05.09.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, “මන්මනභාව්” පාඩම හොඳින් ධාරණය කර ගැනීම සඳහා සියලු දෙනාටම සහාය දක්වන්න.
නිරන්තරයෙන් එකම එක පියාව පමණක් අනුගමනය කරන්න. පියාට සහයෝගය දක්වනවා යනුවෙන් අදහස්
කරන්නේ මෙයයි.
ප්‍රශ්නය:
ඉතාමත් උසස්
අය බවට පත්වීම සඳහා ඇති ඉතාමත් පහසුම හා උසස්ම උත්සාහය කුමක්ද?
පිළිතුර:
උසස් අය බවට පත් වීමට නියමිතව සිටිනා දරුවනි, අඛණ්ඩවම ශ්‍රීමත් අනුගමනය කරන්න. එකම
එක පියාව පමණක් සිහිපත් කරන්න. වෙනත් කිසිම දෙයක් හා පැටලෙන්න එපා. කන්න, බොන්න,
කරන්න තිබෙන සෑම දෙයක්ම කරන්න, නමුත් පියාව නිතරම සිහිපත් කරන්න. එවිට ඔබ ඉහළම ඉහළ
පිළිවෙත් අනුගමනය කරනා උසස්ම මානව ජීවයන් බවට පත්වනු ඇත. ඉතාමත් උසස්ම අය බවට පත්
විය හැකි වන්නේ බ්‍රහස්පති ග්‍රහයා ලබා ඇති අයට පමණයි. ඔවුන් කවදාවත් ශ්‍රීමත් වලට
අකීකරු වන්නේවත්, වැරදි ක්‍රියා කරන්නේවත් නැහැ.
ගීතය:
ශිවාට ආචාර
වේවා.
ඕම් ශාන්ති.
මේ කාගේ
ප්‍රශංසාවද? ඒ එකම එක උත්තරීතර පියා වන, උත්තරීතර ජීවයගේයි. හොඳ ක්‍රියා කරනා අය
වර්ණනාවටත්, නරක ක්‍රියා කරනා අය නිග්‍රහයටත් ලක් වෙනවා. උදාහරණයක් වශයෙන් අක්බාර්ව
ප්‍රශංසාවට ලක්වුණු අතර, අරුණ්සෙබ්ව නිගාවට පත්වුණා. රාමා ප්‍රශංසාවට ලක්වුණු අතර,
රාවණ් නිග්‍රහයට ලක් වුණා. භාරතය තුළ රාමාගේ අධිරාජ්‍යය හා රාවණ්ගේ අධිරාජ්‍යය
ඉතාමත් ප්‍රසිද්ධයි. රාමාගේ අධිරාජ්‍යය ඉතාමත් උසස්ම වූ අධිරාජ්‍යය වශයෙනුත්,
රාවණ්ගේ අධිරාජ්‍යය යක්ෂ අධිරාජ්‍යයක් වශයෙනුත් හඳුන්වනවා. දරුවන් වන ඔබ දැන් මෙම
සංගම යුගය ගැන දන්නවා. මේ ඉතාමත් සුබ වූ සංගම යුගයයි. අනිවාර්යෙන්ම ඔබ, භාරතය සැමටම
වඩා උසස්ම වූ එකක් බවට පත් කරවනු ඇත. නවාතැන් ගන්නා අයවත්, නවාතැන් ගන්නා ස්ථානයත්
ඉතාමත් උසස්ම වූ බවට පත් කරවිය යුතුයි. භාරතය ස්වර්ගය නමින් හඳුන්වන අතර එහි
වැසියන් දේවතාවන්, ස්වර්ගයේ නේවාසිකයන් නමින් හඳුන්වනවා. එමනිසා, දෙගොල්ලන්ම උසස්
වෙනවා. නව ලෝකය උසස් බවත්, පැරණි ලෝකය විනාශකාරී බවත් සෑම කෙනෙක්ම දන්නවා. ලෝකය
කොයි ආකාරයේද, එහි වාසය කරනා අයත් ඒ ආකාරයේම වනවා! භාරතය අලුත් එකක් වශයෙන් තිබුණු
බවත්, එය පැරණි වුණු බවත් සඳහන් කර තිබෙනවා. වෙන කිසිම දේශයක් නව දේශයක් වශයෙන්
හැඳින්විය නොහැකියි. නව ලෝකය තුළ නව ඇමරිකාවක් හෝ නව චීනයක් ඇත්තේ නැහැ. නැහැ, නව
ලෝකය තුළදී සඳහන් කෙරෙන්නේ නව භාරතය ගැනයි. ’නව ඉන්දියාව‘ යනුවෙන් එය හඳුන්වන්නේ ඒ
නිසායි. මිනිස්සු දැන් එය නව භාරතය කියා හඳුන්වනවා. නමුත් ඒ කිසිම අර්ථයකින්
තොරවයි. මේ කාලයේදී නව ඉන්දියාවක් ඇතිවන්නේ කෙසේද? නව ඉන්දියාවේදී දිල්ලිය,
සුරංගනාවියන්ගේ දේශය, පරිස්ථාන් වශයෙන් හඳුන්වනවා. දැන් එය සුරංගනාවියන්ගේ දේශය
නොවෙයි. දරුවන් වන ඔබ ඉතාමත් උසස් අය බවට පත් වීමට මෙහි පැමිණෙනවා. ඉතාමත් ප්‍රබලම
ග්‍රහයා නම් බ්‍රහස්පති ග්‍රහයායි. ඉතාමත් උසස් අය බවට පත්වුණු විට බ්‍රහස්පති
ග්‍රහයා ඔබට ලබනවා. නව ලෝකය සාදනා අසීමිත පියාගෙන් අසීමිත සතුටක් ලබා ගැනීම සඳහා
තමන් දැන් උත්සාහ දරණා බව ඔබ දන්නවා. ස්වර්ණම යුගයේදී සිටින්නේ ඉතාමත් උසස්
ජීවීන්ය. පසුව, පහළට පැමිණෙනවාත් සමඟම, මධ්‍යම තත්ත්වයේ සිටිනා අයත්, පහළම තත්ත්වයේ
සිටිනා අයත් සිටිනවා. පියා දැන් තමාව සතෝප්‍රධාන්, ස්වර්ණම යුගයේ නේවාසිකයින්,
ඉතාමත් උසස් අය බවට පත් කරවනා බව ඔබ දන්නවා. මෙය ඉතාමත්ම ඉතා පහසු දෙයක්. මේ සඳහා
ඔබ බෙහෙත් ගන්නවත්, වෙන කිසිම දෙයක් කරන්නවත් අවශ්‍ය නැහැ. ඉතාමත් සරළව පියාව
සිහිපත් කරන්න. පහසු ස්මරණයක් කියන්නේ අන්න ඒ නිසයි. පව්කාර ජීවයක තත්ත්වයෙන්
පින්වත් ජීවයක් බවට පත්විය හැක්කේ ස්මරණයෙනි. සෑම කෙනෙක්ම විමුක්තිය ලබාගත යුතුයි
යන්න සහතිකයි. පියා කියනවා මම සෑම කෙනෙක්ටම ගැලවීම ලබා දෙන්නායි. එමනිසා,
මිනිසුන්ගේ ශරීර අනිවාර්යෙන්ම විනාශ වී යාවි. මම, ජිව පාරිශුද්ධත්වයට පත්කරවා නිවස
වෙත ගෙන යන්නම්. නිවස වෙත ආපසු යාම සඳහා කිසියම් සූදානම් කිරීමක් කළ යුතුයි. එලෙස
සූදානම් වීම සඳහා පියා ඔබව උනන්දු කරවනවා. මන්ද ජීවයේ පියාපත් දැන් කැඩිලා. එනම්,
ජීව දැන් තමෝප්‍රධාන් වෙලා. පාරිශුද්ධත්වයට පත් වීමට ඔබ යෝගා බලයත් සමඟ උත්සාහ
දරණවා. මෙය නොකරනා අයට තමන්ගේ සම්පූර්ණ ගිණුම පෙන්නන්න සිදු වේවි. මේ ගැන හිතන්න
කිසිම දෙයක් නැහැ. දරුවන්ගේ රාජකාරිය පියාගෙන් සම්පූර්ණ උරුමය දිනා ගැනීමයි. ඔහුගේ
සහායකයින් බවට පත් වී ඔහුට උදව් කිරීමයි. පියාගේ සහායත්, දරුවන්ගේ සහායත් තිබිය
යුතුයි. පියා දෙස බලන්න. ඔබගේ සහයෝගය දිය යුත්තේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් ඔහුව
අනුගමනය කරන්න. ඉතාමත් උසස් ජීවීන් බවට පත් වීමට නොකඩවා මගේ මන්ත්‍රය සෑම කෙනෙක්ටම
ලබා දෙන්න. පියා සෑම කල්පයකදීම පැමිණ පවසන්නේ මා සිහිපත් නොකර ඔබට අපිරිසිඳුතාවයෙන්
පාරිශුද්ධත්වයට පත් වෙන්න බැහැ. මම ඔබව ගංඟා වල නාවනවාද? ’මන්මනභාව්‘ යන ශ්‍රේෂ්ඨ
මන්ත්‍රය පමණක් සිහිපත් කරන්න. එනම් මා සිහිපත් කරන්න, ඔබ පාරිශුද්ධ වී ස්වර්ගයේ
ඉතාමත් උසස් අධිපතීන් බවට පත්වනු ඇත. ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම
පාරිශුද්ධ ගෘහ ජීවිතයක පාලකයින් බවට පත්වනු ඇත. පියා මේ සෑම දෙයක්ම වැඩි විස්තර
සහිතව පැහැදිලි කර දෙනවා. ඔබ ප්‍රායෝගිකවම මෙම තත්ත්වයට පත් වෙනවා. පියා පැමිණ
දරුවන් වන ඔබව උසස් අය බවට පත් කරවන නිසා, අපිරිසිඳු අයව පාරිශුද්ධත්වයට පත් කරවන
පාරිශුද්ධකරුවාණනි, පැමිණ අපව පාරිශුද්ධත්වයට පත් කරවන්න කියා කෑ ගසා කියනවා!
මිනිස්සු පින්දහම් කිරීමට ඇති මාසය ගැන බොහෝ ප්‍රශංසා කරනවා. එලෙසින්ම මෙම ඉතාමත්
සුබ වූ සංගම යුගය ගැනත් මහත් ප්‍රශංසාවක් තිබෙනවා. කලි යුගයේ රාත්‍රියේ අවසානයට
පසුව ආලෝකය උදා වෙනවා. සතුට ලැබෙන්නේ දුකට පසුවයි. මේ දේවල් ඉතාමත් පැහැදිලියි.
සැමියා හා බිරිඳ දෙදෙනාම ඉතාමත් උසස් අය බවට පත් වෙනවා. මෙය ගෘහවාසී මාර්ගයයි.
ස්වර්ණම යුගය ඉතාමත් ප්‍රසිද්ධ අතර, එය සතුටේ දේශය වශයෙන් හඳුන්වනවා. අන් අය
පැමිණෙන්නේ තඹ යුගයේදීයි. ඔවුන් අත්හැරීමක් කර ඉහළම තත්ත්වයට පත් වන නිසා මිනිස්සු
එවන් අය ඉදිරියට ගොස් වැඳ වැටෙනවා. මෙය සාමාන්‍ය දෙයක්. පාරිශුද්ධකරු වන පියා ගැන
නොදැනීම නිසා ගංඟාවන් පාරිශුද්ධකරුවන් යැයි සිතා ඒවාට වන්දනාමාන කරනවා. ගංඟාවන් හා
සාගරය එකිනෙකට හමුවන තැනක් තිබෙනවා. පියා සෑම දෙයක්ම දරුවන් වන ඔබට ඉතාමත්
පැහැදිලිව තේරුම් කර කියා දෙනවා. එසේ කළා වුවත්, දස දහසකිනුත් අතේ ඇඟිලි ගණනටත් අඩු
ප්‍රමාණයක් තමයි මෙය තේරුම් ගන්නේ. එතනිනුත්, දැනුම අසා ඉන් පුදුමයට පත් වී අන්
අයටත් දැනුම කියා දී පසුව පියාව අතහැර පැන යන අයත් සිටිනවා. සේවයක් නොව අනර්ථයක්ම
කරන අය බවට පත්වන්නේ ඔවුනුයි. සේවයත් අනර්ථයත් දිගින් දිගටම සිදු වෙනවා. පියා ගැන
දැන නොගෙන පැන යන අයත් රාශියක් සිටිනවා. ඔබ පාපකාරී ජීව තත්ත්වයෙන් පිවන්වත් ජීව
බවට පත් වෙනවා. පසුව, ඇතැම් දරුවන් බාධක නිර්මාණය කරනවා. ඔවුන් අනර්ථකාරී
ක්‍රියාවන්ම කර ලොකු පවක් කර ගන්නවා. රාවණ් සෑම කෙනෙක්වම මහා පාපකාරීන් බවට
පත්කරවනවා. කොහොමනමුත්, දරුවන් බවට පත් වී පසුව අනර්ථකාරී ක්‍රියාවන්ම කරනා අය
ගින්දරට හසුවූවාක් සේ දැවී යනවා. මොණර ඔටුන්නකුත්, නිකම් තඹ ඔටුන්නකුත් ඇතිව සිටි
කෙනා පිළිබඳ වූ කතාව පියා ඔබට කියා දී තිබෙනවා. එවැනි දේ කිරීමෙන් ලොකු දඬුවම්
විඳින්න සිදු වෙනවා. භක්ති මාර්ගයේ ඔවුන්ට එතරම්ම දරුණු දඬුවම් විඳින්න සිදු වන්නේ
නැහැ. කොහොමනමුත්, පියාට අයිති වී පසුව අනර්ථකාරී ක්‍රියාවන් කරනා අයට පියාගේ දකුණු
අත ධර්මරාජ් වෙනවා. අන්න ඒ නිසා තමයි පියා කියන්නේ දරුවනි, සේවය සඳහා මගේ
උදව්කරුවන් වීමෙන් පසුව වැරදි ක්‍රියා කරන්න එපා. ඔබ එවැනි ක්‍රියා කළ විට බාධක වලට
මුහුණ පාන්න සිදු වන්නේ අහිංසක අයටයි. මව්වරුන් ගැන බාබා තුළ ලොකු අනුකම්පාවක්
තිබෙනවා. දෙවියන් ද්‍රවුපතිගේ දෙපතුල් පවා සම්භාහනය කරනවා කියා සඳහන් වී තිබෙනවා.
උන් මට කස වලින් පහර දෙනවා කිය කියා ද්‍රවුපති කෑගැසුවා. බාබා කළය මව්වරුන්ගේ හිස
මත තබනවා. පළමුව මව්වරුන් වන අතර දෙවනුව පුරුෂ පක්ෂයයි. කොහොමනමුත්, තම
භාර්යාවරුන්ගේ දෙවියන් බවට පත් වීමේ, සැමියා බිරිඳගේ දෙවියාය කියා සැලකීමේ, බිරිඳ
මෙහෙකාරියක් වශයෙන් සැලකීමේ අහංකාරය තවමත් පිරිමි අය තුළ තිබෙනවා. මෙහිදී, පියා
ඉතාමත් නිරහංකාර වී මව්වරුන්ගේ දෙපතුල් වලට පවා සහනයක් ලබා දෙනවා. ඔබ දැන් වෙහෙසට
පත්වෙලා. ඉතින් එමනිසා, මම දැන් ඔබගේ වෙහෙස නැති කරවීම සඳහා පැමිණ සිටිමි! සෑම
කෙනෙක්ම මව්වරුන්ව ප්‍රතික්ෂේප කර දමලා. සන්යාසීන් තමන්ගේ බිරින්දෑවරුන්ව අතහැර දමා
යනවා. ඇතැම්, දරුවන් 5ක් 7ක් සිටිනා අය ඒ දරුවන් බලාගන්න බැරිව වෙහෙසට පත් වෙලා පැන
යනවා. තමන්ගේ වර්ගයා බිහි කරවා, පසුව ඔවුන්ට කිසිම රැකවරණයක් නොදී පැන යනවා. පියා
කියනවා මම කිසිම කෙනෙක්ව අනාථ කරවන්නේ නැහැ. මම සෑම කෙනෙක්ගේම දුක ඉවත් කර ඔවුන්ට
සතුට ලබා දෙනවා. මායා පැමිණ ඔබව අසතුටට පත් කරවනවා. මෙයත් ක්‍රීඩාවක්. අවිද්‍යා
මාර්ගයේ සිටිනා අය සිතන්නේ දෙවියන් මිනිසුන්ට සතුට හා දුක, දෙකම ලබා දෙනවායි
කියලයි. කොහොමනමුත්, පියා වන පරමාත්ම දෙවියන් ඒ කාර්යය නම් කරන්නේ නැහැ. මෙම නාටකය
නිර්මාණය වී තිබෙන්නේ කර්මය පදනම් කරගෙනයි. එකිනෙකා කරන ක්‍රියාවලට, ඒ කරන
ක්‍රියාවන්ට අනුව ඔවුන් එහි ඵලය බුක්ති විඳිනවා. කෙනෙක් ලෙඩ වුණු විට හෝ බංකොලොත්
වුණු විට ඔහු තමා කළ ක්‍රියා ගැන පසුතැවිල්ලකට පත් වෙනවා. උපත් 21කටම ඔබගේ කිසිම
ක්‍රියාවක් සම්බන්ධයෙන්වත් පසුතැවිලි වීමට සිදු නොවන අයුරින් ඔබ ඉතාමත්ම වාසනාවන්ත
අය බවට පත් වී සිටිනවා. මෙය එතරම්ම ශ්‍රේෂ්ඨ වූ ඵලයක්. එමනිසා, ඔබ පියාගේ ශ්‍රීමත්
අනුගමනය කළ යුතුයි. පියා වෙන කිසිම දෙයකට බලපෑමක් කරන්නේ නැහැ. කන්න, බොන්න, ඔබට
අවශ්‍ය ඕනෑම දෙයක් කරන්න, නමුත් ඔබගේ උරුමය සිහිපත් කරන්න. ඔබ අපිරිසිඳුයි කියා ඔබ
කියනවා. එමනිසා, අපිරිසිඳු බවින් පාරිශුද්ධත්වයට පත්වෙන ආකාරය, පියා කියා දෙන
හැටියෙන්ම ඔබ අනුගමනය කළ යුතුයි. උත්සාහයක් දැරිය යුත්තේ ස්මරණය සඳහා පමණයි. මායාගේ
කුණාටු වලට බිය වන්න එපා. මේ සඳහා අදෘෂ්‍යමාන උත්සාහයක් අවශ්‍යයි. ඥානයත්
අදෘෂ්‍යමානයි. මුරලි කියවනවා වැනි දෙයක් භෞතිකව දැකිය හැකි දෙයක්. නමුත්, එය
කිරිමෙන් ඔබට පාරිශුද්ධත්වයට පත්වෙන්න බැහැ. පාරිශුද්ධත්වයට පත් වන්නේ ස්මරණය
තුළින් පමණයි. ඉතින් එමනිසා, අසීමිත පියාව සිහිපත් කර ඔහුගේ සහායකයා බවට පත් වන්න.
එමෙන්ම ආධ්‍යාත්මික රෝහලක් හා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමටත් උත්සාහ ගන්න. හොඳ
ස්ථාන වලට ගොස් දේශන දෙන්න. අතේ පොත් අරගෙන යන්න අවශ්‍ය නැහැ. සියලුම ඥානය ඔබ තුළ
තිබෙනවා. කොහොමනමුත්, පැහැදිලි කර කියා දීමේදී ගස, ත්‍රිමූර්තිය හා ලෝක චක්‍රය
පිළිබඳ වූ සියලුම රහස් ද ඔබ පැහැදිලි කර කියා දිය යුතුයි. පියා කියනවා මම බ්‍රහ්මා
මාර්ගයෙන් බ්‍රහමිණ්වරුන් නිර්මාණය කරනවා. බ්‍රහමිණ්වරුන්ගේ ඉලක්කය වන විෂ්ණු මෙහි
සිටගෙන සිටිනවා. ඔබව එම තත්ත්වයට පත් කරවනා ගුරුවරයා එම අශාරීරික ජිවයමයි. බ්‍රහ්මා
මාර්ගයෙන් ස්ථාපනය සිදු වී පසුව විෂ්ණු එහි පැවැත්ම ගෙන යනවා. මෙම පින්තූරම මෙයට
පෙර කල්පයේදීත් නිර්මාණය වුණා. විද්‍යාව ආදී දේ මඟින් ඔවුන් මිසයිල ආදී දේ කොපමණ
නිර්මාණය කරනවාද කියා බලන්න! ඉතාමත් උසස් ජීවීන් බවට පත්වීම සඳහා කිසියම් උත්සාහයක්
දැරිය යුතු බව දැන් ඔබට වැටහෙනවා ඇති. මන්ද, උපත් ගණනාවක බර දැන් ඔබගේ හිස මත
පැටවිලා. ඔබ එක තත්පරයකින් පියාට අයිති වුණා. නමුත් ජිව වන ඔබ දැන් පියාව සිහිපත්
කළ යුතුයි. එවිට ඔබ තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් තත්ත්වයට පත්වෙනවා. පියා
කියනවා මන්මනාභව්! ඔබ කර්මයෝගීන්ය. කොපමණ වේලාවක් පියාව සිහිපත් කරනවා ද යන්න දැන
ගැනීම සඳහා වාර්තාවක් තබා ගත යුතුයි. ඔබගේ යුද්ධය තිබෙන්නේ මායා සමඟයි. මෙය ඉතාමත්
බලවත් යුද්ධයක්. පියාව සිහිකිරීමට ඔබ බලවත් උත්සාහයක් දරණවා, නමුත් මායා ඔබව ඈතකට
කරනවා. ඥානයට නම් කිසිම බාධාවක් නැහැ. ජිවය තුළ උපත් 84ක සංස්කාර පටිගත වී තිබෙනවා.
මෙම නාටකය සදාකාලිකවම කල් තබාම තීරණය වුණු දෙයක්. නාටකය දිගින් දිගටම කැරකෙමින්
යනවා. එය කවදාවත් නතර වන්නේ නැහැ. ලෝකය නිර්මාණය වුණේ ඇයිද යන්නෙහි ප්‍රශ්නයක්
නැහැ. ජිවය වෙනස් වන්නේ කෙසේද? අලුත් ජීවයක් තවත් තැනකින් පැමිණ ඇතුළු වීමක් වන්නේ
නැහැ. මීට පෙර තිබුණු ජීවයන්ම නැවතත් එලෙසින්ම බිහි වෙනවා අඩු වැඩි බවක් ඇති වෙන්න
බැහැ. නළුවන්ගේ නියමිත ගණනක් තිබෙනවා. ඔබ අසීමිත නළුවන්ය. මොන පැත්ත බැලුවත්
සිටින්නේ එම නළුවන් ගණනමයි. නාටකයේ සිටින්නේ එපමණයි. කිසිම කෙනෙක්ට සදාකාලික
විමුක්තියක් ලබන්න බැහැ. මිනිසුන්ට මෙම ඉපදීමේ හා මරණයේ චක්‍රයෙන් මිදෙන්න අවශ්‍ය
වෙලයි තිබෙන්නේ, නමුත් ඔවුන්ට එය කරන්න බැරි වෙලා. තමාගේ චරිතය රඟපෑමට පැමිණි අය
නැවතත් වතාවක් එය රඟ පෑ යුතුයි. පියා කියනවා මටත් ඒමට තිබෙන අතර, මේ අපවිත්‍ර
ලෝකයෙන් නැවත යා යුතු වනවා. මම සෑම කල්පයකදීම පැමිණෙනවා. මම එසේ එනවා නම්, දරුවන්
වන ඔබ ආපසු පැමිණිම වැලැක්විය හැකි දෙයක් වන්නේ කෙසේද? ඔබ 84 වතාවක් ශරීරයට
පැමිණෙනවා. නමුත් මම පැමිණෙන්නේ එක් වතාවයි. මගේ පැමිණීම සහ ආපසු යාම ඉතාමත් පුදුම
සහගතයි! අන්න ඒනිසා තමයි ’ඔබගේ උපාය මාර්ගයන් දන්නේ ඔබ පමණයි. විමුක්තිය සඳහා ඔබ
අපට දෙන උපදෙස් ගැන දන්නේ ඔබ පමණයි. වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ‘ කියා සඳහන් කර
තිබෙන්නේ. ඒ මිනිස්සු මෙය සිහි කර කර සිටිනවා. නමුත් ඔබ ප්‍රායෝගිකවම මෙය ලබා
ගන්නවා. ප්‍රධානම දෙයනම් ස්මරණයයි. පසුව ඔබත් අන්ධයින්ට සැරයටියක් බවට පත් විය
යුතුයි. ඉතාමත් සුබම වූ සංගම යුගය මෙයයි. සෑම වසර 5000කට වතාවක්ම මෙම යුගය
පැමිණෙනවා. සෑම වසර තුනකට වතාවක්ම පුණ්‍ය මාසයක් පැමිණෙනවා. ඒ සෑම දෙයක්ම භක්ති
මාර්ගයයි. මන්ත්‍ර ලියූ පොත් පත් රාශියක් ඔවුන් ළඟ ඇති. මෙතන ඒ වගේ දෙයක් නොවෙයි
තිබෙන්නේ. වන්දනා නොකරන අය අධර්මවාදී ගණයටයි ගැනෙන්නේ. ඉතින් එමනිසා, ඔවුන්ව සතුටට
පත් කර වීම සඳහා කිසියම් දෙයක් කළ යුතුයි. පියා පැහැදිලි කර කියා දෙනවා සුමිහිරි
දරුවනි, අනර්ථකාරී ක්‍රියාවන් කරන්න කවදාවත් උත්සාහ දරන්න එපා. ඇතැම් අය ද්‍රෝහීන්
බවට පත්වන අතර ඒ නිසා ඔවුන්ව අජාමිල් යන නමින් හැඳින්වෙනවා. අජාමිල්, සුර්දාස් වැනි
අය ගැන ලියැවුණු කතාන්දර රාශියක් තිබෙනවා. ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයේ කතාන්දරයි.
මෙහි පැමිණ මට අයති වී පසුව මා අතහැර ගිය සමහර ජිවයන් ඒ අයටත් වඩා පාපකාරීන් වෙනවා.
ඔවුන් මට අපහාස කරන අතර, අධිකරණය අසුන් ගන්නේ ඔවුන් වෙනුවෙනුයි. පොරාන්දුවක් වී,
පසුව අනර්ථයක් කළොත්, දරුණු දඬුවම් වලට ලක් වෙන්න සිදු වේවි. එක් අතකින් තත්ත්වය
ඉතාමත්ම උසස්, නමුත්, වැරැද්දකටත් ඒ වගේම තමයි, ලොකු දඬුවම් විඳින්න සිදු වෙනවා.
එමනිසා, කිසිම ආකාරයකින් අකීකරු වන්න එපා. සත්ගුරුව අපහාසයට ලක් කළ අයට තමන්ගේ
ඉලක්කය සපුරාගත නොහැකි වනවා, එනම්, සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන කෙනෙක් බවට
පත් වීමට ඔවුන්ට නොහැකි වෙනවා. ගුරූන්ගෙන් අසන්න ගුරූව අපහාසයට ලක් කළ අයට ඉලක්කය
වෙත ගමන් කළ නොහැකි බව ඔබ කියනවා. ඒ මොන ඉලක්කයද? ඔබට මාවත පෙන්වා දෙන්න ඔවුන්ට
බැහැ. ඔවුන් පියාගේ නාමය තමා අතට හරවා ගෙන. ගුරුවරයා කියනවා හොඳින් ඉගෙන ගත්තේ
නැතිනම් ඔබට ඉහළ ස්ථානයක් දිනා ගන්න බැරි වේවි. ඔබ පාරිශුද්ධත්වයට පත් වී දේවතාවන්
බවට පත්විය යුතුයි. මෙහි සිටිනා එක් කෙනෙක්වත් පාරිශුද්ධ නැහැ. දැන් සෑම කෙනෙක්ම
පාරිශුද්ධත්වයට පත්විය යුතුයි. ඔබ උපත් 21කටම ඔබගේ වාසනාව දිනා ගන්නවා. මෙම අවසන්
උපතේදී ඔබ පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. ලැබීම් ඉතාමත් විශාලයි. කිසිම ලැබීමක්
තිබුණේ නැතිනම්, ඇයි ඔබ උත්සාහ දරන්නේ? කොහොමනමුත්, ඉහළ තත්ත්වයක් ලබා ගැනීමේ ඔබගේ
උත්සාහයට බාධක පමුණුවා ඔබව පෙරලා දැමීමට තරම් මායා දක්ෂයි. ඕ මායා! අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. අනර්ථයක්
සිදුවන ආකාරයේ කිසිම ක්‍රියාවක් කරන්න එපා. පියාව අපහාසයට ලක් කරවන කිසිම ආකාරයක
පාපකාරී ක්‍රියාවක් කරන්න එපා. අකීකරු වීමෙන් ඔබව ආරක්ෂා කරගෙන, සැමටම වඩා උසස්
කෙනෙක් බවට පත් වන්න.
2. මායාගේ කුණාටු වලට
බිය වන්න එපා. පාරිශුද්ධත්වයට පත් වීම සඳහා, පියාව සිහි කිරීමට උත්සාහ දරන්න.
වරදානය:
ඔබ වෙහෙසට පත්
සහ අසරණ ජීවාත්මයන්ට සාර්ථකත්වය ලබා ගැනීමට උපකාර කරන පරමාත්ම දෙවියන්ගේ උදව්කරුවන්
වේවා.
ජීවාත්මයන්ට දීර්ඝ
කාලයක සිට නිර්වාණයට හෝ මුක්ති දේශයට යාමට ආශාවක් හෝ බලාපොරොත්තුවක් තිබී ඇත. ඔවුන්
බොහෝ උපත් ගණනාවක් පුරා, විවිධ අන්දමේ ආධ්‍යාත්මික උත්සාහ සිදුකර, වෙහෙසට පත්ව
සිටින්නේ මෙයටයි. සියලු දෙනාට දැන් අවශ්‍ය වී ඇත්තේ ආධ්‍යාත්මික උත්සාහ වල යෙදීමට
සිදුවීම නොව, සාර්ථකත්වය ලබා ගැනීමටයි. සාර්ථකත්වය යනු විමුක්තියයි, එබැවින්
පිපාසාවෙන් පෙලෙන, වෙහෙසට පත්ව සිටින අසරණ ජීවාත්මයන්ගේ පිපාසාව සංසිදුවීමට, ඔබගේ
නිහැඬියාවේ බලයෙන් සහ ඔබගේ සියලු බලයන්ගෙන්, ඔය ශ්‍රේෂ්ඨ ජීවාත්ම ඔවුන්ට තත්පරයකදී
විමුක්තිය හිමි කරගැනීමට උපකාරී විය යුතුයි. එවිට ඔබ පරමාත්ම දෙවියන්ගේ උදව්කරුවන්
ලෙස හඳුන්වයි.
පාඨය:
මායා වන සොරා
ඇතුළු වන දොරටුව වන්නේ දුර්වල සංස්කාරයි. එබැවින් දැන් මෙම දොරටුව වසා දමන්න.
අව්‍යක්ත සංඥාව: දැන්
ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.
ඔබ, වාසනාවේ රේඛා
අදින, බ්‍රහ්මගේ දරුවන් වන බ්‍රහ්ම කුමර කුමරියන්ය. එබැවින් ඔබගේ සම්පත් ගබඩා
නිරන්තරයෙන් පිටාර ගලමින් තබා ගන්න. කිසිවෙකුට හිස් අතින් ආපසු යාමට ඉඩ නොදෙන්න.
දානපතිගේ දරුවන් ලෙස රැඳී සිට, නොකඩා ලබා දෙමින් ඔවුන්ගේ සියලු හැඟීම් සහ ආශා
නොකඩවා ඉටු කරන්න. මහා දානපතියන් සහ ආශිර්වාද දන් දෙන්නන් වන්න. ඔබගේ ස්වරූපය
මෙයයි.