05.07.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරමාත්ම පියා ඔබට උගන්වන්නේ ඔබලාව ලස්සන දේවතාවරුන් බවට පත් කරවීමටයි. ඔබගේ අලංකාරයේ පදනම වන්නේ පාරිශුද්ධත්වයයි.

ප්‍රශ්නය:
ආධ්‍යාත්මික ගිනි දැල්ලට තමාව බිලි ගන්වන මෙරූන්ගේ ගති ලක්ෂණ මොනවාද?

පිළිතුර:
1. මෙම ගිණි දැල්ලට බිලි වන්නන් නිසි අයුරින්ම ඔහුව අවබෝධ කරගෙන නිසි ලෙසම ඔහුව සිහිකරයි. 2. තමාව බිල්ලට දෙනවා යනු පියා හා සම අයෙක් බවට පත් වීමයි. 3. තමාව බිල්ලට දී ගන්නවා යනු පියාටත් වඩා ඉහළ තැනක් වන රාජ්‍යයට හිමිකම් ඇත්තෙක් බවට පත්වීමයි.

ගීතය:
මෙරු රෑන මැද්දේ ගිණි දල්ල දැල්වේ.

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි ආධ්‍යාත්මික දරුවන් දැන් ගීතයේ එක් පෙළකට සවන් දුන්නා. මෙය පැහැදිලි කරන්නේ කවුරුන්ද? ආධ්‍යාත්මික පියයි. ඔහු ගිණිදැල්ල කියාත් හඳුවනවා. ඔහුට නම් රැසක් තිබෙනවා. පරමාත්ම පියාව ඉතාමත් ඉහළින් වර්ණනාවට ලක් වී තිබෙනවා. මෙය පරමාත්ම පියා පරමාත්ම ජීවයේ කීර්තියයි. එහෙම නේද? පරමාත්ම පියා ගිණි දැල්ල ලෙසින් පැමිණ සිටින්නේ ඔය මෙරුන් වෙනුවෙනුයි. මෙරු රෑනක් ගිනි දැල්ලක් දුටු විට තමාව එයට බිලි දී ශරිරය අතහැර දමා යනවා. මෙරුන් රැසක් මෙසේ තම ජීවිතය ගිණි දැල්ලට භාර කරනවා. විශේෂයෙන්ම දීප මාලාවේ දී පහන් රැසක් දැල්වනවා. එවිට කුඩා කුඩා කෘමින් රැසක් රාත්‍රියේදී මිය යනවා. අපේ බාබා පරමාත්ම ජීවාත්මයයි කියා ඔය දරුවන් දැන් දන්නවා. ඔහුව හුසේන් නමිනුත් හඳුන්වනවා. ඔහු සදා පිරිසිඳු කෙනෙක් නිසා ඔහු හරිම ලස්සනයි. ජීවාත්මයන් පිරිසිඳු වුණු විට ඔවුන් පිරිසිඳු හා ස්වාභාවික ලස්සන ශරිර ලබනවා. ශාන්ත දේශයේ සිටින විට ජීවාත්මයන් සිටින්නේ පාරිශුද්ධවයි. තම තමන්ගේ චරිත කොටසක් රඟ දැක්වීමට පළමුව ජීව මෙහි පැමිණෙන විට ඔවුන් සතෝප්‍රධාන්ව සිටියා. පසුව ඔවුන් සතෝ, රාජෝ හා තමෝ වෙනවා. ලස්සනට සිටි ඔවුන් පසුව අවලස්සන වෙනවා. අපිරිසිඳු වෙනවා. ජිව පිරිසිඳුව සිටිනා කළ ඔවුන් සිටින්නේ ස්වර්ණම යුගයේ යැයි කියා කියනවා. පසුව ඔවුන් ස්වර්ණම යුග ශරිර ලබනවා. ලෝකය පැරණි වෙනවා අලුත් වෙනවා. මිනිසුන් භක්ති මාර්ගයේ දී ඔහෝ ශිව බාබා කියා කනලව් කරනා ඒ ලස්සන පරමාත්ම පියා, පරමාත්ම ජීවය ඒ අශාරිරක පියා දැන් අපිරිසිඳු ජීවයන්ව පිරිසිඳු කරවා ඔවුන්ව ලස්සන කරවීමට පැමිණ සිටිනවා. මේ දවස් වල ලස්සනට පේන්න සිටිනා අයගේ ජීවාත්මයනුත් ලස්සනයි කියා කියන්න බැහැ. කෙනෙකුගේ ශරිරයක් ලස්සන වුවත් ජීවය අපිරිසිඳුයි. පිටරටවල අය ඉතාමත් ලස්සනයි. ලක්ෂ්මී හා නාරයනට තිබුණේ ස්වර්ණම යුග ලස්සනකුත් දැන් මෙහි සිටිනා අයට ඇත්තේ අපායේ ලස්සනකුත් කියා ඔබ දන්නවා. මිනිස්සු මේ දේවල් ගැන දන්නේ නැහැ. මෙහි ඇති ලස්සනට අපායට ඇති ලස්සනක් කියා පහදා දී ඇත්තේ ඔය දරුවන්ට පමණයි. අප සැම දෙව්ලොව වෙනුවෙන් ස්වාභාවිකව ලස්සන වන්නෙමු. අපේ ඒ ලස්සන උපත් 21 ක් පුරාවටම පවතිනවා. මෙහි සිටිනා මිනිසුන්ගේ ලස්සන පවතින්නේ එක් උපතට පමණයි. බාබා මෙහි පැමිණි විට ඔහු මෙම ලෝකයේ මිනිසුන්ව පමණක් ලස්සන කරවනවා පමණක් නොව මුළු ලෝකයම ලස්සන කරවනවා. නව ලෝක ස්වර්ණම යුගයේ සිටින්නේ ලස්සන දේවතාවරුන්ම පමණයි. ඔබ දැන් ඉගෙන ගන්නේ ඒ හා සම වීමටයි. පරමාත්ම පියා ගිණි දැල්ලක් ලෙසත් හඳුන්වනවා. නමුත් ඔහු ඇත්ත වශයෙන්ම පරමාත්ම ජීවයයි. ඔබ සෑම කෙනෙක්ම ජීවාත්මයක් කියා හඳුන්වන්නාක් සේ ඔහුවත් හඳුවන්නේ පරමාත්ම ජීවය කියලයි. ඔය දරුවන් පියාගේ ගුණ ගායනා කරනා අතර පියා ඔය දරුවන්ගේ ගුණ ගායනා කරයි. මම ඔබව කෙතරම් ඉහළ අය බවට පත්කරනවාද කිවහොත් ඔබ මටත් වඩා ඉහළ තත්ත්වයට පත්වෙනවා. කිසිම කෙනෙක් මාව හරියටම මම කවුද මොනවද කරන්නේ කියා හඳුනන්නේ නැහැ. තම තමන්නේගේ චරිත කොටස් රඟපෑමට ඔය දරුවන් පරම දේශයේ සිට පැමිණෙන්නේ කෙසේද කියා ඔබලා දැන් තේරුම්ගෙන තිබෙනවා. ශුද්‍ර වංශයට අයිතිව සිටි ඔබලා දැන් බ්‍රහ්මීන් වංශයට අයත් වී සිටිනවා. මේ ඔබගේ වංශයයි මෙය අනෙකුත් ආගම් වලට අයිති දෙයක් නොවෙයි. අනෙකුත් ආගම් වලට වංශ නැහැ. ක්‍රිස්තියානුවන්ට ඇත්තේ එකම එක වංශයකුයි ඔවුන් සෑම විටම ක්‍රිස්තියානුවන් වෙනවා. ඔව් ඔවුනුත් සතෝ, රජෝ හා තමෝ තත්ත්වයන් වලට පත්වුවත් මෙම වංශ අයිති වන්නේ ඔබලාට පමණයි. ලෝකය සතෝ, රජෝ හා තමෝ යන මට්ටම් පසු කර යනවා. අසීමිත පියා මෙහි සිට ලෝක චක්‍රය ගැන ඔබට පහදා දෙනවා. ඥාන සාගරය, පාරිශුද්ධත්වයේ සාගරය වන පරමාත්ම පියා දැන් කියනවා මම නැවකත උපත් ගන්නේ නැහැ. මිනිස්සු ශිව ජයන්තිය සැමරුවා වුවත් ඔහු පැමිණෙන්නේ කවදාදැයි කියා ඔවුන් දන්නේ නැහැ. ඔවුන් ඔහුගේ ජීවන කතාවවත් දන්නේ නැහැ. පරමාත් පියා කියනවා සෑම කල්පයකදිම මම ඔබ දරුවන්ට මම කවුද මොනවද කරන්නේ මගේ චරිත කොටස කුමක්ද ලෝක චක්‍රය දිගින් දිගටම කැරකෙන්නේ කෙසේද කිය කියා දෙනවා. ඉණිමගේ පහළට බැසිමක් සමඟ ඔබ තමෝප්‍රධාන්ව වී ඇති බව ඔබ දන්නවා. උපත් 84 ක් ගන්නා අය ඔබලායි. පසුවට පැමිණෙන අයත් සතෝ, රජෝ හා තමෝ තත්ත්ව පසුකර යා යුතුයි. ඔබ තමෝප්‍රධාන් වුණු විට මුළු ලෝකයම තමෝප්‍රධාන් වෙනවා එවිට අනිවාර්යයෙන්ම ඔබලා එම තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් විය යුතුයි. මෙම ලෝක චක්‍රය දිගටම කරකෙනවා. දැන් මේ ඇත්තේ කලි යුගයයි. මින් අනතුරුව ස්වර්ණම යුගය පැමිණේවි. කලි යුග කාලය දැන් අවසන් වෙමින් පවතිනවා. පරමාත්ම පියා කියනවා නැවත වතාවක් ඔය දරුවන්ට රාජයෝග ඉගැන්වීම සඳහා මීට පෙර කල්පයේදී කළ ආකාරයෙන්ම මම සාමාන්‍ය ශරිරයකට ඇතුල් වී සිටිනවා. මේ දිනවල යෝග වර්ග ගණනාවක් තිබෙනවා නීතිඥයෙක් වීමට ඉංජිනේරුවරයෙක් වීමට ආදි වශයෙන්. ඔවුන් සිතනවා අපි නීතිඥවරුන් වෙනවා කියලා. එම නිසා අපි ඔබට උගන්වන කෙනාව සිහිකරනවා. ඔවුන්ගේ පියවරුන් වෙනස් ගුරු කෙනෙක් සිටියා නම් ඔවුන් ඔහුව සිහිකරාවි. ඒ වුණත් ඔවුන්ගේ සිහියේ යෝගාව ඇත්තේ නීතිඥවරයා සමඟමයි. ඉගෙන ගන්නේ ජීවාත්මයයි. ශරිරයක් ඇති ජීවාත්මයක් තමයි නීතිඥවරයෙක් හෝ විනිශ්චකරුවෙක් වන්නේ. ඔය දරුවන් දැන් ජීව අවධානයට පත්වීමේ සංස්කාර නිර්මාණය කර ගණිමින් සිටිනවා. කල්ප භාගයක් පුරා ඔබ ශාරිරික අවධානයෙන් සිටියා. පරමාත්ම පියා කියනවා දැන් ජීවාත්මය පිළිබඳ අවධානයට එන්න. ඉගෙන ගැනිමේ සංස්කාරත් ඇත්තේ ජීවය තුළමයි. විනිශ්චකරුවෙක් වන්නේ මානව ජීවාත්මයක්මයි. අපි දැන් දේවතාවරුන් ලෝක පාලකවරුන් වෙමින් සිටින්නෙමු. අපගේ ගුරුවරයා ශිව බාබායි. පරමාත්ම ජීවයයි. ඥාණ සාගරය සාමයේ හා සෞභාග්‍යයේ සාගරය වන්නේ ඔහුයි. ඔහු සාගරයෙන් බන්දේසි පුරවා ඥාණය ඉස්මතුවෙන ආකාරය පෙන්වාදී තිබෙනවා. පරමාත්ම පියා විසින් උපුටාගෙන පෙන්වන ඒ කරුණු අදාල වන්නේ භක්ති මාර්ගයටයි. පරමාත්ම පියා පහදා කියනවා මේවා අවිනාශි ඥාන මිණි මුතුයි. මෙම ඥාණ මිණිමුතු වලින් ඔබ ඉතාමත් ධනවත් අය බවට පත්වෙනවා. ඒ වගේම ඔබලාට දියමන්ති ආභරණ රැසකුත් ලැබෙනවා. මේ සෑම මැණිකක්ම රුපියල් සිය දහස් ගණන් වනවා ඒවා ඔබව ඉතාමත් ධනවත් අය බවට පත් කරවනවා. භාරතය පාපයෙන් තොර ලෝකය වශයෙන් තිබුණු බව ඔබලා දන්නවා. එහි සිටියේ පාරිශුද්ධ දේවතාවරුනුයි. දැන් ඔවුන් ඉතාමත් අපිරිසිඳු අවලස්සන අය බවට පත්වෙලා. මෙය ජීවාත්මයන් පරමාත්ම ජීවය මුණ ගැසෙනා කාලයයි. ජිවයකට ඇහුම්කන්දීමක් කළ හැකි වන්නේ ශරිරය තුළ සිටියදී පමණයි. පරමාත්ම ජීවයත් ශරිරයටකට ඇතුළු වෙනවා. ජීවාත්මයන්ගේත් පරමාත්ම ජීවයේත් නිවහන සාම දනව්වයි. එහි කිසිම ශබ්දයක් හෝ චලනයක් නැහැ. පරමාත්ම ජීවය වන පරමාත්ම පියා මෙහි පැමිණෙන්නේ ඔය දරුවන් මුණ ගැසිමටයි. ඔහු ඔබව මුණ ගැසෙන්නේ මෙම ශරිරය හරහායි. ඔබ විවේක ගන්නා නිවහන එයයි. ඔය දරුවන් දැන් සිටින්නේ ඉතාමත් සුභම සුභ වු සංගම් යුගයේයි. නමුත් අන් සියළු දෙනාම සිටින්නේ කලි යුගයේයි. පරමාත්ම පියා මෙහි සිට මේ දේවල් පහදා කියා දෙනවා. භක්ති මාර්ගයේදී ඔවුන් සෑහෙන වියදමක් දරනවා. පින්තූර ගණනාවක් සෑදිමට ඔවුන් මහා විශාල දේවාල සාදනවා. නැති නම් ඔවුන්ට ක්‍රිෂ්ණ පින්තූරයක් ගෙදර තබා ගත හැකියි. ඒ පින්තූර ඉතාමත් ලාභයි. ඉතින් ඇයි ඔවුන් ඉතාමත් ඈත දේවාල වලට යන්නේ? ඒ භක්ති මාර්ගයයි. ඒ දේවාල ආදිය ස්වර්ණම යුගයේ ඇත්තේ නැහැ. එහි සිටිනා මිනිස්සු වන්දනීය අයයි. ඔබලා දැන් සිටින්නේ සංගම් යුගයේ වන අතර වන්දනීය දේවතාවරුන් බවට පත්වෙමින් සිටිනවා. ඔබලා දැන් බ්‍රහමිණ්වරුන් වෙලා. මේ කාලයේදි ඔබගේ අවසන් උත්සහය දරනා ශරිරය ඉතාමත් අගනා ශරිරයයි. එහි සිටිනා අතර ඔබ විශාල ආදායමක් උපයා ගන්නවා. ඔබ කනන්නේ බොන්නේ පරමාත්ම පියා සමඟයි. ඔබ ඔහුට කනලව් පවා කළා. මම ක්‍රිෂ්ණා සමඟ කෑම කනවා කියා ඔබ කියන්නේ නැහැ. ඔබ පරමාත්ම පියාව සිහිකරනවා. ඔබ තමයි මව ඔබ තමයි පියා කියාත් ඔබ කියනවා. දරුවෙක් තම පියා සමඟ නොනවත්වා සෙල්ලම් කරනවා. තමන් සෑම කෙනෙක්ම ක්‍රිෂ්ණා දරුවන් කියා ඔබලා කියනා එකක් නැහැ. සියළුම ජීවයන් පරමාත්ම පියාගේ පරමාත්ම ජීවයේ දරුවනුයි. ඔබ පැමිණි විට මම ඔබ සමඟ කන්නම් බොන්නම්, සෙල්ලම් කරන්නම් කියා කියන්නේ ජීවයනුයි. අපි සියල්ල ඔබ සමඟ කරන්නම් ඔබ බාප්දාදා කියා කියනවා එම නිසා මෙය පවුලක් වගේ වෙනවා. බාප්දාදා හා ඔය දරවන් සිටිනවා. මේ බ්‍රහ්මා අසීමිත නිර්මාණකරුවෙකුයි පරමාත්ම පියා ඔහුට ඇතුළු වී ඔහුව තම භාරයට ගන්නවා. ඔබ මගේ කියා ඔහු කියනවා. බිරිදකුත් එසේ එලෙස භාර ගැනිමක් තමයි කරන්නේ. ඇයත් කටින් උපන්නිකුයි. ඇයගේ සැමියා ඔබ මගේ කියා කියාවි. පසුව ඔහු ඇයත් සමඟ එක් වි භෞතික නිර්මාණයක් කරනවා. මෙම ක්‍රමය ආරම්භ වුණේ කොයි සිටන්ද? පරමාත්ම පියා කියනවා මම මොහුව භාරගත්තා. ඔහු මඟින් මම ඔබව භාර ගත්තා. ඔබලා මගේ දරුවනුයි. කෙසේ වෙතත් මොහු පිරිමි කෙනෙක්. එම නිසා ඔබ සෑම කෙනෙක්ම රැක බලා ගැනිමට සරස්වතීවත් ගැනිමට සිදුවුණා. ඇයට අම්මා යන නාමය දී තිබුණා. සරස්වති කියා ගංඟාවක් තිබෙනවා. මෙම ගංඟාව මව වන අතර පියා සාගරය වෙනවා. මැය මතුව ඇත්තේ සාගරයනුයි. බ්‍රහ්ම පුත්‍ර නදිය මුහුදට වැටෙන තැන විශාල හමුවක් සිදුවෙනවා. වෙන කිසිම තැනක එතරම් විශාල හමුවක් සිදු වන්නේ නැහැ. එය ගංඟාවල හමුවයි. එයත් සිදු වන්නේ ඔහු ශරිරයකට ඇතුලු වුණු විටයි. පරමාත්ම පියා කියනවා මම සෑම කල්පයකදිම මොහු තුළට ඇතුලු වෙනවා. මෙය නාටකයේ කල් තබාම තීරණය වි ඇති දෙයකි. මුලු ලෝක චක්‍රයම දැන් ඔබගේ සිහියේ තිබෙනවා. එහි කාල පරාසය වසර පන්දහසකි. මෙම අසීමිත නාටකයෙන් ඔවුන් මෙම සීමිත නාටකය සාදා තිබෙනවා. අතීතයේ සිදුවුණු සෑම දෙයක්ම පසුව වර්තමානයේදීත් සිදු වෙනවා. එම වර්තමානය පසුව අනාගතය වන අතර එය හැඳින්වෙන්නේ අතීතය ලෙසිනුයි. එය අතීතය වීමට කෙතරම් කාලයක් ගත වෙනවාද? ඔබ නව ලෝකයට පැමිණ දැන් කෙතරම් කාලයක් ගත වි තිබෙනවාද? වසර 5000 ක්. ඔබ සෑම කෙනෙක්ම දැන් ස්වදර්ශන චක්‍රධාරින් වෙමින් සිටිනවා. පළමුව බ්‍රහ්මිණ්වරුන් ලෙස සිටි තමන් දැන් දේවතාවරුන් වෙමින් සිටිනවා කියා ඔබ පහදා කියා දෙනවා. ඔය දරුවන් දැන් පරමාත් පියාගෙන් ශාන්ත දේශයේ සහ සතුටු දේශයේ උරුමය දිනා ගනිමින් සිටිනවා. පරමාත්ම පියා පැමිණ එකම විට ආගම් තුනක් ස්ථාපනය කරනවා. පසුව ඔහු අනෙකුත් සියලු ආගම් වල විනාශය ඇති කරනවා. ඔබව ආපසු ගෙන යන සත්ගුරු පියාව ඔබට දැන් මුණ ගැසි තිබෙනවා. අපව විමුක්තියට ගෙන යන්න. මෙම ශරිරය මෙහිදීම මියැදේවි. කියා ඔබ කනලව් කරනවා. මගේ ශරිරය අතහැර ශාන්ත දේශයට යාමට මට මඟක් පෙන්වා දෙන්න. මෙන්න මේ නිසා තමයි මිනිස්සු ගුරුන් ලඟට යන්නේ. කෙසේ වෙතත් ශරිරය අත්හැරීමට ඔබට ශක්තිය දී ඔබව තමන් සමඟ ගෙන යාමේ හැකියාවක් ඒ ගුරුන්ට නැහැ. පාරිශුද්ධකරුවන්නේ එකම එක පරමාත්ම පියා පමණය. එමනිසා ඔහු පැමිණි විට ජීවාත්මයන්ව අනිවාර්යෙන්ම පාරිශුද්ධ කළ යුතු වෙනවා. මහා මාරයා කියා කියන්නේ පරමාත්ම පියාට පමණයි. ඔහු සෑම කෙනෙක්වම ඔවුනොවුන්ගේ ශරීර වලින් පිටකරවා ඔවුන් නිවහන වෙත ගෙන යනවා. ඔහු උත්තරිතර මඟ පෙන්වන්නායි. ඔහු සියලුම ජීවයන්ව නිවහන වෙත ගෙන යනවා. මෙම ශරිරය අපිරිසිඳු වන අතර අපි එයට ඇති බන්ධනයෙන් මිඳිය යුතුය. අපගේ ශරිර අත්හල විට ඒ හා ඇති සියලුම බන්ධන වලින් අපට මිදිය හැකියි. ඔබලාව දැන් යක්ෂ බන්ධන වලින් නිදහස් කරවාගෙන සතුටේ දිව්‍යමය සබඳතා කරා ගෙන යමින් සිටිනවා. ශාන්ත දේශය හරහා ඔබ සතුටේ දේශයට යන බව ඔබලා දන්නවා. දුක් ලෝකයට ඔබ නැවත එන්නේ කෙසේදැයි කියාත් ඔබ දන්නවා. පරමාත්ම පියා පැමිණෙන්නේ ඔබව අවලස්සනින් ලස්සන කරවීමටයි. පරමාත්ම පියා කියනවා මම ඔබගේ සැබෑම කීකරු පියායි. පියෙක් කවදත් තම දරුවන්ට කීකරුයි. ඔහු ඔවුනට ඉහළින් සළකනවා. තම දරුවන්ට ඉගැන්වීම සඳහා ඔහු දැඩි වියදමක් දරනවා. පසුව ඔහු තමා සතු සියලු ධන වස්තුව ඔවුන්ට දි සාදු වරයකුගේ ඇසුර පතා යනවා. තම දරුවන්ව තමන්ටත් වඩා උසස් කරවනවා. මේ පියාත් කියන්නේ මම ඔබලා ද්විත්ව පාලකවරුන් කරවනවා. ඔබලා ලෝකයේ පාලකවරුනුත් බ්‍රහ්මාණ්ඩයේ පාලක වරුනුත් බවට පත් වෙනවා. ඔබලාව දෙවිදියකින් වන්දනාවට ලක් වෙනවා. ජීවාත්මයන් වශයෙනුත් ඔබලා වන්දනාවට ලක් වෙනවා. ඒ වගේම දේවතාවරුන් වශයෙනුත් වන්දනාවට ලක් වෙනවා. මාව වන්දනා කරන්නේ එක් ක්‍රමයකින් පමණයි ශිව ප්‍රතිමාව ලෙස පමණයි. මම රජෙක් වන්නේ නැහැ. මම ඔබලාට හොඳටම සලකනවා. ඒත් ඇයි ඔබලා එවන් පියෙකු අමතක කරවන්නේ? අනේ ජීවයනි, තමා ජීවාත්මයක් බව සලකා මා සිහි කරන්න. එවිට ඔබගේ පාප දුරුවී යාවි. ඔබ පැමිණ සිටින්නේ කා ලඟටද? පළමුව බාප් පියා, දෙවනුව දාදා ලඟටයි. පළමුව පියා දෙවනුව ආදි දේව් ආදම් වන මී මුත්තා. මන්ද පරම්පරා ගණනාවක් තිබෙනවා. කවුරුවත් කෙනෙක් ශිව් බාබාව මි මුත්තා කියා හදුන්වාවිද? ඔහු ඔබව සෑම ආකාරයෙන්ම උසස් කරවනවා. ඔබට ලැබී තිබෙනනේ එවන් බාබා කෙනෙකුයි. ඉතින් ඇයි ඔබ ඔහුව අමතක කරන්නේ? ඔහුව අමතක කළ හොත් ඔබ පාරිශුද්ධ වන්නේ කෙසේද? පරමාත්ම පියා ඔබට පාරිශුද්ධ විමේ මාර්ගය පෙන්වා දෙනවා. මෙම ස්මර්ණයෙන් පමණයි ඔබගේ කහට ඉවත් වි යන්නේ. පරමාත්ම පියා කියනවා ආදරණීය දරුවනි, ශාරිරික අවධානය අතහැර දමා ජිව අවධානයට පත්වන්න. ඔබ පාරිශුද්ධ විය යුතුයි. ලොකුම සතුරා රාගයයි. මම කියන නිසාවත් මෙම එකම එක උපතේදී පාරිශුද්ධව සිටින්න. භෞතික පියෙකුත් කියාවි කිසිම අපිරිසිඳු ක්‍රියාවක් කරන්න එපා. මගේ රැවුලේ ගරුත්වය රක ගන්න. පාරලෞකික පියාත් කියනවා මා පැමිණ සිටින්නේ ඔබව පාරිශුද්ධ කරවිමටයි. එම නිසා ඔබගේ මුහුණ කැත කර ගන්න එපා. නැතිනම් ඔබ ඔබගේ ගෞරවය නැති කර දමාවි. සියලුම බ්‍රහ්මිණ්වරුන්ගේත් පියාගේ ගෞරවය නැති වී යාවි. ඇතැම් අය ලියනවා බාබා මම ඇදවැටි මගේ මුහුණ කැත කර ගත්තා. පරමාත් පියා කියනවා : මා පැමිණ සිටින්නේ ඔබ ලස්සන කර විමට නමුත් ඔබ ඔබගේ මුහුණ කැත කරගෙන තිබේ. සදාකල් රැඳෙන ලස්සනක් ගැනීමට නම් ඔබ යම් උත්සාහයක් දැරිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ අවසන් උත්සාහය දරනා ශරීරය ඉතාමත් අගනා ශරීරයයි. එම ශරීරය මඟින් ඔබ විශාල ආදායමක් උපයා ගත යුතුව ඇත. අසීමිත පියා සමඟ කෑම බීම ගෙන සෑම සබඳතාවයකම සුවය ඔහුගෙන් විඳින්න.

2. බ්‍රහමිණ් පවුලේත් පරමාත්ම පියාගේත් ගරුත්වයට හානිවන ආකාරයේ කිසිම ක්‍රියාවක් කරන්න එපා. ජීවාත්ම අවධානයට පත් වී මුළුමනින්ම පාරිශුද්ධ වන්න. සියලුම පැරණි කහට පැල්ලම්, සිහි කිරීම මඟින් ඉවත් කරන්න.

වරදානය:
ඔබ ඔබේ මනසට විනෝදය ගෙන දෙමින්, ඔබ අසන දේවල ප්‍රතිමූර්තියක් වී, නිරන්තරයෙන් බලවත් ආත්මයක් බවට පත්වේවා.

සෑම දිනකම ඔබ සහ අන් අය සඳහා ඔබේ මනසට උනන්දුව සහ උද්යෝගය පිළිබඳ සිතිවිලි දමන්න. ඔබම එම සිතිවිලි වල ප්‍රතිමූර්තියක් වී, එම සිතිවිලි අන් අයට සේවය කිරීමට භාවිත කරන්න. එවිට ඔබේ ජීවිතය නිරන්තරයෙන් උද්යෝගයෙන් පිරී යන අතර ඔබ අන් අයටද උද්යෝගය ලබා දෙනු ඇත. ඔබට විනෝදාස්වාද වැඩසටහන් තිබෙන ආකාරයටම, ඔබේ මනසට විනෝදය ගෙන දෙන දෛනික වැඩසටහනක් සකස් කර, ඔබ අසන ඕනෑම දෙයක ප්‍රතිමූර්තියක් වන්න, එවිට ඔබ බලවත් වනු ඇත.

පාඨය:
අන් අයව වෙනස් කිරීමට පෙර, පළමුවෙන්ම ඔබම වෙනස් වන්න. මෙය ප්‍රඥාවන්ත හා බුද්ධිමත් වීමයි.

අව්‍යක්ත සංඥාව: සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.

වේගවත්ම සේවය සඳහා පහසුකම වන්නේ පිරිසිදු හා උසස් සිතිවිලි වල බලයයි. උසස් සිතිවිලි ඇති කිරීමේ ක්‍රමය හරහා සේවයේ ව්‍යාප්තියට බ්‍රහ්ම පියා සැමවිටම සහයෝගයෙන් කටයුතු කළේය. ක්‍රමය තීව්‍ර නම්, ප්‍රසාරණය ද වේගවත් වේ. එලෙසම, ඔබ දරුවන් ද උසස් හා පිරිසිදු සිතිවිලි වලින් පිරී සිටිය යුතුය.