05.11.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, දරුවන් වන ඔබට තමයි ඉතා දිව්‍යමය වූ නාටකය ගැන දැනුම තියෙන්නේ. ඔබ වටහාගෙන
සිටිනවා මේ නාටකය නියම වශයෙන් නැවත ක්‍රියාත්මක වන බව.
ප්රශ්නය:
ගිහි ජීවිතයක්
ගත කරන අය බාබාගෙන් අසන ප්රශ්නය කුමක්ද සහ බාබා ඔවුන්ට දෙන උපදේශය කුමක්ද?
පිළිතුර:
සමහර දරුවො අහනවා බාබා, අප ව්‍යාපාර කටයුතු කළ යුතුද? බාබා කියනවා දරුවනි,
ව්‍යාපාරික කටයුතු කරන්න, නමුත් රාජකීය ව්‍යාපාරයක් කරන්න. බ්‍රහ්මණ දරුවන්ට
ඇල්කොහොල් හෝ සිගරැට් විකිණීම වැනි කිසිම අපවිත්‍ර ව්‍යාපාරයක් කරන්න බැහැ, මන්ද,
ඒවා තුළ පාපයන්ට ඇදීමක් තියෙනවා.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා ආධ්‍යාත්මික දරුවන්ට පැහැදිලි කර දෙනවා. එකක් ආධ්‍යාත්මික පියාගේ ශ්‍රීමත්
අනෙක රාවණ්ගෙන් එන යක්ෂ අණ. බාබාගේ අණට යක්ෂ කියන්න බැහැ සහ රාවණ්ට පියා කියන්න
බැහැ. ඒවා රාවණ්ගේ යක්ෂ අණ. දරුවන් වන ඔබ දැන් දේව අණ ලබනවා. එහි ඇති වෙනස දිවා රෑ
වගේ. දේව අණ මූලික කරගෙන ඔබ දිව්‍යමය ගුණධර්ම ග්‍රහණය කරගන්නා බව ඔබේ බුද්ධියට
ඇතුළු විය යුතුයි. දරුවන් වන ඔබ පමණයි මෙය බාබාගෙන් අහන්නේ. කිසි කෙනෙක් මේ ගැන
දන්නේ නැහැ. ධනය ලැබීම උදෙසා ඔබ බාබා මුණගැසුණා. රාවණ් මාර්ගයෙන් ඔබ ඔබේ ධනය අහිමි
කරගන්නවා. දේව අණ ඔබව ගෙන යන්නේ කොහෙද? ඔබ පමණයි මෙය වටහා ගන්නේ. ඔබ යක්ෂ අණ ලබන
තාක් පිරිහීමට පත්වෙනවා. නව ලෝකයේදී ඔබ පිරිහෙන්නේ අඩුවෙන්. ඔබ දැන් අවබෝධ කර
ගන්නවා බැසීම සිදුවන්නේ කොහොමද සහ නැඟීම සිදුවන්නේ කොහොමද කියලා. දරුවන් වන ඔබ නැවත
වරක් දිව්‍යමය වීම උදෙසා දැන් ශ්‍රීමත් ලබනවා. දිව්‍යමය වීම උදෙසායි ඔබ මෙහි
පැමිණියේ. ඔබ තේරුම් ගෙන සිටිනවා ඔබ නැවත වරක් ඉතා දිව්‍යමය වූ අණ ලබන්නේ කොහොමද
කියලා. බොහෝ කාලයකට පෙරාතුව දිව්‍යමය අණ අනුගමනය කිරීමෙන් ඔබ උසස් තත්ත්වයක් දිනා
ගත්තා පසුව නැවත උපත් ලැබීමේදී ක්‍රම ක්‍රමයෙන් පහළට බැස්සා. එක් වතාවකින් පසුව ඔබ
ඉහළ නඟිනවා. මොනව වුවත් මෙය සිදුවන්නේ උත්සාහයේ තරමටයි. බාබා පැහැදිලි කළා, එයට
කාලය ගන්නවා. සංගම යුගයට දුන් කාලය ඉතා නිවැරදියි. මේ නාටකය නිරන්තරයෙන් ඉතා
නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. එය ඉතා පුදුම සහගතයි. දරුවො ඉතා පහසුවෙන් තේරුම්
ගන්නවා, ඔවුන්ට ඇත්තේ බාබා සිහිකර උරුමය දිනා ගන්න පමණයි. නමුත් පසුව, සමහරු උත්සාහ
ගැනීමට පටන් ගත් පසුව, ඔවුන්ට දැනෙනවා එය ඉතා අපහසු බව. උසස් තත්ත්වයක් ලැබීම පහසු
වෙන්නේ නැහැ. බාබා පිළිබඳ සිහිය පිහිටුවා ගැනීම ඉතාම පහසුයි. බාබාගේ උරුමයත් ලේසියි
ඊට ගතවෙන්නේ තත්පරයයි. නමුත් ඔබ උත්සාහ දැරීමට පටන්ගන්නා විට, මායා බාධක එල්ල
කරනවා. ඔබ රාවණ් පරාජය කළ යුතුයි. මේ මුළු ලෝකයේම රාවණ් රාජ්‍යය පැතිරිලා. ඔබ දැන්
අවබෝධ කර ගන්නවා ඔබ යෝගා බලයෙන් සෑම කල්පයකදීම රාවණ් පරාජය කරනවා. දැනුත් ඔබ ඔහුව
පරාජය කරනවා. මෙය කරන්නේ කොහොමද කියල ඔබට උගන්වන්නේ අසීමිත පියායි. භක්ති
මාර්ගයේදීත් ඔබ කියනවා බාබා, බාබා! කියලා. නමුත් ඉස්සර ඔබ බාබාව දන්නේ නැහැ. ඔබ
ජීවය ගැන දන්නවා ඔබ කියන්නේ එය නළල මධ්‍යයේ දිදුලන තාරකාවක් කියලයි. ජීවය ගැන ඔබ
දැනගෙන සිටියද, ඔබ පියාව දන්නේ නැහැ. මෙය එවන් අසහායජනක නාටකයක්. ඔබ කිව්වා අහෝ
උත්තරීතර පියාණනි, උත්තරීතර ජීවය! කියලා. ඔබ ඔහුව සිහිකළා නමුත් ඔබ ඔහුව දැනගෙන
සිටියේ නැහැ. ඔබ උත්තරීතර ජීවයේ රැකියාව හෝ ජීවයන්ගේ රැකියාව හෝ දැනගෙන සිටියේ
නැහැ. බාබා පැමිණ පැහැදිලි කරනවා වෙන කිසිවෙකුට නොව බාබාට පමණයි මේ අවබෝධය ලබාදිය
හැක්කේ කිසි කෙනෙකුට මේ කොටස නැහැ. දේව සමාජය, යක්ෂ සමාජය සහ දේවතා සමාජය වශයෙන්
තියෙනවා. එය ඉතා පහසුයි. නමුත් මායා මේ සියලුම සිහිකිරීම් වලට බාධක එල්ල කරනවා ඇය
ඔබට අමතක කරවනවා. බාබා කියනවා ඔබ පියාව සිහිකරන්නේ උත්සාහයට අනුව අනුපිළිවෙලටයි.
එවිට, නාටකයේ අවසානය වන විට එනම්, එය පැරණි ලෝකයේ අවසානය වන විට එම රාජධානිය
ගොඩනැඟෙන්නේ උත්සාහයට අනුව අනුපිළිවෙලටයි. මේවා ආගමික ග්රන්ථ වලින් තේරුම් ගන්න
බැහැ. මොහු ගීතාව වැනි ආගමික ග්රන්ථ විශාල වශයෙන් ඉගෙන ගත්තා. බාබා කියනවා එහි
වටිනාකමක් නැහැ. භක්තියේදී කණට මිහිරියාවක් ලබාදෙන බැවින් ඔවුන් එය අතහැර යන්නේ
නැහැ. ඔබ දන්නවා හැම දේම රැඳී ඇත්තේ ඔබේ උත්සාහය මතයි. සමහරුන් රාජකීය ව්‍යාපාර
කරනවා, සමහරු ඉතා නරක ව්‍යාපාර කරනවා. ඔවුන් ඇල්කොහොල් සහ සිගරැට් විකුණනවා, ඒ
ව්‍යාපාරය ඉතාමත් නරකයි. ඇල්කොහොල් අනෙක් සෑම පාපයක්ම ගේනවා. කවුරුහරි ඇල්කොහොල්
වලට ඇබ්බැහි කරවීම හොඳ රාජකාරියක් නොවෙයි. බාබා ඔබට උපදෙස් දෙනවා ඔබට එවන්
ව්‍යාපාරයක් තියෙනවා නම්, යුක්තියකින් එය වෙනස් කරන්න. එහෙම නොවුණොත් ඔබට උසස්
තත්ත්වයක් ලබන්න බැහැ. බාබා පැහැදිලි කරනවා සදාකාලික මිණිමුතු වන් දැනුම හැර අනෙක්
දේවල් සමඟ කරන ව්‍යාපාරයන්ගෙන් සිද්ධ වෙන්නේ පාඩුවක් පමණයි. බාබා කළ මැණික්
වෙළඳාමෙන්වත් යහපතක් නැහැ. ලොකුම දේ සිද්ධ වුණේ ඔහු කෝටිපතියකු වීමයි. මේ
ව්‍යාපාරයෙන් වුණේ කුමක්ද? බාබා නිතරම ලියුම් ලිව්වා ’මිලියන වාරයක් වාසනාව, එයත්
උපත් 21ක් සඳහා‘. ඔබ තේරුම් ගත්තා බාබා කියන්නේ මොනවද, එය මුළුමණින්ම නිවැරදියි. ඔබ
දේවත්වයේ සිටියා පසුව චක්‍රයේ ගමන් කරන විට, ඔබ පහළට පැමිණියා. ඔබ දැන් ලෝකයේ මුල,
මැද සහ අග දන්නවා. ඔබ බාබාගෙන් දැනුම ලබනවා. නමුත් ඔබ දිව්‍යමය ගුණධර්මත් ග්‍රහණය
කර ගත යුතුයි. ඔබ තමන්වම පරීක්ෂා කර බැලිය යුතුයි මා තුළ යක්ෂ ගති තියෙනවාද? මේ
බාබාත් දන්නවා ඔහු ශරීරයක ස්වරූපයෙන් නිවසක් ණයට දෙන බව. මේ තමයි ජීවය වාසය කරන
නිවහන. මට විශාල සතුටක් තියෙනවා මා මගේ නිවහන දෙවියන් හට ණයට දුන්නා කියලා. නාටකයට
අනුව ඔහු වෙනත් නිවහනක් ගන්න යන්නේ නැහැ. මේක තමයි ඔහු සෑම කල්පයකදීම ගන්නා නිවහන.
මොහු අති විශාල සතුටක් අත්දකිනවා. නමුත් බොහෝ සෙයින් ව්‍යාකූල තත්ත්වයන්ද ඇති
වෙනවා. සමහර වෙලාවට බාබා විහිළු ස්වරූපයෙන් කියනවා බාබා, මම ඔබේ වාහනය වුණ නිසා
තමයි මම මෙච්චර අගෞරවයට ලක්වෙන්නේ. ශිව බාබා කියනවා මම තමයි වැඩියෙන්ම අගෞරවයට
ලක්වෙන්නේ. දැන් ඔබේ වාරය. බ්රහ්මා මෙච්චර කාලයක් අගෞරවයට ලක්වුණේ නැහැ ඉතින් දැන්
ඔහුගේ වාරයයි. ඔබ අවබෝධ කරගෙන තිබෙනවා ඔබ බාබාට ඔබේ වාහනය දෙන තාක් කල් ඔබත්
බාබාගෙන් උදව් ලබනවා. කෙසේවෙතත්, තවමත් බාබා කියන්නේ ඔබ නොකඩවා බාබා සිහිකළ යුතුයි.
දරුවන් වන ඔබ බ්‍රහ්මාට වඩා වැඩියෙන් ඉදිරියට යනවා මන්ද, ඔහුගේ හිසේ ගොඩක් වගකීම්
තියෙනවා. ඔහු ’නාටකය‘ කියා හැම දෙයක්ම යන්න ඇරියත්, එතැන තවමත් මේ සේරගෙම යම්කිසි
බාධාවක් තියෙනවා. දුප්පත් අය හුඟක් හොඳ සේවයක් කරනවා! නමුත් ඔවුන් නරක ආශ්රයෙන්
විකෘති වී බොහෝ සෙයින් සේවයට පටහැනි ක්‍රියා කරනවා! ඔවුන් බාධා සහිත ප්‍රතිඵල දෙන
ක්‍රියා කරනවා. ඒ වෙලාවෙදි ඔවුන් තේරුම් ගන්නේ නැහැ මේකත් නාටකයේ තීරණය වූ දෙයක්
කියලා. පසුව ඔවුන් දැන ගන්නවා. මෙය නාටකයේ තීරණය වූ දෙයක්. මායා ඔබේ තත්ත්වය දූෂිත
කරනවා ඒ නිසා එවිට සිදුවන්නේ සේවයට පටහැනි ක්‍රියාවනුයි. ඔවුන් වැරදි දේවල් කියන්න
පටන් ගන්නවා. දැන් දරුවන් වන ඔබ අබබෝධ කර ගන්නවා බාබා ඔබට කියන්නේ කුමක්ද කියලා.
ඔහු කිසිම ග්රන්ථයක් කියවන්නේ නැහැ. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ වඩාත් දිව්‍යමය
වෙනවා. යක්ෂ අණ අනුගමනය කිරීමෙන් ඔබ විනාශ වෙනවා. එයට කාලයක් ගන්නවා. මායා සමඟ
දිගටම සටන් කෙරෙනවා. දැන් අනිවාර්යෙන්ම ඔබ ජයග්‍රහණය ලබා ගන්නවා. ඔබ අවබෝධ කර
ගන්නවා ඔබ අනිවාර්යෙන්ම සාම දේශය හා සතුටු දේශය දිනා ගන්නා බව. සෑම කල්පයකදීම ඔබ
ජයග්‍රහණය උරුම කර ගන්නවා. ගොඩනැංවීම සහ විනාශය සිදුවන්නේ ඉතා මංගල්‍ය වූ සංගම
යුගයේදීයි. මේ කරුණු සියල්ලක්ම දරුවන් වන ඔබේ බුද්ධියෙහි තියෙනවා. බාබා
අනිවාර්යෙන්ම ඔබ මාර්ගයෙන් ගොඩනැංවීම කරගෙන යනවා. පසුව, ඔබ රාජ්‍යය පාලනය කරනවා. ඔබ
බාබාට ස්තුති කරන්නෙවත් නැහැ. බාබා කියනවා මේකත් නාටකයේ තීරණය වූ දෙයක් මමත් මේ
නාටකයේ නළුවෙක්. හැම කෙනාගේම චරිත කොටස නාටකයේ තීරණය වෙලා තියෙනවා. ශිව බාබාට
කොටසක් තියෙනවා. මටත් කොටසක් තියෙනවා. එවිට ස්තුති කිරීම සම්බන්ධව ගැටළුවක්
ඇතිවන්නේ නැහැ. ශිව බාබා කියනවා මා ඔබට ශ්‍රීමත් දී මාර්ගය පෙන්වනවා. කිසි කෙනෙකුට
ඔබට මෙය පෙන්විය නොහැකියි. කවුරු ආවත් කියන්න ඒ සතෝප්‍රධාන් නව ලෝකය පිහිටා තිබුණා.
මේක පැරණි තමෝප්‍රධාන් ලෝකයයි. නැවත සතෝප්‍රධාන් වීම උදෙසා ඔබ දිව්‍යමය ගුණධර්ම
ග්‍රහණය කර ගත යුතුයි. ඔබ බාබා සිහිකළ යුතුයි. මන්තරය වෙන්නේ මන්මනාභව්!
මධ්‍යජීභව්! එච්චරයි. ඔහු මෙහෙමත් කියනවා මම උත්තරීතර ගුරුයි. සිහිකිරීමේ වන්දනා
ගමනෙන් මුළු ලෝකයම ගැලවීම කරා ගෙන යාමට දරුවන් වන ඔබට පුළුවන්. එකම එක ශිව බාබා
පමණයි ජගත් ගුරු (ලෝකයේ ගුරු) වෙන්නේ. ඔහු ඔබට ශ්‍රීමත් පවා ලබා දෙනවා. ඔබ තේරුම්
ගෙන සිටිනවා සෑම වසර 5000කදීම ඔබ ශ්‍රීමත් ලබනවා. චක්‍රය නොනවත්වා කැරකෙනවා. අද,
මේක පැරණි ලෝකය හෙට එය අළුත් වෙනවා. මේ චක්‍රය වටහාගන්න ඉතා පහසුයි. නමුත් ඔබ එය
සිහිකළ යුතුයි. එවිට එය අන්‍යයන්ට පැහැදිලි කර දීමට ඔබට හැකි වෙනවා. ඔබ මෙයත් අමතක
කරනවා! කවුරුහරි පිරිහීමට ලක්වුණොත් සියලු දැනුම සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා. මායා
සියලුම කලාවන් උදුරා ගන්නවා සියලුම කලාවන් ඉවත් කර කිසිම කලාවක් නොමැත්තන් බවට පත්
කරවනවා. මිනිස්සු බොහෝ සෙයින් පාපයන්ගෙන් පීඩාවට පත්වෙනවා. අහන්නවත් එපා! දැන් ඔබ
මුළු චක්‍රයම සිහි කරනවා. ඔබ උපත් ගණනාවක් මඩටම වෙලා සිටියා. ඔබ දහස් සංඛ්‍යාවක්
පාපයන් කරනවා. මිනිස්සු හැමදෙනාම ඉදිරිපිට කියනවා අපි උපත් ගණනාවක් පව්කාරයින් වෙලා
හිටියා. ඉස්සර ඔබ චරිතවත් ජීව, පසුව ඔබ පාපකාරී ජීවයන් වුණා. දැන් නැවත වාරයක් අපි
චරිතවත් ජීවයන් වෙනවා. දරුවන් වන ඔබ දැන් මේ දැනුම ලබනවා. පසුව ඔබ එය අන්‍යයන්ට දී
ඔවුන්වත් ඔබ වගේ කරවනවා. එය නිවසෙහි ජීවත් වනවාට වඩා විවිධත්වයක් ඇති කරනවා. ඔවුන්ට
ඔබ තරම් පැහැදිලි කරන්න හැකියාවක් නැහැ. නමුත් හැම දෙනාටම එය අත්හැරීමට බැහැ. බාබා
කියනවා ඔබේ නිවසෙහි ජීවත් වෙමින් සිටියදී සහ ඔබේ ව්‍යාපාරික කටයුතු කිරීමේදී නෙළුම්
මලක් වගේ සුරැකෙන්න. හැම දෙනාම නිවස අතහැර ගියානම් ඔබ සියලුම දෙනා ඉන්නේ කොහෙද?
පියා තමයි දැනුමෙන් පිරුණු කෙනා. ඔහු කිසිම ග්රන්ථයක් ඉගෙනගෙන නැහැ. මොහු ග්රන්ථ
ඉගෙන ගත්තා. ඒ ඔවුන් මා ගැනයි කියන්නේ දෙවියන්, පියා දැනුමෙන් පිරුණු කෙනා කියලා.
ඔවුන් පියාට තියෙන දැනුම මොකක්ද කියලවත් දන්නේ නැහැ. දැන් ඔබට ලෝකයේ මුල, මැද සහ අග
පිළිබඳ දැනුම තියෙනවා. ඔබ තේරුම් ගත්තා භක්ති මාර්ගයේ ග්රන්ථ සදාකාලික බව.
අනිවාර්යෙන්ම භක්ති මාර්ගයේ ග්රන්ථ මතුවෙනවා. ඔවුන් අහනවා බිඳවැටුණු කන්දක් නැවත
හදන්නේ කොහොමද කියලා. නමුත්, මේ තමයි නාටකය. මේ සියලු ග්රන්ථ අවසන් වෙනවා නමුත්
ඒවා නැවතත් ඒවාට නියමිත වූ කාලයේදී නැවතත් නිර්මාණය වෙනවා. ආරම්භයේදී ඔබ ශිවාට
වන්දනා කළා. ඒවත් ග්රන්ථ වල සඳහන් විය යුතුයි. ශිවාගේ වන්දනා ආරම්භ වෙන්නේ කොහොමද?
ඔවුන් බොහෝ සෙයින් ස්ත්රෝත්ර ගී ගායනා කළා. ඔබ දැනුම් සාගරය වන ශිව බාබා
සිහිකරන්න. ඔබ තේරුම්ගෙන තිබෙනවා ඔහු දැන් ඔබට දැනුම දෙන බව. බාබා ඔබට පැහැදිලි
කරනවා ලෝක චක්‍රය කැරකෙන්නේ කොහොමද කියලා. ඔවුන් ඒ වගේ අසත්‍ය කතා ග්රන්ථ වල සඳහන්
කරල තියෙනවා. කිසි කෙනෙකුට ඒවා මතක තියාගන්නවත් බැහැ. ඉතින්, දරුවන් වන ඔබ අසීමිත
පියා ඔබට උගන්වනවා යන සතුට අත්දැකියි යුතුයි! ශිෂ්‍ය ජීවිතය තමයි උසස්ම වෙන්නේ.
දෙවියන් කතා කරනවා මා ඔබව රජවරුන්ගෙත් රජවරු කරවනවා. මේ දේවල් කිසිම ග්‍රන්ථයක
ලියැවිලා නැහැ. මේක තමයි උසස්ම ලැබීම. හැමටම ගැළවීම සළසන ගුරුන් එක්කෙනයි ඉන්නේ.
ආගම් ගොඩනැංවීම කරන අයත් ගුරුන් ලෙස හැඳින්වුවත් ගැළවීම ලබා දෙන්නෙකුට තමයි ගුරු
කියන්නේ. ඔවුන්ට ගැළවීමක් ලද නොහැකියි. ඔවුන් හැමදෙනාවම ඔවුන්ට පසුව ක්‍රීඩාවට
සහභාගී කරවා ගන්නවා. ඔවුන් නිවස වෙත යාමේ මාර්ගය පෙන්වන්නේ නැහැ. වෙන කිසිම ගුරු
කෙනෙකුගේ නොව ශිවාගේ ’මඟුල් පෙරහැර‘ තමයි සිහි කරන්නේ. මිනිස්සු ශිවා, ශංකර් සමඟ
මාරු කර ගත්තා. එක්කෙනෙක් උත්තරීතර දනව්වේ වැසියෙක් අනෙක් කෙනා සූක්ෂම දේශයේ
වැසියෙක්. ඔවුන් සමාන වෙන්නේ කොහොමද? ඔවුන් මේක භක්ති මාර්ගයේ ලිව්වා. බ්රහ්මා,
විශ්ණු සහ ශංකර් කියන්නෙ දරුවො තුන්දෙනා. ඔබටත් බ්රහ්මා ගැන පැහැදිලි කිරීමක් කළ
හැකියි. ඔහු හදා ගත්තා ඉතින් ඔහු ශිව බාබාගේ දරුවා. බාබා උසස්ම උසස් කෙනා, අනෙක්
සියල්ලන්ම ඔහුගේ නිර්මාණයන්. මේවා තේරුම් ගත යුතු ගැඹුරු කරුණු. අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සදාකාලික
මිණිමුතු නම් දැනුම් වෙළඳාම කර උපත් 21කකට ලක්ෂපතියෙක් වන්න. ඔබට කිසියම් යක්ෂ ගති
තිබේදැයි දිගින් දිගටම පරීක්ෂා කර බලන්න. පාපයන් මතු වී එන ආකාරයේ කිසියම්ම
ව්‍යාපාරයක් මා විසින් කරන්නේද?
2. සිහිකිරීම නමැති
වන්දනාවේ යෙදී මුළු ලෝකයම ආරක්ෂා කරන්න සහ අන්‍යයන්ව ඔබ වන් තත්ත්වයකට පත් කරගන්නා
සේවය කරන්න.
වරදානය:
ඕනෑම අයහපතක
යහපත අත්විඳිමින් ඔබේ බුද්ධියේ පැහැදිලිතාවයෙන් කරදර වලින් නිදහස් අධිරාජ්‍යයෙකු
බවට පත් වේවා.
නිරන්තරයෙන් මතක තබා
ගන්න: කුමක් සිදු වුවද, එය හොඳයි, සිදු වන දෙය ද හොඳයි, හොඳම වනු ඇත. නරක දෙයක් නරක
ලෙස නොසලකන්න, නමුත් නරක දෙයක පවා යහපත අත්විඳින්න. නරක දෙයකින් පාඩමක් ඉගෙන ගන්න.
ඕනෑම තත්වයක් ඇති වූ විට, “මොකද වුණේ?” කියා නොසිතන්න, නමුත් ක්ෂණිකව සිතන්න, “එය
හොඳ වනු ඇත.” මොනවා වුවත් එය හොද වේවි. ඔබ නිරතුරුවම කරදර වලින් නිදහස් වූ
අධිරාජ්‍යයෙකු වනු ඇත. ඔබේ බුද්ධියට විශ්වාසයක් තිබීම යනු කරදර වලින් නිදහස්
අධිරාජ්‍යයෙකු වීමයි.
පාඨය:
තමන් ගැන සලකන
සහ අන් අයට සලකන අයගේ වාර්තාව සෑම විටම හොඳ වේ.