනය කරනු ඇත.

පාඨය:
VfjVdljw/Vd msc wkwVkgwidc uoblfVd DeMfj¤beo ofVe iVdV, Zë‡ ~ywid Gldmeu/Vd hum¦ bV¦ Dzl.